Wednesday 28 January 2015

(අපි නොදන්න) ඩයස්පෝරාව කියන්නේ දෙමළ යන්නට සමාන පදයක් ද? - Diaspora, WTH?


සියවස් ගණනාවක් ලොව වටා නැව්වලින් ගොස්, විවිධ රටවල් යටත් කරගෙන සිටි නිසා අද ඉංගිරිසිය යනු ජාත්‍යන්තර භාෂාවක් වී ඇත. නමුත් එහි භාවිතය, විශේෂයෙන්ව විවිධ වචනවලින් අදහස් කෙරෙන දේ, රටෙන් රටට සුළු වශයෙන් හෝ වෙනස් වේ.

පොඩි උදාහරණයක් ගතහොත් - ලංකාවේ දී අපි නෑකමට අපේ මාමා නොවන වෙනත් ඕනෑම වැඩිහිටි අයෙකු හැඳින්වීමට අංකල් (Uncle) කියා කියමු. නමුත් ඉංගිරිසිකාරයින් Uncle කියන්නේ මාමා, බාප්පා හෝ මහප්පා වැනි සැබෑ නෑකමක් ඇති අයට පමණි.

බැච් (Batch) යනුවෙන් අදහස් වෙන්නේ කණ්ඩායමයි. බැජ් (Badge) කියන්නේ පදක්කමටයි. නමුත් බැච් යන්නේ අදහස දෙන්නට බැජ් කියන්නෝ විශ්ව විද්‍යාල ප්‍රජාව තුළ (ශිෂ්‍යයින් සහ විද්‍යාර්ථීන්) එමටය.

මේ සඳහා හොඳම උදාහරණය සපයන්නේ පසුගිය වසර කිහිපය තුල ලංකාවේ දේශපාලන වේදිකාවල, රූපවාහිනී සංවාදවල, පුවත්පත් තීරු ලිපිවල සඳහන් වූ ඩයස්පෝරා (Diaspora) නම් වචනයයි.

ග්‍රීක් භාෂාව මුූලාශ්‍රය කොටගෙන බිඳී විත් ඇති ඩයස්පෝරා යන වචනයෙන් අදහස් වෙන්නේ "විසිරී වෙසෙන ජන කොට්ඨාශයක්" යන්නයි.

උපන් රට ලංකාවෙන් පිටවී දැන් කාලයක් තිස්සේ නොරටක ඕස්ට්‍රේලියාවේ වෙසෙන මා අයත් වන්නේ මෙහි වෙසෙන ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට ය.

ඕස්ටේ‍ර්ලියාවේ නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුව මගින් සකසන ලද "තිරස තරණ" නම් ඕස්ට්‍රේලියානු වාසී සිංහල ලේඛකයින් ගේ කෙටිකතා එකතුවට (මුද්‍රණය සහ බෙදාහැරීම- දයාවංශ ජයකොඩි සමාගම) විසිරි ජන කෙටිකතා සම්ප්‍රදාය යනුවෙන් හැඳින්වීමක් සපයන ආචාර්ය උබයසිරි විජයනන්ද වික්‍රම මෙසේ කියා ඇත.
විසිරි ජන යන්නෙන් අදහස් කැරෙන්නේ Diaspora යන්නයි. "දසත පුරා විසිරී" යන්න තවත් සමීප නිර්වචනයකි. කිසියම් පුරවැසියන් පිරිසක් විසින් තවත් ප්‍රදේශයකට ගොස් එම සමාජයට අනුගත වීම Diaspora යනුවෙන් පුරාණ ග්‍රීකයින් විසින් හඳුන්වන්ට යෙදුණි. ජුඩියා () ප්‍රදේශයෙන් පිටමං කරන ලඳ යුදෙව්වන් හැඳින්වීම සඳහා ග්‍රීක භාෂාවට අනුවාදයනය කරන ලද පරණ තෙස්තමේන්තුවේ () යනුවෙන් භාවිතා කර තිබේ. මෙසේ ලෝකයේ විවිධ සංක්‍රමණික ජනවර්ග හා ඔවුන් ගේ භාෂා සාහිත්‍ය කුසලතා විග්‍රහ කිරීම සඳහා සමාජ විද්‍යාඥයින් සහ භාෂා විශාරදයින් විසින් "විසිරි ජන" (Dispora) යන වදන යොදා ගෙන ඇත.
මේ අනුව බලන විට, මුළු ලෝකය පුරාම විවිධාකාර "ඩයස්පෝරා" විහිදී, විසිරී ඇත.

ලොව ලොකුම ඩයස්පෝරාව චීන ජාතියකයින් යැයි සිතමි. ඔවුන් නැති රටක් මෙලොව තියේදැයි සැක සහිතය. ඊළඟට සිටින්නේ ඉන්දියන් ජාතිකයින් විය යුතුය.

