Monday 2 January 2017

වාසනාවන්ත 2018 නව වසරට ආසිරි සහ 2016 ලග්න පලාපල - Happy new year 2018 to all


උදාවෙන 2018 නව වසර ඔබ සැමට ජොලි ගුඩ් නිව්ඉයරයක් ම වේවා යැයි ඉත සිතින් පතමි!

වෑර් මාරු වීමක් නොවේ.

කොහොමටත් 2017 සඳහා සුබ පැතීමට දැන් ප්‍රමාද වැඩි ය. ඒ නැතිවුණත්, මට අවශ්‍ය වූයේ 2018 වසර සඳහා ඔබට සුබ පතන ලෝකයේ පළමුවැන්නා වීමයි.

තව දින 364 කින්, වෙනත් අය ඔබට සුබ නව වසරක් කියා ප්‍රාර්ථනා කරන විට, 2018 සඳහා ඔබට මුලින් ම සුබ පැතුම් ලැබුණේ කාගෙන් දැයි සිහිපත් වෙනු ඇත.

ඒ සමගම 2016 වසර සඳහා ප්‍රකාශිත ලග්න පලාපල පහත සබැඳියෙන් කියවා බලන්න අතපසු කරන්න එපා.

http://www.divaina.com/2015/12/31/feature03.html

එමගින් ඔබේ ලග්නය සඳහා කියවුණු අනාවැකි කීයක් නම් ගෙවුණු 2016 වසර තුළ සත්‍ය වී ඇතිදැයි ඔබට දැනගත හැකි වෙනු ඇත!

සැමට ජයවේවා.

-රසිකොලොජිස්ට්

33 comments:

  1. ලෝකයේ තාමත් ජාතීන් ඇත්තේ දෙකයි. ඒ සිංහල හා චීන.

    ReplyDelete
    Replies
    1. සිංහලයන් හා චීනුන් හැරෙන්න අනෙක් අය සම්බන්ධයෙන්. ජාතිය කියන එක මවාගත් සංකල්පයක්

      Delete
  2. 2017 ප්‍රීතිමත් වසරක් වේවා!!

    ReplyDelete
  3. සුබ 2017 ක් වේවා !

    ReplyDelete
  4. Replies
    1. ස්තුතියි,

      හැබැයි ඔබ මට 2019 ට සුභ පැතූ පළමුවැන්නා නොවේ!

      Delete
  5. Wish you a happy new year in 2020. Be happy after 2020 & u can suffer until 2020 as you wish. Bad luck & wish you to have a very tough time.

    ReplyDelete
  6. මුවන් පැලැස්ස තේමා වාදනය දන්න කෙනෙක් ඉන්නවද?

    ReplyDelete
  7. බැලුව... එකක්වත් හරි ගිහිං නෑ

    ReplyDelete
    Replies
    1. මේ අවුරුද්දේ ඒවත් ඒ වගේ ම තමයි. බොරු නම් බලන්නකෝ ලබන ජනවාරියේ දී!

      Delete
  8. විභාගවලට පෙනී ඉන්න අයට සාර්ථක ප්‍රතිඵල කියන තියෙනවා. මගේ අයිඩෙන්ටිය විභාගෙට දවස් කීපෙකට කලින් නැතිවුණ හින්ද විභාගෙ ලියන්නම බැරිවුණා..,! !! 

    ReplyDelete
    Replies
    1. විභාගය ලියන්න අවශ්‍යතාවක් තිබිලා නෑ!!!

      Delete
  9. උදාවෙන්නාවූ 2018 නව වසර ඔබේත් සියලු පැතුම් ඉටු වෙන වසරක් වේවා...!

    ReplyDelete
  10. මගේ ඕවා ගැන දොයිතුවක විශ්වාසයක් නැහැ රසික.

    ReplyDelete
    Replies
    1. අවුරුද්ද අවසානයේ ඒවා බලන එක මගේ විනෝදාංශයක්, හරි ම ජොලි!

      Delete
  11. මම ලග්න පලාපල විස්වාස නොකරමි

    ReplyDelete
    Replies
    1. “තුන්වන ලෝකයේ හිඟන රටක වෘත්තීය සංගම් වල (Sri Lanka College of Psychiatrists හි) ලියාපදිංචි අවශ්‍ය නැත”.

