මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Monday 5 June 2017
475. ආපහු කසාදයක් කර ගැනීම වැරදි ද? - No one can accuse me of bigamy!
සාමාන්‍ය නීතිය යටතේ එක් වරක් විවාහ වී ඇති අයෙකුට ඒ විවාහයෙන් ඉවත් නොවී නැවත විවාහ විය නොහැක. එසේ දෙවන විවාහයක බැඳීම හෙවත් බිගමි යන්න සැලකෙන්නේ බරපතල වරදක් ලෙසයි.
එසේ නොවන අවස්ථාවල පවා, උදාහරණයක් ලෙස, වැන්දඹු පිරිමියෙකු වූ වික්ටර් රත්නායක පසුගිය දා විවාහයක් කර ගත් විට කොයි තරම් හා හෝවක් ඇති වුණි ද?
කෙසේ වෙතත්, පැවති විවාහය එසේ ම තිබිය දී, මම යළිත් විවාහයක් කර ගැනීමට, මුදු මාරු කර, ගිවිස ගත්තෙමි.
එකට එක කරන්නට සිතා දෝ, මගේ බිරිඳ ද එසේ ම කළා ය.
නමුත්, අප දෙදෙනාට විවාහ නීතිය කඩ කිරීමේ චෝදනාව නම් එල්ල නොවෙනු ඇත.
ඒ මක් නිසා ද යත්, මුදු මාරු කර ගෙන, මා අලුතෙන් විවාහ ගිවිස ගත්තේ මගේ ම ආදරණීය බිරිඳ සමග නිසාත්, ඇය විවාහ ගිවිස ගත්තේ මා සමග නිසාත් ය.
කෙසේ වුවත්, මේ දෙවෙනි විවාහ ගිවිස ගැනීමේ එක් අතුරු ප්‍රතිඵලයක් වූයේ, අප්‍රියෙල් 17 දින සිට ජූනි පළමුවෙනිදා දක්වා, නොනවත්වා, මුලින් බ්ලොග් වසන්තය නිසාත්, එය අවසාන වීමෙන් පසුවත්, දිනපතා සටහන් පළ කරමින් පවත්වාගෙන ගිය රසිකොලොජියට පොඩි විවේකයක් දෙන්නට සිදුවීම යි.
දින හතරක නිවාඩුවෙන් පසු යළි අද පටන් "රසිකොලොජිය" යාවත්කාලීන කිරීම ඇරඹුණ ද, ඉදිරියේ දී මා සටහන් පළ කරන්නට අදහස් කරන්නේ මේ වසරේ මුල් මාස තුනහමාරක පමණ කාලයේ දී කළාක් මෙන් දින දෙක තුනකටවරක් පමණි.
පසුගිය ඒක පුද්ගල බ්ලොග් මැරතන් සමයේ දී, "රසිකොලොජිය" නිරතුරු කියවා, ප්‍රතිචාර දක්වා, දිනකට පිවිසුම් වාර 1,500 පමණ සටහන් කළ (බොට්ලා ඇතුලු) සියලු දෙනාට ම මගේ ස්තුතිය හිමි වේ.
ඔබටත් වාසනාවන්ත නැවත විවාහයක් සහ මධු සමයක් වේවා යැයි ඉත සිතින් පතමි!
-රසිකොලොජිස්ට්
ප/ලි
ඉහළින් ම ඇති පින්තූරයේ ඉන්නේ එලිසබෙත් ටේලර් සහ රිචර්ඩ් බර්ටන් යුවළයි.
(image: http://www.telegraph.co.uk/culture/tvandradio/bbc/10190932/Richard-Burton-and-Elizabeth-Taylor-the-deadly-love-that-never-died.html)
Subscribe to:
Post Comments (Atom)
Congratulations! !!!!!!!
ReplyDeleteස්තුතියි, ජයවේවා!
DeleteA second honeymoon is not illegal either :)
ReplyDeleteඅනිවා!
Deleteකෝලං
ReplyDeleteගෙටත් උසේ!
