මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Thursday, 9 April 2015
මගේ ගම පරකන්දෙණිය යි - It is worth 150 Rs. for an undergraduate...!
ඔබේ ගම කුමක්දැයි ඇසුවොත් කිව යුත්තේ කුමක්ද? ඔබ ඉපදුණු ගම ද? පියා ගේ මහ ගෙදර පිහිටි ගම ද? ඔබ හැදී වැඩුණු ගම ද? දැන් ඔබ ජීවත්වන ගම ද?
මා උපන්නේ කොළඹ මහා රෝහලේ ද සොයිසා ප්‍රසූතිකාගාරයේ දී ය. මෙය පිහිටා ඇත්තේ කොළඹ කින්සි පාරේ මරදාන පැත්තේ නිසා මා ඉපදුණු ගම මරදාන ලෙස සැලකිය හැක. මේ ගැබිණි වාට්ටුව පිහිටා තිබුණේ කින්සි පාරේ අනිත් පැත්තේ නම්, මා ඉපදුණු ගම වෙනු ඇත්තේ කුරුඳුවත්ත යි.
නමුත් ඇත්තටම මගේ ගම ලෙස සැළකිය යුත්තේ, මගේ පියා කුඩා කළ සිට හැදුණු වැඩුණු, මගේ ජීවිතයේ මුල් අවුරුදු දහ අටෙන් දොළහක් ම ගත කළ පරකන්දෙණිය නම් වූ ග්‍රාමයයි.
පරකන්දෙණිය ගම පිහිටියේ ගම්පහ මැතිවරණ කොට්ඨාශයේ එක් කෙළවරක ය. එහි මායිම් ගම්මාන වූයේ කොස්සින්න, කටුවාලමුල්ල, අමුණුගොඩ, ඉඹුල්ගොඩ, ඇල්දෙනිය සහ ගිණිකොණ දෙසින් කොළඹ-නුවර පාරයි.
ගම හරහා පැයකට වරක් එක් දිසාවකට ගමන් ගත් බස් රථය වූයේ අංක 218 ගණේමුල්ල-කඩවත බසයයි.
විශාල ප්‍රදේශයක් භූමි ප්‍රදේශයක් පුරා පැතිර තිබුණු පරකන්දෙණිය ගම මගේ පියා ගේ දෙමව්පියන් දෙදෙනාගේ ම උපන් ගම විය. නමුත්, සීයා ගේ ඥාතීන් සිටියේ අප එකල ඉහල පරකන්දෙණිය නමින් හැඳින්වූ නුවර පාර ආසන්න ප්‍රදේශයේ ය. සීයා සහ ආච්චී පදිංචිව සිටි තාත්තා ගේ මහගෙදර පිහිටියේ ගමේ අනෙක් කෙළවරේ ය.
ගමේ එක කොණක ජීවත් වීම යනු ප්‍රායෝගිකව අල්ලපු ගමේ ම ජීවත්වීමකි.
අපේ නිවස පිහිටා තිබූ ඉඩමට අල්ලපු වත්ත අයත් වූයේ කොස්සින්නටයි. මා කුඩා කාලයේ පාසල් ගියේ ද, මගේ පියා ගේ මුල් පාසල ද වුණු කොස්සින්න ශ්‍රී ශ්‍රීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයටයි. පරකන්දෙනිය ගමේ ද, මායාදුන්න කණිෂ්ඨ විද්‍යාලය නමින් පාසලක් වූ නමුත් අප නිවසේ සිට එය පිහිටියේ කොස්සින්න පාසලට වඩා සාපේක්‍ෂව තරමක් දුරිණි.
අප පෝය දිනට ගියේ ද, කොස්සින්න පන්සලටයි. එය සියම් නිකායේ අස්ගිරි පාර්ශවයට අයත් පුරාණ රජමහා විහාරයකි. පරකන්දෙණියේ පන්සලට මා කිසි දිනක ගොස් නැත.
අපේ ගමට තැපැල් බෙදුවේ ඉඹුල්ගොඩ තැපැල් කාර්යාලයෙන් වූ නමුත් අප නිතරම ගියේ කොස්සින්නේ පිහිටි උප තැපැල් කාර්යාලයටයි, එසේත් නැති නම්, ගණේමුල්ලේ තැපැල් කාර්යාලයටයි.
