මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Wednesday, 13 November 2024
ඡන්දෙ ඉල්ලන බ්ලොගර්ස්ලා දෙන්නෙක් - Two bloggers contesting parliament seats
මේ විස්තරය මුලින් වැදගත් වෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ අයට ය.
ඔවුන් කළ යුත්තේ මේ දෙදෙනා පාර්ලිමේන්තුවට යැවීමයි. ඉන්පසු මේ දෙදෙනා ලංකාවට ම වැදගත් පුද්ගලයින් වෙනු ඇත.
පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලැබූ රවීන්ද්‍ර බණ්ඩාර 2016 දී තම ජීවිත සටහන් "රබාගේ ලෝකය" නම් බ්ලොගයේ ලිවීය.
තම විදුලි ඉංජිනේරු උපාධියෙන් සම්මත රැකියාවක් කරනු වෙනුවට දිගු කලක් තිස්සේ උසස් පෙළ ගණිතය ටියුෂන්කරුවෙකු ලෙස කටයුතු කරන ඔහු තම බ්ලොගයේ ලිපි දෙක තුනක් ලියා පළ කර ඇත. ඔහු ගැන වෙනත් අය ලියූ සටහන් ද එහි ඇත.
කැලණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ඇති සමන්ත විද්‍යාරත්න මුලින් රජයේ ගුරුවරයෙකු ලෙස සේවය කර පසුව වෘත්තියෙන් ම දේශපාලනයේ යෙදෙන්නෙකි. චන්ද්‍රිකා-සෝමවංශ සභාග රජයේ උප ඇමතියෙකු ලෙස ද කටයුතු කර ඇත.
සමන්ත විද්‍යාරත්න ලියූ බ්ලොගය "දුයිෂෙන්ගේ අඩවිය" නම් විය. ඔහු එහි ලිපි දහයක් පළ කළේය.
බණ්ඩාරවෙල මධ්‍ය විද්‍යාලයේ ආදී සිසුන්වන මේ දෙදෙනාම බ්ලොග් ලිවීමට පොළඹවන ලද්දේ ඔවුන්ගේ සමකාලීනයෙකු වන කවිඳු ජයසිංහ යන අන්වර්ථ නමින් "Down the memory lane සොඳුරු අතීතයෙන් බිඳක්" බ්ලොගය ලියන්නා බව සිහිවේ.
- රසික සූරියආරච්චි
මා බදුල්ලේ සිටින්නේ නම්, මගේ තෙවන මනාපය අම්බිගා සැමුවෙල්ට දෙමි.
(images: 1. AI generated, 2,3,4 from Facebook)
Subscribe to:
Post Comments (Atom)
රසික, අජිත් පැරකුම්ගේ ෆේස්බුක් එකේ කොමෙන්ට් දාලා ඉල්ලං කාපු එකේ දෙවැන්න අද චින්තන ධර්මදාසගේ ෆේස්බුක් පොස්ට් වල කොමෙන්ට් දාලා ඉල්ලං කෑවා නේද?
ReplyDeleteමම මාලිමාවට කැමති කෙනෙක්, අනුර 2023 ඔසී ආපු වෙලාවෙ තමයි මම අනුරගෙ කතාවක් සජීවීව ප්‍රථම වතාවට ඇහුවෙ, පස්සෙ සෙල්ෆියක් ගත්තා, මට හිතුණෙම අනාගත ජනාධිපතිතුමා කියලා. ටියුෂන් ගුරාලා පාලිමන්ට් එකට ඕනෙ නෑ, සමන්ත ගැනත් මම හිතන් හිටියෙ හෙන අරගලකාරයෙක් විධියට වුණාට දැන්නම් පේන්නෙ වාචාල කතා කියන, ටොම් පච අත අරින පාලිමන්ට් එකට නොගැලපෙන තවත් එක පොහොට්ටු දේසපාලුවෙක්ගෙ හැඩය තියෙන එකෙක් විධියට. මම හිතන්නෙ අම්බිකා තමයි මම බදුල්ලෙ හිටියානම් මගෙ පලවෙනි මනාපෙ දෙන්නෙ.
ReplyDelete