tag:blogger.com,1999:blog-3059097820610332367.post3850078784933295066..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: ජැක්සන් ඇන්තනි අයියේ, තාත්තා මට ගැහැව්වෝ..! - A chapter from my dramatic lifeරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger69125tag:blogger.com,1999:blog-3059097820610332367.post-60908443623091481342016-05-18T18:14:43.371+10:002016-05-18T18:14:43.371+10:00ගූ-තලන්ට තේරෙන්නේ නැහැ නොවැ. හි... හි...ගූ-තලන්ට තේරෙන්නේ නැහැ නොවැ. හි... හි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5566573941296243672016-05-10T23:51:30.236+10:002016-05-10T23:51:30.236+10:00දඩුවම අනුමත කළ නොහැක්කේ, නිදහසට කරුණු නොඇසීම නිසයි...දඩුවම අනුමත කළ නොහැක්කේ, නිදහසට කරුණු නොඇසීම නිසයි...Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25282844496316346272016-05-01T04:57:21.847+10:002016-05-01T04:57:21.847+10:00කුමක් කියම්දෝ කියා හිතුවේ ....ගණිතය නම් අප්පිරියයි...කුමක් කියම්දෝ කියා හිතුවේ ....ගණිතය නම් අප්පිරියයි එත ඔය කියපු සුන්දර කොටු පාර නම් මමත් කාලා තියනවා හි හි හොදදදදදද්දට HooMANhttps://www.blogger.com/profile/05245916869048467021noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-45377363496708017892016-04-29T13:43:38.725+10:002016-04-29T13:43:38.725+10:00නැවතත් ස්තුති කරමින්, ඔබේ විමසුම්/අදහස්වලට මෙන්න ම...නැවතත් ස්තුති කරමින්, ඔබේ විමසුම්/අදහස්වලට මෙන්න මගේ පිළිතුරු.

1. හෙඩිම, මදය සහ අවසානය

ඔබ නිරීක්ෂණය කර නැති බව පෙනෙන නිසා කියනවා නම්, මා හෙඩිම යොදන්නේ අන්තර්ගතය නිරූපණය කිරීමටම නොවේ. එසේම, හෙඩිමේ සිංහල ඉංග්ලිෂ් දෙකොටස හැම විටම එකක් අනෙකේ පරිවර්තනයක් ද නොවේ.

සිංහලෙන් ජැක්සන් ඇන්තනි ගැන යොදා ඇත්තේ පාඨක අවධානය පිණිසයි. ඔහු, මෙහි කියවෙන කෙටි නාට්‍යයේ ද රඟපෑවේ ඉතා සුලු චරිතයක් පමණයි.

මට කලාව හෝ නාට්‍ය එපා වුණා යැයි කියා ද මා කියා නැත. ගණිතය සම්බන්ධයෙන් කර ඇත්තේ සරදම් සටහනකි.

මෙහි හෙඩිමේ ඉංග්ලිෂ් කොටසින් කියවෙන්නේ මේ මගේ නාට්‍ය ජීවිතයේ අවසානය කියා නොවන බව ඔබට පෙනෙන්නට ඇතැයි සිතමි.

මේ කතාවේ තවත් පරිච්ඡේද කිහිපයක් ම ඇත!

2. මගේ පියා ගැන මා ලියන දේ

මගේ පියා මගේ කණෙන් ඇද, කෝටුවකින් දෙවරක් ගැසූ බව සත්‍යයකි. එය පෙර වැරැද්දක් මත නොව නොදන්වා නිවසට පැමිණීමට ප්‍රමාද වීම පිළිබඳව ඔහු දුන් දඬුවමයි. එය වැරදි බව මගේ අදහසයි. එනිසා, එය කීමේ වරදක් නැත.

