උපන්නොත් මිය යාම නියත නමුත් එලෙස තමන් මිය යන්නේ කවදාද යන්න සැමදා සැම දෙනාට ම රහසකි. එනිසාම, ඒ දිනය දැන ගැනීමට අපට ඇත්තේ කුතුහලයකි.
මේ කාරණය ඔස්සේ ගෙතුණු කතා දෙකක් මතකයේ යට ස්තරයක තිබී හදිසියේ උඩට මතුවිය.
මෙන්න එයින් පළමුවෙනි කතාව.
තමා මිය යන දිනය නිශ්චිත කවදාද යන්නත්, ඒ මිය යන්නේ නයෙකු දෂ්ට කර බවත් අතීතයේ විසු එක් පුද්ගලයෙකුට පේන කියන්නෙකු විසින් පවසන ලදී.
කරන්නට වැඩ රාශියක් තිබියදී එලෙස මිය යන්නට කැමති කවුරුන්ද?
මේ මිනිසා කළේ, ඒ කියවුණු දිනයේ නැවක නැගී මුහුදට යාමයි. මුහුදේ මැද පාවෙන නැවක සිටින විට නයෙකු දෂ්ට කිරීමට ඇති ඉඩකඩ ඉතා අඩු බව අමුතුවෙන් කිව යුතු නොවේ.
නැව තුළ කිසිදු සර්පයෙකු නොමැති බව සැක හැර දැනගත් නිසා, මරණයෙන් බේරිමට කළ තම සැලැස්ම සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වෙන බවට අපේ කතානායකයාට සැකයක් තිබුණේ නැත.
ඒ දිනය කෙමෙන් ගෙවී යද්දී, තමා මරණයෙන් ගැලවීමේ ප්‍රීතිය ඔහු නැවේ සිටි අන් අය සමග බෙදා ගන්නට පටන් ගත්තේය.
දිනය ගෙවී යන්නට විනාඩි ගණනාවක් තිබිය දී, කයිවාරුවක් ගසමින්, නැව් බඳේ නයෙකු ගේ රුවක් ඇඳි ඔහු, "මෙන්න මේ වගේ එකෙක් දෂ්ට කරලා තමයි මගේ මරණය සිද්ධ වෙනවා කීවේ!" යැයි කියමින් ඒ නයි රූපයේ පෙණයට ඇඟිල්ලෙන් ඇන ඇත.
ඔහු නොදැන සිටි කාරණක් වූයේ ඒ නයි රූපයේ පෙණය ඇදුණු ස්ථානයේ මලකඩ කෑ පරණ යකඩ ඇණයක් තිබුණු බවයි.
ඒ මල බැඳුණු ඇණය ඇනීම නිසා, පිටගැස්ම වැළඳුණු කතා නායකයා එයින් ම මළේ ය.
අනාවැකිය සත්‍යය විය!
පේන කීමේ ඇත්ත නැත්ත කෙසේ වුණත්, මේ කථාවෙන් අපට කියන්නේ මැරෙන්න තියෙන දිනයේ මැරෙන බවයි.
මෙන්න දෙවෙනි කතාව.
මුල් කථාවේ ආකාරයටම එක් පුද්ගලයෙකුට ඔහු මිය යන දිනය නිශ්විතව ම, තම ජ්‍යොතිෂවේදි සුමනදාසගෙන් දැන ගන්නට ලැබුණි.
නමුත් පෙර කථාවේ සිදුවූ ආකාරයට මෙන් නොව, පැන්ෂන් යන වයසට ළංවී සිටින්නෙකුට තමා සේවය කරන සමාගමෙන් වන්දි ගෙවා සේවකයින් අස්කරන බව දැන ගන්නට ලැබුණු විට සිදුවෙන්නාක් මෙන් මේ අවස්ථාවේ දී සිදුවුණේ මේ පුද්ගලයා ඒ අනාවැකිය පිළිගෙන මිය යන්නට සූදානම් වීමයි.
ඉන්න ටිකේ ඉඳිමු සුදෝ ජොලිය දමාලා යන උපදෙස සහමුලින්ම අනුගමනය කරන්නෙකු වූ ඔහු කළේ එදින සිට සුරා, සූදූ, අවල කෙළි, වැනි තාවකාලික ජොලියක් ලැබෙන එනමුත් මුදල් වැයවෙන විනෝදාංශවල නිරත වීමයි. තම මුදල් සහ දේපල අවසාන වූ පසු ඔහු කළේ මේ විනෝද කටයුතු සඳහා විශාල වශයෙන් ණය තුරුස් වීමයි.
අවසානයේ මරු එන දා එළැඹියේ ය.
දවස ගෙවී ගොස් ඊළඟ දිනය උදා වීම ද ළංවිය.