කොටින් ම, අපට පරකන්දෙනිය යන නම වැදගත් වූයේ කරුණු දෙක තුනක් සඳහා පමණි.
ඉන් ප්‍රධානම කරුණ නම් තැපැල් සේවය සඳහා භාවිතා කළ යුතු ලිපිනයේ ඇතුලත් කිරීමටයි. ඇත්තටම අප වාසය කරන්නේ කොස්සින්නේ නොව පරකන්දෙණිය නම් ගමක බව මා දැන ගත්තේ ද, පාසලේ දී නිවසේ ලිපිනය ලිවීමට සිදුවූ මොහොතක දී ය. අල්ලපු වත්තේ සිටි මගේ ඥාතියෙකු සහ පාසල් මිතුරෙකු වන ආනන්ද ජයතිලක තම ලිපිනය කොස්සින්න, ගනේමුල්ල කියා ලියද්දී මම ද එසේ ලියූවෙමි. මා වෙසෙන්නේ පරකන්දෙණියේ බව මට කියා පහදා දුන්නේ ආනන්ද විසිනි. (Happy birthday, Ananda)
මීට අමතරව, අපේ සලාක යනාදිය ලැබෙන සමූපකාරය පිහිටා තිබුණේ ද, ග්‍රාමසේවක කාර්යාලය තිබුණේ ද, ඡන්දය දීමට යා යුතු වූයේ ද, පරකන්දෙණිය ගම මධ්‍යයේ පිහිටි විවිධ ස්ථාන වලටයි.
පරකන්දෙණිය යන නම ලංකාවේ වැඩි දෙනෙකු අසා හුරු පුරුදු නමක් නොවේ. එය, එක්තරා දිනයක මගේ වාසියට හේතු විය.
ඒ කතාව මෙසේය.
මා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් ජීවිතයේ වසන්ත සමය ගතකළ කාලයේ දී දිනයක, හදිසියේ ම, විශ්වවිද්‍යාලය වසා දමන ලදී. නේවාසික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එදිනම විශ්වවිද්‍යාල භූමියෙන් පිටත්ව නිවෙස් බලා යන ලෙස පාලකයෝ දැනුම් දුන්හ.
මේ ආකාරයට විශ්වවිද්‍යාලය හදිසියේම වසා දමන විට සිසුන්ට නිවසට යාම සඳහා මුදල් ආධාර දීමේ ක්‍රමයක් එකල පැවතුණි. කුමක් හෝ ඓතිහාසික හේතුවක් නිසා සිසුන්ට ලබා දුන් මේ මුදල් ප්‍රමාණය නීර්ණය කෙරුණේ විශ්වවිද්‍යාලයේ සිට එක් එක් නිවසට ඇති දුර අනුව ය.
නිවස නුවර පලාතේ නම් ලැබෙන්නේ රුපියල් විසි පහකි.
ගම්පහ, කුරුණෑගල, බණ්ඩාරවෙල නම් රුපියල් පනහක් ලැබේ.
නිවස පිහිටියේ ඊටත් දුර නම් රුපියල් හැත්තෑ පහක් හෝ සීයක් ලැබේ.
වැඩිම මුදළ වූ රුපියල් එකසිය පනහක් ලැබුණේ, නිවස යාපනය, මඩකළපුව, ත්‍රිකුනාමලය, මාතර හෝ හම්බන්තොට යන දිස්ත්‍රික්කයක පිහිටා ඇති නම් පමණි.
පීඨ ලේඛකාධිකාරී කාර්යාලයේ දී. අපේ ශිෂ්‍ය වාර්තා පොතේ ඇති ලිපිනය පරීක්‍ෂා කර ඒ අනුව මේ මුදල ලබා දෙන ලදී.
මගේ ගමේ නම වූ පරකන්දෙණිය යන්න සහ තැපැල් කාර්යාලය වූ ඉඹුල්ගොඩ යන්න දුටු පීඨ කාර්යාලයේ ලිපිකරු මේ කොයි දිස්ත්‍රික්කයේ දැයි මගෙන් ඇසුවේය. "රුපියල් එකසිය පනහක දුර!" යැයි මම පැවසූයෙමි.
