මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Tuesday 31 March 2015
බ්ලොග් ලිවීම යනු පුරවැසි මාධ්‍යකරණයක් ද? - Can blogging be classified as citizen journalism?
බ්ලොග් ලිවීම යනු ලෝකය පුරා පැතිර ඇති මූලිකව විනෝදාංශයක් ලෙස සැලකිය හැකි කර්තව්‍යයකි.
මා මුලින් ම බ්ලොග් එකක් අරඹා මේ අප්‍රියෙල් මාසයට වසර දහයක් පිරීමට නියමිත වුව ද, සිංහල අප සියළු දෙනාම බ්ලොග්කරණය කුමක්දැයි කියා නිවැරදිව හඳුණා ගත්තේ ඊට පසු කාලයක දී, බොහෝ විට 2008-2009 දී, පමණ ය.
බ්ලොග් ලිවීමට සීමා, මායිම්, වැට කඩුළු නැති නිසාත්, අන්තර්ගතය කෙලින්ම පාලනය කිරීමට කිසිවෙක් නැති නිසාත්, මෙය නිදහස් මාධ්‍ය කලාවක් ලෙසත්, පුරවැසි මාධ්‍යකරණයක් ලෙසත් බොහෝ විට හැඳින්වේ.
බ්ලොග් ලිවීම මාධ්‍යකලාවක් නම් බ්ලොග් ලියන්නෝ මාධ්‍යකරුවන් විය යුතුය.
නමුත්, ඇත්තට ම එය එලෙසද?
සිරියාවේ සහ ඉරාකයේ කොටස්වල මේ දිනවල පැතිර යන මුස්ලිම් රාජ්‍යක් පිහිටුවීම අරමුණ කරගත් අයිසිස් ත්‍රස්තවාදී වැඩ පිළිිවෙල ගැන ඔබ අසා ඇතැයි සිතමි. මේ සංවිධානයට ප්‍රායෝගිකව සහයෝගය දක්වන කීප දෙනෙක් පසුගිය දිනවල ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදී. ඔවුන් විවිධ ත්‍රස්ත ක්‍රියා සිදු කිරීමට සැළසුම් කර තිබුණේ යැයි ද කියවිණි.
ඊට අමතරව ඕස්ට්‍රේලියාවට දැන් ප්‍රශ්ණයක් වී ඇත්තේ මෙරට පුරවැසියන් අයිසිස් ත්‍රස්තවාදීන් හා එකතු වීමට සිරියා-ඉරාක් ප්‍රදේශයට යෑමයි. බොහෝ විට, ඉස්ලාම් ආගමික සහ මැද පෙරදිග සම්භවයක් ඇති මෙවැනි ඕස්ට්‍රේලියානු ජාතිකයින් එකසිය පනහක් වැනි විශාල පිරිසක් අයිසිස් ත්‍රස්තවාදීන් හා එකතු වී ඇතැයි කියවේ.
ඕස්ට්‍රේලියාව වැනි රටවල මිනිස් අයිතිවාසිකම්, පුද්ගල නිදහස වැනි දේ ඉහළින්ම ආරක්‍ෂා කිරීමට නීති පනවා ඇත. පොලීසිය වැනි ආයතන මගින් විවිධ කරුණු ගැන විමර්ශණය කරන විට ඒ නීති රීති නිසා, විය යුතු ලෙසම, විවිධ බාධා ඇතිවේ.
උදාහරණයක් ලෙස පොලීසියට හිතුමතේ, පුද්ගලික ස්ථානයකට කඩා වැදී පරීක්‍ෂා කළ නොහැක. ඒ සඳහා කරුණු, සාක්‍ෂි සහිතව අයැදුම් කර උසාවියකින් වොරන්ටුවක් ලබා ගත යුතු වේ.
මා පෙර කී ත්‍රස්තවාදී කටයුතු මැඩලීම පිණිස ආරක්‍ෂක අංශවලට නිසි අවසර දීම සඳහා අළුතින් නීති සම්පාදනය කිරීමට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජයට සිදුවිය.
