Friday 5 December 2014

ජේවීපී ප්‍රකාශනයක තිබී කියවූ පරණ පත්තර කෑල්ලක් නිසා අහෝසි වෙන එක් දුර්මතයක්


මුලින්ම අප බොහෝ දෙනෙක් දන්නා කාරණා කිහිපයක් සඳහන් කරමි.

විධායක ජනාධිපති ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නේ 1978 දී ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජ ව්‍යවස්ථාවෙනි. රටේ මුල්ම විධායක ජනාධිපතිවරයා වූයේ එවකට පාර්ලිමේන්තුවේ අගමැති ලෙස මහජන ඡන්දයෙන් තේරී පත් වී සිටි ජුනියස් රිචඩ් ජයවර්දෙන ය. ඔහු ඒ තනතුරේ දිවුරුම් දුන්නේ 1978 පෙබරවාරි මස හතරවෙනිදා යි. පසුව 1981 දී පැවති ජනාධිපති ඡන්දයේ දී ජයවර්දෙන බහුතර මහජන කැමැත්තෙන් ඒ තනතුර සඳහා තේරී පත්විය.

ගැහැණු පිරිමි ලිංග වෙනස්කම හැර අන් ඕනෑම දෙයක් කරන්නට හැකි බලතල ඇති යැයි එහි නිර්මාතෘ ජයවර්දෙන විසින් නම් කෙරුණු විධායක ජනාධිපති තනතුරේ ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී, අධිපතිවාදී ලක්‍ෂණ රාශියකි. එදා 1978 දී ඒ ගැන එන් එම් පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා වැන්නෝ අනතුරු හැඟවූහ. ජනාධිපති ව්‍යවස්ථාවට එරෙහිව කළු කොඩි එල්ලා විරෝධය පලකළ වික්‍රමබාහු කරුණාරත්නට එනිසා තම විශ්ව විද්‍යාල රැකියාව පවා අහිමි විය.

විධායක ජනාධිපති තනතුරේ ඇති යැයි කියවෙන එක් අධිපතිවාදී, ප්‍රජාතන්ත්‍ර විරෝධී නම් බලයක් නම් ජනාධිපති සමාව නම් උපක්‍රමය මගින් නීතියට පිටින් යමින් ඕනෑම මිනීමරුවෙක් වරදින් නිදොස් කර තනිමතයට නිදහස් කිරීමට ජනාධිපතිට ඇති අවසරයයි. මේ ආකාරයට ජනාධිපති සමාව මගින් එකල හිරෙන් නිදහස් වූ එක් අයෙක් කුප්‍රකට මැරයෙක් මෙන්ම ස්ත්‍රී දුෂකයෙක් ද වූ ගෝනවල සුනිල් නම් එකල බියගම මන්ත්‍රී සහ අධ්‍යාපන ඇමති රනිල් වික්‍රමසිංහ ගේ ආධාරකරුවෙකි.

මේ සිද්ධිය එකල කොයි තරම් සාකච්ඡා වුනේ ද යත් මේ ආකාරයට ලබාදෙන ජනාධිපති සමාව කතාබහේ දී සඳහන් කෙරුණේ ගෝනවල සුනිල් සමාව ලෙසිනි.

ඒ ගෝනවල සුනිල් සමාවෙන් පසුගිය කාලය තුලදීද සිර දඬුවම් විඳිමින් සිටි දේශපාලකයින් සහ මැරයින් කීප දෙනෙක්ම නිදහස ලැබූ බව රහසක් නොවේ.

පසුගිය දා මිතුරෙක් විසින් ඊ-මේලයකින් එවන ලද සබැඳියක් හරහා යමින් ජනතා විමුක්ති පෙරමුණ මගින් සම්පාදනය කරන ලද (ඔව්, එය හොරා ගේ අම්මාගෙන් පේන ඇසීමක් බඳුය) ඔවුන් ගේ ම ඉතිහාසය ගැන කෘතියක් කියවද්දී එහි තිබුණු පරණ පුවත්පතක ඡායා පිටපතක් නිසා, මට වැටහී ගියේ මේ ජනාධිපති සමාව අද පවතින විධායක ජනාධිපති ක්‍රමයේ කොටසක් නොව, ඊට පෙර පැවති නාමමාත්‍රික රාජ්‍යනායක ජනාධිපති තනතුරේ ද තිබුණු බලයක් බවයි.

