Friday 3 March 2017

වික්ටර් රත්නායක ගේ විවාහයෙන් හෙළිවෙන පිරිමින් ගේ කඳුළු නොපෙනෙන දුක! - Secret men's business


වික්ටර් රත්නායක පසුගිය මාර්තු පළමුවෙනිදා විවාහ වී ඇති බව දැන ගන්නට ලැබී ඇත.

ඉතිං අපිට මොකද හලෝ?

මේ ඔහු ගේ දෙවෙනි විවාහයයි.

ඉතිං අපිට මොකද හලෝ?

ඔහු ගේ පළමු බිරිඳ මිය ගොස් දැනට වසර දහතුනක් පමණ ගත වී ඇති බවත්, ඔහු මේ දෙවන බිරිඳ සමග වසර නමයක පමණ කාලයක් තිස්සේ සම්බන්ධතාවයක් පවත්වා ඇති බවත් කියවෙනවා.

ඉතිං අපිට මොකද හලෝ?

වික්ටර් රත්නායක ගේ වයස අවුරුදු හැත්තෑ පහකි.

හෑ?

වික්ටර් ගේ අලුත් බිරිඳ ගේ වයස අවුරුදු 33 ක් ලු!

හෑ?

ප්‍රසිද්ධ පුද්ගලයෙකු හා සම්බන්ධ කතාවක් වුවද, මෙය එක අතකින් සරල ඕපාදූපයකි. නමුත් මට මේ සිදුවීමට අදාළව වචන කිහිපයක් ලියන්නට සිතුණේ, තැටිය රත් වී ඇති වෙලාවේ රොටි පිච්චීමේ අවශ්‍යතාවක් නිසා නොව මේ වික්ටර් රත්නායක සිදුවීම හා බැඳී ඇති පොදුවේ පුරුෂ පක්‍ෂයට අදාළ කාරණයක් නිසා යි.

එය ලොව ජනගනගහනයෙන් 49% ක පිරිමින්ට පමණක් නොව ස්ත්‍රීන්ට ද එක සේ වැදගත් සියලු දෙනාම දැන ගත යුතු කරුණකි. එසේ ම ජීව විද්‍යාත්මක සත්‍යයකි.

එනම්, වයසට ගිය ද, පිරිමින් ගේ ලිංගික අවශ්‍යතා නො අඩුව පවතින බවයි.

මෙය ඩොනල්ඩ් ට්‍රම්ප්ලාට, වික්ටර් රත්නායකලාට, හියූ හෙෆ්නර්ලාට පමණක් නොව අති බහුතරයක් පිරිමින් සඳහා සත්‍ය කාරණයකි.

නමුත්, විවිධ සමාජමය කාරණා නිසා, මේ තත්වයට පිළියමක් නොමැතිව ලතවෙන වයසක පිරිමින් කොතරම් ලොව ඇති ද?

ගම්බඳ ප්‍රදේශයක විසූ මා දන්නා සීයා කෙනෙකු ඒ ගමේ මැදිවියේ කාන්තාවක විසින් පවත්වාගෙන යන ලද අරක්කු විකුණන තිප්පොලකට යන බව ඔහු ගේ පුතාට ආරංචි විය.

වයස අසූවක් පමණ වූ තම පියා අරක්කු බීම ගැන පුතා අසතුටට පත් විය.

"තාත්තේ අරහේ යන එක නම් හොඳ මදි!" පුතා තාත්තාට කීවේය.

තාත්තා එදා වස පානය කර සිය දිවි හානි කර ගත්තේ ය.

පසුව ආරංචි වුණේ, පෙර කී අරක්කු තිප්පොලේ අයිතිකාරිය තව තව දේ ද විකුණන බවයි.

පුතා ගේ පස්වෙනි ශික්‍ෂාපද අවවාදය ගැන තාත්තා වරදවා සිතා ඇත්තේ තුන්වෙනි ශික්‍ෂාපදය ගැන ද කියවුණු එකක් කියා ය!

ලංකාවේ සමහර පිරිමින් වයසට යනවාත් සමගම බණට, දහමට යොමුවන්නේ මේ නිසා විය යුතුයි.

වික්ටර් රත්නායක කතාවට අදාළ අවාසනාවන්ත සිදුවීම නම් ඔහු ගේ පුත් ලෙලුම් විසින් ෆෙස්බුක්හි තබන ලද "අප්පච්චි මළා!" නම් සටහනයි.



එවැනි පුතුන් ගැන මට කිව හැක්කේ නොදකින් කියා පමණි!

තම ජීවිතයේ මේ වැදගත් සංධිස්ථානයට එළැඹි වික්ටර් රත්නායකට මම ඉත සිතින් සුබ පතමි.

යූ ගෝ බෝයි!

යූ ආ ද මෑන්!!

අනඟ තරුණ බඹරු අපී
අමර වරම අපට හිමී
අපි මැරෙන්නේ නෑ, අපි මැරෙන්නේ නෑ!!

හැරමිටියෙන් ඇවිදින්නෝ
අපට එරෙහි වී එන්නෝ
සීමා මායිම් වැටකොටු
ඒ කිසිවක් අපට නැතේ!



-රසිකොලොජිස්ට්

ප/ලි:
පියා ගේ විවාහය ගැන ලෙලුම් රත්නායක නිකුත් කළ වීඩියෝ කතාවෙන් මතුවෙන ලාංකික අමනකම - Love? WTF is that?

http://rasikalogy.blogspot.com/2017/03/love-wtf-is-that.html


ප/ප/ලි:
මෙන්න වික්ටර් රත්නායක ගැන සඳහන් තවත් ලිපියක්.

