මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Thursday, 4 June 2015
මෙතුවක් නොකී ම නොකී කතාවක් - Some stories are never told fully!
මට ද "නොකී කතා" තිබේ. ඒ මා පමණක් දන්නා දේ ය. මා හැර වෙනත් එක් අයෙකු පමණක් දන්නා කතා ද ඇත. ඒ ආකාරයට වෙනත් එක් අයෙකු හෝ දන්නේ නම් ඒ කතා තව දුරටත් නොකී කතා නොවේ.
මා මේ කියන්නට යන කතාව ඒ ආකාරයට සලකා බැලූ කල නොකී කතාවක් ම නොවේ. නමුත් මේ කථාවේ මුල් කොටස දන්නේ ඉතා කීප දෙනෙකි. මගේ දෙමව්පියන්, සොහොයුරන් හෝ ඥාතීන් දන්නේ නැත. බිරිඳ ද නො දනී.
කථාවේ මුල් කොටස දන්නා අය දෙදෙනෙකු පමණ සිටිය ද අවසානය නම් අද වෙනතුරු දන්නා අය මා හැර කිසිවෙකු නැත.
මේ 1987 වසරේ දෙවෙනි කාර්තුවයි. එනම් ජුූලි මසින් පසුව ය, නමුත් ඔක්තෝබරයට කලිනි. මා ඒ වෙන විට රජයේ සංස්ථාවක මැවිසුරුවෙකු ලෙසින් සේවයේ නිරතව සිටියෙමි.
මේ මැවිසුරු වෘත්තිය වනාහී පිළිවෙලින් විභාග පෙළ සමත් වීම නිසා ඔහේ පාවී ගොස් උපාධිය ලැබුණාට කරනවා විනා මා සිත ගත් එකක් නම් නොවීය. ඇත්තටම කියනවා නම් මා විශ්ව විද්‍යාලයෙන් පිටවූ පසු දෙවරක් ම සේවයට ගියේ කළමනාකරණ පුහුණුවකට (Management Trainee) මිස මැවිසුරු තනතුරකට නොවේ.
තවමත් වයස විසිපහක්වත් නොපිරුණු තරුණ වයසේ උපරිමයේ සිටි නිසා වීර වික්‍රමයන් කරන්නට සිතේ දිරිය හා ආශාව තිබුණි. ඊට අවුරුද්දකට පෙර යුද හමුදාවේ නිලයකට බැඳීමට ද සිතුවිල්ලක් ඇති වී තිබුණි. මේ සම්බන්ධයෙන් තිබූ දැන්වීමේ සඳහන් බැට්මෑන් දීමනාව යනු කුමක්දැයි අපේ ගමේ සිට හෝමාගම කඳවුරේ සිවිල් රැකියාවකට ගිය අයෙකුගෙන් ඇසුවා ද මතකය. නොකී කතා ලියන හෙන්රි වර්ණකුලසුරිය ඇතුළු පිරිසක් ද මේ වෙන විට නාවික හමුදා සේවයට බැඳී සිටියෝ ය.
මගේ හිත ගියේ ගුවන් හමුදාවටයි.
සන්ඩේ ඔබ්සර්වර් වැනි පුවත්පතක දුටු දැන්වීමකට අනුව ගුවන් හමුදාවේ යම් නිලධාරී තනතුරක් සඳහා මම අයැදුම්පතක් යොමු කළෙමි. ඒ දෙමව්පියන්ට හෝ වෙනත් කිසිවෙකුට නොකියා ය. මා එවකට පදිංචිව සිටියේ බෝඩිමක නිසා, සම්මුඛ පරීක්‍ෂණයට කැඳවීම ලැබුණු ලිපිය ගැනද නිවසෙන් දැන ගත්තේ නැත.
මා සමග සේවය කළ මිතුරන් දෙදෙනෙකුට පමණක් මේ බව පැවසීමි.
ඉන් එක් අයෙකු වූ සුනිල් වහා පැවසූ දෙයින් මගේ සිත තරමක් කැලඹිණි.
ඔහු කීවේ - "අඩෝ දැන් දෙමළ උන් එක්ක යුද්දේ ඉවර වෙලා හමුදාව අපේ උන්ට වැඩේ දෙන්න පටන් ගත්තු හින්දා ද උඹට ආමි එකට බැඳෙන්න හිතුණේ?" කියාය.
"දෙමළුන් එක්ක යුද්දේ ඉවරය" කීමෙන් ඔහු අදහස් කළේ, 1987 ජූලි මාසයේ දී ඉන්දියානු සාම සාධක හමුදාව උතුරු-නැගෙනහිරට පැමිණ, ආණ්ඩුවේ හමුදාව බැරැක්කවලට සීමා වි සිටීමයි.
"අපේ උන්ට වැඩේ දීම" යනුවෙන් අහස් කෙරුණේ එදා ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කළ දා එයට විරුද්ධව කොළඹ දී විරෝධතා පැවැත්වූ අයගෙන් එකසිය පනහක පමණ පිරිසක් ඝාතනය කළ ආණ්ඩුවේ පොලීසිය සහ හමුදා මේ වෙන විට ඒ විරෝධතා පසුපස සිටි ජවිපෙ වෙස්මුහුණක් වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සමග යුද ප්‍රකාශ කර තිබුණු බැවිනි.
සම්මුඛ පරීක්‍ෂණය යෙදී තිබුණේ දිවා කාලයේ බව මගේ මතකයයි. එ දින මුලු දවස සඳහා ම නිවාඩු අනුමත කරවා ගත් මා බෝඩිමෙන් පිටත් වූයේ නමයට පමණ ය. කටුනායක බසයක නැගීමට කොටුවට යාම සඳහා හයිලෙවල් පාරේ බස් රථයක ගමන් කරද්දී දිගින් දිගටම මට සිහි වූයේ මා මිතුරු සුනිල් කී ඒ කරුණයි.
සිතේ දෙගිඩියාව තවදුරටත් දරාගත නොහැකි වූ තැන අවසානයේ මා කළේ, නුගේගොඩින් බසයෙන් බැස ආපසු බෝඩිමට යාමයි.
