Saturday 16 July 2016

ඔසී රටේ සිංහල දෙමව්පියන් මා දකින අයුරු - Becasue I can


ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හෙවත් "මෙපුර" දී සහ සිඩ්නි හෙවත් "සිනුවර" දී මා ලබා ඇති අත්දැකීම් මත පදනම්ව, මෙරට වසන සංක්‍රමණික සිංහල දෙමව්පියන් පිරිස ඔවුන් තම දරුවන් සමග සිංහල භාෂාව භාවිතා කරන ආකාරය අනුව කොටස් කිහිපයකට බෙදා විශ්ලේෂණය කිරීමට මට හැක.

1. ලංකාවේ දී කුඩා කල සිටම දෙමව්පියන්, ඥාතීන් සහ මිතුරන් සමග ඉංග්ලිෂ් භාෂාවෙන් කතා කර ඇති අය.

මේ පිරිස දැන් දෙමව්පියන් ලෙස ඕස්ට්‍රේලියාවේ දී තම දරුවන් සමග ඉංග්ලිෂ් භාෂාවෙන් පමණක් කතා කරති. බොහෝ මිතුරන් සමග ද ආශ්‍රය කරන්නේ ඉංග්ලිෂ් භාෂාවෙනි. ඕස්ට්‍රේලියාවේ වසන තම දරුවන්ට සිංහල ඉගැන්වීම හෝ සිංහලෙන් කතා කිරීම අවශ්‍ය යැයි ඔවුන්ට කිසිසේත් ම නොසිතේ.

2. තමන් ලංකාවේ දී කුඩා කල ඉංග්ලිෂ් භාෂාව එතරම් දැන නොසිටි සහ භාවිතා නොකළ නමුත් තම දරුවන් සමග ඕස්ට්‍රේලියාවේ දී ඉංග්ලිෂ් භාෂාවෙන් පමණක් කතා කරන අය.

මේ අයගෙන් බහුතරයක් දෙනා සිතන්නේ තමන් ගේ වෘත්තීය දියුණුව ඉංග්ලිෂ් භාෂා දැනුමේ අඩුපාඩු නිසා තරමක් අඩාල වූ බවත් එනිසා තම දරුවන්ට ඉංග්ලිෂ් පමණක් ඉගැන්විය යුතු බවත් ය. එනිසා ඔව්හු තම දරුවන් සමග සිංහල භාෂාවෙන් කතා නොකරති. කාලය දීපය දේශය වෙනස් බව ඔවුන්ට නොතේරෙන සේ ය.

3. ලංකාවේ දී ඉංග්ලිෂ් භාෂාව වැඩි දැනුමක් නොතිබුණු හෝ කිසිදු භාවිතයක් හෝ නොතිබුණු සහ ඕස්ට්‍රේලියාවේ දී තම දරුවන්ගෙන් තමන් ඉංග්ලිෂ් භාෂාව ඉගෙනුම පිණිස බොහෝ විට ඔවුන් සමග ඉංග්ලිෂ් භාෂාවෙන් කතා කරන අය.

මගේ මුල් ලිපිය කියවා, තමන් ගේ අත්දැකීම් සහ අදහස් ලියා පළ කළ මානව බ්ලොගයේ ජගත් එදිරිසිංහ කියා තිබුණේ මේ ආකාරයේ පියෙකු ගැනයි. එය අතිශය දුක්බර තත්වයකැයි මම සිතමි.

ඇත්තටම මෙහේ ජීවත් වෙන අපේ ළමයින්ට සිංහල ඉගෙන ගෙන මොන ප්‍රයෝජනයක් දැයි සිතන දෙමව්පියන් ඉහත තෙවර්ගයේ ම සිටිති. ඒ සමහරු ලිං මැඩියයන් ය. ඕස්ට්‍රේලියාවේ රජයේ පාසල් හි පවා ඉතාලි, ප්‍රංශ, ස්පාඤ්ඤ, ඉන්දුනීසියානු, ජපන්, චීන යනාදී භාෂාවක් හෝ උගන්වන්නේ ඇයි දැයි ඔවුන්ට නොතේරේ.

මේ බොහෝ භාෂා උසස් පෙළ විභාගය සඳහා ද හැදෑරිය හැක. සිංහල භාෂාව ද මෙල්බර්න් නුවර පිහිටි වික්ටෝරියා ප්‍රාන්තයේ උසස් පෙළ විෂයකි.

සංක්‍රමණික සිංහල දෙමව්පිය සර්වත්‍ර. කුලකය සම්පූර්ණ කිරීමට සිව්වෙනි කොටසක් ද එකතු කළ යුතුය.

ඒ මගේ බිරිඳ සහ මා මෙන් ම, මගේ මිතුරන් රාශියක් ද අයිති, තම දරුවන් සමග සිංහල භාෂාවෙන් කතා කරන, ඔවුන්ව මෙරට පවත්වාගෙන යන සිංහල භාෂා පාසල් කරා සතිපතා රැගෙන යන පිරිස ය.

දෙමව්පියන් ගේ උනන්දුව මත පිහිටුවා පවත්වාගෙන යන මේ සිංහල භාෂා පාසල් සදහා රජයෙන් මූල්යාංධාර, ගොඩනැගිලි පහසුකම්, ගුරු පුහුණුව සහ වෙනත් ආධාර ද ලැබේ.

සිනුවර තුළ මේ සිංහල භාෂා පාසල් අරඹා දැන් වසර විසි හයක් ගත වී ඇත. ඒ පාසල් ක්‍රියාත්මක වෙන්නේ නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත ආයතනයක් වන සිංහල සංස්කෘතික හමුවේ අනුග්‍රහයෙනි.

සිනුවර තදාසන්නයේ පැරමටා (Parramatta), බ්ලැක්ටවුන් (Blacktown), මින්ටෝ (Minto) නගරවල පමණක් නොව දුර බැහැර නිව්කාසල් (Newcastle), ඩබෝ (Dubbo) සහ වගවගා (Wagga Wagga) යන නගරවල ද දැන් සිංහල භාෂා පන්ති පැවැත්වේ.

-රසිකොලොජිස්ට්

74 comments:

  1. අපි ඔය සිවවන කුලකයේ.. භාෂා දෙකක් නොව හැකිතරම් භාෂා ඉගෙන ගත්යුතු බවයි අපි විස්වාස කරන්නේ..

    ReplyDelete
    Replies
    1. මාත් එහෙමයි. මගේ පුතා කලින් ඉතාලි භාෂාව ඉගෙන ගත්තා පාසලේ දී. මේ දිනවල ස්පාඤ්ඤ.

      Delete
  2. එතකොට කකා ලංකාවේ ඉන්න මිනිස්සු තමුන්ගේ ළමයි එක්ක ගෙදරදී ඉංග්‍රීසියෙන් කතා කරන එක හරි නේද? මොකද ළමයි පාසලේදී සිංහල ඉගෙන ගන්නවානේ.

    ReplyDelete
    Replies
    1. English should be the official language in Sri Lanka, unless there will be two parties in the country. One is the Ruling Party and the other one is the working Party. Why
      all the politicians send their children to study in foreign countries specially in England? Because they want to put their children in ruling party. S.W.R.D. Bandaranayaka started this and until today they are continuing this method successfully. Why Tamil people caught all foreign countries? Because they studied in English..

      Delete
    2. @ Anonymous 16 July 2016 at 11:04

      වරක් ලංකාවේ අධ්‍යාපන ඇමතිව සිටි ලලිත් අතුලත්මුදලි කීවා ඔහු පථාඨමිකයේ සිංහලෙන් ඉඝෙන ගන්නනා කාලේ දෙමව්පියන් ඔහු සමග ඉංග්ලිෂ් භාෂාවෙන් කතා කළ බවත්, ඉන් පසු පාසලේ ඉංග්ලිෂ් භාෂාවෙන් ඉගෙන ගන්නා කාලේ කතාකළේ සිංහලෙන් බවත්.