අමරදේව, නන්දා මාලනී, වික්ටර් රත්නායක සහ රසික ඔබ! (හැම දෙනාගේ ම කියවීම පිණිස නොවේ) - WARNING: Not for general consumption :: http://rasikalogy.blogspot.com/2016/11/warning-not-for-general-consumption.html

(image: https://en.wikipedia.org/wiki/Victor_Rathnayake)

92 comments:

  1. වික්ටර්ට ශුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. අනඟ තරුණ බඹරු අපී
      අමර වරම අපට හිමී

      සීමා මායිම් වැටකොටු
      ඒ කිසිවක් අපට නැතේ!

      Delete
    3. බටහිර සංස්කෘතියේ මේ වගේ දෙයක් උනාම ගෑනිටයි මිනිහටයි පලු යන්න බනිනවා. gold digger, trophy wife අනන් මනන් කියලා.

      ඒත් මේකට සම්බන්ධ ප්‍ර‍තිචාර බැලුවහම අපේ උන් බැනලා තියෙන්නේ පුතාල දෙන්නට ගෙදර දේ පිටට ගෙනියනවට. එතන අපේ මිනිස්සු මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම දකින්නේ අතිශය පෞද්ගලික සහ මානුෂික කාරණාවක් විධියට.

      රසිකට අනුව අන්ත ගෝත්‍ර‍ාවාදී හැතිකරයක් වෙච්ච මිනිස්සු මේ සිද්ධිය දකින්නේ එහෙමයි.

      අපිටනම් පෙනෙන හැටියට රසික මේ ලිපිය ලියලා තියෙන්නෙ වික්ටර්ට හීනි මඩපාරක් ගහන්න වගේ. මෙතනදී රසික දකින්නේ 100% ක්ම මේක ලිංගික කාරණාවක් විධියට. ඒක රසිකගේ දෘ්ෂ්ඨිකෝණය වෙන්න ඇති.

      Delete
    4. පහුගිය අව්රුදු නවය අතරේ වික්ටර්මිය ගියානම් ඔය කාන්තාවට අත්වන ඉරණම ගැන කව්රුත් කතා කරයිද? . වික්ටර් තම 75 වන උපන් දිනයේදී ඇය කල කැපකිරීම වෙනුවෙන් ඇය විවාහකරගැනීම අගය කරමු !

      Delete
    5. @ Anonymous 4 March 2017 at 03:18

      ඒ ගෝලඩ් ඩිගර් කතා දැන් අඩුයි. මොකද හුඟ දෙනෙක් එහෙම අය බඳින්නේ pre-nuptial එකඟතා අත්සන් කරලා නිසා!

      මගේ දෘෂ්ඨිකෝණය කුමක් වුනත් ඔබ එය දකින්නේ ඔබේ දෘෂ්ඨිකෝණයෙන් නේද? සියල්ල සාපේක්‍ෂයි!

      Delete
    6. Anonymous 4 March 2017 at 13:36

      සහතික ඇත්ත.

      Delete
  2. මේ තියෙන්නේ වික්ටර් රත්නායකගේ වෙබ් අඩවිය. වික්ටර්ගේ උපන්දිනය දවසේ BMICH එකේ තිබුණ "වජ්‍ර ප්‍රභා" කොන්සට් එකේදි මේක ලෝන්ච් කළේ. වෙබ් සයිට් එකේ කොතනවත් වික්ටර්ගේ බිරිඳ, දරුවන් ගැන සඳහනක් නැහැ. හරි පුදුමයි ඉතින්.
    http://victorratnayake.lk/

    ReplyDelete
    Replies
    1. ඔහු ගේ පළමු බිරිඳ මිය ගොස් දැනට වසර දහතුනක් පමණ ගත වී ඇති බවත්, ඔහු මේ දෙවන බිරිඳ සමග වසර නමයක පමණ කාලයක් තිස්සේ සම්බන්ධතාවයක් පවත්වා ඇති බවත් කියවෙනවා.

      මා හිතන්නේ වික්ටර් රත්නායක ගේ දරුවන් මේ සම්බන්ධය ඉවසනු නොහැකිව ඔහු සමග අමනාප වී ඉන්නවා ඇති!

      Delete
  3. /එනම්, වයසට ගිය ද, පිරිමින් ගේ ලිංගික අවශ්‍යතා නො අඩුව පවතින බවයි./

    බොහොම වයෝවෘද්ධ පිරිමින් නැවත විවාහයක් කරගන්ට හේතුව ලිංගික අවශ්‍යතාම නෙවෙයි රසික. එහෙමනම් ඒක බොහොම පහසුවෙන් ඉටුකරගන්ට පුලුවන්. නැවත විවාහයක් කරගන්නව වගෙ අවදානමක් ගන්නෙ නැතුව. (මම අවදානමක් කියල කිව්වෙ අපේ පසුගාමී අනුන්ගෙ දේම අවුස්සන ගෝත්‍රික සමාජයෙන් එල්ලවිය හැකි අපවාද ගැන හිතල, වෙන දෙයක් නෙවෙයි)

    මෙතන වෙන්නෙ මිනිස්සු හැමෝටම අවශ්‍යයයි තනිකම පාලුව මකා ගන්ට.ඒක පිරිමි ගැහැණු කියල භේදයක් නෑ. හැමෝටම පොදුයි.ජීවිතේ බෙදාගන්ට පාට්නර් කෙනෙක් ඕනමයි. ඒ අඩුව දරු මුණුබුරන්ට කොහෙත්මා පිරිමහන්ට බෑ. ලෙලුම් තේරුම් නොගත්තෙ අන්න ඒක මම හිතන්නෙ.

    අනික් අතට මේ සිද්ධිය පසුපස තියෙන කතාව අපි දන්නෙ නෑනෙ. ඒත් ඒ කොහොම උනත් මම කියන්නෙ වික්ටර්ට ඔහුගේ ඉදිරි ජීවිතය ගැන තීරණයක් ගන්න පූර්ණ නිදහස තිබිය යුතුමයි. පීරියඩ්.

    සුබ පැතුම් වික්ටර් මහතාණනි, ඔබ සහ ඔබගේ මනාලියට!!!

