මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Monday, 11 January 2016
දින පොතේ පිටු දෙකක සටහන් නොහොත් ජීවිතෙන් සති දෙකක් බ්ලාස් ගිය හැටි - New year begins today!
පසුගිය දෙසැම්බර් විසි අට වෙනිදා මගේ දවසම ගෙවුණේ මරදානේ ය.
මරදානේ ඉපදුණු, සිව් වසරක්ම මරදානේ පාසල් ගිය මට මරදාන යනු නුපුරුදු තැනක් නොවේ. නමුත්, මෙදා මට මරදානේ දී වැඩ වැරදුණි!
ඉර මුදුන් වෙනතුරු මා දවසේ මුලින් ම ක්‍රියාන්විත පැය කිහිපය ගත කළේ විදෙස් ගමන් බලපත්‍ර කාර්යාලයේ ය. නැවත හවස් වරුවේ එහි එන බලාපොරොත්තුවෙන් එතැනින් පිට වී, දවසේ අපරභාගය ගත කළේ විජේසූරිය, දයාවංශ ජයකොඩි, සූරිය සහ සුරස පොත්හල්වල ය. දවල්ට කෑවේ බිම් මහලක තිබුණු අයිල කඩයකිනි.
උසුලා ගෙන යන්නට බැරි පොත් කන්දක් ඒ වෙන විට එකතු වී තිබුණු නිසාත්, පාස්පෝට් ඔෆීසියේ යටිමහලේ තිබුණු සංහිඳ පොත්හලට යාමට තිබුණු නිසාත්, මරදානේ ගොඩගේ පොත්හලට යාම පසු දිනකට කල් දැම්මෙමි.
කල් ඉකුත් වී වසර අටහමාරක් ගත වී තිබුණු මගේ විදෙස් ගමන් බලපත්‍රය වෙනුවට ලබාගත් අලුත් බලපත්‍රයද, කිලෝ විස්සක් පමණ පොත් මලු කිහිපයක් ද රැගෙන මරදානෙන් පිටත් වූයේ හවස පහමාරට පමණ වුවද, පිළියන්දල-කොළඹ මාර්ගයේ ඉඳිකිරීම් සහ වාහන තදබදය නිසා, මා නිවසට ළඟාවෙන විට රාත්‍රී හත ද පසු වී තිබුණි.
උදේ මා සමග නොගිය, ඇඟේ අමාරුවක් ද, කැස්සක් ද, හිසරදයක් ද, සවස මා සමග නිවසට පැමිණ තිබුණි.
එතැන් පටන් ඇරඹුණේ කහිමින් ද, හොටු හූරමින් ද, නිදා ගනිමින් ද, නිකරුණේ ඇඳ මත වැතිරී සිටිමින් ද, නිදා වැටෙමින් ද, පෙති, කරල්, කුඩු ආදී මෙකී නොකී ඖෂධ වර්ග ඇඟ ඇතුළට දමා ගනිමින් ද, මා ගත කළ ලෙඩ කපුටෙකු ගේ ජීවිතයයි.
සති තුනක් ගත කළ ලංකාවෙන් චුත වී, තවත් දවසක් ම මග ගෙවා, ඒ සතියේ ඉරිදා වෙන විට යළි සුතනඹුවන් අතරට පැමිණි මුත්, ලෙඩ කපුටු සාපය තවත් සතියක් ම පැවතුණි.
නව වසරේ සඳුදා ම කාර්යාලයට ගිය ද, ඉන් පසු දෙදිනේ ද, සිකුරාදා සහ සති අන්තයේ ද වැඩි කාලයක් ගත වුණේ ඇඳන් ගතව සිරප්, පෙති සහ කරල් සමගිනි.
අහම්බෙන් මෙන් සිදු වූ එකම වැදගත් කර්තව්‍යය වූයේ ලියනගේ අමරකීර්ති ගේ අලුත් ම නවකතාව වන අහම්බකාරක කියවා හමාර කිරීම පමණි.
අද අලුත් සේවා සතියක් ඇරඹේ.
හොඳින් හිරු පායා ඇති පැහැබර දිනයකි.