මගේ වීර වික්‍රමාන්විත වෘත්තීය ජීවිතය ලත් තැනම ලොප් වූයේ එලෙසය.
එදා මා කටුනායක ගොස් පියාසර ලුතිතන් (හෝ එවැනි?) තනතුරකට ගුවන් හමුදාවට බැඳුණේ නම්, මගේ ජීවිතය කෙතරම් වෙනස්වන්නට තිබුණේ ද?
අවසාන වශයෙන් කිව යුත්තේ මේ නොකී කථාවේ, අද ද මා නොකියූ, නොකී ම නොකී කොටසක් ද ඇති බවයි.
ඒ කොටස නම් සදහට ම "නොකී ම නොකී" වී තිබෙනු ඇත!
-රසිකොලොජිස්ට්
(image: http://etheet.deviantart.com/art/Flying-High-163565058)
Subscribe to:
Post Comments (Atom)
අන්තිම එකෙත් අන්තිමම තවත් අන්තිමක් ඇත..
ReplyDeleteබඩේ රුදාවක්, බුරුල්කර යෑමක් වගේ දෙයක්?
Deleteඅන්තිමේ දී කාටත් හිමි වෙන්නේ මරණයයි!
Deleteඅයිසෙ තමුසෙටත් රණවිරුවෙක් වෙන්න තිබුණ චාන්ස් එකනෙ.
ReplyDeleteහැබැයි එහෙම වෙලා තමුසෙ අද බ්ලොග් ලියනවනම් ඔය ඉවසීම නම් නැතිවෙයි.
අර විචාරක හාදය වගේ හොස්ස ලඟින් මැස්ස යන්න බැරි වෙයි.
අපේ හැසිරීම්වලට පාරිසරික හේතුවලට වඩා බලපාන්නේ ජානමය හේතු නේද?
Deleteදන්නේ නැති නිසයි මේ අහන්නේ.... මැවිසුරුවෙකු කියන්නේ මොකෙක්ද?
ReplyDeleteමැවීමට හුරුවූවෙක් නොහොත් මවල පෙන්න සූරයෙක්
Deleteඅයිසේ.. මාර පද විවරණය..හැක්
Deleteරසික ඕක කියුවට මටත් පට්ට අවුල් මතක් වෙන්නෙම මිනින්දෝරුවෙක්ව.. හැක්.
Deleteමා දන්නා තරමින් මේ ලස්සන වචනය සහ සිංහල භාෂාවට අලුත් වචන ගොඩක් හදා දුන්නේ ඊලියන් ද සිල්වා නමැති මැවිසුරානන් විසින්.
Deletehttp://www.island.lk/2008/09/28/features9.html
මැවිසුරු = Engineer
Deleteඊලියන් ද සිල්වා යනු ටයිටස් තොටවත්තගේ සොහොයුරා ය.
http://kathandara.blogspot.com.au/2011/03/blog-post_17.html
හමුදා සේවයට බැඳෙන්නට උත්සාහ කරන බොහෝදෙනෙකු, අවසාන මොහොතේ එයින් ඉවත්වන්නේ, ඉතා කණගාටුදායක ලෙස, තම සිත එකඟ කරගැනීමට නොහැකි නිසාය. පෙරදිග අපේ සංස්කෘතියේ ඇති, පවුල්/සමාජ/මිතුරු සබඳතා, සමහර අවස්ථා වලදී, අපේ පෞද්ගලිකත්වය උවමනාවට වඩා පාලනය කරන බව පෙනීයයි. රැකියාවකට යාම මෙන්ම, විවාහයේදීත්, මේ තත්වය බලපායි. (විවාහයක් කරගෙන අමාරුවේ වැටුනත්, මැරෙන්න වෙන්නේ නැති නිසා, ඉහත කී පිරිස් කැමතිවන අවස්ථා තියනවා. :D)
ReplyDeleteඋසස් හමුදා නිළයකට බැඳීම සඳහා අවශ්‍ය අධ්‍යාපනික සුදුසුකම් මෙන්ම, ශාරීරික යෝග්‍යතාවද physique ඔබට තිබියදී, ඔබ මගහැරගෙන ඇත්තේ, අගනා අවස්ථාවක් බවයි මගේ හැඟීම. ඔබ වැනි අය ත්‍රිවිධ හමුදාවට අත්‍යවශ්‍ය කාලයකයි ඔබ මෙසේ නොබැඳි තිබෙන්නේ. පසු කාලයේදී වුවත්, ඔබේ ඉංජිනේරුමය සුදුසුකම් හා පළපුරුද්ද මත, ඔබට ස්වේච්ඡා හමුදාවට බැඳී (සමහරවිට එකවරම කපිතන් නිළයෙන්) ඉංජිනේරු නිළධාරියකු ලෙස සේවය කරන්නට ඉඩ තිබුණා.
අපේ පවුලේ දෙදෙනෙකු හමුදාවට ගියේ පවුලේ ආශිර්වාදය ඇතුවයි. (1980 දශකයේදී) ඉන්පසු මගේ සහෝදරියන් තිදෙනාගේම පුතුන් යුද, නාවික, පොලිස්, සේවයට යැවීමට මා උනන්දුවූ අතර, කිසිදු කරදරයකින් තොරව ඔවුන් පසුගිය යුද සමයේ සිට අද දක්වා සේවයේ යෙදී ඉන්නවා.
පේනවා නේද අර ඇනෝවා වැනි අය, තම පෞද්ගලික විනය පවත්වාගත නොහැකි පරිසරයක/සමාජ තලයක/පාප මිතුරු සංගමයක/ සිටින අබබ්බයන් නිසා, ඉන්නේ කෙබඳු මානසිකත්වයකද කියා.
