tag:blogger.com,1999:blog-3059097820610332367.post1637668272289904747..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: හොමෝෆෝබික් දොස්තරලා! - Homophobic doctors රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger60125tag:blogger.com,1999:blog-3059097820610332367.post-8078487470787761192022-01-08T05:59:39.929+11:002022-01-08T05:59:39.929+11:00මම ගේ කෙනෙක්
.මට හරි පාලුයි.කවදාවත් වෙන කෙනෙක් එක්...මම ගේ කෙනෙක්
.මට හරි පාලුයි.කවදාවත් වෙන කෙනෙක් එක්ක ආදරයක් තිබිලා නෑ.තිබිලා තියෙන්නේ ම ඒකපාර්ශවික ආදර විතයි . දැන් නම් ආයෙ ආදරෙයක් ඇතිවෙන්නෙත් අඩුවෙන් . ආදරේ ඇති උනා ට වැඩක් නෑ වගේ එකක් හිතෙනවා.මම කැමති අය ට ඒක කියාගන්න බැහැ.එයාල මට කැමතිත් නෑ.(මට ගොඩක් වෙලා ව ට ආදරේ ඇති වෙන්නේ hetarosexual අයට ).කලින් නම් ආදරයක් ඇතිවෙන වෙලාවට ගේම් එකක් ගහනවා.අද නම් ඒකත් කරන්න උනේ නෑ ලයිට් නැති නිසා.

අද පොඩ්ඩක් හිතුව වැඩි උනා. ඒක නිසා මම සමලින්ගික වෙන්න හේතු,ලයිෆ් පාට්නර් කෙක්නෙක් නැතුව ජිවත් වෙන එක,පාලුව යන්න කරන වැඩ වගේ ඒව හොය හොය හිටියේ, මැරෙන්න හොඳම ක්‍රම,මැරෙන්න වේදනාව අඩුම ක්‍රම, කාබන් මොනොක්සයිඩ් ගෙදර හදාගන්න ලේසි විදි....., . ගූගල් එකේ homophobic ගැන හොයනකොට තමයි මේක හම්බ උනේ . ඇත්තට ම පුදුමයි විසම ලින්ගික ව ආකර්ශනය වෙන අය සමලින්ගික දේවල් ගැන කතා කරන එක ..