      අතුලත්මුදලි භාෂා දෙකෙන් ම ප්‍රවීන කථිකයෙකු වුනේ එහෙමයි!

      Delete
  3. ඕස්ට්‍රේලියාවෙ ඉන්නා ජාති ද්‍රෝහී කළු සුද්දෝ
    තමන්ගෙ දරුවන්ට ඉංග්ලිෂ් භාශාවෙන් කතා කළෝ
    එහෙම කරලා සිංහල කාණු පල්ලට දැම්මෝ
    මෙහෙම කළේ ඉංග්ලිෂ් බැරි ළිං මැඬියෝ

    නොරටක වෙසෙතත් සිංහල ජාතියට ආදර රසික පුතා
    තමන්ගෙ දරුවන්ට හැමවිට දුන්නේ සිංහලයි ඉතා
    එහෙම කරලා ඔවුන් ලොව ජය ගත්තා කියන කතා
    ජගත් එදිරිසිංහ පුතත් සිංහල භාෂාවට ආදරෙයි ඉතා

    ඕස්ට්‍රේලියා දරුවෝ සිංහල ඉගෙනීම ගැන මට හරි සතුටුයි
    එහෙම ඉගෙන ගෙන ඔවුනුත් මං වගේ රස කවි ලියයි
    එතකොට ඕස්ට්‍රේලියාව තව සිංහල රටක් වෙනවයි
    ගෝඨාභය මැතිඳු දිනු දා අපි එකට කිරිබත් කනවයි

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
    Replies
    1. කුමාර දිප්පිටිය මයා
      ගරු ලේකම්,
      තරුණ බෞද්ධ සංගමය,
      කොතලාවලපුර
      රත්මලාන.

      ගරු මහත්මයණෙනි,

      මම ඔබේ අදහස් ඉතා ගරු කොට සලකමි.
      හැකි ඉක්මණින් ඔබේ සංගමයේ සාමාජිකත්වය ලබාගන්නේ කෙසේදැයි දන්වන්නේ නම් කෘතක්න්ය වෙමි.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මේ පොස්ටුවේ ඇති ජයාරූපයේ පෙනී සිටිනා කාන්තාව දැක හුරු පුරුදුයි. ලංකාවේ කෙනෙක්ද රසික? එහි ඇති බඩගිනියි නම් නගරය ඔස්ට්‍රේලියාවේ ඇති එකක් බව අසා තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ කාන්තාවගෙ ඇක්ෂන් එකෙන් පේනවනෙ බෝඩ් එකේ තියන දේ තේරුම් අරන් බව. ඉතින් එයා ලංකාවෙ කෙනෙක් කියල හිතන්න පුළුවන් පහසුවෙන්ම.

      Delete
    2. සිංහල බෞද්ධ ඌරුවට හැදුණු සිංහල කුල කාන්තාව ඕස්ට්‍රේලියාවට නොව අඟහරු ලෝකයට ගියත් සිංහල බෞද්ධ ජාතිකත්වයම පෙන්වයි.

      මීට, කුමාර දිප්පිටිය මයා
      ගරු ලේකම්,
      තරුණ බෞද්ධ සංගමය,
      කොතලාවලපුර
      රත්මලාන.

      Delete
    3. ඒ කාන්තාවක නොවෙ දාහත් වියැති දැරියකි. ඔය ඡායාරූපය ඉරිදා ලක්බීම පුවත් පතේ පළ වූ එකකි.

      Delete
  6. මගේ නෝනාගේ තාත්තා ගැමිපව්ලක අයෙක් නමුත් ඒකාලේ ඉංග්‍රීසියෙන් ඉගෙන ගත් නිසා " රුජිනගේ ඉංගිරිසිය" හොඳටම දන්නවා විතරක් නෙව් කතාකරන්නත් පුළුවන් නමුත් ඔහුගේ දරුවන් අපිවගේම 56 න් පස්සේ සිංහලෙන් ඉස්කෝලේ ඉගෙන ගත්ත අය. ඒක නිසා කඩ්ඩ අප්සැට්. එයා තාත්තාට දැන් බනිනවා අපිට ගෙදරදී ඉංගිරිසියෙන් තකාකොරා නම් මෙහෙම වෙන්නේ නෑ කියල, එත් එයා කියන්නේ අපේ දෙමව්පියෙ දන්න ඉංගිරිසියක් නෑ. අපි ඉංගිරිසි ඉගෙන ගත්තේ ඉස්කෝලෙන් කියල.

    ReplyDelete
    Replies
    1. තමන් ගේ වැරදි අනුන්ගේ පිටින් යැවීමට අප හරි කැමතියි, දක්‍ෂයි!

      Delete
  7. ඔබ දන්නවාද...
    මහින්ද...
    රුපියල් 85 ට දුන් ලංකා අල කිලෝව අද රුපියල් 200ක් බව...
    රුපියල් 155 ට දුන් පරිප්පු කිලෝවක අද පාලන මිලත් රුපියල් 169ක් බව... හැබැයි කඩේ 220යි
    රුපියල් 70 ට දුන් ලංකා බී ලූණු කිලෝව අද රුපියල් 90ක් බව...
    රුපියල් 140 ට දුන් ලංකා කඩල කිලෝව අද රුපියල් 290ක් බව...(පාලන)
    රුපියල් 380 ට දුන් සම සහිත කුකුල් මස් කිලෝව අද රුපියල් 410 ක් බව...
    වැඩිය ඕන නැහැ...
    මහින්දගේ කාලේ කිලෝවම 40හට 60ට ගෙනත් කාපු වට්ටක්කා කිලෝව අද රුපියල් 200ක් බව...

    ඉතිං... යහපාලනේට දුන්න ඔබට සතුටුද..?

    නොදුන්න අපිනං සතුටින්... මොකද උඹලා පට්ට මී හරක් ටිකක් බව අවසානයට අර නළුවෙක් නෙවෙයි මොළයක් කිව්ව මී හරකා විසින් ඔප්පු කරලම පෙන්නීම ගැන..

    ReplyDelete
    Replies
    1. සතුටුයි. අපේ පඩිය වැඩිවුනා !

      Delete
    2. කව්දමේ හාල්පාරු බත්ගොට්ටා !. ජේ. ආර් . සත 60 දුන්න , චන්ද්‍රකා 3,50ය දුන්න පාන්ගෙඩිය මහින්ද දුන්නේ කීයටද ?

      Delete
  8. රසික
    වික්ටෝරියා ප්‍රාන්තයේ භාෂා පාසැල් පවත්වන්නේ Victorian School Of Languages කියන රජයේ ආයතනයයි.හැබැයි සමහර පංසල් වල දහම් පාසැලට පස්සේ සිංහලත් උගන්වනවා නමුත් කිසිම සිලබස් එකකට නෙමෙයි.VSL එකේ ගොඩක් භාෂා උගන්වනවා.

    ReplyDelete
    Replies
    1. විස්තරයට ස්තුතියි.

      මගේ දියණියත් මාස කිහිපයක් එවකට ඩැංඩිනොංග් පන්සලේ සිංහල පාසලට ගියා.

      ප්‍රාන්ත රජයේ ක්‍රමවේදයට අනුවයි වැඩ වෙන්නේ. නිව් සවුත් වේල්සයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වෙනම ප්‍රජා භාෂා අංශයක් තියෙනවා.

      Delete
  9. ලංකාවේ ඉන්න අපේ උන් දෙන්නට වැරදිලා හරි ඉංග්‍රීසියෙන් මොනවා හරි කියුවත් උන් උත්තර දෙන්නේ සිංහලෙන්..දන්නා එකක්වත් කතා කරන්න උනන්දුවක් නෑ.. මටත් ගෙදරදී උන්ට ඉංග්‍රීසියෙන් කතා කරන්න හිතෙන්නෙත් නෑ.. ඔන්නොහෙ කවද හරි ඉගෙන ගන්නේ නැතා..

