Wednesday 26 August 2015

රනිල් වික්‍රමසිංහ ගේ අගමැති ලෝක වාර්තාවේ ඇත්ත තත්වය - Ranil and the bottle journalists


දේශපාලු කතා හෝ දේශපාලුවන් ගැන කතා හෝ සෑහෙන කාලයකට නො ලියමියි සිතා සිටියේ එය සැබවින් ම කාලපාලු කර්තව්‍යයක් හෙයිනි.

නමුත් මේ කතාව නම් නොලියා ම බැරි ය.

පසුගිය දා පැවති මහමැතිවරණයෙන් ලද සුලු ජයග්‍රහණය සහ සභාග රජය ගැන තිබුණු පෙර සම්මුතියක් මත පදනම්ව රනිල් වික්‍රමසිංහ ලංකාවේ අගමැති ලෙස දිවුරුම් දීම ලංකාවේ පුවත්පත්වලින් සහ වෙනත් මාධ්‍යවලින් වාර්තා කර තිබුණේ ඔහු සිව්වෙනි වරට මෙලෙස අගමැති ලෙස පත්වීම, ලාංකීය වාර්තාවක් තැබීමක් ලෙසත්, ලෝක වාර්තාවක් සම කිරීමක් ලෙසත් ය.

ඒ සම කෙරුණු වාර්තාව ලෙස උපුටා දැක්වුණේ එක්සත් රාජධානියේ මීට ශත වර්ෂයකට පමණ පෙර අගමැති වී සිට ඇති ග්ලැඩ්ස්ටන් නමැත්තා ගේ සිව් වතාවක් ම අගමැති වීමේ වාර්තාව ය.

මේ ප්‍රලාපය ලියා තිබුණේ නිකං ලපයි-සිපයි බොටල් ජානලිස්ට්ලා පමණක් නොවේ. අපේ ජ්‍යෙෂ්ඨ පුවත් කතෘ, මා මිත්‍ර, නලීන් දිල්රුක්‍ෂ ද මේ වග ඔහු ගේ සමකය වටේ ලිපියක සඳහන් කර තිබුණු අතර, මගේ ප්‍රතිචාරයට පිළිතුරු ලෙස ඔහු සේවය කරන දිනමිණ පුවත් පතේ ලිපියක් ද උපුටා දක්වා තිබුණි.

ඒ කියන්නේ මෙය එසේ මෙසේ කේස් එකක් නොවේ!

අපේ බාප්පා ඇතුළු පිරිසක් විසින්, අපේ පරකන්දෙණිය නමැති ගමේ, 1970 දී සංවිධානය කළ යූඇම්පී ඡන්ද ප්‍රචාරක රැස්වීමේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ ඩඩ්ලි සේනානායකව එදා ඡන්ද පෝස්ටර්, ප්‍රචාරක පත්‍රිකා යනාදියේ හඳුන්වා දුන්නේ, සිව් වරක් අගමැති වූ ඩඩ්ලි වශයෙනි. ඔහුව පස්වෙනි වතාවට අගමැති කරන්න යනුවෙන් ඒවායේ ඉල්ලා තිබුණි.

අපේ ආච්චී ද රැවටුණු, ජාතියේ අම්මා වූ සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක, ඒ 1970 ඡන්දෙන් දිනා අගමැති වීම නිසා ඩඩ්ලිට සේනානායකට පස්වෙනි වරට අගමැති වීමේ අවස්ථාව ගිලිහී ගියේ ය.

ඩඩ්ලි සේනානායක ඊට කලින් අගමැති වී තිබුණු අවස්ථා මා දැන සිටි පරිදි, සහ මේ වන විට සැක හැර ස්ථිර කරගෙන ඇති පරිදි, මෙලෙස වේ!

පළමු වාරය1952 මාර්තු සිය පියා ගේ මරණයෙන් පසුව අනුප්‍රාප්තියා ලෙස නම් කිරීම මගින්කාලය මාස හතරක් පමණ
දෙවන වාරය1952 ජූලි මාසයේ පැවැත්වුණු ඡන්දයෙන් දිනූ පසු සිට 1953 ඔක්තෝබරයේ දී ඉල්ලා අස්වීම දක්වාකාලය මාස පහළොවක් පමණ
තෙවන වාරය1960 මාර්තු සිට රාජාසන කථාවේ දී ආණ්ඩුව පැරදී 1960 ජූලි මාසයේ නැවත පැවැත්වුණු ඡන්දය දක්වාකාලය මාස තුනක් පමණ
සිව්වැනි වාරයතවත් පක්‍ෂ රාශියක සහය ඇතිව හත් හවුලේ ආණ්ඩුව පිහිටයූ 1965 සිට 1970 දක්වාඅවුරුදු පහක සම්පූර්ණ කාලය

මේ අනුව බලන කළ රනිල් මෙවර කර ඇත්තේ ඩඩ්ලි ගේ වාර්තාව සම කිරීමක් පමණි.

ඩඩ්ලි සේනානායක අගමැතිකම කළ මුල් තුන් වාරය මෙන්ම රනිල් වික්‍රමසිංහ ද මෙතෙක් අගමැතිකම කර ඇත්තේ සුලු කාල පරිච්ඡේද තුළ බව පෙනේ.

ඩඩ්ලි ගේ සිව්වන අගමැති වාරය අව්රුදු පහක සම්පුූර්ණ එකක් වූවා සේ රනිල් ගේ මේ සිව්වෙනි වාරය සම්පූර්ණ කාල සීමාව සඳහා වෙන්නට නම් ඉඩ ඇත.

කරුණු හරි හැටි නො සොයා නො බලා පුවත් වාර්තා ලියන මේ කාලයේ මාධ්‍යවේදීන්, ඩඩ්ලි සේනානායක ගේ පෙර කී වාර්තාව අමතක කරනවාට අමතරව කර ඇති අනෙක් වරද නම්, ඉහත පුවත් වාර්තාවල එක්සත් රාජධානියේ සිව් වරක් අගමැති වූ විලියම් ග්ලැස්ටන්ව සඳහන් කරද්දී ඊට වඩා නුදුරු රටවල, ඊට වඩා නුදුරු කාල වකවානුවල සිව් වරක් හෝ සමහර විට ඊට වඩා වැඩි වාරයක් අගමැතිකම් කළ අය සහමුලින් අමතක කර දැමීමයි!

මේ සඳහා මා දන්නා හොඳම උදාහරණය වන්නේ හිටපු ඕස්ට්‍රේලියානු අගමැති ජෝන් හාවර්ඩ් ය.

ජෝන් හාවර්ඩ් අගමැති ලෙස පත්වූයේ මා ඕස්ට්‍රේලියාවට පැමිණි පසු 2006 මාර්තුවේ දී ය. ඉන්පසු ඔහු 1998, 2002 සහ 2004 දී පැවැත්වූ මැතිවරණවලින් ජයගෙන අගමැතිකමේ දිවුරුම් දුන්නේ ය. කෙවින් රඩ් නමැති කම්කරු පක්‍ෂයේ නායකයාට පැරදුණු ඡන්දයෙන් ජෝන් හාවර්ඩ් ජය ගත්තේ නම් ඔහු අගමැතිකම ගන්නට සූදානම්ව සිටියේ ජයග්‍රාහී පස්වෙනි වතාවටයි.

එසේම, 1901 දී ඕස්ට්‍රේලියාව නමැති ෆෙඩරල් රාජ්‍යය පිහිටවූ දින සිට මේ දක්වා ඉතිහාසය තුළ සිව් වරක් හෝ ඊට වඩා වතාවක් අගමැති වූ අය තවත් කිහිප දෙනෙකුම සිටිති.

ඕස්ට්‍රේලියාවේ දෙවන අගමැතිවරයා වූ ඇල්ෆ්‍රඩ් ඩීකින් සිව්වරක් අගමැති වී ඇත. දෙවරක් ඡන්දයෙන් දිනීමෙනි. දෙවරක් දේශපාලන පෙරළි මගිනි.

