Saturday 30 July 2016

මොන්ටිසෝරි කතාවක් - Once upon a time


මා කුඩා කාලයේ එක් දිනක උදෑසන ම, අපේ අම්මා මා හොඳින් ඇඳ පළදවාගෙන, අපේ නිවස අසල බස් යන පාර අයිනේ තිබුණු එක්තරා නිවසක් වෙත රැගෙන ගිය අයුරු මගේ මතකයේ තරමක් අපැහැදිලිව රැඳී ඇත.

ඒ මොන්ටිසෝරියක් හෙවත් පෙර පාසලක් බව මම පසුව දැන ගතිමි.

එහිදී මට අකුරක් දෙකක් ලියන්නට කී ආකාරය ද, ඒ වැඩ පිළිවෙළ මට කිසිසේත් ම දිරවූ නැති හෙයින් මා නැවත එහි යාමට නොහැකිය කියා කියූ ආකාරය ද මට මතකය.

මගේ කතාව තාත්තා ද, අම්මා ද පිළිගන්නට ඇත. ඔවුන ද ජීවිතයේ කිසි දිනක මොන්ටිසෝරි ගිය අය නොවේ.

එනිසා, ඒ මුල් දිනයේ හැර මා කිසි ම දිනක මොන්ටිසෝරියකට හෝ පෙර පාසලකට හෝ ගොස් නැත.

මගේ බාල සොහොයුරාව නම්, ඔහු පාසලට යාමට පෙර වසරේ දී, අප තිදෙනා ම ප්‍රාථමික අධ්‍යාපනය ලද කොස්සින්න කණිෂ්ඨ විද්‍යාලය අසල ම වාගේ පිහිටා තිබුණු, ඩෝරා ගේ මොන්ටිසෝරියට සහභාගී කරවන ලදී.

මාරි මොන්ටිසෝරි නමැත්තියක විසින් අරඹන ලදැයි පැවසෙන මොන්ටිසෝරි පෙර පාසල් ක්‍රමය දැන් නම්, ලංකාවේ මුල් බැස ගත්තකි. වසර දෙකේ දී පමණ නිවසේ දී නැකතට අකුරු කියවන නගරබද ළමෝ බොහෝ දෙනෙකු ඊළඟට යොමුවෙන්නේ නිවෙස් අසල බොහෝ විට පයින් ම යා හැකි දුරකින් පිහිටා ඇති මොන්ටිසෝරියක් හෙවත් පෙර පාසලක් වෙතට ය.

මේ මොන්ටිසෝරිවල දී දරුවන්ට අකුරු ලිවීම, කියවීම, චිත්‍ර ඇඳීම, ගායනය වැනි දේ පුරුදු කරනවා ඇතැයි සිතමි.

මගේ දියණියට ඇගේ වයස අවුරුදු දෙක හමාරේ පමණ සිට, එවකට අප පදිංචිව සිටි මෙල්බර්න් නුවර තදාසන්නයේ පිහිටි දිවා සුරැකුම් (ඩේ කෙයා) මධ්‍යස්ථානයකට යන්නට සිදුවුණු අතර එහිදී ඇයට අකුරු උගන්වනු ඇතැයි යැයි අපට සිතූ නිසා, ඊට දිනකට දෙකකට පෙර, ලංකාවේ සිරිතට, මම ඇයට සිංහල අකුරු හඳන්වා දුනිමි.

නමුත් ඕස්ටේ‍ර්ලියාවේ ඇති දිවා සුරැකුම් මධ්‍යස්ථාන යනු ළදරුවන් ට අකුරු උගන්වන ස්ථාන නොවන බව අපට ටික දිනකින් ම වැටහිණි.

