ශ්‍රී ලංකාවේ අලුත් පාර්ලිමේන්තුවේ පළමුවෙනි සැසිවාරය ඇරඹුණු දිනයේ දී විපක්ෂයේ නායක සජිත් ප්‍රේමදාසට හිමි අසුනේ වාඩිවී සිටින නිසා එතැනින් ඉවත් වෙන්නැයි දැනුම් දුන්නත් නිවැරදි ලෙස එම ඉලීම ප්‍රතික්ෂේප කළ අර්ජුනා රාමනාදන් නම් නවක මන්ත්‍රීවරයා සම්බන්ධ සිදුවීම දුටු විට මට මා මුහුණ දුන් පැරණි සිදුවීමක් මතක් විය.
මේ ඒ කතාවයි.
ඒ 2009 වසරේ නොවැම්බර් මාසයයි. අපේ ප්‍රදේශයේ ළමා සමාජය විසින් ගීත ගායනා කෙරෙන ප්‍රසංගයක් සංවිධානය කර තිබුණි.
සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රසංග පැවැත්වෙන්නේ සෙනසුරාදා දිනවල නමුත් යම් සුවිශේෂී හේතුවක් නිසා එම ප්‍රසංගය යෙදී තිබුණේ සිකුරාදා දිනයකය. එනම් රාජකාරී දිනයක ය.
දවසේ වැඩ රාජකාරි නිම වී නිවසට පැමිණ ලක ලෑස්ති වී ආපසු නිවසෙන් පිටව ළමා සමාජයේ සංගීත ප්‍රසංගය පැවැත්වෙන ස්ථානයට යාමට තරම් කාලය ශ්‍රමය හා ධනය නාස්ති කිරීමට අවශ්‍යතාවක් ද, කාලයක් ද නොමැති නිසා මා සැලසුම් කළේ කාර්යාලයෙන් පිටවී කෙලින්ම සංගීත ප්‍රසංගය පැවැත්වූ ස්ථානයට ගොස් එය අවසාන වීමෙන් පසු නිවසට පැමිණීමටයි.
මේ නිසා මා එදා සංගීත ප්‍රසංගය පැවැත්වුණු ශාලාවට ළඟා වෙන විට, එය ඇරඹීමට පැයකටත් වඩා කාලයක් ඉතුරු වී තිබුණි. ශාලාවේ සිටියේ සංවිධායකයින් පමණි. ආගන්තුකයින් නොව ඒ සියලු දෙනාම මගේ හිතෛෂීන් විය.
ශාලාවට ඇතුළු මා කොයි වෙලේ හෝ ප්‍රසංගය ඇරඹුණු විට එය හොඳින්ම ඇරඹීට සිතා ඉදිරි පේළියේ අසුනක වාඩි වී මගේ ඔෆිස් බෑගය විවර කොට එහි තිබූ නවකතා පොතක් අතට ගෙන කියවීමට පටන් ගත්තෙමි.
මෙලෙස අඩ පැයක් පමණ ගෙවී යන්නට ඇත.
නවකතාවේ ඇලී ගැලී සිටි මගේ උරහිසට යමෙකු තට්ටු කරනු දැනී මම ඒ අවධානයෙන් මිදුනෙමි.
මා අසල සිටියේ අපේ ළමා සමාජයේ සභාපතිය. ඔහු මගේ හොඳ මිතුරෙකි.
“රසික මේ පුටු දෙක අපි වෙන්කරලා තියෙන්නේ ආරාධිත අමුත්තන් යුවලකට. වෙන සීට් එකකට යන්නක ප්ලීස්!” යැයි ඔහු මා අමතා කීවේය.
අපේ ළමා සමාජය යනු ළමයින්ගේ සමාජයකි. සමාන සමාජයකි. මේ සමාජය හැඳින්වීම සඳහා යොදාගෙන ඇති forum නම් සුවිශේෂී වචනය ද අවුරුදු දහස් ගණනකට ඉහත සිට පැවතෙන සමානයෙන් පිළිබඳව අදහසක් දෙන්නකි.
