Wednesday 3 December 2014

ගී පද රචකයා ගේ නම හැලී යාමට නූර්ති යුගයෙන් විසඳුමක් - Immortal Joseph Andrew


පසුගිය මාසයේ සිඩ්නි නගරයේ "එදා මෙදා ගී රංග සොබා" නමින් ප්‍රසංගයක් පැවැත්වුණි.

පේරාදෙනිය විශ්ව විද්‍යාලීය විද්‍යාර්ථීන් ගේ නිව් සවුත් වේල්ස් ඕස්ටේ‍ර්ලියා සංගමය මගින් සංවිධානය කරන්නට යෙදුණු මේ ප්‍රසංගය ඉදිරිපත් කළේ අද ලංකාවේ සිටින ජනප්‍රියතම මෙන්ම විශිෂ්ඨ රංග ශිල්පීන් වන, ජයලත් මනෝරත්න, නිශ්ශංක දිද්දෙණිය, රොඩ්නි වර්ණකුලසූරිය සහ මාධනී මල්වත්ත විසිනි.

එහිදී ජයලත් මනොරත්න ගැයූ එක් ගීතයක් වූයේ ආ අප බොහෝ දෙනෙක් අසා පුරුදු "ශාන්ත ජෝන් ගේ වීදියේ කඩේ" නම් වූ නාඩගම් ගීයයි. මෙය "බැලසන්ත" නම් නාඩගමේ ආ ගීතයක් බව කියවුණි.

මෙන්න ඒ ගීතය ජයලත් මනෝරත්න ම ගයන වෙනත් අවස්ථාවක දර්ශනයක්.

මේ ගීතයේ අවසාන පද කිහිපය හොඳින් අසන්න.



ගීතය අවසානයේ ජයලත් මනෝරත්න වේදිකාවෙන් ඉවත්ව ගිය පසු, ඒ වන විට ප්‍රසංගයේ ගීත ඉදිරිපත් කරමින් සිටි රොඩ්නි වර්ණකුලසූරිය, ඒ ගීතය් සම්බන්ධ අපූරු පුවතක් ප්‍රේක්‍ෂක අප සමග පැවසීය.

එනම්, මේ ගීතයේ අවසන් පද දෙකෙන් කියවෙන්නෙ ගීතයේ පද රචකයා ගේ නම බවයි.
සිරිලක තුල පින්වත් අපෙ සිංහල නාමෙට ගෞරව
මේ පද බැන්දේ සතොසින් ඒ ජෝශප් ඇන්ඩෲය මම
ශාන්ත ජෝන් ගේ වීදියේ කඩේ ගීතය විසි තිස් වාරයක් එකල ගුවන් විදුලියෙන් සහ පසුව විවිධ මාධ්‍ය මගින් අසා තිබුණද මේ බව අප බොහෝ දෙනෙකුට වැටහුණේ එවිටයි.

විශේෂයෙන්ම ගුවන් විදුලි නාලිකාවලින් ගීත ප්‍රචාරය කිරීමේදී ගායක ගායිකාවන් ගේ නම් සඳහන් වූවද, ගී පද බැඳි රචකයා ගේ නම සඳහන් වෙන්නේ කලාතුරකිනි. අද කතාබහට ලක්වෙන ඒ ප්‍රශ්ණයට එදා නූර්ති සමයේ සිටි ජෝශප් ඇන්ඩෲ පද රචකයා සොයාගත් විසඳුම කදිමට ගැලපෙන බවද රොඩ්නි වර්ණකුලසූරිය පැවසූයේ මුලු ප්‍රේක්‍ෂකාගාරයම සිනාවේ ගිල්වමිනි!

-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)

ප/ලි
අන්තර්ජාලයේ ඇති ඇතැම් මේ ගීතයේ පිටපත්වල පෙර කී නම සහිත දෙපදය ඇතුලත් නොවෙන බව මේ ලිපිය ලිවීම සඳහා කළ සොයා බැලීම්වලදී මට වැටහුණි.

(image: http://www.ozlanka.com/2104-albums/puaan-edamedagee/)

15 comments:

  1. Eththenma mamath oya geethaya guwanviduliye ahala thibuna,Podi kale sajjawala gayanawa ahala,dekala thibuna,namuth kawadawathma me pada gena,den wenakan awadanayak thibunena,obata sthuthi(Ranjan)

    ReplyDelete
  2. මගේ නම අජිත් මුතුකුමාරණ ණ ණ ණ ණ ණ ණ
    මේ සින්දුව කිව්වේ මම ම ම ම ම ම ම

    ReplyDelete
  3. සමහරවිට ඒ කාලෙත් කතෘත්වය සොරකම් කිරීම් වෙන්න ඇති. බැරිම තැන තමයි මෙහෙම කරන්න ඇත්තේ. දැන් තියන mp3 ගීතවල තියනවා නේද mp3 tag කියා කොටසක්. එය මකන්නට බැරි විදිහට දාන්න පුළුවන්. කාර් රේඩියෝවක ඒවා වාදනය කරනවිට ගායකයා, පද රචකයා, සංගීතඥයා, යන අයගේ නම් පෙන්වනවා මා දැක තිබෙනවා.

    ReplyDelete
  4. මාත් ඔය අන්තිම පේලි දෙක අහල නැහැ නෙව.. වෑත්තෑවේ හිමි වගේ අය නං ඒ කාලේ අන්තිමට ඔහොම නම දාල සේප් කරගත්තා..