මේ ලිපියට ප්‍රතිචාර දක්වන කිහිප දෙනෙකු ඔබට සහමුලින්ම විරුද්ධ අදහසක් ද දක්වා ඇත. කරුණාකර ඒ ප්‍රතිචාරත් මා එහිදී ලියූ පිළිතුරත් කියවා බලන්න.

දුම්පානය ගැන මා ලියූ ඔබ කියන කාරණය කුමක්දැයි මට සිහියට නො ඒ. මගේ පියා සුරුට්ටු මෙන්ම දුම්කොළ දැමූ පයිප්පයක් ද කලක් බීවේය. නිරතුරු නොකළද, එය නරක පුරුද්දක් බව මගේ මතයයි. පසුව ඔහු එය අතහැරියේ ය.

ඒ ගැන මා මගේ අදහස ලිවීම වරදක් වෙන්නේ කෙලෙසද?

3. ස්වයං පෞරුෂ හානිය

ඔබ කියා ඇති ස්වයං පෞරුෂ හානිය වැනි කරුණු මට ගෝචර ඒවා නොවේ.
මා ඒ ඉස්කෝලේ නොවෙමි.

එසේම මගේ ලිපිය හුදු වාර්තාකරණයක් ද නොවේ. මෙය සැබෑ සිදුවීම් අනුසාරයෙන් කළ නිර්මාණයක් බව කරුණාවෙන් දන්වමි.

4. කලබලයෙන් ලිවීම

එසේ ඔබට සිතුණා නම් මට කළ හැකි දෙයක් නැත. නමුත් මේ ලිපිය මීට වසර හයකට පමණ පෙර මෙල්බර්න් නගරයේ පළවෙන පහන නම් සඟරාව සඳහා ලියුවක් බව දන්වමි. එහි එකල කතෘ වූයේ ජයශ්‍රී චන්ද්‍රජිත් ය. මගේ ලිපිය සංස්කරණය කළේ ඩීබී කුරුප්පු ය.

මා ලියන වෙනත් ලිපි කිහිපයකට පදනම සපයනු පිණිස ඊයේ මේ ලිපිය බ්ලොගය සඳහා කියවා නැවත සංස්කරණය කළෙමි.

මේ සතියේ මා පළ කළ පහත ලිපි ද එලෙස වසර පහ හයකට කලින් ලියන ලද ඒවාය.

i. හෝඩියේ සිත්තරාවිය
ii. සිනුවර වැනුම
iii. දකුණු කුරු දිව් කව්

ඒවා මේ බ්ලොගයේ පළ කිරීම ගැන මට කිසිදු හදිස්සියක් නොතිබුණු බව අමුතුවෙන් කිව යුතු නැත.

5. සිංහල භාෂාව

මා ලියූ මේ ලිපියට යොදාගෙන ඇති සිංහල භාෂාවේ හෝ අක්ෂර වින්‍යාසයේ වැරදි කිසිවක් ඇති නම් ඒවා පෙන්වා දෙන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලමි.

මගේ ලිපිවල භාෂාවේ තත්වය මගේ දැනුම මත සීමාවෙන බව සත්‍යයකි. නමුත්, මෙහි නණලළ ඇතුළු අක්ෂර වින්‍යාසය මා සුබස නම් වෙබ් සේවය තුළින් ද විමර්ශනය කර අවශ්‍ය සංස්කරණයන් කළෙමි.

මා ලියූ මේ ලිපියට යොදාගෙන ඇති සිංහල භාෂාවේ හෝ අක්ෂර වින්‍යාසයේ වැරදි කිසිවක් ඇති නම් ඒවා පෙන්වා දෙන ලෙස ඉතා කරුණාවෙන් නැවතත් ඉල්ලමි.

ස්තුතියි!