උදෑසන අටයි කාලට පමණ මා දුම්රිය පොළේ වාහන ගාලට ළඟාවෙන විට ම උෂ්ණත්වය අංශක විසි දෙකක් වී තිබුණි. හවස් වෙන විට අපේ ගම් පෙදෙසේ පරිසරය අංශක තිස් අටක් දක්වා වැඩි වීමට නියමිත බව පෙනේ. සේවා ස්ථානය පිහිටි උතුරු සිඩ්නි ප්‍රදේශය අංශක තිස් දෙකක් වීමට නියමිතය.
පසුගිය වසරේ ද මා අලුත් අවුරුද්ද ඇරඹුවේ ප්‍රමාද වී බව මතකය.
නව වසර අද ජනවාරි එකොළොස්වෙනිදා සිටවත් අරඹමි!
ජයවේවා!
-රසිකොලොජිස්ට්
ප/ලි (12/01/2016):
මේ සටහනේ ඉහළින් අඩංගු කර ඇති ඡායාරූපය පිළිබඳව තරමක උනන්දුවක් ඇති වී තිබෙන නිසා, ඒ ගැන වැඩි විස්තර ලියන්නට සිතුණි.
මේ මා ලංකාවෙන් ගෙනා කිලෝ තිහක පොත්වලින් කිහිපයකි. තවත් කිලෝ විස්සක් මුහුදු තැපෑලෙන් එනු ඇත.
මේ පොත් ලියා ඇත්තේ බ්ලොග් ලොවෙන් නම් දැනගත් අය විසින් නිසා ඒ ඡායාරූපය මෙහි පළ කළෙමි.
1. අනිත් කොන බ්ලොගය ලියන බෝධිනී සමරතුංග ගේ මනුපුර සක්මන කාව්‍ය සංග්‍රහය ඊසී-හෝම් සේවය මගින් තැපැල් මගින් ගෙන්වා ගන්නා ලදී.
2. තරු රසී බ්ලොගය ලියන තරංගනී රෙසිකා ගේ තරු ඇස් රහස් කාව්‍ය සංග්‍රහය නුගේගොඩ සරසවි පොත්හළෙන් මිලට ගතිමි.
3. වෘත්තීය කමෙන්ට්කරු ප්‍රාජේ නොහොත් ප්‍රදීප් ජයතුංග ගේ නිට්ටෑවෝ කෘතිය කතුවරයා විසින් මට තිළිණයක් ලෙස ලබා දුන්නේය.
4. පුලින තලාව බ්ලොගය ලියන පුෂ්පා රම්ලනී දිසානායක ගේ සුදු හිම පලස කෘතිය ඊසී-හෝම් සේවය මගින් තැපැල් මගින් ගෙන්වා ගන්නා ලදී.
5. බස්සීගේ නවාතැන බ්ලොගය ලියන යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ ඉතා කෙටි කලබල සිහින කාව්‍ය සංග්‍රහය දෙසැම්බර් 12 දින පැවති එළිදැක්වීමේ දී මිලට ගන්නා ලදී.
6. අනිත් කොන බ්ලොගය ලියන බෝධිනී සමරතුංග ගේ අනිත් කොන කෘතිය ඊසී-හෝම් සේවය මගින් තැපැල් මගින් ගෙන්වා ගන්නා ලදී.
7. රසවතිය බ්ලොගය ලියන හෂිත අබේවර්ධන ගේ පත් සිදුණු වසන්තය පරිවර්තන කෘතිය මහරගම සරසව පොත්හළෙන් එක් පිටපතක් ද, නුගේගොඩ සරසවි පොත්හළෙන් තවත් පිටපතක් ද මිළට ගෙන ඉන් එකක් චීන සාහිත්‍යයට රැචි මගේ සොහොයුරාට දී අනෙක රැගෙන ආවෙමි.
8. නොකී කතා බ්ලොගය ලියන හෙන්රි වර්ණකුලසූරිය ගේ දඩ කඳවුර නවකතාව මරදානේ සුරස පොත්හළෙන් මිලට ගත්තෙමි.
