Monday 9 November 2015

පුජ්‍ය මාදුළුවාවේ සෝභිත සහ කිවියර යසනාත් ධම්මික බණ්ඩාර - In defence of Yasanatha Dhammika Bandara


මා හතේ පන්තියේ ඉගෙනුම ලබද්දී වෙසක් සුබ පැතුමක මුද්‍රණය වී තිබී කියවා පරම්පරා දෙකකට පමණ පසු තවමත් මතකයේ රැඳී තිබෙන කවියක් මෙසේ ය.
ඒම දුකකි
යාම දුකකි
ඒම, යාම අතර දුකකි
ඒ දුක නැති කරන එකම
පිළියම පෑ සම්බුදු හිමි
පිහිට පතමි ඔබ හට මම
සාධු, සාධු!
ඒ කවිය මගේ මතකයේ රැඳී තියෙන්නේ එය කවියක් නිසා මිස, සම්බුදු හිමි ගැන හෝ දුක නැති කිරීම ගැන හෝ ඇති විශේෂ කැමැත්තක් නිසා නොවේ.
මරණය කාටත් පොදු දෙයකි. උපන්නොත් මරණය නියත බව අපි දනිමු. නමුත් එය සිදුවෙන්නේ කෙදිනකදැයි අපි නොදනිමු.
ලක්‍ෂ සංඛ්‍යාත මිනිසුන් දිනපතා මරණයට පත්වෙති. ඒ ගැන අපි සාමාන්‍යයෙන් දුක් නොවෙමු. කලින් නොදන්නා අයගේ මරණයන් ගැන අප දුක් වෙන්නේ ඒ මරණ එක්කෝ හදිසි මරණ නැතිනම් අනතුරු හෝ ඒත් නැතිනම් කුරිරු මිනිමැරුම් නම් පමණි.

නමුත්, අප දන්නා හඳුනන අයෙකු ගේ මරණය ගැන අපට සංවේගය ගෙන දෙයි. මිය ගියේ ළඟම මිතුරෙකු හෝ ඥාතියෙකු නම් අප හඬන්නට ද බොහෝ විට ඉඩ තිබේ.

සතුරෙකු ගේ මරණය ගැන ආරංචිය ලැබුණු විටට, අප කෙසේ හැසිරෙමු ද?

මාදුළුවාවේ සෝභිත හිමියන් ගේ මරණය ගැන පුවත ලැබුණු පසු විවිධ පුද්ගලයෝ විවිධාකාරයෙන් ප්‍රතික්‍රියා දැක්වූහ.

කෝට්ටේ බංගලා හන්දියේ පදිංචිව සිටි වසර දෙක හමාරක කාලය තුළ මා දෙවරක් පමණ නාග විහාරයට ගොස් ඇති නමුදු, මා මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන් ගැන දන්නේ භික්‍ෂුවක ලෙස නොව සමාජ දේශපාලන ක්‍රියාකරුවෙකු වශයෙනි.

පසුගිය වසරේ ඔහු, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට විරුද්ධව පොදු අපේක්‍ෂකයා ලෙසින් ඉදිරිපත් වෙන්නට කැමැත්ත පළ කළ නිසා, මාදුළුවාවේ සෝභිත යනු දේශපාලන ක්‍රියාකාරිකයෙකුට වඩා ඔබ්බට ගිය කෙළින්ම දේශපාලකයෙකු ලෙස ද හැඳින්වීම වරදක් නොවේ.

මාදුළුවාවේ සෝභිත හිමි ගේ මරණය ගැන ලියවුණු අදහස් අතරින් ෆේස්බුක් තුළ, මා දන්නා පරිදි, වඩාත් ම කැළඹීමක් ඇති කළේ යසනාත් ධම්මික බණ්ඩාර පළ කර තිබුණු අදහස් ය.

මා යසනාත් ධම්මික බණ්ඩාරව දන්නේ මූලිකවම ගී පද රචකයෙකු ලෙසිනි. ඔහු ගී පිළිබඳව අගනා ලිපි රචනා කර පළ කරන අර්ධකාලීන බ්ලොග්කරුවෙකු ද වේ. ඔහු ගේ වෘත්තිය අනුව අර්ධකාලීන පොල් කඩන්නෙකු ද වෙන බව මට අනුමාන කළ හැක. ඒ ඔහු ගේ පුර්ණකාලීන රජයේ රැකියාවට අමතරව යැයි සිතමි.

යසනාත් ගේ විවාදාත්මක අදහස මේ ලිපිය ආරම්භයේ දක්වා ඇත.

මා ෆේස්බුක්හි අදාළ තැන්වල පළ කළ පරිදි මේ පිළිබඳව මගේ අදහස මෙසේය.

යසනාත් ගේ ඉහත ප්‍රකාශය අප නිවැරදිව දැකිය යුත්තේ උග්‍ර මහින්ද රාජපක්‍ෂවාදී දේශපාලන සත්වයෙකු හෙවත් බයියෙකු විසින් උග්‍ර මහින්ද රාජපක්‍ෂ විරෝධී දේශපාලන සත්වයෙකු හෙවත් ටොයියෙකු ගේ මරණය පිළිබඳව කළ වෛරී ප්‍රකාශයක් ලෙසින් පමණි.

ඒ සන්දර්භය අමතක කර, යසනාත් ගේ එම්බීබීඑස් උපාධිය හෝ කවීත්වය හෝ සෝභිත හිමි ගේ භික්‍ෂුත්වය හෝ මෙයට අදාළ කර ගත යුතු නැත!

මහින්ද රාජපක්‍ෂ රෙජීමය පැරදවීමට මුල් වූ සෝභිත හිමි ගේ ඓතිහාසික කාර්යභාරය ඒ දේශපාලන ක්‍රියාමාර්ගය අනුමතක කළ අයට පෙනෙන්නේ යහපත් ක්‍රියාවක් ලෙස වුව ද, උග්‍ර මහින්දවාදියෙකු වෙන යසනාත් ගේ අන්තයේ සිට බලන කළ එය පෙනෙන්නේ ද්‍රෝහී පාවාදීමක් ලෙස බව අමුතුවෙන් කිව යුතු නොවේ!

ඒ අනුව සෝභිත හිමි යනු යසනාත් සහ ඔහු නියෝජනය කරන කණ්ඩායමේ පරම හතුරා ය. හතුරෙකු ගේ මරණය ගැන ප්‍රීතිවීම අපේ තත්කාලීන සංස්කෘතියේ එක කොටසකි.

උදාහරණ අනවශ්‍ය යැයි සිතමි.

මිය ගියේ සෝභිත හිමි නොව නානසාර වැනි අයෙකු නම්, යසනාත් ගේ ප්‍රකාශයට වඩා හොඳ කාව්‍යමය ප්‍රකාශ, කියමන්, සරදම් අපට ෆේස්බුක් අවකාශයේ දී බලා කියා ගන්නට ද හැකි වෙනු ඇත!

එසේම, මේ කරුණත් කිව යුතු ය.

සෝභිත හිමි මිය ගියේ සත්‍යාවබෝධය ලැබීමෙන් පසුව වීම වැදගත් කරුණකි. ඔහු ගේ මරණය ජනවාරියේ දී සිදු වූවා නම් ඔහු මිය යන්නට ඉඩ තිබුණේ ඒ සත්‍යාවබෝධය නො මැතිවයි.

මාදුළුවාවේ සෝභිත හිමියන් නැවත මේ ලෝකයේ නො ඉපදී වහාම නිවන් සැප ලැබේවා යි පතමි!

-රසිකොලොජිස්ට්

97 comments:

  1. Rasikage sthaware thamayi mamath inne. Ekke miyagiye Naana saara haamuduruwo nam mita wada hapan wenta thibuna. Mokada naanasaarata paksha wagema wipaksha ayath godak innawa. Oya facebook eke thiyenna trend eka maha amuthu ekak. Ona magulak viral wena nisa ikmanata thamange sithiwili viral wena speed ekata wediyen adama kuhaka sithiwili viral wenawa. Kohomath le malakunu dekala purudi apata haamuduruwakage saamanya maranaya kunu ganda gahanakam thawa kaalayak viral wei. Sobitha haamuduruwanta niwan suwa...!!

    ReplyDelete
    Replies
    1. මාදුළුවාවේ සෝභිත හිමියන් නැවත මේ ලෝකයේ නො ඉපදී වහාම නිවන් සැප ලැබේවා යි පතමි!

      Delete
  2. යසනාත් කියන බල්ලා මේ විදිහට පාරේ රෙන එකෙක් එදා ඉඳලම. මුගේ ඇතුලාන්තය කුණුවෙලා තියෙන්නේ. මූට ජීවිතයක් නෑ. අනුන්ගෙන් යැපෙන බල්ලෙක්.

    ReplyDelete
    Replies
    1. සෝභිත හිමි යනු යසනාත් සහ ඔහු නියෝජනය කරන කණ්ඩායමේ පරම හතුරා ය. හතුරෙකු ගේ මරණය ගැන ප්‍රීතිවීම අපේ තත්කාලීන සංස්කෘතියේ එක කොටසකි.