අපේ කතා නායකයා මිය යන ආකාරයක් නොපෙනුණි.
තම මුදල්, දේපල විනාශ කරගෙන, ඊට අමතරව විශාල ණයකරුවෙකු ද වී සිටි ඔහුට පසු දින ජීවත්වීමට හැකියාවක් නොතිබුණි.
ඉතින්, ඔහු කළේ සිය දිවි නසා ගැනීමයි!
පේන කීමේ ඇත්ත නැත්ත කෙසේ වුණත්, මේ කථාවෙන් ද අපට කියන්නේ මැරෙන්න තියෙන දිනයේ මැරෙන බවයි.
මෙය ලෝවැඩ සඟරාවේ කවියක පැවසෙන්නේ මෙලෙසය.
කොතැන වුණත් නැත මරු හට බාදාකරුණාරත්න අබේසේකර විසින් රී-කන්ඩිෂන් කළ ඉහත අදහස අමරදේව ගයන්නේ මෙලෙස ය.
විඳින මෙසැප පින් ඇති තෙක් වේදා
ගෙවන සසර දුක් බුදු බණ නාදා
කුමන නැටුම් කෙළි කවට සිනා දා
කුමන නැටුම් කෙළි කවට සිනා දා-රසිකොලොජිස්ට්
මරුට නොමැත කිසි විටකදි බාධා
ඔබට නොදන්වා මරු මෙහි ආ දා
යන්නට සිදුවන්නේ
ඉන්නට බැරි වෙන්නේ
නොතිර සසර සාගරේ
ඉපිද මැරේ, යළි ඉපිදේ
නොතිර සසර සාගරේ
නොතිර සසර සාගරේ
(image: http://srudut.com/death-inevitable/)
රසික, ඔබේ පළමු කතාව (නයා දෂ්ඨ කර මිය යාම) තිබ්බේ හැටේ දශකයේ පල වුනු කෙටිකතා පොතක නේද ? එහි නම සහ කතුවරයා මතකද ? මට පාසල් පුස්තකාලයෙන් ඔය පොත කියෙව්වා ලාවට වගේ මතකයි.
ReplyDeleteඅසංක, ඒ ගැන නිවැරදි මතකයක් නෑ. අම්මාගේ රසකතා පත්තර එකතුවේ තිබුණා විය හැකියි.
Delete//පේන කීමේ ඇත්ත නැත්ත කෙසේ වුණත්, මේ කථාවෙන් අපට කියන්නේ//
ReplyDelete...පේන විශ්වාස කලොත්...
//මැරෙන්න තියෙන දිනයේ මැරෙන බවයි.//
සුමනදාස කියූ දේ විශ්වාස කළ අයට කිසිදා වැරදී නැත.
Deleteඅර විදියට ණය වෙලා කාලා බිලා ජොලි කරලා මැරෙනවා කියුව දවසට නොමැරී ඒ වෙනුවට හිටි තැනින් පහල අඩියකට වැටිලා දුක් විඳ විඳ ජිවත් වෙන්න උනොත් කොහොමද? අර මැරෙනවා යි අනාවැකි කියුව එකාව මරාගෙන කන්නේ නැති එක පුදුමයි.. හැක හැක හැක..
ReplyDeleteඅනාවැකිය කියපු එකා පස්සේ කීවොත් මං බයටයි ඒක කිව්වේ කියලා?
Deleteසුමනදාස මහතා කියපු දේවල් නං ඇත්ත වෙන්න ම ඇති..
ReplyDeleteයූ බණ ටෝකිං...!
Deleteරසික ලංකාවේ හිටපු දවස් ටිකේ නිකමට වගේ සුමනදාස මහත්තයව හම්බ වෙන්නවත් ගියාද, හදිස්සියේ මේ කතා මතක් වෙන්නේ?
ReplyDeleteමොලේ කොලොප්පං වෙනවාද මන්දා පරණ කතා උඩට එන්නේ....!
Deleteමැරෙන්න තියෙනවා නං කොයිතරං දෙයක්ද රසික. මේ ජිවිතේ මට ඇති. දැන් මට හොදටම හති. මහා කාලකන්නි ජිවිතයක් මට තියෙන්නේ. සියදිවි නසා ගන්නත් නොහිතෙනවා නෙමෙයි. වෙලාවකට හිතෙනවා කැලයක් අස්සට ගිහිං බෙල්ලේ වැල දාගන්නත්.....
ReplyDeleteOba me blog kiyawannekuth wela ohoma hithana hati mata pudumayi!Tikak hithata dahiriya aragena joliye inna!
Deleteකවදා හරි මැරෙන එකේ මොකටද නිකං මහන්සි වෙන්නේ ?