මාතර දිස්ත්‍රික්කය යටතේ මගේ නම ඇතුළත් කළ ඔහු මට රුපියල් එකසිය පනහක් දුන්නේ ය.
ඊට හරියටම මාස විසි එකකට පසු දිනක, උපාධි ප්‍රදානෝත්සවය සඳහා ලියා පදිංචි වීමේ දී මට ඒ රුපියල් එකසිය පනහ ගෙවා ණය බරෙන් නිදහස් වීමට සිදු විය.
-රසිකොලොජිස්ට්
ප/ලි:
පසු කලෙක සිදුවුණු ග්‍රාම සේවක වසම් නැවත නම් කිරීමේ ක්‍රියා දාමයක ප්‍රතිඵලයක් ලෙස අපේ මහ ගෙදර තිබුණු ප්‍රදේශය දැන් හැඳින්වෙන්නේ කටුවාලමුල්ල උතුර කියාය. නමුත්, ග්‍රාමසේවකලාට කෙසේ වෙතත්, ගම්වාසීන්ට නම් අපේ ගම තවමත් පරකන්දෙණිය යි!
(මෙය බ්ලොග් වසන්තය වෙනුවෙන් ලියවුණු ලිපියකි!)
Subscribe to:
Post Comments (Atom)
හිතන්ට යමක් ඉතිරි කරන ඉතාමත්ම අගනා ලිපියක්
ReplyDelete- මීට හැලපයා
හැක හැක ...
Deleteපරකන්දෙණියට සම්බන්ධයක් තියනවද ඉස්සර හිටිය සුප්‍රසිද්ධ කවියකු වන උඳුගොඩ නවරත්න මහතා. එතුමාත් මගේ පියාත් හොඳ මිත්‍රයෝ.
ReplyDeleteසමහර ගම් තියෙන්නේ කොහෙද කියලා හොයන්න හරිම අමාරුයි. ඒ විතරක් නෙවෙයිනේ ලංකාවේ මාදම්පේ, හෙට්ටිමුල්ල, පල්ලේගම, වැනි නම් වලින් තියන ගම් දෙක තුනක් තියනවා. ඉස්සර නම් තැපැල් ලිපිනයේ අගට බ.ප./ව.ප./ ආදී වශයෙන් පළාතේ නම ලිව්වා මතකයි.
පිළියන්දල පැත්තෙත් "අම්බලන්ගොඩ"ක් තියෙනවා මන්දා ?
Deleteඔය මාදම්පේ, පල්ලෙගම ගම් දෙකම මේ පැත්තෙත් තියෙනව.
Delete@MF near පොල්ගස් ඕවිට
Deleteඋඳුගොඩ නවරත්න - නොදනිමි!
Deleteඅපේ පැත්තේ සිටි හිටිවන කවියෝ තමයි, කටුවාලමුල්ලේ ජිනදාස, ගනේමුල්ලේ සිරිවර්ධන සහ (බලංගොඩ?) විජයකුමාර.
ගම්පහ මිනුවන්ගොඩ සහ ගාල්ලෙ මිනුවන්ගොඩ.
Deleteකුරුඳුවත්ත නම් හැම දිස්ත්‍රික්කෙම තියෙනවාද මන්දා.
I like your posts about Australia. Keep it up
ReplyDeleteහොඳයි! ස්තුතියි!
Delete//ඊට හරියටම මාස විසි එකකට පසු දිනක, උපාධි ප්‍රදානෝත්සවය සඳහා ලියා පදිංචි වීමේ දී මට ඒ රුපියල් එකසිය පනහ ගෙවා ණය බරෙන් නිදහස් වීමට සිදු විය.//
ReplyDeleteඒ කියන්නෙ අර ආණ්ඩු වලට ලැබෙන ජාතියෙ 'ආධාරයක්'ද මේක? නැත්තං වැරැද්ද නිවැරදි කිරීමක්ද?
