
පසුගිය දා චීනයේ දී පැවති ලෝක ආර්ථික හමුවේ (World Economic Forum) සම්මන්ත්‍රණයක දී ඔහුට යොමු කෙරුණු ප්‍රශ්නයට පිළිතුරු දීමේ දී සුනිල් හඳුන්නෙත්තිගෙන් ප්‍රදර්ශනය වුණු "යන්නේ කොහෙද මල්ලේ පොල්" ආකාරයේ මෙලෝ හසරක් නැති හැසිරීම ගැන විවිධ මත පළ වී ඇත.
සභාව මෙහෙයවන්නිය ඔහුගෙන් ඇසූ ප්රශ්නයේ මූලික හරය වූයේ ඇමරිකා එක්සත් ජනපදයෙ මෑතක දී කළ තීරුබදු වැඩිකිරීම ආසියානුකරයට සහ ශ්‍රී ලංකාවට කෙසේ බලපායි ද යන්න වුවත්, සුනිල් හඳුන්නෙත්ති කළේ ඔහු කලින් පිළියෙල කරගෙන, පුරුදු පුහුණු වී ආ කතාවක කොටසක් ඉදිරිපත් කිරීම බවයි.
මේ ඒ ගැන "මයි-මතය"යි.
- ප්රශ්නය අසන්නා කුමක් ඇසුවත් තමන්ට අවශ්‍ය කරුණු සහ ඒ කරුණු පමණක් ඉදිරිපත් කිරීම දේශපාලකයෙකුගේ අයිතියකි. මක්නිසා ද යත්, විශේෂයෙන්ම දේශීය දේශපාලන කරුණුවල දී, නොදන්නා දේ කීමට ගොස් අනා ගැනීමට වඩා, දන්නා නිවැරදි දේ නැවත නැවත වුව ප්‍රකාශ කිරීමේ වරදක් නැත.
නමුත් මා ඒ සාකච්ඡාව නැරඹූ විනාඩි දෙකක පමණ කාලය තුළ මට පෙනී ගියේ සුනිල් හඳුන්නෙත්තෙට ඔහුගෙන් විමසනු ලැබූ එම ප්රශ්නය ගැන හෝ ඒ සඳහා දිය යුතු පිළිතුර ගැන සරල අවබෝධයක් හෝ නොතිබුණු බවයි. - එසේම, තමන් ලියාගෙන ගිය කතා කොටස කීමට පෙර, "ඔබ ඇසූ ඒ ප්‍රශ්නයට ස්තුතියි. එයට පිළිතුරු දෙන්නට පෙර මට මෙන්න මේ කරුණු කියන්නට ඉඩ දෙන්න," කියා කීමේ ඇති වැදගත්කම සහ එසේ කියන්නට තරම් සන්නිවේදන හැකියාවක් සුනිල් හඳුන්නෙත්තිට නොතිබුණු බව ද පැහැදිලි විය.
- ලංකාවේ ජනාධිපතියාට හෝ ඇමතියෙකුට ව්‍යක්තව ඉංග්‍රීසියෙන් කතා කරන්නට බැරිවීම නිසා රටට හෝ රටේ ආර්ථිකයට සිදුවෙන පාඩුවක් නම් නැත. මක් නිසා ද යත්, ඒ සියල්ල සාකච්ඡා වී තීරණය වන්නේ අමාත්‍යාංශ නිලධාරී මට්ටමෙන් වීමයි.
- නමුත් මේ වසර පහ තුළජනාධිපති සහ ප්‍රධාන ඇමතිවරු ඒ ජාත්‍යන්තර සන්නිවේදන කුසලතාව වර්ධනය කර ගන්නා බව දක්නට නොලැබුණොතින් සහ අවසානයේ දී සැලකිය යුතු ප්‍රමාණයේ වර්ධනයක් ඇතිකර ගෙන නොතිබුණහොත්, අන්න ඒ මොහොතේ දී නම්, අපිට ඔවුන් පිළිබඳව තක්සේරුවක් කළ හැක.
ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා පරිචය කෙමෙන් වර්ධනය වන අයුරු ඉදිරි වසර පහ තුළ සහ සැලකිය යුතු වර්ධනයක් නිල කාලය අවසානයේ දී දක්නට නොලැබුණහොත් බොහෝ විට ඒ කාලය ඇතුළත රටේ ද සැලකිය යුතු වර්ධනයක් වෙන්නට ඉඩක් නැත.
මක්නිසාදයත්, තමන්ගේ කුසලතා දියුණු කර ගත නොහැකි, ඒ සඳහා අවශ්‍යතාව නොමැති පුද්ගලයකුට රටේ දියුණුවට සක්‍රීය දායකත්වයක් කළ හැකි යැයි සිතිය නොහැකි බැවිනි.