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15279263723298686232016-04-29T13:42:54.809+10:002016-04-29T13:42:54.809+10:00මට හිතුණේ මේ සටහන කාලයකට කලින් ලියන්න ඇතිය කියලා.....මට හිතුණේ මේ සටහන කාලයකට කලින් ලියන්න ඇතිය කියලා.... මොකද ඔය ඇන්ඩ් කොම්පැනි වර්තාමානයේ විකාශය වෙනව වගේ ටෝන් එකකින් ලියලා තියෙන්නේ... ඒ වගේම මට මතකයි ඔය උපතිස්ස බාලසූරියගේ පාසල් කාලේ ෆොටෝ එකක් දාලා එයා කවුද කියලා අහලා තිබ්බ නේද?

දෙමව්පියන් ළමයින්ට ගහන එකට විරුද්ධව හින්ට් එකක් අන්තිම වාක්‍යයේ තියනවා කියලයි මට හිතුණේ.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-51968697436151761602016-04-29T11:17:07.221+10:002016-04-29T11:17:07.221+10:00ඔබේ දීර්ඝ ප්‍රතිචාරයට ස්තුතියි. මෙවැනි ප්‍රතිචාරය...ඔබේ දීර්ඝ ප්‍රතිචාරයට ස්තුතියි. මෙවැනි ප්‍රතිචාරයක් ලැබෙන්නේ කලාතුරකින් නිසා, එයට පිළිතුරක් දීම මගේ යුතුකමක්. ඉඩ ලද විගස පිළිතුරක් ලියන්නම්.

එතෙක් මගේ අලුත් ලිපිය කියවන්න.
http://rasikalogy.blogspot.com/2016/04/lesson-learnt-in-2007.html
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-51655553069137920612016-04-29T11:12:03.119+10:002016-04-29T11:12:03.119+10:00අප දෙදෙනාට ම ජයවේවා!අප දෙදෙනාට ම ජයවේවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-45532192060850777642016-04-29T11:11:25.037+10:002016-04-29T11:11:25.037+10:00ඒ දවස්වල ගුටිකාපු හැටියට එහෙනං ඉන්දික මේ වෙන කොට බ...ඒ දවස්වල ගුටිකාපු හැටියට එහෙනං ඉන්දික මේ වෙන කොට බුදුවෙලා ඉන්න ඕනෑ නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-29455516446840460032016-04-29T11:10:19.465+10:002016-04-29T11:10:19.465+10:00නමුත් ජැක්සන් ඇන්තනි තම මතක සටහන්වල මේ කෙටි නාට්‍ය...නමුත් ජැක්සන් ඇන්තනි තම මතක සටහන්වල මේ කෙටි නාට්‍යය ගැන සඳහනක් කරන්නේ නෑ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-9859416452933367152016-04-29T08:49:15.455+10:002016-04-29T08:49:15.455+10:00හිතවත් රසික ....
මම බොහෝ දෙනාගේ බ්ලොග් සටහන් කියවන...හිතවත් රසික ....
මම බොහෝ දෙනාගේ බ්ලොග් සටහන් කියවනවා ...
ඔබගේ සටහන් ගැන මට පොදුවේ දැනුන අදහස දැන්වත් කිව්වොත් හොදි කියල හිතෙන නිසයි මේ සටහන ලියන්නේ.
පළමු කාරණය මම දැක්කේ අග මුල මැද හරි හරියට නොගැලපීම.. අනිත් කාරණය ස්වයන් පෞර්ෂව හානිය.. එහෙමත් නැත්නම් තමන් විසින් තමාටම ගහ ගැනීම.
මෙම සටහනේ හෙඩිම ජැක්සන් මදය නාට්‍ය සහ තාත්තාගෙන් ගුටි කෑම අවසානය කලාව එපා වීම.
මේක මටනම් තර්කානුකුල මදි...
අනික මේකෙන් ඔබ විසින්ම ඔබගේ පියා නරුම කැටගරියට දානවා, පාසැල් ගුරුවරයෙක් ළමයෙකුට ගහනවද පාසැලේ උත්සවයකට හිටිය කියල. වෙන මොකකක් අවුලක් තියෙන්න ඔනැ ..පෙර වැරදි වගේ .. එහෙම නැතුව නාට්‍යක් බැලුවට , පුස්තකාලයකට ගියාට දෙගුරුන් තලන්නේ නැහැනේ. මේකෙන් වෙන්නේ ඔබ විසින් ඔබගේ පියාගේ චරිතයට හානියක් , මෙවැනිම අදහසක් දැනුනා ඔබ දුම්පානය ගැන ලියු ලිපියෙනුත්.

