Monday 23 January 2017

"කාන්තාවන්ට සම අයිතීන්" ව්‍යාපාරයේ තවත් ජයග්‍රාහී ඉදිරි පියවරක් හෙවත් සිත නිවන කතාවක් - Marching forward

Bay of fire, Tasmania, Australia
උදා වූ නව වසර සමරමින්, සතියකටත් වඩා දිගු නිවාඩුවක් නිවසෙන් බැහැරව, පරිගණකයෙන් දුරස්තව, දැහැමෙන් සෙමෙන් ගත කර නැවතත් පියවි ලොවට ගොඩ බට දිනයේ ම, ඇස ගැටුණේ අපූරු ප්‍රවෘත්තියකි.


(http://www.divaina.com/2017/01/23/news11.html)

කරුණාකර, අනං-මනං නොකියන්න.

ඔව්, කාන්තාවන්ට තමන් රිසි ඕනෑම දෙයක් කිරීමට සම අයිතිය තිබිය යුතුයි.

ඒ අයිතිය සිල්ගත් කාන්තාවන්ට ද එක සේ හිමි ය. ඔවුනට ද, සසර කෙටිකර ගැනීමට බවුන් වැඩීම අමතක කර දේශපාලන මඩගොහොරුවට බැසීමට, සිවුරු පොරවාගත් පිරිමින්ට ඇති අයිතියම ඇත.

දිවයින වාර්තාවේ මෙසේ ද සඳහන් වේ.
සිංහලයාගේ සුරක්‍ෂිතතාව අහිමිකරගෙන යන වත්මන් රජය තවදුරටත් පැවතුණහොත් සිංහලයා තුරන්වී යනු ඇතැයි ස්‌වකීය නම් ගම් ආදී පෞද්ගලික තොරතුරු අනාවරණය කිරීම ප්‍රතික්‍ෂේප කරමින් තුරුණු වියේ පසුවන සිල් මෑණියෝ මාධ්‍යයට පැවැසූහ.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ භාවනා කුටියක බවුන් වඩමින් සිටින තමා සිංහල රටේ සිංහලයාගේ අනාරක්‍ෂිත අනාගතය සම්බන්ධයෙන් දැඩි සංවේගයට පත්වන බවත් තමන්ට සිදුවන විපතට වත්මන් රජය වගකිව යුතු බව සිංහලයාට අවබෝධ වී නැති බවත් මෑණියෝ පවසති.

සිංහලයා බලන්නේ බඩ ගැන පමණයි. ඔවුන් තමන්ගේ සිංහලකම ගැන හිතන්නේ නැහැ. ශාසනයට කැපවී සසර කෙටි කරගැනීමට සිටින අප වැනි අයට තිබෙන කැක්‌කුම සිංහලයාට නැතිවීම කනගාටුදායකයි. මේ තත්ත්වයට වගකිව යුතු මේ රජය 2017.01.22 වැනිදායින් පසුව ඉල්ලා අස්‌විය යුතු යෑයි සිල් මෑණියෝ පැවැසූහ.
ඇයට ජයවේවා!

-රසිකොලොජිස්ට්

නූතන ථෙරි ගාථා
සසර කෙටි කෙරුමට
නිවන අත්විඳ ගැනුමට
නොහැක මට තව දුරටත්
භාවනාවේ ඉන්නට

එපා සඝමිත්තා
එපා උප්පලවණ්ණා
කඩුව සේදූ දිය බිව්
වෙහෙර දේවිය මග යමි මම්

42 comments:

  1. /සිංහලයා බලන්නේ බඩ ගැන පමණයි./

    ඇත්ත තමයි. සිංහලයා බඩ ගැන විතරක් නැතුව අනිත් ඉන්ද්‍රියයන් ගැනත් හිතන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. හික්, මැණියන්ට ගිහිගේ කළකිරෙන්නත් ඔය බඩ ගැන විතරක් හිතිල්ල හේතුකරනාවෙන්නැති.

