Saturday 28 March 2015

ලංකාවේත්, ඕස්ට්‍රේලියාවේත් දෙරටේ ම ඡන්දය ඉල්ලන දේශපාලන පක්‍ෂයක්? - Socialist Equity Party


අද උදේම මට ඡන්දේ දාන්නට ගමේ පාසලට යන්නට සිදුවේ. ඒ ඕස්ට්‍රේලියාවේ මා වෙසෙන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මහා මැතිවරණය අද (මාර්තු 28) පැවැත්වෙන නිසාය.

මා පසුගිය දෙසැම්බරයේ දී ලියූ "ඕස්ට්‍රේලියාවේ ඡන්ද ගැන කෙටි සටහනක් - A brief note on Australian Elections" යන ලිපියේ සඳහන් කළ පරිදි, මට අවශ්‍ය නම් මේ ඡන්දය තැපැල් මගින් හෝ ගිය සතියේ සිටම අසල නගරයේ මැතිවරණ පොලේ දී දාන්නට ඉඩ තිබුණි. මේ දිනවල සම්මන්ත්‍රණයකට සහභාගී වීමට රටෙන් බැහැරව ගොස් ඇති මා බිරිඳ ඇගේ ඡන්දය පාවිච්චි කළේ ඒ ආකාරයට ය.

මෙවර ඊට අමතරව අයි-වෝට් නමින් අන්තර්ජාලය ඔස්සේ ඡන්දය දෙන්නටද ක්‍රමයක් සකසා ඇත.

ඒ මොනවා තිබුණත් ඡන්දය දා ගමේ පාසලට ගොස් ඡන්දය දීමෙන් අර ලංකාවේ දී මෙන් යම්කිසි වින්දනයක් ලැබේ.

මේ මා පසුගිය ෆෙඩරල් ආණ්ඩු මහ ඡන්දයේ දී (2013) ඡන්දය දීමට පාසල කරා යාමට පෙර ගත් ඡායාරූපයකි.

(මේ ඡායාරූපයෙන් මට කියන්නට අවශ්‍ය වූයේ මා ඡන්දය දමන්ට ගියේ ලංකාවේ දේශපාලුවෙකු මෙන් ජාතික ඇඳුමින් සෑරසී බවයි!)

ලංකාවේ දී ඡන්දය දැමීම ගැන කතා කරනවා නම්, හරියටම මා ලංකාවට නිවාඩුවට යන දිනවලට ලංකාවේ ඡන්දයක් පැවැත්වී ඇත්තේ කණ කැස්බෑවා විය සිදුර අත හැර හඳ බැලූ 1999 දෙසැම්බරයේ දී පමණි. එදා මා මකුළුදූව පාසලේ ඡන්ද පොළට ගොස් ඡන්දය ලකුණු කරන පත්‍රිකාව ලබා ගන්නා වේලේ මගේ නම කියනු ඇසූ එක් පක්‍ෂ නියෝජිතයෙක් "ආ! එයා රට ගිහින් නේද?" කියා පොඩි වලියක් දැම්මේ මා හොර ඡන්දයක් දාන්නට ආවා කියා සිතාද, නැතිනම්, මගේ ඡන්දය පස්සේ පොර හොරෙන් දාගන්නට සිතා සිටිය නිසාද කියා මට සිතා ගැනීමට බැරිවිය.

අද ඡන්දය දැමීමට ගිය විට මට ඡන්ද පත්‍රිකා දෙකක් ලැබෙනු ඇත. එකක් ප්‍රාන්ත පාර්ලිමේන්තුවට (ව්‍යවස්ථාදායක සභාව) ආසන මට්ටමෙන් නියෝජිතයින් පත්කර ගැනීම සඳහායි. අනික උත්තර මන්ත්‍රී මංඩලය (ව්‍යවස්ථාදායක කවුන්සිලය) සඳහා සමානුපාතික ක්‍රමයට කීප දෙනෙක් පත්කර ගැනීම සඳහායි.

