මගේ මුල්ම මතකය ඇති කාලේ මා මෙන්ම මගේ බාල සොයුරන් දෙදෙනා ද බිව්වේ නෙස්ප්‍රේ full cream milk නමැති කිරිපිටි වර්ගයයි.මේවා එකල වෙළඳපොලේ මිලදී ගන්නට තිබුණේද යන්න මම නොදනිමි. නමුත් මා දන්නා කාරණය නම් අපේ තාත්තා මේවා මිළ දී ගත්තේ ඔහු එවකට සේවය කළ බොල්ලත මහා විද්‍යාලය නම් පාසල අසල හන්දියේ පිහිටි කඩෙන් බව ය.
එකල, අදාල හිමිකම ඇති කූපන් පොත්වලට පමණක් මිලදී ගැනීමට හැකියාව තිබුණු මෙම කිරිපිටි වර්ගය කූපන් හිමි යා විසින් සුළු මුදලකට මුදලාලිට විකුණන ලදුව කඩේ මුදලාලිගේ ලාභය ද ගෙවා මගේ පියා මිලට ගත් බව සිතමි.
ටික කලකින්ම ලස්ස්ප්‍රේ නැමැති කිරිපිටි වර්ගය වෙළඳ පොළට පැමිණි බව මගේ මතකයයි. ප්‍රාථමික අවධියක තිබුණු මේ කිරිපිටි තේ හා මිශ්‍ර කරනවිට විශාල ලෙස කැටි ගැසේ. එය වැළැක්වීමට තිබුණු ක්‍රමය වූයේ රිපිටි සහ ශ්‍රීනි මුලින් මිශ්‍ර කර ුණා ක්‍රමක්‍රමයෙන් තේ වතුර බිඳෙන් බිඳ එකතු කරමින්, වේගයෙන් කළතමින් තේ කෝප්පය සාදා ගැනීමයි.
මේ ක්‍රියාවලියේ මුල් ම අවධියේදී ිශ්‍ර කළ සීනි සහ කිරිපිටි ස්වල්පයක් හැන්දෙන් කටට ගෙන කෑමට සිතීම පුදුමයක් නොවේ.
බුදු අම්මෝ එවැනි රසක්!
ඉදින්, ටික කලකින්ම මගේ ප්‍රාර්ථනය වූයේ, කෙදිනක හෝ ලොකු මහත් වී රැකියාව කරන කාලය එළඹුණු පසු මගේ මුල්ම වැටුපෙන් ලක්ස්ප්‍රේ පැකට් එකක් සහ සීනි රාත්තලක් මිළ දී ගෙන එකට මිශ්‍ර කර කෑම යි.
එකල මා සිටියේ හත්වෙනි ශ්‍රේණියේ විය යුතුය.
අධ්‍යාපන වැට කඩුලු අතික්‍රමණය කර, සිව් වසරක විශ්ව විද්‍යාල ජීවිතය ද අවසානයේ මා රැකියාවකට ගියේ ඊට අවුරුදු එකොළහකට පසුව ය.
නමුත් මේ දක්වා මගේ කුඩා කාලයේ ඒ ලක්ස්ප්‍රේ සහ සීනි බලාපොරොත්තුව ඉටුකර ගැනීමට මට සිතුණේ නැත.
අද එය සිහිවුණ ද, මේ වනවිට මගේ සීනි කෝටා එක අවසන් වී ඇත.
- රසික සූරියආරච්චි
(image: ෆේස්බුක් එකේ පළ වී තිබුණු රූපයකි.)
අපි ඉක්මණට සීනි කෝට එක ඉවර කරගන්නව. ඊට පස්සෙ බෙහෙත් කෝටා එක එක්ස්ටෙන්ඩ් කරගන්නව. අනිත්මට ඒකෙනුත් කෙලෝ ගන්නව
ReplyDelete++++++++++++++++++++👌
ReplyDeleteඅපොයි . අම්මප මම ඒක කළා නොවැ. රුසියාවේ දී ඇති තරම් ටිංකිරි කෑව . ඒ ඒ කාලේ තිබ්බ ආසාවක් . ලන්ඩන් වල ඔය නිඩෝ , හෝර්ලික්ස් වලට සිනි දාල කෑව
ReplyDeleteයකඩ වුණත් කන්නට හැකි කාලේට
ReplyDeleteමොනවා කරන්නද තිබ්බේ ටිකක් කොට
පසු කාලයක අගහිඟකම් නොමැති කොට
කන්නට වරම් නැත 'ලෙඩ දුක්' තිබෙන කොට
උඹ ජිවිතේකට බ්ලොග් කියල වැදගත් දෙයක් පෝස්ට් කරල නැ උපන්තේකට මේ වගේ පල් හෑලි මිසක්
ReplyDeleteහරියට හරි
Deleteඒක තමයි හැමදාමත් මගේ අරමුණ වුණේ
කිව්වත් වගේ මමත් මගේ අතින්ම කිරි තේ එක හදාගන්න පටන්ගත්තහම කලේ කිරි පිටියි සීනියි කාල වතුර ටිකක් බීපු එක තමයි. ඒකෙ රස දන්නේ මෙහෙම කාපු අයම තමා ඕන් https://sithiwilimanpetha.blogspot.com.
ReplyDeleteමේ ඉන්නේ මම. කවි රස විඳින්න ආස නම් මගේ නිවහනටත් ගොඩවදින්න.