අනික නාට්‍යක් බැලුවට නාට්‍යකාරයෙක් වෙන්නෙත් නැහැනේ , සින්දුවක් ඇහුවට ඉදල හිටලා ගායනයක් කරාට ගායකයෙක් වෙන්නෙත් නැහැනේ එක නිසා
ඔබ තාත්තගේ ගුටි බැට නිසා කලාකාරයෙක් නොවී ගණන් කාරයෙක් උනා කියන එක කිසිම තර්කයක් නැහැ ,මෙයින් ඔබ විසින්ම ඔබව දුර්වල පෞර්ෂයක් ඇත්තකු බවට පත් කර ගන්නවා.

අනිත් කාරණය ඔබ හරිම කලබලෙන් ලියන බව පේනවා , තම ලියන දේ දහා දොළොස් වතාවක් කියවන්න , එතකොට තමයි එක හොඳ පෝෂණයක් ලබන්නේ. ගගක් උනත් හොඳට පිරිලා ගලන කොට තමයි හැඩ.
සිංහල භාෂාව ගැනත් ටිකක් සැලකිලිමත් වෙන්න මේක මැරිලා යන භාෂාවක්නෙ , ඔබල තමයි මේක ජීවමානව පවත්වාගෙන යන්න ඕන.
සුබ පැතුම් ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-74573543053257690622016-04-29T07:14:00.152+10:002016-04-29T07:14:00.152+10:00සුභ පැතුම්.. තව තවත් ලියවේවා..!!
ජයවේවා..!!සුභ පැතුම්.. තව තවත් ලියවේවා..!!
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-12422886278627230482016-04-29T05:55:57.763+10:002016-04-29T05:55:57.763+10:00ගහන නිසාම ළමයි හැදෙනවනම් අපේ වයසෙ හෝ ඊට වැඩි මල් ප...ගහන නිසාම ළමයි හැදෙනවනම් අපේ වයසෙ හෝ ඊට වැඩි මල් පවුල්වල නරක ළමයි ඉන්නම බැරි තරන්.

250 ට සුභ පැතුම්!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49304102484912371642016-04-29T03:22:40.654+10:002016-04-29T03:22:40.654+10:00හොඳ වෙලාවට ඩැඩි ගැහුවේ....නැත්නම් ජැක්සන් වගේ වෙලා...හොඳ වෙලාවට ඩැඩි ගැහුවේ....නැත්නම් ජැක්සන් වගේ වෙලා මිනිස්සුන්ගෙන් ගුටි කන්නේ :D

මේ ජැක්සන්ගේ සටහනක්.........

