Tuesday 21 May 2024

පරිවර්තනය /අනුවර්තනය සහ නැවත ලිවීම - Lost in translation


සාහිත්‍යමය සංවාදයකට සූදානම් වීම සඳහා උබයසිරි විජයනන්ද වික්‍රම ගේ පරිවර්තන කවි ඇතුළත් “ඉංග්‍රීසි පද්‍ය සිංහලෙන්” කෘතිය කියවමින් සිටිය දී පැරණි මතකයක් සිහියට නැගුනු අතර ඊ මේල අවුස්සා සොයාගත් විස්තර අනුව එය මෙලෙස පෙළගස්වමි.

ඕස්ට්‍රේලියාවේ පර්ත් ග්‍රාමවාසී කවියකු වන සුනිල් ගෝවින්නගේ පහත කවිය 2006 ඔක්තෝබර් මාසයේ දී රචනා කළේය.

Stopping by a cafe on King Street on a grey morning

White strangers walk swiftly in the narrow way
As the lightning flashes in the sky

Like a weeping widow
The sky Graves and drapes black

I have to rush to work
To make a living by killing my soul

I need to warm my heart
To revive my dying body

I find a cafe selling Ceylonese tea
To sustain my body

A crab in the pot
As the water begins to seethe

I float with the feeling of comfort
Consoling my feeble soul

එදිනම ඔහු ට ඉහත කවිය සිංහල භාෂාවෙන් ද මෙලෙස අකුරු කර ඇත.

වැඩ අරඹන්නට පෙර

මා නොහඳුනන සුදු මිනිසුන්
විදුලි සැරින් පටු මේ මඟ සැඟවී යයි

අහස් කුස ද කම්පා වී
කළු තිර පොරවා හිස මත
වැලපෙන්නී කනවැන්දියක විලස

විරුද්ධ දුවයි සැඟවෙන්නට
බියපත් වූ ළමයෙකු ලෙස

මරා දමන්නට හදවත
යා යුතු වෙයි වැඩපොළ වෙත

උණුසුම් කළ යුතුය මහද
පණ දෙන්නට මිය යන ගත

රිංගමි තේ කඩයක් වෙත
උණුසුම්කරනට තොල කට

ලබමි සැනසුමක් රඳවන
ලංකා තේ කෝප්පයක

මිය යන කකුළුවකු විලස
දිය සැලියක රැඳී සිටිමි

බියපත් වූ සිත සනසා
සොඳුරු ලොවක වෙසෙන මොහොත


සුනිල් ගෝවෙන්න ගේ ලියූ ඒ සිංහල පදවැල දුටු ලංකාවේ විසූ එඩ්වින් ආරියදාස විසින් එය මෙලෙස ඉංග්‍රීසි බාෂාවට පරිවර්තනය කර ඇත.

Before settling down

White men who know me not
Trotting along in a mighty haste
In lightning-flash steps and speed
Vanish down narrow alleys

The Sun too scurries for shelter
Like a frightened child,
Avoiding roads and path-ways

Shocked and shaken, the vaulted sky
Head wrapped in black shawls
Lemons and weeps, widow-vice

Disposed of all, am I
I must (warm) my heart
With the familiar remedy

I slink into a tea-kiosk
To reheat my lips and mouth
Sipping a drop of Lanka tea

A fleeting, transient relief comes.
Like what a helpless crab feels
In a pot of water, gradually heating up.


එඩ්වින් ආරියදාසගේ ඒ පරිවර්තනය ඩේලි නිවුස් පුවත් පතේ (30/10/2007) පළ වූවකි.

තමන් ලියූ සිංහල සහ ඉංග්‍රීසි කවි ද්වය ද, එඩ්වින් ආරියදාස ගේ පරිවර්තනය ද සුනිල් ගෝවින්නගේ ඒ දිනවලම මා වෙත එවීය.

මේ කවි කියවීමෙන් පසු මා කළේ සුනිල් ගේ මුල් සිංහල කවිය සිංහලට පෙරලීමට උත්සාහයක් දැරීමයි.

