tag:blogger.com,1999:blog-3059097820610332367.post3195028447806680965..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: හතර විලිලැජ්ජාවයි හෙවත් අපේ දියණිය උසස් පෙළ සඳහා කලා විෂයයන් තෝරා ගත් කතාව සහ පසු විපරම! - Arts and craftsරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-3059097820610332367.post-11633599150747349552017-09-12T14:15:15.192+10:002017-09-12T14:15:15.192+10:00ඒකෙත් හැටි නේද?
මචං උඹ අපේ ගම පැත්තේ හෙම යන්න එපා...ඒකෙත් හැටි නේද?

මචං උඹ අපේ ගම පැත්තේ හෙම යන්න එපා. මං නං ඕවා ගනං ගන්නේ නැති වුණාට, තාමත් එහේ ඉන්න අපේ සීයාගේ නෑයින් උඹව අල්ලලා හම ගහයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-87419388679294600952017-09-12T14:13:26.732+10:002017-09-12T14:13:26.732+10:00ඇත්තටම මට උඹ ගැන දුකයි නිර්නාමික මචං!
මා ගැන සිත...ඇත්තටම මට උඹ ගැන දුකයි නිර්නාමික මචං!

මා ගැන සිතා අනවශ්‍ය ප්‍රශ්නවලට පිළිතුරු සොයමින් ලත වෙන්නට වීම අර පාරුවේ පුවක් වැනි දෙයක් විය යුතුයි.

අඩු වශයෙන් මේ ලිපියවත් හරියට කියලා හිටපං කො මචං?

උඹට වෙඩින් එක කියන්න නම් බැරිවුණා, නමුත් මං බැන්දේ මට වයස 29 දී, මගේ බිරිඳට වයස 27 දී.

දැන් ගිහින් ශරීතර කෘතයන් කරලා, දත් මැදලා දොයියා ගන්න, ප්ලීස්.

උඹට අද රෑට නපුරු හීන නොපෙනී, සුන්දර සිහින පෙනේවා කියා මං ප්‍රාර්ථනා කරන්නම්.

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49112458517063451052017-09-12T14:06:51.420+10:002017-09-12T14:06:51.420+10:00ඒ තර්කයේ දොසක් මා දකින්නේ නෑ.
නමුත් රසායන විද්‍යා...ඒ තර්කයේ දොසක් මා දකින්නේ නෑ.

නමුත් රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව පිළිබඳ දැනුම නැතිනම් ඒ ඉංජිනේරුවැඩ කරන්නට හැකියාවක් නෑ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56242900236953558862017-09-12T14:00:49.937+10:002017-09-12T14:00:49.937+10:00වෛද්‍ය වෘත්තිය යනු සරලව ගත් විට නිල් කරපටි රැකියාව...වෛද්‍ය වෘත්තිය යනු සරලව ගත් විට නිල් කරපටි රැකියාවකි. උසස් පෙළ කඩඉම පන්නා ගත්ත ද, විශ්වවිද්‍යාලයේ ද, ඉන් පසුව සීමාවාසිඛ කාලයේ ද දුෂ්කර ක්‍රියා කිරීමට සිදුවේ.

තවත් ඉහළ ඉගෙනීමට යොමු වීම ඒ හා සමානවම දුෂ්කර ක්‍ර්‍රියාවකි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-59535877141358753042017-09-12T14:00:14.874+10:002017-09-12T14:00:14.874+10:00ඒ සමගම තමන් ගැන තමන්ට වගකීමක් ඇති බව සිහිපත් කිරීම...ඒ සමගම තමන් ගැන තමන්ට වගකීමක් ඇති බව සිහිපත් කිරීම!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25686005148748758012017-09-12T13:55:43.509+10:002017-09-12T13:55:43.509+10:00අනිවා ඩෙෆා!
https://rasikalogy.blogspot.com/2017/0...අනිවා ඩෙෆා!
https://rasikalogy.blogspot.com/2017/09/my-son-is-entering-his-last-year-at.html
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-39235997345918187582017-09-12T13:54:17.675+10:002017-09-12T13:54:17.675+10:00මානසික රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුයි. ඒ මිස...මානසික රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුයි. ඒ මිස, අප අපේ ජීවිත ඔවුන් අනුව සීමා කරගත යුතු නෑ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-47959605311381894362017-09-12T13:45:36.497+10:002017-09-12T13:45:36.497+10:00මුලින් මා ලියා ඇති දේ හොඳින් කියවන්න. එසේ නොකර ප්...මුලින් මා ලියා ඇති දේ හොඳින් කියවන්න. එසේ නොකර ප්‍රශ්න ඇසීමේ තේරුමක් නෑ!