"අපේ පවුලේ දෙදෙනෙකු හමුදාවට ගියේ පවුලේ ආශිර්වාදය ඇතුවයි. (1980 දශකයේදී"
Deleteඒකාලේ හොඳ unp සපෝටර්ලා වන්න ඇති නේද ඔබතුමාලා මොකද ඒකාලේ යුද්දේ නැනේ සිරිලංකා කාරයෝ කෙලවරට ගියත් ෆයිනල් ඉන්ටවීව් එකේදී කැපෙනවා ලිස්ටෙක පළාත් මන්තිරියා ගාවට අපු
ගමන් අපි නොදන්නා ෆෝසස් නේ ඒකාලේ තිබුනේ
එහෙම නේද විචාරක තුමෝ මොකද ඒකාලේ වැඳලා බන්දවගත්තේ නැනේ
ඊට කලින් ශ්‍රී ලංකා ආණ්ඩු කාලේදී දේශපාලන පත්වීම් දුන්නේ නෑ. මන්ත්‍රීලා රෙස්ට් හවුස් වල ඉන්ටවීව් තිබ්බේ නෑ. හරී පිරිසිදු පාලනයක්. මට ලැබුණු පළමුවැනි හමුදා ඉන්ටවීව් එක කැපුවේ ධනපාල වීරසේකර කියන ශ්‍රී ලංකා මන්තිරියා. ඊට පසේ ලැබුණු ඉංග්‍රීසි ගුරු පත්වීම, ඊට පසේ ලැබුණු රක්ෂණ සංස්ථාවේ ලිපිකරු පත්වීම කැපුවේ, ඔය සිරිලංකා මන්තිරියා.
Deleteමේ උන්නැහේ. එදත් එකයි අදත් එකයි. කොයි දේශපාලන පක්ෂය බලයේ හිටියත් ඔහොම තමයි. එක පක්ෂයකට සුදු හුණු ගෑමේ සම්ප්‍රදාය පහුගිය ජනවාරි 8 වෙනිදා කැඩුනා. හොරු නොවෙන එවුන් එකතුකරලා රටේ දියුණුව වෙනුවෙන් වැඩකිරීමේ සංකල්පයට අපි අමාරුවෙන් යමු. එතෙන්දී ශ්‍රී ලංකා හොරු යූඇන් පී හොරු ඔක්කොම හොරු තමයි.
අපේ රටෙත් අවුරුදු 18 ලැබුවම අවුරුදු 2ක් අනිවාර්ය හමුදා පුහුණුව තිබ්බනම් නියමයි .. සෑහෙන වෙනසක් වෙයි ..
Deleteකුලී හේවායෙක්/මිනීමරුවෙක් වෙන්න තිබ්බ යස චෑන්ස් එක නෙ රසිකය අතෑරියෙ නෙහ්... විචා අංකල්
Deletethopi wage apathayo okkoma marananna thibuna
Delete@ X - Porter4 June 2015 at 21:15
Deleteඔව් ඔව්, කීදෙනෙක් නම් අපේ කුලී හේවායෝ හිටියද ජෙනරාල් කොබ්බෑකඩුව ගෙන් පටන් ගත්තම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා දක්වා ඔක්කොම කුලී හේවායෝ නේ. ඒ කාලේ උන් වෙලාවට පඩි ගෙව්වේ නැත්තං හරියට වැඩ කලේ නෑ. ප්‍රභාකරන් ඇවිත් මාව අල්ලගනින් කිව්වනේ ඔයාලා වගේ අය ගැන අනුකම්පා හිතලා. නැත්තං තවමත් යුද්දෙ යනවා.
හැබැයි ඒ කාලේ ඔයාට තිබුණා LTTE එකට බැඳිලා ජාතික වීරයෙක් වෙන්න. අපරාදේ එහෙම කලානං මේ නිකං බ්ලොග් වල රස්තියාදු නොවී ඉක්මනින් දිව්‍ය ලෝකෙට යන්න තිබුණා.
උතුරේ LTTE දකුනෙ හිටපු JVP (දන් 180% කැරකිලානෙ ඉන්නෙ) ෆැසිස්ට් වාදී කන්ඩායම් සහ ඔවුන්ගෙ මිලේච්ච කියාකාරකම් සම්බන්ධයෙන් වෙනම කතාවක් තියෙනව. ඒත් එවැනි කන්ඩායම් බිහිවෙන්න පසුබිම සකස් උනේ කොහොමද සකස් කලේ කවුද කියන බරපතල දේශපාලන කාරනා කොහොමත් වෙඩිතියපියවු කියනකොට වෙඩි තියන්න පුරුදු කරල තියෙන ඔහේලට ගෝචර වෙන්නෑ තමයි. 71. 88-89 සහ පහුගිය කාලෙ දැක්කනෙ කුලී හේවායොන්ට උතුරෙයි දකුනෙයි වෙනසක් නෑ කියල. ප්‍රභාකරන් මැරුවම යුද්ධෙ ඉවර උනා කියන දෘශ්්‍යමාන කාරනා වලින් හිත හදාගෙන ඉන්න ඕගොල්ල පවූ......පාලකයො ඔයාලව විතරක් නෙවෙයි ජනතාවත් මංමුලා කරල තියෙන්නෙ ඔහොම තමයි.
Deleteමොකක් හරි වෙච්ච වෙලාවක නැට්ට පුකේ ගහගෙන අනේ අපේ රණවිරුවෝ කියලා ආවඩන යුද්දෙ ඉවරවුනාම හමුදාවට ගරහන තමුසෙලා වගේ දෙපිටකාට්ටුවන්ට තුවක්කුව එල්ල කරන්න අපි බය නෑ.
Deleteසාපෙක්ශව ගත්තොත් මහින්දගෙ කාලෙ තමයි හමුදාවට ගෞරවයක් තිබුනෙ. රනිල්ගෙ, චන්ද්‍රිකාගෙ කාලෙ හමුදාවෙ කොල්ලෙක්ට පඩිය දුන්නෙත් 15දාහයි. මහින්දගෙ කාලෙ ඒක 30දාහ උනා. රනිල්ගෙ කාලෙ හමුදාවට විරුද්දව නිහීන ෆිල්ම් හදපු උන්ට රාජ්ය සම්මාන දුන්නා මතකද? බුද්ධි අන්ශ නිලදාරීන්ගෙ නම් මාද්ය ඔස්සෙ ප්‍රසිද්ධ කරා අමතකද? කොටි කොලබ ඇවිත් හමුදාවෙ ලොක්කො බල්ලො බලල්ලු වගෙ මරලා ගියා මතකද? සාම සාකච්චා අස්සෙ කොටින්ට ආයුධ ගෙන්න කරන්නාගොඩ වගෙ මිනිස්සු කොලඹට මාරු කරා මතකද?