    ReplyDelete
  5. @ කාකා ජී,

    මම ජීත් ගීත රචකයෙක් වුණදාට අන්තිමට ලයින්ස් දෙකට ඔහොම දාන්න ඕනෙ!
    "ලිව්වේ කවුද මල්ලී...
    ඔබෙ ආදර පිල්ලී.......!"

    හික්z! බඩු වැඩ නෙ....? හැබැයි කාකා ජී තවත් ඔප්ෂන් එකක් තියෙනව! ඒ තමයි සින්දුවේ මැද රැප් එකට රෙකෝඩ් බාර් එක අතුගාන එකාගේ ඉඳලා, මියුසික් ඩිරෙක්ට් කරපු උත්තමයගේ දක්වාම නම් ලිස්ට් එක ඇඩ් කරන්න පුලුවන් නේ ද........??

    ප:ලි:- හැබැයි ඒ අතින් බලද්දි ඉරාජ් සහබ්ලව එහෙම අදහන්න එපායැ!!! උන්ගේ හැම සින්දුවකම වගේ ඔය කියන මෙව්වා ටික ඇඩ් කරනවා නේ........!!!!

    ප්:ප:ලි:- දැනුයි මතක් වුණේ තවත් ඔප්ෂන් එකතියෙන්වා. දැන් කාකා ජී ගීතය වනාහි ශ්‍රව්‍ය\දෘෂ්‍ය මාධ්‍යක් වෙලා නෙ. ඉතින් විෂුවල් එක අස්සට ඔබනවා ගීත රචක සහබ්වයි, සංගීත අධ්‍යක්ෂක සහබ්වයි දෙන්නම. (සමහර උන්දැලගේ නම් මෑණිවරුන්වත් එක්කම ඔබන එක වඩාත් හොඳද මන්දා! අපිලට බලාගන්නත් එක්කලා.)
    උදාහරණයකට ගත්තොත් දුෂ්‍යන්ත් සහබ්ගේ "ජේත්තු නෝනේ" සෝන්ග් එක!!! ඒකේ තේක්ක මාමා ජී විදිහට රඟපාන්නේ අපේ වසන්ත දුක්ගන්නාඅරාල සහබ්......!!
    මේ සිස්ටම් එක දිගටම කන්ටින්‍යු කරන්න පුලුවන් නම් මරේ මරු!!!
    සින්දුව අවසානයේ දානවා මෙහෙම ඩයලොග් පාරක්!!!

    "ඔව්වා මහ පව්කාර වැඩ සුනිල් ආරියරත්න."

    "මාසේ රෝල ගහ්න්න, බල්ලො නොකරන දේවලුත් කරන්න වෙනවා එඩ්වඩ්!!!"

    වැඩේ ගොඩ!!!!!!!!

    හුක්කියෝ.................!!!!!!!

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  6. දැන් තියෙන සින්දු වලට අගට රචකයගේ නමත් එකතු කරන්න ගියොත් නම් මරුවට තියේවි..

    ReplyDelete
  7. ගීතයක රචකයාට තිබෙන අයිතිය අමතකම වෙලා ගිහින් ... ගීතය ලියා ගායනය කළ හැකි ගායකයන් ඉන්නේ අතළොස්සයි. ගේය පද රචකයන්ට අද ගෞරවයක් හිමි වන්නේ ඔවුන් මිය ගිය පසු "මොහු මේ මේ ගීත රචනා කළ පුද්ගලයාය." ආදී වශයෙන් කීමෙන්. එවිට අප පුදුමයට පත් වෙනවා අප ආසා කරන බොහෝ ගීත එම ගොන්නේ තිබීමෙන් .. අහෝ ඔහු ජීවත්ව සිටින කාලයේ ඔහු එම ගීත වල රචකයා යැයි දැන සිට ඇත්තේ ඔහුගේ මිතුරන් සහ පවුලේ අය පමණයි.

    ReplyDelete
  8. අර කිව්වත් වගේ රැප් කරල හරි සින්දුව මැද්දට නම දාගත්තනම් ලේසියෙන් අයින් කරන්න බැහැ.
    ඔය කිව්ව කාලෙ කාව්‍ය රචනා බොහොමයකම රචකයාගෙ නම කියවෙනවා මං දැකල තියනව. විශේෂයෙන්ම කවිකොළ ලිවීමේදී. රචනාව කැළෑ පත්තරයක් නොවෙන්නනම් රචකයාගෙ නම තියෙන්න ඕනැමයි.

    ReplyDelete
  9. අපේ මාරයා අයියා නම් හැම බ්ලොග් පෝස්ට් එකකටම "මේක ලියනකොට මාරයාගේ හෝරාව හරියටම 13:57" කියලා කෑල්ලක් ඇඩ් කරනවා. ඒ හන්දා කාටවත් අපේ මාරයා අයියාගේ පෝස්ට් හොරකම් කරන්න බැහැ.

    ReplyDelete
  10. නම නොකිව්වාට ගීතයක නීතිමය අයිතිය තියෙන්නේ පද රචකයාට සහා තනු නිර්මාණකරුට නේද ?

    ReplyDelete
  11. Niyamai,Dasaya,Oya Ajith Muthukumarana kiyanneth Bus Ajiyatamaneda? (Sindu kawi kara kiyanna)

    ReplyDelete
  12. ඔය සිංදුව බැලසන්ත නාඩගමේ කිව්වේ කවු ද?

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.