Thursday 27 October 2016

ජාතික හෙළ උරුමියේ සාදුලා පාර්ලිමේන්තුවට ගියේ සාරි ඇඳගෙන ද? - Rasikology celebrates its second birthday!


(image: http://www.cafleurebon.com/cafleurebon-saffron-in-perfumery-golden-threads-of-spice-best-saffron-perfumes/)

මේ ලිපිය මා ලියන්නට සිටියේ මීට වසර කිහිපයකට කලිනි. නමුත්, ලිපියට අදාළ මූලාශ්‍ර නිවැරදිව එකල අන්තර්ජාලයෙන් සොයා ගන්නට නොහැකි වූ නිසා, එය ලිවීම දිනෙන් දින කල් ගොස්, පසුව මුළුමනින් ම අතපසු වී ගියේ ය.

පසුව ලියන්නට පටන් ගත් මොහොතේ සිට සිතට ආ විවිධ අදහස් සමග මේ ලිපිය ඇදි ඇදී ගිය හෙයින්, "සුදු කලිසමේ පින්වන්තකම", "ජැන්ඩියට ඇඳීම සහ ආත්මාභිමානය" සහ "පිරිමි අපට ඇයි කෙනෙහිළි" වශයෙන් ඒ අතුරු සටහන් වෙනම ම පළ කළෙමි.

ලංකා දේශපාලන තට්ටු මාරු ක්‍රමය පිළිබඳව නිරුවත හෙළිකරන, මා ජීවිතයේ අසා ඇති හොඳම කියමන මා මෙන් ම ලක්‍ෂ සංඛ්‍යාත ලංකාවාසීන් ගේ සවනට වැටුණු 1994 මහ ඡන්දයේ දී, පෙර කී කතාව කළ ජනතා විමුක්ති පෙරමුණේ චම්පා සෝමරත්න, ඇය ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණෙන් තරග කළ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරියක් ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් නොවුන ද, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් අසුනක්, ජවිපෙ ට හිමි විය.

ඡන්ද අපේක්‍ෂක ලයිස්තුවේ කවරෙකු කවර අනු පිළිවෙළට සිටිය ද, කවුරු කොපමණ මනාප සංඛ්‍යාවක් ලබා ගත්තද, ජනතා විමූුක්ති පෙරමුණට අවශ්‍ය වූයේ ඔවුන් ගේ එකල සිටි එක් නායක චරිතයක් වූ ගලප්පත්ති නමැත්තාව ඒ මන්ත්‍රී තනතුරට පත් කරවා ගැනීමටයි.

නමුත් ගලප්පත්ති ගේ නම, ඡන්දයට පෙර ඡන්ද කොමසාරිස්ට ලබා දී තිබුණු හම්බන්තොට දිස්ත්‍රික්ක ඡන්ද අපේක්‍ෂක ලයිස්තුවේ නොතිබුණි.

ඡන්ද නීතියට අනුව ඡන්ද කොමසාරිස් කරනුයේ, අදාළ මන්ත්‍රී තනතුර සඳහා මනාප ලයිස්තුවේ ඉහළින් ම සිටින අපේක්‍ෂකයා පත් කිරීමයි. ඉන් පසු ඒ පුද්ගලයා පාර්ලිමේන්තුවට ගොස් මන්ත්‍රී ලෙස දිවුරුම් දිය යුතුය.

මන්ත්‍රීවරයා ඉල්ලා අස්වුනහොත් හෝ මරණයට පත් වුණහොත් එවැනි තත්වයක් උද්ගත වුණහොත් එයින් හිස් වෙන මන්ත්‍රී තනතුර සඳහා මනාප ලයිස්තුවේ ඊළඟට සිටින්නා නම් කෙරේ.

තම නායකයෙකු වූ ගලප්පත්ති නමැත්තාව මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රීකම සඳහා පත් කර ගන්නට පැවති පෙර කී නිතිය තුළ, ජවිපෙ සැරසුණේ ඡන්දයට කලින් ලබා දී තිබූ ලයිස්තුවේ අපේක්‍ෂකයින් සියලු දෙනාම එක් අයෙකුට පසුව අනෙකා මන්ත්‍රීයෙකු කර, වහාම ඒ නවක මන්ත්‍රීයාට තනතුරෙන් ඉල්ලා අස්වීමට සලස්වා, ලයිස්තුවේ අවසාන පුද්ගලයා ද මන්ත්‍රීකමෙන් ඉල්ලා අස් වූ පසු ගලප්පත්ති ගේ නම ඡන්ද කොමසාරිස්ට යවා, තම අභිප්‍රාය ඉටු කර ගැනීමටයි.

මේ උපාය මාර්ගයේ එක පොඩි කොස්සක් තිබුණි. එය මෙසේ ය.

ඡන්ද අපේක්‍ෂක ලයිස්තුවේ නම තිබුණත්, මනාප කොපමණ ලබා ගත්තත්, මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට නම්, එක්කෝ යුරෝපීය ක්‍රමයේ ඇඳුම් කට්ටලයකින් සැරසී එහි යා යුතුය, නැතහොත් ජාතික ඇඳුමෙන් සැරසී එහි යා යුතුය, එසේත් නැතිනම්, කපටි ඇඳුම ලෙස සැලකෙන ටියුනික් කොලරය සහිත කමිසය සහ කලිසමක් ඇඳිය යුතුය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජවිපෙ ලයිස්තුවේ සිටි පිරිස එකිනෙකා මේ ආකාරයට දිවුරුම් දෙවන්නට තිබුණු එකම ප්‍රශ්නය වූයේ ඒ අයට පෙර කී ආකාරයේ ඇඳුම් නොමැති වීමයි. අඩු වශයෙන් ඒ එක ඇඳුම් කට්ටලයක් හෝ, බොහෝ විට උසට හතට ගැලපෙන පරිදි ඇඳුම් කට්ටල කිහිපයක් අලුතෙන් මසා ගත යුතු විය.

මා මේ කාරණය දැන ගත්තේ පෙර කී ඡන්දයෙන් සති කිහිපයකට පසු නුගේගොඩ පිහිටි ජවිපෙ රැස්වීමක දී කෙරුණු කතාවකට ඇහුම්කන්දුන් නිසා ය. ඒ කථිකයා (ඒ විමල් වීරවංශ නමින් පසු කලෙක කූප්‍රසිද්ධ වුණු පුද්ගලයා යැයි මට මෑතක දී සිතුණි) ඔය කපටි සුට් මැසීමේ කතාව පැවසූවේ ඒ සම්බන්ධව විස්තරාත්මකව පැවසූ වෙනත් දේශපාලන ඕපාදූප කතාවක කොටසක් ලෙසිනි.

ඒ ඕපාදුපයට අනුව, පෙර කී ආකාරයට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජේවීපී ලයිස්තුවේ පිරිස එකා එකා අනු පිළිවෙළට දිවුරුම් දෙන්නට සැරසෙද්දී, එවකට චන්ද්‍රිකා බ. කුමාරතුංග ගේ අගමැති නායකත්වයෙන් පිහිටුවා තිබුණු පොදු පෙරමුණු රජයේ එක්තරා, එදා වීරවංශ ගේ වචනයෙන් "ජීවං නොවන", උප ඇමතියෙකු එක් ජවිපෙ ලයිස්තු අපේක්‍ෂකයෙකුට කොක්ක ගහන්නට තැත් කර ඇත. ඒ නිකං නොවේ, දිවුරුම් දීමට අවශ්‍ය පෙර කී ආකාරයේ ඇඳුම් කට්ටලයක් ද සපයමිනි!

"ජීවං නොවන" උප ඇමතියා ගේ අපේක්‍ෂාව වෙන්නට ඇත්තේ, අවම වැඩි ආසන සංඛ්‍යාවකින් පිහිටුවා තිබුණු ඒ පොදු පෙරමුණු රජයේ දෑත් එක පාර්ලිමේන්තු ආසනයකින් ශක්තිමත් කර ගැනීම විය යුතුය.

ඇඳුම් කට්ටල සැපයුව ද, ජීවං නොවන උප ඇමතියා ගේ සැලසුම සාර්ථක නොවුණු බව අපි දනිමු.

කෙසේ වුවත්, මේ කතාවෙන් අපට පැහැදිලි වන්නේ පිරිමියෙකු ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙකු ලෙස දිවුරුම් දීමට, සහ ඉන් පසු සභා වාරවලට සහභාගී වීමට, මහජනයාගෙන් වැඩි මනාප ලබා ගැනීමට අමතරව, පෙර කී ආකාරයේ ඇඳුම් කට්ටල ද අවශ්‍ය බවයි.

ලංකාවේ පාර්ලිමේන්තුවේ කාන්තාවන් සඳහා ද මෙවැනි නීතියක් ඇත. එනම්, කාන්තා මන්ත්‍රීවරියන් එහි පැමිණිය යුත්තේ සාරි (හෝ ඔසරි) පටලාගෙන බවය!

සාරියක් නොඇඳ, සර්වාර් කමීස් නමින් හැඳින්වෙන ඇඳුමකින් සැරසී එහි ආ තංගේෂ්වරී කදිරාමන් නම් මන්ත්‍රීවරියට වහාම ආපසු හැරී යාමට 2009 ජූනි මාසයේ දිනක නියෝග ලැබී ඇත.