ඔය සීමා නිර්ණ අවුල හැම තැනම වගේ තියනව. ඉස්සර වාහන ආදායම් බලපත්‍ර-උප්පැන්න-විවාහ-මරණ සහතික ගන්න ඕන අදාල ප්‍රාලේ කොට්ඨාසයෙන්. මේක ජාලගත කිරීමත් එක්ක ඕන තැනකින් ගන්න පුළුවන් උනාම අපිට වැඩ වැඩිවුනා. මොකද අපේ කාර්යාලය තියෙන්නෙ ප්‍රාලේ කොට්ඨාසයේ කොනක. මීටර දෙසීයකට එහා පැත්තෙ උදවිය යන්න ඕන කිලෝමීටර පහලවක විතර දුර ගෙවාගෙන අනිත් කාර්යාලයට. දැන් තාක්ෂණයේ දියුණුවත් එක්ක ස්වභාවික තත්වෙට එනව හෙමින් හෙමින්.
ඒ් රුපියල් 150 තනිකරම ණයක්.
Deleteග්‍රාම සේවක සීමා වෙනස් කළේ මං හිතන්නේ 1985 දී විතර!
මාස විසි එකකින් ආපහු ගෙවනකොට පොලිය හා දෙපාර්තමේන්තු ගාස්තු ගෙවන්න උනේ නැද්ද? හැක්.. ගම ගැන බ්ලොග් වසන්තයට ලියන එකේ ගමේ අවුරුදු ගැනත් ටිකක් ලියන්න තිබුනා..
ReplyDeleteගමේ එක කොණක ජීවත් වීම යනු ප්‍රායෝගිකව අල්ලපු ගමේ ම ජීවත්වීමකි.
Deleteදැන් රසිකගෙ ගම මොකක්ද?
ReplyDeleteඔස්ට්‍රේලියාවෙත් ඉන්ගලන්තෙවගේ විලේජ් කිව්වහම පොඩි ටවුන් එකක් අදහස්වෙනවද?
Countryside = ලංකාවෙ විදිහට නම් ගම. Village =ලංකාවෙ විදිහටනම් ටවුම හෝ කඩ මණ්ඩිය.
ප්‍රා, දැකල තියේද ලංකාවෙ තියෙනව රොටරි ක්ලබ් කම්බු ඩවුන් ටවුන් කියල එකක්. කොහෙද මේ කළම්බු ඩවුන් ටවුන් එක තියෙන්නෙ කියල මට තාම හිතාගන්න බෑ!
Deleteනිහාල් මහත්තයත් අතුරුදහන් වෙච්චි හින්ද දැන් කලම්බු ඩවුන් ටවුන් කොහේද මන්දා :-(
Deleteදැන් මගේ නම මොකක්ද කියන එක වෙනමම ලිපියක්, සෑහෙන් ලියලා ඉවරයි ඒක.
Delete'ඩවුන්ටවුන්' කියන්නේ නගරයක වැඩියෙන්ම සිල්ලර වෙළඳ කටයුතු කෙරෙන ප්‍රදේශයටයි. බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී කොළඹ කොටුව ප්‍රදේශයට ඩවුන්ටවුන් කියන්නට ඇතැයි සිතිය හැකියි.
Deleteලොකූ වෙනසක් නෑ.....පන්සල තාම පරකන්දෙනියේ පන්සල කියලා තමයි කියන්නේ.....
ReplyDeleteඒ වගේම පරකන්දෙනිය කියලා තමයි ලිපින ලියන්නෙත්...
මේ කියන්නේ කොස්සින්න පැත්තේ කොණ ගැන නේද?
Deleteඅපෝ කතත් හොරකම් වලට දූෂණ වලට හවුල් වෙච්චි පොරක් නේ... :)
ReplyDeleteෂිහ් හොරකම් නෑ,
Deleteදුන්නු එක ගත්තා, ආපසු ගෙව්වා.
මගේ උපන් ගම පානදුර, දනගානෙ කාලෙ ඉඳල උන්නෙ මාතර, ඉන් පස්සෙ ටිකක් වළල්ලාවිට, ඊටත් පස්සෙ අවුරුදු තුනේ ඉඳල දිගටම රත්මලානෙ.එතකොට මගෙ ගම රත්මලාන උනාට, ගාල්ලෙ හරි දකුණෙ හරි උන් එක්ක සෙට් උනාම අපිත් දකුණෙ තමයි. මොකද මාතරත් උන, අනික තාත්ත ගාල්ලෙනෙ. හැබැයි ඒත් දකුණට ගියාම කොහෙද ඇහුවම කියන්නෙ කොළඹ කියල.