    ReplyDelete
    Replies
    1. රවී,

      ස්තුතියි. නමුත් මා ද විවාහය ගැන නොවෙයි කියා තියෙන්නේ.

      ඔහු ගේ පළමු බිරිඳ මිය ගොස් දැනට වසර දහතුනක් පමණ ගත වී ඇති බවත්, ඔහු මේ දෙවන බිරිඳ සමග වසර නමයක පමණ කාලයක් තිස්සේ සම්බන්ධතාවයක් පවත්වා ඇති බවත් කියවෙනවා නේ.

      ඉතිං අවසානයේ ඔහුට සිතෙන්නට ඇති මේ සම්බන්ධය නීති ගත කර ඒ කාන්තාවට නිසි තැන දෙන්න.

      ඇය "ගෝල්ඩ් ඩිගර්" කෙනෙකු වෙන්නත් තරමක් හෝ ඉඩ තියෙනවා.

      ලෙලුම්ලාට තරමක් හෝ දේපල ගැන ආසාවක් නැතිය කියන්න බෑනේ්!

      Delete
    2. "කරුණාකර පොඞ්ඩකට නවතින්න. වතුපිටි වල ඛේදවාචකය ගැන කතා කරන කොට මහාධිකරණ තුමාගේ පපුව පත්තු වෙනවා. පිරිසිදු මනුෂ්‍ය හැඟීම පිළිබඳ සංකේතයක්!"

      - අසඩක්

      Delete
    3. රවී ගේ සටහන තමයි ඇත්තට යතාර්ථය . . . ! විවාහය කියන්නේ ලිංගිකව එක් වීම පමණයි කියල හිතනවානම් . . . එහෙම අයට විවාහය sorry ම තමයි . . .

      Delete
  4. අවුරුදු 10කින් 15කින් පමණ කලාතුරකින් පිපෙන අක්කපාන මල්

    https://www.youtube.com/watch?v=lpjO1UiNj0o

    ReplyDelete
    Replies
    1. අක්කාපාන කොළවලින් මුල් අදිනවා නේද?

      Delete
  5. man hittanne lelumta ammava matkvenna athi

    ReplyDelete
    Replies
    1. සමහරු ලෙලුම් ගේ අම්මාව මතක් කරනවා. සමහරු වික්ටර් ගේ අම්මාව මතක් කරනවා.

      ඒ අම්මලා දෙන්නා ම මේ ලෝකේ නෑ!

      Delete
  6. man hittanne lelumta ammava matkvenna athi

    ReplyDelete
    Replies
    1. දැන් ලෙලුම්ට පුංචි අම්මා කෙනෙකු ඉන්නවා නේ!

      Delete
  7. අපේ ගමේ ඒ කාලේ හිටපු ලොකුම පෝසතා ( බස් හිම්, ඉඩම් හිමි වැවිලී කරැ, රජ යේ කොන්ත්‍රාත් කරු ) අවුරුදු අසුවේදි විවාහ වුණා .ඉඩ මඩම් ගොඩක් ළමයින්ට දෙන අතරේ අලුත් ජොඩුවත් තමන්ගෙ වියදමට දේවල් තියාගෙන. මේ කියන ඉඩම් හිමියා තමයි මගේ කුඩාම කාලේ බිස්නස් එකක ( පුවක් වෙළඳාම ) ගැණුම් කරු වුණේ. http://helmalu.blogspot.com.au/2015/04/blog-post_13.html

    ReplyDelete
    Replies
    1. දේපොල අයිති අයිතිකාරයින්ට නේ!
      ඉතුරු වුනොත් තමයි ඊළඟ පරම්පරාවට.

      Delete
  8. මිනිස්සු හරි පුදුමයි..

    ReplyDelete
  9. සුබ මංගලම් වික්ටර් රත්නායකයාණෙනි....!

    (එහෙම නොකිව්වොත් එයා තරහා වෙන්න පුළුවන්.)

    ReplyDelete
    Replies
    1. නාස් ලණුව දමනවාලු
      කරත්තයට බඳිනවාලු!

      Delete
  10. මේ ලින්ක් එක මම එතන කොමෙන්ට් කළා මෙන්න යටින් වැටෙන කොමෙන්ට්,
    Jeewantha Kawusallya මේරටේ කෙල්ලො නැති කොල්ලො කෙව්වර ඉන්නවද සුයන්වින්දන පාරක්දාන් හොඳට ඉන්නෙ තමන්යෙි පවුලෙයි ගරැත්වය ගැන හිතල සුයන් පාරක දාගෙන ඔය ටික කාලෙ හිටියනම් ඉවරනෙ මිනිස්සුන්ට සල්ලි වැඩි වුනාම තමයි ඔහෙිම වෙන්නෙ වයස අදාල නෑ ගෑනු එනව ඔකතමයි හෙනේ දැන් ඉතින් පුාස්න වැලයි
    Like · Reply · 2 minutes ago
    Chamara Perera
    Chamara Perera වල් ගැනුන්ගේ මෝල වැඩි උනාම තමගේ තාත්තා එක්ක හරි කමක් නෑ ඇදට යනවා

    අයියෝ ෂල්ලි.... :)

    ReplyDelete
    Replies
    1. මිනිසුන් විවිධාකාරයි. ඉතිං, අප හැමෝම මේ ප්‍රශ්නය දෙස බලන්නේ එක ආකාරයකින් වෙන්න බෑනේ!

      Delete
  11. ආදරය සින්දු වලන් විතරක් නොවෙයි සැබෑ ජීවිතයේදීත් විඳිය යුතුය...එයට වයස තරාතිරම වැදගත් නොවෙනු ඇත.

    ReplyDelete
  12. රටේ දැවෙන ප්‍රශ්නයක් ඇතිකළ වික්ටර් රත්නායක මහතාට සුබ පැතුම් !! හැක්..

