Wednesday 17 May 2017

සටනින් අද මා දිනුවා : self-satisfaction


"සටනින් අද මා දිනුවා" යන යෙදුම, නිමල් මෙන්ඩිස් ගේ තනුවක් සඳහා ඔගස්ටස් විනයාගරත්නම් ලියා අමරදේව ගායනා කළ නිම් හිම් සෙව්වා මා සසරේ යන ගීයේ අවසාන පදයයි. මගේ ප්‍රියතම ගීතයක් වන එය, ලංකා ඉන්දියානු සම නිෂ්පාදනයක් වූ මනික් සන්ද්‍රසාගර ගේ "සීතා දේවී" චිත්‍රපටයේ ඇතුළත් වූවකි.

ප්‍රියතම ගීත අතරින් එකක් නොවුනද, මා කැමති තවත් ගී පදයක් නම් "සිත හීලෑ නෑ, හරිම මුරංඩුයි තැන තැන ඇවිදිනවා!" යන්නයි. ඒ මගේ "දූර ගමං, ඒක චරං" සිත පාලනය කිරීම ඇතැම් වෙලාවට මට අසීරු නිසා ය.

උදාහරණයක් ලෙස කිවහොත්, උදෑසන දුම්රියට ගොඩ වී පරිගණකය දිග හැර රසිකොලොජි බ්ලොගය සඳහා යම් කරුණක් පිළිබඳව ලිපියක් ලිවීම ඇරඹුව ද, දූරං ගමං, ඒක චරං සිත නිසා, බොහෝ විට අවසානයේ ලියවෙන්නේ මුල් මාත්‍යකාවට යාන්තමින් ගෑවෙන වෙනත් දෙයකි.

මෙය මට පමණක් නොව තවත් බ්ලොග්කරුවන්ට ඇති ප්‍රශ්නයක් යැයි සිතමි. "පදුර වටේ කොටනවා!" යන ආදරණීය වදන් පෙළින් හැඳින්වෙන්නේ මෙයයි. නමුත්, රසිකොලොජියේ සටහන් කිසි විටකත් "පදුරු කෙටීම්" නොවන්නේ මා ඒ සටහන් කොටස් වශයෙන් වෙන් වෙන්ව කියවීමට හැකි ලෙස සකසා පළ කරන නිසා ය.

ඒ එක උදාහරණයක් පමණි. සිත හීලෑ නැති විම, දෛනික ජීවිතයේ විවිධ කාරණා කෙරෙහි අනිසි ලෙස බලපෑමට ඉඩ ඇත. එනිසා, සිත හීලෑ කර ගැනීම මට නම් අත්‍යවශ්‍ය කරුණකි.

සමහරු මේ සඳහා භාවනාව සුදුසු යැයි යෝජනා කරති. වෙනත් ක්‍රම ද තිබිය හැක.

පසුගිය මාසය තුළ මම මා සමගම සටනක නිරත වුණෙමි.

එය නම්, මේ වන විට "එහෙන් මෙහෙන්" (occasional bloggers) බ්ලොග්කරුවන් වන ඉන්දික කොඩිතුවක්කු සහ දුෂාන් කරවිට විසින් ආරම්භ කර මෙවර අති සාර්ථක තුන්වෙනි වසරේ පැවැත්වුණු බ්ලොග් වසන්තය සඳහා මගේ උපරිම සහයෝගය දීම සඳහා දිනකට එක් බ්ලොග් සටහනක් පළ කරමි! යනුවෙන් මා මට ම කරගත් අභියෝගය ජයගැනීමේ සටනයි.

බ්ලොග් වසන්තය ඇරඹුණු අප්‍රියෙල් දාහත් වෙනිදා සිට අභියෝගය සමතික්‍රමණය කරමින් දිනපතා ලිපියක් පළ කළ මම, අවසාන සතියේ මගේ ම අභියෝගය මා ම සුනුවිසුනු කරමින්, දිනකට ලිපි දෙකක් බැගින් පළ කළෙමි.

සටනින් අද මා දිනුවා!

මා ලියූ ලිපි තිස් හතේ ලයිස්තුව මෙසේ ය. මේ වර්ගීකරණය මගේ ය.