ශ්‍රී ලාංකික ඩයස්පෝරාව, හරියටම සැටලයිටයක ගමන් මාර්ගය ලෝක සිතියමක දැක්වෙන අකාරයේ චිත්‍රයක් මවන ප්‍රදේශවල, එනම්, ජපානයේ සිට කොරියාව හරහා පහලට ඇදී විත්, මැලේසියාව සිංගප්පුරුව හරහා ගොස් නැවත මැද පෙරදිග ප්‍රදේශය හරහා උතුරට පිවිස, ඉතාලිය, බටහිර යුරෝපය ඔස්සේ එංගලන්තයටද, එතැනින් සහ උතුරු ඇමරිකාව හරහා පැසිපික් සයුර දිගේ පහලට විත් ඕස්ට්‍රේලියාවට පිවිසෙන මාර්ගයේ, විසිරී ඇති බව පෙනේ.

ශ්‍රී ලාංකික ඩයස්පෝරාව යන්න සිංහල ඩයස්පොරාව සහ ලාංකික දෙමල ඩයස්පෝරාව ලෙස කොටස් දෙකකට බෙදුවහොත් ඒ දෙකොටස ද ලෝකය පුරා ඉහත ආකාරයටම අඩු වැඩි වශයෙන් විසිරී පවතින බව උපකල්පනය කළ හැක.

ඩයස්පෝරා යන වදනේ සැබෑ අර්ථය අනුව ඒ අයුරින් විශ්ලේෂණය කළද, මා පෙර ඉඟි කළ පරිදි අද ලංකාවේ දේශපාලන වාග් මාලාවේ නම් මේ ඩයස්පෝරාව යනුවෙන් හැඳින්වෙන්නේ ඉතා කුඩා පිරිසකි. එනම්, ලංකාවේ පසුගිය තිස්වසරක පමණ කාලය තුළ පැවති යුධමය තත්වය හා සම්බන්ධ විවිධ හේතු නිසා ලංකාව හැර ගොස් දැනට විදේශ රටවල ජීවත්වෙන දෙමළ ජනතාව ය. එයිනුත්, ඊළමක් හදන්නට තවමත් සැලසුම් කරන, වැඩ කරන, පිරිස ය.

සිංහල බෞද්ධයින් යැයි කියා ගන්නා සමහර අමන පිරිස් නොයෙකුත් ජාතිවාදී, ආගම්වාදී ප්‍රකාශ කරනා විට, ජඩ ක්‍රියාවන්හි නිරතවන විට, ඒ ලේබලයටම උපතින් අයිත්වන අපට කියවෙන්නේ "යකෝ තොපි සිංහල බෞද්ධ ලේබලය අලවාගෙන ඔය වැඩ කරන කොට අපිත් ඒ ගොඩට වැටෙනවා නේද?" කියායි!

ඒ ආකාරයටම, ලංකාවේ දේශපාලකයින් සහ වෙනත් පිරිස් ඔවුන් ගේ නිර්වචනයට අදාලව ඩයස්පෝරාවක් ගැන කතා කරන විට, සැබෑ නිර්වචනයෙන් ඒ ඩයස්පෝරාවට ම අයිති අපට හිතෙන්නේ, "යකෝ එතකොට අපි කළු ද?" කියායි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඉන්දියාවේ සිට ලංකාවට පැමිණ මෙහි පැලපදියම් වූ විජය ඇතුළු පිරිස ද මා කලින් සඳහන් කළ ඉන්දියානු ඩයස්පෝරාවට අයත් නොවේද?

(image: http://www.sundayobserver.lk/2008/07/13/jun02.asp)

61 comments:

  1. ඔය සේරම ලේබල් මිනිස්සු බෙදෙන්න යොදාගත්තුවා. මං දන්න මිනිස්සුන්ගෙ හතර වරිගෙ විතරයි. ඔස්ට්‍රලෝපීතිකස්, නියැන්ඩතාල්, කොකේසියන්, මොන්ගෝලියන්.

    ReplyDelete
    Replies
    1. හතරවරිගේ ඔහොමයි කියලා කිව්වාම හතර වරිගේ නිවන් දක්වන්න හිතන් ඉන්න අයට කේන්ති යන්න ඉඩ තියෙනවා!

      කෙසේ වෙතත් ඔතැනට නියැන්ඩතාල් අයිති නෑ. ඔබට වැරදිමකින් එලෙස ලියවී ඇත්තේ නීග්‍රොයිඩ් යන්න විය යුතුයි.

