Tuesday 21 June 2016

ඇනෝනිමස් කමෙන්ට්කරුවන්ව නිශ්චිත ලෙස හඳුනා ගැනීමට සාමාන්‍ය ජෝ බ්ලොග්ලාට හැකිද? - I know only a little


මා මේ පහත ලියා ඇති කරුණු මෙලෙස ගොනු කරන්නට ආසන්නතම හේතුව වූ සිංහල බ්ලොග් ලෝකය නම් තේ කෝප්පයේ පැවති චූට්ටං සුළි සුළඟ දැන් පහව ගොස් ඇති බව, මා ඒ ගැන ලිපියක් ලියා පළ කළ පසු, අදාළ පුද්ගලයින් විසින් ප්‍රසිද්ධ කමෙන්ටු මගින් මට (සහ අනෙකුත් පාඨකයින්ට) දැනුම් දී ඇත. පසුව ඊමේල් මගින් ද මා ඒ බව සැක හැර දැන ගත්තෙමි. ඒ වුවත්, මේ පහත සඳහන් කරුණුවල කොයි කාට හෝ කිසියම් වැදගත්කමක් තියෙන්නට ඇතැයි සිතෙන නිසා, පැය දෙකක් පමණ වැය කර මේ ලියූ දේ, ඕ.පු. කියා පළ කරන්නට සිතුවෙමි.

ඇනෝනිමස් කමෙන්ට්කරුවන්ව නිශ්චිත ලෙස හඳුනා ගැනීමට සාමාන්‍ය ජෝ බ්ලොග්ලාට හැකිද? යන ප්‍රස්තූත ප්‍රශ්නයට නිවැරදි පිළිතුර නම් නොහැකි ය යන්නයි.

දැන්, දිගු කලකට කලින් වසර දෙක තුනක කෙටි කාලයක් වෙබ් අඩවි නිපදවීම පිළිබඳව රැකියාව ලෙස අණ්ඩර දුන් කාලයේ මා දැන සිටි කරුණු අරික්කාලෙන් දැන් මතකයේ ඇති හින්නිකිත්තර ද, මීට වසර එකොළහකට පෙර බ්ලොග් ලෝකයට පිවිස, විශේෂයෙන් පසුගිය වසර හත තුළ දී මා ලැබූ අත්දැකීම් ද අනුසාරයෙන් එසේ නොහැක්කේ ඇයි දැයි යන්න සාමාන්‍ය ලෙස පැහැදිලි කරන්නට මම මෙහදී අදහස් කරමි.

ඕනෑම පරිගණකයක් හෝ වෙනත් එවැනි උපකරණයක් ඉන්ටර්නෙටයට සම්බන්ධ වී ඇති නම්, ඒ සඳහා අයීපී ඇඩ්රස් නමින් හැඳින්වෙන අසමසම (එනම් යුනීක්) අංකයක් පැවරී ඇත. ඒ උපකරණයේ සිට ඉන්ටර්නෙටයට කෙරෙන සෑම උඩුගත කිරීම් සහ බාගත කිරීම් සම්බන්ධතාවයක ම ඒ ඉන්ටර්නෙට් ලිපිනය හෙවත් අයීපී ඇඩ්රසය ලියවෙනු ඇත.

එසේම, අපේ බ්ලොගයකට කිසිවෙකු පැමිණෙන හැම විටකම ඒ පුද්ගලයා ඒ සඳහා භාවිතා කරන උපකරණයට පැවරී ඇති ඉන්ටර්නෙට් ලිපිනය අපේ බ්ලොගය දිවෙන සර්වරයේ සනිටුහන් වේ. ඒ ලිපිනයන් බ්ලොගර් සේවාව අපට ලබා නොදුන්නත් (වර්ඩ්ප්‍රෙස් හි තත්වය කුමක්දැයි නොදනිමි), ස්ටැට්කවුන්ටර් වැනි තෙවන පාර්ශවයක මෙවලමක් භාවිතාවෙන් අපට මේ ඉන්ටර්නෙට් ලිපිනයන් බොහෝ විට සොයා ගත හැක.

උදාහරණයක් ලෙස මා නිවසේ සිට හෝ ජංගම දුරකථනය හරහා කාගේ හෝ බ්ලොගයක කමෙන්ටුවක් දැමූ විට එය පෙන්වනු ඇත්තේ නිවසේ දී නම් ටෙල්ස්ට්‍රා සමාගම කියා ජංගමය හරහා නම් ඔප්ටස් සමාගම කියා වන අතර අදාළ ඉන්ටර්නෙට් ලිපිනය පරීක්‍ෂා කර බැලීමෙන් ද මේ බව තහවුරු කර ගත හැකි වෙනු ඇත.

දැන්, එලෙස අපේ බ්ලොගයකට පිවිසෙන්නෙකු ලිඛිතව එහි ප්‍රතිචාරයක් දැක්වූ විට, එනම් කමෙන්ට් කළ විට, එසේ කර ඇත්තේ නිශ්චිතව නම් කළ අනන්‍යතාවයක් සහිතව (ප්‍රොෆයිල්) නම්, ඒ අනන්‍යතාවය හිමි පුද්ගලයා භාවිතා කරන උපකරණයට ඒ මොහොතේ පැවරී ඇති ඉන්ටර්නෙට් ලිපිනය අපට බොහෝ විට සොයා ගත හැක.

මෙන්න ඒ සඳහා උදාහරණයක්.



මා පෙර පරිච්ඡේදයේ දී බොහෝ විට යනුවෙන් අදහස් කළේ, ස්ටැට්කවුන්ටර් වැනි සේවාවකින් වුව ද, සෑම විටම අදාළ ඉන්ටර්නෙට් ලිපිනය සොයා ගත නොහැකි අතර, එසේ සනිටුහන් කරගත් විස්තර වුව ද, වැඩි වේලා තබා නොගන්නා නිසයි.

දැන් ඒ මොහොතේ ම හෝ අදාළ ඉන්ටර්නෙට් සබැඳිය නොකැඩී තිබෙන කාලය ඇතුළත, මේ පුද්ගලයා අපේ බ්ලොගයේ ම ඇනෝනිමස් කමෙන්ටුවක් යෙදුවොත්, එවිට ඒ දෙවන කමෙන්ටුව යෙදුවේ පෙර කමෙන්ටුව ද යෙදූ නම් කළ අනන්‍යතාවය ඇති (ප්‍රොෆයිල්) පුද්ගලයා බව අපට සිතා ගත හැක.

අපේ පුද්ගලික ඉන්ටර්නෙට් සේවා භාවිතයේ දී, අප පාවිච්චි කරන උපකරණයට මා පෙර කී ඉන්ටර්නෙට් ලිපිනය පැවරෙන්නේ ඉන්ටර්නෙට් සේවය මගිනි. මෙලෙස පැවරෙන ඉන්ටර්නෙට් ලිපිනය බොහෝ විට ගතික හෙවත් වෙනස් වන එනම් තාවකාලික එකක් වේ. එනිසා, පසුදා හෝ මුල් සම්බන්ධය සිඳ නැවත මොහොතකට පසු හෝ සම්බන්ධ වූ විට හෝ අපේ උපකරණයට පැවරෙන ඉන්ටර්නෙට් ලිපිනය පෙර අවස්ථාවේ දී පැවරී තිබුණු ලිපිනය නොවීමට සෑහෙන ඉඩක් ඇත.

ඒ සමගම, අප භාවිතා අද කරන උපකරණයට ඉන්ටර්නෙට් සේවා සපයන්නා විසින් පැවරෙන ඉන්ටර්නෙට් ලිපිනය පසු හෝරාවක වෙනත් ග්‍රාහකයෙකුට පැවරෙන්නට ඉඩ තිබේ.

මා දන්නා පරිදි අපට අවශ්‍ය නම් වෙනස් නොවෙන ඉන්ටර්නෙට් ලිපිනයක් අපේ සේවා සපයන්නා ගෙන් ලබා ගත හැකිවේ. ඇතැම් කේබල් ඉන්ටර්නෙට් සේවාවල මේ පහසුකම අමතර ගෙවීමකින් තොරව සාමාන්‍ය සේවයේ කොටසක් ලෙස තිනෙබ බව පෙනේ. එනම් අපේ සමහර පාඨකයින්ට එක්කෝ ස්ථිර ඉන්ටර්නෙට් ලිපින තිබේ නැතිනම් එකම ලිපිනය බොහෝ විට පැවරේ.

එසේ නොමැති විට, අද අපට ලැබෙන කමෙන්ටුවක් ලැබී ඇත්තේ මෙන්න මේ ඉන්ටර්නෙට් ලිපිනය හිමි මෙන්න මේ අනන්‍යතාව සහිත පුද්ගලයාගෙන් බව දැන ගත්ත ද, එය තාවකාලික දැනුමක් පමණක් ම වේ.

ඊළගට අප සොයා ගන්නා අයිපී ඇඩ්‍රසයක් හෙවත් ඉන්ටර්නෙට් ලිපිනයක් කොයි භූගෝලීය ස්ථානයේ සිට පැමිණියේ ද යන්න අයිපී ට්‍රැකර් සේවාවක් මගින් සොයා ගත හැකි වුව ද, එහිදී අපට ලබා දෙන්නේ අදාළ ඉන්ටර්නෙට් සමාගමේ නිල ලිපිනයයි, නැතහොත් ඔවුන් ගේ සර්වරය හෝ දුරකථන හුවමාරුව පිහිටා ඇති ස්ථානයේ ලිපිනයයි.
අප වැනි සාමාන්‍ය ජෝ බ්ලොග් කෙනෙකුට එතැනින් නතර වීමට සිදුවේ.

ලංකාවෙන් රසිකොලොජියට පාඨක පිරිස් පැමිණෙන ඉන්ටර්නෙට් සේවා ලෙස මා හඳුනාගෙන ඇත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම්, ඩයලොග් ඇක්සියාටා පීඑල්සී සහ මොබිටෙල් වැනි සමාගම් ය. සත්‍යය නම් මේවායේ සම්බන්ධතා ඕනෑම අයෙකුට ලබා ගත හැකි බවයි. මේ ආකාරයේ ඉන්ටර්නෙට් ලිපිනයක් පිළිබඳ සොයා බැලු විට එහි භූගෝලීය ලිපිනය ලෙස ලැබෙන්නේ එක්කෝ කොළඹ කොටුවේ තැනකි, නැතිනම්, වැලිමඩ වැනි ප්‍රදේශයක කඳු මුදුනක් බව මගේ සීමිත අත්දැකීමයි.