දොළොස්වෙනි අගමැතිවරයා වූ බිලී හියුස් ද පසුව ඒ වාර්තාව සම කර ඇත්තේ 1922 දී ඡන්දය දිනා සිව්වෙනි වරට අගමැති වීමෙනි.

ඕස්ට්‍රේලියාවේ අගමැති වාර්තා තැබූ අය අතුරින් ඉතා සුවිශේෂී පුද්ගලයා වන්නේ 1963 ඡන්දයෙන් දිනා දසවෙනි වරට අගමැති ලෙස දිවුරුම් දුන් රොබර්ට් මෙන්සීස් නම් ලිබරල් පක්‍ෂ නායකයාය. ඔහු මුල්වරට 1939 දී අගමැති ලෙස පත් වී ඇති අතර, නැවත ඡන්දයකින් දිනා 1941 දක්වා අගමැතිකම දරා ඇත. එතැන් සිට ඡන්ද පැරදෙමින් 1949 දී ලැබූ දිනුම දක්වා විපක්‍ෂයේ ගත කළ රොබර්ට් මෙන්සීස් 1966 දී සිය කැමැත්තෙන් විශ්‍රාම යන තුරුම ඡන්ද හතක් දිනමින් දීර්ඝතම කාලයක් අගමැතිකම දැරූ තැනැත්තා ලෙස ද වාර්තාවක් තබා ඇත.

මීට අමතරව, ජෝෂප් ලයන්ස්, මැල්කම් ෆ්‍රේසර් සහ බොබ් හෝක් යන තිදෙනාද ඕස්ට්‍රේලියාවේ සිව් වරක් අගමැතිකමට පත් වී ඇති අය අතර වෙති.

ඕස්ට්‍රේලියාවේ අගමැතිවරු අමතක කරමු.

නමුත් ලංකාවට නුදුරින් පිහිටා ඇති රටවල අගමැතිවරුන් වූ මැලේසියාවේ මහතීර් මොහොමඩ්, සිංගප්පූරුවේ ලී ක්වාන් යූ නැතිනම් අල්ලපු වැටේ ඉන්දිරා ගාන්ධි වැනි සිව්වරක් හෝ ඊට වඩා වැඩි වාරයක් අගමැති වූ අය ගැන අමතක කරන්නේ කෙසේද?

මේ ගැන ජාලයේ සෙවීමක් කළ මට පෙනුණේ කැනඩාවේ ද, සිව්වරක් හෝ ඊට වඩා වැඩි වාරයක් අගමැති වූ අය කිහිප දෙනෙකුම සිටින බවයි.

සිව්වරක් අගමැති වීම යනු මහා දුර්ලභ කාරණයක් නොවන බව ඉහත කරුණු අනුව හොඳින් පෙනේ.

එසේ නම්, අපේ මාධ්‍යවේදීන් අදාළ කරුණු සහිතව ඉහත ලිපි නොලීවේ ඇයි? මෙයින් හැඟෙන්නේ ලොක්කෙකු ගැන ලියන විට සත්‍යය ඉබේම මෙන් යටපත් වෙන බවද?

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ ලිපියේ අඩංගු තොරතුරු සනාථ කිරීමට සොයා බලද්දී මට වැදගත් කාරණා දෙයක්ම හෙළිදරව් කර ගැනීමට හැකි විය.

1. රනිල් වික්‍රමසිංහ යනු ලංකාවේ ප්‍රථම ජන මූල අගමැතිවරයා ය. එය වාර්තාවකි!

2. රනිල් වික්‍රමසිංහට අමිතෝදනලා ගේ පැත්තෙන් ශාක්‍ය වංශයට ද, කාළුදායීලා ගේ පැත්තෙන් කෝලිය වංශයට ද, ලඟ නෑකම් ද ඇත.

මේ ප/ලි කතාව නිසා මට ලඟදීම මාධ්‍ය උපදේශක තනතුරක් ලැබීමට ද ඉඩ තිබේ!

80 comments:

  1. කට්ටියට පුම්බන්න අලුත් බැලුමක් ලැබිලා.

    ReplyDelete
    Replies
    1. ඕනෑම බැලුමකට පරිමාවක් ඇත!

      Delete
    2. රනිල් ලංකාවේ විශ්ව විද්‍යාලයකින් බිහිවූ පලමු අගමැතිවරයාය.

      Delete
  2. නලින් දිල් රුක්ෂ කියන්නෙ "ප්‍රවීණ මාධ්‍යවේදියෙක්ද"?

    "ප්‍රවීණ මාධ්‍යවේදීන්" ගැන කාලකට ඉස්සර ගුණදාස ලියනගේ මහතා කියපු කතාවක් මතක් වුණා.

    "අයිසෙ, අද පත්තරේකට ලිපි දෙකක් ලිව්වාම මාධ්‍යවේදියෙක් වෙනවා. ලිපි හතරක් ලිව්වාම ප්‍රවීණ මාධ්‍යවේදියෙක් වෙනවා."

    ReplyDelete
    Replies
    1. ඇනෝ ඔබ හරි මේ වදන කිසිසේත්ම මට නොගැලපේ. එය රසික විසින් ම යොදන ලද්දක් නිදා ඒ චෝදනාව රසිකටම යොමු කරන්න.

      Delete
    2. @ නලීන්,

      ඇනෝ ගේ උගුලේ ඔබ අහුවුණා ද?

      ඇනෝ කර ඇත්තේ උත්තරය සපයා, ඒ ගැන ප්‍රශ්නයක් ඇසීමයි!

      මා කියා ඇත්තේ මෙයයි. නැවත කියවා බලන්න.

      /* මේ ප්‍රලාපය ලියා තිබුණේ නිකං ලපයි-සිපයි බොටල් ජානලිස්ට්ලා පමණක් නොවේ. අපේ ජ්‍යෙෂ්ඨ පුවත් කතෘ, මා මිත්‍ර, නලීන් දිල්රුක්‍ෂ ද මේ වග ඔහු ගේ සමකය වටේ ලිපියක සඳහන් කර තිබුණු අතර, මගේ ප්‍රතිචාරයට පිළිතුරු ලෙස ඔහු සේවය කරන දිනමිණ පුවත් පතේ ලිපියක් ද උපුටා දක්වා තිබුණි. */

      ;-)

      Delete
    3. හුරේ !!!!

      අපේ කකා අයෙ ඇවිල්ලා..

      Delete
  3. මේ නලින් දිරුක්ෂ කියන පුද්ගලයා මාධ්‍යවේදය ගැන දන්නා දේ ඉතා අල්ප බව පෙනී යනවා මේ කියමනෙන්.

    /රසික ලංකාවේත් පිළිගත් මාධ්‍යකරුවාට රජය මගින් දෙන හැදුනුම්පතක් තියනවා. ඒවගේම එවන් අයෙකු ලද තොරතුරක් ලැබුණු අයුරු උසාවියකින්වත් විමසන්නේ නැ. එයට නීතියේ ආරක්ෂාව තියනවා./

    මාධ්‍යවේදීන්ට හැඳුනුම්පතක් තිබුණා කියලා මෙහෙම සීමාරහිත ඉමියුනිටි එකක් නැහැ. උසාවියකින් ඇසුවොත් තොරතුරක් ලැබුණු අයුරු හෙළි කළ යුතු නැහැ තමයි, හැබැයි එතකොට ඒ සම්පූර්ණ වරද මාධ්‍යකරුවා මත වැටී මාධ්‍යකරුවා හිරේ යන්න පුළුවන්. මේකවත් හරියට නොදන්නා පුද්ගලයින්ද අපේ මාධ්‍යවල ඉන්නේ. තව ලොකුවට හැඳුනුම්පත් ගැන පොර ටෝක් දෙනවා. මාධ්‍ය හැඳුනුම්පතක් තියෙන්නේ ඔවුන්ට යම් ස්ථානයකට ගිහින් වැඩ කරගන්න පහසුවට මිස නීතියෙන් ආරක්ෂාව ලබා ගන්න නෙවෙයි.