මෙන්න ඒ දිනමිණ පුවත් පතේ මුල් පුවත ඇතුලත් ඡායා පිටපත.


ඒ ප්‍රවෘත්තියට අනුව, 1971 අප්‍රියෙල් මාසයේ සිදු කළ කැරැල්ල සම්බන්ධයෙන් වරදකරුවන් වී සිරදඬුවම් ලබමින් සිටි නන්දසිරි (රෝහණ) විජේවීර සහ පිරිස එදා 1977 නොවැම්බර් මස දෙවෙනි දින නිදහස ලබා ඇත්තේ ජනාධිපති සමාව ලබාය.

ඒ අනුව ඒ සමාව දි ඇත්තේ ඒ දිනවල ලංකාවේ පැවති ආණ්ඩු ක්‍රමය යටතේ නාමමාත්‍රික ජනාධිපතිවරයා වූ විලියම් ගොපල්ලව විසිනි!

එදා විජේවීර ඇතුලු ජේවිපීකාරයින් සමගම විදේශ විනිමය වංචාවලට වරදකරුවන් වී සිරබත් කමින් සිටි ව්‍යාපාරික හොරුන් කීප දෙනෙක්ද නිදහස ලැබූ බව කියවේ. එසේ නමුත්, 1972 මැයි 28 සිට, 1978 පෙබරවාරි 4 දින දක්වා නාමමාත්‍රික ජනාධිපති තනතුර හෙබවූ විලියම් ගොපල්ලව විසින් ඊට පෙර සමාව දෙන ලද වෙනත් අපරාධකරුවන් ගැන අප අසා නැත.

මේ අනුව පෙනී යන්නේ වරද ඇත්තේ බලයේ නොව, බලය හිමියා සහ බලය භාවිතයේ බවයි!

-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)

ප/ලි
ඒ දිනවල පුවත්පත් සිංහල අකුරු කෙතරම් කැත ද කියා බලන්න!

(Images
http://www.globalsecurity.org/military/world/sri-lanka/jayewardene.htm; http://archives.dailynews.lk/2010/01/19/fea01.asp; http://www.sangam.org/articles/view2/?uid=693)

42 comments:

  1. අකුරු විතරක් නෙමේ. පුවත් පතත් කැතයි. :D

    ජයවර්දෙනද? ජයවර්ධනද?

    ReplyDelete
    Replies
    1. rasikaya ingrisiyen hithala sinhalen liyanawa. eka thama jayawardena kiyala liyala thiyene. muta sinhala be

      Delete
    2. @ කුමාරි
      ජයවර්ධන නම් ලිවිය යුත්තේ Jayawardhana කියායි. ජේආර් තමන් ගේ නම ලියූවේ Jayawardena නිසා එය "ජයවර්දෙන" කියා ලීම තමයි ඒ වරද පෙන්වා දීමේ හොඳම ක්‍රමය.

      Delete
    3. එහෙමනං ඒක “ජයවර්දෙන“ වෙන්නත් බැහැ නේද? හරියටම කිව්වොත් “ජයවර්ඩෙන“ වෙන්න ඕන. රසිකත් වැරදියි.
      Jayawardhana=ජයවර්ධන
      Jayawardena=ජයවර්ඩෙන
      “Jayawardhena=ජයවර්දෙන

      Delete
    4. @Ano,
      Jayawardhena - ජයවර්ධෙන :-D

      Delete
    5. //අකුරු විතරක් නෙමේ. පුවත් පතත් කැතයි//

      @PK, දැන් අකුරු නම් හොඳයි වගේ මං හිතන්නෙ , ඒත් අනිත් දේවල් තාම කැතයි

      Delete
    6. Kumarihami=කුමාරිහාමි, not කුමාරි

      Delete
    7. Raaj,

      Kumarihami = කුමරිහමි?

      Delete
    8. පොඩ්ඩිගෙන් ගුටි කන්නයි වෙන්නෙ :-)

      Delete
    9. @ Anonymous - 5 December 2014 14:53
      මට හරිගිය තැන්වලට වඩා වැරදුණු තැන් බොහෝ ය.