එතැනින් එහාට විමර්ශනය කිරීමට නම්, අදාළ ඉන්ටර්නෙට් සේවා සපයන්නා විසින් ඒ ඒ මොහොතේ කවර පාරිභෝගිකයාට කවර ඉන්ටර්නෙට් ලිපිනයන් ලබා දුන්නේදැයි විස්තර ඒ ආයතනයෙන් ලබා ගත යුතුවේ. එවැන්නක් කිරීමට අප වැනි සාමාන්‍ය ජෝ බ්ලොග්ස්ලාට නොහැකිය.

අපේ පුද්ගලික ඉන්ටර්නෙට් සේවා මගින් අපේ උපකරණවලට පවරන්නේ ගතික ඉන්ටර්නෙට් ලිපිනයන් මගින් සොයා ගත හැක්කේ ඒ සේවා සමාගම කවරෙක් ද යන්න පමණක් වුවද, විශාල පරිමාණයේ සමාගම්, රජයේ දෙපාර්තමේන්තු, විශ්ව විද්‍යාල වැනි ආයතන මගින් ලබාගෙන ඇති ඉන්ටර්නෙට් සම්බන්ධතා හරහා ඒ ආයතනවල සේවය කරන පිරිස් බ්ලොග් අඩවිවලට පිවිසෙන විට, ඔවුන් ගේ ඉන්ටර්නෙට් ලිපිනයේ ටෙලිෆෝන් සමාගමක නම නොව ආයතනයේ නම පෙන්වනු ඇත.

උදාහරණයක් ලෙස මා කාර්යාලයේ ඉන්ටර්නෙට් සම්බන්ධතාව භාවිතා කළහොත් අදාළ ලොග් සටහනේ අපේ සමාගමේ නම සඳහන් වෙනු ඇත හෝ සොයා ගත හැකි වෙනු ඇත. එසේ වෙතත්, ඒ ඒ අවස්ථාවලදී, එකම සමාගම් නම යටතේ වුවද, මට ලැබෙන්නේ විවිධ උපජාල (subnet) ලිපිනයන් සහ ස්ථාන නාම බව මම නිරීක්‍ෂණය කර ඇත්තෙමි.

තවත් උදාහරණයක් ලෙස දේශකයා නම් සහෘද බ්ලොග්කරුවාගේ කමෙන්ටු ලැබෙන්නේ ඔහුගේ අන්වර්ථ නමින්ම කියවෙන පරිදි ලංකා ඇකඩමික් සහ රිසර්ච් නෙට්වර්ක් නම් විශ්ව විද්‍යාලවලට අදාළ අන්තර්ජාල සබ්න්ධතාවය හරහා ය. ඒ ඉන්ටර්නෙට් ලිපිනය පරීක්‍ෂා කිරීමෙන් ඔහු සේවය කරන්නේ කවර විශ්ව විද්‍යාලයෙන් ද කියා සොයා ගත හැක. නමුත්, ඒ විශ්ව විද්‍යාලයේ ම වෙනත් අයෙකු සඳහා ද ඒ ඉන්ටර්නෙට් ලිපිනයම වෙනත් අවස්ථාවක තිබිය හැකි බව මගේ අදහසයි. රාජ් නම් සහෘද බ්ලොග්කරුවාගේ කමෙන්ටු ලැබෙන රජයේ ඉන්ටර්නෙට් ජාලයෙන් පසු කලෙක යකා නමැති අයෙකුගේ කමෙන්ටු ලැබෙන්නට පටන් ගත්තේ ඒ ආකාරයට ය. යකා (නොහොත් මධ්‍යස්ථ මතධාරියා) ද සේවය කරන්නේ රජයේ පරිපාලනයට අදාළ ආයතනයක බව මම ක්‍ෂණයකින් තේරුම් ගතිමි.

දැන්, ඒ අනන්‍යතාවය සහිතවම නිර්නාමික කමෙන්ටුවක් මට ලැබුණා නම් (එසේ ලැබුණු බවක් මා කිසි දිනක දැක නැත!) ඒ රජා ද, යකා ද, මොකා ද කියා මට දැන ගන්නට කිසිදු ක්‍රමයක් නැත.

මගේ බ්ලොගයේ නිර්නාමික කමෙන්ටු යෙදුවේ කව්රුදැයි මා නිශ්චිතවම දැනගෙන ඇත්තේ දෙවතාවකි. මුල් වාරයේ දී අදාළ පුද්ගලයා මා ඔහුට කළ උදව්වක් ගැන ඉඟියක් කර තිබුණු බැවින්, මදක් කල්පනා කළ පසු ඒ කවුදැයි සිතා ගත හැකි විය. ඔහුම ඉන්පසු වෙනත් නිර්නාමික කමෙන්ටු යොදන්නට ඇත. නමුත් මා ඒ ගැන නිශ්විතවම නොදනිමි. ඒ පෙර සේ ඉඟි නොතිබුණු නිසා ය.

දෙවෙනි අවස්ථාවේ දී, අදාළ කමෙන්ටුව යෙදූ පුද්ගලයා එයම මට පුද්ගලිකව පණිවිඩයක් මගින් දැන්වීය. ඔහු තවමත් කලාතුරකින් එවැනි කමෙන්ටු යොදන අතර සෑම විටකම පාහේ මට දන්වයි. ඒ කමෙන්ටුවල වැඩි වරදක් මා නොදකින නිසා, ඒවා නිරුපද්‍රිතව පවතී.

ඒ හැර අන් සෑම අවස්ථාවක දී ම මට කළ හැක්කේ උපකල්පන පමණකි.

මීට අමතරව මා õ තරමක් දන්නා කරුණු කිහිපයක් ද මගේ පෙර ලිපියේ කමෙන්ටු ලෙස අජිත් ධර්මකීර්ති දක්වා තිබුණි. මේ කරුණු ගැන මා අසා තිබුණද, කිසි දිනෙක ඒවා භාවිතා කරන්නට මට අවස්ථාවක් උදා වී නැත.

1. මරා රෙජීමය යටතේ ලංකාව තුළ ඇතැම් ඉන්ටර්නෙට් හි දිවෙන ලංකානිවුස්වෙබ් වැනි ප්‍රවෘත්ති සේවා තහනම් කර තිබුණු සමයේ, ප්‍රොක්සි සර්වර් නමින් සරලව හැඳින්වුණු සේවා භාවිතයෙන් අදාළ ප්‍රවෘත්ති අඩවියේ සැබෑ අනන්‍යතාවය හෙවත් ඉන්ටර්නෙට් ලිපිනය ලංකාවේ සේවා සපයන ආයතනවලින් හංගා එහි පිවිසීමට ලංකා වැසියන්ට හැකියාව තිබුණි. තමන්ගේ අනන්‍යතාවය සැඟවීමට මෙවැනි සේවයක් මිල දී ගත හැකි යැයි සිතමි.

2. අපේ ජංගම දුරකථනවල ඇති සාමාන්‍ය බ්‍රව්සරයේ පවා, හඳුනාගත නොහැකි ආකාරයට (incognito) ඉන්ටර්නෙට් හි සැරිසැරීමට ක්‍රම සකසා ඇත.

3. ටොර් ව්‍යාපෘතිය ලෙස හැඳින්වෙන සේවය මගින් අපට වෙනත් තෝරාගත් රටකයැයි හැඟෙන පරිදි ඉන්ටර්නෙට් ලිපිනයක් භාවිතා කළ හැකිය.

අවසාන වශයෙන් කිව යුත්තේ, මේ කරුණු සහ මා නොදන්නා නිසාම මෙහි සඳහන් නැති කරුණු ද අප දැනගැනීම වැදගත් බවයි. එහි බ්ලොග්කරුවන් දෙදෙනෙකු අතර ඇතිවෙන, පැය විසිහතරකින් නැතිවෙන තාවකාලික ආරෝවකට ඔබ්බෙන් වැදගත්කමක් ඇති බව මගේ හැඟීමයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
දිවයිනේ සියල්ල දත් මාජ්ජවේදී වර්ණකුලසූරිය මේ ලිපිය කියවූවොත්, මෙහි මාතෘකාවේ මා සඳහන් කර ඇති ජෝ බ්ලොග් (Joe Bloggs) නමැත්තා බටහිර රටක බ්ලොග් කියන්නෙකු ලෙස හඳුනා ගනු ඇත!

ප/ප/ලි:
දේවදත්ත විසින් ඇනෝනිමස් කමෙන්ට්කරුවන් ැගන කියන ලද ට්වින් ගාථා සැට් එක මෙසේ ය.

1.
ඇනෝ පුබ්බංගමා ආමා
ඇනෝ සෙට්ටා ඇනෝමයා
මනසා චෙ පදුට්ඨෙන
භාසතිවා කරෝතිවා
තතෝනං ශ්වෙත මංවේතී
චක්කංච වෑනෝ පදං

ඒ කියන්නේ කොහොම පුම්බාගෙන සෙට්වෙලා ආවත් ඇනෝලා ඇනෝලාම ය. අයහපත් ලෙස ඇනෝලාට සැලකුව හොත් උං සුදු වෑන් රෝද මෙන් පසුපස එනු ඇත.

2.
ඇනෝ පුබ්බංගමා ආමා
ඇනෝ සෙට්ටා ඇනෝමයා
මනසා චෙ පසන්නේන
භාසතිවා කරෝතිවා
තතෝනං සුඛ මංවේතී
ඡායාව අනපායිනී

ඒ කියන්නේ කොහොම පුබම්බාගෙන සෙට්වෙලා ආවත් ඇනෝලා ඇනෝලාම ය. යහපත් ලෙස ඇනෝලාට සැලකුව හොත් උං සෙවනැල්ල මෙන් පසුපස එනු ඇත.

අද කමෙන්ටු පල වෙනු ඇත්තේ පරීක්‍ෂා කිරීමෙන් පසුවය.

(Image: From Google - Cannot visit site)

107 comments:

  1. නිර්නාමික කමෙන්ට් පළ කරන එකා ප්‍රසිද්ධ වැසිකිළියක බිත්තියේ ලියන එකා මෙනි.
    ප්‍රොෆයිල් තිබෙන පමණින් කායික අනන්‍යතාව පළ නොවන නමුත් ලේඛණයේදී එවැන්නක් අවශ්‍ය නැත්තේ ලියපු එකා අල්ලා තඩි බෑමේ සංස්කෘතියක් නැති නිසාය. කමෙන්ටුවක් නිර්නාමිකව පළ කිරීමේ ගැටළුවක් නැති නමුත් නැවත නැවත කමෙන්ට් කිරීමේ අවස්ථා ඇති වන සංවාදාත්මක අවස්ථාවකදී කමෙන්ට්කරුගේ අනන්‍යතාව වැදගත් වේ.
    තවද, අයි පී ඇඩ්ඩ්‍රස් නැති වුවත් භාවිතා කරන භාෂා විලාසය අනුව කමෙන්ට්කරු පමණක් නොව ඔවුන්ගේ අම්මා අප්පා ද හඳුනාගැනීම පහසු දෙයකි.