මා වාසය කරන ගම අයිති ආසනයට ඡන්ද අපේක්‍ෂකයෝ සිව් දෙනෙක් තරග වදිති. ඉන් එක් අයෙක් මෙතෙක් අපව නියෝජනය කළ මන්ත්‍රීවරියයි. ඇය පාලක ලිබර්ල් පක්‍ෂයේ ය. ඇයට එරෙහිව, විපක්‍ෂය වන කම්කරු පක්‍ෂයෙන්ද, හරිත පක්‍ෂයෙන්ද, ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සුළුතර පක්‍ෂයෙන්ද, ඉඩම් බදු එපා පක්‍ෂයෙන් ද තරගකරුවන් ඉදිරිපත් වී ඇත.

මගේ ඡන්දය හිමිවන්නේ හරිත පක්‍ෂයටයි. ඔවුන් තරගයේ ඉදිරියට එන්නට ඇති ඉඩකඩ අඩු නිසා මා එදා විස්තර කළ අන්දමට මගේ දෙවෙනි මනාපය වැදගත් වේ යැයි සිතමි. එය, මා කම්කරු පක්‍ෂයට ලබා දෙන්නට අදහස් කරමි!

මුළු ප්‍රාන්තය සඳහාම සමානුපාතික ක්‍රමයට පැවැත්වෙන උත්තර මන්ත්‍රී මංඩල ඡන්දය සඳහා අපේක්‍ෂක කණ්ඩායම් විසි පහක් තරග වදිති. ඒ සියළු දෙනාගේ ම නම් රුගත් මේ ඡන්ද පත්‍රිකාව මාගලක් සේ දිග ඇති බවට සැක නැත.

දැන් මෙන්න මේ ලිපියේ මාතෘකාවට අදාල කොටස.

ලංකාවේ දී ද, ඕස්ට්‍රේලියාවේ දී ද, දෙරටේ දී ම ඔබට ඡන්දය දීමට හැකි එක පක්‍ෂයක් ඇත.

ඒ සමාජවාදී සමානතා පක්‍ෂයයි.



පසුගිය දා පැවති ලංකා ජනාධිපති ඡන්දයේ දී සමාජවාදී සමානතා පක්‍ෂය නියෝජනය කළේ පානී විජේසිරිවර්දෙනෙ ය. ඔහු ඡන්ද 4,277 ක් ලබා ගත්තේය.

කෙසේ නමුත් මට සමාජවාදී සමානතා පක්‍ෂයට ඡන්දය දෙන්නට හැකියාවක් නැත. එයට හේතුව ඉතා සරල එකකි. සමාජවාදී සමානතා පක්‍ෂය මගේ ආසනය සඳහා අපේක්‍ෂකයෙක් ඉදිරිපත් නොකරයි. ඉහත දක්වා ඇති අපේක්‍ෂිකාව තරග වදින්නේ අල්ලපු ආසනයට ය.

උත්තර මන්ත්‍රී මංඩලය සඳහා ද ඔවුන් ඉදිරිපත් නොවෙති.

සමාජවාදී සමානතා පක්‍ෂය කොයි තරම් ජාත්‍යන්තර පක්‍ෂයක් වුවද, ලංකාවේ සමහරුන් එවැනි පක්‍ෂයක් ගැන හෝ ඔවුන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බව හෝ නොදනිති. මට මේ බව පැහැදිලි වූයේ ලංකාවේ විශ්ව විද්‍යාලයකින් ගිය වසරේ උපාධි ලැබූ යුවතියක්ගෙන් මේ ගැන ඊයේ විමසූ විටදී ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
සියළුම සමීක්‍ෂණවලින් පෙන්නුම් කෙරෙන්නේ පවතින ලිබරල්/ජාතික සංධාන රජයම තමන් ගේ බහුතර ආසන සංඛ්‍යාවේ යම් අඩුවක් සහිතව නැවත බලයට පත්වේ ය කියායි. පසුගිය ලෝක කුසලාන කාර්තු අවසාන ක්‍රිකට් තරගයේ දී මා සඳහන් කළාක් මෙන් බුකිකරුවන් ඔට්ටු සඳහා ගෙවන දිනුම් මුදල් මෙසේය.

