Tuesday, 30 June 2015

ඉගලිටේරියන් යනු කුණුහරුපයක් ද? - What the hell is Egalitarianism


ඕස්ට්‍රේලියාවේ ද ලොක්කෝ සිටිති. සොක්කෝ ද සිටිති.

රටේ ලොක්කා ලෙස අග්‍රාණ්ඩුකාරයෙකු සිටියි. ආණ්ඩුවේ ලොක්කා ලෙස අගමැති සිටියි. ඇමති මණ්ඩලයක් සහ මන්ත්‍රීලා ද සිටිති. ඊට අමතරව ප්‍රාන්ත රජයේ මහ ඇමති ඇතුළු ඇමති මණ්ඩලය, මන්ත්‍රීලා ද ඇතුළු විශාල පිරිසක් සිටිති. ඒ සමගම අප වැනි මහජනතාව ද සිටිති.

ඔය තරම් ලොක්කන් සිටියත් ඒ කිසිවෙකුට සාමාන්‍ය ජනතාව හෝ මාධ්‍යකාරයින් හෝ තියා ඇම්බැට්ටයින්වත් එතුමා, උතුමා, ඔබතුමා කියා දෙකට නැමෙන ආකාරයක් මා පසුගිය විසි වසර තුළ නම් දැක නැත. ඕනෑම සොක්කෙක් ඕනෑම ලොක්කෙකු අමතන්නේ එක්කෝ මුල් නම කියාය, නැතිනම් "මචං" වැනි ආමන්ත්‍රණයක් වෙන "මේට්" (mate) කියා ය. ප්‍රසිද්ධ සභාවලදී සහ මාධ්‍ය වැඩසටහන්වලදී ඇතැම් අයව තනතුරු නාමයෙන් හඳුන්වා දෙන අවස්ථා කලාතුරකින් මා දැක ඇත.

හය දහසක් පමණ සේවය කරන අපේ ආයතනයේ ලොක්කා පීටර් ය. ඔහු යටතේ ඩිරෙක්ටර් ලා හය දෙනෙකි. අපේ ඩිරෙක්ටර් කෙන්ට වාර්තා කරන ජෙනරල් මැනේජර් ලා හය දෙනෙකි. එයි එක් අයෙකු වෙන මගේ ජෙනරල් මැනේජර් මයික්ට වාර්තා කරන කළමනාකරුවන් හත් දෙනෙකි. මගේ මැනේජර්වරිය වෙන ෂැරන් ඉන් එක් අයෙකි. ඇයට වාර්තා කරන කළමනාකරුවන් පිරිස මා ද ඇතුළුව පස් දෙනෙකි. ඉන් එක් අයෙකු වෙන පිලිප් යටතේ තවත් පිරිසක් සේවය කරති.

මේ කිසිවෙකුත් අනෙකෙකුට නමෙන් මිස වෙනත් ආකාරයකින් එනම් සර්, මැඩම්, මිස්ට, මිසිස් කියා, අමතන සිරිතක් නැත. නම නොදන්නේ නම් මේට් කියති.

මේ ඉගලිටේරියන් (egalitarian) සමාජයක ලක්‍ෂණයකි.

ඉගලිටේරියන් යනුවෙන් අදහස් කෙරෙන්නේ සමහිමිකම් සහිත හෙවත් සමානාත්මක යන්නයි.

මගේ අම්මා ගේ සම වයසේ සිටියත්, අපේ මිය ගිය ආච්චී ගේ ජීවිතයේ අවසන් සමයේ චර්යාව නිරූපණය කරන වාසුදේව නානායක්කාර යනු සමාන සමාජයක් වෙනුවෙන් පෙනී සිටි ලංකා සමසමාජ පක්‍ෂයේ නායකයෙකු බව මා ලියූ ලිපි දෙක තුනකම සඳහන් විය.

සමාජවාදී සමාජයකින් අපේක්‍ෂිත තරමට ම නො වූව ද, ඉගලිටේරියන් යන්නෙන් අදහස් කෙරෙන්නේ ද එක්තරා ආකාරයක සමාජ සමානත්වයකි. සමාන දේපල හිමිකම හෝ හිමි නැතිකම හැර අන් සියලුම කරුණුවලින් සමාජයේ සාමාජිකයින් එකිනෙකා හා සමානවීම ඉගලිටේරියන් යන්නෙන් හැඳින්වේ.

