Thursday 23 June 2016

කවුද, කොහේද, මොනවාද? - Who, where, what of Rasikology


මේ සටහන තබන්නට සිතුණේ, පෙරේදා මගේ මේ රසිකොලොජි බ්ලොගය යම් කිසි වැදගත් කඩඉමක් පසු කළ නිසා ය. මා ලියන්නට යන්නේ මූලිකවම රසිකොලොජි බ්ලොගය ගැන නමුත්, ලියවීමට නියමිත කරුණුවල පොදු වැදගත්කමක් ද තිබේ යැයි හඟිමි.

මා රසිකොලොජිය ඇරඹූයේ මගේ උපන්දින සංවත්සරය යෙදී තිබුණු 2014 ඔක්තෝබර් 27 වෙනිදා ය. බ්ලොගයක් අරඹන්නේ අත ලෙව කන්නට නොවේ. තමන් ලියන ලිපි හෝ වෙනත් නිර්මාණ එහි පළ කර, ඒවා අනෙක් අය හා බෙදා ගැනීමටයි. එය ලිවීමට දැඩි ආශාවක් ඇති මා වැන්නෙකුට ඉතාම වැදගත් කාරණයකි. මා ලියූ දේ කියවන අය ද එයින් යම් සතුටක්, වින්දනයක් ලබයි නම් එය සැම විටම මට ප්‍රසාද දීමනාවක් නොහොත් බෝනසයක් ම වේ.

තමන් ගේ බ්ලොගය වැඩි පිරිසක ගේ නෙත ගැටීමට සැලැස්වීම, ලේඛකයාගේ වගකීමයි. ඒ ආකාරයට කරන ප්‍රචාරය කිසිසේත් ම ලැජ්ජාවට කාරණයක් නොවේ.

නමුත්, අප සියලු දෙනාම, ජීවිත අරගලයට උර දී ඉතිරිවෙන කාලයේ බ්ලොග් කෙරුවාව කරන නිසා, පෙර කී ප්‍රචාරය සඳහා වැය කළ හැකි කාලය ඉතා අවම වේ. අපේ පාඨකයින් යනු කවුරුන් ද, ඔවුන් හා සම්බන්ධ කාරණා කවරේ ද යන්න ගැන දත්ත සොයා ඉඳහිට හෝ යම් විශ්ලේෂණයක් කිරීම වැදගත් වන්නේ එනිසා ය.

බ්ලොගයට අදාළ විශාල වපසරියක විහිදුණු මූලික දත්ත සෑහෙන ප්‍රමාණයක් බ්ලොගර් සේවාව විසින් ලබා දේ. වර්ඩ්ප්‍රෙස් සේවයේ ද, මේ පහසුකම තිබේ යැයි සිතමි. බ්ලොගර් සේවාව සපයන ගූගල් සමාගම මගින් ගුගල් ඇනලිටික්ස් නම් බ්ලොග් පිළිබඳ දත්ත සපයන සේවයක් ද ඇති නමුත්, මා රසිකොලොජිය සඳහා එය යොදා ගෙන නැත.

පහත විශ්ලේෂණය මුළුමනින් ම පදනම් වී ඇත්තේ, බ්ලොගර් සේවාවෙන් සැපයෙන මූලික දත්ත අනුසාරයෙනි.

"ඇනෝනිමස් කමෙන්ට්කරුවන්ව නිශ්චිත ලෙස හඳුනා ගැනීමට සාමාන්‍ය ජෝ බ්ලොග්ලාට හැකිද?" යන මැයෙන් ලියවුණු පසුගිය රසිකොලොජි ලිපියත් සමගම මා පසු කළේ රසිකොලොජියේ තුන්සියවෙනි ලිපිය පළ කිරීමේ කඩඉමයි.

මෙන්න මුලික දත්ත.

