Friday 20 February 2015

ඉන්දියානු අගමැති මෝදි ගේ බිරිඳ අමු මෝඩියක් ද? - Is Indian Prime Ministers wife a real "Modi"?


නිදහස ලැබූ දිනවල සිට ඉන්දියාවේ බලයේ සිටි ඉන්දියන් ජාතික කොන්ග්‍රසය සහ එහි අගමැති ඉන්දිරා ගාන්ධි පරදවා 1977 දී ජනතා පක්‍ෂය බලයට පැමිණ එහි නායක මොරාජි දේශායි අගමැති වීම එවකට ලංකාවේ විපක්‍ෂයේ සිටි යූඇම්පීයට ඉතා ආශ්වාදයක් ගෙනදුන් සිදුවීමක් විය.

එයට මූලික හේතුව, අසල්වැසි රටක කලක් තිස්සේ පැවතුන රජයක බිඳ වැටීම යන කරුණ ලංකාවේ විපක්‍ෂයට විශාල ජවයක් ගෙන දීම වූවද, ඉන්දිරා ගාන්ධි නම් ගැහැණිය ලැබූ පරාජය සහ ඇගේ කලෙක සිට පුද්ගලික මිතුරියක් ද වූ ලංකාවේ අගමැති සිරිමා බණ්ඩාරනායක නම් ගැහැණිය නුදුරු අනාගතයේ දී ලැබීමට නියමිත පරාජය සමාන කරමින් දේශපාලන කතාවලදී යම් කුරිරු සතුටක් ලබාගන්නට, කාන්තා නායකත්වයක් පැත්ත පළාතකවත් නො තිබුණු යූඇම්පීයට, හැකිවීම ද වැදගත් කාරණයක් විය.

නැවතත් 2014 දී සෑහෙන දුරට මේ ආකාරයේම තත්වයක් ඉන්දියාවේ උදාවුණි. එනම් දශකයකට වැඩි කාලයක් බලයේ සිටි කොන්ග්‍රස් පක්‍ෂය සහ අගමැති මන්මෝහන් සිං පරදා භාරතීය ජනතා පක්‍ෂයේ නරේන්ද්‍ර මෝදි බලයට ඒමයි.

ඒ ඉන්දියානු දේශපාලන පෙරලිය, ඒ දිනවල ලංකාවේ බලයේ සිටි, ඉදිරියේත් පරම්පරා ගණනාවක් බලයේ සිටීමට ලැබේයැයි සිතා සිටි, සිරිලංකා පක්‍ෂය ප්‍රමුඛ පොදු පෙරමුණට පොඩි කණේ පහරක් එල්ල කළේ ය.

මෙයින් රිදුණු අපේ සමහරු ඉන්දියන් අගමැති මෝදිට හිතාමතා ම "මෝඩි" යැයි අමතමින් මෝඩ සොමියක් ලබන්නට පටන් ගත්හ.

ඉන්දියානු අගමැති තනතුරට පත්වී දින සියය පන්නා දැන් දින දෙසිය පනහක් පමණ ගතවී තිබුණත් මෝදි තවමත් ඉතා ජනප්‍රිය නායකයෙකි. පසුගිය නොවැම්බරයේ ඕස්ටේ‍ර්ලියාවේ පැවති රාජ්‍ය නායක සමුළුවකට සහභාගී වෙන්නට පැමිණි අගමැති මෝදි ඉන් පසුව සිඩ්නි නගරයේ ඔලිම්පික් ක්‍රීඩාගාරයේ දී කතා කරනු අසන්නට මෙරට වසන ඉන්දියානුවෝ 20,000 පමණ සහභාගී වූහ.

මෝදිට හිතාමතා ම "මෝඩි" කීම හුදෙක් විහිළුවක් ම වුණත්, පසුගිය දිනවල විවිධ ජනමාධ්‍ය ඔස්සේ කියවන්නට ලැබුණු ආරංචිවලට අනුව, මෝදි ගේ බිරිඳට නම් "මෝඩි" කියා කීම සුදුසු යැයි මට සිතිණි.