මේ නීතිය හැඳින්වෙන්නේ දත්ත තබා ගැනීමේ නීතිය ලෙසයි. සරලව කියතොත් මෙයින් කෙරෙන්නේ පුරවැසියන් ගේ දුරකතන, අන්තර්ජාල සම්බන්ධතා යනාදියට අදාල ඉහල මානයේ දත්ත (මෙටා ඩේටා) වසර දෙකක් යනතුරු සුරැකිව තබා ගැනීම දුරකතන සහ අන්තර්ජාල සේවා සපයන්නන්ට අනිවාර්ය කිරීමටත්, ඒ දත්ත උසාවියේ අවසරයකින් තොරව පරීක්‍ෂා කිරීමට ආරක්‍ෂක අංශවලට අවසර දීමත් ය.
ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තුවේ කොටස් දෙකක් ඇත. එහි ප්‍රධාන කොටස නම් ඡන්ද කොට්ඨාශ මට්ටමෙන් මහජන ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරු සිටින, කතානායක ගේ මූලිකත්වෙන් රැස්වෙන, අගමැති සහ විපක්‍ෂනායක දෙපස නායකත්වය දරණ, අප දන්නා හුරු පුරුදු පාර්ලිමේන්තුවයි. එහි බහුතර බලය හිමි, අගමැති නායකත්වය දරණ රජයටයි.
පාර්ලිමේන්තුවේ දෙවන කොටස වන්නේ සෙනෙට් සභාවයි. සෙනෙට් සභාවක් ලංකාවේ ද 1972 ට පෙර කාලයේ තිබුණි. මේ සභාවට සෙනෙට් සභිකයින් පත්වෙන්නේ එක් එක් ප්‍රාන්තවලින් සමානුපාතික ක්‍රමයටය. එනිසා, එහි බහුතර බලය සැම විටම රජය පිහිටුවා ගෙන තිබෙන දේශපාලන පක්‍ෂයටම අයිති නොවේ. අද ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තුවේ ඇත්තේ එවැනි තත්වයකි.
අළුතින් ගෙනෙන නීති සියල්ල මේ සභා ද්වයෙන්ම අනුමත විය යුතුයි. ඒවා ක්‍රියාත්මක කරන්නට හැකි වෙනුයේ ඉන් පසුවය. බොහෝ විට සෙනෙට් සභාවේ බහුතර බලය, ව්‍යවස්ථාදායක සභාවේ බහුතරය ලබා රජය පිහිටුවා ඇති රජයට නොමැති නිසා සිදුවන්නේ රජයෙන් ගෙන එන නීති සෙනෙට් සභාවෙන් අනුමත කර ගැනීමට නම්, විරුද්ධ පක්‍ෂවල සෙනෙට් සභිකයින් සමග නොයෙකුත් "ඩීල් දමන්නට" රජයට සිදුවීමයි.
දත්ත තබා ගැනීමේ නීතිය සෙනෙට් සභාවෙන් අනුමත කිරීමට නම්, විපක්‍ෂ සෙනෙට් සභිකයෝ විවිධ සංශෝධන ඉල්ලා සිටියහ. එයින් වැදගත්ම එකක් වූයේ, මාධ්‍යවේදීන් සඳහා මේ නීතියේ වෙනසක් කරන ලෙසයි. එනම්, මාධ්‍යවේදියෙකු ගේ දුරකතන සහ අන්තර්ජාල මෙටා ඩේටා පරීක්‍ෂා කිරීමට පෙර ඒ සඳහා උසාවියෙන් අනුමැතියක් ලබා ගැනීම අනිවාර්ය කරන ලෙසයි.
මෙයට රජය ඒ ආකාරයටම එකඟ නොවුණි. අවසානයේ විවිධ සංශෝධන තිස් නමයක් සහිතව ඒ නීතිය දින කිහිපයකට ඉහතදී සෙනෙට් සභාවෙන් සම්මත විය.
මෙහිදී අපට වැදගත් වෙන කරුණ මෙයයි.