      ජයවර්දෙන ගැන කියනවා නම් ඔතන ප්‍රශ්ණය ඇත්තේ "ධ" යන්න සහ "ද" යන්න අතර මිස "ද" යන්න සහ "ඩ" යන්න අතර නොවේ.

      දැන් දයානන්ද වගේ නමක් Dayananda කියා මා ලියුවොත් ඔබ එය කියවන්නේ ඩයානන්ඩ කියාද?

      Delete
    10. එහෙමනං රනිල් වික්‍රමසිංහගේ නම ලියන්නෙත් Wikremeninghe කියලයි.ඒ වචනය ශබ්ද විය යුත්තේ කොහොමද රසික,

      Delete
    11. රාජකීය = raajakeeya or rajakiya

      Delete
    12. සොරි වේවා.වැරදුනා wickremesinghe විය යුතුයි.

      Delete
    13. " Bandaranayake " මේ නම කියනකොට කියන්නෙ බණ්ඩාරයකී කියල නේද :)

      Delete
    14. නම් ලිවිමේ අවුල ගැන කලින් පැරාගෙ පෝස්ටුවට ඇනෝ කෙනෙක් ලියල තිබුන. ඒවගේ ක්‍රමයක් භාවිතා නොකර සිංහල නම් ඉංග්‍රීසියෙන් ලියන්න බෑ. වැඩේ තියෙන්නෙ ඉංග්‍රීසි හෝඩියෙ තියන 26ත් වැඩේට මදිවෙන එකයි. මෙන්න පැරාගෙ පෝස්ටුව.
      http://www.w3lanka.com/2014/10/blog-post_3.html

      Delete
    15. වෙලාවට රාජ් මේ ලින්ක් එක දාල කාණුව අහකට කැපුවෙ :)

      Delete
  2. දේ්ශපාලන සිරකරුවන් සම්බන්ධව සියළුම පාහෙ රටවල් වලදී ඒ සදහා නීති ප්‍රතිපාදන පවතී. ඔබ කිව්වත් වගේ අන්තිමට ලංකාවේ නං වෙන්නේ කුඩු, බඩු, එතනෝල් කාරයෝ නිදහස් වෙන එක තමා..

    ReplyDelete
    Replies
    1. මට වැටහෙන පරිදි මේ දේශපාලන සිරකරුවන් ගැන නීතියක් නොව අතීතයේ සිට පැවත එන රජු ගේ ක්ෂමාවයි.

      ලංකාව 1972 මැයි 22 දා එංගලන්ත් රැජිනගෙන් නිදහස ලබා ජනරජයක් වූ දින ඒ බලය රාජ්‍ය නායකයාට පැවරුණා.

      Delete
  3. එදා නීතිය ගැන හරියටම දන්නෙ නැතිව මොකුත් කියන්න බෑ. කොහොම උනත් විධායක ජනාධිපති ධූරයේ පවතින බොහොම පොඩි අවුලක් තමයි ඕක. ඊට වැඩිය ලොකු අවුල් තියනව. විශේෂයෙන්ම අධිකරණ තීන්දු නොතකාහැරීම් වගේ දේවල් (අධිකරණයට ඉහලින් සිටීම) එදා තිබුනෙ නෑ. අද තියනව.

    ReplyDelete
    Replies
    1. ඒ අසීමිත බල ඒකරාශී වීම ගැන තමයි මා සඳහන් කර ඇති පීඑච්ඩීකාරයෝ එදා කතා කළේ.

      Delete
  4. එයාලා ඒ වෙනකොට පුරුත්තාපනය වෙලා නේ උන්නේ. ඒ නිසා අවුලක් නැතෙයි කියලා හිතන්න ඇති. නමුත් අන්තිමට මතු කරන කාරනය ගැන කතා කරනවා නම්, අපි දන්නේ නෑ නේ ඒ ව්‍යවස්ථාව යටතේ තව කාට කාට දුන්නද කියලා. අනික එහෙම දෙයක් කරන්න ව්‍යවස්ථාවෙන් බලය තියෙන්නත් ඇති. නැතුව පප්පා ඔය වගේ වැඩ කරන්නේ නෑ. ඒ නිසා මම නම් කියන්නේ පුද්ගලයට වඩා බලපාන්නේ ව්‍යවස්ථාව. නීතිය. ජනාධිපති තුමාට විශේෂ නීතියක් තියෙන්න බෑ. සියළුම පුරවැසියන්ට ඇති නීතිය එකක් වෙන්න ඕන. අළුතෙන් ව්‍යවස්ථාවක් හැදුවොත් ඒකේ මූලික කරුණ වෙන්න ඕන මෙන්න මේ දේ..