(image: Created using AI)
ReplyDeleteකලින් ආන්ඩුවලත් මෙහෙම අය හිටිය / උදාහරනෙකට බැසිල්ගේ කපුටාස් හිට් ද ප්ලේන් කතාව ගන්න පුලුවන් ඒත්
ජෙප්පන්ගේ මේ නොහැකියාව කැපිලා පෙන්නේ උන් හැමදේම දන්නවා වගේ කරන රගපෑම නිසා
//ජෙප්පන්ගේ මේ නොහැකියාව කැපිලා පෙන්නේ උන් හැමදේම දන්නවා වගේ කරන රගපෑම නිසා//
Delete+++++++++++++++++++++++++++++++++++++++++++++++++
කතාව ඇත්ත.. මම නම් කවුරු උනත් ඔය වගේ දේවල් වලදී අපහසුතාවයට පත්වෙනවට කැමති නැහැ ..
ReplyDeleteනමුත් ඔවුන්ට එක්කෝ සිංහලෙන් ඕක කරන්න තිබ්බා ..
කිව්වා වගේ අපි බලන් ඉමු අවුරුදු 5ක් විතර යනකම්
//කතාව ඇත්ත.. මම නම් කවුරු උනත් ඔය වගේ දේවල් වලදී අපහසුතාවයට පත්වෙනවට කැමති නැහැ .// Me Too..
DeleteAlso Me:-
"කපුටු කාක් කාක් කාක්.... බැසිල් බැසිල් බැසිල් බැසිල් "
ශ්‍රී ලංකා දේශපාලකයින්ගේ ............................... (fill the blank) දැනුම
ReplyDeleteහඳුන්නෙත්ති එතන අනාගත්ත ලෙසටම . හැබැයි මමත් එහෙම මුල් කාලේ එංගලන්තේ දී ඇනගෙන තිබෙනවා . අනුන්ගේ හිනාවට භාජනය වෙලා තියෙනවා . එනිසා මට සහකම්පනයක් තිබෙනවා ඒ ගැන . එකම දේ මේකෙන් ඉගෙන ගැනීම . එහෙම නොකොළොත් එයාලටත් යන්න වෙන බවත් ඇත්ත
ReplyDeleteබැසිල් ලොක්කා ගැනත සහකම්පනයක් ආව ද??
Deleteරසිකගෙ මතයට එකඟයි
ReplyDelete'හරි පව්!' කියලා හිතුණයි
බොරු කරන්න යන්නේ ඇයි
ඇත්ත කිව්ව නං ඉවරයි!
මට තියෙන ගැටළුවත් මේක යි..!
ReplyDeleteබැසිල් "කපුටාස් හිට් ද ප්ලේන්" කියනවා.. ඒක පට්ට ජෝක් එකක් වෙනවා.. අපේ එවුන් "කපුටු කාක්! කාක්!! බැසිල්.. බැසිල්..." කියනවා මදිවට පුකෙනුත් හෝන් ගහනවා මහ පාරේත්.. ඒක සුපිරි ජෝක් එකක් විදිහට සමාජගත වෙනවා.. බැසිලා කපුටා වෙනවා.. (සංස්කෘතිකයි එකඟයි හොඳේ..)
හැබැයි සුනිල් ලොක්කා ලෝකයක් ඉස්සරහා කටපාඩම් රචනාවක් වගේ ඉංග්‍රීසියෙන් හානවා.. "බියුටිපුල් අයිලන්ඩ්" ගානකොට "සුනාමි ඉස් මෑන් මේඩ් ඩිසාස්ටර් " වගේ අමු ගොන් ලෙවල් එකෙන් හනකොට ඒක බයිටට ගන්න එක නිකන් "සදාචාරත්මක නැහැ" ... "ඉංග්‍රීසි වැදගත් නැහැ... චීනේ... ජපානේ.. කොරියාව.. යැයි යැයි යැයි" "ඉංග්‍රීසි දන්න එවුන් කරපු හරිය දැක්කා" "මෙන්න හොරු රකින්න එනවා.." කිය කියා අපුල්ලන්න හදන්නේ ඇයි???
වර්ක්ස් ගොයින් අන්ඩර් ද ටේබල්...
ReplyDeleteස්‍රී ලංකා ඉස් බූටිපුල් අයිලන්ඩ්...
වී හෑව් ඩෝබි මෑන්පවර්... දේ වොශ් මයි සිට්...
සෝ යූ ඩෝන්ට් වොරි...නෝ නෝ, සෝ අයි ඩෝන්ට් වොරි... හැහ් හැහ් හැහ් .. 😊😊😅
-Maathalan Blog එකේ කමෙන්ටුවක්