Wednesday 10 May 2017

අබුද්දස්ස කාලේ, වෙසක් කූඩු හදමු රාලේ :: Post modern Vesak


කෙටි නිවාඩුවකට ලංකාවට ගිය බිරිඳ ආපසු පැමිණියේ අවුරුදු පමණක් නොව වෙසක් ද රැගෙන ය.

අවුරුදු කියන්නේ කැවුම්, අලුවා, රුලං, තල කැරළි, අල ටොෆි වැනි දේ ය.

වෙසක් කියන්නේ වෙසක් කූඩු ය. අටපට්ටම් කූඩු ය. එකක් නොව වෙසක් කූඩු හතරක් ම ඇය ගෙනැවිත් තිබුණි.

එකම වෙනස වූයේ මේවා ෆ්ලැට් පැක් හෙවත් පැතළියට අසුරා තිබුණු කුඩා පැකට්ටුවක බහා තිබීමයි.

අද වෙසක් දවසේ දැහැමෙන් සෙමෙන් මම ඒ අටපට්ටම් වෙසක් කූඩු හතරෙන් එකක් එකලස් කළෙමි.

පැතළියට අසුරා තිබුණු කුඩා පැකට්ටුවේ අටපට්ටම් කැබලි වර්ග දෙකක් විය. රැළි සඳහා සව් කඩදාසි හතරක් ද තිබුණි.



සාමාන්‍යයෙන් අටපට්ටම් වෙසක් කූඩුවක් සාදන්නට අවශ්‍ය වන්නේ හරි හතරැස් සැකිලි හයක් වුවද, මේ කාඩ්බෝඩ් කුූඩුව සඳහා ත්‍රිකෝණාකාර කැබලි ද අවශ්‍යවේ. ඒ පට්ටම සාදා සව්කඩදාසි ඇලවීමක් මෙහිදී නොමැති බැවිනි.



මා හතරැස් කොටස් සහ ත්‍රිකෝණාකාර කොටස් එකිනෙක සවි කළේ ස්ටේප්ලර් කටු මගිනි.



කූඩුව සෑදීගෙන එන අයුරු.







සැකිල්ල සාදා අවසන් බව පෙනුණත් එහි හෙලවෙන ස්වභාවයක් විය. ඒ ගැන සොයා බැලූ විට මා දුටුවේ කූඩුවේ උඩට සහ යටට සවි කිරීමට විශේෂ කාඩ්බෝඩ් කැබලි දෙකක් ඇති බවයි!



මෙන්න අටපට්ටම.



එක් සව් කඩදාසියකින් රැළි ද කැපුවෙමි.





රැළි ද සවි කළ කූඩුව අපේ නිවස ඉදිරිපස සුදලෙන අයුරු.



මා අවසාන වරට වෙසක් කූඩුවක් හැදුවේ නමවෙනි ශ්‍රේණියේ දී පමණ බව මගේ මතකයයි. ඒ පරම්පරා දෙකකට පමණ පෙර ය.

එදා, උණ බටයක් කපා, ඉරා, එක ප්‍රමාණයට කෝටු විසි හතරක් සකසා ගෙන, හතරැස් කොටු හයක් කම්බිවලින් බැඳ සාදා, ඉන්පසු ඒවා එකිනෙක බැඳ අටපට්ටම සාදා, සව්කඩදාසි අලවා, රැළි දමා, ඒ සියලු කටයුතු සඳහා දින කිහිපයක් ගත කර, අටපට්ටමක් සාදා ගන්නවාට වඩා මේ පැතලි පැකට්ටුවල එන මුද්‍රිත කාඩ්බෝඩ් කෑලි එකට ඈඳා අටපට්ටමක් සෑදීම ටොයිස් වැඩක් බව කිව යුතු ය.

එසේ නමුත්, මේ කුඩා කූඩුව සැදීමට ද පැයක් පමණ ගත විය.

පැකට්ටුවේ තිබුණු අනෙක් කූඩු පසුව සාදමි.

අද වෙසක් වුව ද, සිනුවර පන්සල්වල වෙසක් උත්සවය පැවැත්වෙන්නේ මේ සතියේ සෙනසුරාදා ය.

සැමට ප්‍රීති වෙසඟක් වේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
අද ෆේස්බුක් හි අදහස් දැක්වූ මිතුරන් දෙදෙනෙකු ම පවසා තිබුණේ ලංකාවේ ඇති වෙසක් සැරසිලි සියල්ල ම පාහේ චීනයේ නිෂ්පාදන බවයි.
එසේ වුව ද, මේ අටපට්ටම් වෙසක් කූඩු කට්ටලය නම් ලංකාවේ නිෂ්පාදනයකි.

ප/ප/ලි:
අමතක වූ දෙපස රැළි සවි කළ පසු!