9. රසිකොලොජි බ්ලොගය ලියන මා ලියූ ඊ-ෆැක් මෙමොරීස් නමැති පොතේ පිටපත් පනහක් පමණ ගෙන ආවෙමි.
10. නොකී කතා බ්ලොගය ලියන හෙන්රි වර්ණකුලසූරිය ගේ නීත්‍යානුකූල ඝාතනය නම් පරිවර්තිත කියුබානු කෙටිකතා එකතුව– මරදානේ සුරස පොත්හළෙන් මිලට ගත්තෙමි.
11. කෙනිත්තුන සහ කෙනිතුව විට අවදි වුණු චිත්තය නමැති බ්ලොගය ලියන නිශ්මං රණසිංහ ගේ රේල් පීලි නවකතාව මරදානේ සුරස පොත්හළෙන් මිලට ගත්තෙමි.
12. තිලක සිත බ්ලොගය ලියන තිලකසිරි ඒකනායක ගේ තිලක සිත කෘතිය ඊසී-හෝම් සේවය මගින් තැපැල් මගින් ගෙන්වා ගන්නා ලදී.
13. යසනාත් සිතුවිලි බ්ලොගය ලියන යසනාත් ධම්මික බණ්ඩාර ගේ මුරගල කාව්‍ය සංග්‍රහය ගොඩගේ පොත්හළේ දී අහම්බෙන් දැක මිලට ගත්තෙමි.
14. වෘත්තීය කමෙන්ට්කරු ප්‍රාජේ නොහොත් ප්‍රදීප් ජයතුංග ගේ ලෙපර්ඩ්ස් ඔෆ් ලේනම කෘතිය කතුවරයා විසින් මට තිළිණයක් ලෙස ලබා දුන්නේය.
15. හකාවතී බ්ලොගය ලියන ඩෝසන් ප්‍රීති ගේ හකාවතී කෘතිය ගොඩගේ පොත්හළෙන් මිලට ගත්තෙමි.
Labels:
පොත්පත්,
මගේ ශරීර සෞඛ්‍යය,
ලේඛකයෝ
Subscribe to:
Post Comments (Atom)
නව වසරට අපෙන් සුභ පැතුම්................
ReplyDeleteසැපෙනි, සැපවේවා!
Deletethanks for the addition of the description about bloggers among the above authors. actually I knew only six of them as bloggers. that's why I commented as half of them as bloggers in my previous comment. anyway thanks Rasika, will visit their blogs as well. all the best for the new year. hope mariyakade flu is cured.
Deleteජයවේවා!! අයිල කඩේ කිව්වෙ කොහොම කඩයක්ද?
ReplyDeleteඅයිල කඩයක් ය කීවේ පිඟානක් උඩට ඉටිකොලයක් දමා එයට බත් හොඳි මාලු බෙදා දෙන කඩයකටයි.
Delete//පසුගිය වසරේ ද මා අලුත් අවුරුද්ද ඇරඹුවේ ප්‍රමාද වී බව මතකය.// පැය පහමාරනේ පරක්කු. ඕක මොකක්ද? කොහොමවුණත් ඉක්මන් සුව පතමි.
ReplyDelete//පැය පහමාරනේ පරක්කු. ඕක මොකක්ද?//
Deleteපැය පහමාරක් නෙමේ රසික අවුරුද්ද සැමරුවේ ජනවාරි නම වෙනිදා. ජනවාරි අට වෙනිදා ජන්දෙන් පස්සේ.
Deletehttp://rasikalogy.blogspot.com.au/2015/01/my-new-year-started-nicely-how-about-you.html
ජය වේවා.. පාස්පෝට් කිහිපයක් නෑනේ..
ReplyDelete/දින පොතේ පිටු දෙක සටහන් //
මට ඒක අපැහැදිලියි
වීර වංසයට උනු වැඩේ උබටත් වෙයි යකෝ...
Deleteපාස්පෝට් දෙකක් ඇත!
Deletehttp://rasikalogy.blogspot.com/2015/02/killing-goose-laying-golden-eggs.html
එය පිටු දෙකක යනුවෙන් නිවැරදි කළෙමි.
Deleteපිටු දෙකක සටහන් යනු සති දෙකක සටහන් ය. මේ දිනපොත පිටුවකට සතියක එකකි.