      Delete
  3. මරණයකදී.. විශේෂයෙන්ම වයසට ගිහින් ස්වභාවිකව මනුස්සයෙක් මැරෙන එක ගැන හැමෝම දුක් වෙන්නම ඕනිද? පුදුම වැඩක් නේ ඒක.. පහුගිය දවස් ටිකේ ඔය වගේ මරණ දෙකක් උනා.. සෝමා එදිරිසිංහ මහත්මිය හා සෝභිත හාමුදුරුවෝ.. ඒ දෙන්නම ඉන්න කාලේවත් මරුනමවත් මට නම් විශේෂ සතුටක් වත් දුකක් වත් එකතු කාලේ නෑ.. ඇත්තටම අපේ ගෙදරක ඇති කරන සතෙක් මිය ගියාම ඇතිවන තරම් කණගාටුවක් වත් ඇති වුනේ නෑ..
    ඊට වඩා මට වැදගත් යසනාත් ට එයාගේ මතය ප්‍රකාශ කිරීමට ඇති නිදහස අගය කිරීම.

    ReplyDelete
    Replies
    1. මරණයකදී කනගාටුවක් ඇතිවීම හෝ නොවීම කියන්නේ වෙනම කරුණක්.නමුත් අවම වශයෙන් මිනිසෙකුගේ මරණයකදී වත් මිනිසුන් වශයෙන් ඒ වෙනුවෙන් මදක් හෝ සදාචාරවත් ලෙස හැසිරියයුතු නැතිද?.විශේෂයෙන් යසනාත් ධම්මික බණ්ඩාර වැනි සමාජයේ පිළිගැනීමක් සහිත පුද්ගලයෙක් එවැනි පහල මට්ටමකට වැටීම නිවැරදිද?

      Delete
    2. සන්දර්භය අමතක කර, යසනාත් ගේ එම්බීබීඑස් උපාධිය හෝ කවීත්වය හෝ සෝභිත හිමි ගේ භික්‍ෂුත්වය හෝ මෙයට අදාළ කර ගත යුතු නැත!

      Delete
  4. යසනාත් කියන්නේ සක්කිලියෙක් (සක්කිලියන්ට අපහාසය සඳහා නොවේ. එම රැකියාව ගැන හැඳින්වීමක් පමණි.)

    එයා වෛද්‍යවරයෙක් කියලා එයාම හඳුන්වනවා. මේ වගේ වෛද්‍යවරයෙක් ගාවට සෝභිත හිමි ගියා නම් මරලා දාන්නත් පුළුවන්. එයා කොහොමත් අමු බයියෙක්. ගල් යුගයේ වැද්දෙක්. නව පරපුරට වෛර කරන්නෙක්. එයා ඉතරක් නෙමෙයි ඔය ජාතියේ හුඟක් උන් එහෙමයි..

    එහෙත් කියන්නට ඇති දේ කෙලින් කීම පිළිබඳව, යසනාත්ටත්, කකාටත් අපගේ ස්තූතිය.

    ReplyDelete
    Replies
    1. මෙයාගේ එම්බීබීඑස් කියන්නේ මෙම්බර් ඔෆ් බොදු බල සේනා වෙන්ඩැති !

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. //මරණයකදී.. විශේෂයෙන්ම වයසට ගිහින් ස්වභාවිකව මනුස්සයෙක් මැරෙන එක ගැන හැමෝම දුක් වෙන්නම ඕනිද? //
      කමී, දුක් වෙන්න ඕනෙ නෑ ඒත් දේශපාලනය හින්ද කාලකන්නි සතුටක් ලැබුවත් මිනිස්සු විදිහට එය මාධ්‍යක පල කර කාලකන්නි සතුටක් නොලැබිය යුතුයි.

      Delete
    4. එම්බීබීඑස් උපාධිය හෝ කවීත්වය හෝ සෝභිත හිමි ගේ භික්‍ෂුත්වය හෝ මෙයට අදාළ කර ගත යුතු නැත!

      Delete
    5. සක්කිලියෙක් නොව සට්ටැඹියෙක් යැයි යොදන්න, එය වඩා හොඳ රාජකාරියකි!

      Delete
    6. ඇයි අදාල නැත්තේ... පිරිසක් කියනවා නේද... පාර්ලිමේන්තුවටත්, උගතුන් බුද්ධිමතුන් එවන්න කියලා...

      මේ වගේ උන් කොහේ ගියත් වැඩක් තියෙනවද...?

      Delete
    7. සුද්දන්ට මග පෙන්නන මාල තං ගයිඩ් *ත්තා සුද්දෙන් දැන් කතාව.

      Delete
    8. මිය ගියේ සෝභිත හිමි නොව නානසාර වැනි අයෙකු නම්, යසනාත් ගේ ප්‍රකාශයට වඩා හොඳ කාව්‍යමය ප්‍රකාශ, කියමන්, සරදම් අපට වත්පොතේ දී බලා කියා ගන්නට ද හැකි වෙනු ඇත!

      Delete
  5. උන්නාන්සේ කියල තිබබේ රත්වෙච්ච තැටිය ළඟ බකනිලාගෙන ගිනි තපින්නේ නැතිව නිවෙන්න ඉස්සර රොටියක්වත් දාගන්න කියල, කොත්තුත් දානවා කියන්නේ තැටියෙන් උපරිමට ම වැඩ ගන්නවා කියන එකනේ, මම බලාන ඉන්නේ එළවළු රෝටී එනකම්.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. සෝබිත දේශපාලන ක්‍රියාකාරියෙක්. ඉතින් ආගමික ගෞරව දෙන්න බැහැ. ආදරේ උන් ආදරේ වගේ මළ පැන්න එකා බනිනවා. අනිත් දේශපාලකයින්ට බනින්න හැකිනම් මෙයාට බනින්න බැරි ඇයි?

    සුජීව කොකාවල

    ReplyDelete
    Replies
    1. සෝභිත හිමි මට වීරයෙක් වෙන්න තිබුණේ, අඩු ගාණේ පැරදිච්ච හොර තක්කඩි, පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට ගත්ත වෙලාවේ, ඔය කියන වාදීභසිංහ සද්දෙ දාලා, මේ ජහපාලනේට කනේ පාරක් දුන්නා නම් විතරයි.

      ඒ වෙලාවේ, නිස්සද්ද ව වැඩ වසපු සෝභිත හිමි කියන්නෙ තවත් එක, තක්කඩි දේශපාලනේ පස්සේ ගිය, සංඝ නායකයෙක් පමණයි!

      එච්චර අසාධාරණයක් වෙද්දි, මොන 'සාධාරණ සමාජයක්' ද?

      පට්ට ගේම්කාර ගණින්නාන්සේලා.!

      - කුමාර ලියනගේ

      Delete
    2. යසනාත් කියන දේ කෙලින් කිව්වා. මිනිහට බනින උනුත් කියන දේ කියල දැම්ම. රසික එයාගේ මතය කිව්වා. අපි ෆේස්බුක් එකේ ලියපුවට කොමෙන්ට් එකක් දාන්න කොන්ද පණනැති එවුන්, ඒවා හොරෙන් හොරෙන් කියවලා බ්ලොග් අස්සේ ඇනෝ ලෙස ලියමින් ගන්න ගොන් ආතල් එක මීට වඩා තට්ටු ගානක් පහත් එකක්.

      අපි ලියපු තැනක ලියන්න බැහැ මොකද කුඩු කරගන්න බැරි වීදුරු මන්දිර හදාගෙන ඉන්නවා. අඩුම ගානේ ඇනෝ හැටියටවත් කොන්ද කෙලින් කොමෙන්ට් එකක් දාන්නේ නැහැ, ඒ වෙනුවට අනුන්ට කියලා බන්නවා ගන්න හිතාන අපේ කතාවල් විතරක් දානවා. කියවන මනුස්සයෙක් මොකුත් ලියන්නෙත් නැහැ. සමහර විට එයාටම ඇනෝ ඇවිත් ඒකත් කරන්න වෙයි.

      මේ කියන කෙනා අදාළ සිද්ධිය ගැන මා ලියු දිග පෝස්ටුව හිතාමතා මිස් කරනවා. මොකද ඒක අවාසියි. මේක නම් නොම්මර එකේ කාලකන්ණි කමක්. කනගාටුයි ලැජ්ජයි මේ වගේ ජීවිත ගැන.

      පහත දැක්වෙන්නේ මම සෝබිත හිමියන්ගේ අභාවය ගැන ලියු දිග සටහන. වෙන කොමෙන්ට් වල අස්සේ තියෙන එව්වා කොන්ටෙක්ස්ට් එකෙන් එලියට අරගෙන ගෙනයන මඩ ප්‍රහාරය නිසා මේක මෙතැන දානවා.

      ------------------

      සෝබිත හිමියන් අපවත්වීම ගැන මම මෙන්න මේ නිරීක්ෂණ දකිනවා.