    පට්ට ළිපිය.. එකෙක්ටවත් අහු උනේ නැති පොයින්ට් එකක්..

    ReplyDelete
    Replies
    1. ///ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!./// : -D D D

      ( බනීද? )

      Delete
    2. @මාතලන්
      මේක අතීතයේ සිට පැවත එන රජු ගේ ක්ෂමාවයි.  ලංකාව 1972 මැයි 22 දා එංගලන්ත් රැජිනගෙන් නිදහස ලබා ජනරජයක් වූ දින ඒ බලය රාජ්‍ය නායකයාට පැවරුණා.

      විජේවීරලාව නිදහස් කරන්නට හේතුව ගැන නම් විවිධ මත තියෙනවා.

      Delete
    3. ප්‍රා නිකං ඉදිකට්ටක් වගේ. හැක්.. විටින් විට ඇනි ඇනි රිදුම් දෙයි ස්වයංක්‍රියව..

      (මම මේ කරන්නෙ ජෝක් එකක් බව සටහන් කර තැබීම සුදුසුවේ)

      Delete
    4. එදා විදේශ විනිමය වැරදිවලට අහුවුන ගජයන් පිරිසක් මුදාගැනීම ජේ ආර් ගෙ අරමුණ වෙලා තිබුණා,ඒ සමාවටම විජේවීර ඇතුළු පිරිසත් අහුවුනා කියල තමා ඒ දිනවල කතාව ගියේ.

      Delete
    5. @දේශක , මගේ නරක් පුරුද්දකි. මේ අර බුර්ගේ බ්ලොග් එකට පුරුදුවෙලා.
      ඒකෙනම් කැපිලි, කෙටිලි, ඇනිලි, ගැහිලි, මිරිකිලි ඔක්කොම තියනව, ඔක්කොම ජෝක් කියල හැමෝම දන්නව.

      බුර්ගේ පරිවර්තනය මගේ ෆේවරිට් බ්ලොග් එක පෝස්ට් කියවීමට නොව කමෙන්ට් කියවීමට හා කිරීමට ! :- D ,
      ( බුර් සමාවෙතැයි සිතනවා, අර නැට්ටලස් සිංහයන් මෙන් නොව මං අඩුගනනෙ පෝස්ට් එක උඩින් පල්ලෙන් කියවනවා )

      Delete
    6. ඔය කියන්නේ අර පොඩිඩි දැරිවියි බුරුවයි කරන මොකක්ද මලදානේද සතියට දෙක තුනක් දාන.. හැක හැක්.. මම ඒක ප්‍රතික්ෂේප කරා දෙක තුන දාද්දීම.. හරිම සනීපයි. නොතේරෙන මගුලක් කියෙව්වා කියල වැඩක් තියෙන එකක්යැ. අනික මට කම්මැලියි ඉදිකටු සීන්..

      Delete
    7. දේශපාලන සිරකරුවන් පුනරුත්ථාපනය වුවත් නැතත්, සිරකල ආණ්ඩුවට පසු එන ආණ්ඩුව විලාසිතාවට වගේ ඔවුන් නිදහස් කරනව. (ඔය ආණ්ඩුවෙන්ම තමයි විජේවීර සහ අනෙක් ජවිපෙ සාමාජිකයන් සමූලඝාතනය කලේ)

      දේශක යා
      මටත් ඔය කතාව හරිගියේම නෑ. මාත් බලන්නෙ නෑ. නිකං අපිට සෑහෙන්නම ආගන්තුක ගතියක් තියෙන්නෙ. උඹ කිව්ව හරි. හරිම සනීපයක් දැනෙනව. :-)

      Delete
    8. රාජ්, මොනාටද බං පෝස්ට් එක බලන්නෙ. පින්තූරෙ කිව්වෙ, එක්කො මාරය වගේ "හා හා ඊළඟ" කියල දැම්ම, නැත්තං ඒකෙ කමෙන්ට් කොරන කැලෑවෙ හරි මාළිගාවෙ එකෙක්ගෙ හරි කතාවක කොනක් අල්ලල කට කැඩිච්චි කතාවක් කිව්ව. සිම්පල් ප්ලෑනක්නෙ.