Deleteයුද හමුදාවේ සැබවින්ම යුද්ධයට සම්බන්ධව පෙරමුණේ සටන් කලේ සෙබලුන්ගෙන් 10%කටත් අඩු පිරිසකි. ලක්ෂ 2 කට අධික හමුදාවක අති මහත් බහුතරයක් සිදු කලේ මුරකපොලු රැකීම, සැපයුම්, ලිපිකරු, සංඥා බලකාය, පරිපාලන් ආදී කාර්යයන්ය. නමුත් බෙබඳු සේවාවල යෙදී බොරු පුරසාරම් කෙලින ඇතැම්මු තමන් සැබෑ රණවිරුවන් මෙන් පෙනීසිට ජනතාව රවටා සමාජයේ බොහෝ වරප්‍රසාද භුක්ති විඳිති. වෙවැන්නෝ සැබෑ ත්‍රස්තයින් දුටු විට සුලුදිය පහවන තරමට බිය වෙති. නමුත් අහිංසක නිරායුධ මිනිසුන්ට වෙඩි තබා කාලකන්නි සතුටක් ලබන අතිශය දීන නිවට යුධ අපරාධකරුවන්ය. රතුපස්වලදීද වුණේ ද මෙබඳුම සංසිද්ධියකි.
DeleteX-Porter
Delete88-89 ජවිපෙ (දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ) යනු සන්නද්ධ අංශයක් ලෙස බැලූ කල අතිශය දුර්වල කණ්ඩායමකි. මොවුන්ගේ අවිබලය කොතෙක් දුබලද යත් එවක ඔවුන්ගේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම සතුව තිබ්බෙ ටී-56 අවි 2ක් පමණි. අවි පුහුණුව අතින් ඉතා දුබලය. මධ්‍යම සහ බර අවි පිලිබඳ කිසිදු දැනුමක් නොතිබුණු මොවුන් බැටල් ටැක්ටික්ස් හෝ මිලිටරි ස්ට්‍රැටජි අසාවත් නොතිබුණු පිරිසකි. භූමියේ වාසිය යොදාගැනීම (GSI/ GTI) එවෙලෙට හිතෙන හැටියටය. මෙබඳු අතිශය දුර්වල කණ්ඩායමක් වූ මොවුන් සියලු වීර විකුම් පෑවේ ලංකාවේ අතිශය දුබල ආරක්ෂක අංශ වලට පින්සිදු වන්නටය. සමන් පියසිරි ප්‍රනාන්දුලා පිරටටින් ඉංග්‍රීසි යුධශිල්ප පොත් පත් ගෙන්වාගෙන ඒ ඇසුරින් සුලු සුලු අත්හදාබැලීම් කල අතර ඒවා අති සාර්ථක වී හමුදා නිලධාරීන් මවිතකරන ලදි.
ජවිපෙ කැරැල්ල මැඩලීමට කියා මරාදැමු 60,000 -100,000 ක් අතර පිරිසෙන් අතිශය බහුතරයක් අහිංසකයෝය. ලංකාවේ බොහෝ හමුදා නිලධාරීන් කලේ නිරායුද අහිංසක තරුණයින්/ තරුණියන් අල්ලාගෙනැවිත් කුරිරු වධ දී ඝාතනය කිරීමය. බොහෝ දෙනෙකු ඉහත පවසා ඇති පරිදි නිවට හමුදාකාරයින්ගේ ලිංගික අපයෝජනවලටද ලක්වූහ. අවසන් සමයේ ප්‍රා ආදී ජවිපෙ ගැන දන්නා කණ්ඩායම් වල සහයෙන් ජවිපෙ සාමජිකයන්/ නායකයින් සුලු පිරිසක්ද අල්ලාගෙන ඔවුන්ගේ ප්‍රධාන නායකයින් විනාශ කරන ලදී. කෙසේ නමුත් දක්ෂ පොලීසියක් තිබුණා නම් ඔවුන් අත් අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තිබුනි. නමුත් ලංකාවේ පොලිසිය? හමුදාවට එහා නේද?
Delete@ Anonymous5 June 2015 at 21:07
Deleteසුප්‍රසිද්ධ කියමනක් තියනවා නේද ගොනා වුනාට උම්බෑ කියන්න එපා කියලා. දැන් මෙතන කරලා තියෙන්නේ උම්බෑ කියනවාට අමතරව හරක් අං තට්ටුවක් ඇඳගෙන වලිගයකුත් හයිකර ගැනීමයි.
නොදන්නා දේවල් ටික කියලා දෙන්නං. ආයෙත් මේ වගේ ගොං කතා කියන්න එපා හොඳේ?
1. යුද්ධ කාලේ ලංකාවේ යුද්ධය නොමැති පලාත්වල මුරකපොලු විතරක් නෙවෙයි මහ විශාල කඳවුරු ගණනාවක් තිබුණා ඒ සෑම එකක්ම රකින්න සෙබළුන් යෙදෙව්වා. එහෙම නැතුව ඒවා වහලා තියන්න බැහැ. එහෙම නැත්නම් හමුදාව වෙනුවට ගැලවීමේ හමුදාව එව්වට දාන්න බැහැ. ඒ කඳවුරු නිසා තමයි යුද්ධය නැති පළාත් ආරක්ෂා වුනේ. වෙන විදිහකට කියනවනම් ඒ අය කලෙත් යුද්ධයේම කොටසක්.