questions
1.තව ඔයා මොකද හිතන්නේ සමලින්ගිකත් ව ය ගැන?.2 එහෙම කෙනෙක් ව හම්බ වෙලා තියෙ ද ?කතා කරල වත් තියෙ ද ? 3 මට දැනගන්න ඕනෙ සමලින්ගික ව ලින්ගික ඇසුරක් ලබන්න කතා කරොත් මොකද කියන්නේ?(දවසක් මම මගේ යාලුවෙක් එක්ක බීල දෙන්න ට හොදට ම වැඩි උනා. එදා තමා පලවෙනි වතා ව ට සෙක්ස් කරේ මම , අර යාලුව නිතර හම්බ වෙන්නෙ නැහැ, ඌ නම් තනිකර straight/hetarosexual ඒත් ඌ එදා උන දේ ගැන වෙන කාටවත් කිව්වේ නෑ මාරයි මම හිතුවේ කියාවි කියලා .ඌ කිව්වා බය වෙන්න එපා මම ඔයා ගැන කියන්නෙ නෑ කියලා )
4 මේ පෝස්ට් එක ලියපු කෙනා උපතින් ම ගේ කෙනෙක් උනා නම් දැන් කොහොමද තනියම ජිවත් වෙන්නේ? කසාද බදින්නේ නෑ කියාලා නම් ශුවර්. බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයාගනී වි ද
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-46919816074989170912018-08-02T23:34:51.880+10:002018-08-02T23:34:51.880+10:00යුරෝපීය රටක ඉන්දියානු රෙස්ටුරන්ට් එකක් කරන මගේ මිත...යුරෝපීය රටක ඉන්දියානු රෙස්ටුරන්ට් එකක් කරන මගේ මිතුරෙක් එයාගේ රෙස්ටුරට් එකට සමරිසි අය ආවාම ( සමහර අය දැක්කම කියත හැකි සමරිසි කියලා ) ඒ අය ඉන්නකොට පොඩි ළමයි එක්ක එන ෆැමිලීස් වලට ටිකක් ඈත මේස ඔෆර් කරනවා. ඇහුවාම කිව්වෙ සමරිසි බහුතරය පොඩි අයට ආසා නෑ කියලා. ඒ නිසා සම රිසි අය අතර ගොඩක් වෙලාවට බැඳපු අයට සමච්චල් කරනවා. ඒකත් ෆෝබියාවක් තමයි.
සමරිසි ගොල්ලන්ගේ චර්යාව එහෙම තිබේවා, බඳින්න ඕන නම් බැඳපුවාවේ හැබැයි අපි වගේ සෙක්ස් ෆ්‍රී නැති රටක මේවා වෙන්නේ ජානමය කරුනු නිසාම නෙවෙයි. කෙල්ලෙක් හොයාගන්න බැරි නිසා ගෙවල් ලඟ ඉන්න පොඩි මල්ලිට අතවර කරන එකා ටික කලකින් ඌ ලඟ ඉන්න සම ලිංගිකයා වඩවා ගන්නවා, සමහර සීරියස් ලෙස්බියන් කපල්ස් වල වුනත් මේ අවුල තියනවා. මා දන්න එක ලෙස්බියන් කපල් එකක කාන්තාවකගේ අම්මට තාත්තා ගොඩක් වෙනස් කම් කරලා තියනවා. ඒ නිසා පිරිමින්ව සමීපව ආශ්‍රය කරන්න ආසා නෑ, මේවා ජානමය කරුනුම නෙවෙයි. මෙහෙම අය අප අවට ඉන්නවා.
ඒ නිසා මේවා විදින් බ්‍රැකට්ස් තියාගත්තා නම් හොඳයි. තමන්ගේ සෙක්ශුවල් ඔරියන්ටේශන් එක හරියට වටහා ගන්න පුළුවන් සමාජයක් අපට නෑ. ඉස්කෝලේ යන කාලේ කෙල්ලො කොල්ලො සෙග්රිගේට් වෙලා ඉන්න හැටියට සුළුතරය තමා කෙල්ලෙක් එක්ක කතා කරන්නෙවත්. සමහර කොල්ලො ඉන්නවා කැම්පස් එනකම්ම ගෑණු යාළුවො නැති. එහෙම කරන්න අවස්ථාවක් නෑ. අපි ගෑණු ළමයින්ට පිරිමි ළමයින්ට අඳුරගන්න අවස්ථාවක් දෙන්නෙම නෑ. එහෙම කෙනෙක් තමන් වරදවා සම ලින්ගිකයි කියලා හිතලා හෙන මොන්ගල් වීර කෙනෙක්ට ලව් කරන්න ගත්තොත් පව් නේ.Halcyon days in Sri Lankahttps://www.blogger.com/profile/00508444281132274350noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53683473591155599892017-02-24T14:24:06.777+11:002017-02-24T14:24:06.777+11:00ඒ කියන්නේ ජාන වෙනස් වෙනවා? ඒවා වෙනස් වෙන ජාන!ඒ කියන්නේ ජාන වෙනස් වෙනවා? ඒවා වෙනස් වෙන ජාන!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7664564004008301442017-02-23T10:04:18.211+11:002017-02-23T10:04:18.211+11:00අජිත් ගේ කතාව ඉතා අපූරු එකක්! සිංහල වුනත්, එක රටේ...අජිත් ගේ කතාව ඉතා අපූරු එකක්! සිංහල වුනත්, එක රටේ නේ කියා හිතෙන්න ඇති!

මීටත් වඩා මේ කේස් එකට ගැලපෙන කතාවක් මේ ලිපිය ෆේස්බුක් හි දැමූ විට වසන්ත සපරමාදු ලියා තිබුණා.

There was a documentary by Stephen Fry called 'Out There' about homosexuals in various countries. In India he talks to Harish, a 33-year-old gay man who lives with his parents and grandmother.

Harish: "Gay men usually end up living with their families because in Indian culture you end up looking after your parents.”

Fry: "Does that make it difficult for you to have a relationship because you can't bring a partner home, can you?”