    ReplyDelete
    Replies
    1. මගේ පියාත් කිසි දිනක අප සමග සිංහලෙන් මිස කතා කර නෑ. මා කතා කිරීම හුරු වුනේ පේරාදෙණියේ ඉගෙන ගන්ණ ගිහින් නොකරම බැරි වුණාමයි.

      Delete
  10. තමන්ගේ දරුවෝ ගෙදරදී කතා කරන භාෂාව පිලිබඳ තීරණය දෙමව්පියන්ගේ හා දරුවන්ගේ personal decision එකක් නේද. මෙහෙ ඉන්න සංක්‍රමණිකයන්ගේ දරුවන් ලංකාවේ පදිංචි වෙයි කියා හෝ, ලංකාවේ අය සමඟම විවාහ වෙයි කියා possiblity එකක් තියෙනවද. තිබෙනවානම් ඉතාම අඩුයි. සිංහල ඉගෙන ගැනීම වරදක් කියා මම කියන්නේ නැහැ නමුත් භාෂා කීපයක් ඉගෙන ගන්න අවස්ථාව තියන ළමයින් සිංහලම ඉගෙන ගන්න ඕනෙද. what's the big deal here. මේකත් නිකන් අර තමන් vegetarian වෙලා ඉන්න සමහර අය අනිත් අය මස් කනවා කියල ගරහන එකට සමාන දෙයක්.

    ReplyDelete
    Replies
    1. /තමන්ගේ දරුවෝ ගෙදරදී කතා කරන භාෂාව පිලිබඳ තීරණය දෙමව්පියන්ගේ හා දරුවන්ගේ personal decision එකක් නේද?/

      රසික සූරිය ආරච්චි හා ජගත් එදිරිසිංහ වැනි උගත් මහත්වරුන් අප ඕස්ට්‍රේලියාවට එවා ඇත්තේ මෙවන් personal decisions ඔබ වෙනුවෙන් ගැනීම පිණිස බව කරුණාවෙන් සලකන්න. ඒ සඳහා ඔවුන් මුදලක් අය නොකිරීම ගැන සතුටු වන්න.

      Delete
    2. @ Anonymous 16 July 2016 at 21:33

      ඔව්.

      ඒ සමගම ළමයාට තමන් ගේ උරුමය සහිත භාෂාව ඉගෙන ගැනීමට සාධාරණ අවස්ථාවක් දීම දෙමව්පියන් ගේ යුතුකම නේද?

      ඊට වඩා සරල උදාහරණයක් දෙනවා නම්, මගේ පියාගේ නීති නිසා මට කුඩා කාලේ බයිසිකල් පැදීම ඉගෙන ගැනීමට අවස්ථාවක් ලැබුණේ නෑ. පසුව අවුරූදු පහළොවේ දී පමණකයි ඉගෙන ගත්තේ.

      මම කුඩා කාලයේම මගේදරුවන්ට බයිසිකල් රැගෙන දුන්නා. ඔවුන් ඒ සඳහා උනන්දුවක් ගත්තත් නොගත්තත්, මම ඔවුණ්ට ඒ අවස්ථාව අහිමි කළේ නෑ.

      Delete
    3. I feel really sad about this one Rasika.. I always think parents do what they believe which is right for kids. Belives created in thire mind by society they lived , parents they rasied , how they see the life.. ( history ).. life is a always struggle for anybody while satisfying others needs as well as own needs. Always be blessed with what you have...

      Delete
  11. රසිකයියේ ඔයා ඔට්ටේලියාවට ගිහින් ළමයි හදන හැටි නෙමේ ඉස්සෙලම ඔට්ටේලියාවට යන්නෙ කෝමද කියල ලිපි පෙළක් ලියන්ඩකෝ .ඔන්න ඉතිං බෝට්ටුවක් හදාගෙන ඒකෙ නැගිලා නත්තල් දුපතට එන්න කියල ලණු දෙනව නොමෙයි නෝටිය!

    ReplyDelete
    Replies
    1. බලපල්ල එහෙ ගිහින් තියන ප්‍රශ්ණ, බෝට්ටුවක් හදාගන්න පුළුවන්නම් එහෙට වඩා සැපට මෙහෙ ඉන්න පුළුවන් වැඩි දුර යන්න ඕනෙ නෑ 25 km යන්න පුළුවන් විදිහට හදාගනිං,

      Delete
    2. ගාණක් හොයාගන්න කල්පනා කරකර කම්බි කෑල්ලක් නවපු එකෙක් පේපර් ක්ලිප් එක හොයාගෙන පෝසත් වුණා වගේ බෝට්ටු හදල විකුණල සල්ලි හොයාගත්තොත් ප්ලේන් එකේ ෆස්ට් ක්ලාස්ම ඔස්ට්‍රේලියාවට ගිහින් එන්නත් පුළුවන් වෙයි.

      Delete
    3. ඕස්ට්‍රේලියාවට ඒමට පහසුම ක්‍රමය විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලබා සහ/හෝ වෘත්තීය සුදුසුකමක් සහිතව ඒ සඳහා අයැදුම් කිරීමයි.

      Delete
    4. ඉයන්,
      ලංකාවේ බෝට්ටු සාදා ඉන්දියාවචට විකුණන බව දන්නවාද?

      Delete
  12. තම දරුවන් ගැන සිතා බලන්නට ලියැවුන තවත් පොස්ටුවක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.

      දරුවන්ට හැකි සෑම පහසුකමක්ම දිය යුතු බව පිළිගන්නා අපේ සමහරු, සිංහල ඉගෙනීමට අවස්ථාවක් දීම ගැන වපර ඇසින් බලන්නේ ඇයි?

      Delete
  13. සභාවෙන් අවසරයි,

    1. මේ විසිඑක්වන සියවසේ, අන්තර්ජාල යුගයේ, තම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සැමට ඇති බැවින්, රසිකට ඕනේ දෙයක් ලිවීමේ අයිතිය අපි පිළිගන්න අවශ්‍යයි.
    ඒ ආකාරයෙන්ම ඕනෑම කෙනෙකුට තමන්ගේ ළමයින්ට තමා කැමති ක්‍රමයකට ඉගැන්වීමේත් අයිතිය තිබෙන බවත් අපි පිළිගන්න ඕනේ.
    නමුත්, රසිකට ඕනෙම නම්, (පේන ආකාරයට හොඳට කාලයත් තිබෙන බව පේනවා) මේ විදියට විශ්ලේෂණය කරලා හොඳ පර්යේෂණ ලිපියක් ලියන්න. ඒක හරි වටිනවා.

    2. ලංකාවට ආපු සුද්දෝ ලංකාවේ නගරවල නම් ගම වෙනස් කරන්න හිතුවේ නෑ. මම හිතන්නේ කන්ද උඩරට ලියන්න ගිහිල්ල එක 'Kande පස්සේ කාලෙ - Kandy ' උනා. ගාල්ල ඉංග්‍රීසියෙන් ලියල 'ගෝල් ' කියල කියෙව්වා. උඩ තියෙන පින්තුරේ නම 'Hungry' කියල වෙනස් කලේ නැහැනේ. අනික රසිකට ඔය රටේ සුද්දෝ 'fan' කියල කියන්නේ නැනේ.
    ඔය අමාරුව තිබුණා 'හෙළ හවුලේ ටීම් එකට'. ඒගොල්ල සැමදේම හෙළුවෙන් වනන්න ගියානේ. ඉස්සර අපි දැනගන හිටියේ බුදු පසේබුදු පමණයි. පස්සේ කාලෙ 'අහුබුදු' ලත් හිටිය. එයාට අනුව 'William Shakespeare' මේ දෙවුන්දර හාදයෙක් 'සීක්කුපියර' කියල. වැඩිය joke නොදා Sydney වලට හැමෝම දන්නා විදියට සිඩ්නි කියලම කියන්න. ඕනෙනම් ලංකාවට ඇවිල්ල ටෙනිසන් කුරේට ෆයිට් එකක් දෙන්න.