Deleteජොලියේ ඉන්න වරකට එක් දිනක් බැගින්.
රසික පන්සල පැත්තේ යනවා වැඩියි වගේ....
ReplyDeleteඅපේ මාමන්ඩිගේ කතාව මම කියලා තියෙනවා නේ...
සිඩ්නි පන්සලට ගිය කාලයක් මතක නෑ.
Deleteමාමණ්ඩිය ගේ කතාව මතකයි හොඳට!
මගෙ යාලුවෙක් හීනෙන් ගොක්කොල දැකල මලා.
ReplyDeleteනමසිය බර ගනංවල් වෙන්න ඇති ?
Deleteදැන් පේන්නේ සුදු ඉටි රෙදි තීරු
පැන්ෂන් යන වයසට ළංවී සිටින්නෙකුට තමා සේවය කරන සමාගමෙන් වන්දි ගෙවා සේවකයින් අස්කරන බව දැන ගන්නට ලැබුණු විට සිදුවෙන්නාක් මෙන්......අයි අයියෝ මොකද වෙන්නයන්නේ ඇයි ආරංචිය හරියටම හරිද මට දුන්නොත් මාත් යනවා වගේ ඉන්න
ReplyDeleteමට අදාල නෑ. වෙන කේස් එකක්.
Deleteසද හිරු තරු පවතින තුරු - අපි මැරෙන්නෙ නෑ :D
ReplyDeleteදිනක මෙහෙන් චුත වෙනවා
Deleteඑළොව ගිහින් උපදිනවා?
Mokada dan maranaya gana nithara kathawenne?Marena welawata mareyi .Api ea gana nohitha api karana wada tika hariyata karamu!
ReplyDeleteඅනිවා.
Deleteමැරෙන එකට වඩා මරණ එක ගැන බයෙන් හිටපු කාලයක් තිබුණා... 2014 දී!!!!
ReplyDeleteමාව මරන්න කාටවත් කිසිම හේතුවක් නොවුණ නමුත් ( මරන්න තරං මං පොරක් නෙවෙයි නිසා ) මා සිටියේත් විශාල මරණ බයකින්.....
ලොකු ටෝක් දුන්නත් මරණය එන දවසට අපි බයයි
ගැරඬි මරන්නේ ඇයි කියා උංට හිතෙන්න ඇති?
Deleteසිරිසේන මහත්තයා ආපු දවසේ ඉඳලා හරක් මරණ එක තහනම් කරන්න හදන නිසා 2015 ඉඳල ඉස්සරහට ඔයාගේ බය නැති වුනා නේද උගුඩු ළමයෝ
Delete+++++++++++++++++++++
ReplyDeleteඅද අද එයි මරු පින් කරගන්නේ - කෙලෙසද හෙට මරු නේති සිතන්නේ
ReplyDeleteකිකලද මහසෙන් මරු ඇප වන්නේ(මේක ශුවර් නෑ)- කුමටද කුසලට කම්මැලි වන්නේ...
මේකෙ අනිත් වර්ශන් එක
නැන්දේ මාමේ මේ අහපන්නේ- දුව ගැන කරුණක් හිතේ තියෙන්නේ
දුව දුන්නෝතින් පින්සිදු වන්නේ- කුමටද කුසලට කම්මැලි වන්නේ...
අද අද එයි මරු පින් කර ගන්නේ
Deleteකෙලෙසද සෙට මරරු නේති සිතන්නේ
කිකලද මහසෙන් මරැ ඇපවන්නේ
කුමටද කුසලට කම්මැලිවන්නේ
hform: si.wikibooks.org
මහසෙන් නෙමේ හරකුනේ මරු සෙන්
Delete/මහසෙන් නෙමේ හරකුනේ මරු සෙන්/
Deleteප්‍රින්සිපල් කෙනෙක් වගේ
පළවෙනි කතාවේ මම අහල තිබුන වර්ශන් එකේනම් හිටියේ රාජ කුමාරයෙක්....
ReplyDeleteඅහලා තියනවද වහ බීලා මුහුදට නැමුන පොල්ගහක බෙල්ලේ වැල දාගත්තු මිනිහා ගැන?
ඒ දවස්වල නෙමෙයි අද වුනත් රාජකුමාරයින්ට, සිටුවරයින්ට විතරයි තමන්ගේම නැව් අරගෙන ගමන් යන්න පුළුවන්!
Deleteඅනිත් කතාව නම් අහලා නෑ.
වහ ටික බීල (විසට මැරෙනවා)
Deleteබෙල්ලෙ වැල දාගෙන (හුස්ම හිරවෙලා මැරෙනවා)
මුහුදට නැමුණු ගහක (කඹේ කැඩුනොත් ගිලිල මැරෙනවා.)