//////උපතිස්ස බාලසූරිය පොළොන්නරුවේ සිට ගණේමුල්ලට සංක්‍රමණය වූයේ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලැබූ නිසා ය. මගේ උසස් පෙළ ගජ මිත්‍රයා වීමට ඔහු සුදුසුකම් ලැබුවේ ගලහිටියාව විදුහල්පතිතුමා ඔහුට “ගම් බට්ටා”, “ගමයා”, “ගොඩයා” ආදී නම් යොදා පරිභව කළ හේතුවෙනි. විල්සන් ගුණරත්න විදුහල්පති ගුරු පියාණන් ආදරය දක්වන්නේ පරිභව බිනීමෙන් යැයි තේරුම් ගත්තේ අප ආදී ශිෂ්‍යයින් බවට පත් වූවාටත් පසුව යි.//////////Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-90226495113399023452016-04-29T01:55:11.681+10:002016-04-29T01:55:11.681+10:00පස්සේ මට නම් තාත්තාටත් ඔන්නම් ගණං කියල දෙන්න පුළුව...පස්සේ මට නම් තාත්තාටත් ඔන්නම් ගණං කියල දෙන්න පුළුවන් කාලයක් ආවා. ඒ හයේ පන්තියේ සිට, ජාල, න්‍යාස, කුලක වගේ දේවල් පටන් ගත්තාම!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13377830076892449052016-04-29T01:53:14.789+10:002016-04-29T01:53:14.789+10:00ළමයින්ට ගහන්නේත් ඉතිං ආදරේටය කියනවානේ!
ළමයින්ට ගහන්නේත් ඉතිං ආදරේටය කියනවානේ!

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60096892180729371362016-04-29T01:52:08.044+10:002016-04-29T01:52:08.044+10:00දැන් ඒ ලෙඩේ සනීප ද?
දැන් ඒ ලෙඩේ සනීප ද?
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-37192850617227420322016-04-29T01:51:26.856+10:002016-04-29T01:51:26.856+10:00ඔව්, කලා රිටවල් හිටියා!ඔව්, කලා රිටවල් හිටියා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34111151490281790802016-04-29T01:50:42.604+10:002016-04-29T01:50:42.604+10:00හැක, හැක!හැක, හැක!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75478402796867616592016-04-29T01:50:04.125+10:002016-04-29T01:50:04.125+10:00T
h
a
n
k
s
...T
h
a
n
k
s

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-65277569405067408592016-04-29T01:46:06.102+10:002016-04-29T01:46:06.102+10:00ඇයි දීර්ඝායුෂ පතන්නේ නැද්ද?
ස්තුතියි!ඇයි දීර්ඝායුෂ පතන්නේ නැද්ද?

ස්තුතියි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56626993927124699392016-04-29T01:45:24.623+10:002016-04-29T01:45:24.623+10:00මේක සත්‍ය සිදුවීම් අනුව සඟරාවකට ලියූ නිර්මාණාත්මක ...මේක සත්‍ය සිදුවීම් අනුව සඟරාවකට ලියූ නිර්මාණාත්මක ලිපියක්.

ඔය සිද්ධිය නිසා මං පසුව මැත්ස් කරන්න ගියාය කියන්න බෑ කොහෙත්ම. ඒ දිනවල කලා විෂයයන් ඉගෙන ගන්න යන්නේ විභාග යාන්තම් පාස් වුණු අයයි. හොඳට පාස් නම් විද්‍යා/ගණිත තමයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85487197510481165662016-04-29T01:42:56.915+10:002016-04-29T01:42:56.915+10:00තෑන්ක්ස් මේට්.
මේ 251 ලිපියයි!තෑන්ක්ස් මේට්.
මේ 251 ලිපියයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-9402746068500339362016-04-29T01:42:21.073+10:002016-04-29T01:42:21.073+10:00මං නං ගස්වලටත් නගින්න දන්නවා.
හැබැයි පොල් ගස්වලට...මං නං ගස්වලටත් නගින්න දන්නවා.

හැබැයි පොල් ගස්වලට නගින්න නම් බෑ. කවදාකවත් උත්සාහ කළේ නෑ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-37836556504447542282016-04-29T01:38:21.983+10:002016-04-29T01:38:21.983+10:00දැන් 251 පසු කළා!
ස්තුතියි.දැන් 251 පසු කළා!
ස්තුතියි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31544829939473268862016-04-29T01:37:36.536+10:002016-04-29T01:37:36.536+10:00මුලින්ම මා "මයියා"ට ලියු පිළිතුර යළි යොද...මුලින්ම මා "මයියා"ට ලියු පිළිතුර යළි යොදන්නම්.