එනම්,
සේවයේ නිරතවෙන්නට ඇති සමාන අයිතිය,
ආර්ථික ක්‍රියාවලියට සමාන අයිතිය
සමාන සේවයට සමාන වැටුප්,
ජනවාර්ගික සහ ලිංගිකත්ව සමානත්වය,
නීතියේ සමානත්වය,
ආගමික සමානත්වය,
සමාන අධ්‍යාපන අවස්ථා,
තොරතුරු දැන ගැනීමේ සමානත්වය
වෛද්‍ය ප්‍රතිකාර සහ පහසුකම් සඳහා සමානත්වය
සමාන පුද්ගලික නිදහස
යනාදියයි.

සර්ව සම්පුර්ණ තත්වයට සෑහෙන දුරින් සිටියද, ඕස්ට්‍රේලියානු සමාජය ලෝකයේ අන් රටවලට සාපේක්‍ෂව ඉහළ මට්ටමේ ඉගෙලිටේරියානු සමාජයක් ලෙස සැළකිය හැකිය. (ආදායම අතින් නම් ඇති නැති පරතරය විශාල එකක් වේ!)

මේ ආකාරයේ සමාජයක් බිහිවීමට හේතුව ලෙස සැලකෙන්නේ අද පවතින ඕස්ට්‍රේලියාව ජනාවාස වූයේ බ්‍රිතාත්‍යයේ සිරකරුවන්ගෙන් වීමයි. ඔවුන් ගේ පාලකයින් විසින් මේ පිටුවහල්කරන ලද එළිමහන් සිරකරුවන්ට සහ බොහෝ විට ඔවුන්ගෙන් ජාතක වුණු දරුවන්ට ද සලකන ලද විෂම ක්‍රමය නිසා, ඔවුනොවුන් අතර දැඩි මිත්‍ර බැඳීමක් ඇති වී ඇත. ඒ බහුතර කණ්ඩායමේ අගයන් අද මුලු මහත් ඕස්ට්‍රේලියානු සමාජයටම ආරෝපණය වී ඇත.

ලාංකිකයින් වෙන අපටද, ආසියානු රටවලින් පැමිණෙන අයටද මේ සමානත්වය එක්වරම ග්‍රහණය කරගැනීම අසීරු බව කිව යුතුය. මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ මගේ පර්යේෂණ ප්‍රධානියාට මා මුලින්ම හමුවූ දින ඇමතුවේ "සර්" කියායි. "මට ඇන්ඩෲ කියන්න!" යැයි ඔහු කියූවද, මා අද වෙනතුරු ඔහුට "ඩොක්ටර් වර්ත්" කියා මිස වෙනත් අයුරකින් අමතා නැත.

මගේ බිරිඳ ඕස්ට්‍රේලියාවේ දී මුලින් ම සේවයට ගිය ස්ථානයේ ප්‍රධානියා වූ දොස්තර ඒබඩ් (සහ අන් සියලු දෙනා) එම රෝහලේ සනීපාරක්‍ෂක කම්කරුවන් ද සමග එකම මේසයේ දිවා ආහාරය ගනු දැක ඇය විස්මයට පත් වූවා ය.

වෙනත් සමාජයක හැදී වැඩුණු අපට එය පුදුමයක් වුවද, මේ ක්වොසි-ඉගලිටේරියන් සමාජයේ ම හැදී වැඩුණු අයෙකුට පුදුමයට කාරණයක් වෙනු ඇත්තේ එසේ නොවී විවිධ මට්ටමේ සේවකයින්ට වෙනත් ආකාරයක පහසුකම් සලසා තිබුණොත් සහ වෙනස් ආකායට සැලකුම් ලැබෙනවා දැකීමයි.

මගේ බිරිඳ ලංකාවේ දී අවසාන වතාවට සේවය කළ කොළඹ මහ රෝහලේ ප්‍රධානියා, එහි විදුලි සෝපාන නඩත්තු කරන්නාට ලබා දුන් ශිෂ්‍යත්වයක් සඳහා විදේශයකට ගොස් ඇති බව ඒ දිනවල පුවත් පතක දුටුවෙමි. ඒ නම් ඉගලිටේරියන් තත්වයක් නොවේ.