    ReplyDelete
    Replies
    1. මේ සුමානේ කතා කරන්න දෙයක් තියෙන්න ඕනෑ නේ!

      Delete
  13. රසික,

    වික්ටර් රත්නායක අවුරුදු නවයක් හොරාට තියන් ඉඳලා අන්තිමට කසාද බැන්දේ ඔයාගේ දුවනම් එතකොටත් ඔයාට මේ වගේ ආතල් දැනෙයි නේ?

    ReplyDelete
    Replies
    1. Don't worry if thats her selection why do I bother.if that person can look after my child well and she lives happily with him I bless them.

      Delete
    2. # Anonymous4 March 2017 at 02:25

      අනුන්ගේ කොමෙන්ට් අස්සේ පුක නොදා පල බූරුවෝ යන්න

      Delete
    3. @ Anonymous 3 March 2017 at 22:50

      මේ ඔබ නගන්නේ ඉතාම මෝඩ තර්කයක්. මා මේ හා සමාන අවස්ථාවක් ගැන මා කලින් දිනයක ලිපියක් ලිව්වා.

      https://rasikalogy.blogspot.com/2017/02/homophobic-doctors.html

      එය කියවා ඔබේ අදහස නිවැරදි කර ගන්න.

      Delete
  14. ලිඳ මගේනම් මා ලිදේනම් තවකෙකුට කිම වේදනා..

    ReplyDelete
    Replies
    1. ;-)

      ලිං කටෙන් ම ගොඩ ඒමට හැකිවේවා!

      Delete
  15. It seems that almost every one who comment on this including our respectable musician s son thinks that only reason for relationship between man and women is need for having sex.Everyone analyze problems based on their thinking pattern.So we have to think whether who has that need, is that Victor or those clean commenters

    ReplyDelete
    Replies
    1. ලෝකය දුවන්නේ ප්‍රජනන ක්‍රියාවලිය මත තමයි. ඒක පරම සත්‍යයක්. මිනිසුන් සඳහා පමණක් නොවයි සතුන් සහ ගස්වැල් සඳහාත්!

      Delete
  16. ලංකාවේ කට්ටිය කුහකයි. වික්ටර් රත්නායක ට මගේ සුබ පැතුම් . ප.ලි. එදරිවීර සරච්චන්ද්‍ර ත් ඔය දේ කලා නේද?

    ReplyDelete
    Replies
    1. සරච්චන්ද්‍ර දෙවෙනිවර බැන්දේ මීට තරුණ වයසේ. ඒ මුල් බිරිඳගෙන් දික්කසාද වෙලායි!

      Delete
  17. රසික,

    ඔබ විවහා වී සිටින්නේ වෛද්‍යවරියක් සමග නේද? ඇය සමග ඔබගේ ලිංගික ජීවිතය සතුටුදායකද? මෙවැනි වෛද්‍ය ක්ෂේත්‍රවල අය ලිංගික ජිවිතයට එතරම් උනන්දු නැහැ කියනවා නේද? මොකද ශල්‍යකර්ම ආදියේදී මිනිස් සිරුරු දැකලා දැකලා එතරම් ප්‍රියතාවයක් නැද්ද? එහෙමත් නැත්තං වෛද්‍යවරියන් බොහෝ විට විවහා වී සිටින්නේ වෛද්‍යවරු සමග නිසා සහ ඔවුන් දෙදෙනාම කාර්යබහුල නිසා ලිංගික ජිවිතයට ප්‍රිය නැද්ද?

    මගේ සම්බන්දයක් තියෙනවා විවාහක වෛද්‍යවරියක් සමග. ඇයගේ පුරුෂයාත් වෛද්‍යවරයෙක්. මා සමහර දිනවල ඇයත් සමග මුළු දවසම ගතකොට තිබෙනවා කිසිම ලිංගික ක්‍රියාවක් සිදුනොකර. සම්පුර්ණ රාත්‍රියන් කිහිපයක් ඇය සමග ගතකොට තිබෙනවා ඒ අයුරින්ම. සිප ගැනීමකට එහා කිසිම දෙයක් නොකර.මොකද ඇය ඇතැම් විට ලිංගික ක්‍රියා සදහා උනන්දු නෑ.යාන්ත්‍රික වගේ. සමහර ඇයට ඕනා මගේ ලයට මුහුණ තබාගෙන නිදාගෙන ඉන්න විතරයි මුළු දවසක් උනත්.... ඇය සහ ඇයගේ ස්වාමි පුරුෂයා අතරත් එවැනි සබදතාවක් ඇත්තෙම නෑ වගෙයි.

    මං පොඩ්ඩක් හොයලා බැලුවා වෙනත් වෛද්‍ය ක්ෂේත්‍රයේ පවුල් ගැනත්. මගේ මිතුරන්ගේ. හිතවතුන්ගේ එහෙම. ඒවායිනුත් මට තහවුරු උන දේ තමයි මෙවැනි ක්ෂේත්‍ර වල අය ලිංගික ජිවිතයට එතරම්ම උනන්දුවක් නැති බව. බිරිද සහ පුරුෂයා දෙදෙනාම වෛද්‍යය ක්ෂේත්‍රයේ නං දෙදෙනාගම හැගීම් අඩු වීම ගැටලුවක් නොවෙන්න පුළුවන්. ඒත් දෙදෙනා රැකියා දෙකක් කරනවා නං රසිකගේ පවුලේ වගේ ගැටලුවක් මතු වෙන්නේ නැද්ද?

    (මා කාන්තාවන් සතුටු කරනා ආකාරය ගැන දන්නා අතර, ලිංගික ශ්‍රමිකයන්ක් නොවන කාන්තාවන් 6 දෙනෙකු සමග ඉද ඇත. ඔවුන් සියලු දෙනාම ඉතාම තෘප්තිමත් වූ බව මට සහතික අතර ඒ කිසිම සබදාවක් ආරම්භ වුයේ මගේ මුල් අනුබලයකින් නොවේ. මේ බොහෝ දෙනා අදටත් මට කතා කරන නමුදු මා යන්නේ නැති බවද සදහන් කිරීමට කැමැත්තෙමි.)