ලිපි සංඛ්‍යාව = 300
පිටු නැරඹීම් = 304,652 (සාමාන්‍යය 1015)
ප්‍රතිචාර සහ පිළිතුරු = 12.515 (සාමාන්‍යය 42)

රසිකොලොජිය කියවන්නට වැඩිම පිරිසක් (52%) පැමිණ ඇත්තේ ශ්‍රී ලංකාවෙනි. රුසියාවෙන් පැමිණ ඇත්තේ නම්, සයිබර් බොට්ලා විය යුතුය. සමස්ත බෙදීයාම පහත දැක්වේ. මේ දත්තවල නිවැරදිකම ගැන කුඩා කුකුසක් ද ඇති බව කිව යුතුය.



බ්ලොග් සින්ඩිකේටර් සහ වෙනත් සේවා පිළිබඳව සැලකුවහොත් පාඨකයින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ෆේස්බුක් හරහාය. ලාංකීය සින්ඩිය ඊළඟට එයි. මාතලන් ගේ සින්ඩිය ද, මගේ බ්ලොගයට පාඨකයින් ගෙන ඒමෙන් මහත් සේවාවක් සපයයි. හැලපකඩේ බ්ලොගයෙන් මෙහි එතැයි දැක්වෙන සංඛ්‍යාව හැලපේ ගේ කියවීම් පමණක් නොවේ යැයි සිතමි.



රසිකොලොජියේ පිටු නැරඹීම් වැඩිම ප්‍රමාණය ලැබෙන්නේ එක්කෝ තම තමන්ගේ රීඩර් හරහා කෙළින්ම මෙහි එන, නැතිනම් මෙහි පැමිණි පසු රසිකොලොජිය සිසාරා ලිපි කියවන අය නිසා විය යුතුයි.

බ්ලොගර් සේවාව විසින් මේ සංඛ්‍යා පිටු නැරඹීම් ලෙස හැඳින්වූවද, මේවා ඇත්තටම මවුස් ක්ලික් සංඛ්‍යාව කියා ද, පාඨකයෙකු මා කියවන බ්ලොග් හරහා වෙනත් තැනකට යන විටද එය පිටු නැරඹීමක් ලෙස සනිටුහන් වෙතැයි ද සිතමි.

පාඨකයින් භාවිතා කරන වෙබ් බ්‍රව්සරය පිළිබඳ බැලීමේදී පෙනී යන්නේ මයික්‍රොසොෆ්ට් සමාගම ඒ අතින් කෙතරම් පසු පසින් සිටින්නේ ද යන්නයි.



නමුත් මෙහෙයුම් පද්ධති ගැන සලකන විට ලිනක්ස්ලා, යුනික්ස්ලා සිටින්නේ මයික්‍රොසොෆ්ට්ලාට ගව් ගණනක් පසු පසිනි.



මෑතකදී මා ලැබූ අත්දැකීමක් නම්, බ්ලොග් කියවීමට ෆේස්බුක් හරහා පැමිණෙන පිරිස ක්‍රමයෙන් වැඩි වෙන බවයි. ඒ තත්වය උදාවෙන්නේ මා විසින් ෆේස්බුක් ජාලයේ යොදන සටහනකින් පසු එය දකින අය එය තමන් ගේ මිතුරන් අතරේ බෙදා ගෙන බෝ කිරීම නිසා ය. එසේ බෝවන්නේ මා වැඩි පිරිසක් කියවතොත් හොඳයැයි සිතන ලිපි නොවේ. මා ලියා පළ කළ ලිපි තුන්සීයෙන් ජනප්‍රියතම ලිපි දහය දෙස බැලීමෙන් පමණක් ඒ බව පැහැදිලි වෙනු ඇත.

-රසිකොලොජිස්ට්

35 comments:

  1. Italy 1% = පත්තර මල්ලි 1%

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව ඇනෝ මචං..කෝ සැටිපිකට් එක ?? :D

      Delete
    2. බ්ලොග් කියවන සිංහලයින් ඉතාලියේ මහ නගරවල තරමක් සිටිති.