කොටින් ම, පාසල් යාමට පෙර වසරේ ඇය එවකට සහභාගී වූ දිවා සුරකුම් මධ්‍යස්ථානයේ විශේෂ පෙර පාසල් වසරේ වැඩ සටහන්වලට ද සහභාගී වුණු නමුත්, එහි දී ද, එක්තරා පිළිවෙළකට සිදු කෙරුණු නමුත් ඒ සමගම අවිධිමත් යැයි ද හැඳින්විය හැකි අධ්‍යාපනය හැරුණු විට කිසිදු විධිමත්, එනම් පොතේ පතේ ඉගෙනීමක් හෝ අකුරු ඉගැනීමක්, සිදු නොවුණි.

නමුත්, ඇය පෙර පාසල් වසර අවසානයේ, පාසල් යන දිනය වෙන විට ලෝකයේ විවිධ දේ ගැන, මා ඒ සමාන වයසේ දී ලබා නොතිබුණු ආකාරයේ, පුදුමාකාර දැනුමක් ලබා සිටියා ය.

-රසිකොලොජිස්ට්

20 comments:

  1. අපේ සිරිලිය අම්මා කාල්ටන් පෙර පාසල ඇති කළේ පෙර පාසල් අධ්‍යාපනයේ ඇති අගය මනාව දැන ගෙනයි. ඒත් තවමත් අපේ රටේ පෙර පාසල් හැඳින්වෙන්නේ අවජාතක විජාතික කාන්තාවක් වන මොන්ටිසෝරි නමැත්තියගේ නමින් මිස අපේ අම්මාගේ නමින් නෙවෙයි. අපේ සිරිලිය අම්මාගේ පෙර පාසලට කරන ගෞරවයක් ලෙස අපේ අම්මාගේ නමින් ලංකාවේ සියළු පෙර පාසල් නම් කළ යුතු යයි වලිකඩ (දැන් මහ රොහලේ) ඉන්න චූටි මාමා (අප්පච්චිගෙ බාලම මල්ලි) කියනවා.

    A.C.D.C. රොකට් උක්කුන්

    ReplyDelete
  2. අරෙහෙ විපක්ෂේ උන්දැල පාදයාත්‍රා ආතල් ගන්නව මෙහෙ ආණ්ඩුව හිටු කියල බදු ගහනව.අපිට දැන් ඉතිං රසිකයියගේ පිහිට තමයි.මේ රටේ නම් තව ඉන්ට බෑ .මොන්ටිසොරියකට හරි කමක් නෑ ඔහෙට එන විදිහක් ලියන්ටකො මයෙ දෙයිය.(බෝට්ටුවෙන් එන්ට කියනව නෙමෙයි හොර ගෙඩිය)

    ReplyDelete
  3. අපි පොඩිකාලේ මොන්ටිසෝරි හෙවත් පෙර පාසල් තිබුනාද දන්නෑ. කෙලින්ම ගියේ ඉස්කෝලෙට හැබැයි වයඩ අව්රුදු පහෙන්. දැන් අව්රුද්දක් පරක්කු කරලා ගන්නේ හයෙන් ඊට පස්සේ O/L කරන කොට වයස 16-17 A/L කටන කොට වයස 19-20 අව්රුද්දක් ගෙදර ඉඳලා කැම්පස් යනකොට 20-21 . International School එකකට යවනවා න් අව්රුදු 14 O/L දී 16දී A/L එම අව්රුද්දෙම ෆොරින් කැම්පස් යනවා. ලංකාවේ එකා අව්රුදු 3ක් 4ක් නිකන්ම පස්සට ගිහිං !

    ReplyDelete
  4. අක්කාගේ සෙල්ලම්ගෙදරදී අකුරු කියවා ඇති ගස්ලබ්බා අවුරුදු 3කට අධික කාලයක් 'පල්ලියේ' මොන්ටිසෝරියට ගිය බවත් වසර විස්සකට පමණ පසු අහම්බෙන් බසයකදී හමුවූ සිස්ටර් ට මේ අහවලා යයි හඳුනා ගැනීමට හැකිවන ආකාරයේ මතක සටහන් ඔවුනට ඉතිරිකර දීමට (අකුරු ලිවීමෙන් නොවේ.) සමතෙකු වූ බවත් මෙසේ සටහන් කොරමි.
    ජයවේවා..!!

