Saturday 6 March 2021

ඇත්තම ඇත්ත කතාවක් - That was the time that was!

පොතක් පිළිබඳ අදහස් දැක්වීමක් අතරේ තරමක පරණ කතාවක්, තරුණ කාලේ කතාවක්, සිහිවිය.

කෙටියෙන් ලියා තබමි.

වරක් එක්තරා යුවතියක මට ලියූ අවසාන ලිපියේ මෙලෙස සඳහන් කර තිබුණි.
රසික, මේ ආත්මයේ දී ඔබේ පතිකුලයේ පතිනිය වීමට මා පින් කර නැති බව පෙනේ. ලබන ආත්මයේ දී මට ඔබේ පතිනිය වීමට වරම් ලැබේවා යන්න මගේ පැතුමයි.
මා ඇයට පිළිතුරක් යැව්වාද, නැතිනම් ඇමතුමක් පමණක් දුන්නාද යන්න මට නිවැරදිව මතක නැත. මා පිළිතුරු ලිපියක් ලිව්වා නම් එහි මෙලෙස ලියන්නට ඇත.
ඔබේ කැමැත්ත ඒ ආකාරයෙන් ම සිදුවේවා යන්න මගේ ද ප්‍රාර්ථනයයි.
ඒ සිදුවීමෙන් වසරකට පමණ පසු මට වෙනත් යුවතියක විසින් මෙලෙස ලියා එව්වා ය.
රසික, මගේ ආගමේ හැටියට මං නැවත ඉපදීමක් විශ්වාස කරන්නේ නෑ, නමුත් එලෙස ඉපදෙනවා නම් මට මේ ආත්මයේ බැරිවුණාට, ලබන ආත්මයේ ඔයාගේ ආදරණීය බිරිඳ වෙන්නට ලැබේවා කියායි මං ප්‍රාර්ථනය කරන්නේ? ඔයා ඒකට ඉඩ දෙනවා නේද?
මම ඇයට නම් පිළිතුරු ලිපියක් ලිව්වෙමි.
ඔයාගේ ඒ ප්‍රාර්ථනය ගැන මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි මීට මාස කිහිපයකට කලින් මගේ ඊළඟ ආත්මය වෙනත් අයෙකු ඉල්ලා මා ඊට කැමැත්ත දී තිබීම. එනිසා, ඊළඟ ආත්මය නොව ඊටත් පසු ආත්මය අවශ්‍ය නම් ඔයාට දෙන්න පුළුවනි.
තවත් අවුරුදු දෙකකට පමණ පසු මට මගේ අනාගත බිරිඳ හමුවිය.

මා ඇයට කීවේ මේ ආත්මෙන් පස්සේ එළැඹෙන ආත්ම දෙකක්ම වෙනත් අය වෙන් කර ගෙන ඇති බවයි.

"කමක් නෑ, මට එක ආත්මයක් හොඳටෝම ඇති!" ඇය කීවා ය.

දැන් නම් සමහරවිට ඇය එකක් නොවෙයි භාගයක් වුණත් ඇතිය කියා සිතනවා ද විය හැක.

-රසිකොලොජිස්ට්

11 comments:

  1. අපරාදෙ අර දෙන්නටත් ආත්ම බාග දෙකක් ෂෙයා කරන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. ෂැහ්, එහෙම අදහසක් නම් ආවෙම නෑ ඒ කාලේ.
      කොහොමටත් ඉතිං SPBR කාලේ නේ!

      Delete
  2. ඕක හරියටම දැන ගන්න ක්‍රමයක් තිබ්බ නම් මරු නේද ? ලබන ආත්මේ සෙට් වෙන කෙනා කලින් බුක් කරපු කෙනෙක් ද කියන එක .. හෙහ් හෙහ් ...

    ReplyDelete
    Replies
    1. මේ ආත්මේ කෙනා බුක් කරලාද ආවේ කියලාවත් දන්නේ නැති කොට?

      Delete
  3. //තවත් අවුරුදු දෙකකට පමණ පසු මට මගේ අනාගත බිරිඳ හමුවිය.//

    ගිය ආත්මේදී ඇය ඒ තරම් සීරියස් හිතන්න නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. පුතරුත්පත්තිය විශ්වාස කරලා නෑ වගේ නේද?

      Delete
  4. ආත්ම ගණනක සිතිවිලි අතරේ රසිකාව හොයන්න ඇති

    ReplyDelete
  5. උඹ වගේ ගොන් තඩියෙක් ඊළඟ ආත්මෙට බුක් කරන්න ඒ බවලත් ඇත්තියෙන්ට පිස්සුද ?

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.