    ගරු කුමාර දිප්පිටිය මයා, ගරු ලේකම්, තරුණ බෞද්ධ සංගමය, කොතලාවලපුර රත්මලාන. මේකට ඔබගේ අදහසත් මා ඉතා අගේ කරනවා.

    ඔබට බොහොම ඉස්තූතියි.

    ReplyDelete
    Replies
    1. මගේ අදහස ඇසීම ගැන බොහොම ස්තුතියි. මගේ හාමිනේ වත් ඔහොම මගේ අදහස අහන්නේ නැහැ.

      මගේ අදහස නම් ඕස්ට්‍රේලියාවේ ඉන්නා සිංහල දෙමාපියන් තමන්ගේ දරුවන් සමඟ සාකච්ඡා කළ යුත්තේ මොන භාශාවෙන්ද තීරණය කරන්න ඕනෑ රසික පුතා ජගත් එදිරිසිංහ පුතා වැනි ජාතිකවාදී සිංහල බෞද්ධයින් මිස ඒ ළිං මැඬි ජාති බ්‍රශ්ට ජාති ද්‍රෝහී දෙමව්පියන් නෙවෙයි. උන්ට එහෙම ඕනැ ඕනැ තීරණ ගන්න දුන්නොත් උන් අන්තිමට ඕස්ට්‍රේලියාවෙන් කෑල්ලකුත් ඉල්ලයි. ඒ හන්දා ඒ වගේ වැදගත් තීරණ ජාතිකවාදී රසික පුතා ජගත් එදිරිසිංහ පුතා වගේ අය ගන්න එක හොඳයි.

      ඒ වගේම ඉදිරි ලිපියකින් රසික පුතා ඕස්ට්‍රේලියාවේ ඉන්නා සිංහල දෙමව්පියන් ජාතිකවාදී ආකාරයට ලිංගික සංසර්ගයේ යෙදෙන්න ඕනෑ හිටගෙනද, නිදාගෙනද, ඉඳගෙනද, ඉස්සරහෙන්ද, පස්සෙන්ද වැනි කරුණු පැහැදිළි කරලා ලිපියකුත් ලියන්නේ නම් අගය කරමි. මේවා ගැන ඔවුන් දැනුවත් කිරීම අත්‍යාවශ්‍යයි.

      මීට, කුමාර දිප්පිටිය මයා
      ගරු ලේකම්,
      තරුණ බෞද්ධ සංගමය,
      කොතලාවලපුර
      රත්මලාන.

      Delete
    2. @ උඩ ඇනෝ

      මා කර ඇත්තේ නිරීක්‍ෂණයක් පමණි.

      දරුවන්ට හැකි සෑම පහසුකමක්ම දිය යුතු බව පිළිගන්නා අපේ සමහරු, උපතින් උරුමයක් වන සිංහල ඉගෙනීමට අවස්ථාවක් දීම ගැන වපර ඇසින් බලන්නේ ඇයි?

      මෙහි සිටිනා විවිධ ජනවර්ගවල දෙමව්පියන්ගේ ළමුන්ට ඒ ඒ භාෂා ඉගැන්වීඟ සහ ඒ හරහා ඒ ඒ සංස්කෘතියන් පිළිබඳ පරිචයක් ලබා දී රට බහු සංස්කෘතික රටක් කිරීමට ෆෙඩරල් රජයට සහ ප්‍රාන්ත රජයන්ට ඇති උවමනාව සිංහල පිරිසකට නැත්තේ ඇයිද යන්න මට නම් නොතේරේ.

      Delete
  14. /දෙමව්පියන් ගේ උනන්දුව මත පිහිටුවා පවත්වාගෙන යන මේ සිංහල භාෂා පාසල් සදහා රජයෙන් මූල්යාංධාර, ගොඩනැගිලි පහසුකම්, ගුරු පුහුණුව සහ වෙනත් ආධාර ද ලැබේ// ඔසිලා මාරයිනේ

    ReplyDelete
    Replies
    1. ඕස්ට්‍රේලියාව බහු සංස්කෘතික රටක් කිරීම රජයේ ප්‍රතිපත්තියයි. සංස්කෘතියේ මූලික පදනම භාෂාවයි. රජයේ ප්‍රතිපත්ති සෑදෙන්නේ ඒ අනුවයි.

      Delete
  15. භාෂා පුලුවන් තරම් දැන ගැනීම වාසියක්. පිටරට ඉන්න අයට සිංහල දැන ගැනීම ලංකාවට ආවහම වාසියක්. ප්‍රංශ දැනගැනීම ප්‍රංශයට ගියාම වාසියක්. කුමන භාෂාව ගෙදරදී භාවිතා කරන්නේද යන්න පුද්ගලික තීරණයක්. ලංකාවේ ඉන්න මට නම් ද්වි භාෂාවීම පහසුවක්. මම ඇත්තෙන්ම ද්වි භාෂා (no preference) නිසා දන්නවා එක් භාෂාවක් පමණක් දැනගෙන භාවිතා කලානම් මට මේතරම් කියවීම නැරඹීම කතාකිරීම රසවිඳින්න බැරිවෙනබව.

    ReplyDelete
    Replies
    1. කලින් මා ලිව්වා සේ, මට නොතේරෙන දේ නම්.

      1. දරුවන්ට හැකි සෑම පහසුකමක්ම දිය යුතු බව පිළිගන්නා අපේ සමහරු, උපතින් උරුමයක් වන සිංහල ඉගෙනීමට සිංහල උරුමයක් (heritage) ඇති ළමුන්ට අවස්ථාවක් දීම ගැන වපර ඇසින් බලන්නේ ඇයි?

      2. මේ රටේ සිටිනා විවිධ ජනවර්ගවල දෙමව්පියන්ගේ ළමුන්ට ඒ ඒ භාෂා ඉගැන්වීම සහ ඒ හරහා ඒ ඒ සංස්කෘතියන් පිළිබඳ පරිචයක් ලබා දී රට බහු සංස්කෘතික රටක් කිරීමට ෆෙඩරල් රජයට සහ ප්‍රාන්ත රජයන්ට ඇති උවමනාව සිංහල පිරිසකට නැත්තේ ඇයි?

      Delete
  16. ඕස්ට්‍රේලියාවට ගියා නම්, ආයෙ ජීවත් වෙන්න ලංකාවට එන්න අදහසක් නැත්නම්, නිකම් බොරුවට සිංහල සංස්කෘතියට යන්තම් පය නොතියා, නියම ඕස්ට්‍රේලියානුවෙක් වෙන්න තමන්ගේ දරුවන්ට අවංකව ඉඩ ලබා දෙන එක ...

    අතීතකාමය ඉස්මතුකරගෙන ව්‍යාජ විදියට සිංහල බස නමට උගන්වන එකට වඩා වටිනවා.

    ඔබේ දරුවා තවදුරටත් ලාංකිකයෙකු නොව, ඕස්ට්‍රේලියානුවෙක් බව වටහා ගන්න.

    ReplyDelete
    Replies
    1. මෙන්න ජාතිබ්‍රෂ්ට ජාතිද්‍රෝහී ළිං මැඬියෙක්. ඔහේටම වෙලා ඉන්නවා. ලංකාවට ආවෝත් දානවා බෝගම්බර හිරගෙදර කියන ජාති ද්‍රෝහී කතා වලට.

      මීට, කුමාර දිප්පිටිය මයා
      ගරු ලේකම්,
      තරුණ බෞද්ධ සංගමය,
      කොතලාවලපුර
      රත්මලාන.