      1. සෝබිත හිමියන් මීට දෙවසරකට පෙර අපවත් වුණානම් අද ඒ ගැන සොවින් තැවෙන එතුමන් ජාතියේ මැන්ඩෙලා කරගන්න හදන එකෙක්වත් ඔහොම හඬා වැටෙන්නේ නැහැ. බොහෝ විට සෝබිත හිමියන්ට ඒ අය දෙන්නේ සෝම හිමියන්ට දුන්නු තැන. වර්ගවාදියෙක්, අන්තවාදියෙක්, මහණකමේ ඉඳගෙන දේශපාලනේ කරාපු වරදිකාරයෙක්. එනයින් මුන් වර්ණනා කරන්නේ සොබිත හිමියන් හෝ උන් වහන්සේගේ දීර්ඝ කාලින මැදිහත්වීම නොවේ, උන් වහන්සේගේ නම පාවිච්චි කරගෙන අල්ලගත්ත දේශපාලන බලය.

      2. මේ වෙලාවේ සෝබිත හිමියන්ට අනේකවාරයක් දෙස් දෙවොල් තබන, අසූ හාරදාහට බැනලා, කමක් නැහැ ඔන්නොහෙ නිවන් සුව ලැබේව කියන මිනිස්සු නෝටිස් කලාද ඒ හිමියන් තමන්ට වුනු වැරදීම පලමුවෙන්ම ඇක්නොලේජ් කල කීපදෙනා අතර උන්නු බව. කොටින්ම ගහක් ගලක් වගේ උන්නු ඒ හිමියන්ගේ අභාවයට හේතුව පවා මේ සාධාරන සමාජයක් කියලා අටවා ගත්ත අසාධාරන විකට පාලනය ගැන වූ කලකිරීමක් වෙන්න ඉඩ තියෙනවා. යම්හෙයකින් ඒ හිමියන් තව දෙවසරක් ජීවත්ව උන්නානම් අද ඔය දෙස් දෙවොල් තබන අයත් එක්ක එකතු වී වර්තමාන විකට පාලනය එලවන්න කටයුතු කරන්න ලොකු ඉඩක් තිබ්බා. එහෙනම් උන් වහන්සේ අද ඔවුන්ගේ ජාතික වීරයෙක්.

      3. සෝබිත හිමියන්ගේ සිල්වත් කම ගැන අද ප්‍රශංසා කරන සමහරු මීට වසර කීපෙකට පෙර උන් වහන්සේ දුශ්ශීල මහණෙක් ලෙස කතාකල අවස්ථා මා දැක තිබ්බා. ඔය සිල්වත් කම ගැන ගාන බටර් තමන්ගේ කඳවුරට ආපු නිසා කියන එව්වා. කොටින්ම හාමුදුරුවරු දේශපාලනය කරන්න එපා කියන මිනිස්සු සෝබිත හිමි දේශපාලනය කිරීම ජාතික වීරකමක් සේ දකිනවා.

      ඔන්න සෝබිත හාමුදුරුවන් කාලෙන් කාලෙට රට රකින්න සාධාරණ සමාජයක් හදන්න ගිය කාගේ කාගේත් බුද්ධි මට්ටම. හාට් ඇටැක් හැදෙනවා තමයි මෙහෙම මිනිස්සු එක්ක දේශපාලනේ කරන්න ආවාම.

      Delete
    3. අහවලා මෙසේ කියා ඇත කියා උපුටා දැක්වීමේ වරදක් නෑ. මේ ලිපියේ උඩින්ම තියෙන්නේත් ඒ වගේ එකක් නේ!

      Delete
    4. මේකනෙ රසික දැන් සුජීව වගේ කෙනෙකුට පුළුවන් වෙනත් ඕනැම කෙනෙක් උපුටලා දක්වලා දෙඤ්ඤං බැටේ විවේචනය කරන්න. නමුත් මේ ලපයි සිපයි කොල්ලන්ට පුළුවන්ද සුජීව වගේ කෙනෙක් උපුටලා දක්වන්න? උන් තමුන් කවුරු කියලද හිතාගෙන ඉන්නෙ? සුජීව උපුටලා දක්වනවා කියන්නෙ බුදු හාමුදුරුවන්ව ක්‍රිස්තුස්වහන්සේව මහම්මත්තුමාව උපුටලා දක්වනව වගෙ පොඩි වැඩක් කියලා මුං හිතාගෙන ඉන්නේ. හපෝයි පව්. රහතුන්ගේ ලේ සෙලවීම වගේ ආනන්තරිය පාපකර්මයක් තමයි සුජීව වෙන තැනක දාන කමෙන්ට් එකක් මෙතන ඇනෝ කමන්ට් කරන එක.

      Delete
  8. සෝභිත හිමි අපවත් වෙල සිංගප්පූරුවෙදි උදේ
    කිරිබත් උයමුද මානෙල් ලමයිත් අද ගෙදර නිසා

    ප‍්‍රභාකරන් මැරුණු වේලෙ සිතට දැනුනු සන්තෝසය
    සෝභිත හිමි මියුනු විටත් සිතට දැනෙන අරුමය කිම

    කුරා කූඹියෙක් මැරුණත් අනේ අපොයි කියන රටක
    සිවුරට හැමදාම වැන්ද මගේ සිතේ ඇයි වෙනසක්

    ප‍්‍රභාකරන් රට වැනසුව දරුවන් අමිමලා මැරුව
    ඒකයි අප සතුටු වුනේ ඒ යස්සය මිය ගිය දා

    සසුන රකින්නට කැප වුනු ප‍්‍රාතිමොක්ස සීලය රැකි
    සෝභිත හිමි නැති වුනු දා තුටු වන්නේ ඇයිද ම සිත

    විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි
    2015 ඉල් මස 8 වැනි දා

    යුතුකම සංවාද කවය
    www.yuthukama.com

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇනෝ මිත්‍රයා...

      ඕ ෂිට් කියා සිතෙන්නෙ මෙවිටය.. විශ්වවිද්‍යාලයක සිටින හරිම තැන්පත් ගුණගරුක විනීත වෛද්‍ය විශේෂඥයකුගේ නිරුවත...

      Delete
    2. දේශපාලන වෛරි ප්‍රකාශයක් කියවා ප්‍රකාශකයා ගේ රැකියාව සහ උපාධිය ගැන හොයන්නේ ඇයි?

      Delete
    3. හුතුකම ගොංවාද වකය

      අපි බලා ඉන්නවා මරා වලකජ්ජ ගහපු දාට ගෝල්ෆේස් එකේ කිරිබත් උයලා රටටම බෙදන්න.

      Delete
    4. මහින්ද මහත්තයා මැරුණු වෙලාවේි කිරිබත් කන්න බලාගෙන ඉන්නවා නම් අපෙත් ‍මේ යුතුකම පැරඩි සයිට් එකේ සම්පත් දායකයනුත් අතර කිසිම වෙනසක් නෑ - අපි ඒ විදිහට නෙවේ ක්‍රියා කරන්න ඕන

      අනිත් දේ යුතුකම සංවාද කවයේ නිර්මාතෘ ගෙවිඳු කුමාරතුංග මහතා ජාතිකවාදියෙක් බවට පත්වන්නේ 1980 දශකයේ මාදුළුවාවේ සෝභිත හිමි දැක්වූ සටන්කාමිත්වය නිසා - ගෙවිඳු කුමාරතුංග මහතා ඒ දවස්වල තමන්ගේ පියාත් එක්ක සෝභිත හිමි බැහැදැක ජාතිකවාදී ව්‍යාපාරයට එක්වෙන්න අවසර ඉල්ලු බවත් ඒ මහතාම වරක් පැවසුවා - ඉතින් අද ඒ මහතා සංස්කරණය කරන සංවාද කවයක මේ ව‍ගේ ලිපි පලවන එක පුදුම සහගතයි

      Delete
  9. මම යසනාත් ධම්මික බණ්ඩාරගේ ලිපි කියවලා තිබෙනවා.ඒ ලිපි බ්ලොග් අවකාශයට ලොකු වටිනාකමක් එකතු කරලා තිබෙනවා.ඔහු පමනක් නොවෙයි දේශපාලන මතවාද කරපින්නාගන්න ඕනම කෙනෙක් ඒ මතවාද වලටම ලඝු වෙලා අදහස් ප්‍රකාශ කරනවා.ඒක යසනාත් විතරක් කරන දෙයක් නෙවෙයි.සෝභිත හාමුදුරුවෝ දේශපාලන භූමිකාවට අවතීර්ණ වුනාට පස්සේ උන්වහන්සේට තිබුන ගරුත්වය නැති කරගත්තා.රටට ලොකු ශාසනික සේවයක් කරන්න තිබුන කාලය ක්‍රියාකාරි දේශපාලනයට වෙන්වුනා.උන්වහන්සේ නරකමක් නෑ.හොදමත් නෑ..

    ....//සෝභිත හිමි මිය ගියේ සත්‍යාවබෝධය ලැබීමෙන් පසුව වීම වැදගත් කරුණකි//....

    රසික සත්‍යාවබෝධය කියන කොට මාර්ගඵල ලැබුවා වගේ අදහසකුත් ඒනවා.පවතින දේශපාලන ප්‍රවාහය පිළිබද සත්‍යාවබෝධය කියලා මේක වෙනස් කලොත් මොකද?...

    නා හිමියනි ඔබ වහන්සේට නිවන්සුව....!!!

    ReplyDelete
    Replies
    1. සොභිත හාමුදුරුව එදා ඉඳන්ම කලේ දේශපාලනය තමයි..