      දැන් බලහන් මෙතන කමෙන්ට් කරපු කිසි කෙනෙක් මේ පෝස්ට් එකවත් හරියට කියවල නෑනෙ. මොකද පෝස්ට් එකේ මූලිකම අංගෙ වෙන පත්තර කෑල්ලෙම තීනව

      "මෙම නිදහස ලැබුවේ වර්ථමාන රජය විසින් අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පණත අහෝසි කිරීමේ ප්‍රථිපලයක් ලෙසිනි. අගමැති ජේ ආර් ජයවර්ධන මහතාගේත් කැබිනට් මණ්ඩලයෙත් අනුමැතිය පිට අධිකරණ ඇමති කේ. ඩබ්ලිව් දේවනායගම් මහතා විසින් ජනාධිපති විළියම් ගොපල්ලව මහතාට කරන ලද නිර්දේශයක් අනුව ඔවුනට මෙම සමාව ලැබුණි" ”කියල.

      කොටිම්ම එතනිම්ම රසිකගෙ නඩුව පරාදයි. ඒත් මිනිහ දන්නව මොකෙක්වත් ඕව කියවන්න කරදර වෙන්නෙ නෑ කියල.

      Delete
  5. පත්තරේ අකුරු කෙසේ වෙතත් පුවත් නම් කැතයි.බලය තියෙන අය ව්‍යවස්ථාවේ තිබ්බා නැතා තමන්ට ඕනේ,ඕනේ විදියට බලය අනිසි ලෙස භාවිතා කිරීම,නිතිය බල්ලට දා කටයුතු කිරීම ඊට වඩා කැතයි.

    ReplyDelete
  6. nice article. I think the JVP article in which this paper was included is also interesting. can you share that as well.

    ReplyDelete
  7. මෙම සමාව දීම කරන ලද් දේ එවකට සිටි අගමැති වරයා විසින්ය. නාම මාත්‍රික ජනාධිපති හෙවත් රාජ්‍ය නායකයා විධායක අගමැතිගේ නිර්දේශ අනුව කටයුතු කිරීමට බැඳී ඇත. ඒ හැර ඔහුට බලයක් නැත. ඔස්ට්‍රේලියාව ගවනර් ජෙනරාල් ද බ්‍රිතාන්‍යයේ රැජිනද එසේය. නමුත් ඔබගේ අවසාන තර්කය ට //වරද ඇත්තේ බලයේ නොව, බලය හිමියා සහ බලය භාවිතයේ බවයි!// මත එකඟය. වැරැද්ද බලය අතට ආ පසු අප ක්‍රියා කරන ආකාරය හැම වෙලේම වෙනස් වීමයි.

    ReplyDelete
  8. අපේ මාරයියට නම් විධායක ජනාධිපති වුණත් කමක් නෑ, විධායක අගමැති වුණත් කමක් නෑ, රජ්ජුරුවො වුණත් කමක් නෑ, ආණ්ඩුකාර වුණත් කමක් නෑ, මහින්ද අයියා බලයේ හිටියොත් ඒ ඇති. මහින්ද අයියා කේන්දර විශ්වාස කරන නිසා රටේ මිනිස්සුත් විශ්වාස කරන්න පටන් ගත්තා. අපේ මාරයියාගේ කේන්දර බිස්නස් එකත් නැඟලා ගියා. දැන් රනිල් වගේ එකෙක් ඇවිත් මං කේන්දර විශ්වාස කරන්නෙ නෑ කිව්වොත් අපේ මාරයියාගෙ බිස්නස් එකට කෙළ වෙලා සුමනෙටයි මාරයියාටයි පාර දෙපැත්තේ හිස් ටින් දෙකක් අරගෙන වාඩි වෙලා පිනට මොකුත් දෙන්න මහත්තයා නෝනා කිය කියා හිඟා කන්න තමයි වෙන්නේ. අපේ මාරයියාට රනිල් මතක් කරන කොටත් මල ඒකයි.