ReplyDeleteඅඩෝ සිංහයා, උඹ වළල්ලාවිට ඉඳල තියෙනවනම් බයක් හැකක් නැතුව කියාපිය "මං පස්දුන් කෝරළේ" බුවෙක්ය කියාල...
Delete(පස්සේ එහෙං මෙහෙන් "චට පට" ගාල සද්ද එයිද කියන එක වෙනම කාරණයක්...)
පානදුර, මාතර, වළල්ලාවිට, රත්මලාන!
Deleteදකුණේ කියන්න පුළුවනි.
දකුණේ? වැඩි හරියක් බෙන්තර ගඟෙන් මෙහා නේ :D
Delete///ප/ලි:
ReplyDeleteපසු කලෙක සිදුවුණු ග්‍රාම සේවක වසම් නැවත නම් කිරීමේ ක්‍රියා දාමයක ප්‍රතිඵලයක් ලෙස අපේ මහ ගෙදර තිබුණු ප්‍රදේශය දැන් හැඳින්වෙන්නේ කටුවාලමුල්ල උතුර කියාය. නමුත්, ග්‍රාමසේවකලාට කෙසේ වෙතත්, ගම්වාසීන්ට නම් අපේ ගම තවමත් පරකන්දෙනියයි!///
රසික තුළද මෙවැනි පුද්ගලයෙක් ජීවත් වේයැයි මා හට කවදාවත් සිතී තිබුනේ නැත...
නොතේරේ!
Deleteතමන්ගේ මුල ඈත් කලහැකි ජානය රහිත වීම...
Delete///ගම්වාසීන්ට නම් අපේ ගම තවමත් පරකන්දෙනියයි!///
කෙනෙකු මෙය වෙනසක් ලෙස සිතා අනුමත කරන්නට උත්සාහ කළත් එසේ කළ නොහැකි වන්නේ අප ඒවාට හදවතින් (දැන හෝ නොදැන) බැඳී ඇති විටෙක බව මට සිතේ...
ඒ සඳහා අර ජානයේ බලපෑමක් ඇති බව සිතිය හැක...
ඔබ පවසා ඇති සමහර අදහස් අනුව ඔබ තුළද එම ජානය ඇතැයි මා සිතා සිටියෙමි...
නමුදු දැන් මා අදහසකින් තොර අයෙක්මි...
කඩවත ඉඳන් ගනේමුල්ලට කි.මී. 8 කටත් අඩු දුර බස් එකට පැයකටත් වඩා යනවා මතකයි.
ReplyDeleteඒ කියන්නේ 223 මාර්ගය.
Deleteදවසක්දා කෝච්චියේදී කෙල්ලෙක් ගෙන් ගම ඇහුවම වේයන්ගොඩ කීවා.වේයන්ගොඩ කොහෙද අපිත් වේයන්ගොඩ නොවැ කියපුවම වේයන්ගොඩ කිරිඳිවැල කිව්වා.
ReplyDeleteහෙහ් හෙහ්.. මෙහෙදි දවසක් අපේ හාමිනේගෙන් එයා අලුත ගියපු සයිට් ඔෆිස් එහෙක උන්න ලංකාවෙ ගෑණු කෙනෙක් ඇහුවලු කොහෙද කියල. අපේ උන්දැ කිව්වලු පානදුරේ කියල. ඉන් පස්සෙ ඒ ඇත්ති කොහෙද ඇහුව්ම "කළම්බු" කිව්වලු. කළම්බු කොහෙද ඇහුවම "කැස්බෑවෙ" කිව්වලු. එද ඉන්දල ඒ ඉස්ත්‍රියව අපි හඳුන්වන්නෙ "120" කියල. (කොළඹ කැස්බෑව )
Deleteඅපේ බැචාලත් හිටියා කොහෙද කිලා ඇහැව්වාම කියන්නේ කුරුණෑගල කියලා, අහලා බලන කොට පුත්තලමට ඊට වඩා ළඟයි!
