ෆේස්බුක් අවකාශයේ දිග ජීවිත කතා ලියන සුපුනි හෙවත් සුපී විසින් ලියා පළ කර ඇති කෙටි ලිපියක් දැක මගේ මතකය ද අවදිවුණි.
වසර කිහිපයක් තිස්සේ ඇමරිකා එක්සත් ජනප්දයේ දී පශ්චාත් උපාධි හදාරා දැන එහි විශ්වවිද්‍යාලයක සේවය කරන සුපුනී ඒ ලිපියේ ලියා තිබුණේ ඇය උගත් පාසලේ ගුරුවරියන් ඇයට සහ අනෙකුත් සිසුවියන්ට කළ නොසැලකීම් ගැන සහ විශ්වවිද්‍යාලයේ දී ඇයට මුහුණ දීමට සිදුවුණු කරදර-හිරිහැර ගැන ය.
ඒ සියලු දෙනාටම ඇය සමාව දී අහවර බව ඇය ලියා තිබුණි.
මා එහි කමෙන්ටුවක් ලෙස ලියූ දේ, ඊට වචන කිහිපයක් එකතු කර මෙලෙස පළ කරමි.
මම නම් ඔහොම උං එකෙකුටවත් සමාව දෙන්නේ නැහැ. හැබැයි අවුරුදු දහතුන හමාරක මගේ පාසල් කාලයේ දී එහෙම අය මට හම්බවෙලා තියෙන්නේ තුන් දෙනයි.
- මා ගමේ කණිෂ්ට පාසලේ හතරේ පන්තියේ ඉන්දැද්දි මගේ පන්තිභාර ගුරුවරියගේ ඉල්ලීම මත මා වෙනත් පන්ති කාමරයක සිටි ගුරුවරයකු මුණ ගැසීමට ගොස් සිටියදී, මට පසු එතැනට පැමිණ, ඌ දැක මා එතනින් ඉවත් නොවුනු නිසා ඒ බව කියමින් මට වේවැලකින් පහර දී ලේ සෙලවූ හෙඩ් මාස්ටර ජඩයා. ලේ හෙලවුණේ මගේ කකුලේ තිබුණු විසර ගෙඩියකට වේවැල් පහර වැදී එය පිපිරුණු නිසාය.
- මා ටවුමේ මධ්‍ය විද්‍යාලයේ හතේ පන්තියේ සිටියදී වෙනත් කරුණක් විභාග කිරීමට එතනට පැමිණ, මා ඒ සිදුවීමට සම්බන්ධ යැයි කිසිදු චෝදනාවක් නැති වුව ද, උගේ උවමනාවට මගේ නම එතැනට ඈඳාගෙන, මා ඒ සිද්ධියට සම්බන්ධ නොවන බවට සාක්ෂියක් නැති නිසා, ඒ හේතුවෙන් මා වරදකරුවෙකු කර මට පහර දීමට තැත් කරමින් අඩංතේට්ටම් කළ අංශභාර ප්‍රධානී ජඩයා.
- එම පන්තියේදී ම බුද්ධාගම පාඩම අතරතුර ඒ මොහොතේ ඌ කියමින් සිටි දෙයක් සම්බන්ධයෙන් මගෙන් ප්‍රශ්නයක් අසා මට එයට පිළිතුරු දීමට නොහැකි වූ නිසා මට පුටුවට නඟින්නට කියා එසේ මා නැග්ග පසු, මට එදා නොතේරුණු නමුත් වසර කිහිපයකට පසු තේරුණු අවලම් කතාවක් කී කහකඩ ජඩයා
-
ඒ කිසි එකෙකුට මගේ සමාව හිමි නොවේ.
ඉහත සිදුවීම මම වෙන වෙනම විස්තරාත්මකව වෙනත් තැනක ලියා ඇත. ඒවා මේ බ්ලොගයේ ද පළ කිරීමට මේ සුදුසු කාලයයි.
- රසික සූරියආරච්චි
(image: AI generated)
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.