අලුත් අවුරුද්දට සුභ පැතුම් රසික.... මෙතනින් කීපයක් තියනවා.. ඒත් වැඩි හරිය නෑ...
ReplyDeleteපොත් දෙකක් එහි කතුවරයාගෙන් නිවසටම ලැබුණි.
Deleteතව කිහිපයක් තැපෑලෙන් ගෙනවා ගෙන තිබුණි. අනෙක්වා මෙවර මිළට ගතිමි. ඉන් පොත් දෙකක් ගන්නට සෑහෙන කට්ටක් කෑමට සිදුවිය.
සුභ නවවසරක් වේවා රසික!
ReplyDeleteසැපෙනි, සැපවේවා!
Deleteඅවුරුද්දට පරක්කු සුභපැතුම්!
ReplyDeleteබෙටර් ලේට් දෑන් නෙවර් කිව්වලු නේ!
Deleteබ්ලොග් සහෘදයන්ගෙ පොත් බොහොමයක් අරන් ඇති බව පේනවා. ඒ අතර තරු ඇස් රහස් දකින්න ලැබීමත් සතුටක්..
ReplyDeleteඔය කැස්ස, හිසරදය ගැන නම් කතා කර ඵලක් නැත. ඉස්තරම්ම ආකාරයට විඳවමින් ඉන්නෙ. බස්සිගෙ පොත එළිදුටු දවසෙ යාම්තම් කතන්දර අයියා දැක බලා ගන්නට හැකි වීමත් සතුටක්..
සුබ නව වසරක් අයියේ...
තරු ඇස් රහස් හොයන්න පොඩි පහේ කට්ටක් කෑවෙමි!
Deleteඑහෙන් චුත වෙලා මෙහේ ආවේ පොත් ගන්නද මචන්.
ReplyDeleteපරක්කු වෙලා හරි සුභ නව වසරක්.
දිනෙක දෙතැනින් ම චුත වෙමි!
Deleteඔන්නොහෙ ඕක පළවෙනිදම පටංගත්තෙ නැති උනාට මොකෝ.
ReplyDeleteපටංගත්ත දවසෙ ඉඳල අවුරුද්ද සුබ වේවා !
සැපෙනි, සැපවේවා!
Deleteපරක්කු නොවන අරක්කු ටිකක් අරගෙන ගියෙ නැත්ද? අදින් පටන් ගත් වසර සේවයේ හා දිවියේ තෘප්තිමත් එකක් වේවා.
ReplyDeleteඑක් සාදයක දී තෙවරප්පෙරුම උන්නැහේ නම් හමුවිය!
Deleteරසික
ReplyDeleteලංකාවෙ ට්‍රැපික් ගැනනම් කියල වැඩක් නෑ.පහුගිය සතියේ දවසක කොටුව දුම්රියපොල ලඟින් සවස 5.00 ට බසයක නැග 7.20 ට පමන නුගේගොඩට පැමිනියෙමි.අහම්බකාරක මමද කියවා අවසාන කලෙමි.මරදානේ පොත් කඩවලට යාමට තවමත් නොහැකිවිය.
මං නං නුගේගොඩ සහ හයිලෙවල් පාර මගහැරියා හැකි සෑම විටම!
Deleteනව ජවයෙන් දිගු ගමනකට සුභ වේවා..!!
ReplyDeleteජයවේවා..!!
ජය හෝ!
DeleteGet well soon !
ReplyDeleteHappy reading !
looks like he has bought one of your books as well. Shouldn't you be thanking him?
Deleteඒ පොත් දෙක ප්‍රාජේ විසින් මට තෑගි කරන ලද ඒවා ය.
Deleteස්තුතිය මගෙන් ඔහුට ය.
වෘත්තීය කමෙන්ට්කරු ප්‍රාජේගේ "නිට්ටෑවෝ" පොත සිංහලට පරිවර්තනය කරන්න අපේ බ්ලොග්කරුවෙක්ම වැඩ පටන් අරන් තිබුනා නේද ?