දැන් මගේ මේ ලිපියේ මාතෘකාවෙන් කියවෙන කාරණයට එතොත්, පෙර කී 1994 පාර්ලිමේන්තු ඡන්දයෙන් දශකයකට පමණ පසුව 2004 දී පැවති ඡන්දයේ දී, ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට බෞද්ධ භික්‍ෂූන් දායක දායිකාවන් ගේ මනාපයෙන් සැබෑ මන්ත්‍රී හාමුදුරුවරුන් ලෙස තේරී පත්වූහ. ඒ, තිලක් කරුණාරත්න විසින් සිහළ උරුමය ලෙස අරඹා, පසුව සඟ සතුකොට පූජා කළ ජාතික හෙළ උරුමිය නම් පක්‍ෂයෙනි.

ඒ මන්ත්‍රී හාමුදුරුවරු සියලු දෙනා ම පිරිමින් බව සැක නැත!

ඇත්තටම කියනවා නම්, ඒ ඇතමුන් පිරිමින් ද කියා නිසැකවම දැන ගැනීම සඳහා වෘෂණ කෝෂ පරීක්‍ෂාවක් ද, එක් දිනයක පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණු බව දැන ගන්නට ලැබුණි.

එසේනම්, ඒ පැවිදි පිරිමින් නඩය එදා පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට සහ පසුව දිගින් දිගටම පාර්ලිමේන්තුවට සහභාගීවීමට ඇන්දේ කොයි ඇඳුම් කට්ටලය ද?
යුරෝපීයානු කලිසම්, කමිස, කරපටි සහ කබා ද?
සිංහල හෝ දෙමළ පන්නයේ ජාතික ඇඳුමද?
එසේත් නැතිනම්, ටියුනික් කොලරය සහිත කමිසය සහ කලිසමෙන් සැදුම්ලත් කපටි සූට් එක ද?
ඒ එකක්වත් නොවේ.

ඒ මන්ත්‍රී හාමුදුරුවරුන් සියලු දෙනා දිවුරුම් දෙන්නට ඇන්දේත්, පසුව ඇන්දේත් සිවුරම ය.

එසේනම්, ඔවුන් පාර්ලිමේන්තු ඇඳුම් නීතියෙන් බේරුණේ කෙසේ ද?

ඒ අර කහ සිවුර, කාන්තාවන් සඳහා නියම වී ඇති සාරියක් ලෙස සැලකීමෙනි.

ඒ අනුව එදා ජාතික හෙළ උරුමීයේ සාදුලා පාර්ලිමේන්තු ගොස් ඇත්තේ සාරියේ පිහිටෙන් බව ඔප්පු වේ.

වත්මන් පාර්ලිමේන්තුව සඳහා කතානායක කරු ජයසූරිය විසින් පනවා ඇති නීතිවල ද, පිරිමි මන්ත්‍රීලා සඳහා සිවුරක් ඇඳීම අනුමත වී නැත.

එසේ නම්, අද පාර්ලිමේන්තුවේ සිටිනා අතුරලියේ රතන වැන්නන් එහි සිටින්නේ ද, පාර්ලිමේන්තු නීති පොතට අනුව නම් කහ සාරි පොරවා ගෙන කාන්තාවන් ලෙස ය!

ඇත්තටම ප/ලි [5:45pm AEST]:
මේ ලිපියේ කොටසක් මා ෆේස්බුකියේ වොයිස් කණ්ඩායමේ පළ කළ විට ප්‍රතිචාරයක් දක්වන ධනංජය මෙන්ඩිස් හෙළ උරුමිය මන්ත්‍රී හාමුදුරුවන්ට පෙර පාර්ලිමේන්තුවට ගිය සමසමාජයේ බද්දේගම සමිත පිළිබඳව සඳහන් කර තිබුණි.

බද්දේගම සමිත සාදු පාර්ලිමේන්තු ගොස් ඇත්තේ 2001 දී බව විකිපීඩියාව පවසයි. ඒ නිසා මුලින් ම සාරි නීතියෙන් පාර්ලිමේන්තු ගිය පිරිමියා වීමේ ගෞරවය ඔහුට හිමි ය.

හෙළ උරුමියේ සාදුලා පාර්ලිමේන්තු යන විට, සිවුර සරිය ලෙස සැලකීමේ සම්ප්‍රදායක් බිහිවී තිබුණු බව පෙනේ!

-රසිකොලොජිස්ට්

ප/ලි:
රසිකොලොජි බ්ලොගය අරඹා අදට හරියටම වසර දෙකකි. අද මේ පලවෙන්නේ රසිකොලොජියේ 366 වෙනි ලිපියයි. ඒ සුවිශේෂී අංකයෙන් අදහස් වෙන දේ ඔබ සැම හොඳින් දන්නා බව මම දනිමි.

වසර දෙකක් තුළ ලිපි 366 ක් ලියා පල කිරීමටත්, හිට්ස් 400,000කට වඩා ලබා ගැනීමටත්, ෆලෝවර්ස්ලා 200+ ආකර්ෂණය කර ගැනීමත් මට නම් ලොකු ජයග්‍රහණයකි.

එසේ නමුත්, ගෙවුණු වසර මගේ බ්ලොග් ඉතිහාසයේ ඉතාම දුක්මුසු කාලය බව නොකියාම බැරි ය.

මා සිතන ආකාරයට දේශපාලනිකව මගේ හතුරන් විසින් අටවන ලද උගුල්වල අසුවී, විවිධ අඥානයින් විසින් මට අභූත චෝදනා එල්ල කිරීමත්, කිසිදු සාක්‍ෂියක් ගැන විමසීමකින් තොරව ඒ මුසාවාද පිළිගන්නා පිරිසක් බ්ලොග් ලියන්නන් සහ කියවන්නන් අතර සිටින බව දැන ගැනීමට ලැබීමත් මගේ බ්ලොග් ඉතිහාසයේ කනගාටුදායක ම සිදුවීම විය.

එකොළොස් වසරකටත් එපිට 2005 අප්‍රියෙල් මාසයේ සිංහල බ්ලොග්කරනයට පිවිස, 2009 ජූලි මාසයේ සිට ඉතා උනන්දුවෙන් ඒ කර්තව්‍යයේ නිරත වුණු මා සැමවිට ම ක්‍රියා කළේ සිංහල බ්ලොග් අවකාශයේ, බ්ලොග් ලියන්නන් ගේ යහපත පිණිස ම බව දන්නෝ දනිති.

මගේ එකම සතුට එයයි!

මිතුරු සතුරු සැමට ජයවේවා!

108 comments:

  1. සුබපැතුම් ! 😊

    ReplyDelete
  2. Dear Rasika,

    //මා සිතන ආකාරයට දේශපාලනිකව මගේ හතුරන් විසින් අටවන ලද උගුල්වල අසුවී, විවිධ අඥානයින් විසින් මට අභූත චෝදනා එල්ල කිරීමත්, කිසිදු සාක්‍ෂියක් ගැන විමසීමකින් තොරව ඒ මුසාවාද පිළිගන්නා පිරිසක් බ්ලොග් ලියන්නන් සහ කියවන්නන් අතර සිටින බව දැන ගැනීමට ලැබීමත් මගේ බ්ලොග් ඉතිහාසයේ කනගාටුදායක ම සිදුවීම විය.

    එකොළොස් වසරකටත් එපිට 2005 අප්‍රියෙල් මාසයේ සිංහල බ්ලොග්කරනයට පිවිස, 2009 ජූලි මාසයේ සිට ඉතා උනන්දුවෙන් ඒ කර්තව්‍යයේ නිරත වුණු මා සිංහල සැමවිට ම ක්‍රියා කළේ බ්ලොග් අවකාශයේ, බ්ලොග් ලියන්නන් ගේ යහපත පිණිස ම බව දන්නෝ දනිති.//

    This is completely insane. The reality is you have harvested what you grow & nothing else.

    I hope the future would be much better if you behave with better attitudes. Wish u all the best & success. Cheers.

    ReplyDelete
    Replies
    1. බොහෝ දුරට ඔබ සමග එකඟයි. තමන් වපුරන දෙය තමාට නෙලා ගන්නට වෙනවා. තල වපුරා මුං බලාපොරොත්තු වීමම විහිළුවක්. ඇත්තටම අන් අයව දරුණු ලෙස විවේචනය කරන අය තමන්ටත් දිනෙක රිටර්න් එක ලැබෙන බව දැනගෙන ඊට මුහුණ දිය යුතුයි. මෙහෙම හඬා වැටීම බොළඳ හාස්‍යජනක ක්‍රියාවක්.

      Delete
    2. තමුසෙට ඔහොම වෙලා තියෙන්නේ වෙන මොනවත් හින්ද නෙවෙයි තමුසෙගෙ තියෙන අධම කුහක කම හින්ද රසික. 2014 තමුසේ බබා පාර්ට් එකෙන් හීන් නුලෙන් පොලිසියට අපිව අල්ලල දෙන්න IP ඇඩ්‍රස් වලින් සාස්තර කියමින් තුච්ච අධම විදියට ගන ගිය උප්පරවැට්ටිය තමුසෙටම කැරකිලා ඇවිල්ල වැදුනම අර විචා කියනව වගේ "රෙද්දේ කක්කා ගිහින් කෙඳිරිගාන " පොස්ට් දැමීම දයිවයේ සරදමක් ලෙසයි අප සලකන්නේ. දැන් දුවගෙන ගිහිල්ල මේ IP ඇඩ්‍රස් එකත් හොයපන්.