/* මා එදා ඉහත දැක්වූ ලිපිය ලිව්වේ සරදම් ස්වරයෙනි. නමුත්, එය කියවූ කිහිප දෙනෙකු ම අපේ දියණිය උසස් පෙළ සඳහා ගණිතය හෝ විද්‍යාව හෝ තෝරා නොගැනීම ගැන මා ඇත්තටම දුක් වෙනවා යැයි සිතා මගේ සිත සැනසීමට විවිධ ප්‍රතිචාර දක්වා තිබුණි. */
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50975033957997153692017-09-12T13:44:02.379+10:002017-09-12T13:44:02.379+10:00මීට වසර තිහකටත් එපිට පෙර කාලයක මා එංගලන්තයේ විශ්වව...මීට වසර තිහකටත් එපිට පෙර කාලයක මා එංගලන්තයේ විශ්වවිද්‍යාලයක් ගැන පොතක් කියවන විට ෆැබ්රික් ඩිසයින් වැනි විවිධාකාර විෂයයන් ගැන පවා උපාධි පාඨමාලා තියෙන බව දැක පුදුම වුණා මතකයි.

දැඩි රාමුවලට හිරවී අධ්‍යාපනය හැදෑරූ අපට එය පුදුමයක් ම තමයි!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24063387883706852952017-09-12T12:27:33.585+10:002017-09-12T12:27:33.585+10:00වෛද්‍ය වෘත්තිය යනු සරලව ගත් විට නිල් කරපටි රැකියාව...වෛද්‍ය වෘත්තිය යනු සරලව ගත් විට නිල් කරපටි රැකියාවකි. උසස් පෙළ කඩඉම පන්නා ගත්ත ද, විශ්වවිද්‍යාලයේ ද, ඉන් පසුව සීමාවාසිඛ කාලයේ ද දුෂ්කර ක්‍රියා කිරීමට සිදුවේ.

තවත් ඉහළ ඉගෙනීමට යොමු වීම ඒ හා සමානවම දුෂ්කර ක්‍ර්‍රියාවකි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71773304772520178692017-09-08T15:41:32.520+10:002017-09-08T15:41:32.520+10:00ඔබ හරි.
ඒ බ්ලොග් පළ වී ඇති අඩවියේ ලිපිනයෙන් හැඟෙන...ඔබ හරි.
ඒ බ්ලොග් පළ වී ඇති අඩවියේ ලිපිනයෙන් හැඟෙන නම (UNICEF) තමයි නිවැරදි.
Corrected.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13584834701659224512017-09-08T04:34:14.083+10:002017-09-08T04:34:14.083+10:00ෆාසි,
ඔබේ පිලිතුරට ස්තුතියි. ඔබේ දීර්ඝ පිලිතුර අන...ෆාසි,
ඔබේ පිලිතුරට ස්තුතියි. ඔබේ දීර්ඝ පිලිතුර අනිවාර්යය ප්‍රශ්න කිහිපයක් ජනිත කරවයි.
1. මා අදහස් කලේ මිනිස් වර්ගයාගේ ලෞකික සිහින යතාර්තයක් කිරීමෙහිලා ඉංජිනේරු ශිල්පය අන් කවරකටත් වඩා මහඟු කාර්යයක් ඉටු කල බවයි. නුදුරේදීම වෛද්‍ය විද්‍යාව පවා සැලකිය යුතු මට්ටමකින් ඉංජිනේරු ශිල්පය මත රඳා පවතිනු ඇත.