දත්ත තබා ගැනීමේ නීතිය සහ මාධ්‍යවේදීන් සමබන්ධිතව වාද විවාද කෙරෙද්දී ඕස්ට්‍රේලියාවේ ඇටර්නි ජෙනරල් නම් ජ්‍යෙෂ්ඨ ඇමති (ලංකාවේ ක්‍රමයට නම් අධිකරණ ඇමති) පැවසූවේ, මාධ්‍යවේදීන් සඳහා යම් කිසි විශේෂ සැලකිල්ක් නීතිගත කෙරුණද, බ්ලොගර්ස් ලා යනු ඒ ආකාරයට මාධ්‍යවේදීන් ලෙස සැලකිය හැකි කොටසක් නොවන බවයි.
ඒ ඇසූ විගස, පුරවැසි මාධ්‍යවේදියෙක් ලෙස මා මා ම නම් කරගෙන, කුඩා කල නොදුටුවත් මෑත කාලයේ දී සිට පෙනෙන්නට පටන් ගෙන ඇති සිහිනයක් සෑබෑ කරගන්නට, තිබුණු ඉඩකඩ සදහටම ඇහීරී ගිය බව මට වැටහුණි!
-රසිකොලොජිස්ට්
ප/ලි:
ඕස්ට්‍රේලියාවේ තත්වය එසේ වුව ද, වෙනත් රටවල තත්වය වෙනස් බව සලකන්න.
1. ඇමරිකා එක්සත් ජනපදය
http://www.theatlantic.com/technology/archive/2014/01/us-court-bloggers-are-journalists/283225/
2. නවසීලන්තය
http://theconversation.com/are-bloggers-journalists-new-zealands-high-court-says-yes-31640
(image: http://www.blogto.com/books_lit/2007/07/patricia_storms_illustrator_cartoonist_and_creative_dynamo/)
Subscribe to:
Post Comments (Atom)
බ්ලොග් ගැන බ්ලොග් තුළින්ම එළි දකින වටිනා විචාරයක්.! වෙනත් ලිපිවලට රසිකොලොජිස්ට් ගෙන් එන වටිනා කොමන්ටු කියෙව්වා මිස අඩවියට එන්න ලැබුණෙ දැන් නෙව !! ඇය මෙච්චරකල් මම හරකෙක් වෙලා හිටියෙ !!!
ReplyDeleteමේ කමෙන්ට් එක මට නම් අවුල්.
Deleteමගේ ලිපියේ "බ්ලොග් ගැන බ්ලොග් තුළින්ම එළි දකින වටිනා විචාරයක්" තියෙනවාද? මා ලියා ඇත්තේ මා වෙසෙන ඕස්ටේර්ලියාවේ නීතියක් සම්පානය ගැණ කතාවකි. එහි බ්ලොග්වලට යම් සම්බන්ධයක් ඇත. එපමණයි.
කෙසේ වෙතත් ඔබට ස්තුතියි!
අනාගතයේදී, මිනිස් පැටියෙක් උපදිනකොටම, සදාකාලිකව ඒ මිනිහා චන්ද්‍රිකා මගින් හොයාගැනීමේ චිප් එකක්, ඇඟට ඇතුළු කිරීමේ යෝජනාවක්, බටහිර රටවල තිබෙන බව මා කියවා තිබෙනවා. සමහර රටවල්, නුදුරේදී ඒවා ක්‍රියාත්මක කරන්නත් ඉඩ තිබෙනවා.
ReplyDeleteබ්ලොග් ලෝකය බොහෝදුරට, මා නැවතත් කියනවා බොහෝදුරට, නිරුවත් වෙරළකි. ඒ නිරුවත් වෙරළේ, නිරුවතින් සිටින පිරිසකට, අව්ව තපිමින්, හොඳ ශාස්ත්‍රීය සංවාදයක යෙදෙන්නට, ඔවුන්ගේ නිරුවත බාධාවක් නොවේ. (අවබෝධය ඇතිතාක් කල් සහ අනෙකෙකුට බාධා නොකරනතාක් කල්)
තොරතුරු ක්‍ෂණයකින් හුවමාරු කරගැනීම සඳහා, බ්ලොග් මෙන්ම සමාජ ජාලා වෙබ් අඩවිද, ප්‍රයෝජනවත් නමුත්, මා ද ඇතුළුව, සියලු බ්ලොග් කරුවන්, තම අදහස් පලකිරීමේදී, පුද්ගල නිශ්‍රිත සාධක වලට යටත්වීම වලක්වාගැනීම අමාරුයි.