      Delete
    3. @ Anonymous 27 October 2016 at 13:38

      මා කිසි දිනකෙ කිසිවේට අපහාස කර හෝ කිසිවෙකු පිළිබවඳව බොරු කියා හෝ බොරු චෝදනා කර හෝ නැත. තිබේ නම් පෙන්වා දෙන්න!

      මම හැකි සැම විටම සිංහල බ්ලොග් පිළිබඳව මගේ මිතුරන් අතරත්, පොදුවේ ඕස්ටේ‍ර්ලියාව තුළත් ඊ-මේල්, රේඩියෝ, මුද්‍රිත ලිපි මගින් ප්‍රචාරය කළෙමි. මා කියා ඇත්තේ එයයි!

      Delete
    4. /* Anonymous27 October 2016 at 17:44 */

      මා කියන්නේ මතතවාදී විවේචන ගැන නොවේ, අභූත චෝදනා සහ කුණුහරුප බැනුම් පිළිබඳවයි!

      Delete
    5. @මහසොහොන් පිල්ලිය 28 October 2016 at 13:27

      පොලිසියට අල්ලා දෙන්නට?

      ඒ මොන විහිළු කතාවක් ද (අ)මනුස්සයෝ?

      ඔහේ, වරදක් කරළා පොලිසියෙන් හැංගෙමින් ඉන්න කෙනෙකු ද?

      Delete
  3. කඩඉම් කිහිපයටම සුභපැතුම්!

    දුක සතුටට පෙරළාගන්නෙ මෙහෙමයි.
    ඔය කිව්ව ආකාරයේ පිරිස සි‍ෙින බව දැනගැනීමම මදිද? මට නං හිතෙන්නෙ ඒ දැනුවත් වීම නරක දෙයක් නෙවේ.
    (හිට්ස් තම්බල කාල බඩ පුරවගන්න කාලෙත් පැනල නැතෑ මේ වෙද්දි)

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. අමතක වුනා,
      සුබ උපන්දිනයකුත් වේවා!

      Delete
    3. ස්තුතියි රාජ්,

      ඔව්, ඒ ලෝකාවබෝධය වැදගත් තමයි!

      ජයවේවා

      Delete
  4. අඥානයින් කිව්ව එක නම් හරි. වෙන කියන්න වචනයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මුග්ධයින් කියා කියන්නත් හැකියි!

      Delete
  5. රසිකට සුබ පැතුම් ! මගේ බ්ලොගය අරඹා වසරක් වුවත් තවමත් ලිපි 27යි පළ කොට ඇත්තේ - ඒ අනුව නම් ඔබ සරු සාර ලියන්නෙක් බව කිව යුතුයි-
    අර ඔබට එරෙහිව එල්ල වන චෝදනා ගැන මමත් විමතියට පත්වනවා - ඇතැම් විට කකා කාලයේ පටන් සිටින දේශපාලනික විරුද්ධවාදීන්ගේ ක්‍රියාකාරකම් විය හැකියි- කොහොමත් ඔබේ බ්ලොගය දිගටම බලන එකනම් වරදින එකක් නෑ ! 

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක කියවපු ගමන් මම සෑහෙන වෙලාවක් හිනාවුනා. ඇත්තටම ඔබෙන් අහන්න ඕනේ, ඔබට පිස්සුද නැත්නම් මේ ඔබේ හැටිද කියලා. අපහාසය මිශ්‍ර උපහාසයට යන්න ගිහින්, මේ විදිහට නා ගැනීම ගැන, සභාවේ තදින් සිනා කියලයි මට කියන්න තිබෙන්නේ.

      අන්දෝ සංසාරයක දැනුමක් ඔබට නැති බවත්, එවැනි නොදැනුවත්කමක් තිබියදීත්, ප්‍රාඥයකු මෙන් මෙවැනි ප්‍රකාශ කොට, නිකම් සවුත්තු වන බවත් මතක තියාගන්න.

      කණ්ඩායම් වලට කැඩී, වාචිකව මෙන්ම ශාරීරිකවද ඒ ඒ කණ්ඩායමට පහරදීම් කලබව, ඔබ අහලාවත් නැති බව පෙනෙනවා.

      මීට පසු මෙවැනි අඥාන කමෙන්ට් දැමීමට පෙර හොඳින් කරුණු සොයාබලන්න. නැත්නම් ඔබ විහිළුවක් බවට පත්වෙනවා.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ලක්ෂාන්, ඔය විචාර‍කගෙ පෝස්ට් එකක විචා රසිකට දාපු රිප්ලයි එකක්.

      Delete
    4. ලක්ෂාන් පුතා, ඔයා තාම පොඩි වැඩියි බබෝ ඔය පළපුරුදු බ්ලොග් කාරයින්ගේ සීන් තේරුම් ගන්න. තාම අලුත්නෙ ඉතින්. පහු පහු වෙනකොට ඔව්ව හරියාවි. මේකෙ තියෙන කැපිලි කෙටිලි, බේගල්, මඩ ප්‍රහාර, දිය රෙද්දෙන් බෙල්ල කැපිලි මෙව්ව ඉක්මණින් ඉගෙන ගෙන අනික් එවුන් පට් පට් ගාල කපල වට්ටල දාල ඉහලටම ගිහින් බ්ලොග් ලොව කෙරුමෙක් වෙන්න ඔයාට සුභ පතනව. ගුඩ් ලක්.

      Delete
    5. 1970 ගණන් වල අග හරියෙ අනුර බණ්ඩාරානායක දිගට හරහට ජේ. ආර්. ට ගහන කොට ජේ. ආර්. බොහොම උපේක්ෂාවෙන් කිව්වෙ "අනුර පොඩි ළමයෙක්. ඒ වගේම හොඳ ළමයෙක්. ඒ හොඳ ළමයා හොඳ ළමයා විදිහටම ඉන්නවා නම් හොඳ. අපි කවුරුත් කැමැතියි" කියලා.

      ලක්ෂාන්ටත් කියන්න තියෙන්න ඒක තමයි. ලක්ෂාන් හොඳ ළමයෙක්. ඒ හොඳ ළමයා හොඳ ළමයෙක් විදිහට ඉන්නවා නම් තමයි අපි කවුරුත් කැමැති.

      Delete
    6. ස්තුතියි ලක්‍ෂාන්. මෙතැන ලොකු දේශපාලන කේස් එකක් තියෙනවා. එකම පිළේ සිටිය යුතු අයට ඒ කතාව වෙනත් හේතු නිසා වැටහෙන්නේ නෑ!

      Delete
  6. දේශපාලන වශයෙන් සක්‍රිය බ්ලොග් හා සමහරවිට ෆේස්බුක් ක්‍රියාකාරින් පවා අක්‍රිය කිරීමේ යම් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක බව පැහැදිළියි. මෙය සංවිධානාත්මක වැඩ පිළිවෙළක්ද නැතිනම් වෙන් වෙන් පුද්ගලයින්ගේ ක්‍රියාකාරකම්ද පැහැදිළි නැහැ. හොඳම උදාහරණයක් තමයි දේශපාලන වශයෙන් සක්‍රියම බ්ලොගය වන පැරාගේ බ්ලොග් එක කමෙන්ට් මඟින් අල කිරීමේ උත්සාහය. පැරා කොයිතරම් වැදගත් සාකච්ඡාවට බඳුන් විය යුතු දෙයක් පළ කළත් ඒ අදහස් පැතිර යා නොදී අල කරන පිරිසක් ඉන්නවා. බැලූ බැල්මට මේ වාමාංශිකයින්. පැරා ඔවුන්ට තර්ජනයක් වනවාට මේ පිරිස දැඩි බයක් දක්වන බව පෙනෙනවා. නමුත් මේ පිරිස සත්‍ය වශයෙන් එසේ නොවිය හැකියි. පැරාගේ බ්ලොග් එකෙන් වැඩිම තර්ජන එල්ල වන්නේ මහින්ද පිළට බැව් පැහැදිළියි. එනිසා මෙය එය අක්‍රිය කිරීමේ සංවිධානාත්මක උපක්‍රමයක් විය හැකියි. මීට සමාන්තර උපක්‍රම නිර්මාල් රංජිත් දේවසිරි, ලියනගේ අමරකීර්ති වැන්නන් ෆේස්බුක් එකේ සක්‍රිය වීමේදී ඊට එරෙහිව භාවිතා වුණා. එසේම එක් කලෙක ඉතා ජනප්‍රිය වී තිබුණු දේශපාලන බ්ලොග් කලාව අද තනි පුද්ගලයෙක් දක්වා අඩු වුණේ මේ දේශපාලන බ්ලොග් වලට කෙළින්ම හෝ වක්‍රව එල්ල වූ තර්ජන නිසා. රසික හා අනෙකුත් බ්ලොග්කරුවන් මේ තත්වය ගැන අවබෝධයකින් ක්‍රියාකරනු ඇතැයි සිතනවා.


    දෙවර්ෂ පූර්ණයට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. විහිළු කරන්න එපා බන්, පැරාට අංචි අදින්නේ පොරගේ හිටපු වාමාංසික ඇරියස්කාරයින්, ඕකුන් ඔහොමමයි. නයි මුගටි නැත්නම් විමල්-අනුර කුමාර වගේ ජම්මාන්තර වෛරක්කාරයෝ.