      Delete
    2. Sri Lankan, ඔබ තුමාට චුච්චක් විතර ටැපලිලා. මේ (අති) පණ්ඩිත රසික තුමා/ තුමී හදන්නේ ඕස්ට්‍රේලියා රටත් තනිකර සිංහල කරන්න.
      එහේ නගරවල නම් සිංහල කරනවා. (හෙළුවෙන් ලියනවා). තව ටික කාලෙකින් එහේ සුද්දෝ පැටව් හෝඩියේ ඉඳල හෙළුවෙන් ලියනකොට, ඉන්ටවල් එකේ නියම ශුද්ධ සිංහලෙන් කතාකරනකොට කාටද ආඩම්බර. රසික පඬිටම තමයි.
      අපේ ගමේ භාෂාවෙන් කියනවා නම් මූ 'උගේ අම්මගේ මිනිහෙක්'. හරින් ඇමැති ගේ භාෂාවෙන් කියනවා නම් මූ 'අම්මට digital මිනිහෙක්'
      අපේ කුමාර දිප්පිටිය මයා, ගරු ලේකම්, තරුණ බෞද්ධ සංගමය, කොපුර, රනුවර (රසික පඬි ගේ භාෂාවන් නගරවල නම් ලියුවේ!, කෝමද හෙළුවේ ඉට්ටයිල් එක, අපි ඉගෙනගත්ත ලතින් භාෂාවෙවත් මෙහෙම රසයක් නෑ ). කොහොමද ඔබ තුමාගේ අදහස?. උදක්ම බලාපොරොත්තු වෙමි.
      ජය වේවා!

      Delete
    3. @ Sri Lankan 18 July 2016 at 00:28

      1. ඕස්ට්‍රේලියාව බහු සංස්කෘතික රටක් කිරීම රජයේ ප්‍රතිපත්තියයි. සංස්කෘතියේ මූලික පදනම භාෂාවයි. රජයේ ප්‍රතිපත්ති සෑදෙන්නේ ඒ අනුවයි.

      2. භාෂා පාසල් සදහා රජයෙන් මූල්යාංධාර, ගොඩනැගිලි පහසුකම්, ගුරු පුහුණුව සහ වෙනත් ආධාර ද ලැබේ.

      3. දරුවන්ට හැකි සෑම පහසුකමක්ම දිය යුතු බව පිළිගන්නා අපේ සමහරු, උපතින් උරුමයක් වන සිංහල ඉගෙනීමට සිංහල උරුමයක් (heritage) ඇති ළමුන්ට අවස්ථාවක් දීම ගැන වපර ඇසින් බලන්නේ ඇයි?

      4. මේ රටේ සිටිනා විවිධ ජනවර්ගවල දෙමව්පියන්ගේ ළමුන්ට ඒ ඒ භාෂා ඉගැන්වීම සහ ඒ හරහා ඒ ඒ සංස්කෘතියන් පිළිබඳ පරිචයක් ලබා දී රට බහු සංස්කෘතික රටක් කිරීමට ෆෙඩරල් රජයට සහ ප්‍රාන්ත රජයන්ට ඇති උවමනාව සිංහල පිරිසකට නැත්තේ ඇයි?

      Delete
  17. තමන්ට හුරු පුරුදු සංස්කෘතික ලක්ෂණ සමාජයක පවතිනකොට ඒ මිනිස්සුන්ගේ ඵලදායීතාවය වැඩියි කියලා තමයි පිළිගන්නේ. මෙතැනදී තම මව් රටේ තිබුණු හැම සංස්කෘතික අංගයක්ම ඒ ආකාරයෙන්ම මෙහෙත් කරන්න බැහැ. බොහෝ සංස්කෘතිකාංග විදේශ රට වල පවතින්නේ උත්සව අවස්ථා වලදී පමණයි. මේ රටවල ඉන්න සංක්‍රමණික ජනතාව රටට ආගන්තුකයන් නොකිරීමට තමයි රජයෙන් ඔවුනට තම මව් රටවල භාෂාවන් සංස්කෘතිය ඉගෙනීමට පහසුකම් සලසන්නේ. ඒ මගින් වක්‍රාකාරයෙන් ඔවුන්ගෙන් රටට ලැබෙන සේවය වැඩි වන බව රජය දන්නවා. ඒ වගේම වර්තමාන ඕස්ට්‍රේලියාව බහුවාර්ගිකත්වය ඉහළින් පිළිගන්න රටක්. ඉතිං මේ ආකාරයෙන් විවිධ සංස්කෘතීන් පවත්වාගැනීමට උදව් කිරීමෙන් රජය මේ සංක්‍රමණික ජනකොටස් වල සුලභව දැකිය හැකි මානසික ආතතීන් ආදිය අඩුකිරීමටත් දායක වෙනවා.

    මේ රටේ ඉපදුණු සංක්‍රමණික ශ්‍රී ලාංකික දරුවෙකුට සිංහල ඉගැන්වීමට දෙමාව්පියන් අකමැතියි නම් පෞද්ගලික තීරණයක් නිසා එය පිළිගන්න සිදුවෙනවා. නමුත් බොහෝ විට දෙමාපියන් මේ සඳහා ඉදිරිපත් කරන හේතු ඔවුන්ගේ වැරදි වැටහීම් මත පදනම් වූ දේවල්. ලංකාවේ පවා බොහෝ ශ්‍රී ලාංකිකයන්ට ඇති සිංහල බැරි බව ඇඟවීම්න් තමන් උසස් පංතියකට අයත් බව ප්‍රදර්ශනය වෙනවා කියන අදහස තියන බොහෝ දෙනෙක් මෙහි ඉන්නවා. තමන්ට හොඳ ඉංග්‍රීසි අධ්‍යාපනයක් නොලැබීන නිසා ලංකාවේදී තමන්ට සිදු වූ අපහසුතා, මදිපුංචිකම් මතක් කරමින්, තම දරුවා ඉංග්‍රීසි පමණක් කතා කිරීම ගැන ආඩම්බර වෙන දෙමව්පියන් ඉන්නවා. සමහරුන් සංස්කෘතිය ගැන කතා කරන විට ඔවුන් මේ විදේශයක ජීවත් වීම ගැන පුදුම හිතෙනවා. ඔවුන් ජාතිය ආගම ගැන කතා කරන්නේ හැම විටෙම අනිත් ජාතීන් ආගම් පහත හෙළලා. ඔවුන්ට අනුව ලෝකයේ හොඳම දේවල් සියල්ල තියෙන්නේ ලංකාවේ. අනිත් හැම රටම ලංකාවට කෙළවීමට බලාගෙන ඉන්නේ. නමුත් මේ රටෙන් පහසුකම් ලබාදෙන සිංහල භාෂාව ළමයින්ට උගන්වන්නේ නෑ. ළමයින් ඉංග්‍රීසි කතාකරනවා බලන් ඉඳලා ලොකු සතුටක් ලබනවා. ඔතන තියෙන්නෙ ලොකු පරස් පරයක්.

    ReplyDelete
    Replies
    1. ඒ සමගම තිසර, දෙමව්පියන් දරුවන් ගැන හැම තීරණයක්ම නොගෙන ඔවුන්ට හැකි සෑම විකල්පයක් ම සඳහා පහසුකම් ලබා දීම කළ යුතුයි නොවේද?

      පසු කලෙක දරුවෙකු තමන්ට කුඩා කලායේ සිංහල ඉගෙනීමට තිබුණු අවස්ථා ගිලිහී යාම ගැන දුක් වෙන්නට ඉඩ තියෙනවා.

      Delete
  18. මගේ අදහසනම් ළමයෙක්ට එක් භාෂාවකට වඩා ඉගැන්විය යුතුමයි. සිංහල දෙමව්පියෙක්ගෙ ළමයෙක් නම් එම ළමයාට සිංහල ඉගැන්වීම දෙමව්පියන්ගෙ යුතුකමක්. ළමයෙක් කොච්චර හොඳට කුඩා කල සිට එම රටේ English accent එකට කථා කළත් එම ළමයා සිංහල ජාතිකයෙක් මිස එම රටේ සුද්දෙක් වෙන්නෙ නෑ. භාෂාවක් ඉගැන්වීම යනු එම භාෂාව අයත් සංස්කෘතියට එක්වීමක්. ඒ නිසා සිංහල බැරි ළමයෙක් කවමදාකවත් සිංහල සංස්කෘතියට එක්වෙන්නෙ නෑ. ළමයා ලොකුවූ පසු සංස්කෘතිමය වශයෙන් අතරමංවීමක් වෙන පුළුවන්.