"දෙමව්පියන් දරුවන්ට ශාරීරික දඬුවම් දීම වැරදි වැඩක්. ප්‍රසිද්ධියේ කර නීතියෙන් දඬුවම් විඳින්නට වූ අවස්ථාත් තියෙනවා.

තමන් ළමා කාලයේ ගුටි කෑ අය සමහර විට තමන් ගේ දරුවන්ට ශාරීරික දඬුවම් දිමට පුරුදු වෙනවා විය හැකියි. මා නම් කරන්නේ විවිධ තහනම් පැනවීමයි. උදාහරණයක් ලෙස, ඉන්ටර්නෙට් යම් කාලයකට තනහම් කිරීම.

පාසල් ගුරුවරුන් ගේ සිසුන්ට ශාරීරික දඬුවම් කිරීම ගැන නම් කතා කරලා වැඩක් නෑ නේ!"

දැන් මේ බහුතර අවධානය ලබා ගත් පැණයට පිළිතුරක්.

මේ ලිපියේ මා තාත්තා කළ පහර දීම උත්කර්ෂයට පත් කර හෝ, හොඳ යැයි කියා හෝ, වරදක් නැති යැයි කියා හෝ ලියා ඇත්තේ කොතැනද? මා එසේ කියා නෑ.

රාජකීය විද්‍යාලයේ ගුරුවරයෙකු වූ කටා නමැත්තා ගේ නිස්කාරණ පහරදීම් උත්කර්ෂයට නංවමින් ටැබූ (හෝ මාතලන්?) ලියු තැන්වල මා ඊට විරුද්ධව මගේ මතය ප්‍රකාශ කිරීම හෝ මට ගුරුවරයෙකු විසින් අසාධාරණ ලෙස පහර දුන් අවස්ථාවක් ගැණ මා ලිපියක් ලිවීම සහ මේ ලිපියේ අන්තර්ගතය වෙනස් බව මගේ අදහසයි.

මේ ලිපිය මීට වසර හයකට පමණ පෙර දී මෙල්බර්න් හි පළවෙන පහන සඟරාව සඳහා ලියන ලද්දකි. එවිට මගේ පියා ජීවතුන් අතර සිටියේය.

මා මේ ලිපිය ලියා ඇති සරදම් භාෂා විලාශය නිසා ඇතමුන්ට, ඇතැම් දේ වැරදි ලෙස වැටහි ඇති බව ද මට පෙනේ. උදාහරණයක් ලෙස මෙහි දී මා යොදා ඇති "සුන්දර ගණිතය" යන දෙදුම දැකිවිය හැක. එයින් මා අදහස් කරන්නේ ගණිතය විෂයය සුන්දරය කියා යැයි සිතීම සවද්යවේ.

මේ සිදුවීමේ දී, මා විස්තර කර ඇති පරිදි, කලින් නොදන්වා නිවසට ඒම පමා කළ වරදට, තාත්තා කළේ මගේ කණෙන් ඇඳ, කොටුවකින් දෙවරක් ගැසීමයි. මෙකල මගේ වයස අවුරුදු දොළහමාරක් විය. ඒ මා ගුටි කෑ අවසාන දවසයි.

කොහොමටත් හොඳ ළමයෙකු වූ මා අතින් වෙනත් වැරදි සිදු නොවන්නට ඇත!!!

පාසල්වල ළමුන්ට වේවැල්වලින් පහර දෙන කාලයේ ඉගෙන ගත්, ඒ සිරිත් තව දුරටත් පැවතුනු සමයක වසර තිස් අටක් ගුරුවරයෙකු ලෙසින් සේවය කළ මගේ පියා, පාසලේ දී ළමුන්ට ශාරීරික දඬුවම් කළ බවක් මා නම් අසා නැති බවත් අවසාන වශයෙන් පවසමි.

කියවූ ඔබ සැමට ස්තුතියි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com