      අන්ත දූශිත රාජපක්ෂ කල්ලිය පැරදුණේ

      01. උන්ගේම ගොන්කම් අශීලාචාර අවකල් ක්‍රියා නිසා ජනතාවට එපා වීම
      02. ගොබ්බ විදෙස් ප්‍රතිපත්තිය නිසා බලගතු රටවල් තරහවී ආණ්ඩුව වෙනස් කිරීමට සිතීම
      03. ලංකාවේ රාජපක්ෂ විරෝධීන් සියල්ලම ඒකාබද්ධව පොදු පෙරමුණකට ගොනුවීම

      යන කාරණා නිසා මිසක් බ්ලොග් කාරයින්ගේ කෙහෙල්මල් විකාර නිසාවත් සිවිල් සමාජ කයිවාරුකාරයෝ සහ ජෙප්පන් නිසාවත් නෙවෙයි. ඔන්න ජෙප්පො නම් දැනෙන අරගලයක් කරා කියන්න පුළුවන්.

      මහින්දලාට ඉන්නෙ 90% අන්ධ පාක්ශිකයෝ, උන් පැරාගේ බ්ලොගේ බලල වෙනස් වෙනව කියන එකම විහිළුවක්. ඇත්ත මේකයි;

      බ්ලොග් කාරයෝ අතර එකිනෙකා පරයා මුදුනා වීමට බලු පොරයක් ඇතිවී තිබෙනවා. සමහරු කිසිදු හරයක් නැති නමුත් හිට්ස් වැඩිපුර ගතහැකි එදාවේල ටයිප් පෝස්ට් දමන අතරම අනික් එවුන් එක්ක මඩ ගැහිලි වලි දැමිලි කරගන්නවා. සමහර විට තමුන් තමන්ටම මඩ ගහ ගන්නවත් වෙන්න පුලුවන්, ප්‍රසිද්ද වෙන්න.

      උඹට තවමත් මේක තේරෙන්නෙ නැත්නම් ලන්කාවේ ගොසිප් සයිට් බලපන්, නළු නිළියෝ ප්‍රසිද්ධියේ වලි දාගෙන (නුගේගොඩ හන්දිය වගේ තැන්වල), තමන්ගෙම හෙලු පින්ට්තූර ලීක් කරල තමන්ම ඒකට දොස් කියල බැනල කරන්නේ ජනප්‍රියත්වය රැකගැනීමයි. බ්ලොග් කාරයොත් මීට වෙනස් නැහැ. අන්තිමට දැන් පරන ඉස්ටැයිල් එක අනුව ඒකත් රාජපක්ෂ කල්ලිය පිට දාන්නත් පටන් අරන්. හිහ් හිහ් හී. ඔක්කොම කුණු මහ කුණු ගොඩට.

      මෙන්න මගෙනුත් එකක්;

      "මෙව්වා අධිරාජ්‍යවාදීන්ගේ ජාත්‍යන්ත්‍රණ කුමන්ත්‍රණ - පොල්බූරු විකටවංස"

      Delete
    2. @ Anonymous 27 October 2016 at 15:22

      සමාජ පෙරළි සඳහා බ්ලොග්වල වැදගත්කම ගැන අධිතක්සේරුවක් මා නොකළත්, ඔබ කියන කතාවේ යම් සත්‍යයක් තියේ යැයි මට හිතෙනවා. තවත් බ්ලොග් ලියන, නමුත් වැඩි පුරම අනෙකුත් බ්ලොග්වල කමෙන්ට් නොකරන, අයෙකු මා සමග එවැනි කතාවක් කීවා.

      මා ලියූ මේ ලිපිය කියවා තිබේ ද?
      https://rasikalogy.blogspot.com/2016/06/that-was-saturday.html

      ස්තුතියි, ජයවේවා!

      Delete
    3. @ Anonymous 27 October 2016 at 17:34

      බ්ලොග්කරුවන් අතර තරගයක් තියේද? මට නම් පේන්නේ බ්ලොග් එකක් අනෙකෙන් වෙනස් නිසා විවිධ රස දෙන නිසා, ඒ අතර තරගයක් නැති බවයි!

      අනුපූරක මිස ආදේශක නොවේ!

      Delete
  7. මට අර උඩ තියන photo එකේ රතුපාට රෙද්ද වෙන්න හිතුනා.

    ReplyDelete
    Replies
    1. ඒ රතු නොවේ පඬුපාට හෙවත් සිවුරු පාට හෙවත් Saffron colour.

      Delete
  8. රසික රාජ්ගෙ සිස්ටම් එකට ගේම දුන්න නම් වැඩේ අහවරයි කියන එක තමා මගේ අදහස... එහෙම නැතුව අර රුවන්ගෙ ක්‍රමේට ගියාම වෙන්නෙ නිවට ඇම්බැට්ටයට වෙච්ච වැඩේ තමා...

    නැත්නම් ඉතින් අසේවනාච බාලානං කියලා ඉන්න ඕනි...

    ReplyDelete
    Replies
    1. අසේවනාච බාලානං තමයි!

      ඒ එක්කම:
      අක්කොච්ඡි මං අවධිමං, අජිනි මං අහාසි මේ
      යේ තං උපනය්හන්ති, වේරං තේසං න සම්මති

      Delete
  9. සුබ උපන්දින ඇනවර්සරියක් වේවා !

    ReplyDelete
  10. මුලින්ම රසික සොයුරාගේ කඩඉමටත් බ්ලොග් කලාවටත් සුභ පතමි. ඔබට ජය !

    //මා සිතන ආකාරයට දේශපාලනිකව මගේ හතුරන්//

    රසික මේ කියන්නේ SLFP (Mainstream & JO), UNP, JVP ආදී දේශපාලනික සතුරන් නොව බ්ලොග් පොලිටික්ස් (Blog Politics) ගැන විය යුතුයි. දැන් නම් බ්ලොග් අවකාශයත් ලංකාවේ පක්ෂ දේශපාලනය මෙන්ම කුජීත වෙමින් පවතිනවා බ්ලොග් කරුවන් අතර පවතින දැඩි තරඟකාරීත්වය සහ කැපිලි කෙටිලි නිසා. වෙලාවකට හරිම හිරිකිතයි. කොහොම වුණත් ඔබගේ පාඨකයකු ලෙස ඔබට තව තවත් දුගු කලක් බ්ලොග ලියන්නට සුභ ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.

      මා විවිධ කරුණු ගැන ලියන්නේ මගේ මතය. ඒ සමගම අදාල මූලාශ්‍ර ඇතොත් දක්වනවා. මගේ අදහස් පොදු ප්‍රවාහයේ පක්‍ෂ කිසිවක් සමග පරිපූර්ණව සමපාත වෙන්නේ නෑ. එනිසා තමයි, බ්ලොග් එක දිගට කළ හැක්කේ. මා සමන්ත විද්‍යාරත්න ගේ බ්ලොගය ගැන ලියූ ලිපියේ මේ බව කීවා.
      https://rasikalogy.blogspot.com/2016/09/one-step-forward-two-steps-backward.html

      බ්ලොග් පොලිටික්ස් යන්න බ්ලොග්වල ලියවෙන සමාජ දේශපාලන අදහස් යන අරුතෙන් නම් හරි, එහෙම නැතුව බ්ලොග්වල බලය ලබාගන්න වැනි තේරුමක් නම් අදාල නෑ!

      තෑන්ක්ස්.

      Delete
  11. සුබ පැතුම් රසික!

    ReplyDelete
  12. මට හිතෙන්නෙ මේ පෞද්ගලික මට්ටමේ බ්ලොග් වලි පටන් ගත්තේ අර අජිත් ගමයාද, නෙළුම් අජිත්ද කවුදෝ මන්දා බූතයෙක් බ්ලොග් සම්මාන දෙන්න පටන් ගත්තායින් පස්සෙ. ඊට කලින් වලි තිබුණෙ මතවාද ගැන. පෞද්ගලික මට්ටමින් නෙවෙයි. අපට ඔය සම්මාන ලී කෑලි වුණාට අර සිරිසේන ගොයියාට රැජින අත්මේස් ගලවලා අතට අත දෙන එක මාරයි වගේ බ්ලොග්කාරයින්ටත් ඔය ලී කෑල්ල වුණත් කරු ජයසූරිය වගේ මෙලෝ රහක් නැති පොලිටික්කෙකුගෙන් ගත්තත් මාරයි. දැන් ඉතින් පොරයක් තියෙනවා සිංහල බ්ලොග් ලොව මහප්පා වෙන්න. ලොකුම ගාය තියෙන වග පේන්නේ පැංසොං පොරට. නමුත් අනෙක් අයත් ගේම අත ඇරලා නැහැ. පෘතග්ජනයොනෙ. අපි ඉතින් පැත්තකට වෙලා බලාඉඳිමු.

    ReplyDelete
    Replies
    1. ඇනෝ බොහොම කණගාටුයි එහෙම හිතන එකා. මගේ එකම අදහස වුනේ බ්ලොග් වඩා ප්‍රචලිත් කිරම. සම්මාන දෙන්න ගත්තේ උපක්‍රමයක් විධිහට. බ්ලොග්කරුවන් එය තේරුම් ගනීවි යයි සිතුවා. කොහොමත් ඊළඟ ඒවාට මම එන්නේ නැති තීරණය අරගෙන තියෙන්නේ. හුඟක් වෙලාවට ඊළඟ ඒවාට දේශපාලකයොත් එන්නේ නැති වෙයි. කරු ගෙනාවේ තොරතුරු පනත නිසාය කියන එක නැවත කියන්න කැමතියි. ඒ ප්‍රශ්නය වුනේ නෙලුම් යාය නිසානම් ඔබලාගෙන් සමාව ඉල්ලනවා නොදැන කරපු දෙයකට.