ලංකාවේ ඇටර්නි ජෙනරල් කියන්නේ නීතිපතිට නේද?
ලෝකයේ කුමන රටක් වුණත්, කාලීනව තම රාජ්‍යයට එන අභියෝග වලට මුහුණදීම සඳහා, මානව හිමිකම් සීමාවන නීතිරීති ගෙන ඒම, අරුමයක් නොවෙයි කියා මට හිතෙනවා.
//අනාගතයේදී, මිනිස් පැටියෙක් උපදිනකොටම, සදාකාලිකව ඒ මිනිහා චන්ද්‍රිකා මගින් හොයාගැනීමේ චිප් එකක්, ඇඟට ඇතුළු කිරීමේ යෝජනාවක්, බටහිර රටවල තිබෙන බව මා කියවා තිබෙනවා. සමහර රටවල්, නුදුරේදී ඒවා ක්‍රියාත්මක කරන්නත් ඉඩ තිබෙනවා//
Deleteand he provides that no one will be able to buy or to sell, except the one who has the mark, either the name of the beast or the number of his name. Here is wisdom. Let him who has understanding calculate the number of the beast, for the number is that of a man; and his number is six hundred and sixty-six.
Revelation 13:18
@විචාරක
Deleteඇඟට චිප් දැමීමේ යෝජනාවක් ගැන නම් මා අසා නෑ. මේ ලඟදී ටෙලිවිෂනයේ ගිය ඬැඩසටහනක නම් හිටියා තම්ගේ ඇඟට විවිධ තාක්‍ෂණික වෙනස්කම් කරගෙන ඇති අය කීප දෙනෙක්.
චිප් එකක් සහිත කර පටියක් දානවා පුසන්ට සහ බල්ලන්ට මා දන්නා තරමින්.
ඇටර්නි ජෙනරල් කියන්නේ ලංකාවේ නම් නීතිපති කියන රජයේ රැකියාව තමයි, නමුත් මෙහේ ඒක ඡනාදයෙන් පත්වුණු මන්ත්‍රී කෙනෙකු දරණ ඇමතිකමක්. එනිසා ලංකාවේ වදියට මේ තමයි අධිකරණ ඇමති. එයා තමයි නීති ගේන්නේ.
Deleteමෙහේ තව තියෙන ඇමතිකමක් තමයි ටේරෂරර්. එයා තමයි බජට් එක ගේන්නේ. ඒ කියන්නේ මුදල් ඇමති. හැබැයි මිනිස්ටර් ඔෆ් ෆයිනෑන්ස් කියලා තව ඇමතිකමක් තියෙනවා.
දැන් ඇමරිකා එක්සත් ජනපදයේ ඇමතිලා වෙනුවට ඉන්නේ ලේකම් ලා නේ.
සෙකට්‍රි ඔෆ් ඩිෆෙන්ස් කියන්නේ - ආරක්‍ෂක ඇමති.
මෙහේ ඔස්ටින් ප්‍රනාන්දු, චන්ද්‍රානන්ද ද සිල්වා වගේ අය කරපු ආක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් කියන ජොබ් එකට ඇමරිකාවේ ඉඳන් ආපු ගෝඨාබය පත්වුණාම ඒ තනතුරට ආරක්‍ෂක ලේකම් කියන්න පටන් අරගෙන ඒ වගේ අවුලක් හිතා මතා කර ගත්තා!
මෙන්න මේක බලන්නකෝ ඔය චිප් දැමීම ගැන තියනවා. මේක අනාගතේදී සොල්දාදුවන්ටත් කරන්න අදහසක් තියනවා.
Deletehttp://en.wikipedia.org/wiki/Microchip_implant_%28human%29
අප්පේ මෙහෙ එහෙම ඔය සේකට්‍රි සහ මිනිස්ටර් දෙක පැටලුනොත් රට පෙරලිලා තමයි නවතින්නේ.
මාත් හිතන්නෑ බ්ලොගර්ස්ලට මාධ්‍යෙව්දිත්වය දිය හැකියි කියා..මේක නිකං ඕනනං ලිව්ව නැත්නං නිකා හිටියා වගේ එකක් නේ
ReplyDeleteබ්ලොග්ස්පියරය මාධයක් නම් එහි මාධ්‍යවේදියෝ අප තමයි!