      එකල පැවති දේශපාලන මණ්ඩලයේ යෝජනා සම්මතය පරිදි සමාජවාදී සෝවියට් දේශය විසින් 1980 දශකයේ දී අකනිටා බඹ ලොව සිට මනුලොව දක්වා සොයා බලා, ඉන් පෙර ”තුන්වන ලෝකයේ හිඟන රටක” රජ පවුලක සඳුන් ගැටයක් අතින් දරා උපන්, රන් හැන්දෙන් රන්කිරි කට ගෑ මහෞෂධ කුමරුවෙකු නිසි කල පැමිණි කල ඒ රටින් රැගෙන තම රට ගෙනගියේ වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙනු සඳහාය.

      ඒ කුමක් නිසාවත් නොව “ ඒ හිඟන රටින් ” තම භූමියට පැමිණ වෛද්‍ය අධ්‍යාපනය ලබන පින්වත් කුමරුවකු අනාගතයේදී “පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය” පිලිබඳ පර්යේෂණ නිසාම වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් වන අනාගත නොබෙල් ත්‍යාගයෙන් වසර 2017 දී පිදුම් ලබන බවද, ඔහු වෛද්‍ය අධ්‍යාපනය ලැබූ වෛද්‍ය විද්‍යාලයද ඒ අයත් රටද ඒ නිසාම මහත් කීර්තියකට පත්වන බවද අවසාන සාර් රජතුමාට රස්පුටින් කියූ අනාවැකියක් සඳහන් ලේඛනයක් ලුනචාර්ස්කි විසින් සොයාගනු ලැබ තිබීම නිසාය.

      මේ ලෝ ප්‍රකට විශේෂ (අ)ඥ මනෝ වෛද්‍යතුමා MD උපාධිය ලබා අර “හිඟන රටට” පැමිණ කොතෙක් උත්සාහ කළ අර “හිඟන රටේ” MD උපාධිය නම් ලබා ගත නොහැකි වීම අර “හිඟන රටේ” කරුමයයි.

      සමහර කට හැකරයන්නම් කියන්නේ අර “හිඟන රට” හඳට රොකට් යවා නැති නමුත් ඒ රටේ MBBS උපාධිය අර රටේ MD උපාධියට වඩා උසස් බව බටහිර රටවල් පවා පිළිගන්නා බවයි.

      අර “හිඟන රටේ” මර හිඟන්නන් සමග මේ ලෝ ප්‍රකට විශේෂ (අ)ඥ මනෝ වෛද්‍යතුමාට ඉන්න බැරිබව තේරුම්ගත් පලවන ලෝකයේ රටක් වන කැනඩාව එතුමාව ගෙන්වා ගත්තේ එතුමාට නිසැකව ලැබෙන නොබෙල් මල්වට්ටියට අත ගසන්න්නට කැනඩාවත් හැකිවන වන නිසාමය.

      මේ ළඟදී අර ලෝ ප්‍රකට විශේෂ (අ)ඥ මනෝ වෛද්‍යතුමා මෙසේ පවසා ඇත.

      “මට ඉරිසියාවෙන් පිරුණු කුහකයන් බහුතරය සිටින තුන්වන ලෝකයේ හිඟන රටක වෘත්තීය සංගම් වල ලියාපදිංචි අවශ්‍ය නැත. මගේ ලියාපදිංචිය තිබෙන්නේ පලවන ලෝකයේ රටක් වන කැනඩාවේය. ඔවුන් මගේ දැණුම සහ හැකියාවන් පිලිගනිති.”

      මින් මේ ලෝක මට්ටමේ විශේෂ (අ)ඥ මනෝ වෛද්‍යතුමන් අදහස් කරනුයේ Sri Lanka College of Psychiatrists ය. මේ පිලිබඳ වැඩි විස්තර සඳහා වෙබ් අඩවිය http://slcpsych.lk/web/ වේ. සැබවින්ම මෙය වෘත්තීය සංගමයක් නොව විශේෂඥ සුදුසුකම් ලද Psychiatrists ලා විසින් පිහිටුවා ගන්නා ලද තවත් professional body එකකි.