Harish: "Um … now I can. My grandmom is pretty conservative though. She was OK with me getting a partner home. But she wanted the partner to not be a Christian, to not be a Muslim, … to be a Brahmin.”

Fry: "Right, so you are high caste?"

Harish: "So, yeah. It's absolutely fine for her. It didn't really matter to her whether it was a boy or it was a girl."
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11394030035867671432017-02-23T00:16:56.559+11:002017-02-23T00:16:56.559+11:00I also think that there are homo people who are ju...I also think that there are homo people who are just adicted but not by genere
ට්රැhttps://www.blogger.com/profile/13080201579037018026noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72018956775614574322017-02-15T23:11:42.177+11:002017-02-15T23:11:42.177+11:00හෙන්රි කියපු කතාවට තව දෙයක් එකතු කරන්න කැමතියි. මා...හෙන්රි කියපු කතාවට තව දෙයක් එකතු කරන්න කැමතියි. මා දන්නා දෙමළ ගැහැණු ළමයෙකුට වුනු දෙයක්. දෙමාපියන් නිතර ශ්‍රී ලලංකාවේ සිදුවුණු වර්ගවාදී අකටයුතුකම් ගැන ජාතිවාදය ගැන විවේචනය කරපු අය . ලංකාවට විරුද්ධව පෙළපාලි ගිය අය .ප්රගතිශීලි අදහස් තියන අය. ඒකෙ ප්‍රශනයක් නැහැ කියමු. දුවත් ඒවාට සහභාගිවුන කෙනෙක්. දුව යහළු වුනා කළු කොල්ලෙක් එක්ක. (කොල්ල අප්‍රිකානු දෙමාපියන්ට දාව මෙහෙ ඉපදුනු කෙනෙක්). අර අම්මයි තාත්තයි ඒකට විරුද්ධ වුණා විතරක් නෙමයි අම්ම කියල තියනවා යාපනේ ඉන්න ඇන්ටි ගාවට යවනව කියල. කෙල්ල අහල තියනවා "එතකොට උඹලට මාව සිංහල සොල්දාදුවෙක් ගෙන් රේප් වුනාට කමක් නැහැ. කොටි සංවිධානෙන් පැහැර ගත්තට කමක් නැහැ. කල්ලෙක් එක්ක යන්නේ නැතිව නේද?" (ඔය රේප් කතාව මෙහෙ දෙමල අය අතර තියන එකක් හොඳද)- කෙල්ලයි කල්ලයි දෙන්නම මට ඔය කතාව කියන කාලේ ගෙවල් වලින් ඈත් වෙලා හිටියේ.- ජාතිවාදයට විරුද්ධයි, හැබැයි කල්ලෝ එක්ක යන්න බැහැ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61580556431426173362017-02-13T11:41:21.105+11:002017-02-13T11:41:21.105+11:00/* මේ කමෙන්ට් එක මෙට්තනට දැම්මේ, ඒ අවශ්‍ය ත්‍රෙඩ් .../* මේ කමෙන්ට් එක මෙට්තනට දැම්මේ, ඒ අවශ්‍ය ත්‍රෙඩ් එක ඕපන් වෙන්නේ නැති නිසා. */

අරූ

පසු අරුණ එතැන කමෙන්ටුවක් දැම්මා නේද? මටත් එතැන කමෙන්ට කරන්න බැරුව තිබුණා.

රී-ලෝඩ් කර බැලින්නම්, දැන් මට කමෙන්ට් කළ හැකියි. නමුත් ඔබේ කමෙන්ටුව (who cares what others do) එතැන නෑ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50082378660938692562017-02-13T11:38:20.332+11:002017-02-13T11:38:20.332+11:00කෝ දැන් මෙතැන තිබුණු අරුණ ගේ කමෙන්ටුව?
බ්ලොගර්ට පි...කෝ දැන් මෙතැන තිබුණු අරුණ ගේ කමෙන්ටුව?
බ්ලොගර්ට පිස්සු හැදිලා ද?

Aruna Perera 10:32 (1 hour ago) to me

Aruna Perera has left a new comment on your post "හොමෝෆෝබික් දොස්තරලා! - Homophobic doctors":

සිගරට් එකක් ගහන්න එලියට බැස්ස වෙලාවේ සෙට් වුනා. මගේ ප්‍රශ්නෙට උත්තරේ....හු කෙයාර්ස් වට් අදර්ස් ඩු....