    මේ ඡායරූපයේ ඉන්නෙ රසිකගෙ දෝණියැන්ද විය හැක.

    ඔය කුමාර දික්පිටිය යන ඇනෝ ගසන්නා නම් ජාතිවාදියෙක් බවයි පේන්නෙ. තරුණයෙක්බව පෙන්වන්නට උත්සාහ කළත් වයසට ගිය ජාතිවාදී උනෙන් පෙලෙන් ඊර්ෂ්‍යාකාරයෙක්බව මගේ හැඟීමයි. කොහොමත් සිංහල ජාතිවාදියො, වාමාංශිකයො කියන්නෙ උපතින්ම කුහක, අන් යගේ සැපතට ඊර්ෂ්‍යාකරන පිරිසක්.

    ReplyDelete
    Replies
    1. Robert තුමා, මේ අපේ කුමාර දිප්පිටිය මයා, ගරු ලේකම්, තරුණ බෞද්ධ සංගමය, කොපුර, රනුවර වෙත අභූත චෝදනා කරන්න එපා.
      Robert තුමා තව එකක්, මේ රසික තුමා එයාගේ රටේ කරනවා වගේ ඔබත් ඔබේ නම 'ගුස්පි රොබා' වගේ හෙළුවෙන් ලිව්වොත් නරකද?. අදහසක් පමණි.

      Delete
    2. රොබර්ට්, මා අසා ඇති පරිදි යුරෝපීය රටවල භාෂා දෙක තුනක් ඉගෙනීම අනිවාර්ය අවශ්‍යතාවයක්. කැනඩාවේත් එසේමයි. ඇමරිකා එජයේත් ෆ්ලොරිඩා පැත්තේ ස්පාඤ්ඤ භාවිතා වෙනවා හරි හරියට.

      කුමාර දිප්පිටිය කියන්නේ පැරඩියක් බවයි මගේ අදහස. ඔහු ලියන දේ නොට් ගේට් එකක් හරහා අවබෝධ කර ගත යුතුයි!

      Delete
  19. අනේ රසික පුතේ අද නම් කමෙන්ට් කරන්න වත් වෙලාවක් නැතෝ. උදේ ඉඳලා කියවනවා කියවනවා අපේ කොරියාවෙ ඉන්න රුචිර ජාතිකවාදී පුතා යාපනේ ජාතිවාදී කොටි ප්‍රහාරය අළලා කරන අපූරු විග්‍රහයන්. මට පේන්නේ අපේ කොලුවා අද වැඩට යන්නෙවත් නැතුව ෆේස් බුක් එකේ එල්ලිලා ඉන්නවා වගේ. ලොන්තපෝල් විදග්ධ විචාරකයින්ට දෙනවා බඩ යන්නම. බලන්න ලස්සනයි පුතේ ගේම දෙන හැටි. රුචිර පුතා අද මහසෝනා වැහිලා වගෙයි ලියන්නේ.

    අපේ රුචිර ජාතිකවාදී පුතා තමයි පුතේ මුලින්ම කිව්වේ මේ යහපාලන බල්ලන්ගේ ආණ්ඩුවෙන් දකුණට සහජීවනයයි උතුරට වෛරයයි විකුණන හැටියට මෙහෙම දෙයක් කබදා හරි වෙනවාමයි කියලා. ඔය ගාමිණී නැවියන්ගොඩ වගේ ලොන්තපෝල් විදග්ධ විචාරකයින් කවදා හරි ඒ හන්දියට එනවා කියලා කොරියාවෙ ඉඳගෙනත් කිව්වෙ අපේ ජාතිකවාදී රුචිර පුතා තමයි. දැන් බලන්න පුතේ කවුද හරි ලොන්තපෝල් විදග්ධ විචාරකයින්ද? අපේ ජාතිකවාදී රුචිර පුතාද?

    රසික පුතේ අපේ ගෝඨාභය මැතිඳු ළඟදිම බලයට එනවා. එතකොට මම රුචිර ජාතිකවාදී පුතාව කොරියාවේ ඉඳන් ලංකාවට ගෙන්න ගෙන දානවා මැතිඳා ළඟ සේවයට. වේකන්සියක් නැතිනම් ගෝඨාභය මැතිඳාගෙ සපත්තු පොලිෂ් කරන්න හරි දානවා. එහෙම තමයි පුතේ අපි රාජපක්ෂ පරපුරට සලකන්න ඕනෑ. මහින්ද මැතිඳුයි ගෝඨාභය මැතිඳුයි නැති එකේ අඩුව තමයි අද මේ පෙනෙන්නේ. ඒක තමයි ලොරියත් කිලෝ මීටර් දෙකක් ගියේ. මහින්ද මැතිඳා හිටියා නම් යයි ලොරිය කිලෝ මීටර් දෙකක්ම!

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
    Replies
    1. රුචිර ජාතිකවාදී පුතා යනු කවුරුන්ද නොදනිමි!

      Delete
  20. මගේ පෞද්ගලික මතය නම් තමන් යම් රටකට සංක්‍රමණය වන්නේද, ඒ රටේ විදිහට හැඩගැසිය යුතුය යන්නය. නොස්ටැල්ජියාව නිසාවෙන් ලංකාවේ සිට ආ පරම්පරාව ලාංකික ඇවතුම් පැවතුම්, ගති සිරිත් වල එල්බ සිටියද ඊට පසු ඕස්ට්‍රෙලියාවේදී උපදින හා හැදී වැඩෙන පරම්පරාවල් වලට ලංකාව ගැන නොසැටැල්ජියාවක් ඇතිවීමට හේතුවක් නැති වනවා සේම ඔවුන් ඔරිමජිනල් ඕස්ට්‍රේලියානුවන් වන්නේය. විය යුත්තේද එයයි. යම් රටකට සංක්‍රමණය වූවානම් ආයිත් මොන කෙහෙල් මලකට තමන්ගේ මූලයක් ගැන වදවෙන්නේද? අද ලෝකයේ දියුණු රටවල් වල ඇති ලොකු ප්‍රශ්ණයක් වන්නේ සංක්‍රමණිකයන් එම රටේ විදිහට හැඩ නොගැසී ගෝත්‍රික වාදී ලෙස ජාති, ආගම් ලෙස කණ්ඩායම් ගැසී සංවෘත කොටස් ලෙස ජීවත් වීමයි.

    ReplyDelete
    Replies
    1. ළපටියා, ඔබේ අදහස් නම් ලපටි නැත.
      හිස නමා අගය කරමි.
      අපේ රසික බබාට මේවා තේරෙන්නේ නැහැනේ. තෝරලා දෙන්නත් බැහැ හරිම පන්ඩිතයි. සියල්ල දත් නේ.