      හැබයි ඒක ජනතාවාදි දේශපාලනයක් මිස. පක්ෂයකට කඩේ යාමක් නොවෙයි.. මහින්දගෙ කාළේ අපවත් උනා නම් අලි පාටියේ ගොන් ටොයියෝ ආතල් එකක් ගනියි..

      Delete
    2. මාතේ
      මම අන්න ඒ නිසා තමයි කුරුටුගේ මේ ගැන පලවෙලා තිබුන පෝස්ට් එකේ දැම්මේ අපි වෙනුවෙන් කටයුතු කරලා අපෙන්ම බැනුම් අහපු හිමිනමක් කියලා.අන්තිම කාලේ ලොකු කලකිරීමකින් හිටියේ.බොරු සිල් පෙන්වලා මිනිස්සු රවට්ටන්නේ නැතිව විවෘතව කතා කලා.කොටින්ම දෙන දේ කාලා වෙන දේ බලාගෙන හිටියේ නෑ.පසුගිය ජනාධිපතිවරණයේදි උන්වහන්සේගේ ක්‍රියාකාරිත්වය අත්‍යාවශ්‍යම සාධකයක් වුනා.උන්වහන්සේ තව වැඩ හිටියනම් ඉදිරියේදි මේ ආණ්ඩුවටත් අභියෝගයක් වෙනවා.උන්වහන්සේ නරකමක් නෑ කියන එකේ මම අදහස් කලේ මේ දේවල්.භික්ෂුවක් දේශපාලනයට අවතීර්ණ වුනාට පස්සේ ජනතාව වෙනුවෙන් මොනතරම් දේවලා කලත් ඉන් පස්සේ උන්වහන්සේට වෙනදා තිබුන ගෞරවය නැති වෙනවා.හේතුව අපි උන් එදා වගේම අදත් හණමිටි අදහස් දරන පක්ෂ පාට බදාගෙන තමන්ගේ දේශපාලන මතයෙන් තමයි ඉන් පසසේ භික්ෂුව දිහා බලන්නේ.තමන්ගේ පක්ෂෙ නමි වදිනවා.නැත්නම් හෙන ගහපිය කියනවා.

      හොදමත් නැ කිව්වේ වෙනත් කරුනු කිහිපයක් මුල් කරගෙන.ඒක උන්වහන්සේගේ පෞද්ගලික ජීවිතයනේ.

      Delete
    3. සෝභිත හිමි මිය ගියේ සත්‍යාවබෝධය ලැබීමෙන් පසුව වීම වැදගත් කරුණකි. ඔහු ගේ මරණය ජනවාරියේ දී සිදු වූවා නම් ඔහු මිය යන්නට ඉඩ තිබුණේ ඒ සත්‍යාවබෝධය නො මැතිවයි.

      Delete
  10. මා මේ කාරණාවෙදි රසික සමඟ එකඟයි. යසනාත් ධම්මික බණ්ඩාර කියන්නෙ අපට ඉන්න විශිෂ්ඨතම ගීත රචකයෙක් වගේම සංවේදී මනුස්සයෙක්. ඒ වගේ උගත් බුද්ධිමත් මහත්මයෙක් ඔහේ ආවා ගියාට කතා කියන්නේ නැහැ. අනෙක් අතට වැරදිලාවත් සෝභිත හාමුදුරුවෝ අපවත් නොවී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අභාවප්‍රාප්ත වුණා නම් හේම (එතුමාට එවන් විපතක් ජාති ජාතිත් නොවේවායි ප්‍රාර්ථනා කරමි. එතුමා වගේ යුග පුරුෂයෙක් අපේ ආයුෂත් අරගෙන ජීවත් විය යුතුයි.) සෝභිත හාමුදුරුවන් වුණත් ඔය වගේ කට කැඩිච්චි කතාවත් තමන්ගේ විරුද්ධවාදියාට කියන්න තිබුණා නේද? මට තියෙන එකම ගැටළුව තමයි යසනාත් ධම්මික බණ්ඩාර මහතා වගේ ගීත රචකයෙක් මේ දේ රසවත් ගීතයකින් කියන්නේ නැතිව ඇයි මෙහෙම පොල්ලෙන් ගහනවා වගේ කියල දැම්මෙ කියලා. රසික හිතන්නෙ මොකද්ද ඒ ගැන?

    ReplyDelete
    Replies
    1. මා හිතන්නේ යසනාත් කරන දේ "චක්කංව වහතෝ පදං" වෙයි කියාය!

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. මූතූර් පැත්තට මාරුවක් වගේ යහපාලන ප්‍රතික්‍රියාවක් වෙන්න ඉඩ තියෙනවා.

      Delete
    4. ඒ කියන්නෙ වෛද්‍යවරුන්ගෙ පැත්තෙන් බලනකොට ලංකාවෙ දුෂ්කරම රෝහල් තියෙන්නෙ මුතූර් වලද?

      Delete
    5. මූතූර් වල අවුල රෝහල් දුෂ්කරවීම ම නෙවෙයි, සිංහල දොස්තර කෙනෙකුට පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදීමට නොහැකිවීමයි.

      Delete
  11. /නැවත මේ ලෝකයේ නො ඉපදී වහාම නිවන් සැප ලැබේවා යි පතමි!/
    වැඩක් නෑ කියල...

    මට මතක හැටියට, සෝභිත හාමුදුරුවන් ලංකා ඉතිහා‍සයෙ දේශපාලනික උණුසුම් අවස්ථාවන් බොහොමයක් නියෝජනය කළා. ඉන්දු ලංකා ගිවිසුම වෙලාවෙදිත් එතුමා පාරට බැස්සා.

    තමන් නියෝජනය කරන මතවාදයට විරුද්ධ කෙනෙක් උනාවෙ, තමන්ගෙ හතුරෙකු උනාවෙ, කෙනෙක් මිය පරලොව ගිය එක ගැන අර වගේ කතාවක් කියන්න පුළුවන් අම්මප... පට්ට අනාදියෙකුට විතරයි. මෙයා ගේය පද රචකයෙක් වීම ගැන මට ඇත්තතටම පුදුමයි.

    ReplyDelete
    Replies
    1. යම් ප්‍රකාශයක් කරන අය ගේ විනෝදාංශයක් හෝ කවිකම හෝ මත ඒ ප්‍රකාශයේ බලපෑම අඩුවැඩි වෙනවාද?

      Delete
    2. නෑ, මේ අපි වගේ කවිකම පිහිටල නැති උදවියට කියනවනෙ, කවියෙක් කියන්නෙ මාාර සංවේදී, මානව හිතවාදී පොරවල් ය කියලා. මං කිව්වෙ ඒ ගැන.

      Delete
  12. බෝවත්තේ ඉන්දරතන නම් භික්ෂුවක් ගිනිතියාගත්ත මොහොතේ මේ කියන සුධීමතුන් ලියාපුවාගේ හැටියට යසනාත් මොකුත් ලියලා නැති බවත් කිව යුතුය

    සුජීව කොකාවල

    ReplyDelete
    Replies
    1. කෙනෙක් සියදිවි නසාගත්තම ඒකට හේතුව ගැන විවිධ අදහස් පලවීම ස්වභාවිකයි.. බොහෝවිට ඒක මෝඩ වැඩක් ලෙස හුවාදැක්වෙන එක එච්චර අරුමයක් නොවෙයි..බෝවත්තේ ඉන්දරතන ගිනිතියාගත්ත වෙලාවේ යසනාත්ගේ වගේ කැලිබර් එකක කෙනෙක් ඒ මරනය ගැන, ඉන්දරතන ගැන අපහාස අවලාද නැගුවද? මිනිසුන් අමු අමුවේ ඝාතනය වෙන සමජයක ගව ඝාතනයට විරුද්ධව ගිනිතියාගැනීම විවේචනය කිරීම තමයි බොහෝ දෙනෙක් එවෙලේ කලේ.

      මෙතන එහෙම එකක් තියෙනවද?

      රසික කියනව වගේ නානසාර වගේ කෙනෙක්ගේ අවමගුලකදි ටොයියන්ගේ හැසිරීමක්, මේ එක්ක සංසංදනය කරන්න පුලුවන් වෙයි.

      සෝභිත තෙර ගැන, ඔහු සාදු කෙනෙක් කියල විශේශයක් ඕනෙනැහැ තමයි. යසනාත්ගේ කතාව පිලිකුල් සහගත වෙන්නෙ සෝභිත සාදුකෙනෙක් නිසා නෙමෙයි නේද?

      නීලා මරල හරි ගන්න කියපු එකේ 2 වන කොටස කියලයි මේක ගැන මට නම් හිතෙන්නේ. බයි(කලාකාර)යො වැටිල තියෙන නරුම තැන!

      - Dimithri

      Delete
    2. හරකුන් වෙනුවෙන් තම දිවි නසා ගන්නට අයෙකු තැත් කළ වෙලේ කළ විහිලුවලට මා ද සම්මාදම් වුනා, නමුත් ඔහු මිය ගිය බව ආරංචි වුණු පසු මා එය නැවතුවා.