Deleteඕස්ට්‍රේලියාවේ එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නෙ නෑ.. හැක්. එකෙක් අපිට අයිඩෙන්ටියකුත් දෙන්න කියල කතා කරානේ..
ReplyDeleteමාධ්‍යකාරයෙක් වෙන්න මාත් 96 ඉඳලම ට්‍රයි කරනව.. තාම බැරි උනා.. ලංකාව ඕස්ට්‍රේලියාවක් නොවී ඇමෙරිකාවක් හෝ නවසීලන්තයක් වේවා!
ජයසිරි අලවත්ත එහෙම කීවේ එයා ලියන ලංකා ඩේලි වගේ වෙබ් නිවුස් සයිට්වල වැඩ කරන අයට විය යුතුයි.
Deleteඑතකොට ඇනෝල මොක්කුද ?
ReplyDeleteඅනන්‍යතාවයක් නැති අය.
Deleteඉන් කොටසක් බ්ලොග් ලියන අයට වඩා භයානක මානසික ලෙඩ්ඩු.
මේ ගැන රසික පැරා දැණුම්වත් කරලා පැරාගේ කතාව ඇතුලෙත් මේ කරුන කිව්වා..
ReplyDeleteඅධිපති මාධ්‍ය හා පුරවැසි මාධ්‍ය කියලා තමයි අද වෙන් කිරීම තියෙන්නේ. මම නම් කැමතියි ඒක සම්ප්‍රදායික මාධ්‍ය හා සයිබර් මාධ්‍ය කියලා හඳුන්වනවා නම්. අනික තමයි, තම අදහස් නිදහසේ අකුරු කලාට. ඔවුන් මාධ්‍යවේදින් නොව තවදුරටත් සමාන්‍ය පුරවැසියන් වීම. කොහොමත් අනාගතේ බලවත් වන්නේ සයිබර් මාධ්‍ය. අද පුවත් පතක් ගත්තත්, නිව්ස් බැලුවත්, ඇහුවත්, ඒවා, පිළුණු පුවත්. මොකෝ ඒ වෙනකොට සයිබර් අවකාශයෙන් දැණුම්වත් වෙලා අදහස් ප්‍රකාෂ කරලා, පුරවැසි මාධ්‍යකාරයෝ නිර්මාන එලි දක්වලත් ඉවරයි. උන්ට වාරන නෑ. සංස්කරන නෑ. ඇපෲවල් ඕන නෑ.. පට්ට නිදහස්..
ඒ නිසා උන් ඔක්කෝම පුරවැසි මාධ්‍යකරුවෝ තමයි..
මගේත් අතහස ඒකයි. නමුත් ඕක මේ රටේ ආණ්ඩුව පිළිගන්නේ නැති එක තමයි ප්‍රශ්ණේ.
Deleteඑක්කෝ ඊළඟ පාර අපේ ආණ්ඩුවක් පිහිටුවා ගත යුතුයි.
නැති නම් වෙනම රාජ්‍යයක් පිහිටුවා ගත යුතුයි!
Pattama explanation eka.. Kohomath lankawe wena godak aatha buitha scene denaganne Maathalan boss ge post saha comment kiyawala. Jaya wewaa...
Deleteසම්පුර්ණයෙන්ම ඇත්ත කකා. ලංකාවෙත් බ්ලොග් ලියන සමහරු හිතං ඉන්නේ තමුන් මහා ලොකු කෙරුමෝ කියලා. කකා නිසාම බ්ලොග් ලියන්න පටන් අරං, දැන් අමු පඩි කතා කියනා, අමු තිත්ත කුණුහරුප ලියනා, කොමෙන්ට් දානා උන්ටත් සම්මාන දෙන රටක නේ ලංකාව කියන්නේ. බ්ලොග් එකක් ලියනවා කියන්නේ නිකන් දිනපොතක් ලියනවා වගේ තමයි. එකේ වෙනස ලියන එව්වා වෙන අයත් බලනවා, කොමෙන්ට් දානවා. ඒ ඇරෙන්න බ්ලොග්කරුවෝ කියන්නේ මාධ්‍යකරණයක් නෙමෙයි.