    ReplyDelete
    Replies
    1. අනී ඔය්යා කොහීද ඉන්නී.

      Delete
    2. Anonymous3 March 2017 at 23:42 ඔයා බැඳලද​?
      ඔයාගෙ වයිෆ් කීදෙනෙක් සතුටුකරල තියෙනවද කියලත් පොඩ්ඩක් එයාගෙන් අහල කියන්නකො

      Delete
    3. # Anonymous4 March 2017 at 17:14

      නැහැ මිත්‍රයා. කසාදෙ කියන බැදීමට මම ආසා නෑ.

      Delete
    4. Anonymous 3 March 2017 at 23:42

      මනුෂ්‍යයින් ගේ ලිංගික චර්යාවන් රැකියාව නිසා වෙනස් වෙන බවක් මා මීට පෙර අසා තිබුණේ නෑ. වයසට යාම සමග එය නැති වී යා යුතුයි කියා සිතන අයට නේ වික්ටර් වයස 75 දී බැන්ද එක ප්‍රශ්නයක් වී තියෙන්නේ.

      අපේ විවාව දිවිය හොඳින් ගත වෙනවා. විමසීම ගැන ස්තුතියි.

      ඔබේ ළමැද සුව යහනක් ඇයට තනා දෙන්නට හැකි රාත්‍රී සමයන් තවත් එළැබේවායි පතමි. ඔහොම ගිහින් වයස 75 දී හෝ විවාහයක් කර ගන්න!

      Delete
  18. දැන් ඉතින් ඔක්කොම නාකි පිරිමිටික තමන්ගෙ ගැනි මැරෙනකන් බලා ඉදී.අලුත් cultures හදනව

    ReplyDelete
    Replies
    1. Do you think all males are thinking alike. Mad

      Delete
    2. පිරිමි ආයුෂ අඩුවීම සහ බඳින විට යස් පරතරය නිසා ලෝකය පුරාම වාගේ වැන්දඹු කාන්තාවන්ට සාපේක්‍ෂව වැන්දඹු පිරිමි ඉන්නේ අතලොස්සකි.

      Delete
  19. මේ ලිපිය ලියා ඇති පුද්ගලයාට දියණියක් ඉන්නවද කියලා මම දන්නේ නෑ. (එළකිරි ඩොට් කොම් එකේ තිබුන ලින්ක් එකකින් මම මේ ලිපිය දැක්කේ) එහෙම දියණියක් ඉන්නවා නං ඇය වයස අවුරුදු හැටක හැත්තෑවක වයස පිරිමි කෙනෙක් එක්ක ගිහිං ඒ මනුස්සයාගේ ලිංගික අවශ්‍යතාව නොඅඩුව සපුරනවා නං කොහොමද? ඒකට මොකද කියන්නේ?

    ReplyDelete
    Replies
    1. What's wrong with it.

      Delete
    2. @ Anonymous 4 March 2017 at 00:47

      මේ ඔබ නගන්නේ ඉතාම මෝඩ තර්කයක්. මා මේ හා සමාන අවස්ථාවක් ගැන මා කලින් දිනයක ලිපියක් ලිව්වා.

      https://rasikalogy.blogspot.com/2017/02/homophobic-doctors.html

      එය කියවා ඔබේ අදහස නිවැරදි කර ගන්න.

      Delete
  20. වික්ටර්ගේ දෙවැනි විවාහය ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වලට ප්‍රවෘත්තියක් නොවේද? ලෙලුම් කියනතුරු එය කිසිවෙක් නොදන්නේ ඇයි?
    වික්ටර් ඊයේ සජීවී රූපවාහිනී වැඩසටහනකට සහභාගී වුණා මා දුටුවා. ඒ වැඩසටහනේ වාදක කණ්ඩායමේ නායකයා වුයේ වික්ටර්ගේ දෙටුපුත් ජයන්තයි.

    ReplyDelete
    Replies
    1. මෙතන අනුන්ගේ බ්ලොග් වල සීනී කිරන්නේ නැතුව තමුන්ගේ බ්ලොග් එකේ ලිපියක් කාරිය ලියලා, එකේ වැටිලා තියෙන කොමෙන්ට් වලට උත්තර දෙන්න හැලපානිස් ඔතානිස්

      Delete
    2. ඇනෝ කමෙන්ටුව දමා ඇත්තේ හැලපේගේ හොඳ පාඨකයෙකු බව පෙනේ!

      Delete
    3. හැලපේ,
      ලංකාවේ එහෙම celebrity ප්‍රවෘත්ති සොයාගෙන යන පත්තරකාරයින් අඩුයි වගේ. Celebrity ලා පත්තරවලට කෝල් කරලා විස්තර කියනවා නේ.

      Delete
  21. වික්ටර් යුවලට සුපැතුම්!

    හැරිමිටි කරතියාගත් හුජ්ජකොල්ලොත් කොමෙන්ට් කරල තියෙන්නේ, බොලා හදාවඩන්න යන ආදරණීය දියණියෝ ලොකුමහත් උනාම එයාලගේ බර්ත් ඩේ තෑගි වලට මොනවගේ දේවල් ඉල්ලයි ද? හැරමිටි අදහස් වෙනස් කරගන්න බැරිවුනොත් ඒකාලේ වෙනකොට බොලාට හාට් ඇටෑක් හැදිලවත් ලෙසියෙන් මැරෙන්න වෙන්නෙ නෑ විඳවන්නම වෙනවා.

    ReplyDelete
    Replies
    1. හදවත් රෝග ඇති අයට සිය බිරිඳ සමග ලිංගිකව එක්වීමකට වඩා අනියම් බිරිඳක් සමග ලිංගිකව හැසිරීම දෙගුණයක් අනතුරුදායක බවයි කියවෙන්නේ.