2. මිනිස් සමාජයේ ලෞකික , වාස්තවික ගොඩනැංවීම් සියල්ල සිදුවූයේ නිශ්චිතවම ඉංජිනේරු මූලධර්ම මතය.ගණිතය සහ දර්ශනයේ සීමාසහිතකම් අසීරුවෙන් හෝ ජය ගත්තේ ඉංජිනේරුවන් විසිනි.

3.විද්‍යාවේ ගතිකත්වය රඳා පවතිනුයේ එය මූලික වසයෙන් අසත්‍යකරණයට ලක් කල හැකි නිසාවෙනි. යම් හෙයකින් විද්‍යාව අසත්‍යකරණයට ලක් කල නොහැකි වූයේ නම්, නිදසුනක් ලෙසට, Black body radiation ගැටලුව විසඳා ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ පදනම දැමීමට මක්ස් ප්ලාන්ක් ට හැකි වේවිද? Philosophy of Science ප්රාමානික ලෙස හැදෑරු අයෙක් මෙය වඩාත් හොඳින් පැහැදිලි කරනු ඇත.

4. ඉහත අදහස දැන් කෝරානයට/ඉස්ලාම් දහමට ගලපා බලන්න. යම් හෙයකින් කෝරානයේ ද සඳහන් වන නූතන භෞතික විද්‍යාව මඟින්ද තහවුරු කරගෙන ඇති යම් සංසිද්ධියක්/ප්රපංචයක් නිවැරදි නොවන බවට භෞතික විද්‍යාව නැවත ප්‍රකාශ කලහොත් කෝරානය ඊට අනුව තම ස්ථාවරය වෙනස් කර ගන්නවාද?

+CPAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71645591490964443102017-09-08T01:14:37.420+10:002017-09-08T01:14:37.420+10:00පරකන්දෙණියේ අඩු ජාතියේ පවුලක උපත ලැබූ රසිකගේ දුවත්...පරකන්දෙණියේ අඩු ජාතියේ පවුලක උපත ලැබූ රසිකගේ දුවත් යුනිසෙප් එකේ රස්සාවකට ගියා හෙනං.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11057840678314413222017-09-08T00:42:34.140+10:002017-09-08T00:42:34.140+10:00ස්තුතියි,
නමුත් තමන් කැමති කාර්යයක් රැකියාව ලෙස කි...ස්තුතියි,
නමුත් තමන් කැමති කාර්යයක් රැකියාව ලෙස කිරීමට ලැබීම තමයි හොඳම දේ.
නමුත්, නොකළ උපාධියක් හෝ නොකරන රැකියාවක් ගැන නම් කළ හැක්කේ උපකල්පන පමණයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-74208368309456025542017-09-07T23:24:06.512+10:002017-09-07T23:24:06.512+10:00ජzසාකල්ලහ් රාසික් බයියා,
ඇත්තෙන්ම ඔබේ මගේ කියා ලෝ...ජzසාකල්ලහ් රාසික් බයියා,

ඇත්තෙන්ම ඔබේ මගේ කියා ලෝක දෙකක් නැත. ඇත්තේ එකම සර්වබලධාරී අල්ලාහ් තාලා විසින් මවා ඇති එකම ලෝකයකි. ශුද්ධ වූ අල් කුරානය නොදත් ඉස්ලාමය ගැන නොදැනුවත් අල්ලාහ් ගැන විස්වාසයක් නැති මුග්ධ මිසදිටු තකතිරුවන් විවිධ බහුබූත මනෝලෝකවල මනෝ ගසමින් පිස්සු කෙලමින් කාලය නාස්තිකර නිකරුණේ නිරයේ වැටෙති.