Deleteඅලුතෙන් මුදු මාරු කර ගෙන,අලුතෙන් නැවතත් විවාහ ගිවිස ගත් ඔබ දෙපලට නැවුම් විවාහ දිවියකට ආසිරි වේවා...!
ReplyDeleteමෙහෙම දවසක් ඔබ දෙපලටත් ඒවි!
Deleteඅඩියක් ගහලා සමරමු
ReplyDeleteෂැම්පේන්!
Deleteඅපේ කලා කාරයන්ටත් ඔය ලෙඩේ හැදිලි පහුගිය දවස් වල.. හොද ලෙඩක්..
ReplyDeleteකලාකාරයින් හිටියේ රජකාලේ ය, ඒ අය වැඩ කළේ රජු ගේ වැටුපට ය, දැන් ඉන්නේ නිර්මාණකරුවන් ය කියා කවුදෝ කියා තියෙනවා දැක්කා!
Deleteරිෆ්‍රෙෂ් වෙන එක නරකයි කියන්නෙ කවුද
ReplyDelete;-)
රීෆ්‍රෙෂ්, රී ෆුවල්, රී-ස්ටාට් ඇන්ඩ් ගෝ!
DeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඇයි ප්‍රතිචාර ඉවත් කළේ?
Deleteආතර් කාරය බීල
Deleteසුභ පැතුම්!
ReplyDeleteජයවේවා
Deleteමළ කෝලං ! congrats mate :)
ReplyDeleteහොඳ හොඳ සෙල්ලම් පහු පහු වෙනකොටයි!
Delete+++++++++
ReplyDeleteඔව් මේක ධනාත්මක වැඩක්!
Deleteකකා ලොක්කා ආයෙ මායියත් එක්ක හුරතල් වෙලා, මුදු මාරු කළා කියල කතාවක් ලියල තියෙනවා. දැන් ඔය මෙනෝපෝස් වෙච්ච මායිය එක්ක කොච්චර හුරතල් වුණත් ආයෙ පරණ ජින්ගිජිකා කරන්න බෑනෙ. ඔපිස් ටුවර් කියලා, ආසියා පැසිපික් පැත්තෙ රවුමක් දාලා, 20-25 කෑලි කීපයක් එක්ක ෆුල් ෆන් එකක් ගන්නකො අයියො. ඒ කාලෙ හිටපු තායිලන්තෙත් නරක නෑ, බැන්ග්කොක්වල අයාල ස්ට්‍රීට්. හැබැයි සුද්දො වැහි වැහැලා. ඔය මැනිලා පැත්තෙ, බර්ගොස් ස්ට්‍රීට් ගියා නම්, අපිව වඩා ගන්නවා. මොකද සුද්දො අඩුයි, දුඹුරු අපිටත් තැන. ගානත් අඩුයි.
ReplyDeleteනොදැන කියන කතාවලට සමාව දෙමි!
Deleteනැවතත් මුදු මාරු කරගත්තේ ඇයි ? අන්යූෂුවල්
ReplyDeleteකලින් දාපු මගුල් මුදු කේස් එක වෙනම ම ලියන්න ඕනෑ දිග කතාවක්.
Deleteප්‍රීතියි.
ReplyDeleteඒක පරණ බ්‍රෑන්ඩ් එකක් නේද?
Delete;-)
නාකි කෝලං!
ReplyDeleteගෙටත් උසේ!
Deleteමගේ මුද්දත් දැන් කොහෙද කියලා නෑ... ආයෙත් සැරයක් බැන්දොත් හොඳයි වගේ.
ReplyDeleteසුභ පැතුම් රසික!
පොටෝ අල්ලන මහත්තුරු එහෙමත් ආවද? ගොයින් අවේ එකක් එහෙම තියෙන්න ඇති. කිව්වනම් අපිත් එනවනෙ කුඩු ගහන්න.
ReplyDeleteමාත් ආයෙම මුදු මාරු කරගත්තා
ReplyDeleteඔබ දෙපළටසුබ පැතුම්
අලුත් වෙච්චි එක කොච්චර හොදයි ද . ජය !
ReplyDeleteදැන් මඟුල් ගේ කවද්ද තියෙන්නෙ ?
ReplyDelete