    ReplyDelete
    Replies
    1. ඒ වැසිකිලියක ලිව්වොත්නේ

      Delete
    2. එකඟ නෑ. ප්‍රසිද්ධ වැසිකිළිවල කුරුටුගෑම නරක දෙයක් වුනත් ඇනෝ කමෙන්ට් දැමීම නරක දෙයක් නෙවේ. තමුන්ගෙ අදහස කියන්න, ක්‍රමය මොකක් උනාම මොකද? යලි යලිත් සිදුකරන සංවාදයකදි උනත් එහෙමකට පැටලෙන්නෙ නෑ.

      Delete
    3. නිර්නාමික කමෙන්ට් පළ කරන එකා ප්‍රසිද්ධ වැසිකිළියක බිත්තියේ ලියන එකා මෙනි.///// ++++++

      Delete
    4. I agree with Raj. Anonymous commenting itself is not the issue; it's about the contents.

      Delete
    5. ප්‍රශ්නය ඇත්තේ නිර්නාමිකව කරන දේ ගැන කෝප වී වෙනත් අයට චෝදනා කිරීම ය. නිර්නාමිකයා කවුදැයි හඳුණා ගැනීමට නිශ්විත ක්‍රමයක් අපට නැති සේම, එලෙස චෝදනවක් ආ විට එයින් ගැළවීමට ක්‍රමයක් ද නැත.

      බුදු සාදුට චිංචිමාණවිකාව චෝදනා කළ විට මීයෙකු එවා බඩට තබා බැඳ තිබුණු පොදියේ රැහැන් කැපීමට සක් දෙවියා හෝ සිටියේ ය.

      Delete
    6. රාජ් “නරකයි“ කියන්නේ බිත්තිය අපිරිසිදු කිරීම කියන කන්සෙප්ට් එකෙන්. බ්ලොග් කමෙන්ට් එකකින් එවැනි දෙයක් නොවන බව ඇත්ත. ඒත්, නිර්නාමිකත්වය කියන එක බොර දියේ මාළු බෑමක් කරගැනීම හෝ ලයිට් නැති කෝච්චි පෙට්ටිය බිං ගෙයක් අස්සෙන් යනකොට වගේ වැඩ, එහෙම නැතිනම් ග්‍රීස් යකා වගේ වැඩ කිරීම තමයි ගැටළුව වෙන්නෙ.
      දැන් බලන්න, Anonymous22 June 2016 at 00:06 කමෙන්ට් එක. ඒකෙ කිසි ගැටළුවක් නෑ. අදහසක් පළ කිරීම නෙවෙයි ගැටළුව රසික කියනව වගේ අභූත චෝදනා කිරීම. ඊට වඩා, ඔය ඇනෝ ඇවිත් ඉන්නෙ අහවලා කියල තවත් ඇනෝවෙක්ම කමෙන්ට් කරනවනෙ.

      සීගිරි කැටපත් පවුරෙ දාල තියන ඇනෝ කමෙන්ට් කවුරත් ප්‍රශංසා කරන අගය කරන නිර්මාණ බවට පත් වෙලා තියෙන්නෙ ඇනෝ කමෙන්ට් නරක නැති නිසානේ.

      Delete
  2. මං නං බාගෙට කියෙව්වේ. ඒ තරං කම්මැලියි..

    ඕවා මක්කටෙයි අනේ මේ අපිට.. නිකං ලැබෙන එක හිතේ ඇම්මට කොටාගෙන ඉන්න ඩිංගට.. තව ඒකේ මොන සෙද්දවල් සොයනවද??

    කාලෙකට පස්සේ රසිකලොජියේ දිගම දිග පෝස්කටුවක්.. ජය..

    ReplyDelete
    Replies
    1. භාගෙට කියෙව්වා නිසා දේශකයාගේ අනන්‍යතාවය හෙළි කරපු හැටි කියවන්න නැතුව ඇති..

      Delete
    2. මටම කියල වෙනම අනංනතාවයක් නැති නිසා රසිකට උනත් හොයාගන්ඩ බෑ ඒක.. මෙහෙම කිව්ව කියල උඹ හිතනවද මං ආයේ ගෙඩිය පිටින් මේක කියවයි කියලා.. හැක්. හැක්..

      Delete
    3. බ්ලොග්වල දාන ඇනෝ කමෙන්ට්වලින් බාගෙට බාගයක් දාන්නෙ මේ ‍දූසකයා! ඕනනං ඔප්පු කරල පෙන්නන්නං සාක්ෂි එක්ක... අපි ඕව අදින්නෙ නැති නිසා හොඳයි.

      Delete
    4. නගර සභාවෙ වැඩකරන එකා විස්ස විජ්ජාලෙක උන්නයි කියල රසිකට කවුද වැරදි ඉම්පොමේෂන් දීල. හැක්..

      Delete
    5. මා රසිකොලොජිස්ට් යැයි නොමැතිව බයොලොජිස්ට් කියා කීවා නම් එය නිවැරදි දැයි කීමට පාඨකයින්ට හැකියාවක් නැත.

      රසිකොලොජිස්ට්, එනම් රසික ගැන හොඳින් දන්නා, යැයි නම යෙදා ගත් නිසා කා හට හෝ මා බොරුවක් කරන්නේ යැයි කීමට නොහැකි වී තිබේ!

      Delete
  3. මේ සම්බන්දව සුවිශේෂී නඩුවක් තීන්දුවක් දුන්නා ඕස්ට්‍රේලියානු මහා අධිකරණයෙන් .....
    http://www.hcourt.gov.au/assets/publications/judgment-summaries/2012/hcasum16_2012_04_20_iiNet.pdf

    නමුත් ඔබ වැනි සම්මානලාභී බ්ලොග් කරුවන් විසින් තේරුම් ගත යුතු සත්ත නම් අනුන් ගැන සොයා පලක් නැති බවත් , තමන් ගැන සොයා බැලීම ඉතා වැදගත් බවත්ය.
    පලමු කාරණය යමෙකු නිර්නාමික වන්නේ හේතුවක් ඇතිවය , නිර්නාමික විවේචන අදාල නැතිනම් ඔබටම මකා දැමිය හැක , එහෙම නැතුව අදාලත්වයක් ඇතිනම් සොයා බැලීමය සහ වැරැද්දක් ඇතිනම් හදා ගැනීමය ..
    මෙය ඔබ වැනි ඔටුනු පැලන්දු මන්පොර යයි සිතා සිටින්නන්ට එම මානසිකත්වයෙන් මිදීමට එවැනි සිතිවිලි උපකාරී වනු ඇත...
    යමෙකු ශ්‍රේෂ්ටයකු වන්නේත් දීන මන්දයකු වන්නේත් උපතින් නොව ක්රීයාවෙන්ම බව ප්‍රසිද්ද කියමනකි . ඒ බව ඔබ ඔබගේ ලිපියේ අවසාන වගන්තියෙන් ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇත , ඔබ කියන මාජ්ජවේදී වර්ණකුලසූරිය වනාහි දීර්ඝ කාලයක් පුවත්පත් කලාවේ නියදෙන්නෙකි , ඔහුගේ සුළු වැරද්දක් දැක ඔහුට අපහාස කෙරීම ඔබ වැන්නකුට නොගැලපෙන බව මගේ හැගීමයි , එය ඔලුව උදුම්මා ගත් අමන ක්‍රියාවකි , එවැනි අපහාස ඔබ වැනි සම්මාන ලාභියෙකුට නොගැලපෙන බව මගේ හැගීමයි. එසේම බ්ලොග් අවකාශයේ සර්ව සාධාරණ දර්ශීය පුද්ගලයා යයි සිතා සිටින්නකු විසින් තමන්ගේ තත්වය උපයෝගී කරගෙන බ්ලොග් අවකාශයේ නොමැතෙකුට කරන අවලාදයකි .
    මෙවැනිම තර්ජන ඔබ විසින් GMOA එකට විරුද්දවද කර ඇති බව පෙර ලිපි වල දුටුවෙමි. එවැනි අපහාස තර්ජන කිරීමට , ඔබ වැනි ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන ආර්ථික සංක්‍රමිනයකු ලෙස ඕස්ට්‍රේලියාවට සේවය කරන්නෙකුට ඇති අයිතිය කුමක්ක්ද , ඔවුන්ට උන්ගේ ගැටළු උන්ගේ ක්‍රම වලටම විසදාගැනීමට ඉඩදිය යුතු බව මගේ හැගීමයි.
    රටේ දේශපාලකයින් බිහි වන්නේ මිනිසුන්ගේ ජන්දයෙන් , නුගත් මිනිස්සු තෝරන්නේ උන්ට ගැලපෙන නායකයෝ . පුළුවන් උගත්තු රට පනිනවා බැරි උන් ඉතුරු වෙනවා , ඉතුරු උන්ට උන්ගේ ගැටළු විසදගන්න වෙන්නේ නුගතුන්ගෙන් නම් ඊට ගැලපෙන උපක්‍රම තමයි පාවිච්චි කල යුත්තේ . උබල ස්වර්ගේ ඉදගෙන උන්ට විරවල වැඩක් නෙහැ .

    ReplyDelete
  4. මේ ඔක්කොම තාක්ෂණික කාරනා කියෙව්වම පස්සේ මට අවංකව හිතුන දේ මොකක්ද දන්නවද. ඒ රසික තමයි ඇනෝ කොමෙන්ට් ගහලා බ්ලොග්කාරයෝ කොටවන්නේ කියන ඒක. රසිකගේ කලින් ලිපියට කොමෙන්ට් දැමූ මාතලනුත් එවැනි දෙයක් සදහන් කර තිබෙනවා මම දැක්කා. මාතලන් සහ රුවන් ගේ මත ගැටුම ඇතිඋන වෙලෙත් රසික කලේ මාතලන් කියලා තියෙනවා වගේ රසික කරන්නේ රොයිටර් නැන්දා ගේ කාරනයයි.

    ReplyDelete
    Replies
    1. මා මේ ලිපියේ මුල් කොටස ලීවේ, මේ කාරණය ගැන මා දැනුවත් කර, ඒ ගැන මැදිහත් වෙන්නැයි රුවන් ජයතුංග විසින් මට (සහ තවත් කීප දෙනෙකුට) එවන ලද ඊමේලයක් නිසා බව කරුණාවෙන් දන්වමි!