නරේන්ද්‍ර මෝදි ඔහුගේ නීත්‍යානුකූල බිරිඳවන ජශෝධාබන් සමග විවාහ වී ඇත්තේ වර්ෂ 1968 දී දෙදෙනාම වයස දහ හතේ, දහ අටේ නව යොවුන් වියේ දී ය. නමුත් මෝදි, තම බිරිඳ සමග විවාහ දිවිය ගත කර ඇත්තේ තෙවසරක් පමණි. ඒ වසර තුන තුල දී ද ඔවුන් අතර එක්ව වීසීමක් නොවූ බවද කියවේ.

ඉන් පසු ඔහු කර ඇත්තේ එක්තරා ආකාරයක අභිනිෂ්ක්‍රමණයකි. එනම්, උග්‍ර හින්දු භක්තිකයෙක් සේ අනගාරික ජීවිතයක් ගත කරන්නට අදිටන් කරගත් මෝදි, බිරිද හැර දමා හින්දු නිකායක සේවකයෙකු වෙන්නට හිමාලයට ගොස් ඇත. ඔහු ගේ දේශපාලන දිවියට අඩිතාලම වී ඇත්තේ ඒ ආගමික සේවාවයි.

පසුගිය වසර හතලිස් ගණනට ම ඔවුන් දෙදෙනා හමුවී හෝ කතාබහ හෝ කර නැති නමුත්, නීතියෙන් ද වෙන්වී නැති නිසා, නීත්‍යානුකූලව ජශෝධාබන් යනු මෝදි ගේ බිරිඳ වේ. නමුත් ප්‍රායෝගිකව එය විහිළුවක් පමණි.

ඊටත් වඩා විහිළුවක් වනුයේ, තමන් තවමත් මෝදි වෙනුවෙන් හින්දු බිරිඳක් විසින් කළ යුතු යැයි සැලකෙන චාරිත්‍ර විධි අනුගමනය කරන බවටත්, ඔහු ගේ දේශපාලන ජයග්‍රහණයන් පතා දෙවියන් අයැදින බවටත්, කෙදිනක හෝ ඔහු තමා හමුවට පැමිණ කතා කරනු ඇතැයි බලා සිටින බවටත් ජශෝධාබන් කරන ප්‍රකාශයි.

ඒ අසා මට නම් හිතුණේ, අගමැති මෝදි කෙසේ වෙතත්, මේ අගමැති බිරිඳ නම් සැබෑ මෝඩියක් බවයි.

නිකම්ම නිකම් මෝඩියෙක් නොව මැටි මෝල් අමු ම අමු මෝඩියෙක් බවයි!

ඇය දැන හෝ නොදැන හෝ කරන්නේ සමස්ත ලෝක කාන්තා බලවේගයට අපහාසයක් බවයි.

-රසිකොලොජිස්ට්
(මෝදිලා ගේ විස්තර අන්තර්ජාලයෙනි
ඒ විස්තර සිංහලෙන් පරිවර්තනය කර ලියන ලද ලිපියක් මෙන්න.)



(image: http://farzana-versey.blogspot.com.au/2014/05/to-mrs-modi-first-lady.html)

47 comments:

  1. මෝදිගේ ජනප්‍රියතාවය අපූරුවට පෙනුනේ මේ ළඟදි තිබුන ප්‍රාන්ත ඡන්දයේදි...

    මෝදි ගේ නෝනා මෝඩියෙක් නෙමෙයි.. එක්කෝ වාසනාවන්තියක්.. එහෙම නැත්නම් බොහෝ පින් ඇත්තියක්..

    තනියෙන් ඉන්නවා තරම් සතුටක් තියෙනවද මේ ළෝකයේ..

