මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Monday, 16 May 2016
මුලින්ම අරක්කු බීපු දවසේ වෙරි වුණේ බොරුවට ද? - A question I ask myself
ඒ ප්‍රශ්නය, මේ ලිපිය ලියන මා එය කියවන ඔබෙන් අසන ප්‍රශ්නයක් නොව, මා මගෙන් ම අසා ගන්නා ප්‍රශ්නයකි.
මගේ අතීතකාමය සන්තර්පනය කර ගැනීමට ලියවෙන, එසේම කියවන්නන්ගෙන් බහුතරයක ගේ ද අතීතකාමය ඇවිස්සීමට හේතු කාරක විය හැකි, මේ ලිපියේ මුඛ්‍ය කතාවට ඒමට පෙර මගේ සිතට ආ අතුරු කතා කිහිපයක් ලියවෙනු ඇත.
මා මුලින් ම, මද්‍යසාර බිඳක් තොල ගෑවේ උසස් පෙළ සහ විශ්ව විද්‍යාලය අතර ගන්ධබ්ක කාලයේ දී බව පෙර ලිපියක ලියූවෙමි. ඒ දිනවල මගේ වයස අවුරුදු දහඅට ඉක්මවා තිබුණි. නමුත්, මා දැන සිටි පරිදි පාසල් යන කාලයේ ද සමහර සිසුහු බියර් පානය කළහ.
අප එකොළොස්වන ශ්‍රේණියේ ඉගෙන ගන්නා කාලයේ පැවති ආනන්ද නාලන්ද වාර්ෂික ක්‍රිකට් තරගයේ අවසාන දිනයේ දී මා නිවසට යන්නට මරදාන දුම්රිය පොළට පැමිණියේ මගේ පන්තියේ සගයෙකු සහ අපට වඩා වසරක් පහළ පන්තියක සිටි ඔහු ගේ කඳානේ දුම්රිය මිතුරෙකු සමගය.
එකල, මරදාන දුම්රිය ස්ථානයේ වේදිකා අංග 5-6 ප්‍රදේශයේ ආපන ශාලාවක් පිහිටා තිබුණි. අපි එහි ගියෙමු.
මගේ මිතුරා බියර් බෝතලයක් ඇණවුම් කළ අතර, ඔහු ද, අනෙකා ද එයට වග කීවෝ ය. මම තේ එකක් ඇණවුම් කළෙමි. ඒ කාලේ ටින්කිරි දමා සාදන තේ කෝප්පයක මිල, මරදානේ දුම්රිය පොළේ ම ඉහළ මාලයේ පිහිටා ඇති ආපන ශාලාවේ නම්, ශත විසි පහකි. නමුත්, මෙදින මගෙන් රුපියල් දෙකයි ශත පනහක් අය කෙරුණු අතර, ඒ හිලව්වට මේසයට ම ලැබුණේ තේ ජෝගුවක්, කුඩා කිරි කෝප්පයක්, සීනි බඳුනක් සහ හැන්දක් තැබූ බන්දේසියකි.
සමහර විට මා ඒ තේ කෝප්පයකට වැය කළ මුදලෙන් එදා අඩු වශයෙන් බියර් බෝතල් භාගයක්වත් මිලට ගන්නට හැකිකම තියෙන්නට ඇත!
මගේ මුල් ම අරක්කු අත්දැකීම මට ලැබුණේ, ඉන් වසර දෙක හමාරකට පමණ පසු මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ඇරඹුවායින් පසුවය.
නවකවද සමයේ අවසානයත් සමගම මා පදිංචිව සිටි මාර්කස් ප්‍රනාන්දු නේවාසිකාගාරයේ ජ්‍යෙෂ්ඨ සිසුවෝ අප පිළිගැනීම සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක් සහිත උත්සවයක් සංවිධානය කළෝය.
ඒ උත්සවය සම්බන්ධයෙන් අමතක නොවන කාරණා තුනක් කීමට ඇත.