      Delete
    2. /////හික්, මැණියන්ට ගිහිගේ කළකිරෙන්නත් ඔය බඩ ගැන විතරක් හිතිල්ල හේතුකරනාවෙන්නැති.///////////////

      බඩ ගැන දෙපැත්තකින් හිතුවා ඇණයාගේ කමෙන්ට් එක නිසා. මේ කමෙන්ට් එකේ ඉස්සරහින්ම තියන හික් එක කමෙන්ට් එකට පොඩි ආතල් එකක් සපයනවා. මේවා ඔක්කොම හික් තමයි බං. හික් නෙමෙයි ඇණේ, හික් උනා නොහොත් හිකුනා.

      Delete
    3. බුදු සාදු කියා ඇත්තේ බඩ පිරී නැති අයෙකුට බණ දෙසන්න එපා ය කියලා නේද?

      Delete
    4. "සබ්බේ සත්ථා ආහාරට්ඨිතිකා”

      Delete
  2. හප්ප මාරාන්තික උපවාසෙත් කානිවල්වල පෙන්වන මාරාන්තික මෝටර්සයිකල් ධාවනේ වගේ ටයිමින් ෂෝ එකක්ද මන්ද, මම ඊයේ හවස ඔතතනින් එනවෙලේ මොකුත් ෂෝ එකක් තිබ්බේ නෑනේ්‍.

    මැණියෝ වාඩිවෙන්න ඉස්සරින් නොදැන ඉන්නැති ඔතන ෂෝ පෙන්නන් පුළුවන් ජෙන්ස්ලට විතරක් වග.

    ReplyDelete
    Replies
    1. මොකද මෙ මැණියෝ කියා කියන්නේ? ඇයට දරුවන් සිටී නම් සිල් ගන්න යයි ද?

      ඔය යෙදුම කතෝලික මදර් තනතුර අනුව ආ එකක් ද මන්දා?

      සාදුලාට අපි පියා කියන්නේ නෑ නේ!

      Delete
  3. මේ කාන්තාව අන්තවාදි කොටස්වල ඉත්තෙක් බවට පත්වී ඇති බව පැහැදිලියි - ඒ නිසා ඇයට නිසි මානසික උපදේශන ලබාදීම යෝග්‍යයයි - කෙසේ වුවත් වියට්නාමයේ න්හෝ ඩින් ඩියෙම්ගේ පාලනය යටතේ එරට බහුතර බෞද්ධයන්ට එල්ලවූ මර්ධනයට ආසන්නයෙන්වත් යන තත්ත්වයක් මෙරට බෞද්ධයන්ට බලපෑ නොමැති නිසා මේ කාන්තාව කරන්නේ අනවශ්‍ය ක්‍රියාවක්

    ReplyDelete
    Replies
    1. මේ තර්කයත් මනස යනු මොළය දක්වන ප්‍රතිචාර පමණක් බවත් සැළකුවොත් එවිට චේතනා ද නැතිවෙනවා. එනම් චේතනාන්විත ව කරන ක්‍රියා ද නැතිවෙනවා. එසේ නම් අපරාධයක් හඳුනා ගන්නේ කෙසේ ද? යමකු මිනිසකු මරන්නේ හුදෙක් මොළය යම් සංජානනවලට දක්වන ප්‍රතිචාරයක් ලෙස ද? යම් යම් අයගේ මොළය සකස් වී ඇති ආකාරය අනුව ඒ ඒ සංජානනවලට මොළය ඒ් ඒ ලෙස ප්‍රතිචාර දක්වනවා ද? අයකු මෛත්‍රි කරන විට වෙනත් අයකු මිනී මරණවා. මෛත්‍රී කිරීමත් මිනී මැරීමත් මොළය සකස් වී ඇති ආකාරය අනුව සිද්ධ වෙනවා. එසේ නම්, අප චේතනාන්විත ව ක්‍රියා නොකරන්නේ නම්, වරදක් යනු කුමක් දැයි නිර්වචනය කරන්නේ කෙසේ ද? අප දණ්ඩ නීති සංග්‍රහය අහෝසි කළ යුතුයි. සමලිංගික ක්‍රියා අපරාධ නොවන්නේ නම් මිනී මැරීමත් අපරාධයක් වන්න බැහැ. මොළය සකස් වී ඇති ආකාරයට වග කියන්නේ කවු ද? එයට දඬුවම් කරන්නේ කෙසේ ද? කාට ද? මිනි මැරීමට වරද කරුවා ජාන ද නැත්නම් කැකිල්ලෙ රජ්ජුරුවො ද?