      ඔබ කියා ඇති දේ කිසිවක් කිරීමට තරම් මට අසනීපයක් නැත!

      Delete
  5. පහුගිය දවස් වල 8 10 පන්තිවල කොල්ලන්ගෙ කොම්පියුටර් කීපෙකට අතගහන්න වුනා, ඒ ඔක්කොමලා ටෝර් දමාගෙනයි හිටියේ, බලන්න කොච්චර පසුගාමීද කියල, ටෝර් පෙන්ඩ්‍රයිව් එකේ දාගෙන අහුනොවෙන්න වැඩේ කරන්න තරම් දැණුවත් නෑ.

    ReplyDelete
    Replies
    1. මාත් ඔය ටෝර් මෙව්ව එකක් ඩවුන්ලෝඩ් කරන ගමං.....

      Delete
    2. ඒවයෙ ටෝර් විතරයිද තිබුණෙ. එහෙනං අනික් ඒව හංගන්න උං දක්ෂයො. හැක්..

      Delete
    3. ඒවා ටෝර් නොවෙයි චෝර් බාගත කිරීම්!

      Delete
  6. //ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!//

    ප්‍රතිචාර දෙන්නන් හා ලබන්නන් සතුටින් විසිර යාහැකි අවස්තා සතුට ගෙන දේ.

    මා බ්ලොග් ලියන්නේ නැත, ඇනොනිමස් කමෙන්ට් දමන්නේත් නැත ( ෆෝන් එකේ අප්සෙට් එකකින් වැටුනොත් පහලින් ප්‍රොෆයිල් නම සඳහන් කරමි , ඇනොනිමස් කමෙන්ට් දැමීමට අවශ්‍යතාවයක් ඇතිවීත් නැත ( ඇත්තෙන්ම කිසිම කමෙන්ට් එකක් දැමීමට අවශ්‍යතාවයක් ඇතිවී නැත, නිකම් ආසාවට දානවා පමණි ). ඇනොනිමස් නිදහසටත් ගරු කරමි. බ්ලොග් නිදහස් මාධ්‍යයක් වියයුතුය.එහි විශේෂත්වය එයයි
    මා ආසාකරන විෂයයන් ගැන කතා කිරීමටත් (අකමැති දේ විවේචනය කිරීමටත් ) , witty, pun, හාස්‍යජනක ලෙස භාෂාව යොදා ගැනීමටත්( හිනාවීමටත් , පිස්සු කෙලීමටත්) එන ආසාව නිසා කමෙන්ට් කරමි. බ්ලොග් ලොව හොඳ මිත්‍රයන් ඇත. මට හැකි ඕනෑම උදව්වක් ඔවුන්ට කිරීමට මැලි නොවෙමි. මට අවශ්‍යනම් පුලුවන් උදව්වක් ඔවුන්ගෙන් ඉල්ලීමටද හැක. එහෙත් කමෙන්ට් කිරීමේදී මා යාලුකම නිසා විශේෂයක් නොකිරීමට උත්සාහ කරමි. ඒ බ්ලොග් කියවීමේ, කමෙන්ට් කිරීමේ සතුට වෙනම එකක් ලෙස තබා ගත යුතු නිසාය. පුද්ගලික බැඳීම් බ්ලොග්වල ගෙන ඒමෙන් බ්ලොග් නිදහසට බලපෑමක් වේ. බ්ලොග්වල සමහරදේ පුද්ගලික ජීවිතයට ගෙන ඒමෙන් එයටද බලපෑම්වේ. බ්ලොග් හැර පුද්ගලික හා සාමාජයීය ලෝකයක් ඇත. බ්ලොග්වලින් හමුවූ මිතුරන්ද ඒවායේ ඇත. ඔවුන් දැන් "බ්ලොග්" මිතුරන් නොව මගේ පුද්ගලික මිතුරන්ය. එනිසා ඒ මිතුරුකමින් බ්ලොග්වල හැසිරීමට බලපෑමක් කරගතයුතු නැත. බ්ලොග් යනු සෑහෙන තරම් පුලුල් මාධ්‍යයක නිදහස්ව අදහස් ප්‍රකාශකිරීමේ හොඳම හා සමහරවිට එකම අවස්ථාවකි. එය එසේ තබාගෙන පුද්ගලික වෘත්තිමය හා සාමාජයීය ජීවිතයක් එයින් වෙන්ව බ්ලොග්වලට හා බ්ලොග් නිදහසට හානියක් නොවන ලෙස (අනිත් පැත්තටද එසේමය ) ගතකිරීමට හැක.
    තරහා ගියත් අපහාස කිරීමට හිතුනත් එය විනෝදාත්මක ලෙස කල හැකිබව සා රස පෙන්වා දී ඇත.
    එවැනි වලි එවිට අන් අයට හා පසුව වලිකාරයන්ටද විනෝදයක් ගෙනදේ.
    කෙසේවෙතත් බ්ලොග් යනු විශේෂ නිදහසක් ඇති unique මාධ්‍යයකි. ඒ නිදහස enjoy කලයුතුය


    P.S. මෙය පණ්ඩිතකමට හෝ අවවාදකිරීමට ලියූ දෙයක් නොව හුදෙක් මට බ්ලොග්වල ඇති විශේෂත්වය කීමට ලියූවක්බව කරුණාවෙන් සලකන්න. ගණන් ගන්න එපා. ඉඳල හිටල සීරියස්වෙන ලෙඩක් හැදෙනවා. ලිව්වට පස්සෙ හරි ගියා

    ReplyDelete
    Replies
    1. එකම ලයින් එකක, කොලේ නොහංගා ගහපු ප්‍රාෙග් එකම කොමෙන්ටුව වීමටද ඉඩ ඇත.. හැක්..

      වලියක් දානවනං මෙන්න පොර.. අවුල තියෙන්නේ වලියට හිතන කොටත් මිනිහා මාරු වෙන එකයි.. හැක්.. ජය වේවා ප්‍රා..

      Delete
    2. ඕනෙනම් වලියක් දාගම්මු ලැක්චරර්තුමා, හැබැයි පත්තරමල්ලිතුමාවත් එක්කගෙන එන්න , කාලෙකින් එතුමාට ( හා ලව්පූසාතුමාට ) අපහාසයක් කරගන්න බැරිවීම නිසා මට මේ සීරියසිස් ලෙඩේ හැදුනද මංද.
      සා රසටත් ඉන්වයිට් කරමුද? පිස්සු කෙලීම වෙනත් තලයකට ගෙනයයි

      Delete
    3. hats off to u pra.. great.

      Delete
    4. ප්‍රාජේ ගෙන් දැකපු දිගම කොමෙන්ට් එක.... :)

      Delete
    5. එකෙන්ම ප්‍රා :D හත්තිලව් දංසැලක් දෙන්න ගිහිං වලියත් මිස් වෙලා ..චැහ්. මං පරක්කුයි නෙවැ

      Delete
    6. ඉස්වසර, වලියකට පිදුරු දාන්න හිටිය ප්‍රා, පත්තර මල්ලි ආදීන් දැං සීරියස් වෙලා? කිසි ගතියක් නෑ. කැකුණ තැලීම නැවතිලා. ඒ ඩියුටියත් ඇනෝලාටම භාරදීල.

      Delete
    7. දේශකයා විසින් ප්‍රා ට ගෙම්බා ලෙස ඇමතීම ගැන මගේ බලවත් මෙවුව එක.

      ඔන්න මම වලියකට එන්ට්‍රන්ස් අරං දුන්න හිටං.

      ප්‍රාගෙ කොමෙන්ට් එකනං නියමයි.

      Delete
    8. // මා ආසාකරන විෂයයන් ගැන කතා කිරීමටත් (අකමැති දේ විවේචනය කිරීමටත් ) , witty, pun, හාස්‍යජනක ලෙස භාෂාව යොදා ගැනීමටත්( හිනාවීමටත් , පිස්සු කෙලීමටත්) එන ආසාව නිසා කමෙන්ට් කරමි. //

      ආමෙන්!

      Delete
    9. රාජ් අයියෙ..

      හිට්ලර් ගියා - චැප්ලින් ආවා

      - ඇඩ්‍රස් නෑ - :D

      Delete
    10. ස්තුතියි ප්‍රා ජේ.

      ඔබ ගේ අදහස් අගනේය.

      බයි අදහස් කෙසේ වෙතත්, සා රස ගේ කබර හම ගැන නම් මට ද ඇත්තේ ප්‍රසාදයකි!

      Delete
    11. අඩෝ ප්‍රා මට දැන් හිතෙන්නේ උඹ ලන්ඩන් ආවේ මන් හිටි තැන හොයා ගැනීමට ip එකෙන් නොහැකිව හරියටම හොයා ගන්න කියාය. උඹට ටිකට් එක දී තිබෙන්නේ රසික සහ කණ්ඩායමය. දැන් මට කුමන්තරණය තේරීගෙන යයි. උඹේ බෑග් එක චෙක් කර ගෙට නොගැනීම ගැන කණගාටු වෙමි.

      Delete
    12. අපි නැතුව කොහෙද ඩෝ වළි?

      Delete
    13. අපි කැපුනා එහෙනං … :D

      Delete
  7. හරි පුලුවන් නම් ඔප්පු කරන්න මම මේ කොමෙන්ට් එක දාන්නෙ 21010 Varese,Italy ඉඳන් කියල.

    ReplyDelete
    Replies
    1. හරි ඔප්පු කරා. ඔය තියෙන්නේ ලෙසටම.. හැක්..

      Delete
    2. හික්.. මේක දැක්කම පොඩි කතාවක් මතක් උනා.. අපේ යාලුවෙක් හිටියා.. පොඩ්ඩක් අවුල් උනාට හරි හොඳ එකා.. සෙල්ලම් කරන වෙලාවට අනිවා එනවා.. දවසක් වොලිබෝල් ගහලා බොලේ කටු අකුලකට ගිහින් අපි පණ එපා කියාගෙන හොයනවා.. මේකා පැත්තකට වෙලා හිනා වෙනවා.. ඇහුවම කියපි.. ඔට්ටුයි උඹල එකෙක්වත අද බොලේ හොයන්නේ නෑ.. අන්න අතන තියෙනවා.. පුලුවන්නම් හොයා ගනිල්ලා බලන්න.. කියල.. :)

      Delete
    3. වරේසෙ හංදියෙ කොමිකේසං එකේ ඉඳං නේ :D

      Delete
    4. මොන පිස්සුද බං. ඔය ඉටලි හුටලි කියල කිවුවට ඔය මනුස්සය ඕක දාල තියෙන්නෙ තුංමුල්ල ජංසන් එකේ පෙට්ටි කඩේක ඉඳං.