ඉන් එකක් නම්, එදා අපට ලැබුණු කෑම පාර්සලය දිග හැර එහි තිබුණු කුකුල් මස්, බිත්තරය, අච්චාරු, පරිප්පු සහ සම්බා කහ බත් දුටු, එතෙක් කල් ලොකු ඇට හාල්, මුං ඇට, කොළ ගෝවා මැල්ලුම සහ හරක් මස් හම් කෑලි කමින් සිටි අප අතර සිටි උඩුගම නම් මිතුරා විසින් "අද නම් ගෙදර වගේ!" යැයි ප්‍රකාශයක් කිරීමත්, අප වහාම ඔහු "බුරියානි නයා" ලෙසින් බෞතීස්ම කිරීමත් ය.
නවක සිසුන් වෙනුවෙන් අප ඉදිරිපත් කළ ප්‍රහසනයේ මා චරිතයක් නිරූපණය කිරීම ද වැදගත් මතකයකි. ඒ ප්‍රහසනය වනාහී අර අමාරිස් අයියලා ගේ ප්‍රසංගයක එන ආ යූ මෑඩ් ඕ ඈම් අයි මෑඩ් කියා සුද්දෙකු අසන විට බෝත් කියා පිළිතුර දෙන කතාවේ අනුවර්තනයකි. අප කළ එක් වෙනසක් නම් සුද්දා වෙනුවට පරංගියෙකු ඇතුළත් කිරීමයි. එයට හේතුව පරංගියා යැයි අන්වර්ථ නමෙන් හැඳින්වුණු කළා පීඨ අවසාන වසර ශිෂ්‍යයෙකු මාකස් ප්‍රනාන්දු ශාලාවේ ඒ දිනවල නේවාසිකව සිටීමයි. මා රඟපෑවේ ඒ පරංගියා ගේ චරිතයයි.
මගේ දහනමවෙනි උපන් දිනයට දින හතරකට පසුදින පැවති අපේ වෙල්කම් පාටියේ මගේ මතකයන් අතරින් අද මේ ලිපියට අදාළ සිදුවීම වන්නේ, එදින මා මුල්වරට අරක්කු පානය කිරීමයි.
වෙල්කම් පාටිය දා යමක් කරමු යැයි අප අතරේ සිටි කිහිප දෙනෙකු ගේ යෝජනා ස්ථීරත්වයෙන් සම්මත වී තිබුණි. වෙල්කම් පාටියේ දී ද, යම් කිසි පානයක් අපට ජ්‍යෙෂ්ඨ සිසුන්ගෙන් ලැබෙන බවට රාවයක් තිබුණ ද, අපට අවශ්‍ය වූයේ ඒ තනුක මිශ්‍ර බීම නොව කෙළින් ම අහවල් වර්ගයේ පානයක් කිරීමටයි.
සම්මාදම් වීමට කැමති අයගෙන් රුපියල් කිහිපයක් බැගින් සම්මාදම් කෙරුණු අතර, එකල පේරාදෙණිය අවට ගම් හතකවත් බෝතල් කඩයක් හෙවත් අද භාෂාවෙන් වයින් ස්ටෝරුවක් නොතිබුණු නිසා, අපේ අයෙකුට මහනුවර කොළඹ වීදියට ම යාමට ද සිදුවිය.
එදා නවක සරසවි සිසුන් ගේ තේරීම වූයේ, මගේ ආතා ද (මව ගේ පියා) පානය කරනවා යැයි මා දැන සිටි අරක්කු වර්ගය වූ සංස්ථා පොල් අරක්කු ය. අවර්ණ බෝතලයක් ද, සුදු කළු ලේබලයක් ද මෙහි දී මගේ සිහියට නැගේ. මෙය අද සිංහල බ්ලොග්කරුවන් ගේ ප්‍ර්‍රියතම පානය ලෙස හැඳින්වෙන, කොළ පැහැති ලේබලයකින් යුතු වර්ගයට වඩා රුපියල් කීපයක් මිලෙන් වැඩි අරක්කු විශේෂයක් විය.