කොළඹ මහ රෝහලේ දොස්තරලා කෑම කන තැනට සනීපාරක්‍ෂක කම්කරුවන්ටද කෑම කන්නට ඉඩ දුන්නොත් ඇති විය හැකි තත්වය දැන ගතහොත් දොස්තර ඒබඩ් ද විස්මයට පත්වෙනු නොඅනුමානය!

-රසිකොලොජිස්ට්

(image: http://bullmoose1912.deviantart.com/art/Egalitarianism-Symbol-317582459)

46 comments:

  1. ඔය රසික කියන ලොක්කන් සොක්කන් භේදය ලංකාවෙ වැඩියෙන්ම තියෙන්නෙ ආමි එකේ. ඔය ආමි එකේ මොකක් හරි පොඩි නිලයක් දරපු කෙනෙක් වුණත් පැන්සොන් ගියායින් පස්සෙ හිතන්නෙත් අනෙක් අය තමන්ට සර් කියලා ගරු නම්බු දීලා සැලියුට් ගහලා කතා කරන්න ඕනෑ කියලා. එහෙම නොකළොත් පාදඩ බල්ලෙක් තමයි තෝ ජාතක කරලා තියෙන්නෙ කියලා ආමි එකේ පරණ පුරුද්දට යටත් නිලධාරීන්ට බැන්නා වගේ බනිනවා. මේ ගොල්ල කොයි තරම් බුද්ධාගම ගැන කියෙව්වත් සමානාත්මතාව කියන්නෙ සතර සංග්‍රහ වස්තූන්ගෙන් එකක් කියල දෙන්නෙ නෑ. ආමි එකේ පැන්සොන් ගිය ඒ වගේ මානසික රෝගීන්ට කවුරු හරි වෛද්‍යවරයෙක් සායන පවත්වනවා නම් හොඳයි. නැත්නම් හැමෝටම කරදරයක්.

    ReplyDelete
    Replies
    1. එහෙම ලොක්ක සොක්ක බේද නැති හමුදාවක් පෙන්නාන්න පුලුවන්ද ඔයාට

      Delete
    2. හමුදාව ඇතුළෙදි තියෙන ලොක්කා සොක්කා බේද ගැන නෙවෙයි කතා කරන්නෙ. හමුදාව ඇතුළෙ හිටපු දැන් පැන්සොන් අරන් ඉන්න චමින්දලා සමාජයෙ අනෙක් මිනිස්සුන්ට දාන පාට් ගැන.

      Delete
    3. ආමි එකේ එවුනුත් මහ හිතට අරන් ඉන්න බූරුවො ටිකක් තමා.උන්ගෙ ඔය එල්ලගෙන ඉන්න යකඩ කෑලි උන්ට මහමෙරක්. ඔය නිළ නාම මත්තෙ ඔවුන් මැරෙනව.උන්ගෙ බ්‍රේන් වොෂ් කරල තියෙන්නෙ උඩ එවුන්ට කීකරුවෙන්නයි යට එවුන් කීකරු කරගන්නයි. විශය දැනුමක් එතන තියනවා.නමුත් ආරෝපනය කරල තියන මහේශාක්‍ය භාවයනම් විකාරයක්.කැප්ටන් හිතන්නෙ ඌ තරම් ජගතෙක් ලෝකෙ නෑ ඇයි ඌ සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට්ලට ඉහලයිනෙ උගෙ බලාපොරොත්තුව මේජර් කෙනෙක් වෙන්න.ඉහළට යනකම්ම මේ අසනීපෙ තියනව. මනස වැඩකරන්නෙ මේ හයිරාකි එකේ.
      ඔෆිසර්ල නෙමේ සෙබලුත් ඉන්නෙ මහම පිස්සු මානසිකත්වයකින්.උන් දන්නෙ උන්ගෙ විශය විතරයි.අපි අපේ විශයන් දන්නව. එච්චරයි.

      හමුදාවෙ ඔලුව උස්සගෙන ඉන්න පුළුවන් ලෙෆ්ටිනන්ට් කර්නල් තනතුරෙන් ඉහළ අයට විතරයි.

      Delete
    4. ඔය වයසක මනුස්සයට ඉන්න දීපල්ලා බන්...