ළමා සමාජයේ ප්‍රධාන උත්සව සඳහා ඒ ඒ ශාලාවේ ආසන පිහිටි ස්ථානය අනුව විවිධ මිල ගණන් අනුව ප්‍රවේශපත් අලෙවි කළ ද සම තලයේ ආසන පිහිටා ඇති තැන්වල දී, එනම් මේ ප්‍රසංගය පැවැත්වූ තැන වැනි ස්ථානවල දී එසේ නොකෙරුණි.
එසේම, මා වාඩිවී සිටි ආසනයේ හෝ එය පිහිටා තිබුණු පළමුවැනි පේළියේ හෝ මෙම ආසන වෙන්කර ඇති බවට කිසිදු සඳහනක් ද නොතිබුණි.
කෙසේ වෙතත් මේ මා අමතන්නේ අපේ ළමා සමාජයේ සභාපති නිසාත්, ඊටත් වඩා ඔහු මගේ මිතුරෙකු නිසාත්, මා කළේ කිසි විරෝධයක් නොදක්වා හිඳගෙන සිටි තැනින් නැගිට පිටුපසම පේළියට ගොස් වාඩිවීමයි.
එසේ කළ ද මගේ සිතේ යම් කිසි කණගාටුවක් ඇති නොවුනා නොවේ. නැවතත් කියනවා නම්:
- ආසන සියල්ල සඳහා ටිකට්පත් මිල සමාන ය.
- කිසිදු ආසනයක් වෙන් කර ඇති බවට සටහනක් පෙනෙන්නට නොතිබුණි
- ශාලාවට පැමිණි පළමු ප්‍රේක්ෂකයා ද මා ය.
- මා වාඩිවුණු තැනින් මට ඉවත් වෙන්නට යැයි ඉල්ලීම ලැබුණු මොහොතේ ඕනෑම කෙනෙකුට වාඩිවීමට අන් සියලුම ආසන පාහේ හිස්ව තිබුණි. පළමු පේළියේ මා සිටි ආසනයේ හැර අන් සියලුම ආසන ද හිස් ය.
නමුත් මම අවසන් පේළියට ගොස් ඉඳ ගත්තෙමි. ඒ අවසාන පේළියේ සිට අපේ ළමා සමාජයේ සංගීත ප්‍රසංගය නැරඹුවෙමි.
මා දන්නා හඳුණන යුවළක් මා කලින් වාඩිවී සිටි පළමුවැනි පේළියේ ආසනයේ සහ ඊට යාබද ආසනයේ අසුන්ගෙන සිටිනවා මම පසුව දුටුවෙමි.
අවශේෂ අලුත් කාල් අස්සේ මගේ රුපියල ගහන්නේ මොකටදැයි සිතා මම ඉන් පසු මෙවැනි ළමා සමාජ දර්ශනවල දී කිසිවිටෙක ඉදිරි පෙළේ අසුන් ගැනීමට නොගියෙමි.
පාර්ලිමේන්තුවේ රඟ දැක්වුණු අර්ජුනා රාමනාදන් සංදර්ශනය දැක මට ජොලියක් ගිය ඒ නිසා ය.
මේ කතාවේ දෙවැනි කොටසක් ද ඇත.
එය පසුව ලියන්නට හැක. ඒ ගැන දැනගැනීමට කැමතිනම් ඒ බව පහතින් සඳහන් කරන්න. ඔබ එය එපා කියන බව මට සිතේ.
- රසික සූරියආරච්චි
ප/ලි:
අර්ජුනා රාමනාදන් නම් නවක මන්ත්‍රීවරයා සම්බන්ධ සිදුවීම සහ ඒ ගැන මගේ අදහස මෙසේ ය.
අර්ජුනා රාමනාදන් වස්තුව - The curious case of Ramanathan Archchuna
https://rasikalogy.blogspot.com/2024/11/curious-case-of-ramanathan-archchuna.html (image: Received in an eMail in 2009. Creator unknown)
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.