      Delete
  22. ඉතිං අපිට මොකද හලෝ? :D

    ReplyDelete
    Replies
    1. ඔව්, පුද්ගලික කාරණාව නිසා මතුවෙන සමාජ ප්‍රශ්නය විතරයි අපට වැදගත්!

      Delete
  23. මේ පියවර තවත් අය අනුගමනය කලොත් රටේ පිරිමි කම්මැලිකම නැතුව සල්ලි හම්බු කරයි. වැඩිහිටියන් අතින් වන අපචාර අඩුවෙයි.

    වික්ටර් රත්නායක මහතා තමුන්ගේ කලින් බිරිඳ අතහැර කසාදයක් කරගත්තාද නොවේ. සිය ළමයින් මහමග අතහැර අනාථ කර වෙනත් කාන්තාවක් සමග පැනගියාද නොවේ. ඒ නිසා ඔහුගේ වරදක් මමත් නොදකිමි. වරද ඇත්තේ සමාජ මතයට බය ඔහුගේ පුතු ළඟ බව මම හිතමි.

    ReplyDelete
    Replies
    1. දැන් ඔහේගේගෙ කාත්තා ඔහේගේගේ ගෑනිගේ වයසේ එකියක් එක්ක ගියාම ආතල් ඒක කොහොමද දොරේ..

      Delete
    2. මට නං අවුලක් නෑ.

      Delete
    3. ෆේස් බුක් එකේ රෙදි ගලෝගෙන නටපු ගොන් වැඩෙන් ලෙලුම් පුතා ලාමක මෝඩයෙක් බව ලෝකෙට පරකාස වීය​.

      Delete
    4. අන්න හරි සුරංග,

      සමාජ මතය තමයි මෙතැන වරදකරු.

      රත්නායක පවුලේ පුද්ගලික කාරණාව තුළින් මතුවෙන වියපත් පිරිමින් ගේ ජිවිත පිළිබඳ ප්‍රශ්නය පිළිබඳව අප කතා කළ යුත්තේ ඒ නිසයි!

      Delete
    5. @ Anonymous 4 March 2017 at 12:36

      මේ ඔබ නගන්නේ ඉතාම මෝඩ තර්කයක්. මා මේ හා සමාන අවස්ථාවක් ගැන මා කලින් දිනයක ලිපියක් ලිව්වා.

      https://rasikalogy.blogspot.com/2017/02/homophobic-doctors.html

      එය කියවා ඔබේ අදහස නිවැරදි කර ගන්න.

      Delete
  24. ඉතිං අපිට මොකද හලෝ? කියලා අහපු එක හරි
    එයාට පලුවන්නම් එකට දහයක් බැද ගත්තත් අපිට මොකෝ

    ReplyDelete
    Replies
    1. ඔව් මෙන්ඩා!

      ඒ සමගම මේ අවකාශය උපයෝගී කරගෙන අපි වියපත් අයට සහ ඔවුන් ගේ ආදරවන්තියන්ට/වන්තයින්ට විරුද්ධව ඇති සමාජ මතය වෙනස් කරන්නට උත්සාහයක් දැරිය යුතුමයි.

      Delete
  25. ගෑණි මැරුණට පස්සේ මිනිහගේ බඩේ බත්තියෙනවද ? ළමයි ඉස්කෝලේ යවන්නේ කොහෙමද ? ලෙඩට දුකට බලන්නේ කව්ද මේව ගැන කව්රුත් අහන්නෑ. ගැණිගේ නෑදෑයන් බලන්නේ මුට හොර ගෑණියෙක් ඉන්නවද ? ආයේ බඳියිද ? ගෑණිගේ දේපල(සොව්චමක් වුනත්) ලැබීම උෘට වාසියිද ව්ව තමයි 2500 සංස්කෘතියද මොකද්ද එක !

    ReplyDelete
  26. මේක ලියලා තියෙන බ්ලොග්කරු ඔසී යන්න ඔනිකමේ අවලස්සන, වයසක වෛද්‍යවරියක් සමග විවහා වීම අර්ථ දක්වන්නේ කොහොමද? ගෝල්ඩ් ඩිගර් කෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. ඔබේ නොදැනුවත් අමනකම පිළිබඳව මගේ සාතිශය සංවේගය පිළිගන්න.

      ඉක්මන් සුවය ලැබේවා!

      Delete
  27. Christiyani kenek kala nam batahira christiyani gathi kame prathipalayak,nathtam batahiraya sanskruthiye, athuru palayak wani noyekuth mada comment polime ennata tibini.bana desana karana prabuddayo nihada pilivethak anugamanaya karanu pene..sannasgalage,hadagamage pathuru arapu vidwathun da nihada vee athi bawa pene... kese wethath vicktor rathnayaka aduraneni,obata kamathi deyak kirimata sampurna aithiyak atha,, katath hiriharayak nowenathak kal.aya katath prashnayak noviya yuthuya,yuthumaya...

    ReplyDelete
    Replies
    1. ඔව්, එය එසේමයි!

      ඒ සමගම මේ අවකාශය උපයෝගී කරගෙන අපි වියපත් අයට සහ ඔවුන් ගේ ආදරවන්තියන්ට/වන්තයින්ට විරුද්ධව ඇති සමාජ මතය වෙනස් කරන්නට ද උත්සාහයක් දැරිය යුතුමයි.

      Delete
  28. ආආආදරයේ උල්පත වූ වික්ටර්..