      ක්‍රියාව මිස සමාජ තත්වය හෝ උපාධිය වැදගත් වෙන්නේ නෑ. වැඩක් වැරදි නම් කවියෙකු කළත්, දොස්තරෙකු කළත්, රජෙකු කළත් වරද වරදමයි!

      Delete
    3. යසනාත් කියන දේ කෙලින් කිව්වා. මිනිහට බනින උනුත් කියන දේ කියල දැම්ම. රසික එයාගේ මතය කිව්වා. අපි ෆේස්බුක් එකේ ලියපුවට කොමෙන්ට් එකක් දාන්න කොන්ද පණනැති එවුන්, ඒවා හොරෙන් හොරෙන් කියවලා බ්ලොග් අස්සේ ඇනෝ ලෙස ලියමින් ගන්න ගොන් ආතල් එක මීට වඩා තට්ටු ගානක් පහත් එකක්.

      අපි ලියපු තැනක ලියන්න බැහැ මොකද කුඩු කරගන්න බැරි වීදුරු මන්දිර හදාගෙන ඉන්නවා. අඩුම ගානේ ඇනෝ හැටියටවත් කොන්ද කෙලින් කොමෙන්ට් එකක් දාන්නේ නැහැ, ඒ වෙනුවට අනුන්ට කියලා බන්නවා ගන්න හිතාන අපේ කතාවල් විතරක් දානවා. කියවන මනුස්සයෙක් මොකුත් ලියන්නෙත් නැහැ. සමහර විට එයාටම ඇනෝ ඇවිත් ඒකත් කරන්න වෙයි.

      මේ කියන කෙනා අදාළ සිද්ධිය ගැන මා ලියු දිග පෝස්ටුව හිතාමතා මිස් කරනවා. මොකද ඒක අවාසියි. මේක නම් නොම්මර එකේ කාලකන්ණි කමක්. කනගාටුයි ලැජ්ජයි මේ වගේ ජීවිත ගැන.

      පහත දැක්වෙන්නේ මම සෝබිත හිමියන්ගේ අභාවය ගැන ලියු දිග සටහන. වෙන කොමෙන්ට් වල අස්සේ තියෙන එව්වා කොන්ටෙක්ස්ට් එකෙන් එලියට අරගෙන ගෙනයන මඩ ප්‍රහාරය නිසා මේක මෙතැන දානවා.

      ------------------

      සෝබිත හිමියන් අපවත්වීම ගැන මම මෙන්න මේ නිරීක්ෂණ දකිනවා.

      1. සෝබිත හිමියන් මීට දෙවසරකට පෙර අපවත් වුණානම් අද ඒ ගැන සොවින් තැවෙන එතුමන් ජාතියේ මැන්ඩෙලා කරගන්න හදන එකෙක්වත් ඔහොම හඬා වැටෙන්නේ නැහැ. බොහෝ විට සෝබිත හිමියන්ට ඒ අය දෙන්නේ සෝම හිමියන්ට දුන්නු තැන. වර්ගවාදියෙක්, අන්තවාදියෙක්, මහණකමේ ඉඳගෙන දේශපාලනේ කරාපු වරදිකාරයෙක්. එනයින් මුන් වර්ණනා කරන්නේ සොබිත හිමියන් හෝ උන් වහන්සේගේ දීර්ඝ කාලින මැදිහත්වීම නොවේ, උන් වහන්සේගේ නම පාවිච්චි කරගෙන අල්ලගත්ත දේශපාලන බලය.

      2. මේ වෙලාවේ සෝබිත හිමියන්ට අනේකවාරයක් දෙස් දෙවොල් තබන, අසූ හාරදාහට බැනලා, කමක් නැහැ ඔන්නොහෙ නිවන් සුව ලැබේව කියන මිනිස්සු නෝටිස් කලාද ඒ හිමියන් තමන්ට වුනු වැරදීම පලමුවෙන්ම ඇක්නොලේජ් කල කීපදෙනා අතර උන්නු බව. කොටින්ම ගහක් ගලක් වගේ උන්නු ඒ හිමියන්ගේ අභාවයට හේතුව පවා මේ සාධාරන සමාජයක් කියලා අටවා ගත්ත අසාධාරන විකට පාලනය ගැන වූ කලකිරීමක් වෙන්න ඉඩ තියෙනවා. යම්හෙයකින් ඒ හිමියන් තව දෙවසරක් ජීවත්ව උන්නානම් අද ඔය දෙස් දෙවොල් තබන අයත් එක්ක එකතු වී වර්තමාන විකට පාලනය එලවන්න කටයුතු කරන්න ලොකු ඉඩක් තිබ්බා. එහෙනම් උන් වහන්සේ අද ඔවුන්ගේ ජාතික වීරයෙක්.

      3. සෝබිත හිමියන්ගේ සිල්වත් කම ගැන අද ප්‍රශංසා කරන සමහරු මීට වසර කීපෙකට පෙර උන් වහන්සේ දුශ්ශීල මහණෙක් ලෙස කතාකල අවස්ථා මා දැක තිබ්බා. ඔය සිල්වත් කම ගැන ගාන බටර් තමන්ගේ කඳවුරට ආපු නිසා කියන එව්වා. කොටින්ම හාමුදුරුවරු දේශපාලනය කරන්න එපා කියන මිනිස්සු සෝබිත හිමි දේශපාලනය කිරීම ජාතික වීරකමක් සේ දකිනවා.

      ඔන්න සෝබිත හාමුදුරුවන් කාලෙන් කාලෙට රට රකින්න සාධාරණ සමාජයක් හදන්න ගිය කාගේ කාගේත් බුද්ධි මට්ටම. හාට් ඇටැක් හැදෙනවා තමයි මෙහෙම මිනිස්සු එක්ක දේශපාලනේ කරන්න ආවාම.

      Delete
    4. දිමිත්‍රි නම් මිතුරාට කියන්න තියෙන්නේ යසනාත් කිව්වට වැඩ අ දාහක් දේවල් ඉන්දරතන හිමිට කියවුනා. "හරකුන් වෙනුවෙන් හරකෙක් මියයයි" වගේ එව්වා. තව කහ කොඩියෙන් පෑන්ටියක් හදලා ප්‍රොෆයිල් දාපු එවුනුත් හිටියා. එව්වා පට්ට ලිබරල් අදහස් ප්‍රකාශන ලෙස තමා කතාවට ගැනුනේ.

      Delete
    5. ෆේස්බුක් මීම්ස් සහ මේ කතාව සංසන්දනය කරන්න බැහැ. මම අහන්නේ මොන පුද්ගලයද (යසනාත් වගේ ) ඉන්ද්‍රරතන හිමි මැරුනම අවඥා සහගත කතාවක් ප්‍රසිද්ධියේ කලේ? එහෙම නමක් කියන්න පුලුවන්ද? පුරවැසි බලය? අලුත් පරපුර? මම හිතන්නේ වගකිවයුතු කිසිම කෙනෙක් එහෙම කිව්වේ නැහැ කියලයි. මීම්ස් අමතක කරන්න.

      //හාට් ඇටැක් හැදෙනවා තමයි මෙහෙම මිනිස්සු එක්ක දේශපාලනේ කරන්න ආවාම.// ගම්මන්පිලත් මේ වගේ කතාවක් කියලා තිබුනා.

      හාට් ඇටෑක් හැදෙනවානම් හැදෙන්න තිබුනේ, කුනුහරුපෙන් බැන තර්ජනය කරන කාලේ, රෝහලේ නිවාස අඩස්සියේ තියාගන්න කාලේ, පන්සලට ඇවිල්ලා / ලඟට ගෙන්නලා කනට ගහන කොට මිස, ඔබ ඔය කියන 'අසාධාරන විකට පාලනය ගැන වූ කලකිරීමක්' නිසයි කියලා නම් හිතන්න අමාරුයි. කලකිරීමෙන් ඉන්න ඇති.. ඒක බලාපොරොත්තු නොවුනම තත්වයක් නෙමෙයි. විශේශයෙන් සෝබිත හිමි වගේ දේශපාලයේ හසල අත්දැකීම් ඇති කෙනෙකුට.

      මම නම් හිතන්නේ තිබුනු දූශිත පාලනය පෙරලා දැමීමම, තමා උරදුන් නව පාලනය ස්වාධීන කොමිශන් - ව්‍යවස්ථා වෙනසක් සඳහා මුල පිරීමම, බලාපොරොත්තු සහගත - සවිඥානික පුරවැසියෙක්-ලාංකිකයෙක් සෑදීමේ මුල් පියවරකට දායකත්වය සහ නායකත්වය දීමට හැකිවීමම එහිමියන්ගේ මරන මංචකයේ දී පහන් සංවේගයට ප්‍රමානවත් වෙන්න ඇති කියලයි.

      - Dimithri

      Delete
    6. දිමිත්‍රි, යසනාත් දැම්මෙත් ෆේස්බුක් එකේ තමා. පෙර අවස්ථාවේ කල අයගේ නම් ලිස්ට් එකක් මා ළඟ නැහැ. ඔබ එය දැක්කේ නැති එකට මට කරන්න දෙයක් නැහැ. හැබැයි එය එසේ වුනා. වූ බව බොහෝ දෙනා ෆේස්බුක් සංවාද වල කතාවෙනවා. මම දැකපු නිරීක්ෂණ කිව්වේ. යසනාත් තමන්ගේ වෝල් එකේ දැම්ම ආකාරයටම තමයි ඒ අයත් දැම්මේ. මොකද්ද "වගකිවයුතු කිසිම කෙනෙක්" කියන එකේ තේරුම ?