මාකස් ප්‍රනාන්දු නේවාසිකාගාරයේ එක් කාමරයක රැස් වුණු අපි, භෝජනාගාරක් නොමැති අපේ ශාලාවේ තිබුණු කුඩා ආපන ශාලාවෙන් සොයා ගත් අඬු කැඩුණු කෝප්ප කිහිපයක් උපයෝගී කොටගෙන, සම්මාදමෙන් ගෙනා පොල් අරක්කු රස බැලුවෙමු. එක් අයෙකුට කෝප්ප භාගයක් පමණ හිමි වුණු බව මගේ මතකයේ ඇත.
ඉන්පසු අප කළේ, නවකවදය සමයෙන් පසු අප ලද නිදහස උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින්, මහ හඬින් ගී ගයමින්, නටමින් මාකස් ප්‍රනාන්දු ශාලාව පුරා යාමයි.
මේ අතරතුර මට නැගුණු ප්‍රශ්නය නම්, මගේ මුව තුළින්, මගේ උගුර හරහා, මගේ ම ආමාශය කරා ඇදුණු, පොල් අරක්කු අඬු කැඩිච්ච කෝප්ප භාගයෙන් මා සිතූ ආකාරයට මත් වීමක් කිසිසේත් ම ඇති නොවීමයි.
අයියෝ සල්ලි!
දැන් ඉතින් කුමක් කරන්නද?
ඇත්ත මත් වීමක් සිදු නොවෙයි නම්, මත් වූ බවට රඟ පෑමක්වත් කළ යුතු යැයි මට ඒ මොහොතේ ඇත්තට ම සිතුණි.
මගේ රඟ පෑමට අයත් වූයේ මත් වුණු හඬින් කතා කිරීමත්, උස් හඬින් ගායනයත්, ඇවිදින විට තරමක් ඇදට ඇවිදීමත් ය.
ඒ මොහොතේ අපේ කැරොල් කණ්ඩායමේ මා අසලින්ම වාගේ සිටියේ මාරස්සනින් පැමිණි විද්‍යා පීඨයේ සිසුවෙකි. ඔහු එදා මත්පැන් පානයට සම්මාදම් නොවුණු අයෙකි. "මචං රසිකට පොඩ්ඩක් වැඩියි වගේ!" යැයි මාරස්සන මිතුරා පවසනවාත්, ඒ අසා මට කට කොනකින් සිනා යනවාත්, මගේ රඟපෑමේ සාර්ථකත්වය දැනී, මා එය දිගටම පවත්වාගෙන යනවාත්, මාරස්සනයා මා වත්තම් කර ගන්නවාත් මගේ මතකයේ ඇත.
හැබැයි, එතැනින් පසුව පසුවදා උදෑසන වෙනතුරු සිදුවුණු දේ පිළිබඳව නම් මගේ මතකය එපමණ පැහැදිලි නැත!
කෙසේ වෙතත්, යළිත් මුදල් සම්මාදම් කර නුවර ගොස් පොල් අරක්කු ගෙනැවිත්, නේවාසිකාගාරයේ භෝජනාගාරයෙන් ගෙනා අඩු කැඩුණු කෝප්පවලින් රහ බලන්නට මට ඉඩ ලැබුණේ නම් අක්බාර්-නෙල් නම් නේවාසිකාගරයේ දී මුල් අත්දැකීමෙන් මාස නමයකට පමණ පසු අපේ පළමු වසර විභාගය අවසන් වූ දිනයේ දී බව නම් මට නිසැකව ම කිව හැක.
-රසිකොලොජිස්ට්
ප/ලි:
මගේ අවවාදය නම්, මත්පැන් පානය යනු හැකි තරම් දුරස් කළ යුතු දෙයක් බව සහ නිරතුරු මත්පැන් පානය ඇබ්බැහියකට පෙරළීමට ඉඩ ඇති බවයි.
දිනපතාම අනුමත වුව ද, එමගින් බීමට ඇබ්බැහි නොවී සිටින්නේ කෙලෙසද යන්න ගැන උපදෙස් ගැනීමට අවශ්‍ය නම් මෞර්ය රාජ් බ්ලොග්කරුවා අමතන්න.
(image: http://www.panoramio.com/photo/2972580)
Subscribe to:
Post Comments (Atom)
මුලින්ම මත්පැන් බිව් දා කිසිම රඟපෑමකට ඉඩක් නොවුණි... අවදි වූයේ පසුවදා උදේය....