ReplyDeleteකකා කියන්නේ මේ හැම දෙයක් ගැනම හොදින් අත්දැකීම් ඇති කෙනෙක්. කකා කියන්නේ සිංහල බ්ලොග් අවකාශයට කියන තවත් නමක්. කකාට ජයවේවා.
බ්ලොග් ගැන මේ තරම් උනන්දුවක් හා ආදරයක් ඇති අය ඉන්න එක ළොකු දෙයක් නේද කකා..
Deleteසම හරක් හිතාගෙන හිටියා බ්ලොග් අයිති එයාලටය කියලා.. අද උන්ට නම් ගම් වලින් එන්නවත් කොන්දක් නෑ. උන්ගේ හීනේ කුඩු කරලා දැම්මා පට්ට නිර්මාණශීලී ටැලන්ටඩ් පුංචි කෙල්ලෝ කොල්ලෝ ගොඩක් ඇවිත් නේද කකා..
මට දුක උන් පපුව පැලිලා මැරෙයිද කියලා කකා..
බ්ලොග් ළෝකේ ගැන හොඳටම දන්න කකා දන්නවා නේ මේ අය කව්ද කියලා නේද කකා...
අපි වගේ හොඳ ඇනෝලත් ඉන්නව නේද කකා
Deleteකූප්‍රකට විමලසේන ගේ කූප්‍රකට "සිරිසේන, සිරිසේන, සිරිසේන" කතාව සිහිවිය!
Delete@මාතලන්
Deleteමට හිතෙන්නේ මේ බොහොමයක් නෝටි ඇනොලා බයි බයි බයි බයිය බබාලා වගෙයි. මට ඒක හොඳින් වැටහුනේ අද පැරා ගේ බ්ලොගයේ තිබුණු මේ ප්‍රතිචාරය දැක්ක වෙලේයි.
http://www.w3lanka.com/2015/03/blog-post_40.html?showComment=1427804617653#c3789020010229608586
මේ කතාව එදා යම්තම් පැරාගෙන් ඇහුවා රසික කිව්වයි කියලා.සමහර මාධ්‍යවේදියෝ දැක්කාම මාධ්‍යවේදියෙක් වෙන්නත් ලැජ්ජයි අප්පා:D හරියට ඉස්සර(තවමත් ?) මෙහේ "ආචර්යවරු" ආචර්ය පට්ටම භාවිතා කරන්ට මැලි වුණා වගේ.
ReplyDelete//සමහර මාධ්‍යවේදියෝ දැක්කාම මාධ්‍යවේදියෙක් වෙන්නත් ලැජ්ජයි//
Deleteඔය ඉතිං .. රසික තුමා පැරාගේ ඔළුවට පොරවෙන් කෙටුවම ඔහේ එනවනේ පෙට්ටියට ඇන ගහන්න. ඇයි දැක්කේ නැද්ද අපේ පුරවැසි මාධ්‍ය තුමාගේ අලුත්ම FB පොටෝ එක. කතාව නෑහුවත් බඩ පිරෙනවා. ඔහොම කියන එක හරිද ?
රසික ... මොකෝ බං මොඩරේෂන් දාල ?? කඩේ ගියපුවට එක එක වරත්තු කොල්ලන්ගෙන් ඇරියස් ලැබෙනවද මේ දවස් වල ?? :P
Delete@මනෝජ්,
Deleteමගේ නම් ලඟදී ඉඳලා කැමැත්ත මාධ්‍යවේදියෙක් වෙන්නයි!
@ මහසොහොන් පිල්ලිය
Deleteදැන් සතියකට විතර කලින් ලැබුණු ප්‍රතිචාරයක් නිසා තමයි මේ මොඩරේෂන් දැම්මේ. නමුත් තාම පල නොකර හැරියේ කමෙන්ට්ස් හතරක් පමණයි. එයින් තුනක්ම කුණුහරුප සහිත ඒවා.
"බයි බයි බයි බයිය බබාලා" නිර්නාමිකව දාන කමෙන්ටු නම් ඔන්න ඔහේ තියෙන්න අරිනවා.
බ්ලොග ලියන්නේ ආතල් එකටය...