නමුත් සැබෑ ලෝකයේ විසීමට නම් සර්වබලධාරී අල්ලාහ් ගැන විස්වාසය ඇතිකරගත යුතුය. ඉන් පමණක් සැනසීම ලැබෙනු අත්දුටු ප්රත්යක්ෂ සැබෑ සත්‍යයයි. ඔබේ දියනිය ඉස්ලාම් දහමට යොමුකර සැබෑ පියෙක් වන්න.

අල්ලාහු අක්බර් !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83875332622248110722017-09-07T23:17:42.006+10:002017-09-07T23:17:42.006+10:00CP,
ඉංජිනේරු ශාස්ත්‍රය/විද්‍යාව ගොඩනැගී තිබෙන්නේ ...CP,

ඉංජිනේරු ශාස්ත්‍රය/විද්‍යාව ගොඩනැගී තිබෙන්නේ බටහිර (වෙස්ට් - යුරෝපා/ ඇමරිකන් සංස්කෘතික දැනුම මූලික වූ) භෞතික/ රසායනික සහ ජීව විද්‍යා සහ ගණිත ශාස්ත්‍රය පදනම්වය. කෙසේ නමුත් විද්‍යාවෙන් කෙරෙන්නේ විධිමත් හා ක්‍රමානුකුල අධ්‍යයනයක් තුලින් භෞතික දේවල් ගැන තේරුම් ගැනීමට උත්සාහ කිරීමක් බව ඔබ දන්නවාද?

ඇත්තෙන්ම එය අගය කළ යුතුය. අද විද්‍යාව මගින් කාර්මික ක්ෂේස්ත්රයේ අති විශාල ප්‍රගතියක් අත්කරගෙන තිබේ. එහෙත් විද්‍යාඥයින්ගේ සීමිත දැනුමෙන් විශ්වයේ ආරම්භය ගැන හෝ ජීවයේ මූආරම්භය ගැන හෝ සම්පුර්ණයෙන්ම හැදැරීමට හැකිවී නැත. එබැවින් විද්‍යාඥයින් ඉදිරිපත් කරනු ලබන වාදයන් කාලයෙන් කාලයට වෙනස් වන්නේය. එසේම විද්‍යාවට මරණයෙන් මතු ජීවිතය පිලිබඳ හැදැරීමට හැකියාවක් නොමැත. එම කරුණු අපට දැනගත හැකි එකම ක්‍රමය දෙවියන් පහළ කළ දහම තුලින් පමණි.

අල්-කුරානය දෙවියන්ගෙන් පහළ වූ පණිවිඩයකි. එහි ඇති විශේෂත්වය වන්නේ එහි ඇති කිසිම කරුණක් විද්‍යාත්මක උපකරණ වලින් හෝ මිනිසාගේ පංචේන්ද්‍රියන්ගෙන් ලබාගෙන නොතිබීමයි. තවද එහි ඇති කිසිම කරුණක් මෙතෙක් අභියෝගයට ලක්වී නොමැත. අප අතර ඇතැම් අය කුරානය ගැන විමර්ශනය කරනේ අරාබි බස හෝ එය පහළ වූ හේතු හෝ දැන ගෙන නොවේ. එහෙත් අරාබි බස හොඳින් දන්නා යුදෙව්වන් කුරානයේ ඇති අහියෝග ජය ගැනීමට කොතෙක් උත්සාහ කලත් ඵලක් වී නොමැත. ඉදිරි අනාගතයේදීත් එසේම වනු නො අනුමානය.