      Mongoloids, Negroids, Caucasoids and Australoids


      Delete
    2. අපි සමාජ අධ්‍යයනට ඉගෙන ගත්තේ- මොංගෝලියන්, කොකේසියන් සහ නීග්‍රෝයිඩ් ගැන විතරයි.

      ඒ අනුව යමින් සුනිල් ආරියරත්න ලියුවේ මෙහෙමයි-

      මොංගෝලියානුවනී කහවන් ආසියාවේ
      කොකේසියානුවනී සුදුවන් යුරෝ දේශේ
      නීග්‍රෝවරුනී කළුවන් අප්‍රිකාවේ
      උරය පලා සැතකින් බලන් රුහිරූ
      එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු

      Delete
    3. සොරි, නියැන්ඩතාල් අයිති හෝමෝ ඉරෙක්ටස්, ඔස්ට්‍රලෝපීතිකස් යන පරිනාම අවධිවලටනේ. ටැපලුනා කළබලේට.

      Delete
    4. නියැන්ඩර්තාල්වරුන් හෝමෝ සැපියන් උප විශේෂයක්ද (Homo sapiens neanderthalensis) නැතහොත් වෙනම විශේෂයක්ද (Homo neanderthalensis) කියන එක ගැන විවිධ මත තියනව

      Delete
    5. Actually there are four main human types I recognize. They are A ,B, AB, O.
      mind you there are more types. But these are the main :)

      Delete
  2. ඕකට ටැබූ දුන්න සිංහල වචනයක්. දියස්පෝරික. කතන්දරකාරයට සම්මානයකුත් ලැබුන නේද ඒ කාලෙ ඔය කැටගරියෙන්.

    ReplyDelete
    Replies
    1. එතැනට ගොස් බැලුවා. මාත් මේ වචනය ගැන එහි ටැබූ සමග අදහස් හුවමාරුකරගෙන තියෙනවා දුටුවා.

      (එහි සඳහන් ගැමියා, කොලූ, කතන්දරකාරයා ඇතුළු බහුතරයක් බ්ලොග් ලියන්නෝ දැන් වසර පහකට පසු එක්කෝ යන්න ගිහින්, නැතිනම් නිහඬයි නේද?)

      Delete
    2. //කතන්දරකාරයා// එයා ලොකු ඉස්කෝලෙකට ගියා නෙව. (මම කතන්දරකාරයා උනානං කවදාවත් කතන්දර බ්ලොගේ නවත්වන්නේ නෑ)

      අනිත් උදවියගෙන් දැනට බ්ලොග් ලියන්නේ (ඒ සීග්‍රතාවයෙන්ම) අරුණි සහ අජිත් පැරකුම් විතරයි. (පැරා නං ලියනව හිටු කියල ඒකාලෙටත් වැඩි වේගයකින්)

      කොලූ, ටැබූ වගේ අය කියලම යන්න ගියා. ඒ අඩුව පුරවන්න හිටපු රියර් ගේ‍ට් චාමි වගේ අයත් බුකියෙ එදාවේල ආතල් ගන්නව.

      Delete
    3. අම්මට සිරි!
      වචනෙ ගැන හුවමාරු කරගත්ත කිව්වම මාත් ගිහිල්ල බැලුව ආයිත් සැරයක්. මොකද කතන්දරකාරය ඕක ගැන කතා කරල තිබුන මතක නැති නිසා. බැලින්නං රසික කෙනෙක් ටිකක් වාද කරල තියනව. අන්තිමට අර පුරාණ පෙම් ගී කියවන්නත් ලැබුන.

      Delete
    4. රාජ්,

      මගේ ඒ පෙම් ගී බ්ලොගයට දැන් අවුරුදු 10 ක් පිරෙන්න ලඟයි!

      ඩිඟිටි ඩිඟාරේ මිනාකි ඩිඟිටි ඩිඟාරේ ...!!!

      Delete
    5. ඔය රාජ් දීපු ලින්ක් එක මේ රටෙ තනම් කොරපු එකක්. ඒ නිසා ඒකෙ URL එක දෙන්න අපිටත් අතීතෙ ප්‍රොක්සියකින් හරි ගෙහුන් බලන්න.

      Delete
  3. ලොකු හෑල්ලක් ලියුවට ගත යුක්තක් නොමැත. වැරදි උපකල්පන නිසා ලියපු ලිපියකි.මන්ද යත් ලංකාවේ දැනට ඩයස්පෝරා කියලා දෙමල ජාතිකයන් හදුන්වන්නේ නැහැ. ලෝකයේ විසිරුණු දෙමල ජනයා යන අර්ථයෙන් දෙමල ඩයස්පෝරා කියා හදුන්වනවා. එම වචනය අවභාවිතයක් ලංකාවේ නැහැ.