ReplyDeleteහැක, හැක!
Deleteමා නම් පැය කාලක් පමණ රඟ පෑවා!
"අඬු කැඩිච්ච කෝප්ප"
ReplyDeleteමම දන්න විදියට ලංකාවෙ හැම විශ්ව විද්යාලයකම කැන්ටින්වල තියෙන්න් අඬු කැඩිච්ච කෝප්ප (ඔය නමසිය බර ගනන්වල, දැන් තත්වය නොදනී).
අනෙකුත් ආයතනවල කැන්ටින් වලත් එහෙමද ?
අලුතෙන් කෝප්ප ගෙන ආ විගසම මුදළාලි කරන්නේ අඩු කැඩීමයි. එමගින් ඒවා කාමරවල නිත්‍ය වශයෙන් පදිංචි වීම වැලකේ.
Delete//අක්බාර්-නෙල් නම් නේවාසිකාගරයේ දී මුල් අත්දැකීමෙන් මාස නමයකට පමණ පසු//
ReplyDeleteඒ අවුරුද්දේ ටොඩිය තිබුණේ නැද්ද?
//අඩු කැඩුණු කෝප්ප//
අඬු කඩල නේද පාවිච්චියට දාන්නේ?
//එකල පේරාදෙණිය අවට ගම් හතකවත්//
එහෙමනම් ඊරියගම කඩේ දාල තියෙන්නේ රසිකලගේ කාලෙන් පස්සේ වගේ. පේරාදෙණියේ රෙස්ට් හවුස් එකෙන් ගන්න පුළුවන්කම තිබුණේ නැද්ද?
1. නැත.
Delete2. ඔව්, එසේ යැයි සිතමි.
3. තුසිත එක අසල ක්‍රීඩා සමාජයක් කියා තැබෑරුමක් නම් ඇරඹුණා අපේ කාලේ.
උඩ අඬු කමෙන්ට් එක දැන් දැක්කේ. මම හිතන්නේ ප්‍රධානම හේතුව ඔබ කියා ඇති එක වෙන්න ඇති. ඊට අමතරව කෝප්ප පහක් තනි අතින් ඇල්ලීමට හැකි වීමේ පහසුවත් හේතුවක්.
ReplyDeleteඉකොනොමැට්ටා ගේ කමරයේත් මුදළාලි ගේ කෝප්ප තියෙන්න ඇති නේද?
Deleteමමත් මුලින්ම බිව්වෙ අඬු කෝප්ප බාගයයි. තාත්තගෙ යාළුවෙකුගෙ ගෙදරදි තාත්තා සහ යාළුවා ඉදිරිපිටම මමත් මට වඩා සෑහෙන්න බාලයෙක් වුන යාළුවගෙ පුතත් එක්ක. නිකමට සෙල්ලමට වගේ බිව්ව. තාත්තලාගෙත් අනුමැතිය ඇතිව. මගේ වයස ඒ වෙද්දි දාහතරක් පහලොවක් ඇති ඕනනං.... බීල බයිසිකලෙත් පැදගෙන ආව.... වෙරිවුනේ නං නෑ....
ReplyDelete"මගේ අවවාදය නම්, මත්පැන් පානය යනු හැකි තරම් දුරස් කළ යුතු දෙයක් බව සහ නිරතුරු මත්පැන් පානය ඇබ්බැහියකට පෙරළීමට ඉඩ ඇති බවයි"
අවවාදාත්මක දේවල් සීයට අසූවක් දාන්න ඕන නේද නීතියෙ හැටියට. (මේ යහපාලනේ) සීයට පහක් විතර දාල මදි!
මං සියේට පහක් දාන්නම්, රාජ් ඉතුරු හැත්තෑ පහ දාන්න!