      Delete
    2. අජිත්,

      ඔය Anonymous 27 October 2016 at 19:45 කියන එකෙත් ලොකු ගතයුත්තක් තියනවා. බ්ලොග් සම්මාන උළෙල යහපත් අදහසකින් පටන්ගත්තත් ඒකෙන් අද වනකොට ඇතිවෙලා තියෙන ප්‍රතිපලය තමයි බ්ලොග්කරුවන්ගේ බලු පොරය.

      බ්ලොග් කියන්නේ නිදහස් මාධ්‍යයක්නේ අජිත්. මේ වගේ සම්මාන උළෙලවල් වලින් වෙන්නේ යම් යම් කුලකයන් නිර්මාණය වීම. නෙලුම් යාය නරක දෙයක් නෙමෙයි නමුත් ඔය නිසා සයිබර් අවකාශය තුළ කෘත්‍රිම ගමක් හැදෙනවා. ගමක් හැදිච්ච ගමන් වෙන්නේ ගමේ ඉන්න එවුන් ගම කන එක.

      මම නම් කියන්නේ අජිත් ඔය සම්මාන උළෙල අනිවාර්යයෙන්ම නැවැත්විය යුතුයි කියල.

      Delete
    3. "සම්මාන උළෙල" තිබුණා වුණත් 'බ්ලොග් ලෝකයේ මහප්පා' මෙයා, 'බ්ලොග් ලෝකයේ බාප්පා' අරයා 'බ්ලොග් ලෝකයේ සිහින කුමාරයා' අරයා කිය කියා සම්මාන දෙන්න එපා. බ්ලොග්කරුවන් හා ඔවුන්ගේ කාර්යභාරය එකිනෙකාට වෙනස්. හැමෝමට තමන් තමයි හොඳම. ඉතින් මෙහෙම සම්මාන දුන්නාම බල්ලො බලල්ලු වගේ ඉරිසියාවෙන් කාගන්නවා. ඇගැයීමක් වශයෙන් ඕනැ නම් පොදු සම්මානයක් හැමෝටම එකක් වගේ දුන්නොත් ඇති. දෙන කොටත් හැමෝමට කරු අතින්ම දුන්නොත් හොඳයි. එතකොට කාගෙවත් හිත රිදෙන්නෙ නැහැනෙ. Everyone is equal

      Delete
    4. //මට හිතෙන්නෙ මේ පෞද්ගලික මට්ටමේ බ්ලොග් වලි පටන් ගත්තේ//
      //බ්ලොග් සම්මාන උළෙල යහපත් අදහසකින් පටන්ගත්තත් ඒකෙන් අද වනකොට ඇතිවෙලා තියෙන ප්‍රතිපලය තමයි බ්ලොග්කරුවන්ගේ බලු පොරය.//
      ඇනෝ වරු දෙදෙනාගේ මේ අදහසට නම් මට එකඟ වෙන්න බැහැ . මගේ බ්ලොගය පටන් ගත්තේ 2013 උනත් ඉන්දි ලාගේ කාලේ ඉඳන් මම බ්ලොග් කියවන කෙනෙක්. රසික කතන්දර කාලයාගේ කාලේ ඉඳන් මම දන්නවා. (පුද්ගලිකව නොවේ) ඒ කාලේ මේ වගේ බලු පොර ඕන තරම් තිබුණා . සමහරු බ්ලොග් ලොව හැර ගියා . සමහරුන්ව පාවලා දුන්නා රජයට. (එවකට තිබූ ආණ්ඩුවට විරෝධී අයව)

      Delete
    5. //බ්ලොග් කියන්නේ නිදහස් මාධ්‍යයක්නේ අජිත්.//
      දැන් චිත්‍රපටි වලට සරසවි සම්මාන , ඔස්කාර් සම්මාන වගේ තිබෙනවා. පොත් වලට ස්වර්ණ පුස්තක වගේ සම්මාන තිබෙනවා. ගිය සැරේ ලියනගේ අමරකීර්තිගේ "කුරුළු හදවතට " සම්මාන ලැබිල මංජුල වෙඩිවර්ධනගේ "මගේ ආදරණිය යක්ෂනිට " නොලැබීම ගැන විවේචන කරලා තිබෙනවා දැක්කා . එතකොට පුවත්පත් හේ මාධ්‍යවේදීන්ට දෙන සම්මාන. ඒ වගේ ඊට වඩා දරුණුවට නාට්‍ය සම්මාන උළෙලවල් විවේචනය වෙනවා. බ්ලොග් විතරක් නෙමේ නිදහස් මාධ්‍ය. මේ හැම එකක්ම නිදහස් මාධ්‍ය. ලංකාවේ නිදහස් නොවෙන්න පුළුවන්. බ්ලොග් වල ප්‍රශ්නේ මෙවැනි සාකච්චා , සංවාද, මත ගැටුම් , බැණුම් සක්‍රීයව (live)කරන්න හැකි වීම. එනිසා අනිත් ඒවාට වඩා මේක වෙනස්. සමහරවිට අපිට ඒ ගැන කල්පනා කරන්න තිබුණා. කුලකයක්/ගමක් ඇති වෙන්නේ ඒ නිසයි. නමුත් මම කවදාවත් කියල නැහැ මේක විතරක් තියෙන්න ඕනේ කියල. බ්ලොග් වසන්තයට සහයෝගය දෙන්නේ ඒකයි. තව වෙන ඕනෑම දෙයකට වුනත්.

      Delete
    6. //සම්මාන උළෙල" තිබුණා වුණත් 'බ්ලොග් ලෝකයේ මහප්පා' මෙයා, 'බ්ලොග් ලෝකයේ බාප්පා' අරයා 'බ්ලොග් ලෝකයේ සිහින කුමාරයා' අරයා කිය කියා සම්මාන දෙන්න එපා. // මේ නාලක ගුණවර්ධනට හා රසික දුන්න විශේස සම්මාන ගැන වෙන්න ඇති. නාලක කියන්නේ අවුරුදු ගානක් ඉතා හොඳ බ්ලොගයක් ලියන කෙනෙක්. එය කොමෙන්ට් දාන්න එන්නැති නිසා වෙන්න ති ජනප්‍රිය නැහැ. ඒ වගේම හොඳ විද්‍යා ලේඛකයෙක්. මිනිස්සු පස්සේ යන්නේ නැති නිසාද කොහෙද එයට සම්මනයක් වත් දෙනවා අපි දැකල නැහැ. නලකට සම්මානයක් දෙන්න තීරණය කළේ ඒ අගැයීමට. රසික 2005 ඉඳන් නොනැවතී බ්ලොග් කරන කෙනෙක්. විරෝධතා තිබුනත් ඒවා ඔප්පු කරලා කියන්න කියල විරෝධතා කරපු අයගෙන් මම ඉල්ලුව. (මාතලන් නොවේ) ලැබුනේ නැහැ.
      අනිත් හේතුව විනිශ්චය මණ්ඩල හුඟක් වෙලාවට සළකන්නේ ප්‍රසිත්ත්ද තමන්ගේ අදහසට මතයට ළඟින් යන අය. උදාහරණයක් වශයෙන් වසර ගණන් බ්ලොග් ලියන ලියූ අයට සම්මාන දෙන්න හිතුවේ ඒ අය අහුවෙන්නේ නැති නිසා. . රුවන් ජයතුංග, චානුක වත්තේගම, ඉන්දි සමරජීව, අරුණි ශපිරෝ, මාලින්ද සෙනෙවිරත්න වගේ අයත් ඉන්නවනේ අවුරුදු ගණන් බ්ලොග් ලියන සහ බ්ලොග් ලියා දැනට ඉවත් වෙලා ඉන්න.

      Delete
    7. ඔබේ පුද්ගලික මනාපය පරිදි ඔබ කැමැති කෙනෙකුට "සම්මාන" දීම හෝ නොදීම ඔබේ වැඩක්. ඔබේ අරමුණත් හොඳ වෙන්න පුළුවන්. අපට කමක් නැහැ. අපේ සල්ලි වලින් නෙවෙයි නෙ දෙන්නෙ. සාමාන්‍යයෙන් ඕනෑම ක්ෂ්ත්‍රෙයක පුද්ගලික වලි ඇති වෙන්නෙ සම්මාන බෙදා ගන්න බැරුව. බල්ලො පොර කන්න බත් බෙද ගන්න බැරුව වගේ. ඒකයි පෙන්නා දුන්නෙ.

      Delete
    8. ඔයා ගේ අදහසේ වැරැද්දක් නැහැ. අපේ තීරණයට හේතු තමා මම දුන්නේ.
      // සාමාන්‍යයෙන් ඕනෑම ක්ෂ්ත්‍රෙයක පුද්ගලික වලි ඇති වෙන්නෙ සම්මාන බෙදා ගන්න බැරුව. බල්ලො පොර කන්න බත් බෙද ගන්න බැරුව වගේ.// මෙහෙම දෙයක් වුණා හා වෙනවා කියල මම අවංකවම දැක්කේ නැහැ. සම්මාන බෙදා ගන්න දබර කරන එකක් මම දැක්කේ නැහැ කියල තමා මට හිතෙන්නේ. සමහරු විවේචනය් කළා අඳුරන අයට දෙනවා කියල. ඒකට නම් කරන්න දෙයක් නැහැ. යෝජනා වෙච්චි ඒවායින් තෝරා ගත්ත නිසා.