Before shift starts

Unknown white fellas
Vanish down the lane in a flash

Frighten like a child
The sun too, is in a hurry to hide

The sky resembles a weeping widow
Her shattered self hidden in a black veil

I must rush to work right now
To kill my ailing soul

Yet I must make my heart warm
To keep my body alive

I crawl into a cafe by the lane
Throw my lips and mouth

I find the relief I sought
In a cup of Ceylon tea

Like a crab in a boiling pot
I enjoy a moment in the cafe

A moment where I live in a wonderful dream
With no fear in my relieved heart


ඊළඟට මා උත්සාහ කළේ එඩ්වින් ආරියදාසගේ සහ සුනිල් ගෝවින්නගේ ගේ ඉංග්‍රීසි පරිවර්තන ඇසුරෙන් ඒ අදහසේ සිංහල අනුවාදයක් කිරීමටයි.

මෙන්න එහි ප්‍රතිඵලය.

වැඩ ඇරඹීමට පෙර

සුදු දනෝ අරුමැති
මේ පටු මගේ ඇවිදිති
විදුලි එළි මෙන් නිති
අඳුරු මඟ අග සැණින් සැඟවෙති

හිරු නොමැත බලවත්
මගහරී මං මාවත්
දරුවෙකු ලෙසින් බියපත්
සැඟවෙන්නට දරයි තැත්

විලස වැන්දඹු කත
කළු සේල ලා හිස මත
අහස් කුස කම්පිත
දුක්බරව අද කඳුළු වගුරත

ආත්මය මැරුමට
යා යුතුව ඇත සේවෙට
ගිලන් ගත රැකුමට
ඇවැසි වේ උණුසුමක් මා හට

ගොඩ වෙමි කඩපිලට
ලක් තේ රසය විඳුමට
මා මුවට දෙතොලට
ලැබෙන උණුසුම සුපුරුදුය මට

දිය කෙලින ජලයේ
රත්වෙන සෙමින් සැලියේ
කටක වින්දනයේ
මිහිරි සුවය ද මා ලබනුයේ?


මේ සටහන අවසාන කිරීමට මට එකතු කිරීමට ඇත්තේ මෙයයි.

කවි පරිවර්තනය කළ නොහැක. මෙය ඉංග්‍රීසි කවි සිංහලට පරිවර්තනයේ දී මෙන් ම, සිංහල කවි ඉංග්‍රීසියට පරිවර්තනයේ දී ද අදාලය. ඕනෑම භාෂාවක් සඳහා මෙය සත්‍යයැයි සිතමි. නමුත්, අනුවර්තනයක්, කවියේ අදහස ඇසුරෙන් ප්‍රතිරචනයක් හෙවත් නැවත ලිවීමක් නම් කළ හැක.

එසේ කිරීමේ දී සිංහල කවි සම්ප්‍රදාය අනුව සිව් පදයෙන් යුතුව, විරිතක් අනුගමනය කරමින්, එළිසමය ද සහිතව ලිවීම අනුවර්තනය හෝ ප්‍රතිරචනය හෝ අසීරු කරයි.

- රසික සූරියආරච්චි

(image: Created using Mirosoft Copilot Designer)

6 comments:

  1. සිංහල සහ ඉංග්‍රීසි ගී පද රචනා සියල්ලම හරි අගෙයි. සියල්ලේම අර්ථය, ව්‍යංගය සහ අප සමාජයට සමීප බව නොඅඩුව දකින්නට ලැබේ. අගනා ප්‍රයත්නයක්

    ReplyDelete
  2. අන්තිම කවිය තමයි වඩාත්ම නිවැරදි. ඒත් "Consoling my feeble soul" කොටස මඟෑරිලා.

    ReplyDelete
  3. ඔක්කොම හොඳයි

    ReplyDelete
  4. මට අනුව නං කවියක 'ලය' තිබිය යුතුයි
    සිව්පද සඳැස් දෙකටම ඒ ගතිය පොදුයි
    කීම 'කවිය හද බස වේ' ඇත්තක්මැයි
    වාත්තු කළ කවි අද නං හැම තැනමයි

    ReplyDelete
  5. එකම මාලුව කිරට ,මිරිසට,තෙල් දාල ,බැදල තියනකොට එක් එක් රස ඉස්මතු වෙලා දැනෙනව වගේ. ඒත් බරපතල සමාජ ගැටලුවක් විග්‍රහ කරන කවියක නම් එකම වචනයකින් උනත් සමහර විට කවියා ඉස්මතු කරන්න හදන අදහස යටපත් කරන්නට,දියාරු කරන්නට,ඒ වෙනුවට වෙනත් අදහසක් පැල කරන්නට හෝ සමාජගත කරන්නට හැකියාව තියනව නේද?

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.