    -Dimithri

    ReplyDelete
    Replies
    1. එහෙව් මනුස්තයාට වශීයක් කර ඇතැයි කීම කෙතරම් අපහාසයක් ද?

      http://rasikalogy.blogspot.com/2017/03/love-wtf-is-that.html

      Delete
  29. අප නිදා ගන්නේ වික්ටර් ගේ සින්දු සමග මිස වික්ටර් සමග නොවේ.
    ඉතින් ඔහු තමන් කැමති එකියක් සහේට ගත්තාට අපේ රුදාවක් නැත​.
    වික්ටර් ගේ සල්ලි කාට දුන්නත් අපට රුදාවක් එන්න විදියකුත් නැත​.

    නිදහස් මිනිසෙක් නිදහස් ගැහැනියක් හා විසීම හොර කෙලියක් ය, එයට එරෙහි වීමට තමන්ට අයිතියක් ඇතැයි ද සිතන අරුම පුදුම මිනිස්සු මේ රටේ තවමත් සිටිති.

    ReplyDelete
    Replies
    1. ඒ තමන්ට ම තමන් ගේ ඇති බියක්!

      Delete
  30. සීමා මාය්‍ම් කිසි නැති වැටකොලුවක් අපට අැතේ
    වයස ගියත් ඒ වැටකොලු මැරිල යන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. එළ, එළ!

      වැටකොළු මැරුණත්, කොස්ස හරි ගන්න පුළුවනි නේ පිට අතුල්ලන්න?

      Delete
  31. I dont think they have any issue in him getting married, their issue is that he got married to a gold digger.. it breaks child heart to see his parent not spending time with them, whether young or old children need their parents, victor seems to have stayed with his daughter before moving out with the gold digger. when you grow old bitches dont matter spending time with your children matter, as a father i would not want a cent of my money to be owned by low life bitch who only comes after me for my money, id rather spend it on my children who were born becz of me. when victor grows further old and becomes more weak and dependant on some one else to look after him see if this bitch stays with him if she has sucked away all his money, once this bitch eats aways his money its his children who will have to take care of him ,and im sure they will. he like a fool is spending his fortune on a woman who is only after his money, how can u imagine that a 33 year old woman sleeping witha 75 year old man for any other reason, my worry is after she sucks all the money out unsuspecting children will have to take care of him. since its gonna happen eventually why give his fortune to the bitch

    ReplyDelete
    Replies
    1. ස්පෙයා එ තොට් ෆො ඕල්ඩ් පීපල් මේට්.

      දේ ආ හිමුන්ස් ටූ ඇනඩ් ක්වයිට් කේපබල් ඔෆ් මේකින් ඩිෂිෂන්ස් ෆෝ දෙම්සෙල්ව්ස්!

      Delete
    2. Mr. Anonymous you should get your head check before you ruin other peoples life. The woman comes from a very rich family. Because of grass eating bulls like you in Sri Lanka the country in gone to dogs. Don't believe everything you here like you did before elections.

      Delete
  32. /ලි:
    පියා ගේ විවාහය ගැන ලෙලුම් රත්නායක නිකුත් කළ වීඩියෝ කතාවෙන් මතුවෙන ලාංකික අමනකම - Love? WTF is that?

    http://rasikalogy.blogspot.com/2017/03/love-wtf-is-that.html

    ReplyDelete
  33. prasiddiya, mudal, depola sambandatha walin me kathawa 1parak beluwoth aththa penei. kasippu thippolata giya piya puthekuge ahinsaka illimakadi siyadiwi nasa ganneth, thamange piya miyagiya bawa lelum kiyaddi victor selina samaga jeewath wanneth keseda?
    selinata manasika rogayak netha. 75wiyethi victorta wada rathi suwaya sapayannata heki tharunayange da hingayak netha. selinage prashnaya aththeda depola sambandatha mathai. lelum ge kathaweda eththe piyage sadhacharaya bindima pilimbanda prashnayak nowe? eyada selinage prashnayama wana athara lelum ge parajaya ketharamda kiwahoth thama piya marademimata pawa lelum pasubata nowei.

    ReplyDelete
    Replies
    1. පොදු සමාජයමය ගැටළුව තමයි ඔය පුද්ගලික අවුලට වඩා වැදගත්.

      Delete
  34. http://economatta.blogspot.qa/2016/09/blog-post_24.html

    ReplyDelete
  35. Sweet blog! I found it while browsing on Yahoo News. Do you have any suggestions on how to get
    listed in Yahoo News? I've been trying for a while but I never
    seem to get there! Many thanks

    ReplyDelete
  36. I was recommended this web site by my cousin. I am not sure whether this post is written by him as no one else know such
    detailed about my trouble. You are amazing!
    Thanks!

    ReplyDelete
  37. මෙතන කරුණු 3 4 ක් ම එකට අනා මලවා ගැනීමකුයි තියන්නෙ. වික්ටර් බැන්ද එක, බැන්ද නෝනගේ වයස, වගතුග, පුතාලගේ ප්‍රතිචාරය. ලෙලුම් ඕක ෆේස්බුක් වල නොදැම්මා නම් ඉතින් කොයි ගෙදරත් වගේ වෙන කතිකාව තමයි ඕක. එයාගේ නෝන මහත්තයාගේ ජල් බරි ( පේන විදියට එහෙමයි, ලෙලුම්ලා දකින්න ඇත්තෙත් ඒකමනේ) අනුව ඒ විරෝධයේ ඔය කියන ලොකු ලොකු රටවල් වල අය අතරත් තියනවා තමයි.

    වැඩේ වුනාට පස්සෙ වික්ටර් මහත්තයත් ආපහු දරුවන්ව කිසිම දේකට ගාව ගන්නෙ නැති බව ප්‍රකාශ කරමින් මූණෙ දැලි ගාගත්තාදෝ කියලා මට හිතෙනවා. ඒ වගේ එච්චර ඈත අතීතයක නොවන කාලයක වික්ටර් මහත්තයා සදාචාරෙ සභ්‍යත්වය ගැන එක එක ඒවා දෙඩුවාත් අමතක නෑ.