    මේ තොරතුරු ඉතාම ලෙහෙසියෙන් අන්තර්ජාලයෙන් සොයා ගත හැකියි. බලන්න.

    https://en.wikipedia.org/wiki/Reporter's_privilege

    ReplyDelete
    Replies
    1. නොකියා ඉන්න හැකියි, නමුත් හිරේ.

      මේ වගේ කේස් එකක් ගැන තමයි මෙහේ (Australian) ඇටෝර්නි ජෙනරාල් කිව්වේ සයිබර් මාධ්‍යවේදීන් ඒ තරම්වත් මාධ්‍යවේදීන් නොවෙයි කියා!

      Delete
  4. රසික, මෙතනදි වෙනස් කාල පරිච්ඡේද වල තනතුර දැරීම ගැන කියනවද දන්නෙ නෑ?

    ReplyDelete
    Replies
    1. එහෙම නං රනිල් ගේ මේ තාම යන්නේ තුන්වෙනි වාරය නේ! මොකද, ජනවාරි පත්වීම අවලංගු වුනේ නෑනේ. ඡන්දය කාලෙත් අගමැති නේද? අර හයිවේ පිවිසුමකට මුල් ගලත් තිබ්බේ?

      Delete
  5. //මේ ප/ලි කතාව නිසා මට ලඟදීම මාධ්‍ය උපදේශක තනතුරක් ලැබීමට ද ඉඩ තිබේ//

    මහ අගමැත්තාණනි කියල සිංදුවකුත් ලියල, එස්මන්ඩ් වික්‍රමසිංහ පදනමක් හදල, තඩි සොහොන් කොම්ප්ලෙක්ස් එකකුත් රජයේ වියදමෙන් හදන්න මූලික වුනොත් ඊට වඩා දෙයක් ගන්න බැරිවෙයිද?

    ReplyDelete
    Replies
    1. සින්දුවක පද ලියන වැඩේ අදම පටන් ගන්න ඕනෑ!

      Delete
    2. මදි මදි හොඳටෝම මදි... රනිල්ගෙන් ගන්න නම්, පතිවත අමතක කරන්න වෙනවා..

      Delete
    3. සින්දුවක් ලිව්වොත් නම් අර අලුත් හයිවේ එකට "රසික හයිවේ"කියලා නම දාගන්ටත් තිබ්බා.

      Delete
  6. Replies
    1. ඉහළින් ඇති ඇනෝ කමෙන්ට් දෙකම රසිකොලොජික් වර්ගයේම ඇනෝවක් බව මගේ හැගුමයි. ඒ වගේම රසික //Anonymous26 August 2015 at 14:59// ඇනෝගේ මේ ඇනෝගේ කමෙන්ටුවත් නිර්ක්ෂණය කළානං ඉතාමත් හොදයි. එදා මා අතින් එම සටහනේ යම් වරදක් වන්නට ඉඩක් තුබු බවද මා පිළිගෙන තිබිණි.

      Delete
    2. නලින්,
      මගේ ඉහල කමෙන්ටුවෙන් මම ඇහුවෙත් ඔය කාරණාව තමයි. හැබැයි මෙහෙම සීන් එකකුත් තියනව නේද? රනිල් ජනවාරි දිවුරුම් දීල යලිත් දිවුරුම් දුන්නට ඒ කාලය තුල අගමැති ධූරය දිගටම තිබුන. මේක ඔරිමජිනල් වාර්තාවක් වෙන්න නං වෙනස් කාලයන් හතරක අගමැති වෙන්න ඒන කියන එකයි මගේ හැඟීම

      Delete
    3. @ All
      මේ ලිපියට මා ඈඳා ඇති අපේ බාප්පා ගැන කතාවේ සඳහන් වෙන 1970 ඔහු ඇතුලු පිරිස සංවිධානය කළ ඩඩ්ලිගේ රැස්වීමේ දීි සහ ඒ ඡන්දයේ දී භාවිතා කළ පෝස්ටර් කිහියක් පසු කාලයේදීත් අපේ නිවසේ තිබුණු නිසා මට ඒවා හොඳින් මතකයි.

      1. වැවයි දාගැබයි සංකල්පය ගැන ඉතා ලස්සන පෝස්ටරයක්
      2. පරාක්‍රමබාහු ගස්ලබු කෑල්ල කන ෆොටෝ එක, ඩීඑස් සහ ඩඩ්ලි ඉන්න එකක්
      3. ඩඩ්ලිගේ ෆොටෝ එක සහිතව - පස්වෙනි පාරටත් ලංකාවේ අගමැති කියන පෝස්ටරය

      අනිවාර්යෙන් ම ඩඩ්ලි එදා සැළකුණේ හතර පාරක් අගමැති වූ අයෙකු විදියටයි.

      මේ ගැන ස්ථිර කරගන්න මා කියවූ A History of Sri Lanka by KM de SIlva පොතේ (611 පිටුව) මේ ගැන හොඳින් සඳහන් වෙනවා.

      ඩීඑස් ගේ මරණයෙන් පසු ඩඩ්ලි අගමැති ලෙස පත්වීම 1993 දී ප්‍රේමදාස මිය ගොස් රනිල් අගඟැති වීමට සමානයි. ඉතින් 1994 ඡන්දෙදී චන්ද්‍රිකා අගමැති නොවී රනිල් දිගටම හිටියා නම්, එතකොට රනිල් ගේ අගමැති වූ වාර සංඛ්‍යාව වැඩි වෙන්නේ නැද්ද?

      ඔය තත්වයමනේ 2015 තියෙන්නේත්? රනිල් ජනවාරියේ ඡන්දයක් දිනුවේ නෑනේ!

      Delete
    4. ඔච්චර ලස්සන සංකල්ප හදලා පෝස්ටර් ගහලාත් ඩඩ්ලි පැරදුණේ ඇයිද දන්නෙ නෑ. නිකම් නෙවෙයි වාර්තාගත පරාජයක්නෙ.

      Delete
    5. අනුකම්පා විරහිත වූ අලි සිටියදි බුම්මා
      වසර පහක් පාන් කකා අපි සිටියෙමු අම්මා

      Delete
    6. රසික දරුවෝ,

      1969 අවුරුද්දේ පමණ, ඩඩ්ලිගේ ආණ්ඩුව කාලේ පාන් රාත්තලක මිළ ශත 15 සිට ශත 20 තෙක් ශත 5 කින් වැඩි කළා කියලා, එයට විරෝධය පෑමක් වශයෙන් මා පදිංචි කොළඹට නුදුරු නගරයේ පාන් ගෙඩි 150 ක් පමණ භාවිතා කරලා අඩි 10 ක් පමණ උස තොරණක් හැදුවා සමසමාජ සහ ශ්‍රි.ල.නි.ප. පාක්ෂිකයෝ.

      Delete
  7. පත්තර වල කියන ඒවා දැං විස්වාසබල්ම නෑ.. සමහර නිව්ස් දානව දැක්කම හිනාත් යනවා. එක්කෝ මාධ්‍ය වේදියා බීලා නැත්නං අකුරු අමුණන කම්පිතරේ බීලා..

    ආලාපාලු කාලේ මම ආවේත් නෑ..

    ReplyDelete
    Replies
    1. ආලපාලු කියන්නේ අර චම්පික ගේ කේස් එක නේද?

      මං කිව්වේ කාලපාලු කියායි. දේශපාලු වගේ වචනයක්. කාලය පාලු කරන..!

      Delete
    2. /පත්තර වල කියන ඒවා දැං විස්වාසබල්ම නෑ.. /
      එහෙමම කියන්නත් බෑ ඉදල හිටල අතරින්පතර විස්වාසබල් දේවලුත් පත්තර වල පල වෙනවා, අබලන් වූ පාරවල් /පාලම් ගැන ලියපුවා සහසුද්දයෙන්ම විස්වාසබල් නිවුස්. මම පත්තර ගන්නේ ජොබ් වේකන්සි බලන්නත්, කුස්සියේ පිරිසිදු කිරීම් වැඩ වලටත් තමා.