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-26088948183654893392017-02-13T11:32:53.161+11:002017-02-13T11:32:53.161+11:00හෙන්රි ගේ ඒ හොඩක් කතාව සෑහෙන්න විවාදාත්මකයි. ඔන්න ...හෙන්රි ගේ ඒ හොඩක් කතාව සෑහෙන්න විවාදාත්මකයි. ඔන්න සුළු පිරිසක් කීවා නම් එකඟ වෙන්න තිබුණා. නමුත් සුළු පිරිසක් කී විට බහුතරය එසේ නොවෙන බව හැඟෙන නිසා, එය කීමටත් අවශ්‍ය නැති දෙයක්.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-32626408156338494912017-02-13T11:30:48.132+11:002017-02-13T11:30:48.132+11:00පදනමක් නැති කතා අදහන්න එපා. මා කිසි දිනක බඩේ බිජු ...පදනමක් නැති කතා අදහන්න එපා. මා කිසි දිනක බඩේ බිජු තියාගෙන කතා කරන අයෙකු නොවේ. මුණට එකක් සහ ක්‍රියාවෙන් වෙන එකක් කර නැත.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-54678093225553430702017-02-13T11:29:20.296+11:002017-02-13T11:29:20.296+11:00@ Anonymous 12 February 2017 at 23:09
මෙය තරමක හො...@ Anonymous 12 February 2017 at 23:09

මෙය තරමක හොහෝෆෝබියාවක් තමයි. නමුත් දැන් පේන විදියට සුලබ තත්වයක්.

අන් හෝමෝසෙක්ෂුවල් අයට ඇති මිනිස් අයිතිවාසිකම් අපේ පවුල්වල අයට නැද්ද? කියා හිතුවාම ප්රශ්නය පැහැදිලි වේවි.

"අප සිටින රටට ශිශ්යත්වයකට ආපු ලන්කාවේ වග කිවයුතු නිලයක් දැරූ අපි දාන්නා හඳුනන කෙනෙක් ඵූ එක ගෙන මේ රටේ නැවතීම සඳහා සමලිංගික විවාහයකට ගියා. ඒ සිද්ධිය අපිට සෑහෙන කම්පනයක් ඇතිකළා කිව්වොත් නිවැරදියි"

ඒ ප්‍රකාශයේ අපැහැදිලි කාරණය තමයි ඒ පුද්ගලයා සැබවින් ම සමකාමී ද, නැතිනම් වීසා මගඩියක් සඳහා බොරුවට සමකාමී වුණා ද යන්න. සමකාමී නොවන අයෙකුට සමාකාමියෙකු ලෙස ක්රියාකරන්නට හැකිදැයි මට සිතා ගන්නට බෑ.

සමකාමී අය නම් සමකාමී නෙවාන අයුරෙන් හැසිරී විවාහ වෙනවා. සහකරුවන් ගෙ ජිවිත අඳුරු කර දානවා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66099333228132297742017-02-13T11:24:03.550+11:002017-02-13T11:24:03.550+11:00හෙන්රි කියනව වගේ "විරුද්ධ නැතත් අපුල" තත...හෙන්රි කියනව වගේ "විරුද්ධ නැතත් අපුල" තත්වයක් තියෙන්න පුළුවනි. ඒකේ වරදක් නෑ. මං කලින් කීවා වගේ වෙනත් මිනිසුන් කන බොන දේවල් ගැන ඇහුණාමත් සමහර විට අපට අප්පිරියා හිතෙනවා නේ.

නමුත් මට තේරෙන්නේ නෑත්තේ හෙන්රි කියා ඇති මේ කතාවයි.

"ගොඩක් අය ප්රගතිශීලීබව පෙන්නන්න සමලිංගිකත්වය පිළිගන්න අය ඒක තමන්ගෙ පවුල් සංස්ථාව ඇතුළට ආවම සැලෙනව."