    ReplyDelete
  9. විජේවීරලාට ජනාධිපති සමාව යටතේ නිදහස් විමට වරම් ලැබෙන්නේ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව අහෝසි වීමේ ප්‍රතිපලයක් වශයෙන් පමණකි. එම ජනාධිපතිට තම හිතුමතය අනුව සමාව දීමේ බලයක් නොතිබිනි. එසේ තිබුනා නම් අර විදේශ විනිමය හොරු ටික පමණක් නිදහස් කර විජේවීරලා ඇතුළේම තියා ගැනීමට කටයුතු කරනවා ඇත. ඒත් දැන් තිබෙන්නා වූ දහ අට වතාවක් සංශෝධිත ව්‍යවස්ථාව අනුව ජනාධිපතිගේ අභිමතය පරිදි සිරකරුවන්ට නිදහස ලබාදීමට හැකියාව ඇත. ජනාධිපතිවරයා ඡන්දයෙන් පත් කළ පමණින් මේ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී එකක් වන්නේ නැත්තේ එනිසාය. මෛත්‍රී විසින් හෝ මුදිතා නැත්නම් කරුණා විසින් හෝ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුත්තේ එනිසාය.

    ReplyDelete
    Replies
    1. එතකොට හෙනහුරෝ, උපේක්ෂා? ඇයි එයාට බැරිද?

      ඔව්, රසික මෙතන කතාව ටපලවල. එදා ජනපති කියන්නේ වෙනස් පදවියක්. අර ඉන්දිකත් කියල තියෙන්නේ. ඔය පත්තරේම අගේට තියෙන්නේ මොකද වුණේ කියල. මේ පත්තරේ මාත් කාමරේ ගොඩ ගහගෙන තිබුන පත්තර ගොඩේ තිබුණා.

      //මේ අනුව පෙනී යන්නේ වරද ඇත්තේ බලයේ නොව, බලය හිමියා සහ බලය භාවිතයේ බවයි!//
      මේ කතාවත් වැරදියි

      නීතියෙන්ම බලයක් දීල තියනවා නම්, කවුරුන් හෝ ඒ බලය පාවිච්චි නොකළ යුත්තේ ඇයි කියල පහදලා දෙන්න පුලුවන්ද?

      Delete
  10. දැන් ඉන්න විධායක ජනාධිපතිට සමාව දෙන්න පුළුවන් විදිහයි. ඉස්සර ජනාධිපති සමාව දුන්න විදිහයි වෙනස්ද දන්නේ නෑ නේද? දැන් උනත් මම හිතන්නේ ටිකක් දිග ක්‍රියා පරිපාටියක් අනුගමනය කරන්න ඕන නේද ජනාධිපති සමාවක් දෙන්න. හැබැයි ඉතින් ඔය කොයි ක්‍රියා පරිපාටිය තිබුනත් රජතුමාට අවශ්‍යනම් වැඩේ කරගන්න පුළුවන්නේ දැන්.

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රශ්නයට පහත පිළිතුරු දුන්නා.

      Delete
  11. හෙනහුරාගෙ කොමෙන්ටුවේ පැවසූ කතාව ඇත්ත බව, නීතිය ගැන යම්තරමකට දන්නා අයෙකුගෙන් මා අසා ඇත. සමාව ලැබී ඇත්තේ නීතිය අනුව මිස පුද්ගල අභිමතය අනුව නොවේ, එනම් අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව අහෝසි වීමේ ප්‍රතිපලයක් වශයෙන් පමණකි.

    මෙය අගමැතිගේ හෝ ජනාධිපතිගේ අභිමතයෙන් ස්වයායත්තව (මෙම කාරණයේදී ඔවුන්ගේ කැමැත්ත සහිතව වුවද) ව්‍යවස්ථාදායකයේ බහුතර මතයෙන් කරන ලද නීතිමය ප්‍රතිපාදනයක ප්‍රතිඵලකි. (හෝ අතුරුඵලයකි).

    මෙහිදී අදාළ නොවූවද, සමාව දීමේ බලතල එකල ජනාධිපතිට හෝ අගමැතිට තිබුණාදැයි නොදනිමි.

    පුවත්පත් 'ජනාධිපති සමාව' යන්න යොදා ගන්නට ඇත්තේ, මෙම ක්‍රියාවලිය විස්තර කිරීමට යොදාගත හැකි කෙටි යෙදුමක් ඔවුන් නොදැන සිටි නිසා විය හැකිය.