      Delete
  8. විරුද්ධ පක්ෂෙ ඉද්දි පැරදි පැරදි පක්ෂෙ ඉන්න බල ලෝභියා. දිනුවට පස්සෙ කොයිතරම් පැරදුනත් කිසිදා නොනැවතෙන අගමැති ....... අනේ මන්ද

    ReplyDelete
    Replies
    1. අන්න ඔය තේරිලා තියෙන්නේ වැඩේ.

      රනිල් ගේ පැරදුණු රෙකෝරඩ් එක වහගන්නයි මේ දිනුම් රෙකෝඩ් එක ගේන්නේ!

      Delete
  9. //රනිල් වික්රමසිංහට අමිතෝදනලා ගේ පැත්තෙන් ශාක්ය වංශයට ද, කාළුදායීලා ගේ පැත්තෙන් කෝලිය වංශයට ද, ලඟ නෑකම් ද ඇත.//

    //මේ ප/ලි කතාව නිසා මට ලඟදීම මාධ්ය උපදේශක තනතුරක් ලැබීමට ද ඉඩ තිබේ!//

    ඊට වඩා ලොකු එකක් වුනත් ලැබෙන්ට ඉඩ තියෙනවා...:D

    ReplyDelete
    Replies
    1. නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති
      වැඩිය කඩන නරක ළමයි හෙම නොවෙයි අපී

      Delete
    2. ඒකනෙ. ජැකාට වගේ තට්ටෙත් තියන එකේ රසික දොරමඬලාවට එහෙම ඇවිත් හරබර ටෝක් දෙනකොට අපටත් ආඩම්බරයි නෙව.

      Delete
    3. @ රාජ්
      ඒ කිව්වාමයි මතක් වුනේ, පසුගිය දාක අපේ හසන්ත මහත්තයාත් මෙහේ (සිඩ්නි) ඇවිත් ගියා නොවැ!

      Delete
    4. බලන්ඩ ආචාර්ය හසන්ත මහත්තයෝ, මුන්ට තාමත් ආචාර්ය හසන්ත කියලා කියන්ඩ බැරි හැටි!

      Delete
    5. කෝ හසන්ත මහත්තයෝ සුරියප්පෙරුම මහත්තයා.

      Delete
    6. දැං එයා නෑ.. එන්නෙ සූරිය ආරච්චි

      Delete
  10. ඔය ඩඩ්ලිගෙ කේස් එකෙදි පොර අගමැති විදියට දිවුරුම් දීල තියෙන්නෙ තුන්පාරක් කියල මම අහල තියෙනව. පළවෙනි පාර පත් උනාට පස්සෙ දෙවනි පාර ඡන්දයෙන් දින්නම පොර අලුතෙන් දිවුරුම් දීල නැහැ කලින් එකෙන්ම ඉදල තියෙනව. එකයි අපේ උන් පටලවගෙන ඉන්නව ඇත්තෙ. අනිත් එක දැන් ඉන්න මාධ්‍යවේදීන් කියන උන් කවද්ද කරුණු හරි හැටි සොයා බලල දෙයක් ලියන්නෙ

    ReplyDelete
    Replies
    1. ඡන්දයකින් දින්නම අනිවාර්යයෙන්ම අළුතින් දිවුරුම් දෙන්න ඕනැ. කලින් හිටියෙත් මායි වගේ කතා බෑ. එනිසා 1952දි දිවුරුම් දුන්නෙ නෑ කියන කතාව පිළිගන්න බෑ.

      Delete
    2. නමුත් එදා (1970) දී යුඇම්පී එකෙන්ම කිව්වේ ඩඩ්ලි හතර පාරක් අගමැති වෙලා පස්වෙනි පාරට ඉල්ලනවාය කියලයි. දැන් යූඇම්පීයෙන් ඒ ටියුන් එක වෙනස් කරන්න හේතුවක් නෑ!

      මාධ්‍යවේදීන් ගේ අඩුපාඩුව හොඳින් පේන්නේ ඉන්දිරා, මහතීර්, ලීක්වාන්යූ, ජෝන් හාවර්ඩ් වගේ අය ගැන නොසොයා අවුරුදු අකසිය ගානකට කලින් එංගලන්තේ පොරක් ගැන ලිවීමයි!

      එයින් තේරෙනවා ඩඩ්ලි ගේ කෙස් එක ගැනත් සොයා නොබැලූ බව!

      Delete
    3. ආසියානුවෝ,ඕස්ටේලියන් කාරයෝ එක්ක සංසන්දනය කරනවට වැඩිය එංගලන්තේ හිටිය සාමි පට්ටමක් සුද්දෙක් එක්ක සංසන්දනය කලාම වැඩියෙන් ලකුණු ලැබෙයි කියලා හිතෙන්න ඇති....

      Delete
    4. ඒක ඇත්ත, ඔසියෝ වාගෙද සුද්දෝ?

      Delete
  11. පලිය තමයි වඩා හොඳ!

    ReplyDelete
    Replies
    1. තව තව හොඳ ඒවා ඒවි - එලිවෙන ජාමෙට!

      http://sinhala.lankanewsweb.net/featured/item/548-2015-08-26-05-43-55

      "නෑකමේ හැටියට ඞී.ආර්. විජයවර්ධන රනිල් වික‍්‍රමසිංහගේ සීයාය. මේ නෑකමින් රනිල් මෙරට රාජකීය උරුමයටද නෑකම් කියන්නේය.

      රනිල්ගේ මව වන නාලනී විජයවර්ධනගේ පරම්පරාවේ අක්මුල් දෙවැනි රාජසිංහ රජ සමය දක්වා විහිදෙන බව ජාතික ‍ලේඛනාගාරයේ අධිපතියා විසින් ප‍්‍රකාශයට පත්කරන ලද ‍පොතක සඳහන් වේ. මේ ‍පොතේ හැටියට රාජසිංහ රජුගේ හමුදාවේ හුන් රණූශූරයකු වූයේ තෙන්නකෝන් මද්දුම රාළය. ඔහුගේ පුතා වූ තෙන්නකෝන් අප්පුහාමි සබරගමුවේ මහ දිසාව විය. කළුතර තුඩුගල පරම්පරාව පැවැත එන්නේ තෙන්නකෝන් අප්පුහාමිගෙනි. තුඩුගල පරම්පරාවේ මෑතකාලීන කැපී පෙනෙන චරිතය වූයේ දොන් පිලිප් තුඩුගලය. කොළඹ වරායේ දියකඩනය ඇතුළු යටත් විජිත සමයේ නගරයේ දියුණුව උදෙසා ඉදිවූ ගොඩනැගිලිවලට අවශ්‍ය අමුද‍්‍රව්‍ය සපයා, දොන් පිලිප් තුඩුගල මහා ධනවතකු විය. ඉංග‍්‍රීසිහු ඔහුට විජයවර්ධන යන නම්බුනාමය දුන්හ. නෑකමේ හැටියට දොන් පිලිප් විජයවර්ධන වූ කලී රනිල්ගේ මුත්තාය."

      Delete
    2. චැහ්... පලිය දැක්ක ගමන් මේ කෑල්ල මතක් උනා... විලි ලැජ්ජයි අප්පා..

      Delete
  12. කී සැරයක් අගමැති උනත් වැඩක් තීයේය. අගමැති කම කියන්නේ රටේ ප්‍රධාන පුරවැසියා නොවෙන කොට. අනික දී මූ වගේ හාල්පාරුවෙකුත් කරපු පෝස්ට් එකක් නේ ඕක...

    ReplyDelete
    Replies
    1. මාතලන්, උඹට නම් නිර්මාණ ශක්තියක් ඇත්තේ ම නෑ. උඹේ ඔය 'මාතලන්' කියන නමත් පරණ සිංහල චිත්‍රපටියක නමක් නේ...