      [[මම හිතන්නේ වගකිවයුතු කිසිම කෙනෙක් එහෙම කිව්වේ නැහැ කියලයි.]]

      ඔබට කැමති දෙයක් හිතාගන්න.

      Delete
    7. මගේ සීමාසහිත වොකැබියුලරි එක ගැන සමාවන්න. "වගකිවයුත්තෙක්" කියල අදහස් කලේ "යසනාත් වගේ පොරක්" කියන එක කියන්න. කොටින්ම "යසනාත් සමග සංසංදනය කල හැකි" කියන එක. සමාජයේ මතයක් හදන්න පුලුවන් බලපෑමක් කරන්න පුලුවන් සිවිල් චරිතයක්.

      අනික් අතට එහෙම කෙනෙක් ඔබ කියන විදියේ කතාවක් කිව්වා නම්, නම අමතක වෙන්න විදියක් නැහැ නේද?! සුනිල් පෙරේරා? සන්නස්ගල?................ ?

      ඔබ උපුටා දක්වන කතා හැම කොල්ලයි බල්ලයි ම ලියන ඒවා නේ. අතුල සමිතා ඉඳන් රනිල් මෛත්‍රි දක්වා.. කව්ද ඒවා සීරියස් ගන්නේ?

      - Dimithri

      Delete
    8. පව්. තමන් උදේ ලියපු දෙයක් වෙනුවෙන් හවස පෙනී ඉන්න තරම් වත් කොන්දක් නැති එවුන් ටිකක් තමයි අද මහින්ද වෙනුවෙන් කඩේ යන්නෙ.

      Delete
  13. මට හිතෙන්නේ සොභිත හාමුදුරුවෝ හැමදාම සටනේ හිටියා.දැන් දේශපාලන නායකයෝ කරන්න ඕනේ හාමුදුරුවන්ගේ ගුණ ගයනා කිරීම නොවේ හාමුදුරුවෝ කියපු අපි හැමොගෙම බලපොරොත්තුවක් වෙච්චි ඒ "සාදාරණ සමාජය"හීනයක් නොව යථාර්තයක් බවට පත් කරන්න කටයුතු කරන එකයි.

    ReplyDelete
    Replies
    1. පොදු අපේක්‍ෂකයා ලෙසින් ඉදිරිපත් වෙන්නට කැමැත්ත පළ කළ නිසා, මාදුළුවාවේ සෝභිත යනු දේශපාලන ක්‍රියාකාරිකයෙකුට වඩා ඔබ්බට ගිය කෙළින්ම දේශපාලකයෙකු ලෙස ද හැඳින්වීම වරදක් නොවේ.

      සිහින සැමදා සිහිනමයි.

      Delete
  14. ඉන්න නරක උන් එලවීමේ අභිලාෂයෙන් පමණක් වැඩකිරීම ලංකා දේශපාලනයේ බලාපොරොත්තු කඩ නොවී සිටීමේ මාර්ගයයි. ඉන් පසු එන එවුන් ගැන බලාපොරොත්තු තබාගෙන සිටීම හාට් ඇටෑක් සෑදීමට තුඩු දිය හැක.

    2010-2014දක්වා තිබූ රජ පාලනය වෙනස් කිරීමේ සතුට පමණක්වත් උන්වහන්සෙට ඉතුරුවෙන්න ඇති යයි හිතනවා.

    ලංකාවේ කොයිතරම් දැඟලුවත් ලොකු හොඳක් කරන්න බෑ. පොඩි ප්‍රමාණාත්මක හොඳක්
    ( ඇත්තෙන්ම අඩු නරකක් ) තමයි ලැබෙන්නේ. ඒත් ඒ පොඩි දේ ලබාගන්න ඉහල ඉලක්කයකින් සටන් කරන්න ඕනෑ. ඉහල ඉලක්කය නොලැබුනා කියලා අර සටන් කිරීම සම්පූර්ණයෙන් නිශ්ඵල වෙන්නේ නෑ.

    මේක සිරි ලන්කාව මේකෙ මිනිස්සුන්ට ගැලපෙන ගානකට තමයි හොඳ ලැබෙන්නේ. ඇත්ත යහපාලනයක් මේ රටේ බහුතරයකට ඕනෙත් නෑ, උන් ඒකට සුදුසුත් නෑ, ලැබෙන්නෙත් නෑ .
    ඒත් යහපාලනය යහපාලනය මතුරමින් සටන් කිරීමෙන් රජ පාලනයක් වෙනස් වුනා.

    චන්දෙන් පත්වුන ජනාදිපතියෙක් රජෙක් කියලා මාකට් කරල ජනතාව අන්දවන රිලා සෙට් එකක් නැතුව දැන් සරල බව මාකට් කරල ජනතාව අන්දවන එකත් ප්‍රමාණාත්මකව අඩු නරකක්.

    (වෙලාව නැති නිසා වෙන පෝස්ට් එකකට මං දාපු කමෙන්ට් එකක් මෙතන පේස්ට්කලා. පොඩ්ඩක් අදාලත්වය අඩු ඇති. සමාවෙන්න ඒකට, ටිකක් අදාල නිසා දැම්මා )

    ReplyDelete
    Replies
    1. ප්‍රා උඹට දිග කමෙන්ට් වලිදි ටෙම්ල්ටේ ටිකක් හදාගත්ත නං නරකද?? හැක්

      Delete
    2. මෝල්ටඩ් එකක්?
      සිංගල්ද?

      Delete
    3. සෝභිත හිමි මිය ගියේ සත්‍යාවබෝධය ලැබීමෙන් පසුව වීම වැදගත් කරුණකි. ඔහු ගේ මරණය ජනවාරියේ දී සිදු වූවා නම් ඔහු මිය යන්නට ඉඩ තිබුණේ ඒ සත්‍යාවබෝධය නො මැතිවයි.

      Delete
  15. මරා හොරා ගෙදර ගියා
    මාර හොරත් ගෙදර ගියා
    යළි නො එන්න ගෙදර ගියා
    පීචංවී ගෙදර ගියා

    මරා හොරයි මාර හොරයි
    අයියයි මල්ලියි වාගෙයි
    මුන්ගෙ පුකට පයින් ගසා
    එලෙව්වෙ අපි අපිම තමයි

    අපෙ සෝභිත හිමියන්ගේ
    උවමනාව මේක නේද?
    මල් කඩමූ රැල් ගොතමූ
    තඩි හොරුන්ව පහ කරමු

    විජේ හොරයි වජිර හොරයි
    ගෙදර යවන මං හදමූ
    අපෙ සෝභිත හිමියන්ගේ
    අරමුණ අපි ඉටුකරමු

    උන්නාන්සෙ ඉහළ ඉඳන්
    අපි කරනා දේ බල බල
    මං නැතිවට මුන් ඉන්නේ
    කියල සතුටු වේවි නේද?

    ReplyDelete
    Replies
    1. එතකොට ඉතුරු හොරු තිස් ගාන?

      Delete
  16. මාදුළුවාවේ සෝභිත හිමි කියන්නේ පළමුකොටම ජාතිකවාදී භික්ෂුවක් - 1987 ඉන්දියානු මැදිහත්වීමත් සමඟ මව්බිම සුරැකීමේ පෙරමුන හදල සිරිමාවෝ විපක්ෂයේ පොදු අපේක්ෂකය කරන ව්‍යාපායට මූලිකත්වය දුන්නේ එතුමා. පසුකාලීනව ඒ ජාතිකවාදී දේශපාලනයෙන් ඉවත්වෙලා රටේ සියලුම ජනකොටස්වල අයිතිවාසිකම් වෙනුවෙන් සාධනීය මැදිහත් වීමක් කරපු එක ප්‍රශංසනීයයි. ඇත්තෙන්ම මේ නිසාම එවකට ලංකා සී නිවුස් වගේ උග්‍ර ජාතිකවාදී වෙබ් අඩවි සෝභිත හිමියන්ට අපහාස කළා -
    අර සමහර පුද්ගලයන් කියන්නාක් මෙන් සෝභිත හිමියන් පක්ෂ දේශපාලනයක් කරපු අයෙක් නෙවේ

    ReplyDelete
    Replies
    1. පක්‍ෂ දේශපාලනය නොකළත් - පොදු අපේක්‍ෂකයා ලෙසින් ඉදිරිපත් වෙන්නට කැමැත්ත පළ කළ නිසා, මාදුළුවාවේ සෝභිත යනු දේශපාලන ක්‍රියාකාරිකයෙකුට වඩා ඔබ්බට ගිය කෙළින්ම දේශපාලකයෙකු ලෙස ද හැඳින්වීම වරදක් නොවේ.