    //ඉන්දියාවේ සිට ලංකාවට පැමිණ මෙහි පැලපදියම් වූ විජය ඇතුළු පිරිස ද මා කලින් සඳහන් කළ ඉන්දියානු ඩයස්පෝරාවට අයත් නොවේද?//
    විදේශයකට ගිය ජන පිරිසක් තම මුල් සංස්කෘතික අංග ආරක්ෂා කරගෙන සිටින තාක් මුල් ජාතියේ ඩයස්පෝරාවට අයිති අතර වෙනස් සන්කෘතියක් තුලට අවශෝෂණය වූ විට හෝ නිර්මාණය කරගත් පසු දයස්පොරාවෙන් වෙන්වේ. එබැවින් විජය ඇතුළු පිරිස ගෙන් පැවතෙන අය සියවස් කිහිපයක් ඉන්දියානු ඩයස්පෝරාවට අයිතු වූ නමුත් ඔවුන්ගෙන් බිහිවූ සිංහලයන් ඉන්දියානු ඩයස්පෝරාවට අයිති නොවේ. ඉන්දියානු ඩයස්පෝරාවෙන් බෙදී සිංහල ජාතිය වීමේ මේ පෙරලිය පණ්ඩුකාභය රජ දවස සිදුවිය.

    දැන්වත් සිංහල ඩයස්පොරාවෙන් මිදී ඕස්ට්‍රේලියානු සස්කෘතියට අනුගතව ඔබගේ කල්ලතෝනි කමින් මිදෙන්න.

    ReplyDelete
    Replies
    1. අද මහා පුක කලු වීරක්කොඩියා මන්තරේ මතුරන්නත් කලින් ඇවිල්ලා බෙට්ට දාලා ගිහින්...

      Delete
    2. ලංකාවේ පොළොන්නරු යුගයට ඉහත ඉතිහාසය ගැන මහාවංශය විශ්වාස කිරීම අසීරුය. එහි ඇත්තේ සාමාන්‍යයෙන් ඒ යුගයේ බොහෝ රටවල ප්‍රචලිත ආකාරයේ ප්‍රබන්ධ කතා වලට හුරු කතන්දර කිහිපයකි. මේ නිසා විජය නම් කෙනක් හිටියාද නැද්ද, පණ්ඩුකාභය නම් කෙනක් හිටියාද නැද්ද, ගැමුණු නම් කෙනක් හිටියාද නැද්ද වැනි ප්‍රශ්න මතුවේ. වඩා උචිත වන්නේ මේ සියල්ල අමතක කොට පොළොන්නරු යුගය සිංහල අනන්‍යතාවයේ ආරම්භය සේ සැලකීමයි. නමුත් සිංහල අනන්‍යතාවය ඇත්තටම ඉන්දීය අනන්‍යතාවයෙන් වෙනස්ව රිජිස්ටර් වන්නේ යටත් විජිත යුගයේදීය. ඉන් පෙර මහනුවර යුගයේදී පවා සිංහල සමාජය හා කේරළ සමාජය අතර පොදු ලක්ෂණ විද්‍යාමාන වේ.

      Delete
    3. ඇනෝ,

      මහනුවර යුගයේ දී නොවේ මේ ළඟක් වෙනතුරු ලංකාවේ පැවති යුද්ධයත් ඇත්තටම ඉන්දියාවේ ජන කොටස් දෙකක් අතර ඩයස්පෝරිකව කළ එකක් කියායි මං විශ්වාස කරන්නේ.

      ඩයස්පෝරා යන වචනය (ලාංකික/සිංහල/දෙමළ වැනි) විශේෂණ පදයක් නොමැතිව විදෙස්ගත දෙමළ ජන කොටස හැඳින්වීම සඳහා මේ මාසයේ මුල දී පවා, පරස්ි මගේන්ද්‍රත්, විමලසේනත් යොදාගන්නවා මං දැක්කා.

      ඒ විතරක් ණං මොකද, මේ දවස් දෙකකට කලින් අනුර කුාමර දිසානායක ගේ ප්‍රෙස් කන්ෆරන්ස් එකේදී ත් කීවේ ඩයස්පෝරාව කියා විතරයි.

      Delete
    4. සාමාන්යෙන් යමක් ගැන කතා කරන විට කතා කරන මාතෘකාව අනුව යොදන තැන අනුව ස්ථානය අන්නුව සමහර වචන වල තේරුම වෙනස් වනවා.මේක ඕන භාෂාවකට පොදුයි. සරලව ගත්තොත් සුද්දා ෆ්ලාක්ස් එකක් විද්‍යාගාරයකදී ඉල්ලුවොත් ඉල්ලන්නේ වෙනම දෙයක් කුස්සියෙදී ඉල්ලුවොත් ඉල්ලන්නේ උණු වතුර බෝතලය. ඒ වගේ තමයි ඊළාම් ගැටලුව ගැන කතා කරන විට ඩයස්පෝරා කිවුවොත් ඉන් අදහස් කරන්නේ දෙමල ඩයස්පෝරාව බව තමුසේ වගේ මෝඩයෙක් නොවන ඕන කෙනෙකුට තේරුම්ගන්න පුළුවන්. එක මෙහෙම පොස්ට් දම දමා ඉන්න දෙයක් නැහැ.