      Delete
    5. වරේසෙ මචං.. අද යූරෝ එක කීයද කියල පොඩ්ඩක් බලල කියහං :D

      Delete
    6. තුම්මුල්ලෙ කොහෙද පෙට්ටි කඩ තියෙන්නෙ. ආ නෑ නෑ තියනව එකක්.

      Delete
  8. මගේ අදහස නම් ප්‍රොෆයිල් වලින් පෝස්ට් ලියන කමෙන්ට් කරන අය ඔවුන්ගේ කැමැත්ත මත එසේ කරන බැවින් සහ ඇනෝ කමෙන්ට් කරන අයත් ඔවුන්ගේ කැමැත්ත සහ ප්‍රොෆයිල් එකකින් පැමිණ ඔවුන්ට කීව නොහැකි දේවල් කීමට එසේ කරන බැවින් නිදහස් සමාජයක තම කැමැත්ත අනුව නමින් හෝ නිර්ණාමිකව හැසිරීමට නිදහස තිබිය යුතුයි යන්නයි. ඇනෝ කෙනෙක් ප්‍රශ්ණයක්, තර්කයක් හෝ අදහසක් ඉදිරිපත් කරනවා නම් ඒවාට කිසිම වෙනසක් නැතුව සංවාදයේ යෙදීමත් අසැබි වචන හෝ අපහාස කරනවා නම් පිළිතුරු නොදී සිටීම හෝ අවශ්‍ය නම් ඩිලීට් කිරීමත් යන ප්‍රතිපත්තියේ සිටින එක වඩා හොඳයි. ඇනෝ කමෙන්ට් දමන අය කවුරුන්දැයි අනුමාන කිරීමට යාම හෝ සැක කිරීම මඟින් කිසිම වාසියක් අත් නොවන බව මම විශ්වාස කරනවා.

    ReplyDelete
    Replies
    1. මම මුලදී ඇනෝ ක්‍රමයටත් ඇනෝ බ්ලොග් සහ ඇනෝ කොමෙන්ට් වලටත් සහය දුන්නා . අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ගැන හිතල. නමුත් පාසල් ළමයින් සයිබර් බුලි කරන එවුන් නිසා සියදිවි නසා ගන්නකොට, ඇතැම් බ්ලොග්කරුවන්ගේ පවුල් ජිවිත විනාශ වෙනකොට (ලංකාවේ නොවේ) මම ඒ අදහස් ඉවත් කර ගත්තා.//නිදහස් සමාජයක තම කැමැත්ත අනුව නමින් හෝ නිර්ණාමිකව හැසිරීමට නිදහස තිබිය යුතුයි යන්නයි// මේක හොඳයි ඒ නිදහස් තිබෙන කට්ටිය අනුන් විනාශ කිරමට ඒක යොදා ගන්නේ නැත්නම් ඉයන්. මිනිසුන්ව මානසිකව වට්ටන්න බොරුවට හොඳ මුහුණ පෙන්න ඇනෝ ඇවිත් මඩ ප්‍රහාර මෙන්ම දරුණුම ප්‍රහාර, පවුල් ජිවිත අල්ලා ප්‍රහාර එල්ල කරන අය ඉන් බවයි මගේ හැඟීම. මම දැන් මේ රටෙත් සහයෝගය දෙන්නේ අන්තර්ජාල නීති තද කිරීමට.

      Delete
    2. මෙන්න හොඳ මාතෘකාවක්
      (බීච් එකේ පාටියකට!)

      Delete
  9. රසිකගෙ ලිපිය ඉතාම වැදගත්. මටත් ඇනෝ කරදරය ආ කාලයෙ කවුද එවන්නෙ කියල හොය හොය බොරු වෙහෙසක් ගත්ත. මට කෙනෙක් කීව කවදාවත් හොයන්න බෑ කියල. ඔහුත් බ්ලොග් ලියන කෙනෙක්.නමුත් ඔබලා ඔහුව කවදාවත් මුන ගැහිලා නෑ. ඔහු තමන්ගෙ පාඩුවෙ බ්ලොග් ලියන කෙනෙක්. හැමතැනම කොමෙන්ට් දදා යන්නෙත් නෑ. ඔහු තමන්ගෙ අනන්‍යතාවය හෙලි කරන්නෙත් නෑ. ඔහු තාක්ෂනය හොදට දන්න කෙනෙක්. ඔහු කී දේවල් මට තේරුනේ නෑ. අද රසිකගෙ ලිපිය කියෙව්වට පස්සෙ තමා හිතුනෙ අහවලා කීවෙත් මේක නේද කියල. ඉතා සරලව පැහැදිලිකරල තියනව. ස්තුතියි ඒ ගැන.

    ඇනෝ කරදරයෙන් මිදෙන්න තියන හොදම දේ මොඩරේෂන් දාන එකනෙ. නැත්නම් ඇනෝ වහන එකනෙ.

    කෙටවීම ගැන කියනවනම් එහෙම දෙයක් තියනව. මටත් ප්‍රශ්නයක් වුන වෙලේ ඊ මේල් ආව විවිධ බ්ලොග්කරුවන් /කාරියන් ගැන ගතු කියමින්.මා ඒව දැකල කලබල වුන එක මගෙ වරදයි.
    මම තේරුම් ගත්ත දේ තමා බ්ලොග් අපේ ජීවිතය කරගත යුතු නෑ කියන එක. එහෙම වුනහම තමා ලේ කෝප කරගෙන වචන හුවමාරු යන්නෙ.
    ඔබම වරක කී පරිදි අප බ්ලොග් ලිවිය යුත්තෙ අපගෙ සතුට සදහායි. අනුන් අපේ හිසෙන් ඉවත් කර බ්ලොග් ලීවම අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ කමෙන්ට්කරුවන් ගේ අනන්‍යතාවය නිශ්චිතව කිව නොහැකිය. ප්‍රොෆයිල් එකක් ඇති, ස්ථිර ඉන්ටර්නෙට් සම්බන්ධතාවයක් ඇති, අයෙකු එයිනුත් කමෙන්ට් කර, ඇනෝනිමස් ලෙස ද කමෙන්ට් කළ හොත් සාධාරණ සැකයක් ඇතිකර ගත හැක.

      නමුත්, මා මෞර්ය රාජ් සහ ඔබ ගැන කළ නිරීක්‍ෂණය අනුව එවැනි සැකයක ද ලොකු හිලක් ඉතුරු වේ!

      Delete
    2. මම දන්නා විධිහට අනිත් එවුන් හැමෝම වගේ ඇනෝ ඇවිත් මමයාට ගහනවා කියල.

      Delete
  10. 01. දන්නා තරමින් නං නොමිලේ දෙන් ප්‍රොක්සි තියනව. (ඒ කාලෙ අපි ටැමිල්නෙට් එහෙම බැලුවෙ)
    02. ඊයෙ මම කිව්ව කතාව හරි වගේ.(ඇනෝ අල්ලන එක සාමාන්‍ය බ්ලොග් කරුවන් වන අපට බෑ කියල)
    03. පොඩි වලියක් දෙකක් ඉඳහිට තිබීම බ්ලොග් අවකාශයේ ජීවමය ගතිය පවතින්න හොඳයි. (සයිලන්ට් සහන්, උපශාන්ත, ප්‍රෝ‍යටිල් ඇනෝ..... කොහෙද ඔබලා?)
    04. වැදගත් කාරණා කිහිපයක්ම ඇති පෝස්ටුවක්.(වලිය අතරෙ වුනත්)
    05. ඉස්තුතියි!

    ReplyDelete
    Replies
    1. පල යන්න නරියා

      Delete
    2. හිට්ලර් ගියා - චැප්ලින් ආවා

      ඇඩ්‍රස් නෑ …

      Delete
    3. අපිත් ටැමිල් නෙට් බැලුවනෙ ඒ කාලෙ. ඒ මදිවට ඩයලොග් කාරය එකපාරක් බ්ලොගර් එක්ක මොකක්ද පිස්සුවක් කෙලපු වෙලාවෙ බ්ලොග් බලන්න තිබ්බෙත් ප්‍රොක්සි තමයි.

      Delete
    4. @ රාජ්, Praසන්ன

      මා කියා ඇත්තේ මුදලක් ගෙවා ලබාගත හැකි විශේෂ සේවයක් ගැනයි!

      එදා රජයෙන් තහනම් කළේ ලංකාවේ සිට ලංකාඊනිවුස්, ලංකානිවුස්වෙබ්, ටැමිල්නෙට් වැනි තැන්වලට යාමයි.

      එයින් ඔබේ අයිපී ලිපිනය සැමවීමක් වුනේ නෑ. ඔබ ගිය ප්‍රොක්සි සර්වරයේ ඔබේ අයිපී විස්තර සටහන් වුනා. ඔබ එහි ගිය බව අදාල ලංකාවේ සේවා ආයතනයේ සඳහන් වුනා. ඔවුන් තහනම් කර තිබුණේ ඔබව හෝ ප්‍රොක්සි සර්වරය ණොව ඵෙර කී වෙබ් අඩවිවල ලිපිනයන් පමණයි.

      මේ කියන්නේ ඒකේ අනිත් පැත්ත ගැනයි.

      Delete
  11. මේ කොමෙන්ට් එක කොහෙන්ද වැටුනේ කියල දානවද රසික . මම කියන්නේ ip ලිපිනය. අර statcounter එකෙන් නොමිලේ බලල කියන්න.

    ReplyDelete
    Replies
    1. මා ලිපියේ ලියූ පරිදි:

      /* මා පෙර පරිච්ඡේදයේ දී බොහෝ විට යනුවෙන් අදහස් කළේ, ස්ටැට්කවුන්ටර් වැනි සේවාවකින් වුව ද, සෑම විටම අදාළ ඉන්ටර්නෙට් ලිපිනය සොයා ගත නොහැකි අතර, එසේ සනිටුහන් කරගත් විස්තර වුව ද, වැඩි වේලා තබා නොගන්නා නිසයි. */

      නමුත් මේ කමෙන්ටුවේ වාක්‍ය ගලපා තියෙන හැටි නම් හුරු පුරුදුයි (AD)!

      Delete
    2. Well Done . ඔයා හරි. (AD)

      Delete
    3. AD,

      ස්ටැට්කවුන්ටර් එකේ ඔබේ මේ ඇනෝ කමෙන්ටුව රෙජිස්ටර් වෙලා තිබුණේ නෑ. මං ඊ-මේල් එකේ හෙඩර් එකත් පරික්‍ෂා කර බැලුවා. එයත් නිශ්ප්‍රයෝජනයි.