ReplyDeleteඅතීතකාමයේ යෙදෙන්නට එමගින් අවස්ථාව උදා වීම හරහා වැඩි කැමැත්තකින් තොරව නගරයේ ගෙවන ජීවිතයට යම්කිසි සහනයක් ඉන් උදා වන බවක් මා හට හැඟේ...
මා ලියනා දෑ පුරවැසි මාද්‍යකරණය යන ඝණයට අයත් වුවද නැති වුවද මා හට කම් නැත...
එහි ඇති වැදගත් කමක්ද මා හට නොපෙනේ...
නිකං කතා ලිවීමට අමතරව සමාජ දේශපාලන ආර්ථික කරුණු ගැන බ්ලොග් ලියන අය ඉන්නවා. සාමාන්‍ය පිළිගැනීම නම් බ්ලොගින් යනු මාධ්‍යකරණයක් බවයි!
Deleteබ්ලොග් හරහා හිතේ ඇති දේ හිතේ හැටියට බිනීමේ නිදහසක් නම් තියෙනවා.තමන්ගෙ අනන්‍යතාවයට වඩා අදහස ඉස්සරහට දැමීම තුලින් අදහස් බෙදාහදා ගන්න ත් ඇතැම් තොරතුරු (ප්‍රසිද්ධ රහස් වැනි ) පිළිබඳ ඒ හා සම්බන්ධ අයවලුන් ගේ දොඩමළු වීම් දක්නට ලැබීමත් ඒවායින් සත්‍යයේ හැඩය මතු වීමත් බ්ලොග් වලින් සිදුවන යහපතක්.
ReplyDeleteඇත්තටම මට පේන විදිහට බ්ලොග් අවකාශය පොලීසියක් නැති පුරවැසි අවකාශයක්.සීමා ඇත් නම් ඇත්තේ තමා තුල මයි.ඒක වටිනවා.
පොලිසියක් නැති වුනාට, කිසිම රහසක් නැති නිසා පොලිසියෙන් නතර වෙන්නත් ඉඩ තියෙනවා!
Delete(මේක pedantic ජාතියෙ ප්‍රශ්නයක්ද මංද.)
ReplyDeleteමා කියවන අසන මාධ්‍ය අතරට පොත්, බ්ලොග්, පුවත්පත් රූපවාහිනී, චිත්‍රපට ආදිය අයිතියි.
පොතක් ලියන කෙනෙකුට මාධ්‍යකරුවෙක් කියන්න පුලුවන්ද?
බැරිනම් ඇයි? .
මට හිතෙන විදියට ඒ තර්කය හරි.
Deleteනමුත් පොත් කියන්නේ දිගු කාලීන නිෂ්පාදන භාණ්ඩයක් නිසා (රේඩියෝ/ටීවී ඒ තත්පරයේ විතරයි, පත්තර ඒ ඒ දිනයට විතරයි) ද කොහෙද පොඩි නොගැලපීමක් වගේත් තියෙනවා නේද? මොකද දවස ගානේ හෝ සතිපතා හෝ පොත් ලියන අය නෑ නේ (සුජීව ප්‍රසන්න ආරච්චි අමතක කරමු!)
මීට අවුරුදු හතරකට විතර ඉස්සරනම් උදේ කාපුව රීපුව ගැන වගේ දිනපොත් ලියපු සිංහල බ්ලොග් සෑහෙන්න තිබ්බ. දැන්නම් පේන්න නෑ. එහෙව් බ්ලොග් උනත් අද තීන සමහර පත්තර පඩංගුවලින් වෙනස් වෙන්නෙ නැති එකේ මේ තීරණය හරිම අසාධාරණයි.
ReplyDeleteඑදිනෙදා කාපු බීපු කතා ගැන බ්ලොග් දැනුත් තියෙනවා නේද?
Delete1. http://rasikalogy.blogspot.com.au/2015/02/limit-your-carb-intake.html
2. http://rasikalogy.blogspot.com.au/2015/03/it-was-cricket.html
මොකද රසික කොමෙන්ට් මොඩරේට් කරන්නේ? ඉස්සර ඔහොම කලේ නැහැනේ.