ප්රගතිශීලීබව පෙන්නන්න සමලිංගිකත්වය පිළිගන්නා ගොඩක් අය ඉන්න බවට හෝ එවැනි ගොඩක් අයගේ පවුල් සංස්ථාව ඇතුළට සමලිංගිකත්වය ආ බවට හෝ එවැනි ගොඩක් අය එවිට සැලුන බවට හෝ මට නම් උදාහරණ දෙන්න නෑ.

මං හිතන්නේ එක්කෝ මේක අතිශයෝක්තියක්. නැතිනම් හෙන්රි ගේ උපකල්පනයක්.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91372497201279081312017-02-13T10:32:11.448+11:002017-02-13T10:32:11.448+11:00සිගරට් එකක් ගහන්න එලියට බැස්ස වෙලාවේ සෙට් වුනා. මග...සිගරට් එකක් ගහන්න එලියට බැස්ස වෙලාවේ සෙට් වුනා. මගේ ප්‍රශ්නෙට උත්තරේ....හු කෙයාර්ස් වට් අදර්ස් ඩු....

Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53657801253351199192017-02-13T10:27:36.322+11:002017-02-13T10:27:36.322+11:00////ප්රගතිශීලීබව පෙන්නන්න සමලිංගිකත්වය පිළිගන්නා ...////ප්රගතිශීලීබව පෙන්නන්න සමලිංගිකත්වය පිළිගන්නා ගොඩක් අය ඉන්න බවට හෝ එවැනි ගොඩක් අයගේ පවුල් සංස්ථාව ඇතුළට සමලිංගිකත්වය ආ බවට හෝ එවැනි ගොඩක් අය එවිට සැලුන බවට !හා් මට නම් උදාහරණ දෙන්න නෑ.////////
රසික සහ හෙන් රි,,,

මෙහෙම උදාහරණ දෙන්න නැහැ කියලම කියන්නත් බැහැ. මේක පොඩි පර්ස්න්ටේජ් එකක් වෙන්න ඇති. හැබැයි එහෙම වෙච්ච තැන් මම දන්නවා.

මේ කමෙන්ට් එක මෙට්තනට දැම්මේ, ඒ අවශ්‍ය ත්‍රෙඩ් එක ඕපන් වෙන්නේ නැති නිසා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66615173111239088982017-02-13T09:33:36.043+11:002017-02-13T09:33:36.043+11:001. කුමාරකාමය (Pedophilia): https://en.wikipedia.or...1. කුමාරකාමය (Pedophilia): https://en.wikipedia.org/wiki/Pedophilia

2. සමකාමය (Homosexuality): https://en.wikipedia.org/wiki/Homosexuality
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5269777510506736832017-02-13T09:29:30.054+11:002017-02-13T09:29:30.054+11:00අජිත් සහ හෙන්රි කියනව වගේ තත්වයක් තියෙන්න පුළුවනි....අජිත් සහ හෙන්රි කියනව වගේ තත්වයක් තියෙන්න පුළුවනි. ඒකේ වරදක් නෑ. මං කලින් කීවා වගේ වෙනත් මිනිසුන් කන බොන දේවල් ගැන ඇහුණාමත් සමහරවිට අපට අප්පිරියා හිතෙනවා නේ.

නමුත් මට තේරෙන්නේ නෑත්තේ හෙන්රි කියා ඇති මේ කතාවයි.

"ගොඩක් අය ප්රගතිශීලීබව පෙන්නන්න සමලිංගිකත්වය පිළිගන්න අය ඒක තමන්ගෙ පවුල් සංස්ථාව ඇතුළට ආවම සැලෙනව."

ප්රගතිශීලීබව පෙන්නන්න සමලිංගිකත්වය පිළිගන්නා ගොඩක් අය ඉන්න බවට හෝ එවැනි ගොඩක් අයගේ පවුල් සංස්ථාව ඇතුළට සමලිංගිකත්වය ආ බවට හෝ එවැනි ගොඩක් අය එවිට සැලුන බවට !හා් මට නම් උදාහරණ දෙන්න නෑ.