      අනික, උඹ සර්ව-අශුභවාදියෙක්. උඹ තියෙන්නේ හෙට අනිද්දා ලෝක විනාශය වෙයි කියන බලාපොරොත්තුව යි.

      අගමැති තනතුර තියෙන කිසිම රටක අගමැති ඒ රටේ ප්‍රධාන පුරවැසියා නෙවෙයි. උඹේ සර්ව-අශුභවාදීත්වය නිසා ඒකත් උඹට පේන්නේ රුවිතෙට!

      දි.මු. ගැන උඹ ලියලා තියෙන එක නම් හරි. ඌ හාල්පාරුවෙකුට වඩා බුලත් හපයෙක්.

      Delete
    2. උඹ මක්කෙට්යි බං මම වෙනෙකෙකුට දාපු කොමෙන්ටුවකට සීනී කිරන්න එන්නේ...

      Delete
    3. ඩඩ්ලි අගමැතිකම කළ හතර පාරම රටේ රාජ්‍ය නායකයා වුනේ එළිසබෙත් වින්ඩ්සර්.

      ඇය රජකමට පත්වුනේ 1952 පෙබරවාරිවල ඇගේ පියා මිය ග්‍රි පසු. ඩඩ්ලි මුල්වරට අගමැති වුනේ ඒ වසරේ මාරත්තුවල, ඔහු ගේ පියා මිය ගිය පසු!

      Delete
    4. මක් කිව්වා?

      ඩඩ්ලි පළමුවැනි සැරේ අගමැති වෙනකොට රාජ්‍ය නායකයා සෝල්බරි නම් සාමියා.
      ඩඩ්ලි දෙවැනි හා තුන්වැනි සැරේ අගමැති වෙනකොට රාජ්‍ය නායකයා ඔලිවර් ගුණතිලක.
      ඩඩ්ලි හතරවැනි සැරේ අගමැති වෙනකොට රාජ්‍ය නායකයා විලියොං ගොපල්ලා.

      Delete
    5. @ Anonymous 27 August 2015 at 00:59 ----

      උඹ දන්න ඉටි ගෙඩිය.....

      සෝල්බරි සාමි, ඔලිවර් ගුණතිලක, විලියම් ගොපල්ලව කියන්නේ ලංකාවේ හිටපු රාජ්‍ය නායකයෝ නෙවෙයි.... ලංකාවේ රාජ්‍ය නායිකාව වූ එළිසබැත් රැජිනිය නියෝජනය කිරීමට පත් වුණු අය. ඒ තමයි අග්‍රාණ්ඩුකාර ධුරය.

      Delete
  13. ජර්මනියේ හෙල්මුට් කෝල් පිට පිට 5 වතාවක් අගමැති ධුරයට පත් වෙලා තියෙනවා. ඒ 1982, 1983, 1987, 1990 සහ 1994 වර්ෂවල.

    ReplyDelete
    Replies
    1. හෙල්මුට් කෝල් නේද ලංකාවේ දී සුනාමියට අහුවෙලා බේරිලා ඊට පස්සේ ලංකා!වට සෑහෙන්න උදව් කළේ?

      Delete
    2. අනික ජර්මනියේ ඉන්නේ අගමැති නොවෙයි චාන්සරල් නේ? දැන් ඉන්නේ ඇන්ජලා මර්කල්.

      Delete
    3. චාන්සලර් (ජර්මන් භාෂාවෙන් කන්ට්ස්ලර්) කියන්නේ අගමැති පදවිය තම යි.

      ප.ලි. - "චාන්සලර්" ----- රසික ළමයාට ආයෙමත් 'ල' සහ 'ර' පැටලුණා නේද?

      Delete
    4. අපොයි ඔව්, රසික ළමයෝ...... එතුමා ගාල්ලේ ආරෝග්‍යශාලාවක් ගොඩ නඟන්න උදව් කළා තමයි, ඒ වුණාට එතුමා එවපු සල්ලිවලින් අත්තිවාරම වත් හැදුනේ නෑ.... සල්ලි ටික සේරම එක එක්කෙනාගේ සාක්කුවලට ගියා.

      Delete
    5. චාන්සලර් - ඒක නම් අවංකව ටයිපින් මිස්ටේක් එකක්.
      මං හිතුවේ චාන්සලර් කියන්නේ අපි දන්න භාෂාවෙන් වගේ - කුලපති කියලායි!

      හෙල්මුට් කෝල් ගේ රෝහලේ නම "හෙල්පින් ගාල්ල" ද?

      Delete
    6. හෙල්මුට් කෝල්ගේ ආරෝග්‍යශාලාවේ නම "හෙල්පින් ගෝල්" නෙවෙයි, රසික ළමයෝ.... ඒක මාතෘ රෝහලක්.

      මේ තියෙන්නේ අතහැර දමා ඇති වැඩ බිමේ ඡායාරූපයක්.

      "Restart work on Helmut Kohl Maternity Hospital" - Galle Public

      Delete
    7. අගෙයි රසික

      Delete
  14. අගමැති ඩඩ්ලි සේනානායක සිව් වතාවක් එම ධුරයේ දිවුරුම් දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලීය වෙබ් අඩවිය මෙසේ තහවුරු කරනවා:

    He [Dudley Senanayake] was sworn in as the Prime Minister for the fourth time on March 25, 1965 and retried from politics after the general elections in 1970.

    Former Prime Ministers

    ReplyDelete
    Replies
    1. මළා!

      අගමැති කාර්යාලයේ තොරතුරවලත් වරදක් තියෙනවා.

      ඩඩ්ලි 1970 දී විශ්‍රාම ගියේ නෑ, එජපා නායකකමෙන් අස් වී විපක්‍ෂ නායකකම ජේආර්ට දුන්නා පමණයි. දිගටම දැඩිගම මන්ත්‍රීව හිටියා.

      ඩඩ්ලි මිය ගියේ 1973 දී වගෙයි මතක. එයින් ඇතිවුණු මන්ත්‍රීකමේ පුරප්පාඩුවට තිබුණු අතුරු මැතිවරණයෙන් රුක්මන් සේනානායක තේරී පත් වුණා!

      Delete
    2. ඔව්, රසික ළමයෝ..... ඩඩ්ලි සේනානායක මළේ 1973 වර්ෂයේ අප්‍රේල් මාසයේ සිංහල අවුරුද්ද ලබන කොට ම යි. මට අද වගේ මතක යි.

      ඊට පස්සේ දැදිගම අතුරු මැතිවරණය යුද්ධයක් ආකාරයට තම යි පැවැත්වුණේ, මොකද සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුවට ඕනේ වුණා ඒ මැතිවරණය කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ දිනන්න. අන්තිමේ දී රුක්මන් සේනානායක තරඟයෙන් දින්නා. 1976 දී ඔහු ජේ.ආර්. එක්ක ආරෝවක් හදාගෙන ජේ. ආර්. පී. සූරියප්පෙරුම සමඟ එ.ජා.ප.යෙන් එළියට බැහැලා "ඩඩ්ලි පෙරමුණ" කියලා පක්ෂයක් අටවා ගත්තා. ඒ පක්ෂය මාස 10 ක ට පමණ පස්සේ නිකම් ම දිය වෙලා ගියා.

      Delete
  15. විපක්‍ෂ නායක කම කි වරක් දැරුවාද කියලා දන්නේ නැහැනේ හිටං.

