
ලංකාව ම බෞදියක් කරන්නට කැස කවන සිංහලබෞද්ධ තලේබාන්කාරයින් ගේ මූලිකත්වයෙන් පසුගිය දිනවල දියත් වූ, මුවිඳු බිනෝයි නම් ග්‍රැෆික්ස් නිර්මාණකරුවා විසින් සකසා ෆේස්බුක් අවකාශයට මුදා හරින ලද කොලාජ් රූපයක් පිළිබඳ මහා ගාලගෝට්ටියක් තවමත් ඔබට මතකද?
එහිදී මුවිඳු බිනෝයි ගේ නිර්මාණය පිළිබඳව විරෝධතාවය දක්වන බොහෝ දෙනෙකු ඔහුගෙන් විමසා තිබූ "ඇයි උඹ මේකට මුස්ලිම් පල්ලියක්, කතෝලික දේවස්ථානයක්, හින්දු කෝවිලක් යොදා නොගෙන බෞද්ධ සංකේතයක් වන දාගැබක් ම යොදා ගත්තේ?" යන ප්‍රශ්නයේ ඇති අතාර්කික අනුවණකම ගැන මා ලියූ "ජේතවනේ කුණු කන්දල්" නම් සටහනෙන් පැහැදිලි කළෙමි.
ඒ සමගම ඇසෙන තවත් ප්‍රශ්නයක් වූයේ හොඳයි වෙනත් ආගම්වල අය ඔය වගේ ආගමික සංකේත භාවිතා කර නිර්මාණ යැයි කියන දේ ඉදිරිපත් කර තිබේ ද යන්නයි.
ඔව් එවැනි විවාදාත්මක, මතභේදයට තුඩු දුන් කලා නිර්මාණ එමට තිබේ.
මේ ලිපිය ලියන්නේ එයින් වඩාත් ප්‍රසිද්ධ (හෝ කූප්‍රකට) නිර්මාණ කිහිපයක් කෙටියෙන් හඳුන්වා දීමටයි.
චූ ක්‍රිස්තු

විවිධ දියරවල බහා ලූ විවිධාකාරයේ වස්තූන්වල ඡායාරූප රැගත් ඇමරිකානු ජාතික ඇන්ඩේරස් සෙරානෝ ගේ "ඉමර්ෂන්" නම් සම්මානලාභී නිර්මාණයේ එක් ඡායාරූපයක් වන මෙහි දැක්වෙන්නේ නිර්මාණකරුවා ගේ මුත්‍රා බහාලූ භාජනයක දමන ලද කුඩා ජේසු සුරුවමක ඡායාරූපයකි.
මෙය ප්‍රදර්ශනය කළ සෑම තැනක ම විවිධාකාරයේ උද්ඝෝෂණ ඇතිවුණු නමුත්, ප්‍රදර්ශනයට විරුද්ධව උසාවි තීන්දු ලබා ගත නොහැකි විය.
සමහර උග්‍ර ආගමිකයින් මෙය ජේසුට කළ අපහාසයක් ලෙස සැලකුවත්, මෙය කලා නිර්මාණයක් ලෙස දකින සමහර කතෝලිකයින් පවා පවසා ඇත්තේ මෙයින් නිරූපණය වන්නේ අද සමාජය ජේසු සහ ඔහු ඉදිරිපත් කළ අගයන්ට සලකන ආකාරය බවයි.
ශුද්ධ වූ කන්‍යා මරියා

මෙය ක්‍රිස් ඔෆිලි නම් බ්‍රිතාන්‍ය ජාතිකයා විසින් අඳින ලද චිත්‍රයකි. නිර්මාණය සඳහා අලි බෙටි යොදා ගෙන ඇති නිසාත්, චිත්‍රය පුරා කාන්තා යෝනි රූ යොදා ගෙන ඇති නිසාත් විවාදයට තුඩු දී ඇත.
මෙය තවදීරටත් මහජන ප්‍රදර්ශනයේ ඇති චිත්‍රයක් නොව 2015 දී බ්‍රිතාන්‍ය පවුම් මිලියන 2.9 කට විකුණුනු පුද්ගලික දේපලකි.
ආගමික හේතු නිසා විවාදයට තුඩු දුන් තවත් කලා නිර්මාණ කිහිපයක් පිළිබඳ විස්තර පහත සබැඳි ද්වයෙන් කියවිය හැක.
1. https://news.artnet.com/market/see-the-most-controversial-depictions-of-jesus-in-art-201942
2. http://www.artnewsblog.com/jesus-christ-in-art-controversy/
-රසිකොලොජිස්ට්
ප/ලි:
මා ලියූ ජේතවනේ කුණු කන්දල් සටහන:
http://rasikalogy.blogspot.com/2017/05/freedom-of-expression-of-artistes-and.html
(images: http://im.ft-static.com/content/images/62c97b7a-0c96-11df-b8eb-00144feabdc0.jpg; https://upload.wikimedia.org/wikipedia/en/d/de/Piss_Christ_by_Serrano_Andres_%281987%29.jpg; https://www.buzzfeed.com/agh/abstract-art?utm_term=.keXvZNa67#.tg4VGjWYg)