(image: https://www.timeout.com/sri-lanka/art-culture/how-to-make-a-vesak-lantern)

33 comments:

  1. ඔව් දැන් ඔය කියන කාර්ඩ් බෝඩ් කුඩුවේ සිට චීනෙන් එන ප්ලාස්ටික් කූඩුව දක්වා වෙසක් වෙනස් වෙලා

    ReplyDelete
  2. කුඩු හදන්න කම්මැලියි.කාඩ්බෝඩ් අටපට්ටමක් අරන් ගියා මමත්.මේඩ් ඉන් ශ්‍රි ලංකා එකත්.

    ReplyDelete
  3. ඒ කාලේ ඔට්ටපාලු තිබ්බේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. තිබුණා, රබර් වතු තිබුණු පැතිවල.

      අපි පාවිච්චි කළේ හාඩ්වෙයාර් කඩෙන් ගත්තු බකට් කම්බි.

      Delete
  4. ඒක ලස්සනයි, මාත් කූඩුවක් හදන්න ඕනේ මොනවා හරි වලින්, ඉස්සර ලංකාවේ ඉද්දි උණ බටයි ,බෙලි පට්ටයි වලින් තරු තමයි හැදුවා. අපේ මල්ලි උදේ කතා කරද්දීකිවුවා "මොන වෙසක් කුඩුද අනේ, ඕවට කොහෙද වෙලාවක් "

    ReplyDelete
    Replies
    1. තවදුරටත් සිතට සතුටක් නොඑන දේ කරන්න හිතෙන්නේ නෑ තමයි.

      Delete
  5. කාර්ය බහුල දිවියට සරල විසැදුම්. අද නම් කොළඹ වෙළෙඳපළේ වැඩියම තිබ්බේ චීන වෙසක් සැරසිලි තමා විකුණන්න.

    ReplyDelete
    Replies
    1. චීන අවුරුද්දට මෙහේ එල්ලා තියෙනු පෙනෙන චීන වෙස් කූඩු හරිම පියකරුයි!

      Delete
  6. අපේ ගමේ (ගලහිටියාවෙ) උණ ගහක් හොයගන්න ලේසි වුනේ නැහැ. මමයි අපේ මලයයි එකතු වෙලා කූඩු හැදුවෙ වැටිච්ච පොල්පිත්තක් පලාගෙන. සව් කොලේ ඇලෙව්වෙ පාප්ප ගාලා. උණ පතුර තරම් හැඩ නැතිවුනාට වැඩේ නම් කෙරුනා.

    ReplyDelete
    Replies
    1. ගලහිටියාවේ වෙල් අයිනේ උණ ගස් තිබුණා නේද?

      මං ගලහිටියාව සෙන්ට්‍රල් එකේ ඉන්න කාලේ පාසලේ කූඩු හදන්න අපි කපන් ආවා මතකයි ලොකු ගහක්.

      Delete
    2. ඔය කියනව ඇත්තෙ බුලුගහගොඩ පැත්තට වෙන්න ඇති මා හිතේ. අපි හිටපු හරියට වෙන්න තිබුන කියල මතකයක් නැහැ. හැබැයි අවට හිටිය ලොකු ලමයි නම් කොහෙන්හරි හොයාගෙන පැටව් ගහපු කූඩු හදල තිබුන උන වලින්

      Delete
  7. ප ළ ක ර සුවාසු දහසක් දම් ක ද ය
    හෙ ලි ක ර කුදිටු දොස වෙසෙසින් පිරිසි ද ය
    පු ව ත ර සුර බඹුන් පුද සිරි ලැබ සො ද ය
    මු නි ව ර තිලෝ ගුරු දසඹුල් හිමිස ද ය

    http://sinhala.adaderana.lk/webgossip/aluth-budu-kenek/

    සාධු! සාධු!! සාධු!!!

    ReplyDelete
    Replies
    1. උතුම් පින් බිම කැලණියෙන් නේද පහළ වෙලා තියෙන්නේ?

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. සඳක් පෝය දින අහසේ මනහරය
    පැයක් අරන් සැදු කූඩුව සුන්දරය
    හිතක් නිවන පෝය දිනය පින්බරය
    වෙසක් දිනේ මේ ලියමන හරබරය....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.

      දුමින්ද, හැම බ්ලොගයකට පාහේ ඔබ මෙලෙස කවි ලිවීම ඉතා ප්‍රසංසනීයයි. සෑහෙන්න කාලයක් යනවා ඇති නේද?

      මා ලියූු වෙසක් කවි දැක්කා ද?
      https://rasikalogy.blogspot.com/2017/05/post-modern-vesak.html

      !

      Delete
    2. සඳක් පෝය දින අහසේ මනහරය
      පැයක් අරන් සැදු කූඩුව සුන්දරය
      හිතක් නිවන පෝය දිනය පින්බරය
      වෙසක් දිනේ මේ ලියමන හරබරය

      නියමයි!

      තුන්වන උත්සාහයේ දී යවහන් දෝශය නැති කර ගත්තා නේද?