    ReplyDelete
  5. මාත් ඉස්සෙල්ලම ගියේ පල්ලියෙ තිබ්බ මොන්ටිසෝරියට තමයි.
    දැන්නං කීපයක්ම තැන් තැන් වල තියෙනව.

    මොන්ටිසෝරි වල අකුරු උගන්නන්න එපාය කියල මෑතකදි මොකක් හරි එකක් තිබුණ කියල මතකයි

    ReplyDelete
    Replies
    1. මා හෝ මගේ සහෝදරයන් මොන්ටිසෝරි ගියේ නැති නමුත් මගේ දරුවන් දෙදෙනාම මොන්ටිසෝරි යැවුවෙමි. ඒ මොන්ටිසෝරිය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ එකක් වූ නිසා අකුරු ඉගැන්වීම නොකරන ලදී.

      Delete
    2. ප්‍රසන්න කියන්නෙ අහරස්පාරේ සිස්ටර්ස්ලාගේ මොන්ටිසෝරියද? තාමත් එක තියෙනවද? මම අවුරුදු විස්සකට විතර කලින් සිස්ටස්ලව බලන්න ගියා. හොඳට කේඩෑරි වෙලා හිටියේ කියලා මතකයි.

      Delete
    3. හරස් පාරෙ නෙමෙයි. පොළත් එක්කම තියෙන පල්ලියෙ.

      Delete
  6. මාත් ගියෙ ඉස්කෝලෙට අල්ලලා තිබ්බ පල්ලියෙ මොන්ටිසෝරියට..රෙක්සි ආන්ටි කියලා හැමෝම කියපු හරිම කරුනාවන්ත ටීච කෙනෙක් තමා හිටියෙ..

    ReplyDelete
    Replies
    1. මගේ යාලුවෙක් මොන්ටිසෝරි ගිහිං මලා

      Delete
    2. මගේ යාලුවෙක් මොන්ටිසෝරි ගිහිං මලා

      Delete
    3. හුටා

      දෙන්නෙක් මැරුනෙ නෑ එකයි මැරුනෙ

      සොරි හොඳේ

      Delete
  7. මමත් ජීවිතේට මොන්ටිසෝරි හෝ දහම් පාසැල් ගිහිල්ලා නැහැ..

    ReplyDelete
  8. Very tasty expiriyance. Thank lots to you tell your valive expiriyance with we.

    ReplyDelete
  9. අකුරු උගන්නන ඒවාට කියන්නේ මොට්ටසෝරි

    ReplyDelete
  10. https://g.co/kgs/IfJbWY

    මරියා මොන්ටිසෝරි ගේ කතාව මම තදින් අදහන කතාවක්. ඒ කාලේ කොටින්ම ඉතාලියේ රදල පැලැන්තියෙන් අත හැරුන ළමයින්ව පෙර පාසල් ක්‍රමයටත් වඩා මුලින්ම පටන් ගත්තේ ඔවුන් යම් අධ්‍යාපන දෙයකට හුරු කරන්නයි. මේ ෆිල්ම් එකේ එයාගේ කතාව තියෙනවා.

    ReplyDelete
  11. රසික.. ඔස්ට්‍රේලියාවෙ කිසිඳු දිවා සුරැකුම් මධ්‍යස්ථානයක හෝ පෙර පාසලක අකුරු කියාදීමක් හෝ විධිමත් අධ්‍යාපනයක් වෙන්නෙ නැ. ලංකාවෙ නම් පෙර පාසල් වල සිටම ලමයින්ව අධ්‍යාපන තරඟෙට හුරු කලාට.