      Delete
    2. හරකෝ, නාථ සිල්වා කියන ගොන් කතා මෙතන පේස්ට් කරන්නේ මොකටද? සමලිංගික ක්‍රියාව චේතනාන්විතව කරනවා සහ දණ්ඩ නීතියේ අපරාධයක් කියා තියෙන නිසා එය අපරාදයක් වෙනවනම්, දණ්ඩ නීතිය විෂම ලිංගිකත්වය අපරාදයක් සහ ිසමලිංගිකත්වය අපරාධයක් නොවේ කියල වෙනස් කලොත් උඹ සමලිංගික ක්‍රියා විතරක් කරනවද? ගොන් හරකා

      Delete
    3. @ ලක්ෂාන්
      සමාජයෙන් දුරස්තව බවුන් වඩමින් සිටි අයෙකු එහෙම වෙනකෙකු ගේ හෝ පිරිසක ගේ ඉත්තියක වීමට ඇති ඉඩ කඩ අඩුයි නේද?

      ඇය කොහේ හෝ ආරාමයක ෆේස්බුක් බලමින්, පත්තර කියවමින්, රූපවාහිනී නරඹමින් සිටියා විය යුතුයි!

      Delete
  4. සටකපටි දේශපාලනේ අදුරු තැන් මිනිස්සුන්ගේ ලේ වලටම කිදා බැහැලා

    ReplyDelete
    Replies
    1. නමුත් මේ සිදුවීම කාන්තාවන් සම්බන්ධයෙන් නම් ඉදිරි පියවරක් ලෙසත් සළකන්න හැකියි!

      Delete
  5. විමල් වීරවංශ මහතා සුළු සුළු හොරකම් කළා විය හැක. සමහරවිට මේවා වැරදීම් විය හැකිය. එහෙත් ඒ නිසාම ඒ මහතා පිට දමා සුළු ජාතික අන්තවාදයේ ආතල් එක විකිණීමේ වැඩසටහන වෙනම ක්‍රියාත්මක වීම අපට අනුමත කළ නොහැක. වීරවංශ මහතාගේ හොරකම් හොයා බලන මුවාවෙන් ඒ මහතා පෙනී හුන් මතවාදය මර්දනයට ඒවා යොදාගන්න ඉඩ දිය නොහැක. වට කීයක් කැරකුනත් ඔය සුළු ජාතික අන්තවාදී ටොපිය අපි කන්නේ නැත.

    - විමල් වීරවංශ සුරැකීමේ ජාතිකවාදී සංවිධානයේ කැඳවුම්කරු

    ReplyDelete
  6. උඹයි විමල් පුතා සමත් !