2. සැපයුම් කියන්නේ පරිපාලන වැඩක් නෙවෙයි. සැපයුම් කියන්නේ මොනවාද කියලා දන්නේ නැතුව කියන මේ ගොං කතා වලට පුකෙන් හිනා යනවා. සැපයුම් කියන්නේ කෑම, ඇඳීම, විතරයි කියලද හිතන්නේ. තුවක්කු, පතරොම්, බෝම්බ, උපකරණ සැපයුවේ ඔයාද ඔයාගේ ආච්චිද? මනුස්සයෝ. administration in the field හෙවත් යුද පිටියක කළමනාකරණ කටයුතු කියලා ගැඹුරු විෂයයක් තියනවා. එය හරියට කරන්න විදේශ පුහුණුව පවා ලබාදෙනවා. හරියට නොකලොත් සටන් බිමේ ඉදිරිපස ඉන්න සොල්දාදුවන් අතරමං වෙනවා. යුද බිමට ආසන්නයේම ගබඩා හදාගෙන මේ සැපයුම් කරන්නේ. එයත් සටනේ කොටසක්. කරුණාකරලා නොදන්නා පුකවල් ගැන කතාකර තමන්කේ පුකත්වය නොපෙන්වනු.
3. සංඥා බලකාය කියන්නේ පරිපාලන වැඩක්ද? හිතුවද සංඥා බලකාය කියන්නේ ටෙලිග්‍රෑම් යවන කන්තෝරුවක් කියලා. සටන් බිමේ ඉදිරිරියෙන්ම යන කොටසට සංඥා බලකායත් අයිතියි. හමුදාවකට තියන ආධාරක සේනා support arms අතර සංඥා බලකායට හිමිවන්නේ ඉතා වැදගත් තැනක්. යුද්ධයේදී පණිවිඩ හුවමාරුව විතරක් නෙවෙයි සතුරු ගුවන්විදුලි පණිවිඩ වලට ඇහුම්කන් දීම, ඒ පණිවිඩ අවුල් කිරීම, සතුරු පණිවිඩ හුවමාරු යන්ත්‍ර තිනෙන තැන් විශේෂ සංඥා උපකරණ මගින් සොයාගැනීම, අපේ හමුදාවේ පණිවිඩ හුවමාරු කටයුතු අවුල් නොවී පවත්වාගෙන යාමට ආධාර කිරීම කරන්නේ සංඥා බලකායයි. ඔව්වා නොදැන නේද මේ තමන්ගේ පුකත්වය පෙන්නන්නේ.
4. ලිපිකරුවෝ හිටියේ දකුණේ කඳවුරු වල විතරක් නෙවේ. යුදබිමේ පසුපසින් තනාගත් බංකර්වල සිට ලිපිකරුවන් වැඩකලේ තුවක්කුවත් ළඟ තියාගෙනයි. උන් ලිපිකරු වැඩ නොකලානම් පරිපාලන කටයුතු කරන්නේ ඔයාද හලෝ?
ලක්ෂ දෙකක හමුදාවෙන් 10 ක් කියන්නේ 20000 නේද? උතුරු පළාත, උතුරු මැද පළාත, නැගෙනහිර පළාත යන පළාත් තුනේ යුද්ධ කෙරුවේ 20000 කින් ද? බබෝ ඔන්න බබාට චූ ගිහින්. වෙන ජංගියක් ඇඳගන්න.
@ විචාරක - Wicharaka 5 June 2015 at 18:54
Deleteඕං නියම ස්වරූපය එලියට පැන්න. ලොකු අයියෙ පොලීසිය හමුදාව කියන්නෙ පාලකයන්ගෙ පීඩක උපකරන.
@ X - Porter6 June 2015 at 03:58
Deleteපොඩි මල්ලි ඔයා අංගොඩින්න් පැන්නේ කවද්ද?
ලොකු අයියෙ අර දඩ බල්ලන්ව පුහුනු කරනව වගේ පරපීඩක හමුදා නීති රීති සහ විනය යටතේ කරපියව් කියනකොට ප්‍රශ්න කිරීමකින් තොරව කරන්න හික්මවූ ඔහේලට අපි වගේ අයව පේන්නෙ පිස්සො වගේ තමයි... හෙහ්...හෙහ්.....ඒක ඔහේලගෙ පෞදගලික වරදක් නෙවෙයි.......
Delete@ විචාරක
Delete/* උසස් හමුදා නිළයකට බැඳීම සඳහා අවශ්‍ය අධ්‍යාපනික සුදුසුකම් මෙන්ම, ශාරීරික යෝග්‍යතාවද physique ඔබට තිබියදී, ඔබ මගහැරගෙන ඇත්තේ, අගනා අවස්ථාවක් බවයි මගේ හැඟීම. */
ඔබ මේ ලිපියට සැපයු දායකත්වය ගැන අවංකවම ස්තුතියි!
මා එදා බසයෙන් බැස බෝඩිමට ගියේ වීරවික්‍රමාන්විතවලට තිබූ කැමත්ත නිසා ගුවන් හමුදාවේ නිළධාරියෙකු වීමට මා ඇයදුම් පතක් යොමු කළ ද, මේ ලිපියේ ම කියවුණු පරිදි මගේ මිතුරා කළ ප්‍රකාශය නිසා මගේ අභ්‍යන්තරයේ ඇතිවුණු වැරදීමකින් හෝ මිනිස් ජීවිතයක් විනාශ කිරීමේ කාර්යයට සම්මාදම් වීමට මගේ කිසිදු කැමැත්තක් නොතිබුණු නිසායි.
මා ඒ ඇයැදුම් පත යොමු කළේ රටේ සාමය උදා වූ කාලයේ යි. නමුත් තිලීපන් සිද්ධදයෙන් පසු නැවත යුද්ධය ඇරඹුණා. මා පශ්චාත් උපාධියකට සහ ඉන් පසුව විශ්ව විද්‍යාල කතිකාචාර්ය සේවයට යොමුවුණා!