පාලක ලිබරල්/ජාතික පක්‍ෂ සංධානයේ දිනුමට එක ඩොලරයක් සඳහා ඩොලර් එකයි ශතයයි.

විපක්‍ෂ කම්කරු පක්‍ෂයේ දිනුමට එක ඩොලරයක් සඳහා ඩොලර් දාහතයි.

කොහොමද වෙනස?

(image: http://sojo.net/blogs/2012/09/04/conversion-connections-global-village)

18 comments:

  1. ඡන්දපොල පන්සලක් නොවුනත් අපිටත් සුදු ඇඳගෙන තමා දැන් ඡන්දපොලට යන්න වෙන්නෙ රසික. ඇයි ඉතිං ප්‍රජාචන්චරවාදෙ මළගමනෙ හැම ඡන්දෙදිම සිද්ද වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒ මගේ ඡායාරූපයෙන් මට කියන්නට අවශ්‍ය වූයේ මා ඡන්දය දමන්ට ගියේ ලංකාවේ දේශපාලුවෙකු මෙන් සිංහල ජාතික ඇඳුමින් සැරසී බවයි! පාට සුදුම නොවෙයි ක්‍රීම් පාට.

      Delete
  2. ඩේට නාස්තිකරන්න එපා
    එක මෙගාබයිට් එකක් හදන්න මොන තරම් හරිතාගාර වායූන් ප්‍රමාණයක් නිදහස් කරණව ඇද්ද
    මොන තරම් පොසිල ඉන්ධන දහණය කරනව ඇද්ද
    ඒ පොඩ්ඩ පොඩ්ඩ ඉහල යන උෂ්ණත්වය නිසා තමා මහා දේශගුණ විපර්යාස ඇතිවෙලා ලක්ෂ ගණං අකාලෙ මැරෙන්නෙ
    අයිස් කඳු දියවෙලා මුහුදු මට්ටම ඉහල ගිහිං රටවල් පිටිං මුහුදට යටවෙන්නෙ
    ඒ නිසා මේ වගේ බ්ලොග් බලන්න ඩේට නාස්ති කරන්න එපා
    මේ ජාතියෙ බ්ලොග් පොස්ට් එකක් ලියන්න/ බලන්න වියදම් කරන ඩේට ආපහු ප්‍රතිචක්‍රීකරණය කරන්න බෑ
    පරිසර හිතකාමී වෙමු
    බ්ලොග් වර්ජනය කරමු

    ReplyDelete
    Replies
    1. ඇයි මේ වෙන තැන්වලින් කොපි පේස්ට් කරන්නේ?
      එතැන ලින්ක් එක දාන්න කෝ.

      Delete
  3. ඡන්දෙ නොදුන්නොත් ලොකු දඩයක් වදිනවද?

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ඩොලර් පනහක් ද කොහෙද, හැබැයි ලියා පදිංචි නොවී හිටියා නම් කවුරුවත් දන්නේ නෑ මං හිතන විදියට!

      Delete
  4. මං හිතන්නෙ මේ වගේ පක්ෂයක අරමුණ ඒ ඒ අයගෙ පැවැත්ම විය යුතුයි....

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ.

      මේ අයගේ අරමුණු උදාරයි, කැපවීම විශිෂ්ඨයි.

      ඒ හොඳ පැත්ත.

      මේ ජාත්‍යන්තර පක්‍ෂය ට්‍රොස්කිවාදී හතරවෙනි ජ්‍යාත්‍යන්තරයේ.