      Delete
    5. අනේ බං වීරක්කොඩියෝ, උඹයි මායි දන්න ඩයස්පෝරාව. උඹට වැඩක් නැත්නම් අර මාරයා වගේ ගිහින් ලොරියක් එළවපන්.

      Delete
  4. මේ වාගෙ ලිපි වලින් වුනත් දෙමළ ඩයස්පෝරාව ශක්තිමත් වෙලා ඊළමක් බිහිවෙන්න ඉඩ තියනවා. ඔය හැංගිලා තියන කිසිම දෙයක් හාරා අවුස්සන්න එපා, ජාතික ආරක්ෂාවට බලපානවා ඒ වගේ වැඩ.
    වැරැද්දක් තියනවනම් නඩු දාන්න.

    ReplyDelete
    Replies
    1. අම්මපා, ඒකත් ඇත්ත. ලාංකික මුස්ලිම් ඩයස්පෝරාවත් ඇවිස්සිලා එයිද මන්දා!

      Delete
  5. ප්‍රධාන කොලනිස්ට් ගාණට ආවහම ( 18, 19 සියවස්වල ඔස්ට්‍රේලියාවේ ඉන්ග්‍රීසින්, ලන්කාවේ විජය හා ඒ ආසන්න කාලවල ආ ඉන්දියානුවන් වගේ ) ඩයස්පෝරා අර්ථයට වඩා වැඩිවෙනව.
    ඇමරිකාවෙනම් නිදහසට පසුව ආ අයිරිෂ්, ඉතාලි, ජර්මන්, රුසියන් , චීන, මෙක්සිකන්, ආදීන් ඩයස්පෝරා තත්වයෙන් සෑහෙන කාලයක් හිටිය. ඉන්දියන්, කොස්ටාරිකන්, කියුබන්, කොලොම්බියන් ආදීන් දැන් එහෙමනෙ.
    චීන මෙක්සිකන් ඉස්සරත් එහෙමයි හුඟක් අය තාමත් එහෙමයි.

    අපි නම් ඉතින් මොකක් හරිවචනයක් අහුවුනහම පතුරුයනකම් ඒක හැම එකටම පාවිච්චිකරනවනෙ. රසික, තාම කවුරුවත් ඇහුවෙනැද්ද දෙමල "ඩයස්" ලත් ඉන්නවද කියල?

    ReplyDelete
    Replies
    1. එතකොට විජයගෙන් එන අපිත් ඩයස් පොරවල් නේද?

      බුද්ධිමත් විග්‍රහයක් බලාපොරොත්තු වෙමි..

      Delete
    2. ඔය සමහර අය කියල තියන විදිහට විජය ( විජය කියන්නෙ ඇත්තටම කාලයක් තිස්සේ වූ ඉන්දියානු සංක්‍රමණයක්) ටිකකාලයක් ඩයස් තත්වයේ තමයි තියෙන්න ඇත්තෙ. ප්‍රධාන කොලනිස්ට් වුනාම ඩයස්පෝරාව නෙමෙයිනෙ.


      ( ඇයි අපි මෙන්ඩිස්ලව අමතක කරන්නෙ.?
      බුද්ධිමත් විග්‍රහයක් තනියම අමාරුයි ,පත්තරමල්ලි එනකම් චුට්ටක් ඉවසන්න පුලුවන්ද?)

      Delete
    3. පිටරටක ගොස් පදිංචි වුනත් තවමත් මුල් රට එක්ක සම්බන්ධකම් පැවැත්වීම ඩයස්පෝරිකත්වයට එක් අනිවාර්ය අවශ්‍යතාවයක්. අපේ රජවරු ඉන්දියාවට දුවල ගිහින් හමුදා ගෙනාවේ, කුමාරිකාවන් ගෙනාවේ ඒ ඩයස්පෝරික ගතිය නිසයි.

      නිදහසට පෙර- ජේආර් පවා යෝජනා කර තියෙනවා, ලංකාවෙ ඉන්දියාවේ ප්‍රාන්තයක් වුනොත් නරකද කියලා.

      ඒ දිනවල ගැයුනු ගීතයක පදයක් මෙලෙසයි.

      "...භාරත මෑණී, ලංකා දෝණී....."