@ X - Porter6 June 2015 at 21:00
Deleteමටත් පෙනෙන්නේ කාගෙන් හරි කනේ පාරක් කාලා මොලේ නට් ලූස් වෙලා දැන් අබුඩාබියට වෙලා සුර සැප විඳින ගමන් ඔහේ තියන නීතිවලට පොලීසියට කොන්ද නවන ගමන් මෙහෙ හදන්න දඟලන ඔලුව කුරුවල් කාරයෙක් විදිහට තමයි.
නොකීම කතාව ඊටත් හොඳ අැති.
ReplyDeleteහ්ම්! හ්ම්!!
Delete;-#
ලඟදි සමනල විප්ලවයේ ලේඛකය කිව්ව වගේ වෙන්න තියන දේ ඕක වෙන්නැති.
ReplyDeletehttps://in.answers.yahoo.com/question/index?qid=20061025193955AAIboVH
ReplyDeleteno change...!
Deleteමේක කියවන ගමන් ඉබේම මගේ අභ්‍යන්තරය සහ අතීත සිද්දි මතක් වුණේ. සමහර කතා මටවත් මතක නැහැ.. සමහර දේවල් මතක් වුණාම පුදුම හිතෙනවා ඒ කතා දන්නේ මගේ චරිතය මෙහෙයවන මේ හිතම විතරයි.. නොකී කතා වල කවදාවත්ම කාටවත් කියන්න නොහිතන තැන් අමතක වෙනවා අඩුයි..
ReplyDeleteනොකී කතා සහ නොකී ම කතා යනුවෙන් දෙවර්ගයක් ඇත්තේ ඒ අනුවයි!
Deleteසැක් ඉතරක් අන්තිම කෑල්ල තවත් රසවත් ඇති නෙහ් ?
ReplyDeleteමේ කතාව නම් එතනින් අවසානයි!
Deleteකතාවෙ රසවත්ම හරිය අර නොකී කතාව වෙන්න ඇති නේද? කතාවෙ ඒ කොටස නිර්මාණය කරන්නට හිතෙනවා.
ReplyDeleteඅන්න කරනවනම් පිං අතේ වැඩ..
Deleteමේ ගෞරවනීය ඇරයුම හැලප තුමා වෙතටයි...
Delete@ Helapa kade
Deleteඑසේ කරනු මැනවි!
සැක්.. හොඳම ටික නොලිය ඉන්න මොකට මේ පෝස්ට් එක ලියුවද මංද අෆ්ෆා..
ReplyDeleteඒ හොඳම ටික නොවේ. හොඳම ටික ලියා ඇත, එනම් මා බසයෙන් බැස ගෙදර ගිය බවයි. මේ 1987 සැප්තැම්බරයේ පමණය, ඉන් පසු 1988-89 සිදු වූ දේ ඔබ දනී. ඊටත් පසුව සිදු වුණු දේ ඔබ ඊටත් වඩා හොඳින් දනී!
Deleteරසික ජීවිතේ සමහර තීන්දු මුළු ජීවිතයක් සහමුලින්ම වෙනස් කරනවා . ඔබ එදා සිටින්නට ඇත්තේ ජීවන මංසන්දියක
ReplyDeleteඑදා බැහැල තියෙන්නෙ නම් නුගේගොඩ මංසන්දියෙන්...
Delete@ Trans Sylvania
Deleteඒක ඇත්ත.
ඒවගේ මංසන්ධි කීපයක්ම ජීවිතයේ මට හමුවෙලා තියෙනවා. මේ මංසන්ධියේ දී මා හැරුණු ආකාරය කිසිසේත්ම වෙනස් කරන්නේ නෑ කාල යාත්‍රාවක නැගී ආපසු ගියත්.
ඒ වගේ ම වෙනස් නොකරණ කාරණයක් තමයි මොරටුවේ නොගොස් පේරාදෙනියේ යෑම!
රට හැර ගිය මංසන්ධිය ගැන අදහස කොහොමද?
Deleteමේ පෝස්ට් එක කියවන හැමෝම කතාවේ නොකී කොටස අනුමාන කර නිර්මාණය කරමු. නිවැරදි හෝ අසන්න එකට රසික තෑග්ගක් දෙනවලු.
ReplyDeleteබස් එකේ කොන්දොස්තර කකා දිහා මහ අමුතු විදිහට බෑලුවා. කකා බයටම බෑහෑල ගෙදර ගියා. ඕක තමයි වෙන්න ඈත්තෙ.
Deleteමේ පෝස්ට් එක කාලනේ අන්තිමට "නොකී කොටසක්" ගැන කියලා. දැන් ඉතින් ඒ මොකක්ද කියලාමයි හිතෙන්නෙ.
ReplyDeleteහිත හිතා ඉන්නෙ මොනවටද හිතල ලියන්නකො.
Deleteඒක වෙළඳ උපක්‍රමයක් කරගන්නත් පුළුවනි!
Deleteවිචාරකතුමාව කපපු ධනපාල වීරසේකර, ඒකාලෙ දෙහිඕවිට ආසනයෙ මන්ත්‍රී නේද?(රන්ජන්)
ReplyDeleteහරියට හරි. මෝටර් සයිකල් රේස් කාරයා. ඕකිඩ් පැල අස්සේ සිංගප්පූරුවට මැණික් යවලා අහුවුණා කෙනා.
Deleteඉස්සර අදර් රෑන්ක් යන්නත් පට්ට අමාරුලු නේද? ඔන්න විචාරක කට වහගන්න වෙලාව
Deleteඅපරාදේ ආමි එකට යන එකත් කපන්න මන්ත්රියෙක් හිටියනම් බඩියන්ගේ පුක(කුනුහරුපයක් නොව ) බේරන්න තිබුනා
ෂඃ තමුසෙගෙ පුක බේරුන එකයි දුක. ආයෙ වෙලාවක එනවකො ඈ.