      Delete
    9. ඒ ඔබේ කියැවීම නම් ගැටළුවක් නැහැ. කොහොමටත් මෙහෙම ගහ මරා ගන්න එක ගැනත් මගේ විරුද්ධත්වයක් නැහැ.

      Delete
    10. අජිත්, රසිකට අදාළ සම්මානය පිරිනැමීමේදී තමන් විරෝධය පළ කළ බවත්, නමුත් ඔබ ඔබේ පුද්ගලික මතයට අනුව ඔහුගේ දීර්ඝ කාලීන බ්ලොක්කරණය සලකා බලා එය දුන් බවත් මාතලන් කොතැනක හෝ ලියා තිබුණා මතකයි. එය ඇත්තද? එසේ නම් ඔබ මේ සමාන දුන්නේ හුදෙක් ඔබේ තනි මතයටද?

      Delete
    11. බ්ලොග් සම්මාන උළෙලක් මුලින් ම තිබුණේ 2009 දී. ඒ රාජකීය විද්‍යාලයේ සාහිත්‍ය සංගමය මගින් පවත්වපු අසෙනිය කුසුම. එය තවත් වසර දෙකක් පැවතුණා.

      මට විරුද්ධව චෝදනා ආ බව අජිත් තම ලිපියක ලියා තිබෙනු දැක, ඒ චෝදනා මොනවාදැයි මා කමෙන්ටුවකින් ඇසුවත් ඔහු පිළිතුරු දුන්නේ නෑ.

      මා 2005 වසරේ සිටම සිංහල බ්ලොග් ගැන විවිධාකාරයෙන් මගේ මිතුරන් අතරත්, විශේශයෙන් ම ඕස්ටේ‍ර්ලියාවේ වෙසෙන සිංහලයින් අතරත් ප්‍රචාරය කළ බව සතුටෙන් පවසනවා. ඒ නිසා සංහල බ්ලොග් ගැන දැනගත් කියවන්නට පටන් ගත් පිරිස ඉන්නා බව මා දන්නවා!

      Delete
    12. @ඇනෝ - මාතලන් එහෙම ලිව්වා කියල මම නම් කොහෙවත් දැක්කේ නැහැ. - සම්මාන දුන්න විධිහ ගැන ලියා තිබෙන නිසා, විනිශ්චය කළ අන්දම ලිය තිබෙන නිසා නැවත කියන්න යන්නේ නැහැ.
      - නැහැ මගේ තනි මතය නෙමෙයි.
      https://kolambagamaya.blogspot.co.uk/2016/04/2016-26-1.html

      Delete
    13. රසික ඊට පස්සේ තවත් උළෙලක් තිබ්බ. රේඩියෝ බ්ලොග් අවොර්ඩ් එකක්. buzzredio blog award.
      http://www.xtreamyouth.com/events-2/community/corporate-events/buzz-radio-blog-awards-2012
      https://www.mixcloud.com/buzzradiolk/buzzradio-blogawardz2012-live-recording/
      http://www.sasrutha.com/article/2172852/buzz-radio-blog-award-2012-%E2%99%AA%E2%99%AB%E2%99%AA%E2%99%AB%E2%99%AA-buzz-radio-official-blog-%E2%99%AA%E2%99%AB%E2%99%AA%E2%99%AB%E2%99%AA/
      buzz රේඩියෝ එකේ නිමතෘ සහන සරත්චන්ද්‍ර කියල පරිගණක ඉංජිනේරුවෙක්. ඒ ගොල්ලෝ තම කලේ මම හිතන්නේ.

      මේ ඇමෙරිකාවේ එකක්.
      http://musicblogawards.blogspot.co.uk/
      මේවා අලුත් දේවල් නෙමයි. මේ නිසා ප්‍රශ්න තිවෙන්න පුළුවන්. නමුත් නෙළුම් යාය පළමුවෙනි එක කියන එක මිත්‍යාවක්. ගරිල්ලා ප්‍රහාරයක් කියන එකත් මිත්‍යාවක්.

      Delete
  13. සුබ පැතුම් රසික !
    ලංකවේ හිටියා නම් කපටි සුට් එක අන්දවලා පාර්ලිමේන්තු යවන්න උනත් පුළුවන් ජ්‍යෙෂ්ඨ බ්ලොග් කරුවෙකුනේ.

    ReplyDelete
    Replies
    1. මනාප මෙන්ම අමනාප ද ලැබේවි!

      ස්තුතියි, ජයවේවා!

      Delete
  14. රසිකොලොජියට සහ රසික සූරිය ආරච්චි මහතාට සුභපැතුම්... !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහස් අවකාශය, ජයවේවා!

      Delete
  15. දෙවන භවයේ දෙවන ඇනිවර්සරියටත් සුබ පැතුම්!

    උඩ ඇනෝවරයෙක් (Anonymous27 October 2016 at 17:44, ) ඔබගේ දුකට කරුණු පහදලා තියනවා, / ඇත්තටම අන් අයව දරුණු ලෙස විවේචනය කරන අය තමන්ටත් දිනෙක රිටර්න් එක ලැබෙන බව දැනගෙන ඊට මුහුණ දිය යුතුයි./ කතන්දරේ පැහැදිලියිනේ, ලංකාවේ රිටර්න් විදිහට ලැබෙන්නේ වැදුණුෂොට් එකට තුවාල වෙලා ඉඳිමිලා කුණුවෙලා එකෙන් බේරෙන සැරව පොට්ටනි වලින්, ඉතින් ඔබ දුක් විය යුතු ද?

    ඔබේ ස්ටයිල් එකෙන් ලියන්න, කියවන්න අපි ඉන්නවා.

    ReplyDelete
  16. වැරදීමකින් හරි මම ලංකාවේ පාර්ලිමෙන්තු මන්තිරී කෙනෙක් වුනොත් මමත් පාර්ලිමෙන්තු යන්නේ සිවුරක් වගේ පේන්න සාරියක් ඇඳගෙන, කවුරු හරි කෙනෙක් ඒක කරන්න දෛර්යක් ගන්නකම් ඔය විකාර නීති තියේවි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බද්දේගම සමිත සාදු ගිය වේලේ ඔය නීති වෙනනස් විය යුතුව තිබුණා. නමුත් එසේ වී නෑ. අතුරලියේ රතනලා පාර්ලිමේන්තුවේ ඉන්නා අද පවා කරු ජයසූරිය නිකුත් කර ඇත් සම්මතයේ සිවුර නෑ. පිරිමි සඳහා සම්මත ඇඳුම් පමණයි!

      http://athavaneng.com/?p=251586

      Delete
  17. සුබ උපන්දිනයක් වේවා !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, තව වසරක් තුළ දිනයක ඔබටත් එසේ ම වේවා!

      Delete
  18. රසික,
    පළමුව සුබ පැතුම්!
    පොස්ට් එකේ පින්තුරය අනුව තෙවෙනි වසරේ සිට ඔබේ බ්ලොගය ඇඩම්ස් ඔන්ලි පැත්තට බර කරන්ට ලැහැස්ති වෙනවා වත්ද කියා මට සිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ඇඩම්ස් ඔන්ලි කරන්න නම් අදහසක් නෑ. පොරව මට ලඟඳී දවසක මුණ ගැසුණත් මාව අඳුණා ගත්තේ නෑ.

      Delete
  19. HAPPY 2ND BIRTHDAY RASIKA SIR ..!!!
    night still young .. you don't worry .. you have new followers like me.. and will have many more ..!!
    sathishaya sanvegayen danum denne man mage "devana kuludul chandaya" bavitha kale oya sivuru horun parlimenthu gatha karanna. ekata pradhanathama hethuva une "ape SOMA HAMUDURUVO saha ethumage apavathveema ..!" since then I haven't use my vote and now I am a citizen of another country :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිත්‍රයා.

      භික්‍ෂුූන්ට දේශපාලනය අකැපයි කියා මා සිතන්නේ නෑ, නමුත් ගංගොඩවිල සෝම හිමිගේ ආගමික සංශෝධන ක්‍රියාවලියේ අවසානය සිදුවුණේත් ඔය දේශපාලනය බදා ගැනීම නිසායි!

      Delete
  20. හත්වලාමයි ගයිඩ්කාරය එකසිය විසි වෙනි පාරටත් ඉල්ලන් කෑව නේද මේකට අබ ඇටේක තරම් වත් මොලයක් තියේ නම් මෙහෙම ඉල්ලන් කයිද? ඉතිහාසෙම මෙහෙම පජාත වීමක් දැක්කමයි .දැන් ඉතිං වේලි වේලි තියෙන බ්ලොගකට හිට්ස් ඕනි නම් කරන්න තියෙන්නෙ ගයිඩ් මෝඩයව ෆෝම් කරල ඇනෝ කමෙන්ට් එකක් දාන එක.

    ReplyDelete
    Replies
    1. මේව බොළඳ ළමා වැඩ, දැන් ඉස්කෝලේ කාලේ ඉවරයි නේද?

      Delete
  21. අයිසෙ රසික අන්න අරේ පැරාගෙ බ්ලොගේ මූසිලට දිට්ටධම්මවේදනිය කර්මේ පල දීල මෝඩය ඇනොලගෙන් ඉල්ලං කාල පුරෝලම.පවු ඕයි නූගත් ගයිඩ උට මේ බ්ලොග දැමිල්ල හරියට කුඩු කාරයෙකුට මහජන සම්පත ඇදුන වගේ

    ReplyDelete
    Replies
    1. මේව බොළඳ ළමා වැඩ, දැන් ඉස්කෝලේ කාලේ ඉවරයි නේද?