    ලක් වැසියන් පොළවෙ හැපී
    අහවල් එකෙනුත් වැඳපී
    එහෙව් රජ මමත් කාපී
    පුත නුඹටත් කවමි ටොපී

    ජාතිය රන් තලියක් වේ
    ආගම ගිනි ගුලියක් වේ
    දෙක විකුණන්නට මෙලොවේ
    එකෙක් වෙතොත් පුත නුඹ වේ

    එහෙව් කේස් ලංකාවේ
    දූෂණ දසතින් අහුවේ
    ඇදුණොත් හරි කතා ලොවේ
    උඹෙත් මගෙත් නම් කියවේ

    පෙර කළ වාහන හොරකම්
    අහු වී ලැබුණත් ගැරහුම්
    අඹරණු ගුලි පුළුවන් නම්
    උඹයි වීර පුතා උතුම්

    තමන් ලැබූ ඇමති පොතේ
    කොටසක් තම පවුල වෙතේ
    නොම ගත්තොත් උඹෙන් පුතේ
    පවුලට කිසි පලක් නැතේ

    ඒකට වැඩ කොට දිගටත්
    හරහට ලැබුණ ම ටොපියත්
    'රට' ගැන බයිල ම කියතොත්
    උඹයි විමල් පුතා සමත්

    ජනයට හිමි පොදු දේ නම්
    බදු බර තව නැති බැරි කම්
    එතැනදි ජාතිය විකුණං
    කෑම තමයි හොර - විරු කම්

    රජයෙදි ඉහගෙන කන්නේ
    විපසෙ දි 'පලි' මොර දෙන්නේ
    විමලුන් බව කියමින්නේ
    'වීරයා' ඇතුළට යන්නේ

    ¬ චීන ජාති(ක)වාදී පී. මහේන්ද්‍ර කිංකොං

    ReplyDelete
    Replies
    1. මුන්ට ඩොලර් තියා ඩොලර් සතවත් ගෙවන්නේ නැහැ. දේශපාලන විකෘති නිසා නොමිලේ කරන වැඩක් මේක. සුළු ජාතික අන්තවාදය වෙනුවෙන් පෙනී සිටීම

      Delete
    2. නියම කවිය විතරක් නෙමේ ඉයන්, නියම කියමනක්. පුදුම වැඩක් යකෝ මේක, හොරෙක්ට හොරෙක් කියන්න අයිතියක් නැති රටක්නේ. ඇයි බං ඇත්ත කළුයි කියලමයිනේ සමහරු කියන්නේ.

      Delete
  7. සිතයි, ගතයි දෙකම නිවිලා ගියා. ඇල්වතුර නිවන්න ඕන උනු වතුරෙන්ම තමයි කියලා හිතෙන්නේ මේ වගේ චරිත ගැන කියෙව්වාම. පව් භාවනාව. පිං කෙලෙස් වැඩීම. මොනවා වුනත් කාන්තා අයිතියට ගරු කරමු. නූතන ථේරී ගාතාවත් නිතර මෙනෙහි කරානම් මීටත් වඩා ආතල්.

    ReplyDelete
  8. සිනුවර පිංකළ පියෙකු ලෙස පරසිදුව සිට
    රිලවුන්ගෙන් බණ අසා දෙව්දත් නිකායේ පැවිදව
    අසවල් නිමිත්ත කරනකොට බවුන් වඩා (ර/හ/හු)ත් භාවයට පැමිණ
    ජේතවනාරාමයට ගල් ගැසූ

    “සිපිපි (ර/හ/හු)තුන්ගේ” ථෙර ගාථා

    බ්ලොග් ලොවට කෙලිනට
    ලියන උන් බෙලි කැපුමට
    නොහැක කිසි කලෙකත්
    ඇනෝ නොගසා ඉන්නට

    එපා රට ජාතියක්
    එපා මට බුදුදහමක්
    විදෙස් සුළු දිය බිව්
    නපුංසක මග යමි මම

    ReplyDelete
  9. රසික, කොමෙන්ට්ටු කියෙව්වම හිතෙන්නේ දෙබරෙට ගලක් ගැහුවා වගේ වැඩක් උනේ කියලා. සිල් මෑණියෝ ගැන ලිව්වම අදාළවත් නැති විමලෙක් ගැන කියනවා. කොපි පේස්ට් කරලා වගේ ඇනොලා. හික්. කවිය සුපිරි.