    ReplyDelete
  12. ඇමරිකාවෙත් 'ජනාධිපති සමාව' තියෙනව . හැබැයි පාවිච්චි කරන්නේ ධූරය හැර යන අවස්තාවේදී . Clinton ගෙ දෙවෙනි ධූර කාලය අවසානයේදී , Hilary ගෙ සහෝදරයෙක් මේකෙන් බිස්නස් එකක් කරගත්තලු. දීර්ග හිරදඬුවම් ලැබිල හිරේ හිටපු වංචා කාරයන් කීපදෙනෙක් ගෙන් සල්ලි අරන් , මස්සිනා ලවා 'ජනාධිපති සමාව'ප්‍රධානය කෙරෙව්වලු.

    Bush දිනපු දවස්වලම තිබුන WhiteHouse Cold War එක (Democratic සහ Republican පාක්ෂික ධවල මන්දිර නිලධාරීන් අතර ඇතිවූ සීතල යුද්ධය ) දවස් වල ඔය නිදහස් කරපු අයගේ ලැයිස්තුව කවුරු හරි ලීක් කරා. නමුත් kathaava දිගට ඇදගෙන යන්න රිපබ්ලිකන් කට්ටියත් උනන්දු උනේ නැහැ.

    හැම ඇමරිකන් ජනාධිපතිම ඔය වැඩේ කරපු නිසා හරි, Bush ඉස්සරහට නිදහස් කරන්න හිතන් හිටි ලැයිස්තුව ඊට වඩා අප්සෙට් නිසා හරි වෙන්න පුළුවන්.

    ReplyDelete
  13. 1. වරදකරුවකුට (මරණීය දණ්ඩනයට නියම වූ තැනැත්තෙකුට පවා) සමාව දීමට හැකියාව ඕනෑම රාජ්‍යයක රාජ්‍ය නායකයාට තියෙනවා.

    2. හැබැයි, එහෙම තිබුණු පමණින් සමාව දීමේ සිරිතක් නැහැ ඒ රටවල . මොකද ජනතාව විශ්වාස කරන්නේ An eye for an eye තියරිය. වරදකාරයකුට දඬුවම් දීම අත්‍යාවශ්‍ය දෙයක් හැටියටත් ඒ මිනිස්සු දකින්නේ. කොටින්ම මිනීමැරුමක වරදකරු විදුලි පුටුවේ වාඩිකර (හෝදැන් නම් වෙනත් ක්‍රම වලින්) මරණයට පත් කරන අවස්ථාව නිරීක්ෂණයට වින්දිතයාගේ පවුලේ අය අනිවාර්යයෙන්ම සහභාගි කර ගන්නවා. අපේ රටේ තියෙන ප්‍රශ්නය අපි ඊට වඩා 'නහී වේරේන වේරානි' තියරිය පාවිච්චි කිරීම. මේ හන්දා කාටහරි වරදට රජයෙන් සමාව දුන්නාම මිනිස්සු ඒකට විරෝධයක් නැහැ. බටහිර රටක එහෙම කළා නම් ඉතින් ආණ්ඩුව පෙරළෙන්නත් බැරි නැහැ.ඒකයි ඇමෙරිකාවේ ජනාධිපති කෙනක් පදවියෙන් යන්න කලින් අවසාන රාජකාරිය හැටියට මේවා කරන්න තියා ගන්නේ.

    3. ඉස්සර ලංකාවේ වරදකරුවකුට සමාව දී ගන්න මාර ගේමක් දෙන්න ඕනෙලු. මුලින්ම වෙසක් පෝය වගේ දවසක එල්ලන්න තීන්දුව දෙනවා. ඊට පස්සෙ පවුලේ අය අභියාචනාවක් කරන්න ඕනෙලු වෙසක් පෝය දවසෙ එල්ලන්න එපා වෙන දවසකට දාන්න කියලා. විලියම් ගොපල්ලව ඒක අනුමත කරලා උසාවියට කියනවා වෙන දවසක් දෙන්න කියලා. මෙහෙම තුන් සැරයක්ද කොහෙද කළායින් පස්සෙ ඉබේම මරණයෙන් නිදහස් වෙනවලු.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.