      Delete
    5. කා ගැනද අනේ මේ කියන්නේ

      Delete
    6. ලොකු කම් පොඩි කම් තැබෑරුමේ නෑ
      අපි කවුරුත් සමසමාජයයි.

      Delete
    7. This comment has been removed by a blog administrator.

      Delete
    8. මොනවද අනේ ඔය එල්ලගෙන ඉන්නේ?

      මේ පදක්කම්නෙ අනේ...

      ආ, ඒක මිසක්. ඔයාට එල්ලගෙන ඉන්න වෙන දෙයක් නැති නිසයි මං මේ බැලුවේ.

      Delete
    9. හඃ හඃ හඃ හඃ හඃ හඃ හා...........

      හඃ හඃ හඃ හඃ හඃ හඃ හා...........

      හඃ හඃ හඃ හඃ හඃ හඃ හා...........

      තොපිට වැදුනා නේද? හැමදාම ලෙවකකා ඉන්න, තුවාල වෙන්නම වැදුනා නේද?

      හිටපියව් ඉස්සරහටත් ඔයිට වඩා දෙනවා තොපිට අඬන්න

      හඃ හඃ හඃ හඃ හඃ හඃ හා........... හඃ හඃ හඃ හඃ හඃ හඃ හා...........

      Delete
    10. විචාරක මහතා ඇනෝ ඇවිත් නේද?
      ඔන්න ඔව්ව අතැරලදාන්න මහත්මයා. ඔව්ව මේ කොලු කුරුට්ටන්ගෙ සෙල්ලම් ආතල්. කවුද ඕව ගනන් ගන්නෙ. හික්ස්.

      උඩ ඇනෝලාට;
      පවු බන් ඔන්න ඔය වයසක මනුස්සයට ඉන්න දීපල්ල බන් වද නොදී. ඔහොම කැත විදිහට තරහ ගස්සන්න එපා. හදිසියෙ හාර්ට් කේස් එකක්වත් ආවොත් තොපි වගකියනවද? කාගෙ උනත් ජීවිතයක් නේද? හමුදා නිළදාරීනුත් මනුෂ්‍යයෝ කියල තොපිට නොතේරෙන හැටි.

      Delete
    11. Anonymous2 July 2015 at 01:25

      තෑන්ක් යූ විචා සර්.

      සර්ගෙ සතුට විනෝදය වෙනුවෙන් තමයි අපි සැමදාමත් කැපවෙන්නෙ. ඔබේ සපත්තුව වැලඳ බදා ඔබේ සබුක්කුවෙ පහර කකා ඔබ පිනවන්නට අප සදා සූදානම්.

      කපිතන් පීකිව්ආර්එස් SLSS

      Delete
    12. @ Anonymous3 July 2015 at 18:56

      ඔබ කොහොමද කියන්නේ මම ඇනෝ ඇවිත් කියා? ඔබ දන්නවාද මේ අමන පිරිස සංවිධානාත්මකව මා අපහාසයට ලක්කිරීමට ක්‍රියාකරන බ්ලොග් රචකයන් සහ කුණුහරප කමෙන්ට් දාන ඒ බ්ලොග් රචකයන්ගේම ගෝලයන් / සගයන් පිරිසක් බව? ඒ බ්ලොග් රචකයන් අද අනාථ වෙලා ඉන්නේ. වෙනත් අඩවියක් යන්තමින් හෝ ජනප්‍රියවීම ඔවුන්ට රුස්සන්නේ නැහැ. කරුණාකර බොරු චෝදනා නැගීමෙන් වලකින්න. ඔබ කුමන සාධක පදනම් කරගෙනද කියන්නේ මා ඇනෝ ගහන බව කියා පෙන්වන්න.

      Delete
  2. කොච්චර කයිවාරු ගැහැව්වත් ඔස්ට්‍රේලියාව කියන්නෙත් මානව හිමිකම් ගැන තැකීමක් කරන රටක නෙමෙයි කකා. මොකද ඔය රටේ සරණ පතන සරණාගතයන්ට සලකන දුෂ්ට ආකාරය ගැන ලෝකේ ගොඩක් දෙනා අප්‍රසාදය පල කරනවනේ ඕස්ට්‍රේලියානු රජයට. සරණාගතයන්ට මැරෙන්න ඉඩ හරින රටක් ඕක.