Deleteකියවන්න ඇති පදමට පොත් තියෙන කොට වැඩියෙන්ම ඕනේ නිවාඩු තමයි මට නම්.
ReplyDeleteඒකනම් ඇත්ත. මට නං කෝච්චියේ පිහිටයි!
Deleteමම නම් අළුත් අවුරුද්දේ කල පළවෙනි රාජකාරිය තමයි "ෂාජා ඇල්කොහොල් ලයිසන්" එක ගැනීම. අවුරුදු 15ක් යූ.ඒ.ඊ වල හිටියට ලයිසන් ඕනේ උනේ නෑ, මොකද මගේ යාළුවෙක් හිටියේ "ෆුජේරා" කියන ඕපන් පබ් තියෙන ස්ටේට් එකේ නිසා සප්ලයි වලින් අඩුවක් උනේ නෑ. යාළුවා යූ.ඒ.ඊ දාලා ගිය නිසා රහ මෙර සපයාගැනීමේ ලොකු ගැටළුවක් තිබුනා.
ReplyDeleteඔන්න ඉතින් ජය සිරි මංගලම් කියලා ඒකත් හරි...... අනික මෙහේ පොලීසියට බෝතල් දෙක ගාණේ දෙන්න ඕනෙත් නැති නිසා, දැන් ගෙදර අයුතු ජනරාශියක් දාලා පොඩි ජොලියක් දාලා, මට ස්වේච්ඡාවෙන් බිල්ඩිමෙන් පනින්න උවමනාවක් වෙන්නේ නෑ. මොකද දැන් ලයිසන් හිමි බීම කරු.....!
පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා.........!
එහෙනම් දැන් ලයිසොං සහිත බොනපාට්වරයෙක්!
Deleteජයවේවා!
අපට ඕන දවස තමා පටන්ගන්න දවස
ReplyDeleteඑහෙං ඉතිං පට්ටාං ගනිමු!
Deleteපාස්පෝට් පොත ගත්තද මතක ඇතුව... ඒක නම් පොත් කඩවල නෑ....
ReplyDeleteකවදත් මං නං පූස්පාට් එකට තමයි කැමති!
Deleteඅප්පෝ කොළඹ නම්.. මට නම් කොළඹ යනවා කියන්නේ අපායට යනවා වගේ වැඩක්. ජනවාරි 7 වෙනිදා ගියා කොළඹ. තාම හෙම්බිරිස්සාව..
ReplyDeleteColombo කියා පොතක් තියෙනවා කාල් මියුලර් ගේ. මට දෙවෙනි චැප්ටර් එකෙන්ම එපා වුනා ඒ තරමටම භයානකයි කොළඹ!
Deleteඅසනීප මැද්දෙන් අපි කාගේ කාගත් පොත් ටිකත් උස්සන් ඇවිල්ලනේ . ඉක්මන් සුවය පතනවා
ReplyDeleteඔබේ පොත සහ තවත් පොත් කිහිපයක් අර තැපැල් සේවයෙන් ලංකාවේ අම්මාගේ නිවසට ගෙන්නා ගත්තා!
Deleteපාස්පෝට් දෙක තුනක් අරන් ආවේ නෑනේ, පොත් වල සිහියෙන්.
ReplyDeleteබ්ලොග් සෙට් එකේ අයගෙන් දැනට මගේ ලග තියෙන්නේ තරූ අක්කගේ පොත විතරයි.
පමා උනත් අවුරුද්දට සුබ පැතුම්.
මා දැක්කා තරුගේ පොත ගැන ඔබ ලියා තියෙනවා!
Deleteසිව් වසරක්ම මරදානේ පොත පිටරටක ඉන්න කෙනෙක් ගන්නේ කොහොමද pdf copy එකක්වත් තියනවද ?
ReplyDeleteලිපිනය එවන්න.
Deleterasikologist@gmail.com
ගත්තු පොත් කන්දරාවෙ මගේ පොත් දෙකක් තියෙනව දකින්න ලැබීම සතුටක්. දැන් ඉතිං ගත්ත වගේ නොවෙයි. කියවන්නත් එපැයි.
ReplyDeleteතවමත් කියවීමට කාලය නොලැබුණි!