      ඕස්ටේ‍රලියාවට තාම ජනරජයක් වෙන්න බැරිවුණේ (ජනමත විචාරණය පැරදුනේ)ත් එංගලන්තයේ ඩයස්පෝරාව මෙහේ සැලකිය යුතු කොටසක් නිසයි.

      Delete
    4. ප්‍රා ..
      ඩයස් පෝරාවෙත්
      බ්‍රෑන්ඩ් එක ගල් :D

      Delete
  6. මම හිතුවේ ඩයස්පෝරා කියන්නේ ඇනකොන්ඩා වගේ බටහිර රටවල වෙසෙන අති භයානක සත්වයෙක් කියලා.

    කොහොම හරි තොරණ හංදියේ ඩයස් පවුල එක්ක තියෙන ආස්සරෙත් නැවත්තුවා.. බයටම..

    ReplyDelete
    Replies
    1. ඩයස් පොරත් මාර පොරක් තමයි :-)

      Delete
    2. කොස් මාමා ගැන අහලා තියෙනවද? නම ආතර් වී දියෙස්.

      දියෙස් කියන්නේ ඩයස් කියන නමේ දේශියකරණිත නමයි.

      අපි පොඩි කාලයේ පොරක් තමයි රෝයි ඩයස්!

      එපා කරපු එකෙක් - ෆීලික්ස් ඩයස්.

      Delete
    3. අමතක උනාද "සොලමන් රිජ්වේ ඩයස්" පොර ?

      Delete
  7. ඔරිජිනල් ග්‍රීක වචනෙ වෙන්නෙ "ඩියස්පොරා" ලු! අපෙ කන්තෝරුවෙ ඉන්නෙ ග්‍රීක් ඩියස්පොරාවෙ එකෙක් කිව්වෙ.

    මම හිතන්නෙ අපි මේ ගැන මූණුපොතෙත් කතා කරා! ලංකාවෙ මාධ්‍යකාරයො අවභාවිතා කරපු තවත් වචනයක් තමයි "ඩයස්පොරාව".

    ඉන්දියාවෙන් පිට ඉන්න ඉන්දියානුවන් වෙනුවෙන් ඔවුන් NRI (Non resident Indian ) කියල "නිළ" යෙදුමක් හදාගෙන තීනව. ඒක අද වෙනකොට ඉන්දියානු බැන්කු වල වෙනම ගිණුම්, රජයේ ප්‍රථිපත්ති ප්‍රකාෂනවල පවා යෙදෙනව.

    ම.ක.සි කිව්ව වගෙ විජය ප්‍රමුඛ පිරිස පණ්ඩුකාභය කාලෙම NRI තත්වෙන් ( ඩයස්පොරාවෙන් ) මිදුන. ඒත් අර 1815 අල්ලගෙන පිටුවහල් කරපු ලංකාවෙ අන්තිම රජා රාජසිංහනම් මැරෙන තුරුම NRI ( ඉන්දීය ඩයස්පොරාවෙ ) කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. මා මේ ලිපියේ Diaspora යන වචනයට ඈඳා ඇති විකිපීඩියා ලිපියේ දැක්වෙන්නේ එලෙසයි, ie, from Greek διασπορά.

      ඩයස්පෝරාවෙන් මිදුණාය කියන එක කෙසේ වෙතත්- මේ ළඟක් වෙනතුරු ලංකාවේ පැවති යුද්ධයත් ඇත්තටම ඉන්දියාවේ ජන කොටස් දෙකක් අතර ඩයස්පෝරිකව කළ එකක් කියායි මං විශ්වාස කරන්නේ.

      Delete
    2. /* අර 1815 අල්ලගෙන පිටුවහල් කරපු ලංකාවෙ අන්තිම රජා */

      එතකොට අර 2015 දී කොට්ටේ රාජධානියේ රජකමෙන් නෙරපා මාගමට පිටුවහල් කරපු රජා? තාමත් ඉන්දුනීසියන් ඩයස්පෝරාවේ ද?

      Delete
    3. රසික, එතකොට ඉන්දියාවෙ ( එහෙම රටක් 18 සියවසට කලින් තිබ්බද කියන එක තවත් ප්‍රශ්ණයක් ) ඉන්නෙ/ හිටියෙ ඔරිම ඔරිජිනල් ඉන්දියන්ස්ලද, නැත්තන් ඒ අයත් තව කොහෙ හරි ඩියස්පොරා පොරවල්ද? ඔබ ඔප්පු කරොත් ඉන්දියාවෙම බිහිවෙලා පරිනාමය වෙලා ඉන්න ඔරිම ඔරිජිනල් ඉන්දියන්සල තමා ලංකාවට ආවෙ කියල, පහුගිය යුද්දෙ උනේ ඉන්දියන් ඩයස්පොරාවක් අතර කියන එක පිළිගන්න හැකියි!