Deleteමේ විචාරක උන්නැහේ ප්‍රභාකරන් ගෙන් මුල්කාලේ කනකොට ඔය දෙසපාලන බැලුවේ නැහැ නේ. අනික ගම්වල ඉදන් ආපු පොඩි කොල්ලෝ ටික බිලි බෝයි කරලා තරු ගහපු ඔහෙලා වගේ අය බේරුනා .එහෙම නේද තුමෝ අනික ඔහේගේ ඇඟේ වෙඩිකපු කැළැල් මොකක්වත් නැනේ අඩු ගානේ කම්බි වැටකට හිරිච්ච පාරක්වත් . අනේමන්දා සිංහ රේජි මෙන්තුවෙලු හිටියේ
ReplyDeleteමෙයාගේ තුවාල වුනේ එක තැනයි. ඊට පස්සේ දිගටම අබේපුස්සේ
Deleteපව් නේද? මම කලාහිත අඩවියේදී ඇරපු අරිල්ලට තවම පුක රිදෙනවා නේද කොල්ලෝ? මැහුමක් දාගනින් සපත්තු මහන එකෙකුට කියලා. ඔහොම තමයි කොල්ලෝ අපි ඇරියම අරින්නේ උඹලට ඔය විදිහට අවුරුදු ගාණක් වේදනාව දැනෙන්න.
Deleteමමත් ගුවන් බට පුරප්පාඩු වලට දැම්මා ..ඒත් ගෙදරින් හිතුව තරම්ම යන්න එපා කියල බලපෑමක් ආවෙ නැහැ..ගෙදරින් එපා කියල නිති දැම්ම නම් සමහර විට ඒ ඇරියස් එකටම ගුවන් හමුදාවට යනවා. අනික් කාරනාව තමය ිඑක ඉන්ටවු එකක් තිබුනෙ මට ඉන්ජිනේරු ඩිප්ලෝමාවට රෙජිස්තර වෙන්න තිබුන කාලෙමයි. ඒ නිසා ඒකට යන්න බැරිවුනා..
ReplyDeleteපස්සේ ගෙදර අයට දූක හිතෙන්න ඇති?
Deleteමේ නොකී කතාව නම් මා දැන සිටියේ නැහැ.
ReplyDeleteඒක නොකී කතාවක්ම තමයි.
හැබැයි අපි කොයි කාගෙත් ජීවිත වල නොකී කතා තියෙනවා.
කවරදාකවත්ම නොකියන කතාත් තියෙනවා.
මේකේ හෙන්රිටත් පොඩි සරදමක් තියෙනවා.
Deleteඒක තමයි නොකී කතා සහ නොකී ම කතා යනුවෙන් දෙවර්ගයක් ඇති බව මතක් කිරීම!
හ: හ: හා....ඇත්ත නොවෙන්නං..... නොකීම කතා තමයි කාගෙ කාගෙත් හිත්වල වැඩියෙන් තියෙන්නේ...
Deleteනුගේගොඩින් බහින්නෙ නැතුව දිගටම ගිහිං ගුවන් හමුදාවට බැඳුනනම් සමහර විට ටිකක් වෙනස් ආකාරයකට තමන්ගෙ අත්දැකීම් ලියන රසික කියල ගුවන් හමුදාවෙන් විශ්‍රාමලත් බ්ලොග් කරුවෙක්ගෙ ලිපි අපි කියවයි. එහෙමත් නැතිනම් හොඳ නිලධාරියෙක් හිටියේය කියලා ගුවන් හමුදාවේ ඉතිහාසෙ රන් අකුරින් ලියැවිලා තියෙන්නත් පුළුවන්.
ReplyDeleteජය වේවා!!!
දැන් කරන ජොබ් එකෙන් විශ්‍රාම යන්න නම් තව දශකයකටත් වඩා කල් තියෙනවා!
Deleteඒ කෙසේ වෙතත් මේ සිදුවීම වුනේ සාමය පැවති කාලයකයි. ටික කලකට පසුව තත්වය වෙනස් වුණා!
ජීවිතේ ලස්සනම නොකී කතා තමයි රසික...:P
ReplyDeleteඒවා නොකීම නොකී කතා ලෙස මරණය දක්වා පවතිනු ඇත!
Deleteරසිකට ගුවන් හමුදාවට යන්න ආසාවක් ආවෙ ආනන්දෙට පැරෂුට් එකෙන් ආපු නිසා නේද? :D
ReplyDeleteමට එසේ ආශාවක් ඇති වුණා නම් මා සමග එකම දවසේ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ඇරඹූ තවත් සියයකට වඩා වැඩි පිරිසකට ද ඒ හැඟීම ම ඇතිවූවා විය යුතුයි!
Deleteඔවුන්ගෙන් එක් අයෙකු කොතලාවල ඇකඩමියට බැඳී යුධ හමුදා ලුතිතන් වරයෙකුව සිට පසුව අස් වී දැන් ඇමරිකාවේ සිටිනවා. තවත් අයෙකු මා සමගම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබා නාවික හමුදාවට බැදී එහි කපිතාන්වරයෙකු ලෙස සේවය කර පසුව සේවයෙන් ඉවත් වුණා.
මෝඩ කමට බේත් නැහැ ඇනෝ!
ඔවුන්ගෙන් එක් අයෙකු කොතලාවල ඇකඩමියට බැඳී යුධ හමුදා ලුතිතන් වරයෙකුව සිට පසුව අස් වී දැන් ඇමරිකාවේ සිටිනවා.
Deleteඑකට හ්මකෙනම කිව්වේ අලි හක්ක කියලා නේද
///"අපේ උන්ට වැඩේ දීම" යනුවෙන් අහස් කෙරුණේ එදා ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කළ දා එයට විරුද්ධව කොළඹ දී විරෝධතා පැවැත්වූ අයගෙන් එකසිය පනහක පමණ පිරිසක් ඝාතනය කළ ආණ්ඩුවේ පොලීසිය සහ හමුදා මේ වෙන විට ඒ විරෝධතා පසුපස සිටි ජවිපෙ වෙස්මුහුණක් වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සමග යුද ප්‍රකාශ කර තිබුණු බැවිනි. ///
ReplyDeleteඒ කාලේ UNP එකට මිනිස්සු එකසිය පණහක් මරණව කියන්නේ හරියට බල්ලෝ බළල්ලු මරනවා වගේ නේද රසික.