Deleteප/ලි:
ReplyDeleteමේ සටහනේ ඉහළින් අඩංගු කර ඇති ඡායාරූපය පිළිබඳව තරමක උනන්දුවක් ඇති වී තිබෙන නිසා, ඒ ගැන වැඩි විස්තර ලියන්නට සිතුණි.
මේ මා ලංකාවෙන් ගෙනා කිලෝ තිහක පොත්වලින් කිහිපයකි. තවත් කිලෝ විස්සක් මුහුදු තැපෑලෙන් එනු ඇත.
මේ පොත් ලියා ඇත්තේ බ්ලොග් ලොවෙන් නම් දැනගත් අය විසින් නිසා ඒ ඡායාරූපය මෙහි පළ කළෙමි.
1. අනිත් කොන බ්ලොගය ලියන බෝධිනී සමරතුංග ගේ මනුපුර සක්මන කාව්‍ය සංග්‍රහය ඊසී-හෝම් සේවය මගින් තැපැල් මගින් ගෙන්වා ගන්නා ලදී.
2. තරු රසී බ්ලොගය ලියන තරංගනී රෙසිකා ගේ තරු ඇස් රහස් කාව්‍ය සංග්‍රහය නුගේගොඩ සරසවි පොත්හළෙන් මිලට ගතිමි.
3. වෘත්තීය කමෙන්ට්කරු ප්‍රාජේ නොහොත් ප්‍රදීප් ජයතුංග ගේ නිට්ටෑවෝ කෘතිය කතුවරයා විසින් මට තිළිණයක් ලෙස ලබා දුන්නේය.
4. පුලින තලාව බ්ලොගය ලියන පුෂ්පා රම්ලනී දිසානායක ගේ සුදු හිම පලස කෘතිය ඊසී-හෝම් සේවය මගින් තැපැල් මගින් ගෙන්වා ගන්නා ලදී.
5. බස්සීගේ නවාතැන බ්ලොගය ලියන යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ ඉතා කෙටි කලබල සිහින කාව්‍ය සංග්‍රහය දෙසැම්බර් 12 දින පැවති එළිදැක්වීමේ දී මිලට ගන්නා ලදී.
6. අනිත් කොන බ්ලොගය ලියන බෝධිනී සමරතුංග ගේ අනිත් කොන කෘතිය ඊසී-හෝම් සේවය මගින් තැපැල් මගින් ගෙන්වා ගන්නා ලදී.
7. රසවතිය බ්ලොගය ලියන හෂිත අබේවර්ධන ගේ පත් සිදුණු වසන්තය පරිවර්තන කෘතිය මහරගම සරසව පොත්හළෙන් එක් පිටපතක් ද, නුගේගොඩ සරසවි පොත්හළෙන් තවත් පිටපතක් ද මිළට ගෙන ඉන් එකක් චීන සාහිත්‍යයට රැචි මගේ සොහොයුරාට දී අනෙක රැගෙන ආවෙමි.
8. නොකී කතා බ්ලොගය ලියන හෙන්රි වර්ණකුලසූරිය ගේ දඩ කඳවුර –නවකතාව මරදානේ සුරස පොත්හළෙන් මිලට ගත්තෙමි.
9. රසිකොලොජි බ්ලොගය ලියන මා ලියූ ඊ-ෆැක් මෙමොරීස් නමැති පොතේ පිටපත් පනහක් පමණ ගෙන ආවෙමි.
10. නොකී කතා බ්ලොගය ලියන හෙන්රි වර්ණකුලසූරිය ගේ නීත්‍යානුකූල ඝාතනය නම් පරිවර්තිත කියුබානු කෙටිකතා එකතුව– මරදානේ සුරස පොත්හළෙන් මිලට ගත්තෙමි.
11. කෙනිත්තුන සහ කෙනිතුව විට අවදි වුණු චිත්තය නමැති බ්ලොගය ලියන නිශ්මං රණසිංහ ගේ රේල් පීලි නවකතාව මරදානේ සුරස පොත්හළෙන් මිලට ගත්තෙමි.