      Delete
    2. මේ ළපටියගේ අදහස් වලට මාත් එකඟයි. වැදගත් වෙන්නේ මේ දරුවන් කතා කරන භාෂාව නෙවෙයි. ඔවුන් තැනකටම ගියාම හැසිරෙන විදිහ. මොකද ඔය ලංකාවේ දරුවෝ පැත්තක තියන්නකෝ, දෙමාපියෝ වැඩි දෙනෙක් පොදු තැන්වල හැසිරෙන විදිහ දන්නේ නැහැනේ. පොඩි උදාහරණයක් ගන්න කෑම දැක්කම කට්ටිය හැසිරෙන විදිහ (මා කියන්නේ පොදු ස්ථාන වල හැසිරීම). දවසක් SL -All you can eat (buffet) තැනකදී ලංකාවේ කාන්තාවක් කෑම බෙදාගන්න දෙවැනි වටයට එනවා කෑම කමින් හිටපු plate එකම අතේ තියාගෙන එකේ ඉතුරු වෙලා තියෙන කෑම ටික අතින් කන ගමන් (ඇවිදින අතරේම). එතන හිටපු සුද්දෝ හොල්මන්. තව දවසක් මා සිංහල කඩේට ගිය වෙලේ මගේ ඉස්සහරින් හිටිය ලංකාවේ කාන්තාව කඩෙන් shorteats අරගෙන ඒවා කන ගමන් කටේ කෑමත් එක්ක එතනින් තවත් දේවල් order කරනවා. පුදුම අප්‍රසන්නයි. ඔක්කොම කෑම අරගෙන ඉවර වෙලා car එකට ගිහිල්ල කන්න බැරිද ඔය තරම් බඩගිනි නම්. Malvern පන්සලේ වෙසක් දවසට ලංකාවේ සමහරුන් කන විදිහත් ඒ වගෙයි. පෝලිමේ ඉස්සරහටම ගිහිල්ලා කඳු වගේ කෑම බෙදාගන්නවා. පිටිපස්සේ එන අයට කෑම තියෙනවද කියල හිතෙන්නේවත් නැහැ. හොඳ අය ඉන්නවා. ඒ වගේ අය තමන්ගේ දරුවන් හොඳට හදාගෙන ඉන්නවා මිසක් කයිවාරු ගහන්න යන්නේ නැහැ. 'මගේ ළමයින්ට සිංහල පුළුවන්' කියන එකත් 'සිංහල බැහැ' කියල කියන අයට against මිසක් වෙන දෙයක් නම් මට නම් පෙන්නේ නැහැ. යමක් හරියට කරන කෙනා තවත් නිහතමානී වෙනවා මිසක් ඒක කයිවාරුවක් කරගන්නේ නැති එක තමයි මගේ නම් අත්දැකීම.

      Delete
    3. @ ළපටියා
      /* මගේ පෞද්ගලික මතය නම් තමන් යම් රටකට සංක්‍රමණය වන්නේද, ඒ රටේ විදිහට හැඩගැසිය යුතුය යන්නය. */

      හරියට හරි.

      අප වසන මේ රට බහු සංස්කෘතික රටකි. විවිධ සංස්කෘති පවත්වගෙන යාමට, ඒ සඳහා අවශ්‍යවෙන භාෂා ඉගෙනුමට රජයෙන් විශාල වශයෙන් විවිධ ආධාර ලබා දේ. එසේ නොමැති වුවා නම්, මේ කිසිවක් මෙලෙස සිදු නොවෙනු නැත.

      Delete
  21. මං හිතන්නේ මෙන්න මේ සංසන්ඳනය කීරිම ලාංකිකයන් හෝ කවුරුන් හෝ නැවැතුව දාට මෙවැනි රටවල තිබෙන සමානාත්මතාව නම් දුලබ තත්වය අත්විඳිමට ලැබෙනු ඇත. එතෙක් එකිනෙකා , එකිනෙක රටවල් සන්සන්දනය කරමින් ජිවිතය වින්දනය කිරිමට ඇති කාලය කා දමනු ඇත.. මෙවැනි රටවල් වලටද පැමින කරනාවු ඵලකට නැති සන්සන්දනය නම් ලොකු විහිලුවක්.. හැමකෙනාටම තමනට වෙන් වු කාගෙන්වත් බලපැම් එල්ල නොවිය යුතු නිදහස් රාමුවක් ඇති බව ලංකාව වැනි රටවල් වලින් සන්ක්‍රමණය වන බොහෝ අයට නොවැහටෙන්නෙ එවැනි සමානාත්මතාවයක් නැති ඕනේම වෙලාවක සැසඳිම/ ඇඟිලි ගැහිම තුලින් ජිවත් වන සමාජයක සිට පැමිනෙන නිසා වෙන්න ඇති කියලයි මට හිතෙන්නේ...

    ReplyDelete
    Replies
    1. අපේ රසික බබාට මේවා තේරෙන්නේ නැහැනේ මෙයා . තෝරලා දෙන්නත් බැහැ හරිම පන්ඩිතයි. සියල්ල දත් නේ.
      අර ඔයාගේ දිගම දිග කොමෙන්ට් එකට (කලින් පෝස්ට් එකේ) රසික නිවාඩු දාගන, නිදි මරාගන, රිප්ලය් එකක් ලියනවා - එයාගේ අදහස හරි කියලා පෙන්නන්න. එක කියවලාවත් මේ යකා මේක තේරුං අරන් නෑ නේ. පව්. ඉන්ජිනේරින් ප්‍රස්චාත් උපාධි තායිලන්තෙන්.

      Delete
    2. 'මෙවැනි රටවල් වලටද පැමින කරනාවු ඵලකට නැති සන්සන්දනය නම් ලොකු විහිලුවක්'.. well said.

      Delete
    3. ඒ උනාට ඒ ගතිය සමහර අයගෙ ඇඟේම තියෙනවා. හඳට ගියත් ඇරෙන්නේ නෑ.

      Delete
    4. @ නිම්නයක තනි වී හීන දකින්නී

      ඔබ මේ සමානාත්මතාවය කියන්නේ ඉගලිටේරියන් යන අදහසට නේද? මෙන්න ඒ ගැන මා ලියූ ලිපිය.
      http://rasikalogy.blogspot.com/2015/06/what-hell-is-egalitarianism.html

      Delete
    5. ඔබ ලියා ඇති අනිත් කරුණු ඔබ ම සිතින් මවා ගත් ඒවා ය.

      Delete
    6. රසික, ඔබේ අදහස් වල පරස්පරයක් මට පෙනෙනවා.. මම කිව්වෙත් ඒ ඒ රට ට අනූව අපි හැඩ ගැසිම මිස සන්සන්දනය වැඩක් නැ කියලයි.. ඒ ඒ දෙමාපියන් කරන්නේත් ඒ ඒ කෙනාට පුලුවන් විදිහට හැඩ ගැසෙන්න උත්සහ කිරිමයි.

      Delete
    7. සමහර විට රසික මම කිසිම කෙනෙක්ව තව කෙනෙක් එක්ක සසඳා නොබලන නිසා මම කියන සමානාත්මතාවය සහ නිදහස් රාමුව ඔබට පෙනෙන්නේ නැතුව ඇති.. ඒ ඒ කෙනාට අපිට කරන්න පුලුවන් දෙන්න පුලුවන් දැනුවත්වීම් ඒ ඒ කෙනාට අඳාලව දීම විතරයි මම දකින්නේ අපි කල යුත්තේ. අදහස් දුන්නට කරන්න ඕන ගැලපෙන විදිහ තීරන කර ගැනිම ඒ ඒ කෙනා සතුයි.. වර්ගීකරනයක් මම කරන්නෙ නැ කිසිම විටක..හැම කෙනෙක්ම එකිනෙකාගෙන් වෙනස් ආවේනික අය කියලා මම දකින නිසයි මම එහෙම හිතන්නේ..තමන්ට ගැලපෙන දේ තමන් තෝරගෙන කරන එකට මම නම් වරදක් වත් අඩු පාඩුවත් වත් වර්ග කරන්නවත් හදන්නේ නැ.. ඒ එක එක කෙනාගේ කැමැත්ත සහ හැකියාව..

      Delete
  22. ෆොටෝ එක ලස්සනයි !

    ReplyDelete
  23. /ඒ සමහරු ලිං මැඩියයන් ය. /. Every body is entitled to do what they think is best for them. Most people leave Sri Lanka and come to OZ because they want to live their lives their way and without being judged.

    So you might want to reconsider who is the real "ලිං මැඩි" here.

    BTW I commented ano as I am not a blogger (no writin skill at all) , not familiar with sinhela keyboard or fonts.

    ReplyDelete
    Replies
    1. කලින් ලියූ කරුණු කිහිපයක්.