    ReplyDelete
    Replies
    1. ඇය මෝඩියක් වෙන්නේ අවුරුදු හතලිස් ගානකට කලින් තමන්ව අතරමං කරලා දාලා ගිය පොර ගැන හිත හිතා යාඥා කරනවා මදිවාට පොර එක වචනයක් කතා කළොත් යන්න සූදනමින් සිටීම නිසයි.

      Delete
    2. විවිධ සංස්කෘතීන් වල ජිවත් වෙන මිනිසුන්ගේ ක්‍රියාකාරකම් විවිධයි වගේම ඒවා තමන්ගේ අතේ තියෙන සංකර සංස්කෘතික පුට් රුලෙන් මනින්න හදන ගොං කම රසික ආයිත් කරනවද ?

      අභිනිශ්ක්‍රමනය ගාන්ධිත් කරා. ඒක බොහොම පැරණි හින්දු සංකල්පයක්. ඇතැම් බිරිඳන් ඒ සමගම බ්‍රහ්මචාරී ව සැමියන් සමග සිටිනවා නැත්නම් නෑදෑයන් අතර ජිවත් වෙනවා. එය ඒ රටේ සංස්කෘතියේ පිළිගන්න දෙයක්. ඔවුන් ඒක අතහැර දැමීමක් ලෙස පිළිගන්නේ නැහැ. ( හැබැයි උන්ට නැති පුකේ (©2015 කකා ) අමාරුවක් ඔහෙට තියෙනවා නේ ) නෑදෑයන් විසින් බලාගැනෙන ඔවුන් අසරණ වෙන්නේ, පාරට වැටෙන්නේ නැහැ.

      හරියට තායිලන්තේ මහන වී ටික කලක් හෝ නොහිටින මිනිහෙක්ට ගෑනියෙක් විවාහ කරගන්න අමාරුයි වගේ. නැත්නම් රසිකගේ රටේ දුවගේ වයසේ අවුරුදු 12/13 කෙල්ලෝ බෝයි ෆ්‍රෙන්ඩ් ගෙදර ගෙනල්ල දෙමවුපිය ආශිර්වාදයත් ඇතුව උං එක්ක රෑ නිදා ගන්නවා වගේ ... සංස්කෘතික සම්මුති රටෙන් රටට වෙනස් වෙනවා.

      තමන්ගේ පටු "නිරුවත් වානර" මනසින් සියලුම දෙනා සහ අවස්තාවන් මනින්න එපා රසික.

      Delete
    3. මහසොහොන් පිල්ලිය @

      +++++++++++++++++++++++++++++++++++++++++++++++
      ඒක අත්හැරදැමීමක් නොවේ. අපට අපේ මිණුම දඩුවලින් අනුන් මනින්න බෑ. බටහිර වැසියන් සියවස් ගනනක් කළෙත් එයයි.
      ඔවුන්ගෙ සිතිවිලි ඔවුන්ගෙ සංස්කෘතියත් එක්ක බැදුන දෙයක්. අපෙත් එහෙම තමයි. මෝඩි කළ දේවරදක් කියා ඔහු සිතන්නෙත් නෑ ඇය සිතන්නෙත් නෑ
      සමාජය සිතන්නෙත් නෑ

      Delete
    4. ඉන්දියාවේ හා ලංකාවේ මිනිස්සුන්ගේ මෝඩකම් ගැන බොහෝ දේවල් කතා කළ හැකියි. ඔය මෝඩිගේ මෝඩ භාර්යාව වගේම ගෑණු තමයි පෝලිමේ ගිහිල්ලා මහින්ද මහ රජතුමාට වැඳලා පුද සත්කාර කරලා කවදාවත් තමන්ගේ බේබදු සැමියන්ගෙන් ලබා ගන්න බැරි වෙච්චි ලිංගික තෘප්තියෙන් කොටහක් හරි ලබා ගන්න බලන්නේ. සංස්කෘතිය මොකද්ද කියා නොදන්නා එවුන් නම් හිතන්නේ මේවා දියුණු සංස්කෘතියක අංග කියලා.