අල්-කුරානයේ අරමුණ මිනිසාට විද්‍යාව ඉගැන්වීම නොවේ. එහෙත් එහි දෙවියන්ගේ මැවීම් සහ ක්‍රියාවන් පිලිබඳ බොහෝ කරුණු ඇතුලත් කොට තිබෙමෙන් දෙවියන් ගැන අවබෝදයක් ලබා ගත හැකිය. උදාහරණයක් වශයෙන් පෘථිවියට යකඩ ලොහකය ලැබුණු අන්දම, මිනිස් කළලය විකසනය වන අකාරය, විශ්වයේ ප්‍රසාරණය, කඳුවලින් පෘතුවියේ ස්ථායිතාව කෙරෙහි බලපෑම, අපට දෘශ්‍යමානවන සහ අදෘශ්‍යමාන දේවල් සෑම එකක්ම යුගල වශයෙන් මවා තිබීම සහ තවත් බොහෝ දේවල් කුරානයේ සඳහන් වීමෙන් එය දේව පණිවිඩයක් බව දැනගත හැකිය. මෙම කරුණු විද්‍යාවෙන් සොයාගනු ලබුවේ ඉතා දියුණු උපකරණ භාවිතා කරමින් විසිවන සියවසේය.

අල්-කුරානයේ ඇති තවත් වැදගත් කරුණක් වන්නේ සුර්යාගේ සහ චන්ද්‍රයාගේ ගමන, පෘථිවිය පිලිබඳ විස්තර, ජලචක්රය, සාගර විද්‍යාව සම්බන්ද කරුණු එහි අඩංගු කොට තිබීමය. තවද ඉතා ප්‍රාථමික ප්‍රවාහන ක්‍රමයක් තිබෙන හත්වන සියවසේදී අභ්‍යාවකාශතරණය පිලිබඳව අල්-කුරානයෙන් අභියෝගය කොට තිබීම සුවිශේෂී කරුණකි. එහෙත් අභ්‍යාවකාශ තරණය සිදු කරනු ලැබුවේ විසිවන සියවසේදීය.

ඇල්බට් අයින්ස්ටයින් සාපේක්ෂතාවාදය ඉදිරිපත් කලේ විසිවන සියවසේදී වුවත් අල්-කුරානයේ කාලයේ විස්තාරණය පිලිබඳ සංකල්පය සඳහන් වීම සැබවින්ම විමතියට හේතුවකි. මේවායින් ගම්‍යවන්නේ අල්-කුරානය මිනිසාගේ නිර්මාණයක් නොවන වගයි.

නවීන විද්‍යාවේ සොයා ගැනීම් වලින් කුරානයේ ඇති විද්‍යාත්මක සංකල්ප 100% සනාථ වී ඇත. ඉන් නිගමනය කළ හැක්කේ එහි ඇති අනෙකුත් සියළුම කරුණු සත්‍ය විය යුතු බවයි. එනම් මරණයට පසුව ඇති ස්වර්ගය සහ නිරය පිලිබඳව එහි ඇති සියළුම කරුණු අනිවාර්යයෙන්ම සත්‍ය කරුණු විය යුතු බවයි.

By Fasy Ajward, B.Sc. Sp. (Phy) Hons., J.Pura,
Ex. Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85499789415194719572017-09-07T19:34:14.436+10:002017-09-07T19:34:14.436+10:00පැරඩියක් ද මන්දා පැරඩියක් ද මන්දා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31309705498052878882017-09-07T18:19:01.501+10:002017-09-07T18:19:01.501+10:00රසිකට දියණියන් දෙදෙනෙක් ඉන්නේ කියලා කලින් කොහේ හරි...රසිකට දියණියන් දෙදෙනෙක් ඉන්නේ කියලා කලින් කොහේ හරි කියෙව්වා මතකයි. කොහොම උනත් එයිනුත් එක දියණියක් උසස් පෙළ කරනවා කියන්නේ දැන් එයාගේ වයස අවුරුදු 20 කිට්ටු කරලා ඇතිනේ.