Deleteඅපේ ගොඩක් අයට ගම මතක් වෙන්නේ වසන්ත කාලෙටනේ.සීඩ්නි වල වසන්තේ නොවුනත් රසිකට ගම මතක් වෙලා.
ReplyDeleteHome sickness නොවේ!
Deleteඅපිනං ඉතිං ගොඩකවෙලම තමයි.
ReplyDeleteඅපේ ගේ හදල තියෙන ඉඩමෙන් කොටසක් අයිති වෙන්නෙ ගොඩකවෙලට. ගේ තියෙන කොටහ මල්වත්ත ට. ඒත් ගෙදර ඇඩ්‍රස් එක වැඩි පාවිච්චියක් නැති නිසා කඩේ ඇඩ්‍රස් එකට තමයි ඡන්ද අරව මේව ඔක්කොම එන්නෙ.
දෙපත් නයෙක් නේ!
Delete(අර ගොඩකවෙල ගොඩක් නයි ඉන්නවාය කියලා තිබුණා නේද?)
මොනා උනත් බස් ගාස්තුව නම් හරියට කියලා තියෙනවා මදි නොකියන්නම..........
ReplyDeleteලොක්කා ඔයා කොහෙද හතර කොරලේද නැතිනම් සිය නැ කොරලේද නැත්නම් වන්නියේද
Deleteකොලොම්පුරෙ ද
මමත් මේ කල්පනා කරන්නේ තව මාස 12කින් විතර කැම්පස් එකට කීයක් ගෙවන්න වෙයිද කියලා!
ReplyDeleteගමේ නම මම නම් ඇහුවෙත් අදමයි..
ReplyDeleteමම නම් ඉතින් ඉපදුනේ ගාල්ලේ හැදී වැඩුනේ කොළඹ..
මගේ ගම මොකද්ද කියල හිතුවා. උපන් තැනත් නෙමෙයි. අම්මගේ ගමත් නෙමෙයි. තාත්තගේ ගමත් නෙමයි. මහත්තයාගේ ගමත් නෙමෙයි. දැන් ඉන්න තැනත් නෙමෙයි. ලංකාවේ ගෙදර තැනත් නෙමෙයි. ඒ උනාට තාමත් හිතට ළඟ තැනක් තියෙනවා කාලයක් හිටපු. ඒ පැත්ත තමයි ගම කියල හිතෙන්නේ :)
ReplyDeleteහදිස්සියේ කැම්පස් වහපු හැම වතාවෙම මට රුපියල් පන්සීයක් හම්බුනා . හිතා ගන්න පුළුවන්නේ ගෙදරට තිබ්බ දුර ( අපේ කාලේ වෙනකොට මේ ආපදා දීමනාව වැඩි කරලයි තිබ්බේ) හය වතාවක්ද කොහෙද ඔය දීමනාව මම අරන් තිබබා .ඒත් මේවා නොගෙන හිටියනම් හොඳයි කියල හිතුනේ අපහු ගෙවන්ඩ වෙච්ච දවසේ.
ReplyDeleteනුවර පාරේ කොකිස්කඩේ හන්දිය ලඟින් හැරෙන පාරෙනුත් පරකන්දෙනියට යන්න පුළුවන් නේද?
ReplyDelete//"ඒ රුපියල් එකසිය පනහ ගෙවා ණය බරෙන් නිදහස් වීමට සිදු විය"//
ReplyDeleteමොනා උනත් විස්ස විද්‍යාලේ හොඳ ඔඩිටින් සිස්ටම් එකක් නම් තිබිලා තියෙනවා...! අර 150 දීපු ලිපි කරුවා වැඩ තහනමකට මූණ දුන්නේ නැද්ද ?
මම ඊයේ හවස ධාරානිපාත වැස්සේ කොළඹ කොටුවේ ඉන්නකොට මාර්ග අංක 218 පරකන්දෙණිය (කොටුව-පරකන්දෙණිය) බස් එකක් දැකලා රසිකව මතක් වුණා.
ReplyDeleteරසික ඔයා ලියල තිබුන බලන්ගොඩ විජයකුමර කියල. ඒයා බින්ගිරියේ ව්ජේකුමාර ලෙස නිවැරදි වෙන්න ඕනි.
ReplyDelete