      Delete
  22. හාමුදුරුවරු පාර්ලිමේන්තු ගියේ සාරියෙන් කියන එක ඇහුවමයි. පින්තුරේ ලස්සනයි රසික. යාළුවෙක්ගේද ? හේ හේ

    ReplyDelete
    Replies
    1. සිවුර සාරියක් ලෙස දැකපු මේ පාහර බල්ලාගේ බ්ලොග් කටුව ඉක්මනින් භංග වේවා

      Delete
    2. මෙය මුළින් ම සිදු වී ඇත්තේ 2001 දී බද්දේගම සමිත සාදු පාර්ලිමේන්තුවට ගියාමයි.
      http://www.island.lk/2001/12/23/news09.html

      අදත් ඒ පිරිමි ඇඳුම්වලට සිවුර අයිති නැත. එනිසා අතුරලියේ රතන පාර්ලිමේන්තුවේ සිටින්නේ ද සාරියේ නීතියෙනි!

      Delete
  23. සාරියෙන් සිවුර ගොඩ ගිය සීන් එක මම මේ ඇහුවමයි. නිතියෙත් ලිහිල් තැන් තියෙනවා කියන්නේ නිකන්ද ඉතින්..

    බ්ලොග් සංවත්සරයටත්, උපන්දිනයටත් හදවතින්ම සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. නීතියේ විතරක් නෙමෙයි සාරියේත් ලිහිල් තැන් තියනවා දිනේෂ්.

      Delete
    2. ස්තුතියි දිනේෂ්.

      ඉතා-ලිය සිටින රටේ සාරි හිඟ නිසා දෝ දිනේෂ් සාරියේ ලිහිල් තැන් ගැන දන්නේ නෑ වගෙයි?

      Delete
  24. රසික... අපගේ සත්ගුණවත් ගයිඩ් මාමාට ඊයේ පැරාගේ අඩවියේ ලැබුනු රාත්‍රී භෝජන සංග්‍රහය ගැන ඔබගේ අදහස කුමක්ද.............

    ReplyDelete
  25. සුබපැතුම් රසික!

    මාර වැඩේ කියන්නෙ මට ඔය ඇහිඳ කකා ඇවිදින කිකිළියන් දැකපු ගමන් හිතෙන්නේ උන් අත් දෙක පිටුපසට බැඳගෙන ඉන්නවා ය කියලයි.

    ඒ වගේ ම, හාමුදුරුවො දැක්කාම හිතෙන්නෙ සාරි ඇඳගෙන ඉන්නවා ය කියලයි. ගෑනු ලුක් එකක් තමයි ඒගොල්ලන්ගෙ තියෙන්නෙ. සෙක්සි ගතිය විතරයි නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ ! අනේ යකෝ !

      Delete
    2. සංගයියලා ටික අක්කලා වගේ හැසිරෙන එක හොඳයි. ඕකුං අයියලා වගේ හැසිරෙන්න පටන් ගත්තොත් මළ මඟුලක් වෙනවා.

      Delete
    3. එයාල බොහොමයක් ද්විලිංගිකයි ලූ,

      Delete
    4. ස්තුතියි පැරා.

      එල්ලාවල මේධානන්ද සාදු දෙවුර වහගෙන සිවුරු පොට දාගෙන ඉන්න විදිය සහ රෝසි සාරියේ පොට දාන විදිය තරමක් සමානයි නේද?

      මේධානන්ද එහෙම සිවුරු පොට දාන්නේ ඇයි, නිකායට අනුකූල නෑ නේද?

      Delete
  26. ඔබගේ සමහර අදහස් වලට එකග නොව්නත්, දහසක් අවලාද මැද ඔබගේ නොසැලෙන ගුණයට මාගේ ආචාරය!

    අද DailyMirror දැක්කාද?
    http://www.dailymirror.lk/article/Inappropriately-dressed-MP-leaves-chambers-118256.html

    ReplyDelete
    Replies
    1. ප්‍රසංශාවට ස්තුතියි.

      තාමත් ඒ නිතී එලෙසම තියෙනවා. තැඹිළි පාට සාරියක් ඇන්දා නම් පාස්!

      Delete
  27. සුභ උපන්දිනයක්..!! සුභ පැතුම්..!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ජයවේවා ගස් ලබ්ස්!

      Delete
  28. ගොන් කතා කියන්න එපා රසික.

    සිහි මොලේ තියන කෙනෙක් සිවුර සාරියක් විදියට දකිනවද ? කථානායකට මන්ත්‍රීවරුන්ගේ සහ මන්ත්‍රීවරියන්ගේ ඇඳුම සම්බන්ධයෙන් රීතින් පනවන්න පුළුවන්. මන්ත්‍රීධුරයකට පත්වුණු හාමුදුරුකෙනෙක් හෝ වෙනත් ආගමික පූජකවරයකු මොකක් ඇඳිය යුතුද කියල රීති පනවන්න න්‍යායිකව කථානායකට පුළුවන්. එහෙමත් නැතිනම් ඒ ස්වාමීන්වහන්සේ හෝ පූජකතුමා සභාවට නොගැලපෙන “ආගමික නිල වස්ත්‍රයක්” ඇඳගෙන සිටිනවා කියල ඒ අය සභාවෙන් ඉවත්කරන්න කටයුතු කරන්නත් න්‍යායිකව පුළුවන්.
    නමුත් සිහි මොලේ තියන ඕනෑම කෙනෙක් දන්නවා “යතිවර හෝ පුජක නිල වස්ත්‍රයක්” පිළිබඳව තීරණය කරන්නේ ඒ ඒ ආගමික සංස්ථාවන්. ඒ “යතිවර හෝ පුජක” කොට්ඨාශයෙන් කෙනෙක් පාර්ලිමේන්තුවට තේරී පත් වූ විට ඒ තැනැත්තා කතානායක විසින් මොන ඇඳුම අඳින්න කිව්වත් “යතිවර හෝ පුජක නිල වස්ත්‍රයෙන්” බැහැර වෙන්නෙ නෑ කියල කථානායක දන්නව. එහෙම නියම කරල අනවශ්‍ය ආගමික කලබැගෑනියක් ඇතිකරගන්න කිසිම දේශපාලනඥයෙක් කැමති නෑ. ඇත්තටම වුනේ ඕකයි. නැතුව සිවුර සාරියක් විදියට සැලකීම නෙමෙයි.

    රසික, අර විචාරක කියනවා වගේ මොනම හැදෑරීමක් නොකර ප්‍රයෝගික තත්වයන් පිළිබඳව අන්දෝ සංසාරයක් නොදැන අන්දො අයිය වගේ බේගල් දොඩවන්න එපා. අන්දො අයිය නම් ගෙයක් ගානේ ගිහින් බත් වේලක් සඳහා දරුවන්ට බේගල් කතා කියන අහිංසක ගැමියෙක්.

    රසික කියන්නේ පදනමක් නැති බොරු ප්‍රලාප පතුරුවන භයානක පුද්ගලයෙක්. මේ පොස්ටුවේ අරමුණ සියුම් ලෙස සංඝ සමාජයට මඩගැසීම. සිවුර සාරියක් විදියට පෙනෙන අයට පුජක ලෝගුව ගවුමක් විදියට පේන්නෙ නැත්තෙ ඇයි?

    මම කියන්නෙ සිවුර සාරියක් විදියට පෙනෙන්නෙත් පුජක ලෝගුව ගවුමක් පෙනෙන්නෙත් මානසික රෝගී අමනයකුට පමණයි. “දොළ ළඟ ගුරු පාර දිගේ....” ගීතයෙන් ස්ත්‍රී සමලිංගිකත්වයක් දකින්නෙත් අන්න ඒ වර්ගයේම අමනයෙක්. ඒ වර්ගයේ ගීත විචාරක රැල්ල නම් “මයුරවිල - කුදලාගම” එකතුවට පිංසිද්ධ වෙන්න නැවතුනා.

    ReplyDelete
    Replies
    1. මම කියන්නෙ සිවුර සාරියක් විදියට පෙනෙන්නෙත් පුජක ලෝගුව ගවුමක් විදියට පෙනෙන්නෙත් මානසික රෝගී අමනයකුට පමණයි.

      “දොළ ළඟ ගුරු පාර දිගේ....” ගීතයෙන් ස්ත්‍රී සමලිංගිකත්වයක් දකින්නෙත් අන්න ඒ වර්ගයේම අමනයෙක්. ඒ වර්ගයේ ගීත විචාරක රැල්ල නම් “මයුරවිල - කුදලාගම” එකතුවට පිංසිද්ධ වෙන්න නැවතුනා.

      Delete
    2. මා ලිපිය පටන් ගත්දීම ලියූ මේ වාක්‍යය දැක්කාද?

      /* මේ ලිපිය මා ලියන්නට සිටියේ මීට වසර කිහිපයකට කලිනි. නමුත්, ලිපියට අදාළ මූලාශ්‍ර නිවැරදිව එකල අන්තර්ජාලයෙන් සොයා ගන්නට නොහැකි වූ නිසා, එය ලිවීම දිනෙන් දින කල් ගොස්, පසුව මුළුමනින් ම අතපසු වී ගියේ ය.