මං හිතං හිටියේ රසික මෙහි දාන ඔබගේ ජයාරූප අනුව විචාරකගේ දියණියන් වගෙ අවුරුදු 30 ට කිට්ටු කරපු වයසේ ළමයි ඔබට ඇති කියලා. ඇතැම් විට රසික කසාද බැඳ ළමයි සෑදුවේ වයස අවුරුදු 40 කිට්ටු කර වෙන්නට ඇති.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-70375095294384199692017-09-07T15:22:39.629+10:002017-09-07T15:22:39.629+10:00රසික ,
ඉහත කතා සියල්ල සාපේක්ෂව සත්‍යයන් විය හැකිය....රසික ,
ඉහත කතා සියල්ල සාපේක්ෂව සත්‍යයන් විය හැකිය. එහෙත් මිනිස් වර්ගයාගේ සිහින යතාර්තයන් බවට පත් කලේ ඉංජිනේරු ශාස්ත්‍රය බවට මම තර්ක කරමි. මේ පූර්ව නිගමනය සදොස් නම් පෙන්වා දෙන්න.
+CPAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-14986122448351811202017-09-07T15:21:48.594+10:002017-09-07T15:21:48.594+10:00රසික ,
ඉහත කතා සියල්ල සාපේක්ෂව සත්‍යයන් විය හැකිය....රසික ,
ඉහත කතා සියල්ල සාපේක්ෂව සත්‍යයන් විය හැකිය. එහෙත් මිනිස් වර්ගයාගේ සිහින යතාර්තයන් බවට පත් කලේ ඉංජිනේරු ශාස්ත්‍රය බවට මම තර්ක කරමි. මේ පූර්ව නිගමනය සදොස් නම් පෙන්වා දෙන්න.
+CPAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60860547862555993772017-09-07T14:30:51.670+10:002017-09-07T14:30:51.670+10:00මමනං ආසයි මගේ කෙල්ල ඩොක්ටර් කෙනෙක් වෙනව දකින්න.. ඒ...මමනං ආසයි මගේ කෙල්ල ඩොක්ටර් කෙනෙක් වෙනව දකින්න.. ඒක එහෙම නොවුනත් ඉගෙනගෙන හොඳ තැනකට යනව දකින්න ආසයි.. ඒත් ඒවා මගේ ආසාවල් විතරයි සමහරවිට එයාට වෙන ආසාවල් ඇති.. මොනාටත් තව අවුරුදු හත අටක් තියෙනවා .. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24936348322347280882017-09-07T12:35:43.793+10:002017-09-07T12:35:43.793+10:00ඔබ ඔබේ ලොවේ, මා මගේ ලොවේ!ඔබ ඔබේ ලොවේ, මා මගේ ලොවේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-81164099761743711652017-09-07T08:49:53.901+10:002017-09-07T08:49:53.901+10:00ළමයින්ට ස්වාධීන තීරණ ගැන දීම වැදගත් ළමයින්ට ස්වාධීන තීරණ ගැන දීම වැදගත් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22609164108382708902017-09-07T02:43:49.841+10:002017-09-07T02:43:49.841+10:00ළමයින්ට තමන් කැමති හැමදේම නැතිඋනත් සමහර අවස්ත්වල ...ළමයින්ට තමන් කැමති හැමදේම නැතිඋනත් සමහර අවස්ත්වල ස්වාධීන තීරණ ගැන දීම වැදගත් වේ. එසේ නොකිරීම තුල බලහත්කාර දොස්තරවරු හා ඉංජිනේරුවරු බිහිකිරීමට ගොස් ඇනගත් දෙමාපියන් රැසක් සිටිති ඔවුන් විසින් විනාශ කරන්නේ ලමටින්ගේ මුළු අනාගයතමය.
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49250070920157777602017-09-07T01:42:11.436+10:002017-09-07T01:42:11.436+10:00රසික, දුවගේ විස්තර දැමීමෙන් ඔබත් එක්ක ඇරියස් තියන ...රසික, දුවගේ විස්තර දැමීමෙන් ඔබත් එක්ක ඇරියස් තියන ඇනෝලා, එක දුවගෙන් කවර්කර ගන්න හදයි කියලා හිතෙන්නේ නැද්ද?
මොනව උනත් ඔබට පහර දෙන නින්දිත විදිහ දැක්කම දුවට ෆේස්බුක් එක එහෙම පබ්ලික් එකට බ්ලොක් කරන එක හොදයි වගේ. (unless she is thick-skinned and can handle those cheap attacks) Anonymousnoreply@blogger.com