Deleteඅපේ නම් ගෙවල් වල තාත්තලා ගහන "පොඩි අඩියට" ගේන බෝතල් ඕන තරම් තිබුන නිසාත්, ඒක සාමාන්‍ය දෙයක් නිසාත් විශේෂත්වයක් තිබුනේ නම් නෑ. නැතිවෙන්නම ගැහුවේ බූට් එකක් කාපු දවසක... පස්සේ තමයි තේරුනේ කරපු වැඩ දෙකම ගොන් වැඩ බව...
ReplyDeleteමූදේ ඉන්නේ එක මාළුවද...?
මම බිව්වා කියලා එයා විඳවනවද...?
අපේ තාත්තා කාලයක් තම්ෂර් සුරුට්ටු කපලා ඒවාට බ්‍රැන්ඩි දාලා පයිප්පෙට දාන්න දුම්කොළ හැදුවා. ඒකට ඝෙනා බ්‍රැන්ඩි බෝතල් බාගයක් ගෙදර අල්මාරියේ තිබුණත්, මං හොඳ ළමයෙකු නිසා දෝ, කවදාකවත් බොන්න හිතුණේ නෑ!!!
Deleteකලින් බියර් බි තිබුනත් මුලින්ම අරක්කු බීවේ ඒ ලෙවල් ගෲප් ප්‍රොජෙක්ට් එක කරන්නට පුත්තලම ප්‍රදේශයට ගිය අවස්ථාවේදීය - අපේ මාතෘකාව වූයේ ඉස්සන් වගාවයි - එහෙත් අවසන් වූයේ අනුමත වීමෙනි - ඒ අවස්ථාවේ වෙරි වුනේ නැති නමුත් ඒ ලෙවල් වලින් පසු ටි්‍රිපක් යද්දි බ්‍රැන්ඩි නොසෑහෙන්න පානය කිරීම නිසා තැපෑලෙන් වැදුනු බව දැන් මතකය.
ReplyDeleteමත්පැන් අබ්බැහියට පුද්ගලිකව මුහුණ දී නැති නමුත් දිනපතා මත්පැන් පානය පසුකාලීනව ශරීරයට අහිතකර විය හැක- එම නිසා සමාජයීය අවස්ථාවලදි පමණ දැන හැරුනු විට මත්පැන් පානය නොකිරීම වඩාත් ශරීර සෞඛ්‍යට යහපත් විය හැක.
ඒ ලෙවල්ස්වලට ගෲප් ප්‍රොජෙක්ට්ස් තියෙනවාද?
Deleteඅපි නමළ එකම ගෲප් ප්‍රොජෙක්ට් එක තමයි ටියුෂන් යෑම!
මම ඉස්සල්ලාම අරක්කු බිවුවෙ බඩේ අමාරුවකට.
ReplyDelete' මහාප්‍රාණ ජීව වටී' කියල බේත් ගුලියක් අඩු කෝප්පෙකට ගල් අරක්කුත් එක්ක . කෝප්පෙ ඉතුරු කුඩු ටික බොන්න තව ෂොට් දෙකක් ගැහුව අප්පා තාම මතකයි සනීපෙ , කෙල්ලගෙ ඇග පුරා කබරය දාල මම හොද බෑනෙක් බව නැන්දට මාමට පෙන්නුව.
පොල් අරක්කු කියන්නෙ තැඹිලි පාට ලේබලේ කොටියෙක් ඉන්න එක නේද ? එක පාරයි බිවුවෙ බයිසිකලේ පැදගෙන යන්න බැරිව පන්සලේ නිදාගත්තෙ , නැගිටල බලද්දි පොඩි නම බිම සැතපෙනව මම ඇදේ නිදි
පොඩි නමගෙ ධාතු කම්මලගෙ සරමෙ.
Deleteහෙක්..මම හම්පඩ ඩෙනිමක් බං ඇදල හිටියෙ. එයිටත් බල්ලෙක්වත් ලගට එනවද බං පොල් අරක්කු බිවුවහම.
Deleteබල්ලෝ එනවා බං කට ලෙවකාලා යන්න....
Deleteපැරණි පොල් අරක්කු ලේබලය ගැන තමයි අර කතාවක්/සින්දුවක් තියෙන්නේ පොල් ගහයට කොට්‍රි ඉන්න අපේ බෝතලේ කියලා.