      Delete
    5. මාතලන්, මෝඩි අගමැතිවුනේ දෙයියනේ කියල කනක් ඇහිල පොලිටික්ස් කරගෙන පුලුවන් වුන නිසා වෙන්න බැරිද?

      තමන් සමග ඉන්න වයිෆ් කෙනෙක් හා පුත්තු තුන්දෙනෙක් වගේ හිටියනම් මිනිහ මෙලහට රිලා නැටුම් පෙන්නනව වෙන්න තිබුන නේද?

      Delete
    6. තමන් ගේ මිණුම් දඬුවලින් තමයි ඕනෑම අයෙක් අනුන්ව මනින්නේ!

      අනේ හරිම කුලවත්, ගුණවත්, පතිනයික් කියා මිසිස් මෝදිව හඳුනවන අයත් කරන්නේ තමන් ගේ මිනුමෙන් මැනීමයි.

      හැබැයි මෝදි හොඳයි සිදුහත්ට වඩා මොකද ළමයෙක් හදන්නේ නැතුව නේ ගියේ. හැබැයි දික්කසාද කරලා යන්න තිබුණා කියලයි මට නම් හිතෙන්නේ!

      Delete
    7. මෙන්න එදා වසන්තා සන්දනායක ගායිකාව ගයපු ගීයක්. මේක ලියපු කවියාත් තමන්ගේ නිරුවත් වානර මිණුම් දණ්ඩෙන් මැනලා තමයි ලියන්න ඇත්තේ!

      නොකියා ම එදා ඇසළ මහේ හඳ ඇති පායා
      මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා?

      නින්දේ ය එදා හිමි ඔබ යන විට මා උන්නේ
      දැනුණා නම් පැන යන බව නෑ යන්නට දෙන්නේ!

      මේ මාළිගයේ...
      මේ මාළිගයේ දැන් මට මොන සැපත ද ඇත්තේ?
      මා තාම නැතේ සඳළුතලෙන් පහළට බැස්සේ!

      පොඩි රාහුල පුතු හා මට දුක් ගින්දර දීලා
      ගියෙ ඇයි ද තපස් රැකුමට සිදුහත් හිමි රාජා?

      සංසාර සැපේ කලකිරුණ ලු ඇත්තද ඒක?
      සිදුවී ද නැතොත් මාගෙන් වරදක් කිසි දාක?

      ගලවාල දමා....
      ගලවාල දමා කණකර අබරණ හැම දාක
      වැලපේවි යසෝදරා සොහොන් පිටියකි මේක!

      නින්දාව නිසා කපිලවස්තු පුර බැහැ ඉන්න
      නොපමාව ම ඇවිදින් අපවද ඔහි ගෙන යන්න

      නොකියාම එදා ඇසළ මහේ හඳ ඇති පායා
      මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා?

      Delete
    8. එතකොට ඔසී වල සින්ගල් මාම් ලා ගැන රසික ගේ අදහස මොකක්ද?

      රසික මෙතැනදී පුද්ගලයන්ව ටාගට් කරලා ඔවුන්ව විවේචනය කරන්න හදනවා....ඒත් ඇත්තටම වෙන්න ඕනේ ඒ ඒ සමාජ් වල තියෙන පසුගාමි ( හෝ ඉදිරිගාමි) ලක්ශණ පෙන්වා දීමයි..ඇත්තටම බැලුවම අදාල පුද්ගලයන් අදාල සාමාජ් හැඩගැසීම් අනුව ජීවත් වෙනවා..එහෙම නැතිව අදාල පුද්ගලයගේ විශේෂ දුබලතාවයක් කියන්න අමාරුයි....වෙනත් සමාජයක් ජීවත් වෙන අයෙකුට ඒක සම්පුර්නයෙන්ම අවුලක් වෙන්න පුලුවන්...