    ඔස්ට්‍රේලියාවේදි වෙන්නෙ ඒ ඒ දරුවට ආවේනිකව අවිධිමත් ලෙස ඒ ඒ දරුවගෙ සෙන්සෙ පද්ධතිය උත්තේජනය කරමින් ඉගෙන ගැනීම සඳහා අවශ‍ය කරන අඩිතාලමක් මොළයෙ සකස් කිරීමට අවශ‍ය කරන පරිසරයක් සකසා දීම පමනයි.  එතනදි දරුවගේ හැකියාවන් නොහැකියාවන් දෙමාපියන් සහ දිවා සුරැකුම් (පෙර පාසල් ) පාලයකන් අතර විවෘතව කතා බහක යෙදිම කියන කාරනය මේ පද්ධතියෙ විශේෂ ලක්ශනයක්. හැබැයි ලංකාවෙන් එන අයගෙන් මේ දේ නම්  වෙන්නේ හරි අඩුවෙන්.

    මම අන්තිමට ලියු ලිපියෙ තියන ඉගැන්නුම් පිරමීඩයෙ 1-14 දක්වා කරුනු එක එක දරුවගේ සෙන්සෙ පද්ධතිය හරහා වැඩි දියුණු කිරීමක් තමයි මුලීකව මේ ක්‍රමයේ වෙන්නේ.  දෙමාපියන් මේ පදනම ගැන දැනුවත් වෙලා දරුවන් මේ ආයතන වලට යොමු කරනවා නම් පුදුම වෙන්න වත් ගැටලු ඇති කර ගන්නවත් ඔන නැ දරුවත් දෙමාපියනුත්.

    ReplyDelete
    Replies


    1. ඒ වගේම ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට 1 වසරට යනකොට ලමයෙක් අකුරු ලියන්න දැනගෙන ඉන්න ඕන මම හිතන්නේ. ඒ ඒ රටේ අධ්‍යාපන ක්‍රමය එක්ක තමයි මේ මුල් ලමා විය ( පෙර පාසල් ) ආයතන හැඩ ගැහිලා තියෙන්නේ.  දැනුවත්වීම පමනයි ඕන කරන්නේ. ලමයා එක්ක මේ ලොකේ කොහේ ගියත්.

      Delete
  12. මොන්ටිසෝරි විතරක් නෙවෙයි, මටනම් ලංකාවේ ගොඩක් ඉස්කෝල වල එකේ දෙකේ පන්ති වල වුනත් ප්‍රශ්ණ තියෙනවා. මගේ කෙල්ල PRE SCHOOL, LKG, UKG, Grade 1 පලවෙනි වාරේ සම්පුර්ණයෙන්ම ගියේ කේම්බ්‍රිජ් සිලබස් එක කරන පාසලකට. එතනදි විශේෂයෙන් ඉංග්‍රීසි සහ සිංහලට හොඳ අඩිතාලමක් දැම්මා.

    කෙල්ල දැන් ග්‍රේඩ් වන් (එකේ පන්තියේ), පොඩි අකුරු තියෙන පොත් වුනත් හොඳට කියවලා තේරුම් ගන්නවා. පිටු 50-60 හෝ 100 වගේ පොත් වුනත් අකමැත්තකින් තොරව ආසාවෙන් කියවනවා. අපි කියවන එක ටිකක් නවත්තලා වෙන දෙයක් කරන්න කිව්වත් නවත්තන්නේ නෑ. ගණිතය එකතුව, අඩුකිරීම, වැඩි කිරීම හොඳට පුළුවන්. සීයට අඩු ගණන් වලින්.

    ඒත් දැන් යන ඉස්කෝලේ, එකේ පන්තියේ කරන දේවල් මෙයාට ඉක්මනට අල්ල ගන්න පුළුවන්. අනිත් ළමයින් පිටුවක් කියවන්න පීරියඩ් එකක් ගද්දි මෙයා විනාඩි පහෙන් ඉවර කරනවා. ඊට පස්සේ ටිකක් නටනවා. ටීචර් ගෙන් පැමිණිලි මෙයා දඟයි කියලා. එයාගෙන් ඇහුවම කියනවා, ඒ දේවල් හරිම ලේසියි කියලා. මට මේක වෙලාවකට ප්‍රශ්ණයක්.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.