    ReplyDelete
    Replies
    1. 1. මං හිතන්නේ රනිල් මුලින්ම විපක්‍ෂ නායක වුනේ ගාමිණී දිසානායක මැරුණාමයි. (අගමැති චන්ද්‍රිකා සහ සිරිමා)
      2. ඊලඟට 2000 ඉලෙක්ෂන් එකෙන් පැරදුනාම (අගමැති රත්නසිරි)
      3. ඊලඟට 2004 ඉලෙක්ෂන් එකෙන් පැරදුනාම (අගමැති මහින්ද)
      4. ඊලඟට 2010 ඉලෙක්ෂන් එකෙන් පැරදුනාම (අගමැති දිමූ)

      Delete
  16. නලින් ළමයෝ උඹට මතකද අවුරුදු කීපයකට කලින් කතන්දර කාරයා කියන හිනමානයෙන් පෙළෙන බ්ලොග් කරුවෙක් වූ රසික සූරිආරච්චි ගැන අපි කියලා දුන්නා. ඔය ළමයා බ්ලොග් ලියන්න ඇවිත් බොහොම කෙටි කාලයකින් බ්ලොක් කරුවන් අතර ජනප්‍රිය වේගන එනකොට අපි කිව්වා මතකද කකා උඹව උගුලකට අහුකරන වග.
    එදා මං ඔය ළමයට ඒ කතාව කියනකොට අපි දහදෙනෙක් විතර එතැන හිටියා. එතැන සිටි නම දෙනෙක්ම කකා කවුද යන්න උඹට තේරුම් කළා මතකද. එකෙක් විතරක් ටිකක් එරෙහිව කතා කළත් අවසානයේ ඇනෝ කමෙන්ට් ගැන කතාවෙදි ඌත් පිළිගත්තා කකා යනු ශුක්‍රාණු සුනකයෙක් වග. එදා ඔය ළමයා කිසිවක් නොකිය හිනා වෙලා ඕව මොනවද බං කියල විදුරුවක් කටට හලාගත්තා. ඒ ඔය ළමයගේ නිහතමානි කම. ඔය ළමය එක එක පිස්සු කෙළියට ඔය ළමයගේ තියන නිහතමානි කම නිසා තමා අපි තාමත් ඔය ළමය එක්ක ඉන්නේ. දැන් ඔය ළමයට තේරෙනවද ඔලුව අතගාලා බටර් නැතිවම කතන්දරකාරයා ඇකේ පුරිය විදිහ.
    ඔය ළමය ලියපු පෝස්ට් එකක වාක්‍ය දෙකක නැට්ටේ එල්ලිලා මේ ශුක්‍රාණුවා ඇකේ පුරිනවා. අපි ඔය ළමය ලියපු ඒ පෝස්ට් එක කියෙව්වා. එතැනදී ඌ වක්‍රව ඔය ළමයව කොටු කළා. මෙන්න මේ ටික බලපන් හරියට. ඔය ළමයගෙන්ම උපුට ගත්තේ.
    ඔය ළමයා-
    //ඉතින් අවස්ථා තුනයි නේද රසික. අපි ඊයේදින දිනමිණ කතුවැකියේ ලිව්වෙත් තුන්වරක් වූ අය ගැනයි. හතරවැනිවතාවටත් අගමැති වන්නේ රනිල් මෙවරයි.//
    //මේ ලින්කුව බලන්න http://epaper.dinamina.lk/art.asp?id=2015/08/20/pg06_6&pt=p&h//
    රසික (කතන්දරකාරයා) -
    //දිනමිණට උගන්නවන්ට වීම හාස්‍ය ජනකයි!
    (අර අයිඩෙන්ටිය ආපසු ගත යුතු ද මන්දා? මට නම් ඒවා නැත, අපි පුරුවසිනේ!)//
    මෙන්න හීනමානය එළියට පැන්නා. ඌට නැති රට පිළිගත් අයිඩෙන්ටියක් ඔය ළමයට තියනවා.
    අයිඩෙන්ටියක් ගැන ඔය ළමය කොතැනකවත් ඒ ලිපියේ ලියා නෑ. කතන්දර සුනකයාම තමා එය ඇදලා ගන්නේ. එහෙම අරන් උඹ දෙන උත්තරයට ඌ අරිනවා. මේක මුගේ උපන් ගෙයි හිනමානය.
    බලපන් උඹ මේතැනදි කෙතරම් නිහතමානි වෙලා තියනවද කියන එක. ඒක ඔය ළමය දාපු මේ කමෙන්ටුවෙන් පෙනෙනවා. රසිකගේ පෝස්ටුවේ මේවගේ කමෙන්ට් එකක් ඔය ළමය දැම්මා කියලා කිසි තැනක දාලා නෑ.
    //ගුරුන්ටත් අකුරු වරදිනවලුනේ..... සත්‍ය ලෙසම මෙහි කොතැනක හෝ අපට වැරදුණා විය හැකිමයි. ඒ ගැන සොයාබලන්නවිදියක් නෑ දින තුන හතරකට. තව ටිකකින් අපි පිටත් වෙනවා සයිබර් ටෙලිෆෝන් සියල්ලන්ගෙන් මිදුණු ඉසව්වකට. ආපසු පැමිණෙන්නේ දින තුනකින්. මේ තොරතුරට ගොඩක් ස්තුතියි ඔබට. වරදක් නිවැරැදි කර දුන්නට.//
    රසික වේශයෙන් ඉන්න කතන්දරකාරයා තුළ ඔය ළමය කෙරෙහි ඇති හිනමානය මේ විදියටයි අපි දකින්නේ.
    රට පිළිගත් අයිඩෙන්ටියක් ඔය ළමයට තියනවා කකාට නෑ
    ඔය ළමය කොළඹ ඉස්කෝලෙකට යන්නේ ශිෂ්‍යත්වෙන් ඌ යන්නේ පැරිෂුට් ක්‍රමයට
    ඔය ළමයට වයසට ගැලපෙන ගැනියක් ඉන්නවා කකාට ඉන්නේ වයස වැඩි ගැනියක්
    පේරාදෙණියේ ගිහින් ඉංජා උපාධියක් ගත්තත් මේ ජන්ම හිනමානය නැතිවෙලා නෑ. ගෑනි විකුණලා හෝ හිට්ස් ටිකක් ගැනිම තමා මේ හරකගේ අරමුණ.
    ඔය ළමය නොසැලි හිටටිං. රාජ් පවා දාල තියන කමෙන්ට් වලින් මු මොකාද යන්න තේරෙනවා නේද ඔය ළමයට. බ්ලොග් කරුවන් අතර ඉන්නා අමුම අමු ද්වේශසහගත පුද්ගලයා තමා කතන්දරෙකාරයා කියන්නේ. උඹ උඩින් දාල තියන //ඉහළින් ඇති ඇනෝ කමෙන්ට් දෙකම රසිකොලොජික් වර්ගයේම ඇනෝවක් බව මගේ හැගුමයි.// මේ කමෙන්ටුවෙන් පැහැදිලියි උඹත් ඒක තේරුම් අරගන ඇති වග. මේ වගේ සක්කිලි එක්ක ගනු දෙනු පරිස්සමින්. එක හිට් එකක් වෙනුවෙන් අම්මා තාත්ත ගැනිත් විකුණයි.

    ReplyDelete
    Replies
    1. you are such a dump piece of shit who does not have a brain which is larger than a pea nut, If you read Sri Lankan Sinhalese news papers u can figure out how illiterate our journalists are, some translate articles they find on the internet even with out mentioning the source while most write crap about myths, read mawbima and lankadeepa which are full of ghost stories, sami stories and devi stories. Its apparent that they are catering to a crowd like u, i used to by all sinhalese news papers but not anymore, i read observer and on the internet, please do not forget that unlike blogs people pay LKR 60 to buy a news paper so the consumer deserves to receive quality content and the editors are responsible for the content they publish, dont scratch each others asses on these blogs, thats what i see all the time, this man is bringing a valid point and he has made ur friend an example to prove that, let go ur ego and open ur eyes. i guess u wont cz u r a dumb shit