    කොහොම වෙතත් පිරිමියාට වයස කීය ගියත් සෙක්ශුවල් අහවල් එකක් තියනවා ය, ඒකෙන් මේක පැහැදිලි කරන්න පුළුවන්ය යන තර්කය නම් ටිකක් මත භේද කාරී වැඩකි. මොකද කිරි වීදුරුවක් බොන්න ඕනා වූ පලියට මිනිස්සු එලදෙනුන් ඇති කරන්නේ නැති නිසාය. එහෙම එල දෙනක් ගත්තාම එල දෙනගේ බුරුල්ල මිරිකා ත්මන්ම කිරි දොවා ගත යුතුයි,එල දෙන ආරවුල් ඉඩම් වල තණ කා අහු වුනාම ඇප දීලා බේරගන්නත් ඕන. තමන්ගේ වැහැරුන ඇඟ පත රෑට රෑට දැක දැකත් එලදෙන ''මයේඅ කොල්ලෙක් වගේ, මට ආසයි බබෙක් හදන්න" කිව්වාම ඒවා අහගන සොඳුරු ස්වයන් මෝහනයකට සම වැදෙන්න ඕනාය. ට්‍රම්ප්ලා වගේ අය තරුණ ලස්සන ගෑනු බඳින්නේ ආදරේටමද නැත්තම් තමන්ගේ පර්සනැලිටි එක ට එක්ස්ටෙන්ඩඩ් වැලියු එකක් දෙන්නද කියලා හිතන්න වටිනවා. හෙන ගණන් කාර් ගන්නා මහලු කෝටිපතියෝ ඒක තමන්ගේ අනන්‍යතාවයට එකතු කර ගන්න බව පෙනේ.

    වික්ටර් උන්නැහේට නම් එතරම් සල්ලි නැත, ඒත් උන්දෑ 55 පැන්න එවුන්ට කොටු පනින්න අගනා එක්සිකියුස් එකක් දී ඇත, ගෑණුන්ටත් එහෙම අවශ්‍යතා නෑයි කියලා කියන්න බෑ. ආර්තවහරනය වෙච්ච පලියට හැඟීම් නැති වෙන්නෙ නෑනේ. ගෑණිට වෙන්නේ දරුවො මත්තෙ නැහෙන නිසා ඒවා ගැන හිතන්න නොලැබීමයි. මිනිහා සතෙක් හැටියට ගත්තොත් ගෑණියකුට සෙක්ශුවල් එන්කවුන්ටර් එකකට දරන්න තියන අවදානම වැඩියි. පිරිමියාට තියන්නෙ ශුක්‍රාණු පතුරව පතුරවා වඩාම යෝග්‍ය ජාන ඉදිරියට යැවීම. ගෑණිව නොසලකා හැර ලා ඉඳලා ඉතින් ගෑණි මලාම අලුත් රෝසමල් හොයා ගන්න එක පාරට බෑ, මැරෙන්න කලිනුත් රෝසමල් අතගාලා තියන අය තමා ඔය කියන කවුරුත්.

    කොහොම වුනත් දැන් වික්ටර්ට ආපහු ටිකක් වැඩිපුර සල්ලි එහෙම ඕනා වෙලාද කොහෙද සරස රත්න අමානන්දය කියලා ශෝ එකකුත් කරන්න යනවාලු. ගෑනිගෙයි එයාගෙ නමයි ශෝ එකට දාගන්න ඒ + බී කියලා පොඩි කාලේ ඩෙස්ක් වල ලියනවා වගේ මහන්සියක් අරන් තියනවා දැක්කාම මට අමිත්තතාපාව මතක් වෙනවා වගේ ය. ඒවා දැන් ඕන නැත.

    ෆ්‍රෙඩී සිල්වාත් කලකට පෙර මෙහෙම විවාහයක් කරගෙන ෆිල්ම් වලට මම එන්නේ එයාවත් ගන්නවා නම් විතරයි කියලා කිව්වලු. අන්තිමට ෆ්‍රෙඩියාට හුස්ම ගන්න බැරි වුනාම, එයා අනියම් බිරිඳ නිසා ෆ්‍රෙඩීව ගෙදරට ඇරලුවාලු. වික්ටර්ට නම් අනියම් අවුලක් නැත. ඒත් 2016 තරම් කාලෙක ඉඳලා අනියම් කතාවක් තිබුන බව නම් මඩ අස්සෙන් පේනවාය. ඒ කිරි බීපු කාලේය මේ එලදෙන ගත්තාට පස්සේය.

    වික්ටර්ට කවුරුත් නොසැලකුවා කියන එක නම් පිලිගන්න අමාරුය. ඔහු නිදහසේ ජීවත් වෙන්න ඕන නිසාම නැවතිලා හිටියේ බෙනට් අඉයා එක්කය. බෙනට් අඉයා 'ස' මුල කාලයේ සිටම වික්ටර්ගේ බෝතල් බොක්කකි. පස්සෙ චිත්‍රා ස එකේ පරිපාලනය අතට අරන් සල්ලි ඉතුරු කරන කොට බෙනට්ලා හැලිලා ගියා. ඉන්පස්සෙ බෙනට් එක්ක සෙට් වෙලා ඉනන්වා මිසක ලමයි බැලුවේ නෑ කියන එක නම් ටිකක් බොරුවකි. ඒවා එලියේ ඉන්න අපි දාගත්ත ඒවය. එතකොට අපි එක පාරට වික්ටර් ගතානුගතික පියෙක් කරයි. හොඳ පුරුශ ශක්තියක් තියන 75 ක කොල්ලෙක්ට මොන උපස්ථානද අෆ්ෆා!

    අපි මැරෙන්නෙ නෑ නෑ කියන අයට කියන්න තියන්නෙ ''නොමැරෙන කෙනෙක් ලෙස ජීවත් වෙන්න එපා" කියලා තමා.

    ReplyDelete
  38. කතාව නම් ඇත්ත.🌝👌

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.