      නමුත්, මම වාක්‍යයේ සින්ටැක්ස් එක බලා කළ අනුමානය හරි.....!!!

      Delete
  12. කොමන්ට් දාන්නත් බයයි දැන් නම්.
    හෙ හෙ.

    මට කියන්න තියෙන දේවල් රාජ්ගෙන් හා ප්‍රා ගෙන් කියවිලා තිබුනා. කලින් පෝස්ට් එකේ තිසර ගෙනුත්.
    තම තමන්ම අනුන්ට දොස් කියන්න කලින් තමන්ගේ වැරදි නිවැරදි කරගත්තා නම් හොඳයිනේ. හැමෝටම මේ ප්‍රශ්නවලට ස්ටේජ් හදලා ඉඩ දුන්න පුද්ගලයෝ දැන් අනිත් අයට දොස් කියන එක විහිළුවක්. දෙකේ පන්තියේ ළමයිවත් ඔහොම කරන්නේ නෑ.

    ඇනෝ සංකල්පය බොහොම හොඳ දෙයක්. ඒත් ඒක යම් චාරයක් ඇතිව කෙරෙනකම්. ඒත් සිංහල බ්ලොග් අවකාශයේ එහෙම ඇනෝලා ඉන්නේ අඩුවෙන්. බහුතරයක් ඇරියස් පිරිමහගන්න ඇනෝලා. කෙලින් නමින් කියන්න බැරි හෝ කොන්දක් නැථිකමට බහුතරයක් ඇනෝ කොමන්ට් යොදාගන්නේ. හැමෝම නෙමෙයි. නමුත් තමන්ම උඩ ගෙඩි දීලා කෑවෝ කෑවෝ කියන එක නම් ලැජ්ජා සහගතයි.
    මට බ්ලොග් අවකාශයේ පෞද්ගලික තරහාකාරයෝ නෑ. එහෙම ඇතිකරගන්නත් අදහසක් නෑ. ඒත් මගේ දැක්මට වෙනස් අය ඉන්නවා. එහෙම කියලා ඔවුන්ට මඩ ගහන්න අපහාස කරන්න මට උවමනාවකුත් නෑ. කිසිම විදිහකින් නරක වචන පාවිච්චි කිරීමකුත් මගෙන් වෙන්නේ නෑ. අවුලක් තියෙනවා නම් මූණටම කියනවා. යාළුවෙක් හිතවතෙක් කරදරේක වැටෙන්න යනවා නම් කෝල් කරලාම කියනවා. ඒත් ඒවා බ්ලොග් අවකාශයේ මඩ වෙන්න ඉඩ දෙන්නේ නෑ.

    ඒත් හැමදාම වගේ මේ වගේ පොඩි ළමයි වැඩ දැක්කම වචනයක් දෙකක් පඬි කතාවක් කියන්න හිතෙනවා. ඒක කා එක්කවත් තරහට වෙන්නේ නෑ. ඒක තරහින් බාරගනන් අයට ආමෙන් තමයි කියන්න වෙන්නේ

    ReplyDelete
    Replies
    1. /* මට බ්ලොග් අවකාශයේ පෞද්ගලික තරහාකාරයෝ නෑ. එහෙම ඇතිකරගන්නත් අදහසක් නෑ. ඒත් මගේ දැක්මට වෙනස් අය ඉන්නවා. */

      රංගි, නමුත් ඔබට විරුද්ධ, ඔබ සමග තරහාකාරයින් ඉන්න බව නම් පැහැදිලියි.

      Delete
  13. මා සේවා සපයන රජයේ ඉන්ටෙලිජන්ස් ආයතනයක නම් මේවගේ අයි පී ට්‍රැකින් කරනවා. අයි පී විතරක් නෙමෙයි ශෙයා කරන ඩේටා වුනත්. නමුත් ඒ කිසිම අවස්තාවක සාමාන්‍ය ජනයාට ඒවායේ ඇක්සස් දෙන්නෙ නෑ. කොටින්ම ඔවුන් රහසිගතව ගන්න යම් ඩීටෙල්ස් වුනත් මැජිස්ට්‍රේට් කෙනෙක්ගේ ලිඛිත අවසරයක් නැතිව කිසිම දෙයක් සඳහා යොදාගන්න බලයක් ඔවුන්ට නෑ.
    පෞද්ගලික මට කරදරයක් වුනාම මෙ අළඟ කාලෙක මම ඔවුන්ගේ සේවාවන් ලබාගත්තා හිතවත්කමට. නමුත් ඔවුන් කීවේ කිසිම අවස්ථාවක නීතියෙන් ක්‍රියා කරන්න අවසරයක් මට නෑ කියලා. අන්තිමට මටත් වුනේ පොලිස් ඇන්ට්‍රි හා මැජිස්ට්‍රේට් ඕඩර් එක අරන් සාමාන්‍ය විදියට යන්න.

    ReplyDelete
    Replies
    1. අඩී බූරු බබා මං ඊයෙ හීනෙන් දැක්ක අම්මප.

      Delete
    2. ඉන්ටර්නෙට් සේවා සපයන්නා ලඟ සියළු තොරතුරු තියෙනවා. ළඟදී මෙහේ සම්මත කළ නීතියකට අනුව ඒ තොරතුරුවල මෙටා ඩේටා පමණක් දිගු කාලයක් තබා ගන්නත්, උසාවි නියෝගයකින් දෙන්නත් ආයතන බැදී ඉන්නවා.

      මෙහිදී ජර්නලිස්ට්ලාට සහනයක් තිබුණත්, බ්ලොගර්ස් ලා එයට ඇතුළත් නෑ!

      මේ ගැන මා ලියූ ලිපිය-
      https://rasikalogy.blogspot.com/2015/03/can-blogging-be-classified-as-citizen.html

      Delete
  14. ඇනෝ එන්නේ කොන්ද නැති එවුන් යන්න ජනප්‍රිය ප්‍රකාශයකි.ගස්ලබ්බා එයට එකඟ නැත.බොහෝවිට ඇනෝ එන්නේ ප්‍රොෆයිල් අටවං බ්ලොග්ගතවීමට කම්මැලි කියවන්නන් ය.ඔවුන්ට අදහස් දැක්වීමට ඇනෝ තිබිය යුතුය.රස වැටුනොත් ඔවුන් ප්‍රොෆයිල් අටවාගනු ඇති.කෙන්ක්‍යූශා වැන්නවුන් බිහිවූයේ ඒ ආකාරයටයි. ප්‍රොෆයිල් කරුවන් ද ඇනෝ කොටන අවස්ථා ඇත. ඔවුන් නඩත්තු කරන අනන්‍යතාවය තුල ප්‍රකාශ කල නොහැකි අදහස් ඇනෝ කෙටීමේ වරදක් නැත. අපහාස කිරීම්,කෙටවීම් කෙරෙන අවස්ථා වලදී අනෙකුත් කියවන්නන් අපහාසයට විරුද්ධව නැඟී සිටීම් දැකිය හැකියි.බ්ලොගේ අයිතිකරු හට දුටු විගස එවැනි අපහාස ඉවත්කිරීමේ හැකියාවද පවතී.දැක දැකත් ඉවත් නොකරයි නම් එයද යම් පණිවුඩයක් බව පැහැදිලියි.
    බෝතල් ඇනෝ,යාළුවා මැරෙන ඇනෝ වැනි ආතල් ඇනෝ ලා ද ඇතැම් විට විශය කරුණු පිලිබඳ ප්‍රාමාණික අදහස් දක්වන වියත් ඇනෝලාද බ්ලොග් ලොවට ආභරන පමණි.
    විවිධ නම් අටවාගෙන එන ප්‍රොෆයිල් කරුවන්ගේත් ඇනෝලාගේත් ජාතකය හොයනවාට වඩා බණ අසා විසිරයාම සුවදායක බව මාගේ හැඟීමයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස් ලබ්බගෙ කතාව තරමක් දුරට හරි. උදාහරණයක් වශයෙන් මං වෙනත් කම්පියුටරයකින් බ්ලොග් වලට ආපු වෙලාවට ලොග් ඔන් වෙන්න කාලය මිඩංගු කරන්නෙ නැතුව ඇනෝ විදිහට කමෙන්ට් එකක් දෙකක් කොටන වෙලාවල් තියනවා. ඒත් ඒ කමෙන්ට් කොහෙත්ම කාටවත් හානිකර බලපෑමක් ඇති වෙන ඒවා නෙවෙයි.
      මා කලින් කොමෙන්ට් කර ඇති ලෙසටම (තවම කමෙන්ට් එක පබ්ලිෂ් වෙලා නැතුව ඇති) සීගිරි කැටපත් පවුරේ කුරුටු ගාල තියෙන්නෙත් ඇනෝ කමෙන්ට් නෙ. ඒ වගේම, මෑත සාහිත්‍ය යේ අන්වර්ථ නම් වලින් පොත් කොපමණ ලියල තියනවද? පත්තර වල තීරු ලිපි.

      කේයස්ගේ සිට මානි දක්වා කී දෙනෙක් ප්‍රොෆයිල් අටවගෙන ඇවිත් තියනවද?

      Delete
    2. ගස්ලබ්බා කියා ඇති ඇනෝලාට අමතරව මේ ට්‍රැ කියන ගොබිලාත් ඔය ප්‍රොෆයිලය අටවා ගත්තේ පස්සේ!

      මෙහදී සිදුවන්නේ ඇනෝ කමෙන්ට් රස විඳින අය පවා තමන් ගැන යමක් ලියවුණු විට කළබළ වීමයි!

      අර විපක්‍ෂයේ ඉන්න කොට මාධ්‍ය නිදහස ගැන, විකල්ප පත්තර, වෙබ් සයිට් ගැණ කතා කරළා, බලයට ආවාම පුල්ලි මාරු කරන දේශපාලුවන් වගේ!

      Delete
  15. //මෙලෙස පැවරෙන ඉන්ටර්නෙට් ලිපිනය බොහෝ විට ගතික හෙවත් වෙනස් වන එනම් තාවකාලික එකක් වේ. එනිසා, පසුදා හෝ මුල් සම්බන්ධය සිඳ නැවත මොහොතකට පසු හෝ සම්බන්ධ වූ විට හෝ අපේ උපකරණයට පැවරෙන ඉන්ටර්නෙට් ලිපිනය පෙර අවස්ථාවේ දී පැවරී තිබුණු ලිපිනය නොවීමට සෑහෙන ඉඩක් ඇත.// රසික ම ඔබගේ බ්ලොගයේ කලින් ලිපියේ දැමූ කොමෙන්ටුව යලිත් දමන්නන්. මේ ගතික හෙවත් dynamic ip address ඔබ කියන ඉක්මනට වෙනස් වන්නේ නැහැ. ඔබේ ip ලිපිනයම සටහන් කරගෙන බලන්න. wifi router එකේ ලිපිනය සමහර කාලයට මාස දෙක තුන තිබෙනවා.
    http://whatismyipaddress.com/keeps-changing

    stat counter එකේ නොමිලේ දෙන version එක මාස තුනක් පමණ බ්ලොගයට හෝ වෙබ් අඩවියට එන ට්‍රැෆික් තියා ගන්නවා.
    මේ දත්ත හුඟක් වෙලාවට වැදගත් වෙනවා වෙබ් අඩවි වලට.