      Delete
    2. ලංකාවේ සිංහල පත්තර හොඳ ම එකෙන් කුජීත වෙන්න පටන් ගත්තේ 1982 දී "දිවයින" කියන කඩ මාල්ල ආවට පස්සේ. උපාලි විජයවර්ධනගේ ජනාධිපති වීමේ සිහිනය සැබෑ කර ගන්න එකට පසුබිම හදන්න තමයි එයා ඔය කඩ මාල්ලයි "දි අයිලන්ඩ්" කියන ටොයිලට් පේපර් එකයි පටන් ගත්තේ. ඇසූ විරූ ජර්නලිස්ට්ලා ඔය කඩදාසි දෙකේ වැඩ කරන්න අකැමැති වීම තමයි ලංකාවේ "බොට්ල් ජර්නලිස්ම්"වල ආරම්භය. උපාලි විජේවර්ධන කළේ යාන්තම් ඕ-ලෙවල් ගොඩ දාගත්තු එවුන් හතර පස් දෙනෙක් වැඩට අරගෙන උන්ට කුරුටු ගාන්න කියපු එක. ඒ අතරේ ඔය කඩදාසි දෙකට පෙනුමක් ගේන්න ප්‍රධාන කර්තෘකම් වලට දැම්මා අරක්කු බෝතලේට ඕනෙම කුණු ලබ්බක් ලියන එවුන්ව. උපාලි දැන ගෙන හිටියා මිනිහාට හරහට ඉන්නේ ප්‍රේමදාස කියලා. ඉතින් පුළුවන් තරම් ප්‍රේමදාසට ගැහුවා ඔය කඩදාසි කෑලි දෙකෙන්. ඊට පස්සේ මුදල් පනත අකුරට ම ක්‍රියාත්මක කරපු රොනී ද මැල් ට පහර ගැහුවා. මොකද ඔය කොම්පැනිය බැංකු ණය අරගෙන අමාරුවේ වැටිලයි හිටියේ. මේ ගොල්ලෝ හිතුවා රොනී ඒ ණය කපා හරියි කියලා. රටේ වාසනාවකට එහෙම වුණේ නෑ.

      1980 ගණන්වල මැද හරියේ ලංකාවේ ඉස්කෝල කොල්ලෝ කෙල්ලෝ ගොනාට අන්දන්න ගෙනාව පත්තර කඩ මාල්ලක් "විදුසර" කියලා. විද්‍යාව ප්‍රචලිත කරන අරමුණෙන් කියලා ඔය කඩ මාල්ල කළේ ම අවිද්‍යාව පතුරවන එක. ඒ වැඩේට මුන්ට සෙට් වුණා නියම කෑල්ලක්. ඒ තමයි නලින් ද සිල්වා කියන මුග්ධයා. උගේ ඔය "චතුස්කෝටික" කියන කුණුහරුප දිය කරලා ළමයින්ගේ ඔළුවලට වැක්කෙරුවේ "විදුසර" කඩ මාල්ල.

      "බොට්ල් ජර්නලිස්ම්" එකේ ඊළඟ නැවතුම් පොළ දෙක තමයි 1986 දී ආරම්භ කරපු "ඉරිදා ලංකාදීප" සහ 1994 දී ආරම්භ කරපු "ලක්බිම". ඊටත් පස්සේ එක එක නම් වලින් දාපු හැට හුටහමාරක් පත්තර කඩමාලුවලින් බිහි කළේ ම "බොට්ල් ජර්නලිස්ට්"ලා. ඒකේ ප්‍රතිඵලයක් තමයි ඔය රනිල්ගේ සිව් වරක් දිවුරුම් දීමේ "ලෝක වාර්තා" කතාව.

      "බොට්ල් ජර්නලිස්ට්"ලාට ලියන්න කරුණු නෑ වගේම උන්ගේ ව්‍යාකරණත් පට්ට වැරදි යි. 1982 ඉඳන් ම "දිවයින" කඩ මාල්ල කළේ සිංහල ව්‍යාකරණ මරණ එක. දැන් සිංහලෙන් කුරුටු ගාන එක ම ජර්නලිස්ට් කෙනෙකුටවත් නිවැරදිව සිංහල ඡේදයක් ලියන්න බෑ.

      මොන අඩු පාඩු තිබුණත් අපරාදේ කියන්න බෑ "දිනමිණ" සහ "සිළුමිණ" පත්තරවල නිවැරදි සිංහල අක්ෂර වින්‍යාසයත් ව්‍යාකරණත් සහිතව තමයි ලිපි ලියැවුණේ. ඒත් දැන් ඉන්නේ ම "බොට්ල් ජර්නලිස්ට්"ලා නිසා ඒ පත්තර දෙකේත් නිවැරදි සිංහල ලියැවෙන්නේ නැහැ.

      සිංහල "බොට්ල් ජර්නලිස්ට්"ලාට කියන්න තියෙන්නේ:

      (1) උඹලා මුලින් ම හොඳට සිංහල ලියන්න ඉගෙන ගනිල්ලා.

      (2) සිංහල පත්තරේක වැඩ කරන්න කලින් අඩු ගණනේ එක අවුරුද්දක් වත් ඉංග්‍රීසි පත්තරේක මොනවා හරි ජොබ් එකක් කරලා ඉංග්‍රීසි ඉගෙන ගනිල්ලා.

      (3) ඒ වැඩ කරන ගමන් හැමදාම ලෝඅක ඉතිහාසය, භූගෝලය, අර්ථශාස්ත්‍රය, විද්‍යාව, දර්ශනය, සමාජ විද්‍යාව කියන මෙකී නොකී විෂයයන් ගැන ඉන්ග්‍රීසියෙන් ලියවුණු පොත්පත්, ලිපි ලේඛන කියවපල්ලා. කියවපු දේවල් හිතේ ධාරණය කර ගනිල්ලා.

      (4) පුළුවන් නම් පිටරක විශ්ව විද්‍යාලයයක "ජර්නලිස්ම්" පිළිබඳ උපාධියක් ගනිල්ලා.

      Delete
    3. @ Anonymous 27 August 2015 at 01:37

      උපහාස රසයෙන් අනූනයි!

      සමහරෙකුට ටියුබ් ලයිට් වීමට ඉඩ ඇත!!


      Delete
    4. උපහාසය විඳගනිමින් බලා සිටිමි.

      Delete
    5. මගේ ජීවිතේ මේ
      ගෙවී හොඳම කාලේ
      ලැබූ පුහු විනෝදේ
      දැනුයි මට දැනෙන්නේ ……

      මෙලෝකේ සියල්ලෝ.… හිනාවෙන්නෙ ඇයිදෝ :D

      Delete
    6. නලින්, ඇහුණා නේද මේ ටික?

      (1) උඹලා මුලින් ම හොඳට සිංහල ලියන්න ඉගෙන ගනිල්ලා.

      (2) සිංහල පත්තරේක වැඩ කරන්න කලින් අඩු ගණනේ එක අවුරුද්දක් වත් ඉංග්‍රීසි පත්තරේක මොනවා හරි ජොබ් එකක් කරලා ඉංග්‍රීසි ඉගෙන ගනිල්ලා.

      (3) ඒ වැඩ කරන ගමන් හැමදාම ලෝඅක ඉතිහාසය, භූගෝලය, අර්ථශාස්ත්‍රය, විද්‍යාව, දර්ශනය, සමාජ විද්‍යාව කියන මෙකී නොකී විෂයයන් ගැන ඉන්ග්‍රීසියෙන් ලියවුණු පොත්පත්, ලිපි ලේඛන කියවපල්ලා. කියවපු දේවල් හිතේ ධාරණය කර ගනිල්ලා.

      (4) පුළුවන් නම් පිටරක විශ්ව විද්‍යාලයයක "ජර්නලිස්ම්" පිළිබඳ උපාධියක් ගනිල්ලා.

      Delete
    7. තැටිය මැද්දෙ කළු කරාපු
      පහන් තිරය මැදට ආපු
      හනුමන්තත් පුදුම හිතනවා....
      රාමටත් බැරි වුනා වු
      මහ වැඩකට පෙළඹුනා වු
      අපි දැකල එයා හඬනවා....
      ඇයි මොකද එයා...
      නෑ නෑ දැන් එයා මෙහේ නෑ...

      ඉරට එළිය අඩු වුනාට
      සඳට එළිය අඩු වුනාට
      අපිට මොටද කනා මැදිරියෝ....
      මදුරු තුඩට අහු වුනාට
      ඇඟෙන් බිඳක් අඩු වුනාට
      නෑ නෑ නෑනේ දෙනෙත් අඬන්නෙ....