    ReplyDelete
    Replies
    1. ඇනෝලා කවදත් ඇනෝලා ය.

      විමලේ ගැන ලියන්නේ මේ දස සිල් කාන්තාවගේ සත්‍යග්‍රහය විමලේ රිමාන්ඩ් කිරීමට සම්බන්ධ යැයි සැක කර විය යුතුයි!

      Delete
  10. මේක එතරම් සුදුසු එයක් නොවේ ඇය​ට

    ReplyDelete
    Replies
    1. දස සිල් කඩවෙන්නේ නෑ නේද?

      Delete
    2. දස සිල්

      1. Panatipata veramani sikkhapadam samadiyami
      I undertake the precept to refrain from destroying living creatures.

      2. Adinnadana veramani sikkhapadam samadiyami
      I undertake the precept to refrain from taking that which is not given.

      3. Abrahmacariya veramani sikkhapadam samadiyami
      I undertake the precept to refrain from sexual activity.

      4. Musavada veramani sikkhapadam samadiyami
      I undertake the precept to refrain from incorrect speech.

      5. Suramerayamajja pamadatthana veramani sikkhapadam samadiyami
      I undertake the precept to refrain from intoxicating drinks and drugs which lead to carelessness.

      6. Vikalabhojana veramani sikkhapadam samadiyami
      I undertake the precept to refrain from eating at the forbidden time (i.e., after noon).

      7. Nacca-gita-vadita-visuka-dassana veramani sikkhapadam samadiyami
      I undertake the precept to refrain from dancing,singing, music, going to see entertainments.

      8. Mala-gandha-vilepana-dharana-mandana-vibhusanatthana veramani sikkhapadam samadiyami
      I undertake the precept to refrain from wearing garlands, using perfumes, and beautifying the body with cosmetics.

      9. Uccasayana-mahasayana veramani sikkhapadam samadiyami
      I undertake the precept to refrain from lying on a high or luxurious sleeping place.

      10. Jatarupa-rajata-patiggahana veramani sikkhapadam samadiyami
      I undertake the precept to refrain from accepting gold and silver (money).

      Delete
  11. රසික “සිපිපි (ර/හ/හු)තුන්ගේ” ථෙර ගාථාව ගැන මොකද හිතන්නෙ ?

    ReplyDelete
    Replies
    1. ඒ සිඟිති ආතල් ගැන මම කිසිත් නොසිතමි.

      Delete
  12. //ශාසනයට කැපවී සසර කෙටි කරගැනීමට සිටින අප වැනි අයට තිබෙන කැක්‌කුම සිංහලයාට නැතිවීම කනගාටුදායකයි.//

    ඒක තමයි. සසර කෙටි කරගන්න පෙලපාලියක්වත් යන්න ඕනෙ

    ReplyDelete
    Replies
    1. සසර කෙටි කර ගත හැකි එක මගක් නම් සසර යන්නේ ඇති ස-යනු දෙක වෙනුවට එක ස-යන්නක් පමණක් යෙදීමයි.

      Delete
  13. දවස් දෙක යද්දි අනේ මාව හොස්පිටල් ගෙනියන්න කියලලු නේද..?

    ReplyDelete
    Replies
    1. අනේ පව්!
      දැන් කොහොමද දන්නවාද සෞඛ්‍ය තත්වය?

      Delete
  14. රසික ,

    ඔබද දන්නා පරිදි දළදා මාලිගාව බොහෝ විදේශික සංචාරකයන්ද පැමිණෙන ස්ථානයකි. ඇතැම් සංචාරකයෝ වන්දනාව සඳහා පැමිණෙන අතර ඇතැම්හු ස්ථානය නැරඹීම සඳහා පැමිණෙති. මේ අතරින් සැලකිය යුතු පිරිසක් සංචාරක මගපෙන්වන්නන් වෙතින් සේවය ලබති.