    ReplyDelete
    Replies
    1. ස්ටැට්කවුන්ටර් දත්ත මගේ නම් තියෙන්නේ පැය විස්සක් හෝ ලොග් 250 ක් දක්වා පමණයි.

      මට එය මාස දෙකක් දක්වා තබා ගැනීම සඳහා මසකට පවුම් හතරක් ගෙවිය යුතුයි. සමහර විට එංගලන්තය තුළ නොමිලේ විය හැකියි.

      Delete
    2. අජිත් ඔබ අයිපී ලිපින ගැන කියන දේ හරි. නමුත් ඒ සමගම මේ කරුණුත් හරි නේද?

      1. ලංකාවේ අය බහුතරයක් ඉන්ටර්නෙට් එන්නේ රාජකාරි වෙලාවල ඔෆීස් සම්බන්ධතාවය හරහා ය. ඒ ඒ දින ලොගින් වූ විට වෙනත් ලිපින ලැබෙන බවයි මගේ නිරීක්‍ෂණය. ඒ සබ්නෙට් එක අනුව.

      මා රාජ් සහ මධ්‍යස්ත මතධාරියා ගැන ලියා ඇති දේ බලන්න.

      2. ඊළඟට වැඩි දෙනෙකු එන්නේ මොබයිල් ෆෝන්වලින් සහ ඩොංගල් නමින් හැඳින්වෙන මෝඩම්වලිනි. ඒවායේ අයිපී ඇඩ්රස් වෙනස් නොවී තියේ යැයි සිතිය නොහැක.

      Delete
    3. ඕව ඔබ හරි. මොබයිල් ෆෝන් වලටත් දෙන්නේ dynamic ip address නේ ගහල බලන්න. ඒවා දවස් ගණන් එකමයි. අනික ඒවා සම්බන්ධ වන්නේ ලනගම තියෙන කුළුණට. ඉතින් එකම ඇනෝ කෙනෙක් එකම හරියක ඉන්නවා නම් අනුමාන කරනන් පුළුවන්. හරියටම හොයන්න් නම් ඉතින් ගෙවන ඒවාට යන්න වෙනවා. ඕව එංගලන්තෙට දෙන වර්ශන් එක මොකක්ද දන්නේ නැහැ. මාස 3 ක දත්ත තිබෙනවා.

      Delete
    4. අජිත් ධර්ම මහත්තයෝ බ්ලොග් එක ලියාගෙන සම්මාන වැඩ දිගටම කරගෙන ඉන්න. නිකන් ෂර්ලොක් හොම්ස්ට, පොලිස් කාරයට අදින්න හදන්නේ නැතුව. අපි ඇනෝ හොයන හැටි දන්නවා, හොයන්නේ මෙහෙමයි කියල කරන්නෙත් එක්තරා ආකාරයට bullying කිරීමක්ම තමයි. මොකද ඇනෝ කවුද කියල හොයාගෙන නිකන් ඉන්නේ නැහැනේ. නොකියා කියන්නේ "අපි උබ කවුද කියල දන්නවා, නවැත් තුවේ නැත්නම් කරන දේ බලාගනින් " කියලනේ. තමුන් bullying වලට විරුද්ද වුනාට තමුන් එක කරනකොට පෙන්නේ නැහැ.

      Delete
  16. As mentioned earlier, everyone who is online needs a unique IP address. Assigning a permanent, static IP to every ISP subscriber would have been very expensive, when you take into account all the logistics involved. And with the current generation of IP addresses (technically called IPv4), the number of static IP address would have run out fairly quickly.

    So the Internet world introduced the concept of dynamic IP addresses. That allowed ISPs to provide their subscribers an IP address that might change if needed. In essence, that IP address is borrowed or "leased" to you whenever you go online.

    That also allowed static IP addresses to be reserved for businesses and other entities with large networks that didn't want the hassle of tracking different IP addresses for their companies. (The IT departments can distinguish the computers on their network in other ways.)

    Most of the time, you'll find that your IP address doesn't change...even though technically it is classified as a dynamic IP address. For instance, as I write this article, my dynamic IP address hasn't changed over the past three months. But there was an occasion when it did—when I switched routers.

    ReplyDelete
    Replies
    1. 1. ලංකාවේ අය බහුතරයක් ඉන්ටර්නෙට් එන්නේ රාජකාරි වෙලාවල ඔෆීස් සම්බන්ධතාවය හරහා ය. ඒ ඒ දින ලොගින් වූ විට වෙනත් ලිපින ලැබෙන බවයි මගේ නිරීක්‍ෂණය. ඒ සබ්නෙට් එක අනුව.

      මා රාජ් සහ මධ්‍යස්ත මතධාරියා ගැන ලියා ඇති දේ බලන්න.

      2. ඊළඟට වැඩි දෙනෙකු එන්නේ මොබයිල් ෆෝන්වලින් සහ ඩොංගල් නමින් හැඳින්වෙන මෝඩම්වලිනි. ඒවායේ අයිපී ඇඩ්රස් වෙනස් නොවී තියේ යැයි සිතිය නොහැක.

      Delete
  17. සෑහෙන මහනසී වෙන්න ඕනෑ නේ ඇනෝ හොයන්න.. ඕවට ඔච්චර මහන්සි වෙන්නේ කවුද අප්පා??

    ReplyDelete
    Replies
    1. වැවකට මුලයි දාසෙන් ලා බිහි වීම
      දුකකට මුලයි බුදදස් ලා නොලැබීම
      සාගතයට මුලයි දහඩිය නොසැලීම
      පැරකුම්බා දවස සිහලුන් නැතිවීම

      Delete
    2. සීගිරි ගලේ කවි ලිව්වේ ඩෝල්ටන් !

      Delete
  18. Nobody is anonymous in the internet since the MAC address is unique to every device. Problem is how to find the MAC address of the device which the comments was originated. I searched to find a way, but couldn't. If anybody knows please post.

    ReplyDelete
    Replies
    1. MAC address can be easily manipulated so it's not going to prove anything.

      Delete
    2. ඕකත් හරියන වැඩක් නෙවෙයිනෙ. ඩිවයිස් එකේ අනන්‍යතාව හොයල වැඩක් නෑනෙ පුද්ගලයගෙ අනන්‍යතාවනෙ අවශ්‍ය වෙලා තියෙන්නෙ.

      Delete
    3. අගුලට, යතුරක්, යතුරට අගුලක්!

      Delete
    4. You need proper laws not a backdoor. If you live overseas then probably there are provisions in the law to prosecute the offenders.

      Delete
  19. yes there are many ways to locate MAC.
    Nothing for free. :)

    ReplyDelete
    Replies
    1. ඇඟිළි සලකුණු හොයනවා වගේ!

      Delete
  20. mama owa issara kala kaputa chat eke ewunwa alla ganna,

    ReplyDelete
    Replies
    1. ඔය වැට්වලට පොලිසියෙනුත් දාලා හිටියා!

      Delete
  21. Anonymous21 June 2016 at 01:11
    බ්ලොග්කරුවෝද මනුෂ්‍යයෝය.මෙතන එළකිරි ටික මෙන් පිරිසිදු චරිත නැත.සිංහල බ්ලොග් අවකාශයේ ලිය කියවිලි දෙස බැලූ විට මේ නම් පරමාදර්ශයකයි සිතුනද ඒ එසේ නොවේ.මේ කුණුවූ ගඳ ගහන සමාජයේම හරස්කඩකි.තවකෙකුට තම හිස්කම වසා ගැනීමේ ෆැන්ටසියකි.ඒ නිසා කිසිවෙක් මේ ලියන කියන දේ සීරියස් අර ගන්නවා නම් ඔහුට අබ සරණය.මේ දිනවල අන්තර්ජාලයේ සරන්නෙකුට හිසේඇම්මේ සිට පිළිකාව දක්වා අටෝරසියක් ලෙඩ වලට ගෙදරදීම සාදා ගත හැකි බෙහෙත් කෙලකෝටියක් මූණු පොතේ ෂෙයාර් වෙයි.දෙහි ගෙඩියේ සිට පොල් බෑය දක්වා බොහෝ දෙයින් බෙහෙත් මේ ඔන්ලයින් වෙද්දු සොයා ගනිති.හැබැයි කෙනෙකු මේවා කියවා ආතල් එකක් ගනු වෙනුවට සීරියස් බෙහෙත් වට්ටෝරුවක් කර ගත හොත් සොරිම තමාය.සිංහල බ්ලොගුත් එමමය!

    ReplyDelete
  22. මහණෙනි, ඇනෝ විෂයය අනන්තයහ.

    ReplyDelete
    Replies
    1. දේවදත්ත කියූ ට්වින් ගාථා සැට් එක මෙහෙමයි.

      1.
      ඇනෝ පුබ්බංගමා ආමා
      ඇනෝ සෙට්ටා ඇනෝමයා
      මනසා චෙ පදුට්ඨෙන
      භාසතිවා කරෝතිවා
      තතෝනං ශ්වෙත මංවේතී
      චක්කංච වෑනෝ පදං

      ඒ කියන්නේ කොහොම පුබ්බාගෙන සෙට්වෙලා ආවත් ඇනෝලා ඇනෝලාම ය. අයහපත් ලෙස ඇනෝලාට සැලකුව හොත් උං සුදු වෑන් රෝද මෙන් පසුපස එනු ඇත.

      2.
      ඇනෝ පුබ්බංගමා ආමා
      ඇනෝ සෙට්ටා ඇනෝමයා
      මනසා චෙ පසන්නේන
      භාසතිවා කරෝතිවා
      තතෝනං සුඛ මංවේතී
      ඡායාව අනපායිනී

      ඒ කියන්නේ කොහොම පුබ්බාගෙන සෙට්වෙලා ආවත් ඇනෝලා ඇනෝලාම ය. යහපත් ලෙස ඇනෝලාට සැලකුව හොත් උං සෙවනැල්ල මෙන් පසුපස එනු ඇත.