      Delete
    4. ඉන්දියාවේ මුල් පදිංචිකරුවන් තමයි ලු දැන් දකුණේ ඉන්නවාය කියන්නේ. උතුරේ ඉන්නේ බටහිරෙන් ආපු ආර්යයෝ ලු.

      ඒ කෙසේ වෙතත්, මා කියූ ඉන්දියාවේ යුද්ධය මෙහේ කළාය කියන කතාවේ එක් සාධකයක් තමයි සිංහල ජනකොටසින් බොහෝ දෙනෙක් කේරලයට ඇති නෑකම සහ දෙමල අය තමිල්නාඩුවට ඇති නෑකම.

      Delete
    5. //ඉන්දියාවේ මුල් පදිංචිකරුවන් තමයි ලු දැන් දකුණේ ඉන්නවාය කියන්නේ. උතුරේ ඉන්නේ බටහිරෙන් ආපු ආර්යයෝ ලු.//

      දැන් එතකොට විජය කියන්නෙ ඉන්දියන් ඩයස්පොරාවෙ පොරක්ද කියල ඔබ පලියෙ අහපු ප්‍රශ්ණයට උත්තරේ ඔබම දුන්න!

      අනෙක් පැත්තෙන්, සිංහලයින් යනු විජයගේ පිරිසගෙන් පසු උපන් ජාතියක් යන මතයද, සිංහලයන් යනු ද්‍රවිඩයන් සහ කේරළය්න්ට වඩා බංගලින්ට ඇති සමීප ජීව විද්‍යාත්මක නෑකමද සලකන විටද, ලංකාවෙ යුද්ධය ඉන්දියාවෙ ඩයස්පොරා කොටස් දෙකකට වඩා, ඉන්දු සහ ආර්‍ය ඩයස්පොරා යුද්ධයක් කියන්න පුළුවන්.

      Delete
  8. අපිත් ඉතිං ඔය ස්ටේජ් වල කියන පලියට ඔය වචනෙ අහගෙන ඉන්නව මිසක් නොදන්න පෝරා ගැන හොයන්න යන්නෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. විස සහිත පෝර එවන්නෙ ඩයස් සහ බටහිර කුමණ්ත්‍රනකරුවන්

      Delete
    2. ස්ටේජ් වල ඔය වචනේ මැතුරුවේ පර්සි මහින්ද සහ විමලසේන දෙපල තමයි වැඩියෙන්ම!

      Delete
    3. හාම්පුතාටයි බල්ලාටයි දෙන්නටම දෙමල ඩයස් පොරවල් විතරක් නෙවේ සිංහල ඩයස් පොරවලුත් වහකදුරු වගේ කියලයි පෙන්නන්නෙ. ඒ උනාට ඩීල් දානකොට කොයි පොරත් එකයි.

      Delete
  9. ඩයස්පෝරා කාරයො නේන්නං අවුරුදු දහයක්ම අපේ රට පාලනය (කෑවෙ) කලේ

    ReplyDelete
    Replies
    1. කවුරුත් ඩයස්පෝරික් තමයි!

      ඇත්තටම මැලේෂියාවේ සිලනීස් ඩයස්පෝරාව ඉඳලා තියෙන්නේ එකදාස් අටසිය ගණංවල ඉඳලයි, ඒ සුද්දගේ කාලේ සිවිල් සේවයේ විවිධ ජොබ්වලට, බිස්නස්වලට ගිය අය.

      ලංකාවේත් ඉන්නවානේ මැලේ ඩයස්පෝරාවක්.

      Delete
  10. අනේ නොලිය හිටපංකො. නැත්තන් දෙමළෙන් ලියපන්. ජාලෙත් කැත වෙන ගොන් ආතල් දානවා.

    ReplyDelete
  11. අපේ රටෙත් හිටිය නොවැ ඔය බලංගොඩ මානවය කියල මනුස්සයෙක් ඒ උන්නැහේව අයිති වෙන්නෙත් නියැන්ඩතාල් කියන මානව වර්ගයටම නොවැ. දැනට ලංකාවෙන් වාර්තාවෙන ආදිම මනුස්ස කොට්ඨාශය මේ කට්ටියනොවැ. එතකොට මේ රට අපේය කියල බදාගෙන සිටින සිංහල බෞද්ධ අපි කට්ටියට මේ බලංගොඩ මානවයගෙ කිසිම නෑ කමක් හෝ සම්බන්ධයක් නෑ නොවැ. අඩු තරමින් අර ඩී.ඇන්.ඒ වලින්වත්.බලාගෙන ගියාම මේ සිංහල බෞද්ධ අපිත් ඩයස්පෝරා කාරයෝ නොවැ.