මෙන්න බ්ලොග් වසන්තය 2017 සඳහා මා ලියා පළ කළ ලිපි:

1. අතීතකාමය හෙවත් කුමර දිවිය

1.1. ලොවි බිස්නස්, හොඳ බිස්නස් - A strong link in the supply chain
https://rasikalogy.blogspot.com.au/2017/04/strong-link-in-supply-chain.html


1.2. පොඩි ළමයෙකු ලියූ ලොවි කවිය! - Childish?
https://rasikalogy.blogspot.com/2017/04/childish.html


1.3. ලොවි ගහෙන් වැටීම - නොකී කතාවකි! - All revealed, nothing left untold
https://rasikalogy.blogspot.com/2017/04/all-revealed-nothing-left-untold.html


1.4. සිගරැට් බීම - Who else hates smoking?
https://rasikalogy.blogspot.com/2017/05/who-else-hates-smoking.html


1.5. තාත්තා ගේ දුරාචාරය - One bad habit
https://rasikalogy.blogspot.com/2017/05/one-bad-habit.html


1.6. මල් කුමාරයා - Oh, no!
http://rasikalogy.blogspot.com/2017/05/oh-no.html



2. එදිනෙදා ජීවන සටහන්

2.1 නිවාඩුවකින් පසු - වෙනස සැපයි ද? :: First day after a holiday
https://rasikalogy.blogspot.com/2017/04/first-day-after-holiday.html


2.2 කොහෙන් ආපු ඉන්දියන්කාරයෙක් ද මූ? - Being a foreigner in Sri Lanka
https://rasikalogy.blogspot.com/2017/04/being-foreigner-in-sri-lanka.html


2.3 උසස් පෙළ විභාග හොර වැඩ - Exam fraud unique style
https://rasikalogy.blogspot.com/2017/04/exam-fraud-unique-style.html


2.4 ලෙක්චර්ස් කට් වීම! - Lecturer no show - First case report
https://rasikalogy.blogspot.com/2017/05/lecturer-no-show-first-case-report.html


2.5 හිරිමල් වයස හෙවත් දාසයයි මාසයයි - Fatherly thoughts
https://rasikalogy.blogspot.com/2017/05/fatherly-thoughts.html


2.6 මටත් වෙන වැඩ නොහොත් නෝබොඩීස් ඩේ - Nobody's day
https://rasikalogy.blogspot.com/2017/05/nobodys-day.html


2.7 ඉඳිආප්ප ගෑරුප්පුවෙන් කෑවෙමි - String hoppers from Toongabie
https://rasikalogy.blogspot.com/2017/05/string-hoppers-from-toongabie.html


2.8 මිසිස් පෙරේරා සහ මිසිස් සිල්වා - Jokes apart
https://rasikalogy.blogspot.com/2017/05/jokes-apart.html



3. සමාජ විමර්ශන

3.1 තිඹිරි ගෙඩි වැනි තන ඇති යුවතියක් හා විවාහ වීම - Spring, better late than never!
https://rasikalogy.blogspot.com/2017/04/blog-post.html


3.2 කුණු සහ නොකුණු (මේ ලිපියේ අමුතු දෙයක් නැත!) - Rubbish must be garbaged
https://rasikalogy.blogspot.com/2017/04/rubbish-must-be-garbaged.html


3.3 බින්න බැහීම - වෙනස සැපක් ද, සැප වෙනසක් ද? :: A part of my family history
https://rasikalogy.blogspot.com/2017/04/part-of-my-family-history.html



4. ආගම් පිළිබඳ මගේ අදහස්

4.1 මනුසතා සහ බෝසතා - Not just about you and me, mate!
https://rasikalogy.blogspot.com/2017/04/not-just-about-you-and-me-mate.html


4.2 බුද්ධාගං සංස්ථාව විවේචනය කිරීමට මූලික අයිතිය ඇත්තේ කාටද? :: Self-critisism Vs criticising others
https://rasikalogy.blogspot.com/2017/04/self-critisism-vs-criticising-others.html


4.3 ජේතවනේ කුණු කන්දල් - Freedom of expression of artistes and of those who are against them
https://rasikalogy.blogspot.com/2017/05/freedom-of-expression-of-artistes-and.html


4.4 උප්පැන්න සහතිකේ බුද්ධාගම්කාරයෝ? - What a joke?
https://rasikalogy.blogspot.com/2017/05/what-joke.html


4.5 චූ ක්‍රිස්තු සහ මතභේදයට තුඩු දුන් වෙනත් කලා නිර්මාණ - Shock art
https://rasikalogy.blogspot.com/2017/05/shock-art.html