      Delete
    2. මේක එළ. හා හා

      Delete
  23. Good infomasion there your post. Thank lots. I also put ano coments to blogs past. Becase that time I no have my blog acount.

    ReplyDelete
    Replies
    1. රටතොටේ , දැන් මට එන්නේ ඔයා ඇමෙරිකාවේ Tulsa වල කියල. ඒ කියන්නේ ගුගල් සමාගමේ තැනක්ද ඔය ඒ හරියේද කියල කියනවද.එහාකොට දැන ගන්න පුළුවන් මේ නොමිලයේ හොයන මෙතඩ් හරිද කියල. ඔයාගේ postcode එකත් මෙතන තියෙනවා.
      Continent: North America
      Country: United States us flag
      State/Region: Oklahoma
      City: Tulsa
      Latitude: 36.154 (36° 9′ 14.40″ N)
      Longitude: -95.9928 (95° 59′ 34.08″ W)
      Postal Code: 74102

      Delete
    2. අජිත් ධර්ම මහත්තයෝ බ්ලොග් එක ලියාගෙන සම්මාන වැඩ දිගටම කරගෙන ඉන්න. නිකන් ෂර්ලොක් හොම්ස්ට, පොලිස් කාරයට අදින්න හදන්නේ නැතුව. අපි ඇනෝ හොයන හැටි දන්නවා, හොයන්නේ මෙහෙමයි කියල කරන්නෙත් එක්තරා ආකාරයට bullying කිරීමක්ම තමයි. මොකද ඇනෝ කවුද කියල හොයාගෙන නිකන් ඉන්නේ නැහැනේ. නොකියා කියන්නේ "අපි උබ කවුද කියල දන්නවා, නවැත් තුවේ නැත්නම් කරන දේ බලාගනින් " කියලනේ. තමුන් bullying වලට විරුද්ද වුනාට තමුන් එක කරනකොට පෙන්නේ නැහැ.

      Delete
    3. අජිත් ධර්ම මහත්තයෝ බ්ලොග් එක ලියාගෙන සම්මාන වැඩ දිගටම කරගෙන ඉන්න. නිකන් ෂර්ලොක් හොම්ස්ට, පොලිස් කාරයට අදින්න හදන්නේ නැතුව. අපි ඇනෝ හොයන හැටි දන්නවා, හොයන්නේ මෙහෙමයි කියල කරන්නෙත් එක්තරා ආකාරයට bullying කිරීමක්ම තමයි. මොකද ඇනෝ කවුද කියල හොයාගෙන නිකන් ඉන්නේ නැහැනේ. නොකියා කියන්නේ "අපි උබ කවුද කියල දන්නවා, නවැත් තුවේ නැත්නම් කරන දේ බලාගනින් " කියලනේ. තමුන් bullying වලට විරුද්ද වුනාට තමුන් එක කරනකොට පෙන්නේ නැහැ.

      Delete
    4. //නොකියා කියන්නේ "අපි උබ කවුද කියල දන්නවා, නවැත් තුවේ නැත්නම් කරන දේ බලාගනින් " කියලනේ// aඅනේ නැහැ මචන්. ඔය තියන ඒවා හරිද කියල බැලුවේ. හරි දැන් ඔයා ඉන්න තැන හොයා ගත්ත කියල හරි මං මොනවා කරන්නද? මේ රටවල නීති රීති තියනවනේ. හොඳම වැඩේ ඇනෝ ඇවිල්ල හරි සාකච්චා කරන එක. සංවාද කරන එක. නැතුව මිනිසුන්ට, පවුල් වලට කැත විධිහට බැනල පහර ගහල නැති කරලා දාන එක නෙමේනේ. කාටත් තමන්ගේ මතය කියන්න අයිතිය තියනවා කියල පිළි ගත්තම හරිනේ. එච්චරයි. නික මේ බ්ලොග් හරි ට්විටර් හරි ෆේස්බුක් හරි කාගෙවත් බුදලයක් නෙමේනේ. අනිත් අයව මඩ ගහල අයින් කරන්න. මේක මේ සිංහල බ්ලොග් අවකාශේ තියෙන දෙයක් නේ.

      Delete
    5. ඔය කෝඩිනේට් සහිත ස්ථානයේ තියෙන්නේ ඔෆීස් ඩේටා සෙන්ටර් / සර්වර් බෑන්ක් එක හෝ අයිඑස්පීගේ ලියාපදිංචි කාර්යාලය වෙන්න පුළුවනි නේද?

      Delete
  24. තමුන් තමන්ගේ නමින් කමෙන්ට් කරනවාද අනුවර්ත නමකින් කමෙන්ට් කරනවාද නිර්නාමිකව කමෙන්ට් කරනවාද කියන එක කමෙන්ට් කරන්නා ගන්න ඕන තීරණයක් කියලායි මට හිතෙන්නෙ. කෙනෙකු යම් අදහසක් දක්වන පමණින් ඔහුගේ අනන්‍යතාව හෙලිකිරන්නට බල කිරීම වගේම මේ අහවලා අහවලා යයි චෝදනා කිරීමත් සාධාරණ නෑ කියලයි මට හිතෙන්නෙ.

    අනිත් පැත්තෙන් කමෙන්ට් කරුවාගේ වගකීමක් තමයි තමන්ගේ අදහස සංයමයෙන් ප්‍රකාශ කිරීම. ලිපියට අදාළ නැති දේවල් කමෙන්ට් කිරීමෙන් වැළකීම. පෞද්ගලික මඩ ගැසීමෙන් වැළකීම.

    අනික බ්ලොග් කරුවෙකු උනාම තමුන්ට විරුද්ධව අදහස් ඇති කමෙන්ටු වාරණය නොකිරීම එව්වාට සංයමෙන් පිළිතුරු දීමත් කරනවානම් හොඳයි. සමහර බ්ලොග් වල විරුද්ධ අදහසක් දාන්න බෑ මරාගන්න එන්නෙ.

    ReplyDelete
    Replies
    1. හරී ගේ අදහසට මමත් එකඟයි=.

      Delete
    2. හරී ගේ අදහස හරි.

      මං නං ඉක්මන් සුවය ලැබේවා කියා ලියනවා මිස වෙනත් වලිවලට යන්නේ නෑ.

      මා කියා ඇති පරිදි මා නිශ්චිතව දන්නේ ඇනෝනිමස් කමෙන්ට් දැමූ දෙදෙනෙකු ගැන පමණයි.

      /* මගේ බ්ලොගයේ නිර්නාමික කමෙන්ටු යෙදුවේ කව්රුදැයි මා නිශ්චිතවම දැනගෙන ඇත්තේ දෙවතාවකි. මුල් වාරයේ දී අදාළ පුද්ගලයා මා ඔහුට කළ උදව්වක් ගැන ඉඟියක් කර තිබුණු බැවින්, මදක් කල්පනා කළ පසු ඒ කවුදැයි සිතා ගත හැකි විය. ඔහුම ඉන්පසු වෙනත් නිර්නාමික කමෙන්ටු යොදන්නට ඇත. නමුත් මා ඒ ගැන නිශ්විතවම නොදනිමි. ඒ පෙර සේ ඉඟි නොතිබුණු නිසා ය.

      දෙවෙනි අවස්ථාවේ දී, අදාළ කමෙන්ටුව යෙදූ පුද්ගලයා එයම මට පුද්ගලිකව පණිවිඩයක් මගින් දැන්වීය. ඔහු තවමත් කලාතුරකින් එවැනි කමෙන්ටු යොදන අතර සෑම විටකම පාහේ මට දන්වයි. ඒ කමෙන්ටුවල වැඩි වරදක් මා නොදකින නිසා, ඒවා නිරුපද්‍රිතව පවතී.

      ඒ හැර අන් සෑම අවස්ථාවක දී ම මට කළ හැක්කේ උපකල්පන පමණකි. */

      Delete
  25. මං නං ඕවා ගැන එච්චර සැලකිලිමත් නැහැ. ඇනෝලා මළ වදේ නම් වෝනිං එකක් දීලා කපලා දානවා. එච්චරයි.

    ReplyDelete
    Replies
    1. අන්න නියම වෘත්තීය බ්ලේකරුවෙකු ගේ හැසිරීම!

      Delete
  26. මමත් බ්ලොග් ලිව්ව කෙනෙක් නිසා කියන්නේ. මට කවදාවාත් ඇනො කමෙන්ට්ස් තුල තිබුනේ සාකච්චාවක්. මට කවුද ඇනො කවුද නොවෙන ඇනෝ ප්‍රශ්නයක් තිබුනෙත් නැහැ. තිබුනත් මගේ මාතෘකාව ඇතුලේ පමනක් නම් මම උත්තරත් දුන්නා. බ්ලොගර්ස්ලා ආපහු ලියන්නේ ඇත්තද, නැත්නම් දවසේ ප්‍රවුර්තිද කියලා හිතුවාම....මටනම් බ්ලොග්ස් සහ අනිත් මාධ්‍ය තූල වෙනසක් පේන්නේ නැහැ. ලොකු ටෝක් සහ පඩ ශෝ අතර යන තවත් සිංහල මාධ්‍ය තරඟයක ඇඟට චූ කරගන්නා බබා හුකුන් තරඟයක් විතරයි. දුරට හුජ්ජ කරන්නා දිනන සහ හබරල කොලය හිල් කරන හුජ්ජ කරුවන්ගේ බ්ලොග් අශාවන් පමනයි. අඬන්නවන්නේ උඹලාගේ හුජ්ජ කලාවේ කැත කමට මිස, බ්ලොග් කලාව ගැන නොවේ. දැනට නිහඬ වෙන්නම්. මේවා බිජ්ජ කෙලින් වෙච්ච ගමන් ඇඟේ හුජ්ජ කරගන්නා එවුන්ගේ වැරැද්ද මිස, හරි හමන් බිජ්ජක් තියෙන බ්ලොග් කරුවක්ගේ වරදක් නොවේ.

    ReplyDelete
    Replies
    1. ar$,
      b|@l`g~kr#@vkO @q~Xp`lny g#n lQyn vQt wmyQ a#@n`~l` vQvQ{`k`r@yn~ vQr#q~{ vW en~@n~. m@g~ aw~q#kWm eyyQ.

      Delete
    2. අරූ,
      බ්ලොග්කරුවෙකු දේශපාලනය ගැන ලියන විට තමයි ඇනෝලා විවිධාකාරයෙන් විරුද්ධ වී එන්නේ. මගේ අත්දැකීම එයයි.

      Delete
  27. මෙම ප්‍රොෆයිලයෙන් ද අවශ්‍ය විට ඇනෝවෙන් ද කියන්ට ඇති දේ කියා ඇත. නිදහසට සීමාවක් නැත.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.