      ලංකාවේ මේ ක්ණඩායම කලින් හිටියේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගලය කියලයි. විජේ ඩයස්, සුචරිත ගම්ලත් (පසුව භ්‍රෂ්ඨයෙක් වුණා!), පියසීලි විජේගුණවර්ධන වගේ අය.

      Delete
    2. ඇයි එහෙම පක්ෂෙකට සහයෝගය නොදෙන්නෙ

      Delete
  5. දැං ඇවිල්ල තියෙන ධීවර පක්ෂෙට තියෙන තරම් වත් පබ්ලිසිටියක් නෑ නෙ ඔය කියන පක්ෂෙ.. මාගල් ලකුණු කොරලා මොකා යැවුවත් මෙහෙ නම් වෙන්නෙ එකම දේ.. ඒකයි දුක.

    ReplyDelete
  6. සිංහල බස නසනවනෙ රසික ඔය හෝඩිය පිටට පුකට තියල. ලන්කට් එක ඇමරිකන් ජාතික කොඩියෙන් මහල, සුදු සරම කමිසෙ අඳින කපටියො.

    ( වි.වි. ගේ අඩවියේ තමයි මේදවස්වල වාස දේසෙ )

    ReplyDelete
  7. තාම හැන්සන් ගැන ලිව්වෙ නෑනේද? ලංකාවෙ හිටියනම් හැන්සන්ල සේරා පේලින්ල ජාතික වීරවරියන්. මෙලහට අගමැතිකරමු කියල ලක්ෂ 58ක්.

    අර හැන්සන් කියපු "මට තේරෙන්නෙ නැති බාසාවක් කතාකරන ප්‍රදේශ ඔස්ට්‍රේලියාවෙ තියනවට මං කැමති නෑ" වගේ කතාව ගැන රසික මොකද හිතන්නෙ. බැලූ බැල්මට ඒක අප්සෙට් කියල මට හිතුනට පසුව ඔස්ට්‍රේලියාවෙ ඉතිහාසය හා composition බැලුවහම ඒක ගැන පොඩි sympathy එකකුත් ආව

    ReplyDelete
    Replies
    1. පැරා ඔයකියන් මිස් /මිසිස් පොලින් එදා බලයට ආවනම් හුඟක් වෙලාවට රසික්ලොජිය රන් කරන්න තිබුනා ලංකාව හරි ලෝකේ කොහෙ හරි රටක ඉදන්

      Delete
    2. පැරා ඔයකියන මිස් /මිසිස් පොලින් එදා බලයට ආවනම් හුඟක් වෙලාවට රසික්ලොජිය රන් කරන්න තිබුනා ලංකාව හරි ලෝකේ කොහෙ හරි රටක ඉදන්

      Delete
    3. හැන්සන් ගැන මා ලියූ පරණ ලිපියක් තියෙනවා. ඒක මේ රටේ වෙසෙන සිංහල "මහ ජාතිය" සඳහා ලියූ එකක්. එය කෙලින්ම මේ බ්ලොගයට ගැලපෙයි කියා හිතන්න බෑ. නමුත් පසුව දවසක දාන්නම්.

      Delete
  8. කොට්ටෙට සිංහල අක්ෂර ඇඳම ආරිය සිංහල ඡන්දය කැන්ගරු රටට.... ඒකෙත් ලල් එකක් තියේ නේද රසික..... හැම ඡන්දයක් ළං වෙද්දිම වගේ හතරවැනි ජාත්‍යන්තරයේ රැස්වීමක් හෝ දේශනයක දෙකක් ලංකාවේ පැවැත්වෙනවා.. ඒ සඳහා විදේශිය නියෝජිතයෙක් දේශකයෙක් හැටියටත් එනවා.. ඉදහිට පත්තරයක් ඒ ලිපියක් යනවා එපමණක්ම තමා තත්ත්වයනම්...

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.