    එම සංචාරකයන්ගෙන් කෙනෙකු මේ සිල් මාතාව දැක ඇයගේ ක්‍රියාව සම්බන්ධයෙන් තම සංචාරක මගපෙන්වන්නා වෙතින් මේ පිළිබඳව විමසා සිටියහොත් එම සංචාරක මගපෙන්වන්නා මෙය කෙසේ විස්තර කළ යුතුද?

    මෙය කාන්තාවන්ට සම අයිතීන් ව්‍යාපාරයේ තවත් ජයග්‍රාහී ඉදිරි පියවරක් ලෙස විස්තර කළ යුතුද එසේ නැතිනම් ශ්‍රී ලංකාව තුළ පවතින අදහස් ප්‍රකාශකිරීමේ නිදහස පිලිබඳ උදාහරණයක් ලෙස විස්තර කළ යුතුද ?
    ශ්‍රී ලාංකික සංචාරක මගපෙන්වන්නන් බහුතරයක් “සම අයිතීන්” භාවිතාවේ යොදවන සහ ඒ වෙනුවෙන් පෙනී සිටින පිරිසක් වීම සංචාරක ව්‍යාපාරයේ ප්‍රගමනයට මහත් වූ ශක්තියක් නොවේද?

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලාංකික සංචාරක මගපෙන්වන්නන් අතරින් සැලකිය යුතු කොටසක් සමරිසිය.විශේෂයෙන් මහලු සංචාරකයෝ ඔවුන් තෝරාගනිති. එහි කිසිදු වරදක් නොමැත.

      Delete
    2. සංචාරක මගපෙන්වන්නන් සඳහා බලපාන යම් රීති මාලාවක් ඇති යැයි සිතමි. ඔවුන් ඒ අනුව තම මාර්ගෝපදේශන සේවය ලබා දිය යුතුයි.

      Delete
  15. මම කවදත් කියන්නේ ඔය කතාවමයි...ලාංකිකයෙකුට ඇති මුලික මිනිස් අයිතිවාසිකම් පැවිද්දන් හටද ලැබිය යුතුය..ඔවුන්හට රියදුරු බලපත්‍ර, කෑම බිම, ලිංගික අයිතිවාසිකම් අනෙක් පුරවැසියන් සේම නීතියෙන් ලැබිය යුතුය. පැවිද්ද ඔවුන්ගේ පවුද්ගලික දෙයක් හෝ පැවිදි ගෝත්‍රයට අයිති දෙයක්... නමුත් ඔවුන් පුරවැසියන්.

    ReplyDelete
    Replies
    1. පුරවැසි අයිතිවාසිකම්වලින් සමහර දේ පැවිද්දන්ට අහිමි කර ඇත්තේ ඒ ඒ පැවිදි ගෝත්‍ර කණ්ඩායම් විසින් ම නේද?

      Delete
  16. මේ සිල් මෑණියන් හට තමන්ගේ අදහස ප්‍රජාතන්ත්‍ර වාදීව ඉදිරිපත් කරන්නට අයිතියක් තිබේ. ඇය ගෙන් කාටවත් හිංසාවක් නැත.එසේම එය විවේචනය කිරීමට රසිකටද අයිතියක් තිබේ.

    ReplyDelete
    Replies
    1. එසේ ය.

      නමුත්, ඇයව පසුව රෝහල්ගත කිරීමට සිදුව ඇත. ඒ මහජන මුදලින් නඩත්තුවන රජයේ රෝහලකට යැයි සිතමි. එසේ නම්, දැන් රෝහලේ වියදම් පියවෙන්නේ කෙසේ ද? ඒ පිරිවැය ඇත්තටම ආහාර ගැනීමට වත්කමක් නොමැති වෙනත් පුරවැසියෙකු සඳහා වැය කරන්නට තිබුණා නොවේ ද?

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.