      Delete
    3. ඇත්තෙන්ම ඔබතුමා නිවැරදිය. දෙපාරක්ම කවිය දැම්මට පස්සෙ තමා යවහන් මතල්වුණේ.

      Delete
  11. ඉස්සර ආසාවෙන් හැදුවා
    එත් දැන් කාටවත් වෙලාවක් නෑ ඒවට,ඊයේ වැඩ ඇරිල එද්දි මාත් අරන් ආවේ චීන කුඩු 3 ක්

    ReplyDelete
    Replies
    1. තවදුරටත් සිතට සතුටක් නොඑන දේ කරන්න හිතෙන්නේ නෑ තමයි. මං මීට කලින් අන්තිමට වෙසක් කූඩුවක් හැදුවේ වයස අවුරුදු දා හතරේ දී විතර කාලේ.

      Delete
  12. ඇයි ඔය කූඩුවෙ මැද මුළු හතරටත් රැලි දාන්න ඕනනෙ.
    උණගස් වත්තෙ තිබුණ උනත් අපිත් දැන් අවුරුදු ගානක ඉඳල ප්ලාස්ටික් රාමුවට කොළ අලෝන එක තමයි කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. මුලින් අමතක වූ ඒ දෙපස රැළි පසුව සවි කළා. අලුතෙන් එකතු කළ ඡායාරූපය බලන්න. ස්තුතියි ප්‍රසන්න!

      Delete
  13. දැන් කඩවල්වල ගන්න තියෙනවා ප්ලාස්ටික් වෙසක් කූඩු... ඒවායේ කෑලි ගලෝලා ආයෙ සෙට් කරන්න පුලුවනි... අපිට තියෙන්නේ වටේට ගම් හරි පාප්ප හරි ගාලා සව් කොල අලවන්න විතරයි... ඒ රාමුව කඩාගන්නෙ නැතුව තියාගන්න පුලුවන්නන් ඊළග අවුරුද්දෙත් ඒකම ආයෙ සෙට් කරගෙන සව් කොල අලවලා එල්ලන්න පුලුවනි...

    ReplyDelete
  14. ෂා වෙසක් එකට ඔලු බක්කො නැටවිල්ල අඩු වුනානේ

    ReplyDelete
    Replies
    1. මංවත් තනියම නටන්න ඉන්නේ!

      Delete
  15. 2015 අවුරුද්දෙ වෙසක් එකට මං ගත්තා ප්ලාස්ටික් වෙසක් කූඩු සැට් එකක්. ඒකෙ තියෙන්නෙ හතරුස් කොටු සහ කොටු එකට අමුනන්න පුළුවන් වෙන විදිහට හදපු නැමෙනසුලු X අකුර හැඩැති කෑලි. පට් පට් ගාල සෙට් කරල කොළ ටික අලවගන්න විතරයි අවශ්‍ය. 2016ත් ඒවම පාවිච්චි කරල ඔන්න 2017ටත් ගත්ත. එක කොටුවක පොඩි ඩැමේජ් එකක් තියනව. ඇරල්ඩයිට් පාරක් දාල ඒක හදාගත්තම 2020ටත් පස්සේ වුනත් පාවිච්චි කරන්න පුලුවනි තහනම් කළේ නැත්තං.

    කඩෙන් බට ලී ගෙනැල්ල හදාගන්නත් තිබුන අටපට්ටමක් වරුවක් විතර වෙන් කරලා. ඒත් ඔට්ටුපාලු නැතුව කූඩු බඳින එක එච්චර සාර්ථක නෑ.

    ReplyDelete
    Replies
    1. වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )11 May 2017 at 18:39 ලියල තියෙන්නෙත් මං කියාපු ඒව ගැනම තමයි. ඒක දැක්කෙ පස්සෙ.

      Delete
    2. ඔට්ටපාලු තියෙන්නේ රබර්වතු තියෙන පැතිවල විතරයි.

      අපි නං පොඩි කාලේ කූඩු හැදුවේ බකට් කම්බිවලින් බැඳලායි!

      Delete
  16. මමත් දවස් කිහිපයක් නිදි මරාගෙන හැදුවා දහ අටපට්ටමක්... එහා පාරෙ ඉන්න යාලුවෙක්ගෙන් තමයි බට ගස් ඉල්ලගත්තේ... ඒ යාලුවගෙන්ම ඉගෙන ගත්තු දෙයක් තමයි බයිසිකල් ටියුබ් පටි වලින් වෙසක් කූඩු හොඳට ගැට ගහන්න පුලුවන් කියන එක... සව් කොල නම් ඉතින් ස්පොට්ලයිට් එකේ තියෙනවනේ...
    මගේ තව යාලුවො කිහිපදෙනෙකුත් බට පතුරු අරන් ගිහින් පරණ පුරුදු විදිහට මෙහෙ වෙසක් කූඩු හැදුවා...
    හැම අවුරුද්දෙම එකක් හදන්න තමයි දැනට නම් කල්පනාව.... :)

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.