මං හිතන්නේ එක්කෝ මේක අතිශයෝක්තියක්. නැතිනම් හෙන්රි ගේ උපකල්පනයක්.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-48587142017619703532017-02-13T05:55:57.786+11:002017-02-13T05:55:57.786+11:00කකා උඩින් කියලා තියෙන්නේ පොර එකක් කියලා වෙන එකක් ක...කකා උඩින් කියලා තියෙන්නේ පොර එකක් කියලා වෙන එකක් කරන්නේ නෑ කියලා . හැබැයි බ්ලොග් ලියද්දිත් පොර වැඩ කරන්නේ එහෙමමයි.. මාතලන් සහ සාරස ඇතුළු මිතුරු කැල සාක්ෂි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38912883521599068212017-02-12T23:09:14.840+11:002017-02-12T23:09:14.840+11:00මගෙත් අදහස මේකමයි .. ඒ ඒ අය කැමති කැමති ආකාරයට ඒ ද...මගෙත් අදහස මේකමයි .. ඒ ඒ අය කැමති කැමති ආකාරයට ඒ දේවල් කර ගත්තාට ප්‍රශ්නයක් නැති අතර සමලිංගිකත්වය වෙනුවෙන් පෙනිහිටින්න හෝ එය ප්‍රමෝට් කරන්න තරම් අදහසක් මා තුල නෑ. දොස්තර කෙනෙක් ලෙස සමලිංගික ආකර්ෂණ ඇති ගැහැණුන් සහ මිනිසුන් සිටින බව පිළිගන්නා අතර දැනටත් අපේ රැකියාව කරද්දී ඒ අයටත් අනෙක් අයට මෙන් සලකන්න පුරුදු වෙලයි ඉන්නේ .. ඒත් ගංජා, අරක්කු ,කසිප්පු වගේ දෙයක් පවුලට එනවාට අකමැතියි වගේම මෙවැනි දෙයක් පවුලේ හෝ පවුලේ නොවන හිතවතෙකුට වුනත් අපි සැලෙනවා, උදාහරණයක් ලෙස අප සිටින රටට ශිශ්යත්වයකට ආපු ලන්කාවේ වග කිවයුතු නිලයක් දැරූ අපි දාන්නා හඳුනන කෙනෙක් PR එක ගෙන මේ රටේ නැවතීම සඳහා සමලිංගික විවාහයකට ගියා. ඒ සිද්ධිය අපිට සෑහෙන කම්පනයක් ඇතිකළා කිව්වොත් නිවැරදියි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62697628268276643222017-02-12T19:39:40.920+11:002017-02-12T19:39:40.920+11:00අවංකව කතා කළොත් මා විරුද්ධ නැතත් අපුල මටත් දැනිල ත...අවංකව කතා කළොත් මා විරුද්ධ නැතත් අපුල මටත් දැනිල තියෙනව. ගොඩක් අය ප්රගතිශීලීබව පෙන්නන්න සමලිංගිකත්වය පිළිගන්න අය ඒක තමන්ගෙ පවුල් සංස්ථාව ඇතුළට ආවම සැලෙනව.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-70478461112907800962017-02-12T19:34:07.111+11:002017-02-12T19:34:07.111+11:00අවංකව කතා කළොත් මාත් අජිත් එක්ක එකඟයි. සමලිංගිකයන...අවංකව කතා කළොත් මාත් අජිත් එක්ක එකඟයි. සමලිංගිකයන්ට මා විරුද්ධ නැතත් අජිත් කියූ අපුල මටත් දැනිල තියෙනව. ගොඩක් අය ප්රගතිශීලීබව පෙන්නන්න සමලිංගිකත්වය පිළිගන්න අය ඒක තමන්ගෙ පවුල් සංස්ථාව ඇතුළට ආවම සැලෙනව.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-59337643807899194502017-02-10T19:14:22.929+11:002017-02-10T19:14:22.929+11:00......හොඳයි අපි පොරට ඊ-මේල් එකක් දාලා අහලා බලමු. ස.........හොඳයි අපි පොරට ඊ-මේල් එකක් දාලා අහලා බලමු. සාකච්ඡාව කළ ඉෂාරා ජයවර්ධනගෙනුත් අහලා බලමු!//////////

අන්න හොඳයි,

////ඇයි නලින්ද ඒ ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා නැත්තේ?///////
ඒක මාත් කල්පනා කරනවා රසික. අයර්ලන්ත කේස් එකත් ඒ වගේ දෙයක්. ඇත්ත කතාව වෙනස්. ඒත් ඒවා එහෙම කියන්න ඉඩ දීලා බලන් ඉන්නේ ඇයි කියන එක ගැටලුවක්.