Deleteලේබල් කාලෙන් කාළෙට වෙනස් වෙනවා. අපේ කාලේ පොල් අරක්කු ලේබලේ කළු-සුදු බවයි මට මතක. ඕල්ඩ් ඇරුක් එකත් ඒ වගේ.
//"මෙය අද සිංහල බ්ලොග්කරුවන් ගේ ප්‍ර්‍රියතම පානය ලෙස හැඳින්වෙන නමුත් කිසිදා පානය නොකරන"// ලෙස වෙනස් විය යුතුය
ReplyDeleteමම නම් ඕකෙන් අයින් උනා... දැන් කොහෙන් ගත්තත් අජූවයි....
Deleteබොරුවට ප්‍රමෝට් කර කර ඉන්නවට වඩා අයින් උන එක හොඳයි.
Deleteදැන් අමුතු කෙමිකල් එකක ගදක් එනව. මම නම් දැන් බොන්නෙ නෑ , හැලපෙ අයියට කියන්න බැරි උනා. ඉවානයයි , මාතලනුයි නම් දන්නව.
Delete/////"මෙය අද සිංහල බ්ලොග්කරුවන් ගේ ප්‍ර්‍රියතම පානය ලෙස හැඳින්වෙන නමුත් කිසිදා පානය නොකරන"// ලෙස වෙනස් විය යුතුය////
Deleteවිස්කි බ්‍රැන්ඩි ගහන (නමට)ගල් බලකාය!
ඉවාන් ලව්පූස් නම් කිසිදා නොවෙනස්
Deleteඅපිනං සදා ගල්.
Deleteපොල් ගඳයි...ගල් හොඳයි...ගල් එක්ක බියර් ගොඩාක් හොඳායි!!
Deleteමට නම් ගඳ ගල් ෙෑවත් අති විශේෂ තමයි.
Deleteතායිලන්තේ තියෙනවා මැකෝන් කියලා අරක්කු ජාතියක් ගන්දස්කාරේ බෑ මට නම්!
මම මුලින්ම අරක්කු ශොට් එකක් දැම්මෙ නාථ දෙවියොත් එක්ක. කොච්චර සාර්ථකද කියනවා නම් එදා තමයි මම නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය හොය ගත්තෙ. මගෙ නම නලින් ද සිල්වා. මම ඉන්නෙ පානදුරේ.
ReplyDeleteඇනෝ
Deleteනලින් ද සිල්වා ඉන්නේ මහරගම නොවැ
ඒ වෙන නලින් ද සිල්වා කෙනෙක් වෙන්න ඇති. මම ඉන්නෙ පානදුරේ. පොඩි කාලෙ ඉඳං පානදුර වෙරළෙ රා කට්ට ගහලා තමයි අපේ ජාතිකත්වය වර්ධනය වුණේ. බටහිර කසිකබල් සුද්දාගෙ විස්කි බ්‍රැන්ඩි ගහලා අපේ ජාතිකත්වය වර්ධනය කරන්න බැහැ. මැන්දිස් ඉස්පෙසල් තමයි අපේ ජාතික පානය. ජාතිකවාදී කඳවුරේ මහාචාර්ය මැන්දිස් රෝහණධීර මහතාට ගරු කිරීමක් ලෙසින් තමයි අපි ඒක ඔහුගේ නමින් නම් කළේ. කොච්චර කිව්වත් මේක මහින්දටවත් ඒකාබද්ධ විපක්ෂයටවත් තේරෙන්නෙ නෑ මිත්‍රවරුනි.
Deleteනලින් ද සිල්වා සහ නලින්ද සිල්වා යනු ද දෙදෙනෙකි.
Deleteමුලින්ම සැර කියලා ගැහුවේ ඇබ්සලියුට් සොට් එකක්! හැබැයි ඒකනම් නලල පදං උනා!
ReplyDeleteරට බඩුවලින් තමයි නමෝ විත්තියෙන් අරඹලා තියෙන්නේ එහෙඤං?
Deleteමටනං පේන්නෙ රඟපෑම කොහොම වෙතත් ඇත්තටම එසිකට වෙරි වෙලා වගේ. හැක්..
