Wednesday, 12 November 2014

පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ - Death did us apart!


අහෝ දුකකි!

Medion all-in-one PC පරිගනක කුමරිය ගේ වියෝවෙන් තැවෙන මගේ හදවතේ බුර බුරා නැගෙන දුක් කඳුළු ගංගාවයි මේ.

ඉරට දුකයි ඉර ගිරවිය මිය යෑම
සඳට දුකයි සඳ සාවිය මිය යෑම
හිතට දුකයි පරිගනකය මිය යෑම
කියනු මැනවි දුක උහුලන්නද කෝම?

හන්දියෙ කඩේ සිට මට ඉඟිබිඟි පැවා
හත් සියයක් දී කැන්දා ගෙන ආවා
මැදින් මහේ සිට මගෙ දුක සැප බැලුවා
මොකද වුනේ මගෙ සිත වාවනු බැරුවා!

ඕල් ඉන් වන් ය, එහි වින්ඩෝස් එයිට් ය
ඇප් හැම තැන ය, කිසි අඩුවක් නැතේ ය
මාස හතක් කරදුන් වැඩ බොහෝ ය
අයියෝ මගේ අත කැඩුණා වගේ ය!

පටන් ගත් තැනම බ්ලොග් එක පාලු වෙලා
හිතන් හිටපු වැඩ සේරම අවුල්වෙලා
වොරන්ටියෙන් එනතුරු ඔබ අළුත් වෙලා
හුල්ලමින් ඉන්නෙමි මම බකන්නිලා

තිබුණත් තවත් හමගිය ලැප්ටොප් නිවසේ
මගෙ හිත ගියේ ඔබ වෙතමයි හැම දවසේ
ඔබ නැති තැන ලියන්නෙම් දෝ මා කෙලෙසේ
යලි ඉපදිලා එනතුරු ඉන්නම් දුකසේ!


මේ වගට දුකෙන් තැවෙන,

-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)


(http://www.itechnews.net/2013/04/15/medion-akoya-p2004-23-6-inch-all-in-one-pc/)