      ඕකත් හරියට සිංහලයා අහවල් කටයුත්ත කරලා අතින් සෝදා ගැනීමයි, සුද්දම ඒක කරල කොල කොලෙන් පිස ගැනීමයි වගේ....සුද්දට සිංහලය හිනාවෙනවා පස්ස ගදයි කියලා...සුද්ධා සිංහලයට හිනා වෙනවා අත ගදයි කියලා...


      හැබැයි අවුල යන්නේ ඉස්සෙල්ලා අතින් පිහිදාගත්ත එවුන් පස්සේ කොල කෑල්ලෙන් පිහිදගන්න පුරුදුවෙලා තමන් එක්ක අතින් පිහදාගත්ත එවුන්ට කොචෝක් කරන කොට :))

      පුද්ගලයන්ට කොචෝක් දාන්නේ නැතුව අදාල ක්‍රියාවේ හොද නරක කථා කරා නම් ඔයිට වඩා කන්සට්‍රක්ටිව් සංවාදයක් වෙන්න තිව්වා...

      Delete
    9. @ Mayya

      1. තිබුනත් රිදී රත්තරනින් හදාලා කියන කවිය අහලා නැද්ද?

      2. MKR කියන අන්වර්ථ නාමය අසා නැද්ද?

      3. මූදේ එක මාළුවද ඉන්නේ කියා අසා නැද්ද?

      මා කියා ඇත්තේ ද ඒ වගේ කතාවකි.

      එක වෙනස ඉහත දේ පිරිමන් සඳහා භාවිතා වීමත්, මේ කේස් එක ගැහැණියෙක් ගැන වීමත් ය.

      Delete
    10. පස්ස හේදීම ගැන කියනවා නම්-

      අත ගඳයි කියන්නේ කවුද?

      අපට නම් පොඩි කාලේ සිට ඉගැන්වුයේ ව්සිකිලි ගිය පසු අත හොඳින් හෝදා ගත යුතු බවයි!

      Delete
    11. ඔයා වගේ පොරක් එක්ක ඉන්න ඔයාගෙ බිරිඳ අමුම අමු මෝඩියක් කියලා හිතෙන්නේ නැද්ද?

      එම් බී බී එස් තියන ගැහැනියක් ඇයි ඔයා වගේ හම්පඩ ඉන්ජෙක් ව බඳින්නේ.? සාමාන්‍යයෙන් ඩොකියෙක් ඩොකෙක්ම තමයි බඳින්නේ කියලා අපේ ෆැකල්ටි වල සියල්ලෝම දනියි.

      කවිරුවත් ට්‍රයි නොකරොත් ඉතින් ඉන්ජෙක්ට හා කියනවා.

      Delete
  2. සුවාමි භක්තිය නේ.. අනික.. මේ ඉන්දියාව. හැක් හැක්

    ReplyDelete
    Replies
    1. සැමියා බිරිඳගේ දෙවියාය!

      Delete
  3. වයස දාහතේදි දාලා ගියා කියන්නේ පට්ටම අසාධාරනයි..එක්කෝ නිත්‍යානූකුල වෙන්විම දුන්නා නම් ඒ ගෑනි වෙන මිනිහෙක් හරි බදිනවා..
    ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියන්නෙ මේකටද?

    ReplyDelete
    Replies
    1. දාලා ගිහින් තියෙන්නේ විස්සේ දී. නීතියෙන් බැඳලා අවුරුදු තුනකට පස්සේ!

      ඒ ගැන නොවෙයි මගේ අවුල. මේ ගෑණු මනුස්සයා තාමත් ඒ අසත්පුරුෂයාට වැඳගෙන ඉන්න එක ගැනයි!