5. සහෝදර බ්ලොග්කරුවන් පිළිබඳ සටහන්

5.1 වසන්තයේ පියඹා ආ ඇට මැස්සා - Welcome back Gadfly
http://rasikalogy.blogspot.com/2017/04/welcome-back-gadfly.html


5.2 විචාරක බ්ලොග්කරුවා ගේ මරණය - Some day we will all die!
https://rasikalogy.blogspot.com/2017/04/some-day-we-will-all-die.html


5.3 විචාරක බ්ලොග්කරුවා සහ මා අතර ඇතිවුණු වලිය ගැන සටහනක් - Storm in a Teacup
http://rasikalogy.blogspot.com/2017/05/storm-in-teacup.html



6. මෑත ඉතිහාසය

6.1 මොට්ටපාල ගේ හෝඩියේ පන්තියේ සිට පොලිස්කාරයා සමත් අටවෙනි ශ්‍රේනිය හරහා ගුරුවරුන් බිහිවූ අවසානය දක්වා කතන්දරය - It all about education, stupid!
https://rasikalogy.blogspot.com/2017/04/it-all-about-education-stupid.html



7. කාලීන සටහන් (වෙසක්)

7.1 ඔළු බක්කන් නැටවීම – අද නොවෙයි හෙට! :: Preethi Vesak
http://rasikalogy.blogspot.com/2017/05/preethi-vesak.html


7.2 අබුද්දස්ස කාලේ, වෙසක් කූඩු හදමු රාලේ :: Post modern Vesak
https://rasikalogy.blogspot.com/2017/05/post-modern-vesak.html


7.3 ඔළු බක්කන් නැටවීම තහනම් - Ban on "big headed" people
https://rasikalogy.blogspot.com/2017/05/ban-on-big-headed-people.html



8. දේශපාලන මළකෝලං!

8.1
එක පවුලේ සමාජවාදය නොහොත් ජනතා විමුක්ති පෙරමුණේ ලොකු අයියලා සහ චුට්ටං මල්ලිලා - All JVPers are equal but some JVPers are more equal (and bigger) than others
https://rasikalogy.blogspot.com/2017/05/all-jvpers-are-equal-but-some-jvpers.html


8.2 ලංකාවේ දේශපාලන පක්‍ෂවල මදර්ස් ඩේ පණිවිඩ - Mothers day messages sent by Lankan political parties
http://rasikalogy.blogspot.com/2017/05/mothers-day-messages-sent-by-lankan.html



9. සිංහල භාෂාව සහ ලේඛන කලාව

9.1 ඇත්ත කතා සහ නිර්මාණ - Can I write a novel?
https://rasikalogy.blogspot.com/2017/05/can-i-write-novel.html


9.2 "ඊ-ෆැක් මෙමොරීස්" පොතේ නිධාන කතාව - Good memories and not so good memories!
https://rasikalogy.blogspot.com/2017/05/good-memories-and-not-so-good-memories.html


9.3 වෙසක් එක? - WTH?
https://rasikalogy.blogspot.com.au/2017/05/wth.html


9.4 දද, දද, දද, දද, දද - Homonyms or synonyms?
http://rasikalogy.blogspot.com/2017/05/homonyms-or-synonyms.html


9.5 දිද්දෙණියේ දර්මදාස - Grade four memories
http://rasikalogy.blogspot.com/2017/05/grade-four-memories.html


9.6 උපන් දා සිට අවුල් වෙන දිනය දක්වා...! - Martin Wickramasinghe or Aruna Perera, the choice is mine!
http://rasikalogy.blogspot.com/2017/05/martin-wickramasinghe-or-aruna-perera.html


සැමට ජයවේවා.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා රසිකොලොජියේ ලියා පළ කළ ඉහත ලිපි තිස් හතට අමතරව තවත් ලිපි රාශියක් 2017 බ්ලොග් වසන්තය සඳහා ලියවුණි. ඒ ලිපි කියවීමටත්, ඔබ කැමති ලිපි සඳහා මනාපය පළ කිරීමටත් පහත බ්ලොග් පිටුවෙන් ඔබට හැකිවෙනු ඇත.

http://upashantha.blogspot.com/2017/05/2017.html

ස්තුතියි.

(image: http://www.cianellistudios.com/blog/tag/abstract-art-prints/)

19 comments:

  1. බ්ලොග් වසන්තය 2016 සඳහා මා ලියූ ලිපි එකතුව (එකක් නම් දැනට ලිපියක් නොවේ!) පහත සබැඳියෙන් කියවිය හැක.