ඒත් උන් දැන් කිඹුල් කඳුළු හෙලනවා කටුනායක, රතුපස්වල මරපු මිනිස්සු දෙන්නෙක් වෙනුවෙන්.
අනේ හුකේ නන්නානේ, බල්ලෝ xකයි ගම්මානේ කිව්වලු.
එදා සිටි යූඇම්පීය නොවෙයි අද ඉන්නේ.
Deleteඑදා සිටි සිරිලංකා එකද නොවෙයි අද ඉන්නේ.
එදා සිටි ජේවීපී එකත් නොවෙයි අද ඉන්නේ.
දැන් වසර තිහක් පමණ ගෙවී ගොසින්!
නොකී කතා තමයි කාගේත් රසකතා.
ReplyDeleteඅහන්න ආසයි අපටත් කියන්න!
Deleteරසික හමුදාවට නොබැඳුනු එක ගැනනම් අවංකවම සතුටු වෙනවා. නැතිනම් අද සිටින සොඳුරු මිනිසා වෙනුවට විකෘති මනසකින් යුත් උගත් රාක්ෂසයෙක් බිහිවෙන්න හොඳටම ඉඩ තිබ්බා. අතිශය දූශිත යුද හමුදාව තුල ඔබ සිටියානම් ඔබටත් එක්කො දූශිතයෙක් වෙන්නට හෝ නැත්නම් ඔවුන්ගේ බොරු නඩුවකට යුද අධිකරණයෙන් වරදකරු වී හිරේ ලගින්නටද තිබුණා. එමෙන්ම ඔබේ වෘත්තීය ජීවිතයද එකතැන පල්වීමද සිදුවනවා. ගුවන් හමුදාව යුද හමුදාව තරම් කුජීත රැකියාවක් නොවුනත් ඕකෙ තියෙන්නෙත් බොරු සෝබන පිට ඔපය පමණයි.
ReplyDeleteඅනික් අතින් එවිට ඔබ බාලචන්ද්‍රන් ආදී නොදරුවන් කෘර ලෙස මරාදැමූ යුද අපරාධවලට සහය දුන් පුද්ගලයෙක් ලෙස නමත් කැලැල් කර ගන්නවා.
සැබවින්ම සොබාදම් දිනිතිය විසින් ඔබ බේරාගෙන තිබෙනවා. ඔබට අද හෘද සාක්ෂියට එකඟව තම අතීතය දෙස හැරී බැලිය හැකියි. කොතරම් සුන්දරද?
කිසි වාදයක් නෑ.
Deleteඑනිසා නේ මං බසයෙන් බැස ආපසු බෝඩිමට ගියේ!
මොකක්ද අප්පා හොඳම ටික නෑ වගේනේ
ReplyDeleteනොදන්නා කොටසක් දන්න දේට වඩා හොඳයි කියා කියන්නේ කොහොමද?
Deleteවිද්‍යාලය තුලින්ම තෝරාගැනීමක් කරලා ගුවන් හමුදාවට බඳව ගත්තා යුද්ධෙ සැරම කාලෙ... ගස්ලබ්බත් හොඳටම සුදුසුකම් සපුරලා ඇප්ලිකේශන් එකත් හදන් හිටියට දෙන්න උනේ නෑ.. අම්ම එක දිගට දවස් තුනක් විතර ඇඬුවා එපා නොකියා.මුකුත්ම කිව්වෙ නෑ.. අන්තිමට ඉතින් පුතා ගෙදර නවතින්න තීරණය කළා.එදා ඒ ගිය උන් අද උඩින් යනවා රූං ගාලා.. සද්දෙ ඇහෙනකොට ඒ අතීතය මතක් වෙලා අවස්ථාව අහිමි වීම ගැන දුකක් ඇතිවෙනවා..
ReplyDelete//විද්‍යාලය තුලින්ම තෝරාගැනීමක් කරලා ගුවන් හමුදාවට බඳව ගත්තා යුද්ධෙ සැරම කාලෙ... //
Deleteමොකක්දෝ වැරැද්දක් vela තියනවා ...
අනේ මන්ද මම තම හිතනවා ,
අපේ රටේ හතර මායිම ඇතුලේ උපන් දරුවෝ නේද එකිනෙකා මරාගතතේ ?
@ ගස් ලබ්බ
Deleteඔබට දුක් වීමට හේතුවක් මට නම් පේන්නේ නෑ!
@ ඇණය මේ කියන දවස් වල බඳවාගැනීම් විශාල අර්බුධයකට පත් වෙලා තිබුනෙ.ගුවන් හමුදාවේ ඉහල නිලධාරීන් ලංකාවේ පාසල් තුනකින් ඉල්ලීමක් කරලා තිබුනා අදාල තනතුරට වහාම බඳවා ගැනීට සුදුසුකම් ඇත්තවුන් නම්කර එවන ලෙසත්,සම්මුඛ පරීක්ශනයකින් අනතුරුව බඳවා ගන්නා බවටත්.ඕකයි සිද්ධිය.ඒ අවුරුද්දෙ විතරයි එහෙම කළේ.
Delete@ කකා ලොකු ආසාවක් තුබුන දෙයක් ඒක.ඒක වෙන්නැති තාමත් හිතේ හොල්මන් කරන්නෙ.
Deleteනුගේගොඩ කියන්නෙත් බලාගෙන යනකොට බුද්ධගයාව වගේ බුද්ධිය පහළ වන පුණ්‍ය භූමියක් නේද?
ReplyDeleteසුව දේ.....
Deleteමට සීතල සුලඟ පවා..........
ඇයි බෝ ගහකුත් තියෙනවා නේද?
නොකී කතා අපමණයි.. ලිව්වොත් බ්ලොග් එකට වාසියි.. හැබැයි නොලියන එක ඇඟට ගුණයි..
ReplyDeleteවෙන ප්‍රොෆයිල් එකකින් බ්ලොගක් හදාගෙන ලියමු
Deleteනො කියූ කතා නො කියවී ම තිබේ වි?
Delete