      Delete
    2. ඉන්දියාවෙ සංස්කෘතියෙ හැටියට මේ වගේ දෙයක් පවුලට අවමානයක් විදිහට සලකන්නෙ නෑ... දික්කසාදය කියන්නෙ එයාලට ගෑණු කෙනෙක්ට වෙන්න පුළුවන් ලොකුම අවමානයක්... ඉතිං බැලුවම මෙතනදි මේ දෙන්නම සාධාරණයි... අපිට මෙතනදි කියන්න වෙන්නෙ අනේ මේ ගෑණු මනුස්සයා පවු කියල විතරයි... අනිත් එක මේක මේ අද දවසේ ඉන්දියාවෙ වෙච්ච දෙයක් නෙවෙයි... බොහොම කල් පරණ වෙච්ච පුරස්නයක්... නිකමට ඔය අපේ රටෙත් වයස අවුරදු 65-75ක් වෙච්ච ආච්චි අම්මෙක් සීයෙක් එක්ක දික්කසාදෙ ගැන කතා කරල බලන්නකෝ....

      ( මේ ළගදි පොලිසියෙදි හම්බුනා අවුරදු 65- 70ක විතර කපල් එකක් දික්කසාදෙ ඉල්ලගෙන ඇවිත්.. දරුවොත් කසාද බැදල... මේ දෙන්නට තියෙන ප්‍රශ්නෙ එක ගෙදර ඉන්න බැරි එක.. ආච්චි පොලවෙ පස් කකා කියනව මේ මිනිහත් එක්ක එක ගෙදර ඉන්න බෑ කියල... සීයා කියනව ගේ හැදුවෙ මම, මම යන්නෙ නෑ මේ ගෙදරින් කියල... දරුවො අසරණ වෙලා... පොලිසියෙන් උපදෙස් දුන්නෙත් මේ වයසෙදි දික්කසාද වෙලා මක් කරන්නද, අනිත් එක ඒවට පොලීසි උසාවි ගානෙ යන්න වෙන්නෙත් දරුවන්ට නිසා කොහොම හරි සමාදාන කරන්න බලමු කියන එක.. මේ කපල් එක අඩුම ගානෙ මාසෙකට දෙපාරක් වත් පොලිසි එනවලු... දෙන්නම ගුරුවරු... මේ අපේ රටේ එක තත්වයක් ඉතිං.. )

      Delete
  4. අපි පිටින් ඉඳල බැලුවම මෝඩයි වගේ පෙනුණට උන් කාටවත් එහෙම හිතන්නේ නැත්නම් අවුලක් නැහැ.
    අනිත් එක ගොඩක් ඉන්දියන් කාරයෝ අපේ ගොබිලෝ වගේ නෙමෙයි තමන්ගේ රටේ සංස්කෘතික අංගයන් තවමත් පිළිගන්නවා.

    ReplyDelete
    Replies
    1. උන් ගොන්නුනේ ඒකයි. ඔයාත් ඒ වගේද?

      Delete
    2. 1. තිබුනත් රිදී රත්තරනින් හදාලා කියන කවිය අහලා නැද්ද?
      2. MKR කියන අන්වර්ථ නාමය අසා නැද්ද?
      3. මූදේ එක මාළුවද ඉන්නේ කියා අසා නැද්ද?

      මා කියා ඇත්තේ ද ඒ වගේ කතාවකි.

      එක වෙනස ඉහත දේ පිරිමන් සඳහා භාවිතා වීමත්, මේ කේස් එක ගැහැණියෙක් ගැන වීමත් ය.

      Delete
  5. ඉන්දියාවේ පති භක්තිය ගැන ඔහේ දන්නැති හැඩයි...

    ReplyDelete
    Replies
    1. පති-පතිනි කියා ඉස්සර සඟරාවක් නම් තිබුණා!

      Delete
  6. ඉන්දියාවේ සංස්කෘතිය නේ ,දකින විදිය තමා අනුව තමා වෙනස් වෙන්නෙ

    ReplyDelete
  7. මෝදි නෝන පෙන්නන්නෙ ඒ නෝනගෙ විතරක් නෙවේ මුළු ඉන්දියාවෙ ගෑණු මිනිස්සු බහුතරයකගෙ මෝඩකම. සංස්කෘතික අහවල් දේවල් ස්වාභාවිකත්වයට උඩින් ගියාම ඇතිවෙන අවුල් තමයි ඔය.