    ReplyDelete
    Replies
    1. නියැන්ඩතාල් ලා හෝමෝ සෙපියන්ස් ලා ගේ කෙලින්ම නෑයෝ නොවෙයි කොහොමටත්.

      ඉන් ලෝස් (-in-Laws) ලා.

      Delete
  12. ලංකාවේ නම් දකින්න අහන්න ලැබෙන්නේ ඩයස්පෝරා කියන වචනය දේශපාලන වාසි ලබාගැනීම සඳහා පාවිච්චි කරන්නක් පමණක් බවයි.

    ReplyDelete
    Replies
    1. මේක මුලින් යෙදුමක් එක වචනයකට කෙටිකර ගැනීමක් වෙන්නට ඇති, දැන් නම් ඉතිං ඩයස්පොරා කියලා දේශපාලන වාග්කෝෂයේ සිංහලෙන් හැඳින්වෙන්නේ ඊළමක් හදන්නට තාමත් ට්‍රයි කරන විදෙස් ගත දෙමල සුළු පිරිසක් විතරයි.

      Delete
  13. සුපර් පැහැදිලි කිරීමක්.......................

    ReplyDelete
    Replies
    1. වැඩි ඬිස්තර සඳහා ලිපියේ මා යොදා ඇති විකිපීඩියා ලින්ක් එකට ගොස් කියවා බලන්න.

      Delete
  14. Neanderthal manawayge upanbima,(neander+tal)thiyenne mama inna düsseldorf indala km24 withara durin,Ewangalish Dewagethiwarayek una Joachim neander(1650-1680) namin neander,da.German baswe Tal= valley-nimnaya.neandaerthal. ME Ethakota Dias La witharada porawal? silvala,pererala,fernandola porawal neweida?(Ranjan)

    ReplyDelete
    Replies
    1. නියැන්ඩතාල් තොරතුරට ස්තුතියි.
      අද පොරවල් හෙට බලුවෙන ලෝකයක් තියෙන්නේ.

      Delete
  15. මේවා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන ලිපි හිටං..

    ReplyDelete
    Replies
    1. මං බයෙන් ඉන්නේ "ඩයස්පෝරාව" සහ ඔවුන් ගේ අයිතිකාරයින් මොනවා කියයි කියලායි!

      Delete
  16. නූතන සොයාගැනීම් අනුව අපි ඔක්කොම අප්‍රිකාවේ ඩයස් පොරවල් නේද ?

    ReplyDelete
    Replies
    1. මුලු ලෝකෙම ඩීඑන්ඒ අම්මලා හත් දෙනෙකුට අයිති ඒවාය කියා මා කියවා තියෙනවා.

      Delete
  17. //ආර්යයන් මෙරටට පමණක් නොව, මේ කලාපයට පැමිණීමට ද බොහෝ කාලයකට පෙර පටන් මේ භූමිසේ ගංගා ආශ්රිතව ජීවත් වූ ඉතාම ශ්රේෂ්ටසම්පන්නවූත්, ගුණාත්මක වූත් ජීවිතයක් ගත කළ නාගයන්සේ ද, පසුව පැමිණි ආර්යන්ගේද, සේමිරණසේ ජීවමාන සම්මිශ්රණයේ සංකේතයක් බඳු වූ ඇය ප්රඥර්ථ චර්යාවෙන් ජීවත්වන්නියක බවද, පරාර්ථය වෙනුවෙන් දිවි පරදුවට තැබූ ගැහැනියක බව ද උන්වහන්සසේ දනිති.//

    මහරජ ගැමුණු-14 පිටුව

    ReplyDelete
    Replies
    1. උඩ 'නාගයන්ගේ' වෙන්ට ඕනි. 'නාගයන්සේ' නෙමේ. :D

      Delete
    2. පොඩිකුමාරි ඒ නාග කන්‍යා පරම්පරාවේ හෝ කුවේණි පරම්පරාවේ හෝ නේද?

      Delete
  18. ඩයස් පොරා =රට කොටි කියලායි මම හිටන් හිටියේ,හොඳ වෙලවට රසික මේක කිව්වේ.

    ReplyDelete
    Replies
    1. ඔබ වගේ අය විතරක් නොවෙයි, පර්සි සහ විමලසේන ගේ කටවාචාලකම් වලට රුවටුනු අයගෙනුත් මං හිතන්නේ බාගයක් හිතන්නේ එහෙමයි.

      වහරනු සෙරෙන් සපයා කියන්නා වාගේ මේ වැරදි තේරුම ඒ වචනයට සදහටම ආදේශ වෙන්න ඉඩ තියෙනවා.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.