      Delete
  17. සෝභිත හාමුදුරුවන්ගේ මෘත දේහය මතින් ආතල් ගන්නා නපුංසකයන්ගේ දැනගැනීම පිණිස මෙසේ ලියාතබන වග නම්,
    මහින්ද අප්පුච්චා තොලොන්චි වීම කරණකොට පශ්චාත් භාගයේ ඇතිවූ වේදනාව මෘතදේහක් මතින් පාකොට යැවීමට තැත් කිරීම මගින් සිදුවන්නේ ස්වකීය පශ්චාත් භාගය ප්‍රසිද්ධියේ මහජන ප්‍රදර්ශනයට ලක්වීම විනා අන් කිසිවක් නොවේ...

    ReplyDelete
  18. සෝභිත හිමියන් හැමදාම නියෝජනය කලේ බලය නැති වුන්ගේ පැත්ත. බලය ඇති වුන්ගේ පැත්ත ගත්තනම් මොන සැපද. කාර් පර්මිට්ම කීයක්ද? මිනිස්සුත් හරි වැරදි කියල පැති ගන්නවා. උදාහරණයකට යුධ ජයග්‍රහනය හොඳයි, රටේ බෙල්ල හිරකර හොරකම නරකයි. හොඳ නරක පැති ගත්ත අය විරුද්ධ පාක්ශිකයෙකුගේ කරදරේකදී සතුටු වෙන්නේ නැහැ, සමහර විට දුක් වන එකකුත් නැහැ.

    හරි වැරදි පැති දෙකට අමතර අළුත් පැත්තක් පසුගිය කාලයේදී නිර්මාණය වුනා. ඒ තමයි මහජන මුදල් වලින් යැපෙන පැත්ත. අසීමිත මුදල් ප්‍රමාණයක් තෝරාගත් පිරිසක් අතර බෙදා හැරීම. තමන්ගේ මුදල් ගසා කෑම් මධ්‍යයයේ තමන්ට ආවඩන පිරිස් හැර යාම වැලක් වීමට උපයෝගී කරගත් ක්‍රමයක්. කිසිම පාලනයකට යටත් නොවන සේ මහජන මුදල් බෙදා දීම සහ ගසා කෑම රටට අළුත්ම දෙයක් වුනා. මෙවන් ක්‍රමයක් වෙනස් කිරීමට යමෙක් දායක වුනානම් එසේ මුදල් හෝ වාසි වලට පුරුදු පුද්ගලයන් එසේ තම අදායම් මාර්ග නැතුවුන වෙනසට දායක වූවන් පෞද්ගලික හතුරන් ලෙස සැලකීම බලාපොරොත්තුවිය යුතුයි.

    තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනය නිසා පැත්තක් ගන්නා බව කිසිදිනෙක මොවුන් පිලිගන්නේ නැහැ. දේශප්‍රේමය, රට දෙකඩ වීම ආදී විවිධ සළු පොරවගෙන ඉන්නා ඔවුන්ට තම ගෝස්තරය සපයන්නා අයින් කිරීමට හේතුවන හෝ හේතුවූ ඕනෑම අයකු පෞද්ගලික හතුරෙක්. හොඳම උදාහරණය යුධ හමුදාපති ලෙස සිටි ෆොන්සේකා මහින්දට විරුද්ධ වූ පසු ඔහු පෞද්ගලික හතුරකු ලෙස සැලකීම සහ ඔහු රටේ සතුරෙක් ලෙස තර්ක කිරීම.

    ReplyDelete
    Replies
    1. දැන් මේ දේවල් ලාංකික සංස්කෘතියේ කොටසක් බවට පත් වෙලා, දුකයි ඒත් ඇත්තයි.

      Delete
  19. මගේ නම් අදහස දේශපාලන අදහස මොකක් උනත්, හතුරෙක් උනත්, මැරිච්ච මනුස්සයෙක්ට අගෞරව කරන එක හරි නෑ කියන එකයි.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු මරලා සතුටු වීම පටන් ගත්තේ ජාතිවාදී කෝලාහල සමගයි. ඒවා 1915 සිට එන අපේ සංස්කෘතියේ කොටස්. දැන් ජාතියේ හද ගැස්ම යනු හතුරෙකු මැරුණු විට කිරිබත් කෑමයි.

      Delete
  20. යසනාත් කියන දේ කෙලින් කිව්වා. මිනිහට බනින උනුත් කියන දේ කියල දැම්ම. රසික එයාගේ මතය කිව්වා. අපි ෆේස්බුක් එකේ ලියපුවට කොමෙන්ට් එකක් දාන්න කොන්ද පණනැති එවුන්, ඒවා හොරෙන් හොරෙන් කියවලා බ්ලොග් අස්සේ ඇනෝ ලෙස ලියමින් ගන්න ගොන් ආතල් එක මීට වඩා තට්ටු ගානක් පහත් එකක්.

    අපි ලියපු තැනක ලියන්න බැහැ මොකද කුඩු කරගන්න බැරි වීදුරු මන්දිර හදාගෙන ඉන්නවා. අඩුම ගානේ ඇනෝ හැටියටවත් කොන්ද කෙලින් කොමෙන්ට් එකක් දාන්නේ නැහැ, ඒ වෙනුවට අනුන්ට කියලා බන්නවා ගන්න හිතාන අපේ කතාවල් විතරක් දානවා. කියවන මනුස්සයෙක් මොකුත් ලියන්නෙත් නැහැ. සමහර විට එයාටම ඇනෝ ඇවිත් ඒකත් කරන්න වෙයි.

    මේ කියන කෙනා අදාළ සිද්ධිය ගැන මා ලියු දිග පෝස්ටුව හිතාමතා මිස් කරනවා. මොකද ඒක අවාසියි. මේක නම් නොම්මර එකේ කාලකන්ණි කමක්. කනගාටුයි ලැජ්ජයි මේ වගේ ජීවිත ගැන.

    පහත දැක්වෙන්නේ මම සෝබිත හිමියන්ගේ අභාවය ගැන ලියු දිග සටහන. වෙන කොමෙන්ට් වල අස්සේ තියෙන එව්වා කොන්ටෙක්ස්ට් එකෙන් එලියට අරගෙන ගෙනයන මඩ ප්‍රහාරය නිසා මේක මෙතැන දානවා.

    ------------------

    සෝබිත හිමියන් අපවත්වීම ගැන මම මෙන්න මේ නිරීක්ෂණ දකිනවා.

    1. සෝබිත හිමියන් මීට දෙවසරකට පෙර අපවත් වුණානම් අද ඒ ගැන සොවින් තැවෙන එතුමන් ජාතියේ මැන්ඩෙලා කරගන්න හදන එකෙක්වත් ඔහොම හඬා වැටෙන්නේ නැහැ. බොහෝ විට සෝබිත හිමියන්ට ඒ අය දෙන්නේ සෝම හිමියන්ට දුන්නු තැන. වර්ගවාදියෙක්, අන්තවාදියෙක්, මහණකමේ ඉඳගෙන දේශපාලනේ කරාපු වරදිකාරයෙක්. එනයින් මුන් වර්ණනා කරන්නේ සොබිත හිමියන් හෝ උන් වහන්සේගේ දීර්ඝ කාලින මැදිහත්වීම නොවේ, උන් වහන්සේගේ නම පාවිච්චි කරගෙන අල්ලගත්ත දේශපාලන බලය.

    2. මේ වෙලාවේ සෝබිත හිමියන්ට අනේකවාරයක් දෙස් දෙවොල් තබන, අසූ හාරදාහට බැනලා, කමක් නැහැ ඔන්නොහෙ නිවන් සුව ලැබේව කියන මිනිස්සු නෝටිස් කලාද ඒ හිමියන් තමන්ට වුනු වැරදීම පලමුවෙන්ම ඇක්නොලේජ් කල කීපදෙනා අතර උන්නු බව. කොටින්ම ගහක් ගලක් වගේ උන්නු ඒ හිමියන්ගේ අභාවයට හේතුව පවා මේ සාධාරන සමාජයක් කියලා අටවා ගත්ත අසාධාරන විකට පාලනය ගැන වූ කලකිරීමක් වෙන්න ඉඩ තියෙනවා. යම්හෙයකින් ඒ හිමියන් තව දෙවසරක් ජීවත්ව උන්නානම් අද ඔය දෙස් දෙවොල් තබන අයත් එක්ක එකතු වී වර්තමාන විකට පාලනය එලවන්න කටයුතු කරන්න ලොකු ඉඩක් තිබ්බා. එහෙනම් උන් වහන්සේ අද ඔවුන්ගේ ජාතික වීරයෙක්.

    3. සෝබිත හිමියන්ගේ සිල්වත් කම ගැන අද ප්‍රශංසා කරන සමහරු මීට වසර කීපෙකට පෙර උන් වහන්සේ දුශ්ශීල මහණෙක් ලෙස කතාකල අවස්ථා මා දැක තිබ්බා. ඔය සිල්වත් කම ගැන ගාන බටර් තමන්ගේ කඳවුරට ආපු නිසා කියන එව්වා. කොටින්ම හාමුදුරුවරු දේශපාලනය කරන්න එපා කියන මිනිස්සු සෝබිත හිමි දේශපාලනය කිරීම ජාතික වීරකමක් සේ දකිනවා.