    ReplyDelete
    Replies
    1. ලෝකය ඉන්නේ විසි එක්වන සියවසේ.
      ඉන්දියාව මේ අතින් දහ නමවෙන සියවසේ.
      අරාබියේ සමහරු පහලොස්වන සියවසේ!

      Delete
    2. රාජ් සහ රසික තරම් බුද්ධිමත් ඥාණවන්ත දෙදෙනෙක් මුලු ලෝකයේම නැත. ලගදිම මේ දෙදෙනාගේම IQ මට්ටම 200 ත් පැන ඇති බවත් ලියන ලියන බ්ලොග් ලිපියට අනුලෝමව සමානුපාතිකව IQ එක 10 බැගැනි වැඩිවෙන බවත්, දැනටමත් මොවුන් දෙදෙනාම අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝව්කින්ග්ටත් වඩා බුද්ධීමතුන් දෙදෙනෙක් බවත් ලෝකය විසින් අනාවරණය කරගන්නවා ඇත. එදවසට මෝඩ ලාංකිකයන් වන අපටද අසීමිත ලෙස සතුටු විය හැක.

      ඉතින් අපට පාන් ද? 

      Delete
  8. අනුන්ගේ ගැනු ගැන අපිට පාන්ද මැකායි පාන් ඕනේ නම් දෙන්නම්

    ReplyDelete
  9. ඒහෙම තමයි.... තාත්තා මැරුණාම ගෙදර ගියාගන්න බැහැ වලනන්න ඔ්නේ කියනවා වගේ...... තාත්තාට සුයිප් ඒකක් අැදුනාම වලනන්න බැහැනේ ගෙදර ගියාගන්න ඔ්නේ... නිකං නෙමෙයි.... මාර විදිහට සලකනවා වගේ පෙන්නලා...... යකෝ මෝඩ අපියි රසික මචං

    ReplyDelete
    Replies
    1. මෙතනට අදාල නොවුනත්, පරණ සඟරාවක කියවූ ටී.ජී.ඩබ්ලිව්. ද සිල්වා ගේ කෙටිකතාවක මාතෘකාව සිහිවිය.

      "බුදු බණ බොරු ද? අපි හොරු ද?"

      Delete
    2. මෙතනට අදාළ නොවෙනවා නම් උඹට කොහොමද ඒක මතක් වුනේ. අදාළ නැත්නම් උඹ මොකටද ඕක මෙතන ලියන්නේ?

      ඉතින් අපට පාන් ද ?

      Delete
  10. මම නම් කියන්නෙ ඒ උන්දැගේ ස්ථාවරය ප්‍රශ්න කරන්න අපි කාටවත් අයිතියක් නෑ කියලයි. අපේ ගෑණු පණ නහගෙන අපි වෙනුවෙන් ඉන්න එක , පොඩ්ඩ මිස් උනත් ඩිවෝස් වෙන බටහිර ගෑනුන්ට විහිළුවක් වගේ පේන්න පුළුවන්. ඔන්න මෝදි මැරුණම සෑයට පනින්න ලෑස්ති උනොත් එක වලක්වන එක වෙනම කතාවක්. මෝදිට අවුලක් නැත්තං ගෑනිට අවුලකුත් නැත්තං අපේ මොකෝ..

    ReplyDelete
    Replies
    1. අපට නං කෙලින් ම ප්‍රශ්ණයක් නෑ.

      නමුත් මෙවැනි හයි ෆ්‍රොෆයිල් කේස් නිසා ඉන්දියාවේ ගෑණුන්ට ඇති අසාධාරණ සැලකීම තවත් වැඩි වෙනවා.

      Delete
  11. පිවිතුරු පෙම, ඕක Made in India එකක්නෙ. බලල නැද්ද හින්දි ෆිල්ම්.