      මෙහි සාමාජිකත්වය ලබාගැනීම හිඟමනෙන් නම් සිදු කළ නොහැක. මෙහි සාමාජිකත්වය (Ordinary membership or Associate membership ) ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම් පහත දැක්වේ.

      Ordinary membership

      Any medical practitioner who has the qualification of Doctor of Medicine (Psychiatry) of the Postgraduate Institute of Medicine of the University of Colombo.

      A fellow or a member of the Royal college of Psychiatrists of United Kingdom, United States of America , Australia and New Zealand prior to and including 1986 practicing psychiatry in a manner acceptable to the Council.

      Associate membership

      A medical practitioner who is a graduate of a Medical School or University recognized by the Sri Lanka Medical council and who is registered or qualified to be registered as a medical person under section 29 of the Medical ordinance and has been successful in MD ( Psychiatry) part 1 examination or holds a diploma in Psychiatry.

      A medical practitioner who is a graduate of a Medical School or University recognized by the Sri Lanka Medical council and who has obtained Fellowship or Membership of the Royal college of Psychiatrists of the United Kingdom, United States of America, Australia and New Zealand after 1986, who is practicing psychiatry in a manner acceptable to the Council.

      ලෝක මට්ටමේ විශේෂ (අ)ඥ මනෝ වෛද්‍යතුමෙකුට සභාවක් ඉදිරියේ යටට නොඇඳ සරම ඔසවා මුහුණ පිසීමට ඇති අයිතියට අපි ගරුකරමු.

      Delete
    2. හා මචං !

      Delete
    3. ඇනෝ මේ ට්‍රාන්සිල්වෙනියා කියන්නෙ රටක නමක් නෙවෙයි බ්ලොග් එකක්. බලන්නකෝ අපේ වෛද්‍යතුමාට ගහන්න මේ ඇනෝ රටක් රාජ්‍යයක් අල්ලගන්න තරමට මහන්සි වෙලා!

      Delete
    4. @ Anonymous 5 January 2017 at 05:58

      ඔබ මේ කියන්නේ කුමක් ගැනදැයි විමතියෙන් සොයා බලන කළ මට පෙනී ගියේ එක්තරා ඇනෝනිමස් කමෙන්ටුවක් කෙලින් ම ස්පෑම් ගොනුවට ගොස් ඇති බවයි. එසේ වන්නේ මා මීට කලින් බ්ලොග්ර් සේවයට කළ නිර්දේශයක් අනුවයි.

      මෙහි පළ නොවී ස්පෑම් වූ ඒ කමෙන්ටුව මෙහි පළ වී ඇති නැති බව නොදැන නේ ද ඉහත [5 January 2017 at 05:58] කමෙන්ටුව ලිවේ?

      Delete
    5. @රුවන්
      ලග්න පලාපල දිනය/මාසය/සතිය/වසර අවසානයේ කියවීමෙන් හොඳ වින්දනයක් ලැබිය හැකියි!

      Delete
  12. ලග්න පලාපල ගැන දැන්නම් සුමනයටවත් ඒ තරම් විශ්වාසයක් නැතිලු. ගාල්ලේ කච්චුවත්ත පංසල ළඟ හදල තියෙන ගේ සාගරේ කාමර සුද්දන්ට කුලියට දෙන එකලු මේ දවස්වල මිනිහගෙ බිස්නස් එක.

    ReplyDelete
    Replies
    1. ගාල්ලේ සුමනයා කියන්නේ කවුද?
      සාස්තරකාරයෙක් වගෙයි!

      Delete
    2. මෙන්න බබෙක්.

      Delete
    3. මා ගාල්ලට ගොස් ඇත්තේ ජිවිතේට එක ම වතාවකි. ඒ ද 2014 අප්‍රියෙල් 19 දා ය. ඊට කලින් තෙවරක් ගාල්ල හරහා දුම්රියෙන් හෝ කාරයෙන් හෝ ගොස් තිබුණ ද පොලොවේ පය ගසා නැත.

      ඒ අනුව මම බබෙක් මි!

      Delete
  13. මගේ ලග්නය දන්නේ නැති නිසා බලන්න විධිහක් නැත. චීන එකට අනුව නම් aries විය යුතුය. සුභ 2018 වසරක්.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.