      පසුව ලියන්නට පටන් ගත් මොහොතේ..... */

      මා ලිපිය පටන් ගත්දීම ලියූ මේ වාක්‍යය දැක්කාද?

      මේ ලිපිය වසර හතරකට පමණ පසු මා ලියා පළ කරන්න හිතුවේ ඇයි කියා තේරුණේ නැද්ද?

      ◕‿↼

      Delete
    3. මෙන්න අද පාර්ලිමේන්තුව සඳහා පනවා ඇති ඇඳුම් සම්ප්‍රදාය-

      Members of Parliament should at all times observe the stipulated dress code when entering Parliament.

      Dress
      For Honourable Male Members of Parliament:

      National Dress / Complete European dress / Long sleeved tunic coat dress buttoned up to the neck (with trousers or cloth)

      For Honourable Female Members of Parliament:

      Sari and jacket with sleeves; National dress consistent with the relevant culture; Acceptable dress according to religious traditions and customs. Head coverings according to religious traditions and customs.

      Honourable Members of Parliament are requested to attend Parliament sessions attired in light coloured clothing as often as possible and you are expected to refrain from attending Parliament attired in dark coloured or multi-coloured attire with striped or square design prints or colouring.

      http://athavaneng.com/?p=251586

      පිරිමින්ට සිවුරු කතාවක් ඒ කරු ජයසූරිය ගේ ලයිස්තුවේ නැත!

      Delete
    4. මෙන්න එදා බද්දේගම සමිත පාර්ලිමේන්තුවට ගිය දවස ගැන පුවත් වාර්තාවෙන් උපුටාගත් කොටසක්-

      The biggest challenge to parliamentary etiquette, however, came from Samitha.

      At Wednesday’s session, it appeared that the monk, who was wrapped in long saffron robes, was following the dress code for women.

      Parliament does not take a firm stand on the clothing of women legislators as long as they cover their shoulders and wear below the knee skirts.

      http://www.island.lk/2001/12/23/news09.html

      ඒ 2001 දී, පසුව හෙළ උරුමියේ ඈයෝ පාර්ලිමේන්තු ගොස් ඇත්තේත් ඒ ආකාරයෙන් ම තමයි!

      Delete
    5. "මේ ලිපිය වසර හතරකට පමණ පසු මා ලියා පළ කරන්න හිතුවේ ඇයි කියා තේරුණේ නැද්ද?"

      ඇත්තටම තේරුනේ නැහැ?

      Delete
    6. මෙය ලියා පළ කළේ අවශ්‍ය තරම් මූලාශ්‍ර මට ලැබුණු නිසා ය. නො එසේ නම්, මෙලෙස පළ නොකරමි.

      පළ කළ පසු ලැබුණු මූලාශයක් නිසා කතාව තවත් තහවුරු විය!

      Delete
  29. රසික මම පරක්කුද මන්දා. ඒත් මේක අහන්නම වෙනව​.
    ''හෙල උරුමිය'' කියල නම වරද්දල ලිව්වෙ උවමනාවෙන් රිද්දවන්නමද​?
    මොකද ඔයා අකුරක් වෙනස් වුනොත් පෙන්නල දෙනවනෙ. ඒකයි.

    ReplyDelete
    Replies
    1. පරක්කු නෑ!

      වරද්දලායි ලීවේ. වැරදි දුටුවාම පෙන්නා දීම මා පමණක් කරන දෙයක් නොවේ. පෙනෙන සැවොම කරනවා. එසේ ම, ඒවා වහා ම නිවරද කර ගැනීම ද මා නම් හැකි විගස කරනවා.

      මේ ලිපියට පසුව කොටසක් එකතු කළා මට ෆේස්බුකියෙන් ලැබුණු නිවැරදිකිරීමක් අනුව.

      Delete
  30. සුබ පැතුම්!!!!

    නීති විභාගයක් සමත්වී නීතිඥයෙක් ලෙස දිවුරුම් දෙන්නට සිවුරට උඩින් නීති ලෝගුව අඳින්න බැහැ කියපු සුමන කියන හාමුදුරුවන්ගේ කේස් එක මතකද. ඒක තමයි ඒ ජාතියේ පලවෙනි සිදුවීම.. නීති සම්ප්‍රදායන්....පාර්ලිමේන්තු සම්ප්‍රදායන්..ආගමේ සම්ප්‍රදායන්....සම්ප්‍රදායන් තෙම්පරාදු වෙලා. ඒ සාධුට මොකද වුනේ අන්තිමට.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව මට නිවැරදිව මතක නෑ. ඔවැනි අවස්ථාවක වෙන්නේ සාදු සිවුරු හැර ගිහියෙකු වීමයි.

      නැතිනම්, සංඝාධිකරණයේ නීතිඥයෙකු විය යුතුයි.

      භික්‍ෂුවකට පොලිස්කාරයෙකු වෙන්නත් බෑ නේ.

      ගාන්ධි දකුණු අප්‍ර්‍රිාවේ උසාවියක දී ජටාව ගලවන්න බැරිය කී සිද්දිය මතකයි නේද මූවි එකේ තිබුණේ!

      Delete
  31. Mageth subha pathum rasika mahaththaya

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.
      නමුත් මා එතරම් මහත නම් නැත!

      Delete
  32. රසික ඊලඟ අවුරුද්දේ අඬන්නේ නැතුව පෝස්ට් එකක් දාන්න..අවුරුදු ගාන ගියාට නැත්නම් එළියට පේන්නේ තාම දණගාන බබාලා වගේ..:)

    ReplyDelete
    Replies
    1. බ්ලොග් සම්න්ධයෙන් මට හැඬීමට කරුණක් සිදු නොවුණි. මා කියා ඇත්තේ මෙයයි.

      /* ගෙවුණු වසර මගේ බ්ලොග් ඉතිහාසයේ ඉතාම දුක්මුසු කාලය බව නොකියාම බැරි ය.

      මා සිතන ආකාරයට දේශපාලනිකව මගේ හතුරන් විසින් අටවන ලද උගුල්වල අසුවී, විවිධ අඥානයින් විසින් මට අභූත චෝදනා එල්ල කිරීමත්, කිසිදු සාක්‍ෂියක් ගැන විමසීමකින් තොරව ඒ මුසාවාද පිළිගන්නා පිරිසක් බ්ලොග් ලියන්නන් සහ කියවන්නන් අතර සිටින බව දැන ගැනීමට ලැබීමත් මගේ බ්ලොග් ඉතිහාසයේ කනගාටුදායක ම සිදුවීම විය.

      එකොළොස් වසරකටත් එපිට 2005 අප්‍රියෙල් මාසයේ සිංහල බ්ලොග්කරනයට පිවිස, 2009 ජූලි මාසයේ සිට ඉතා උනන්දුවෙන් ඒ කර්තව්‍යයේ නිරත වුණු මා සිංහල සැමවිට ම ක්‍රියා කළේ බ්ලොග් අවකාශයේ, බ්ලොග් ලියන්නන් ගේ යහපත පිණිස ම බව දන්නෝ දනිති.

      මගේ එකම සතුට එයයි!

      මිතුරු සතුරු සැමට ජයවේවා! */

      නමුත්, මා සිතේ එකක් තියා වෙන එකක් පෙන්වන අයෙකු නොවේ. හඬන විට හඬමි. එය ලැජ්ජාවට කරුණක් ලෙස නොසළකමි.

      ඔබේ අදහසට ස්තුතියි.

      Delete
    2. අනිත් අය කරන කියන දේවල් වලට අඬන එක කාලෙත් එක්ක අපි මනසින් මුහුකුරා යනකොට අඩු වෙන්න රසික.. ඉන් පස්සේ අපි අඬන්නේ අනිත් අය කරන දේවල් වලට නෙමේ අපිම කරගන්න කරන දේවල් වලට.. කොහොම නමුත් මේ ඉන්න හැමෝම හැමදාම ලියන්නවා නම් මම කැමතියි...

      Delete
    3. ඔන්න දැන්නම් මට ඇඬෙන්නයි එන්නේ. මොකද, මං මෙතැන අඬා නැති බව ඉතා පැහැදිලිවම ඔබට කීවත් ඔබට එය නොතේරෙන නිසා! ☺

      ඒ කෙසේ වෙතත්, මං නං ඕනෑ තරම් අඬා තියෙනවා සිතට දුක දැනුණු දිනවල.

      ඒසැම එකක්ම පුද්ගලික ජීවිතයේ කාරණා. බ්ලොග්වලට සම්බන්ධ ඒවා නොවෙයි. හැබැයි මං ඒ සමහර දින පිළිබඳව රසිකොලොජි බ්ලොගයේ ලියා තියෙනවා.

      මෙන්න ඒ අවස්ථා දෙකක්. දෙකම හිතවතුන් දෙදෙනෙකුගේ වියෝව නිසා සිතට දුක දැනුණු අවස්ථා.

      1. http://rasikalogy.blogspot.com/2016/01/adios-ananda-liyanage.html

      2. http://rasikalogy.blogspot.com/2016/01/when-are-you-leaving.html

      වෙලාව තිබේ නම් මෙයත් කියවන්න ☺

      http://rasikalogy.blogspot.com/2014/11/death-did-us-apart.html

      Delete
    4. "අඬනවා" කියන එකින් මම අදහස් කලේ රසික.. මේ අනිත් අය කලාය කියන දේවල් ගැන දුක් වෙන බව ලිවීම..:)

      Delete
  33. Congratulations Kathandara for notifying this and let it inform us first

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.