ReplyDeleteවැස්සට ප්‍රසාගෙ චෝක් එක පිච්චිලාද මන්ද ?
Deleteචෝක් එකට හෙන ගහල.
Deleteඑසිකට = රසිකට ලෙස නිවැරදි විය යුතුය. හැක්..
කලින්දා ගල් බලේ දවල්වෙනතුරු තිබිලා තියෙනවා!
Deleteබියර් බොන්න ඉස්සෙල්ලා මට හම්බවුනේ අරක්කු බොන්න. අශෝක වීදුරු බාගයක් අමුවෙන්. වෙසක් බලන්න ගියා පයින්. තොරන් නෙමේ තරු පෙනුනේ අයියා කෙනෙකුට ගඳ දැනිලා. ඒ පාර තාම මතකයි. පාඩමක් ඉගෙණගත්තේ නම් නැහැ.
ReplyDeleteවෙසක් දා බිව්වොත් පව් ඩබල් නේද?
Deleteමුලින්ම මත් පැනක් කියල බියර් උගුරක් විතර බොන්න වුනා මතකයි.ඒත් බොනවා කියල සෙට් වෙලා බිව්වෙත් බියර්.ලාවට කික් එකක් තිබුනා.පස්සෙ සැර බීම බොන්න කියල කලේ අපි හය දෙනෙක් බ්ලැක් ලේබල් අරක්කු (විස්කි නෙමෙයි.) බෝතල් හතරක් බිව්ව එක.දවස් දෙක තුනක් බෝඩිමේ ටොයිලට් එක පල් අරක්කු ගඳ ගැහුවා..
ReplyDeleteජයවේවා..!!
විජලනයෙන් මැරෙන්නත් ඉඩ තිබුණා!
Deleteමම මුලින්ම මත්පැන් ජාතියක් කියලා බිව්වේ "ලෙමන් ජින්" කියලා එකක් අපේ ෆයිනල් රිසල්ට්ස් ආපු දවසේ ... අපේ අය්යා සමන්ත මට සුභ පතන්න කතා කරනකොට ( රෑ දෙකට විතර ) හොඳටම වෙරි.. එදා හොස්ටල් එකේ වෝඩන් ට සහ සිකියුරිටි අයට පලු යන්න බැන්නා... මට හැබැයි ඔක්කොම මතකයි.. බීපු අය නොදැන බනින්නේ කියන එක බොරුවක් බව එදා තේරුනා.. මේක මෙහෙම ලියලා හරියන්නේ නෑ.. වෙනම බ්ලොග් පොස්ට් එකක් ලියන්න ඕනා එදා සිද්ධි ටික සහ පහුවදා උදේ පාන්දර තැඹිලි හොයාගෙන ගිය හැටි එහෙම දාලා .. එයින් පස්සේ කවදාවත් සැර බිමක් බිව්වේ නැහැ....
ReplyDeleteෆයිනල් පාට් වන් ද?
Deleteඅපේ කාලේ මෙඩ්ඩෙක් මැරුම් කෑවා! සමන්තලාට කලින්.
බ්ලොග් පොස්ටුවකින් වත් කියන්න බලන්න ඒ කතාව
Deleteතැපෑලෙන් වෙරි වෙනවා කියන්නේ ඕකට තමා, ගොඩක් වෙලාවට බියර් බිව්වම ඔහොම වෙනවා. වදින්නේ ටිකක් වෙලා ගිහිං.
ReplyDeleteදැන් නම් ඉතිං එස්එම්එස් වේගයෙන් නේ වෙරි වෙන්නේ!
DeleteYour pic brought back fond memories of Marcus, my first hall of residence. The lubricant at the celebration at the conclusion of the two-week Rag Season,in our time was, the lowly but very potent Gal Arrack, Served on-tap in a ceramic water filter. The beverage was mixed with tobacco to enhance its potency. Most of us who consumed it has no recollection of the Night.
ReplyDeleteඔය ආකාරයේ කොක්ටේල් ඩිකොක්ෂන් එකකඛඔත් තිබුණා. මං බීවේ නැති බවයි මතකය.
Delete