      ඉසුරු අහුරු මලු පුරාපු
      අමුතු ලොවක අප රඳාපු
      සිහින සිහින නොවේ හැම දිනේ....
      දිනක අපට අප පතාපු
      ලොවක රජව නං දරාපු
      පෑදෙ පෑදේ වාසනාවේ....

      පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව හා සංගීතය: අර්නස්ට් සොයිසා
      ගායනය: එච්. ආර්. ජෝතිපාල, එම්. එස්. ප්‍රනාන්දු සහ පිරිස
      "මරුවා සමඟ වාසේ" සිංහල චිත්‍රපටියේ ගීයකි......

      Delete
    8. සසරේ පිපාසේ නිවාගන්න ආවා
      න වාතැන මෙලෝකේ
      අහෝ දුක නොවේවා

      උපන්නොත් මැරේමයි
      වළක්වන්න නම් බෑ
      තනියෙන් උපන්නේ
      තනියෙන් මැරෙන්නේ
      හෙට හෝ අනිද්දා කියා කල් ගනු බෑ…

      මරු මෙහි ආදා නැත කිසි බාධා
      කුමටද කා බී නිති සැරසෙන්නේ
      කොතනද මේ කය අරගෙන යන්නේ
      සසරේ පිපාසේ....

      - H R ජෝතිපාල -

      Delete
    9. අතුරු මිතුරු දඹදිවතුරු
      මෙන්න පුතේ රාජකපුරු
      උඩින් මිතුරු යටින් හතුරු
      නටපල්ලා පණ යනතුරු
      නටපල්ලා පණ යනතුරු...

      පාට පාට මුහුණෙ උලා
      සිනහ පැළෙන කිකිණි හලා

      පාට පාට මුහුණෙ උලා
      සිනහ පැළෙන කිකිණි හලා
      වැදි ගැමි නාගරික වෙසින්
      රඟ පෑවත් නොයෙක් ලෙසින්
      මොකටද හිත තිගැස්සුණේ
      අපි කවුරුත් මිනිස්සුනේ...

      පැය විසිහතරකට ගැතී
      දවසින් දවසකට නිතී
      ජීවත් විය යුතු හින්දා
      මුහුණට මුහුණක් බැන්ඳා 
      නෙතින් නෙතක් ඇත පිනවා
      මනුස්සයෝ රඟ දෙනවා...

      එක අහසයි එක පොළොවයි
      එක හිරු සඳු දෙන එළියයි
      නොයෙකුත් වෙස් මුහුණු බැඳන්
      නැටුවත් හැමතැන ම ඉඳන්
      ඉරණමකට පෑගිය හැකි 
      ජීවිතය ම ජෝගියකී...

      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව සහ සංගීතය : වින්සන්ට් ප්‍රේමසිරි
      ගායනය : වික්ටර් රත්නායක, ෆ්‍රෙඩී සිල්වා

      Delete
    10. මෙන්න මගෙනුත් ගීයක පදවැලක්-

      ඔටුනු පළන් රජවරුන් ද? සිටු මාළිග ඇති එවුන් ද? නෑ!
      අපිත් එක්ක එකට හිටිය ගමේ ළමයි නේ
      අද කාල බීල ඇඳල හොඳින් යහතින් ඉන්නේ
      සතුටු වෙයල්ලා, ඉරිසියාව අතහැරපල්ලා

      පිටදේසක්කාරයෝ ද? පිටසක්වළ හාදයෝ ද? නෑ!
      අපිත් එක්ක එකට හිටිය ගමේ ළමයි නේ
      අද කාල බීල ඇඳල හොඳින් යහතින් ඉන්නේ
      සතුටු වෙයල්ලා, ඉරිසියාව අතහැරපල්ලා

      ඔටුනු පළන් රජවරුන් ද? සිටු මාළිග ඇති එවුන් ද? නෑ!
      අපිත් එක්ක එකට හිටිය ගමේ ළමයි නේ
      අද කාල බීල ඇඳල හොඳින් යහතින් ඉන්නේ
      සතුටු වෙයල්ලා, ඉරිසියාව අතහැරපල්ලා

      දෙව්දත්තර පරපුරේ ද? නාලාගිරි ඇත් කුළේ ද? නෑ!
      අපිත් එක්ක එකට හිටිය ගමේ ළමයි නේ
      අද කාල බීල ඇඳල හොඳින් යහතින් ඉන්නේ
      සතුටු වෙයල්ලා, ඉරිසියාව අතහැරපල්ලා

      ගේය පද - රඹුකන සිද්ධාර්ථ
      සංගීතය සහ ගායනය - වික්ටර් රත්නායක

      Delete
  17. Replies
    1. මෙන්න සමාන්තර විශ්වයක සිටි ජනමූල නායිකාවක් ගැන විස්තරයක්.

      ඒ සමාන්තර විශ්වයේ රසික සූරියආරච්චි නමැති අයෙකු ද ඉන්නවා!

      https://samanalaviplavaya.wordpress.com/2012/12/12/butterflyrevolution41/

      Delete
  18. පත්තර වල යන දේවල් කියවලා සෑහෙන්න හිතා බලන්න ඕන කියන්නේ ඕක තමයි..

    ReplyDelete
    Replies
    1. පත්තර වල විස්තර ගොඩ ඇස් ඇරගෙන තප්පරයට
      අපි කියවනවා ..
      පිත්තල මොළ රත්කරගෙන දුක් කරදර පැක් කරගෙන
      දවස ගෙවනවා.......

      Delete
  19. සරෝජ උදයංග චන්ද්‍රසේන රාජ්‍ය සේවකයකු නොවී ජර්නලිස්ට් කෙනෙක් වුණා නම් අද වෙන කොට සිංහල පත්තර දිදුලන තත්ත්වයකට ඇවිත්. එහෙනම් බොට්ල් ජර්නලිස්ට්ලා කියලා ජාතියක් හැදෙන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. රසික සුරිආරච්චිත් ඉනිජිනේරුවෙක් නොවුණානං බොට්ල් ජර්නලිස්ට්ලා කියලා ජාතියක් හැදෙන්නෙත් නෑ.

      Delete
    2. හ්.... හෑ.... රසික ඉංජෙක්ද? ෂඃ, මම දැනගෙන හිටියේ නෑනේ....... රසික ඔසීලන්තයේ කරපු ඉංජිනේරු වැඩ කිඩ ගැන ටිකක් ලිව්ව නම් කොච්චර හොඳද? හරි ආසයි දැනගන්න.

      Delete
  20. ලෝකයේ සිව් වරක් අගමැති ධුරයට පත් වුණු අය ඕනෑ තරම් සිටිති.

    ලංකාවේ ඩඩ්ලි සේනානායක සිව් වරක් අග්මැති ධුරයට පත් විය.

    ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි, මැලේසියාවේ මහතිර් මොහොමඩ්, සිංගප්පූරුවේ ලී ක්වාන් යූ, ඕස්ට්‍රේලියාවේ ජෝන් හාවර්ඩ්, ඇල්ෆ්‍රඩ් ඩීකින්, බිලී හියුස්, රොබර්ට් මෙන්සිස්, මැල්කම් ෆ්‍රේසර්, බොබ් හෝක්, කැනඩාවේ පියර් ටෲඩෝ, විල්ෆ්‍රීඩ් ලෝරියර්, ජෝන් මැක්ඩොනල්ඩ්, ප්‍රංශයේ ජෝර්ජ් පොම්පීදු, ජර්මනියේ හෙල්මුත් කෝල්, බෙල්ජියමේ හියුබර්ට් පියර්ලෝ, ගැස්ටන් එයිස්කන්ස්, විල්ෆ්‍රීඩ් මාර්ටන්ස්, ඉතාලියේ අල්චිදේ ද ගස්පාරි එසේ සිව් වරක් අගමැති ධුරයට පත් වූ අනෙක් අය අතර වෙති.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.