ReplyDeleteපියා නැති දුකෙන් තැවෙන "බයි බයි බයි බයිය බබාලා" කීප දෙනෙක් අසත්‍ය ප්‍රචාර සහිත, තුන්වෙනි පාර්ශවයන්ට අපහාස සහිත, කුණුහරුප සහිත ප්‍රතිචාර දාන්නට පටන් ගත් නිසා මොඩරේෂන් ඇරඹීමට සිදුවිය.
Deleteඇයි ඇත්ත කියනවට බයද එහෙම නැතිනම් කැතද
Deleteඇයි ඇත්ත කියනවට බයද එහෙම නැතිනම් කැතද
Deleteබ්ලොග් අපි හැමෝම වගේ ලියන්නේ අපේ අපේ නිදහසට අපේ අදහස් එළියට දාන්න.. ඒක ඔය කියනා තරම් මාධ්‍යකරණයක් නෙමෙයි කියලා මාත් හිතනවා..
ReplyDeleteඅවතක්සේරු කර ගන්න එපා!
Delete///පුරවැසියන් ගේ දුරකතන, අන්තර්ජාල සම්බන්ධතා යනාදියට අදාල ඉහල මානයේ දත්ත (මෙටා ඩේටා) වසර දෙකක් යනතුරු සුරැකිව තබා ගැනීම දුරකතන සහ අන්තර්ජාල සේවා සපයන්නන්ට අනිවාර්ය කිරීමටත්, ඒ දත්ත උසාවියේ අවසරයකින් තොරව පරීක්‍ෂා කිරීමට ආරක්‍ෂක අංශවලට අවසර දීමත් ය.///
ReplyDeleteතව දුරටත් දියුණු වන තාක්ෂණික ලෝකය තුල පුද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීම කල නොහැකි දෙයක් නේද....?
එහෙමද ඔයි හිතාගෙන ඉන්නේ තමුසේගේ පුද්ගලිකත්වය අපි හොයාගෙන ඉන්නේ
Deleteහරිම අමාරුයි, දන්නවා නේද ස්නෝඩන් සිද්ධිය හෙම?
Deleteඔස්ට්‍රේලියාවේ නීති රීති සාමන්‍ය ජීවිතයකට හරිම හිතකරයි වගේ,, මෙහෙත් ඒ වගේ දේශපාලන ක්‍රමය සහ නීතිය ගැන තොරතුරු දැන් ගන්න ලැබුණේ ඔබේ ලිපි කියවීමෙන්, ඒ ගැන ස්තුතී
ReplyDeleteඔස්ට්‍රේලියාව වගේ රටක ඉඳලත් අන්තවාදී කණ්ඩායම් වලට එකතුවෙන්න මිනිස්සු යනවා කියන එක හිතාගන්නත් අමාරුයි.. මේ රටෙත් රට ඇතුලේ ඉන්න අරාබි ජාතිකයින් යුදෙව් ජාතිකයින් සමග එකට එකම ඉස්කෝල වල ඉගෙන ගත්ත අය ඔවුන් ඉතාම සාමාන්ය් විදියට යුදෙවුවන් එක්ක මිශ්‍ර වෙලා එදිනෙදා ජිවිතේ දේවල් කරනවා,,, රැකියා ආදිය,, විවාහ නම් සිද්ද වෙන්නේ නැහැ.. කලාතුරකින් යුදෙව් ගැහැණු ළමයි අරාබි පිරිමි ළමයි බඳිනවා ඒත් ඒ හැම විවාහයකම අවසානය කදුළු,,, අරාබි ජාතිකයන් ගේ ලේවල කුමක් හෝ තියෙනවද කියලත් හිතෙනවා ඔවුන්ගේ ජිවිත හරියට අර ලස්සන ෆුජි කන්ද වගේ..
//අකසිය පඳනහක්/// මේ කියන්නේ 150 ක් වෙන්න ඕනේ ..
ඒ අය ආගමේ දැඩි නීති සහ බලපෑම නිසා තාමත් මධ්‍යතන යුගයේ යි ඉන්නේ. ඒ කාලේ ලංකාවේත් ඔහොම තමයි වැඩ. දන්නවා නේද දෙතිස් වධ ගැන හෙම.
Deleteඑකසිය පනහ තමයි, නිවැරදි කළා. ස්තුතියි.