    බ්ලොග් වසන්තය 2016 - රසිකොලොජි

    ReplyDelete
  2. පළමුවෙනි බ්ලොග් වසන්තය (2015) සඳහා මා ලියූ ලිපි එකතුව පහත සබැඳියෙන් කියවිය හැක.

    බ්ලොග් වසන්තය (2015) - රසිකොලොජි

    ReplyDelete
  3. ඔහේ මාර පොරක්නෙ! මාසෙට තිස් හතක් ලියන්න තියා හිතන්නවත් බෑ

    ReplyDelete
    Replies
    1. මුලින් හිතුවා නම් හැටක් ලියන්න තිබුණා!

      Delete
  4. ඔව් ඔව් අන්තිම කාලයේ උදේ එකයි හවස එකයි ලිපි වැටුණා තමා.

    ReplyDelete
    Replies
    1. වැටුනා නෙමෙයි අනේ ලියා පළ කළා!

      උදේට දිනමිණ, හවසට ජනතා!

      Delete
  5. සම්පූර්ණ ලිපි 200 න් 37 ක් කියන්නෙ 15% වගේ ප්‍රතිශතයක්. ඔබගේ ධෛර්‍යයට හොඳ නිදසුන. well done රසික.

    ReplyDelete
    Replies
    1. ලිපි 200 න් 37 ක් කියන්නෙ 18% නේද?

      Delete
  6. දෙදහස් දහතුනේ ඉඳන් ලියන බ්ලොග් එකේ මම තවම ලියලා තියෙන්නේ ලිපි 33.රසික බ්ලොග් වසන්තය වෙනුවෙන්ම ලිපි 37 ලියලා.

    වසන්තය නිසා කියවන්න බැරි තරමටම බ්ලොග් රෝල පිරිලා.

    ReplyDelete
    Replies
    1. වසන්තේ නිදා වුන් යොවුන් කෝකිලාවන් සුපෙම් ගී ගයන හේමන්තයේ දී, බ්ලොග් වසන්තයේ කියවීමට නොහැකි වුනු ලිපි කියවන්න!

      Delete
  7. ඔහේ මේවා ලියන ලිවිල්ලට අපිට කියවන්ඩ කාලේ හොයාගන්න එක තමා අමාරු හිටං. කොහොම උනත් ජයවේවා ! චරිතාපදානයට තවමත් ගැලපෙන නමක් හොයාගත්තේ නැත්නම් රසිකාපදානය කියල දාන්ඩ :)

    ReplyDelete
    Replies
    1. අපදානය අපරාදේ වේවි ද මන්දා?

      Delete
  8. නියමයි.. බැලුවම මාත් ටිකක් විතර දිනලා ඇයි මේවයින් සෑහෙන ප්‍රමාණයක් කියවගත්තානේ.. :)
    බ්ලොග් වසන්තයේ මගේ මනාප පහෙන් දෙකක් රසිකටත් ජීවන ටත් ඊයේ ලබා දුන්නා.. :)

    ReplyDelete
  9. මම මේ ලිපි 37 ම කියෙව්වා.. ඔබ වැනි ප්‍රවීණයන්ගේ අරමුණ සම්මාන හා ජයග්‍රහණ නොවන අතර, මා වැනි නවකයින්ට ආදර්ශ යක් ලබාදීම. ඒ වගේම ඒ තුලින් මං දැක්කේ ඔබ වගේ බොහොමයක් ප්‍රවීණයන්ගේ නිහතමානී බව. ඔබ සහ ජීවන අයියා වගේ දක්ශ ප්‍රවීණයින් ව ආදර්ශයට ගතයුතුයි සිංහල බ්ලොග් වල පැවැත්මට, මං වගේ කම්මැලි නොවී...
    ඉතිං ඔබට ජය..!!

    ReplyDelete
  10. ඒ කියන්නේ.. ඒ කියන්නේ .. මාදංතුමාගෙන් ලී කුට්ටිය පැහැරගත්තා.. හැක්..

    චියර්ස්

    ReplyDelete
  11. I havfe been surfing online more than 3 hours today, yet I never found
    any interesting article like yours. It is pretty worth enjough for me.
    Personally, if all site owners and blogggers made good content as yoou did, the net will be much more useful thhan ever before.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.