    ඔන්න සෝබිත හාමුදුරුවන් කාලෙන් කාලෙට රට රකින්න සාධාරණ සමාජයක් හදන්න ගිය කාගේ කාගේත් බුද්ධි මට්ටම. හාට් ඇටැක් හැදෙනවා තමයි මෙහෙම මිනිස්සු එක්ක දේශපාලනේ කරන්න ආවාම.

    ReplyDelete
    Replies
    1. මොන මගුලක්ද මේ සැරෙන් සැරේ රිපීට් කරන්නෙ?

      Delete
    2. මචං දැන් ඇති නේද ?

      Delete
    3. වරගැම්බා ජලාශයේ වතුර නිසා ද කොහෙද සුජීවගෙයි, මගෙයි අදහස් මේ කේස් එකේ දී සමානයි!

      Delete
    4. ඔය උඩින් තියෙන්නෙ සුජීව ඔය සම්බන්ධයෙන් පළ කරපු එක අදහසක් විතරයි. මං හිතන්නේ රසික එකඟ වෙන්නෙ ඒක ගැන. ඕක නම් ඉතින් ඉර පායනවා මල් පිපෙනවා කුරුල්ලො කෑ ගහනව වගේ කතාවක් නෙ. ඔයිට වඩිය සැර අදහසුත් සුජීව ඔය ගැන ලියල තියෙනව මම නම් දැක්කා. දැන් නම් අර යසනාත් වගේ මකලා ඇති. පව්. තමන් උදේ ලියපු දෙයක් වෙනුවෙන් හවස පෙනී ඉන්න තරම් වත් කොන්දක් නැති එවුන් ටිකක් තමයි අද මහින්ද වෙනුවෙන් කඩේ යන්නෙ.

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
  21. පහුගිය වසර කීපයේ ෆේස්බුක් වලින් වැඩියෙන්ම අදහස් හුවමාරු වූ සිද්ධි අරගෙන බැලුවහම හොඳට පේන දෙයක් තමයි, මිනිස්සු ඉන්නේ දැඩි ලෙස අන්තවාදී වූ කඳවුරු වල බව. මේ හේතුව නිසා බොහෝ දෙනෙක් ප්‍රශ්න නිවැරදි ලෙස තේරුම් ගන්නේ නැති බව තමයි මගේ හැඟීම.

    මට නම් මෙතන පේන ප්‍රශ්නය, පුද්ගලයෙකුගේ මරණයකදී සමාජයක් විසින් පෙන්විය යුතු අවම මට්ටමේ සංයමයවත් දකින්නට නැති වීම. යසනාත් සෝභිත හිමිගේ දේශපාලනය යම් සංයමයක් සහිතව විවේචනය කලා නම් එතන වරදක් නෑ, වරද තමයි සෝභිත හිමිගේ මරණය උපහාසාත්මක ලෙස යොදා ගැනීම. මරණයකදී අඩුම ගාණේ ශෝක වන ඥාතීන්ට, හිත මිත්‍රයන්ට කරන ගෞරවයක් වශයෙන් නිහඬව ඉන්න තරම්වත් සංයමයක් අපිට නැතිවීම තමයි කණගාටුව.

    ReplyDelete
  22. garru sobitha himita niwan suwa labewa viwechakayanta yatharthaya awaboda wewa comments dana ayage athulanthaya bala meya kiyawana aya yathrthaya awaboda kara ganna

    ReplyDelete
  23. දසත පතළ සුවඳැති සොඳ සඳුන් ගස - සිඳිත මඩිත එකලෙස පැතිරෙයි සුවඳ

    ReplyDelete
    Replies
    1. විචාරක දන්න පුක......... උන්නාන්සේ ගැන .....

      Delete
    2. රත් හඳුන් ද, සුදු හඳුන් ද?

      Delete

  24. මැරුණ මිනිසුන්ට අපහාස කරන්නන් වැඩි පුර ඉන්නේ අන්තගාමී කඳවුරු වල තමයි. යමක් මැදහත් ලෙසින් බලන කෙනෙක් නම් ප්‍රභාකරන්ගේ මරණය ගැන වුනත් කිරිබත් කමින් විනෝද වීම අනුමත කරන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. මරණය යන්න අනිත්‍යය මෙනෙහි කරවන නිමිත්තක් විය යුතුයි!

      Delete
  25. සෝභිත හාමුදුරුවො ගැන හාමුදුරු කෙනෙක් විදියට නෙවේ, දේශපාලන ක්‍රියාධරයෙක් විදියට ගෞරවයක් තියනව.
    නමුත් දැන් සිද්ධවෙන දේවල් දිහා බැලුවම එයාගෙ තැටියෙ කට්ටිය පිනුම් ගහ ගහ රොටී හදන බවත් පේනව.

    ReplyDelete
  26. නලින්ද සිල්වා ද මා මෙන්ම සෝභිත හිමිට ඉක්මන් නිවන් සුව පතයි!
    http://www1.kalaya.org/2015/11/blog-post.html

    ReplyDelete
    Replies
    1. උන්නැහැට බය ඇති අවතාරයක් වෙලා පස්සෙන් එයි කියලා.

      Delete
    2. //ඊනියා භීෂණයට හා දූෂණයට // හික් ! :-)

      Delete
    3. රසික
      මට හිතෙන්නෙ සෝභිත හාමුදුරුවො ගැන නලින් කියන කතාවේ යම් ඇත්තක් තියෙනවත් වගේ

      Delete
  27. බ්ලොග් හා මුණු පොත නිසා ඇති වී ඇති ප්‍රජාතන්ත්‍රවාදී නිදහසේ අගය මට වඩාත් වැටහුණේ නුදුරු අතීතයේ සිදුවූ සිදුවීම් දෙක තුනක් නිසාය. චිත්‍රපට නිලියක් සිය යට ඇඳුම උලුප්පන ලෙස ඇඳීම් ගැන සමාව අයදීමත් යසනාත් සෝභිත හිමියන් ගැන ලියූ දෙයින් කැළඹීමට පත් හිතවතුන්ගෙන් සමාව අයදීමත් තිලක් මාරපන ඉල්ලා අස්වීමත් සඳහන් කරනු වටී. ඕනෑම අයෙකුට ඕනෑම දෙයක් ලිවීමට කීමට අවස්තාව දීමෙන් පමණි මේ වටිනා මාධ්‍යයේ වැදගත්කම වඩා ඔප්නැංවෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය ස්වයංව ස්වභාවිකව සිය වැරදි නිවැරදිකරගනී යන්න මම විශ්වාසකරමි.

    ReplyDelete
  28. දයාල් කියන එකට මමත් එකඟයි. අර බස්සි කිව්වා වගේ (මුණු පොතේ) යසනාත් ගේ පවුල ළමයි ඇදගෙන විවේචනය නොකර එයා කියපු දෙයට සාධාරණ විවේචනයක් කලා නම් ඉවරයි. සෝභිත හාමුදුරුවෝ දේශපාලන වශයෙන් පැත්තක් ගත් නිසා විවේචන එනවා. එයට සුදුසු ප්‍රති විවේචනයක් කලහම ඉවරයි. මේ සංවාදය නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. අදහස් වලට මිස පුද්ගලයාට පහර නොදීම ...

      Delete
    2. මාත් එහෙම කරනවා කියල මේ පෝස්ට් එක බැලුවම තේරුනා.. ඒත් සමහර පුද්ගලික කාරණා නිරන්තරයෙන්ම ඇදෙනවා සංවාද වලදී.. මටත් යම් දෙයක් ඉගෙන ගන්න ලැබුනා මේකෙන්. ස්තුතියි රසික

      Delete
  29. rasika, ​​Asia Pacific Network Information Centre in South brisbane. Do you know this company? have some connection to Sri lanka as well.

    ReplyDelete
  30. //මිය ගියේ සෝභිත හිමි නොව නානසාර වැනි අයෙකු නම්, යසනාත් ගේ ප්‍රකාශයට වඩා හොඳ කාව්‍යමය ප්‍රකාශ, කියමන්, සරදම් අපට වත්පොතේ දී බලා කියා ගන්නට ද හැකි වෙනු ඇත!මිය ගියේ සෝභිත හිමි නොව නානසාර වැනි අයෙකු නම්, යසනාත් ගේ ප්‍රකාශයට වඩා හොඳ කාව්‍යමය ප්‍රකාශ, කියමන්, සරදම් අපට වත්පොතේ දී බලා කියා ගන්නට ද හැකි වෙනු ඇත!//

    සම්පූර්ණ ඇත්ත. යසනාත්ට විරුද්ධව ලිව්ව එවුන් සමහරක්(සම + හරක්) අවශ්‍ය විවේචනය නොකර තමන්ගෙ රෙදි ගලෝ ගෙන ජාගර සිත් එළියට ඇද ගත්තා.

    ReplyDelete
  31. sobitha hamuduruvo sama palakayekma balayata gannatrh evagema a balayata gath pudgalaya pissu kelinakota elavannath peramunata apu hamuduru namak. jeevitaya pilibadava yam eem danna ape hamuduruvo munge yam eem haduna nogath eka loku pudumayak. hamuduruvo apavath une ama kalakirremen.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.