12. තිලක සිත බ්ලොගය ලියන තිලකසිරි ඒකනායක ගේ තිලක සිත කෘතිය ඊසී-හෝම් සේවය මගින් තැපැල් මගින් ගෙන්වා ගන්නා ලදී.
13. යසනාත් සිතුවිලි බ්ලොගය ලියන යසනාත් ධම්මික බණ්ඩාර ගේ මුරගල කාව්‍ය සංග්‍රහය ගොඩගේ පොත්හළේ දී අහම්බෙන් දැක මිලට ගත්තෙමි.
14. වෘත්තීය කමෙන්ට්කරු ප්‍රාජේ නොහොත් ප්‍රදීප් ජයතුංග ගේ ලෙපර්ඩ්ස් ඔෆ් ලේනම කෘතිය කතුවරයා විසින් මට තිළිණයක් ලෙස ලබා දුන්නේය.
15. හකාවතී බ්ලොගය ලියන ඩෝසන් ප්‍රීති ගේ හකාවතී කෘතිය ගොඩගේ පොත්හළෙන් මිලට ගත්තෙමි.
කියවීමෙන් සහ බ්ලොග් ලිවීමෙන් පරිපූර්ණ සුභ නව වසරක් පතමි .... !! පොත් ටික දැකල කෙළ ඉනුවා, බඩ එහෙම රිදුනොත් අපි නෑ ඔන්න ...
ReplyDeleteඑව, කව!
Deleteජය වේවා
ReplyDeleteඑසේම වේවා!
Delete[ව වසරේ සඳුදා ම කාර්යාලයට ගිය ද, ඉන් පසු දෙදිනේ ද, සිකුරාදා සහ සති අන්තයේ ද වැඩි කාලයක් ගත වුණේ ඇඳන් ගතව සිරප්, පෙති සහ කරල් සමගිනි.]
ReplyDeleteඔය රටෙත් හෙම්බිරිස්සාවට පෙති කරල් දෙන ඩොකාලා ඉන්නවද ? :)
ඒ බෙහෙත් හෙම්බිරිස්සාවට නොවේ!
Deleteමගේ පොතත් තිබීම ගැන සතුටුයි.කණගාටුව පැමිණි බවවත් නොදැනීම.පසුගිය කාලය ගෙවුණේ නිවසේමයි.දැණුත් එහෙමයි.හේතු මගේ බ්ලොගයට ගොඩ වුණොත් දැක ගන්නත් හැකියි.එසේ නොවුණානම් බස්සිගේ හ්ම් හ්ම් ගෑවිල්ලෙදි අපිට හම්බවෙන්න තිබුණා.
ReplyDeleteඊ ළඟ පාර ආවමවත් මුණගැහෙයි කියා හිතනවා.මුණ නොගැහී වුණත් ඔබ නිර්මාණ කටයුතුවලදි මා සමඟ ඉන්න සහෘදයෙක් යන්න මගේ හෘද සාක්ෂියෙ හැමදාම තියෙනවා.
පොත බලල අඩු -පාඩු සමඟ පුංචි කෑල්ලක් ලියන්න.ඒ ඔක්කොම කරන්න කළින් මහද්වීප වෙනස් වුණාට වෙනස් නොවී පස්සෙන් පන්නන ලෙඩ රෝග වලට අවශ්‍යය ඖෂධ ආරක්ෂාව නොපිරිහෙලා සන්නද්ධව තබා ගන්න.
ස්තූතියි,සැපවේවා.නිදුක් නිරෝගි වසරක් වේවා!
තවමත් රේල් පීලි නවකතාව කියවීමට කාලය නොලැබුණි!
Deleteස්තූතියි රසික අයියා, පොත් කියවලා ඒ ගැන ලියන කතා කියවන්නත් බලාගෙන ඉන්නේ. සුභ නව වසරක් !
ReplyDeleteතවමත් කියවීමට කාලය නොලැබුණි!
Deleteසුදු හිම පලස pdf ekak thiyenawada
ReplyDeleteලේඛකාවගේ බ්ළොග් අඩවියේ පළ වී ඇති ලිපි මෙතැනින් කියවිය හැක.
Deletehttps://pdissanayake.blogspot.com/