    ReplyDelete
    Replies
    1. නෑ නේ!
      දෙන්නකෝ ටොරන්ට් එක!

      Delete
  12. මෝදි ගේ භාර්යාවට,ආර්යාව වෙන්න බැරි වෙච්චි හැටි.සමහර විට එහෙම නොවිච්චි එක සමස්ත ඉන්දියාවේම වසනවක් වෙන්නත් පුළුවන්.නීතියෙන් වෙන් වුණා,නොවුණා දෙන්නා,දෙමහල්ලෝ මඩ ගහන්න,රණ්ඩු කරන්න යන්නේ නැහැනේ ඒ මැදයි.
    මෝදිට ජන්දෙන් ලැබුණු ජනප්‍රියත්වය අඩු වෙලා නෙමේද ?දිල්ලි ජන්දෙන් ආසන තුනයි දින්නේ.

    ReplyDelete
    Replies
    1. ටිකක් අඩුවෙලා ඇති. දින සීය පන්නලා නේ!

      හැබැයි එහෙමම කියන්න බෑ.

      මෝදි ගුජරාටයේ. දිල්ලියේ තිබුණේ නිකං නගර සභා ඡන්දයක්.

      Delete
  13. මෝඩි ගැනිව ඔහොම හරි ඉතුරු කලා. අපේ එක හිටපු නායකයෙක් ගමේ කෑල්ල බඩ වුනාම මරලා පිච්චුවා.

    ReplyDelete
  14. Replies
    1. කොහේ හිටියත් මෝඩකම තමයි!

      Delete
  15. ඉන්දියානු ප්‍රේමය මහා පුදුමයි. දැකලා නැද්ද ඔය හින්දි පිචෑර්ස් වල, කතාව පටන් ගන්නකොට වෙන් වෙන දෙන්න, අන්තිම ජවනිකාවේදී තමයි එක්වෙන්නේ.

    ඇත්තටම ඉන්දියානු සංස්කෘතිය හරිම සංකීර්ණයි.

    ReplyDelete
    Replies
    1. ඔය චිත්‍රපටිවල තදයෙන තරම් ලව් වැඩ ඇත්ත ඉන්දියාවේ නැති බවයි මං අහලා තියෙන්නේ!

      Delete
  16. මෝදිට මෝඩි කියන්නෙ අපහාසයටමද, නොදැනුවත් කමටද? මොකද ඔය නම ඉංගිලිසියෙන් ලියන්නෙ xxx කියලනෙ.

    ඔය මෝදිගෙ නෝනට ශරීරාක්ෂයකයන් දෙන්නෙක් එවල, ඒගොල්ලන්ටත් කන්න දෙන්න වෙලා ඔය උන්දැ කරදරෙන් ඉන්නෙ කියල පහුගිය දවස්වල පත්තරවල තිබ්බ.


    //ඇය දැන හෝ නොදැන හෝ කරන්නේ සමස්ත ලෝක කාන්තා බලවේගයට අපහාසයක් බවයි.//

    රසිකත් දැන් මහිලා සමිතියකද වැඩ ;)

    ReplyDelete
    Replies
    1. එකෙක් දෙකෙක් නොවෙයි පොලීසියෙන් පස් දෙනෙක්. ඒ අයට කැම බීම විතරක් නොවෙයි නිදා ගන්න දෙන්ත් ඕනෑලු. මිසිස් මෝදි බස් එකේ යන කොට පොලීසියෙන් කාර් වලින් පෙර ගමන් සහ පසුගමන් කරනවා ලු!

      Delete
    2. මහිලා සමිති කියන්නේ පිරිමින් ගේ අනුකූලතාවය අනුව වැඩ කරන පීඩිත කොටසක්. ඔබ අදහස් කරන්න ඇත්තේ ෆෙමිනිස්ට් / ස්ත්‍රීවාදීන් ගැන විය යුතුයි!

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.