මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Friday 27 November 2015
එහෙත් හරි වැස්ස, මෙහෙත් හරි වැස්ස
මැක්මාන්ස් පොයින්ට් හි දී ය
උද්‍යාන බංකුව මත
සන්ධ්‍යාව ගත කෙරුමට
නිද්‍රාව අමතක කර
වර්ෂාව සපැමිණ ඇත
විශ්රාමයෙන් අවදිව
සංවේගයෙන් හඬමින
පක්ෂීහු රැළ දස අත
උන්මාදයෙන් පියඹත
සන්තාපයෙන් තෙත්වුණ
සංකාව සපිරි හද තුළ
සන්තුෂ්ටිය ද ඇති බව
ක්ෂණයකට සිහියට එත!
-රසිකොලොජිස්ට්
Subscribe to:
Post Comments (Atom)
හිටපු ගමන් දෝරේ ගලා ගෙනත් යනවා නේද...? නිව්ස් වලට එහෙම පෙන්නන්නේ..
ReplyDeleteහිතේ සතුට දෝරේ ගලා යයි!
Deleteබංකුව මතට ඇවිත් වාඩි වෙලා ඉන්නවා නේද??
ReplyDeleteඔව්, වැරදිලා හරි වාඩි වුනොත් පස්සේ ඇලෙනවා!
Deleteඇයි රෙද්දේ රෙවිලාද?
DeleteRain rain go away..
ReplyDeleteCome again another day..
Little Rasika
Wants to play.. :)
වතුරෙන් දුවන කාර් වැඩේ වත් හරි ගියානම් මේ අයවැයෙන් වැස්සේ වාහන වලින් යනවාටත් ගාස්තුවක් අයකරාවී
ReplyDeleteමෙන්න හුලං කාර්
http://mahakalu.blogspot.com/2015/11/truth-about-wind-powered-car.html
ආ අපේ මකලාං මහත්තයා ගොඩ කාලෙකට පස්සෙ ඇවිත්. මොකද ඇමැතිතුමා එලෙව්වද හිටපු තැනින්?
Deleteඔවු මචං
Deleteමං දැනගත්තා. එතුමටත් කියලා ඉවසන්න පුළුවනෑ ඔය ලෙව කාපු ලෙවකෑම...
Deleteරංචාගොඩ ළමයාගේ මුණුබුරාගේ කයි කෑලි
ReplyDeleteනිද්‍රාගතව සිට වරින් වර නැගිට ඇඟමැලි කඩන රසිකගේ කවි හිත
ReplyDeleteඅපෝ වැස්ස නම් මතක් කරන්න එපා.. මෙහෙට ඇති වෙන්න වැස්සා මේ ටිකේ..
ReplyDeleteවැස්සට ලියවෙන කවි.....එහෙමවත් ලියවෙන එක හොඳයි.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඔහෙත් වගේම මෙහෙත් හරි වැස්ස තමයි.
ReplyDeleteකවි සිත අවදි කල වැස්ස.
ReplyDeleteසැපෙන් දුක් විඳීමත්
ReplyDeleteදුකෙන් සැප විඳීමද?
මොකෝ සහෝදරයා.... සාංකාව වගේද?
ReplyDeleteඑතන බංකුව!!!
ReplyDeleteවහින කොට නියම ඇති
එතන බංකුව!!!
ReplyDeleteවහින කොට නියම ඇති