      Delete
  2. අපිනං එන්නෙ ලංකාවෙ තියෙන, වින්ඩෝස් මත දුවන ෆයර් ෆොක්ස් බ්‍රවුසරයක් හරහා ගූගල් සමාගම සපයන බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකක් මගිනුයි.

    ReplyDelete
  3. ඇනෝ කතාවේ දිගුවක්

    ඇවරේජ් හොදා..

    තුන්සියට සුභ පැතුම්... ඔබට බෝනස් ලැබෙන්නේ අපෙනි

    ReplyDelete
    Replies
    1. "හැක්" එක අමතක උනාද

      Delete
    2. හැක්..

      (ඌට දාන්න බැරි උනානං මමවත් ඔන්නොහෙ දාන්නං)

      Delete
    3. හැක් හැක්.. බොට ස්තුතියි බං..

      ආ මචං ප්‍රසා.. උඹට පුරුණ අයිතිය තියෙනවා ඒක දාන්න. මොකද මාත් දැං ගොඩකවෙල පදිංචිකරුවෙක්

      Delete
    4. චැහ්.. විනාසයි :D

      Delete
    5. පත්තරේ‍, උඹ කොහොම විනාස වෙන්නද මම තමයි විනාස. හැක්..

      Delete
    6. ස්තුතියි මිත්‍රයා!

      Delete
  4. රසිකොලොජි කියවන්නට මගෙ පිටුවෙන් යන අය ප්‍රමාණයකුත් ඉන්නවා නේද.

    ReplyDelete
    Replies
    1. ඒකත් සිණ්ඩියක් වගේ වෙලා.. හැලපයක් කාලා ගස්ලබු කන්නත් කඩේට එන අය එනෝ..

      Delete
    2. කතාව ඇත්ත.අඹ ගහ යට සින්ඩියට වැඩියෙන් පාඨකයන් ප්‍රමාණයක් මගෙ රෝලෙන් ගිහිං තියෙනවා.ඒ නිසා මගෙ බ්ලොගේ සින්ඩියක් හැටියටත් ගණන් ගන්න පුළුවනි.

      Delete
    3. මාත් හැලපකඩේ හරහා සමහර බ්ලොග් කියවනවා.

      Delete
  5. Where did I come from ?

    https://www.youtube.com/watch?v=FNEzeR_bvtk

    ReplyDelete
    Replies
    1. මෙහේට ඒ වීඩියෝව නොපෙනේ

      Delete
  6. උණුසුම් සුභ පැතුම්..!!
    ජයවේවා..!!

    ReplyDelete
  7. උණුසුම් සුභ පැතුම්...

    ReplyDelete
  8. මාස 9කට ලිපි 300.
    සාමාන්ය අගය මාසයකට 33.3333. දවසකට 1.111111

    ReplyDelete
    Replies
    1. මාස 20 යි. ඔක්තෝබර් 2014 සිට.

      Delete
  9. ඔලුව යූල් බ්‍රෙයිනර් වගේ +++

    ReplyDelete
    Replies
    1. පූජිත මෙන්ඩිස් මතකද?
      රෙක්ස් කොඩිප්පිලිත් තට්ටේ ගාලා හිටියා. ඇයි බෙන් කිංග්ස්ලි?

      Delete
  10. එහෙනම් මේකෙත් 300ක් ලිවුවා ඈ. උණුසුම් සුබ පැතුම් වේවා. තව අනිවාර්‍යෙන්ම ලියන බව දන්න හන්දා ඉදිරියටත් කියවමි.

    ReplyDelete
  11. පොස්ට් තුන්සීයක් ලියනවා කියන්නේ මට නම් විශාල අභියෝගයක්.එනිවේ ඔබට අපෙත් සුබ පැතුම්..!

    ReplyDelete
  12. හොඳයි UK 2% මාත් ඉන්නව ඇති.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.