Monday 9 January 2017

නිවාඩුවේ අවසානය සහ පොඩි පොඩි ජෝක්ස් දෙක තුනක් - Back in the rat race


සති දෙකක නිවාඩුව අදින් අවසන් වී, නැවතත් කූඩුවේ ලූ සුරතල් මීයෙකු ලෙස රැට් රේස් එක දුවන්නට සිදු වී තිබේ.

නව වසර ඇරඹුණු විට මා කළේ, සියලු දෙනාටම 2018 වසර සඳහා සුබ පැතීමයි. ඊළඟට, ගෙවී ගිය 2016 සඳහා වසරකට කලින් පළ වී තිබුණු ලග්න පලාපල කියවා විනෝද සමයක් ලැබුවෙමි.

නව වසර උදාවේදී මෙවර සිදුවුණු සුවිශේෂී සිදුවීමක් වූයේ, රහමෙර බිඳක්වත් තොලේ නොගැවීමයි. එය සිතා මතා ගත් නව අවුරුදු අධිෂ්ඨානයක් නිසා සිදුවුණු එකක් නොව, ඒ දිනවල අප නිවසේ නිවාඩුවක් ගත කරමින් සිටි සුපින්වත්, සිල්වත්, ගුණවත් ඥාති සොහොයුරා නිසා සිදුවූවකි.

පසුගිය වසර අවසාන වෙන්නට පෙර අරඹා අතරමග නතර වී ඇති ව්‍යාපෘති කිහිපයක් අවසන් කරන්නට ද, නව වසර ඇරඹුමත් සමගම තවත් අලුත් ම ව්‍යාපෘති දෙකක් අරඹන්නට ද මා සැලසුම් කර සිටි මුත්, ඒ කිසිවක් තවමත් කරගන්නට නොහැකි වීම නම් කනගාටුවට කරුණකි.

රසිකොලොජියට දෙවසරක් පිරුණු දින, බ්ලොග් ලිපි ලියා පල කරන සීඝ්‍රතාවය දින දෙකකට වරක් සිට, සතියකට දෙකක් දක්වා අඩු කරන්නට තීරණය කළෙමි. එය මසකට දහයක් දක්වා වෙනස් කරන ලෙස බ්ලොග් මිතුරෙකු යෝජනා කළේ ය. සිංහල බ්ලොග් අවකාශයේ අයාලේ නොගොස්, එය සාරවත් එකක් කරමු යැයි තවත් බ්ලොග්කරුවෙකු මගෙන් ප්‍රසිද්ධ ඉල්ලීමක් කර තිබේ.

කෙසේවෙතත්, සියල්ල සිදුවිය යුත්තේ සහ සිදුවෙනු ඇත්තේ සිතට ප්‍රීතිය ලැබෙන ආකාරයට අනුව ය.

මේ වසරාරම්භ කෙටි සටහන අවසන් කිරීමට, පසු ගිය සති අන්නතයේ අසන්නට ලැබුණු පොඩි පොඩි ජෝක් දෙක තුනක් එකතු කරමි.

මීට දශක ගණනාවකට පෙර එක්තරා ගමක විසූ දෙමව්පිය යුවලක් තමන් ගේ අලුත උපන් දරුවා ගේ හඳහන සාදා ගැනීමට කට්ටඬියෙකු (ඇයි අවුල් ද?) වෙත ගිය කළ හඳහන සාදා ඔහු දරුවාට නම් තැබිය යුතු සුබ අකුරු කිහිපයක් දෙමව්පියන්ට ලියා දී ඇත.

දැන් වයස්ගත පුද්ගලයෙකු වන "යරලවස" නම් ඒ දරුවා අදත් ඒ ගමේ ජීවත් වෙන බව කියවේ!

ඒ ප්‍රදේශයේ ම තවත් දියණියකට නම තබා ඇත්තේ පෙම්වතී කියා ලු.

පෙම්වතී යන්න ප්‍රේමවතී යන නමේ සිංහලීකරනය ලෙස සැලකිය හැකි වුව ද, ඒ නමේ ඇති විසුළු ස්වභාවය ගැන අමුතුවෙන් විස්තර කළ යුතු නැත.

පෙම්වතියන් ගැන කතා කරද්දී ඊයේ අසන්නට ලැබුණු මේ කතාව ද කිව යුතුය.

මගේ මිතුරෙකු ගේ මිතුරෙකුට යොදා ඇති අන්වර්ථ නාමය "බබා නයින්, ත්‍රී රත්තරන්, වන් දෙයියා" ලු.

ඒ, ඔහු ගේ පෙම්වතිය විසින් එවන ලද ලිපියක තිබුණු බබා, රත්තරං සහ දෙයියා යන වචන සංඛ්‍යාව අනුව යොදන ලද නමකි!

-රසිකොලොජිස්ට්

(image: http://erwinensing.com/motivation/how-to-escape-the-rat-race/)

30 comments:

  1. අපිනං ඉතිං මේ අවුරුද්ද පටන්ගත්තෙත් රහමෙර තොල ගාල. වමනෙ පාරක් දාල

    ReplyDelete
    Replies
    1. පොඩි උං බොන්න එපා!