වෙඩිත් තියාගන්නවා (වේදනාව අඩුයි,වැඩි හොඳට.)
මූ තොණ්ඩුව බෙල්ලට දාගෙන වහ ටික බීල ගහේ අත්තෙන් පනින ගමන් වෙඩි තියාගෙන ඔලුවට.පනිනකොට ගැස්සුන නිසා වෙඩි වැදුනෙ කඹේට.ලුණු වතුරට වැටුන නිසා වතුර පෙවිල වස වමනෙ ගිහිං.. රැල්ලට අහුවෙලා වෙරලට ගොඩ ගහලා..
දැං කටුසු හදවත කියල බ්ලොග් එකක් ලියනවා ඔන්න.
මං ඔ්කනේ මැරෙන දවස හොයන්නැත්තේ....... නොදැනම මැරුණාදැං.......
ReplyDeleteමැරෙන දවස දන්නේ නෑ. මැරුණායින් පස්සේ වෙන දේ දන්නේත් නෑ!
Deleteපලවෙනි කතාවනම් ඉස්සර වෙලා තිබුනා.
ReplyDeleteමැරෙන දවස කලින් නොදැන ඉන්න එක වඩා හොදයි නේ.. එතකොට සැනසිල්ලේ මැරෙතෑකි...
මරණය ගැන එහෙම ලියවෙනවා වැඩියි වගේ නේද දැන්? මොකද්ද හැබෑට හේතුව?
ReplyDeleteසුමනදාසගෙන් හරි, තොටවත්තගෙන් හරි මැරෙන දවස දැනගත්තොත් මමනම් කරන්නේ bucket list එකක් හදලා ඒක ඉෂ්ට කර ගන්න ට්‍රයි කරන එක. එතකන් live today like you'll die tomorrow තමා.
"පැන්ෂන් යන වයසට ළංවී සිටින්නෙකුට තමා සේවය කරන සමාගමෙන් වන්දි ගෙවා සේවකයින් අස්කරන බව දැන ගන්නට ලැබුණු විට සිදුවෙන්නාක් මෙන්" පැන්ෂන් යන්න කිට්ටුද දැන්? :-)
ජය වේවා !!!
මෛත්‍රීපාල සිරිසේන රජාට අඳිද්දී, බ්‍රා ගැලවීම ගැන පරළ වෙද්දී, සංස්කෘතික අන්තවාදී ගොන් කතා කියද්දී සමහරු කීවේ ඒ මහින්දගේ චන්ද ගන්න කරන වැඩක් කියාය. එහෙත් ජාතික ගීය දෙමලෙන් ගැයීම ගැන මෛත්රිවාදී විශාල පිරිසක් දක්වන ඇලර්ජිය දිහා බලන්නේ නම් මෛත්‍රී දඟලන්නේ ඔහුට ජනවාරි අට එකතු වූ එම චන්ද කුට්ටිය රැක ගන්න බව පැහැදිලිව පෙනෙනු ඇත.
ReplyDeleteමෛත්‍රී ඔහොම තියා ඔලුවෙන් හිටගෙන නැටුවත් ඔහුට එදා නොලැබුණු චන්ද දැන් ලැබෙන්නේ නැත. එහෙත් ඔහුට ලැබුණු චන්ද ගැන ඔහුට ඇති කැක්කුම නිසා විකාර නරි නාටක නටන බවත්, ඒ මාකට් එකට ඔහු ජෙනුයින් ෆිට් එකක් බවත් මෙම ජාතික ගී ගායනයට දක්වන ප්‍රතිචාරය පසක් කරදේ.
මෛත්‍රී මෙන්ම ඔවුන්ද පිට පොත්තේ සංකේති රෙද්දවල් බදාගෙන දඟලද්දී රනිල් අභ්‍යන්තරය ගෙඩිය පිටින් පාවාදේ. ඒවා අවබෝධ කරගන්නටමෛත්‍රීට හා ඔහුගේ සංස්කෘතික අන්තවාදී රැලට කිසිම අවබෝධයක් නැත. දෙමලෙන් ගැයූ ජාතික ගීය බදාගෙන තව සති ගානක් නටන හැටි අපට බලා සිටිය හැක.
මරණය ගැන විහිළු කතා කීම හෝ ඇසීම මා තව දුරටත් ප්‍රිය නොකරමි.
ReplyDeleteමට මතක අයුරු මෙහි සඳහන් පළමු කතාව එනම් නයා දෂ්ඨ කරන කතාව ඊසොප්ගේ උපමා කතාවක අනුවර්තනයකි - එම උපමා කතාවේ නම් නයා වෙනුවට සිටියේ සිංහයෙකි - නැව වෙනුවට තිබුනේ විශාල ගෙයකි
ReplyDelete