////ගේ/ලෙස්බියන් කපල්වලට හෙට්රොෆෝබියා තියේද ඇසීම නම් අලුත් අදහසක්. මරු!////////
මේ ගැන අහලා බලන්න ඕන අද හවසට. මට වීකෙන්ඩ්ස්වල හම්බ වෙනවා ඒ ලෙස්බියන් කපල් එක නම්.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-54906305065193881952017-02-10T10:48:23.749+11:002017-02-10T10:48:23.749+11:00ගේ/ලෙස්බියන් කපල්වලට හෙට්රොෆෝබියා තියේද ඇසීම නම්...ගේ/ලෙස්බියන් කපල්වලට හෙට්රොෆෝබියා තියේද ඇසීම නම් අලුත් අදහසක්. මරු!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40346356518760764532017-02-10T10:46:05.728+11:002017-02-10T10:46:05.728+11:00ඉතිං කෝ ඔය කියන නිවරද කිරීම කොහේද තියෙන්නේ?
ඇයි ...ඉතිං කෝ ඔය කියන නිවරද කිරීම කොහේද තියෙන්නේ?

ඇයි නලින්ද ඒ ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා නැත්තේ?

තාමත් බොහෝ දෙනා නලින්ද ඩේලි නිව්ස් එකට කියු “I am totally against Lesbian, Gay, Bisexual and Transsexual (LGBT) rights. This is not the need of the human being. We need a future generation.

Scientific experiments reveal this kind of emotions come out due to stress. When people go through stressful periods or are in such environments, unnatural feelings come out.

For example, we do not see this behaviour when they are living in the wild. However, if they are caged, we would see this behaviour. I believe in marriage between man and woman.

Same sex marriage is unnatural. It is against the evolution of the human being.” ප්‍රකාශය උපුටා දක්වනවා.

හොඳයි අපි පොරට ඊ-මේල් එකක් දාලා අහලා බලමු. සාකච්ඡාව කළ ඉෂාරා ජයවර්ධනගෙනුත් අහලා බලමු!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-76627717066168429642017-02-10T10:31:58.325+11:002017-02-10T10:31:58.325+11:00මොකක්ද මේ කියන රැල්ලට අසුවීම?
ලොකු මහත් වෙන කාලේ ...මොකක්ද මේ කියන රැල්ලට අසුවීම?

ලොකු මහත් වෙන කාලේ කෙල්ලෙකු දැක්කාම කුච් කුච් හෝතා හේ වෙන කොල්ලෙකු වෙනත් රැල්ලකට අහුවෙලා ගහගෙන යාවි ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-39615047465140704322017-02-09T22:20:35.499+11:002017-02-09T22:20:35.499+11:00රසික.....නලින්ද ජයතිස්සව හම්බවෙච්ච වෙලාවක මම ඕක ඇහ...රසික.....නලින්ද ජයතිස්සව හම්බවෙච්ච වෙලාවක මම ඕක ඇහුවා. මොකක්ද ඒ කරපු ප්‍රකාශය කියලා. එයා කියනවා ඒක වැරදියට රිපෝට් කරපු එකක් කියලා. ඒ පිලිබඳව නිවැරදි කිරීමක් පත්තරවල පොඩි අකුරෙන් දැම්මලු.

මම දන්න ලෙස්බියන් ජෝඩු දෙකක් ඉන්නවා අපේ ගෙවල් ගාව. මම දන්න ගේ කපල් එකකුත් ඉන්නවා. උන් සාමන්‍ය විදිහට හැසිරෙනවා. අප්පිරියාවෙන් බැලුවොත් ගැනියෙකුයි, මිනිහෙකුයි තොලක් දාගෙන ඉන්න එකත් එහෙම පෙනෙයි. මේක අපේ දෘශ්ඨියේ ප්‍රශ්නයක්.

වෙලාවක අහන්න ඕන ඔය සමරිසි ජෝඩුවකින්, ගැනියෙකුයි, මිනිහෙකුයි ඒ වැඩේම කරනවා දැක්කොත් උන්ට මොකද හිතෙන්නේ කියලා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.com