      Delete
    2. මූ අනික් වෙලාවට උගුඩුවා උනාට බොන වෙලාවට කලවැද්දෙක්

      Delete
  2. කකා පුතේ මොනවද මේ ලියන ගොන් කතා? ලියන්න දෙයක් නැත්නම් චූ කරල බුදිය ගනින්.

    ReplyDelete
    Replies
    1. මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
      Whatever I see fit.

      Delete
  3. 2018 ට දැන්ම සුභපතන එක හොඳයි

    ReplyDelete
    Replies
    1. Collage mates ලා ගෙදර ගිහින් ඉඳී ද?

      ;-)

      Delete
    2. ඒක නම් වෙන්නත් පුළුවන්. හෙහ් හෙහ්

      Delete
  4. තව ටිකක් නැගලයන්න හරවත් යමක් ලියන්න පුලුවන් නම් හොඳයි නේද ?

    ReplyDelete
  5. රසිකට නමක් දාමුද?

    ඉස්සර රසිකට වැටුන ඇනෝ කමෙන්ට් වල තිබුණු කුනුහරප ගැනලා.. ;)

    ReplyDelete
    Replies
    1. This would be better;

      P 2289 DP 247 K 178 AG 124 BK 47 H 39 HK 27 MB 25 etc.

      Delete
    2. චී චී මිනිස්සුන්ට කුණුහරුප නම් කියන්න පව් නැද්ද?

      එහෙම නෙමෙයි, කුණුහරුප ගොඩක් මැද කියන්න පුළුවන් නම් දෙකතුනකුත් තිබ්බා. සිනුවර තට්ටසේන, ෂරලොක් හෝම්ස්, නයිපාල වගේ. එ ජාතියේ එක්ක දැම්මොත් හොඳයි.

      Delete
    3. ගූරසයා ඇනෝ ඇවිත් බෙට්ටක් දාල ගිහින් තියෙන්නේ. ගූතලන් කාරය කියන්න ඇති මෙතන රීල පලයන් කියල

      Delete
    4. "සිනුවර පිං කරණ පියා" වැනි නමක් රසිකට නරකද?

      Delete
  6. //සිංහල බ්ලොග් අවකාශයේ අයාලේ නොගොස් එය සාරවත් එකක් කරමු //
    අයාලේ යන ගොඩක් දේවල් අතරේ සිංහල බ්ලොග් අවකාශය විතරක් සාරවත් කරන්න පුළුවන්ද කියලා මට නම් සැකයි.මා නම් කරන්නේ මෙහි සැරිසරලා මට කැමති දේ තෝරාගෙන රසවිඳින එක. සමහර වෙලාවට ඉගෙන ගන්නත් දේ තියෙනවා. ඇනෝ ඇවිත් කොමෙන්ට් එකක් දාන්න පුළුවන් තැන් වලට හොට දානවා. සමහර බ්ලොග් ලියවෙනවා හරිම අඩුයි. ගුරුවරියකගේ මතකය, දුයිෂෙන්ගෙ අඩවිය, සතරදිගන්තය වගේ බ්ලොග් නැවතිලාම වගේ. ඉරනම්විල වගේ ඒවත් යන්නේ කුර ගගා. කොහොම උනත් බ්ලොග් ලියන හැමෝටම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් බලෙන් ලියවන්න බෑ, ඒ ලිපිවල අන්තර්ගතයත් එහෙමයි.

      රචකයා ගේ අරමුණ අනුවයි සේරම තීරණය වෙන්නේ.

      අනික හැමෝටම හැම දෙයක්ම දිරවන්නේ නෑ, රස විවිධයි, රස විඳීම විවිධාකාරයි!

      ඔබේ අදහසට මා එකඟයි. ජයවේවා!

      Delete
    2. ගුරුවරියක ගේ මතකය වෙනුවට සොඳුරු සිත කියවන්න. ඇයත් ගුරුවරියක්.

      දුයිෂෙන් වෙනුවට නියමුවා හෝ සීනුව හෝ කියවන්න. ඒ පත්තර දැන් නැතුව ඇති. පරණ මතකයක්.

      Delete
  7. එක පුද්ගලයෙක් පුතාට නමක් දැම්මා දිවංගත පියසේන කියා ; හේතුව ඇහුවම කිව්වේ ඔක්කොම ලොකු ලොකු මිනිස්සු දිවංගත බණ්ඩාරනායක , දිවංගත සේනානායක , දිවංගත කොතලාවල කියන නිසා මමත් පුතාට දිවංගත පියසේන කියා නම් තිබ්බා කියා

    ReplyDelete
    Replies
    1. පේමදාස ගේ කාලේ බල්ලෙකුට ශ්‍රීමත් කියා නම දාලා තිබුණා ලු!

      Delete
  8. මිතුරාගේ මිතුරා? අඹ ප්‍රශ්නය වගේ කේස් එකක්ද?
    කොහොම උනත් සුබ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. පසුගිය ඉරිදා සවස හමු වී කතාබස් කරමින් සිටින වෙලේ මගේ මිතුරා කතාව පටන් හත්තේ ම, "මචං මගේ යාලුවෙක් ඉන්නවා ඌට අපි කියන්නේ......" කියායි. කතා නායකයා මා දන්නා අයෙකු නොවෙයි!

      Delete
  9. රසික හරි....සියල්ල සිදුවිය යුත්තේ සිතේ ප්‍රීතිය අනුවයි.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.