      1. ඕස්ට්‍රේලියාව බහු සංස්කෘතික රටක් කිරීම රජයේ ප්‍රතිපත්තියයි. සංස්කෘතියේ මූලික පදනම භාෂාවයි. රජයේ ප්‍රතිපත්ති සෑදෙන්නේ ඒ අනුවයි.

      2. භාෂා පාසල් සදහා රජයෙන් මූල්යාංධාර, ගොඩනැගිලි පහසුකම්, ගුරු පුහුණුව සහ වෙනත් ආධාර ද ලැබේ.

      3. දරුවන්ට හැකි සෑම පහසුකමක්ම දිය යුතු බව පිළිගන්නා අපේ සමහරු, උපතින් උරුමයක් වන සිංහල ඉගෙනීමට සිංහල උරුමයක් (heritage) ඇති ළමුන්ට අවස්ථාවක් දීම ගැන වපර ඇසින් බලන්නේ ඇයි?

      4. මේ රටේ සිටිනා විවිධ ජනවර්ගවල දෙමව්පියන්ගේ ළමුන්ට ඒ ඒ භාෂා ඉගැන්වීම සහ ඒ හරහා ඒ ඒ සංස්කෘතියන් පිළිබඳ පරිචයක් ලබා දී රට බහු සංස්කෘතික රටක් කිරීමට ෆෙඩරල් රජයට සහ ප්‍රාන්ත රජයන්ට ඇති උවමනාව සිංහල පිරිසකට නැත්තේ ඇයි?

      =======================================================
      ඒ සමගම මේ කාරණය ඔබ සඳහායි.

      මැලේෂියාව, සිංගප්පුරුව වගේ රටවල ඉන්නා දෙමල චීන අය භාෂා දෙකම ඉගෙබ ගන්නවා නේද? ඒ භූමිපුත්‍ර යනාදී ප්‍රතිපත්ති තියෙද්දීයි.

      ඉතිංහ බහු සංස්කෘතික රටක් වන ඕස්ට්‍රේලියාව දී එසේ නොකරන්නේ ඇයි.

      මා ලිංමැඩි කියා කීවේ-

      "ඕස්ට්‍රේලියාවේ රජයේ පාසල් හි පවා ඉතාලි, ප්‍රංශ, ස්පාඤ්ඤ, ඉන්දුනීසියානු, ජපන්, චීන යනාදී භාෂාවක් හෝ උගන්වන්නේ ඇයි දැයි ඔවුන්ට නොතේරේ.

      මේ බොහෝ භාෂා උසස් පෙළ විභාගය සඳහා ද හැදෑරිය හැක. සිංහල භාෂාව ද මෙල්බර්න් නුවර පිහිටි වික්ටෝරියා ප්‍රාන්තයේ උසස් පෙළ විෂයකි."

      යන සත්‍යය නොදත් අයටයි!

      Delete
    2. රසික, ඔබට අමතකද ලංකාවෙත් භාෂා දෙකක් අනිවර්යි කියලා. අඩුම ගන්නේ සා පෙළ දක්වා වත් . උසස් පෙලටත් ඉංග්‍රීසි උගන්වනවා උ පෙලට විභාගෙට නැති උනාට. ඕස්ට්‍රේලියාවේ කැනඩාවේ විතරක් නෙවේ.

      ඔබ තුමා ට්‍රැක් එක මාරු කරනවා හිමින් සීරුවේ. කමක් නෑ දැන්වත් අනුන්ගේ කුණු නොසොයා තමන් හැදෙන්න බලන්න. ඔබ ඕස්ට්‍රේලියාවට ගියේ ඔබට ඕනේ නිසා. ඔබ ජීවත් වන්නේ ඔබට ඕන ක්‍රමයට. අන් අයත් එසේමයි. ඔවුන්ට ඕන නිසා එහි ගොස් ඔවුන්ට ඕන විදියට (හරි හෝ වැරදි) ජීවත් වෙනවා. එක ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ නම් රටේ නීතියටත් ප්‍රශ්නයක් නැත්නම්, ඔයාම කියන තාලෙට ඔයාට 'පාන් ' ද?

      Delete
  24. දැං ඔය උඹල දන්න තියරි පණ්ඩිතකම් ඔක්කොම දාලා කියපල්ලකෝ ලංකාවේ ජීවත්වෙන අපි වගේ අහිංසක දෙමව්පියෝ අපේ ළමයින්ට කතා කරන්න ඕන මොන භාශාවෙන්ද කියල ? අපේ ලමයි ගෙදරින් පිට ඉන්න හැම වෙලාවෙම කතාකරන්නේ සිංහල නොවැ....

    ReplyDelete
    Replies
    1. මා මේ ගැන තියරි නොදනිමි. අවශ්‍යනම් තේවිනින්ස් ගේ තියරිය කියා දෙන්නම්.

      දෙමව්පියෙකු ලෙස මට ඔබට දිය හැකි උපදෙස නම්, ඔබේ දරුවන්ට සිංහල, දෙමළ සහ ඉංග්ලිෂ් භාෂා තුනම ඉගෙනීමට හැකි සෑම පහසුකමක් ම ලබා දෙන ලෙසයි.

      Delete
    2. අර කිව්වත් වගේ සිංහල ඉංග්‍රීසි දෙකම උගන්නන්න, මොකද ලනක්වේ ඉන්න ඔල මොට්ටලයින්ව අන්දන්න පුළුවන් හොඳම දේ තමයි ඉංග්‍රීසි, නැත්තන් වෙන්න ඇඳෙන එක විතරයි. නමුත් මේ කරන්නේ අන්දීමක් කියල දැනගන්න නම්, සිංහලත් උගන්නන්න ඕනේ.

      Delete
  25. අපේ රටේ ඉන්න කාපිරි සම්භවයක් ඇති මිනිසුන් වගේ ජන කොටස් කතා කරන භාෂාවන් ඒ අය පැමිණි මුල් රටවල ජනතාවට තේරුම් ගන්නට බැරි බව මම අසා ඇත්තෙමි. ලංකාවෙන් පිටරට ගිය සිංහල ප්‍ර‍ජාවන්ට එහෙම වෙන එකක් නැහැ. මොකද, දැන් ලෝකය විශ්ව ගම්මානයක් වී තිබෙන නිසා.

    ReplyDelete
  26. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔය හතර වෙනි groop එකේ හිටියට වෙඩක් වෙනවද කියන එකයි. කොහොම සිංහල ඉගැන්නුවත් මේ ළමයි හැදෙන්නේ සුද්දන්ගේ ආකල්ප වලට අනුගතව. ඔස්ට්‍රලියාවේ ඉපිද සිංහල පන්ති ගිය ළමයි කී දෙනෙක් තමන්ගේ ළමයි සිංහල ඉස්කෝලෙට එවනවද කියන එකෙන් මේක හරි යන වැඩක්ද කියල බලන්න පුළුවන්. මම කැමතියි මේකට පස් වෙනි groop එකක් එකතු කරන්න. ලෝකෙට සුද්දෙක් දායාද කරන්නේ නැතුව, ළමයින්ව ලංකාවට ගෙනිහින් හදන්න. තමාගේ ආර්ථික තත්වය දියුණු කරගන්න ඔස්ට්‍රලියව පාවිච්චි කරන්න.

    ReplyDelete
  27. අපේ හොටලේ කාන්තා නිල ඇඳුම සරමක් සහ කුර්තාවක්. හෝටලේට ආපු අමුත්තෙක්ව කාමරේට එක්කන් යමින් හෝටලේ විස්තර කරපු ගෙස්ට් රෙලෂන් ඔෆිසර් ව දැකපු පොෂ් ළමයෙක් අම්මගෙන් ඇහුවා " අම්මේ ගොඩේ අයත් ඉංග්‍රීසි කතා කරනවද' කියලා ඉංග්‍රීසියෙන්. ඔන්න ඕකයි ලංකාවේ දෙමව්පියන් sinhala ගැන ළමයින්ට දීලා තියන අදහස..

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.