    ReplyDelete
    Replies
    1. වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කාලපය නින්දිතයි.

      නමුත් තම්නට ලැබී ඇති ආණ්ඩු බලයෙන් අනිසි ප්‍රයෝජන ගන්නා ඔවුන් ගේ ක්‍රියා නිසා රටට / ජනතාවට පොදුවේ වරද පටවන්නට බෑ.

      මේක රජයේ අනුදැනුම ඇතිව සුදු වෑන්වලින් මින්ස්සු ගෙනියද්දී මුළු රටටම හෝ සමස්ත ජනතාවටම බැනීම වැරදි දෙයක් වීම වගේ අවස්ථාවක්.

      පවතින රජය බහුතර ඡන්දෙනුයි පත් වුනේ. ඔවුන්ට තවමත් හබුතර ජනතා ඡන්දය (කැමැත්ත) තියෙනවා. නමුත් ඔවුන් ගේ හැම වැඩක්ම ඒ සියළු දෙනා වුනත් අනුමත කරන්නේ නෑ.

      අනික ඔය සරණාගත ප්‍රශ්නය මේ තරම් දුරට යාමටත් මා කියන ඉගලිටේරියන් තත්වය කෙලින්ම බලපානවා. සමාජ ස්ථර දෙකක් නැති නිසා, මෙහි වෙසෙන හැම මිනිසාටම සමාන අයිතීන් තියෙනවා. රටට ගොඩ බට සරණාගතයින්ට දෙවන පන්තියේ සැලකීමක් කරන්න නීතියෙන් හෝ ඉඩ නෑ. එනිසායි, නීති වෙනස් කරමින් යන්නේ දැන් කාලෙක ඉඳලා.

      ඇමරිකා එක්සත් ජනපද රජය ගන්තනමෝ සිර කඳවුර ගොඩ නැගුවේත් ඒ වගේ නීතිමය හේතුවක් නිසායි.

      Delete
  3. ඔස්ට්‍රේලීයාවේ ඉගලටේරියන් තත්වය අවබෝධ කර නොගැනීම නිසා වැඩියෙන්ම ඇන ගන්නේ ලංකාවේ සිට සංක්‍රමණය වූ දෝස්තරලාය.....
    එහෙත් කාලයාගේ අවැමෙන් කවුරු කවුරුත් හැඩ ගැසෙති...

    එහෙත් ස්ංක්‍රමනිඅකයන් උවත් ආසියානු උපකුලකය ඇතුලේ මේවා තවමත් හොල්මන් කරති

    ReplyDelete
    Replies
    1. ඔය තත්වයට හේතුව එදා පැරණි ලංකාවේ වෙදකම මුදලට නොව මහජන සේවයක් ලෙස සිදු කිරීම නිසා වෙදුන් උතුම් වෘත්තිකයින් කොටසක්ය යනුවෙන් ඇති වුණු ජන විඤ්ඤාණය අද සියළු දේ මුදලට සිදුවෙන කාලයේත් පැවතීම සහ ඒ අනුව යමින් අපේ දොස්තර අයියලා (සහ නංගිලා) අනිසි අධිමානයක් ඇති කර ගැනීමයි!

      ජන විඤ්ඤාණය අදට ගැලපෙන පරිදි වෙනස් වෙනවාත් සමගම ඒ අධිමානයද නැති වී සමාජ ප්‍රගමනය ඇතිවේවි.

      Delete
  4. //මේ ආකාරයේ සමාජයක් බිහිවීමට හේතුව ......................
    .........ඔවුනොවුන් අතර දැඩි මිත්‍ර බැඳීමක් ඇති වී ඇත. ඒ බහුතර කණ්ඩායමේ අගයන් අද මුලු මහත් ඕස්ට්‍රේලියානු සමාජයටම ආරෝපණය වී ඇත//

    මේක හරිද? හරි නම් මේ විදියටම (හෝ ආසන්නයට) හැඩගැසුන අනෙක් රටවල තත්වයත් මේකද?
    මම හිතන විදියට රසික වැරදි කොනකින් අල්ලගෙන වගේ. බොහෝ සංවර්ධිත රටවල සමානාත්මතාවය තියනව කියල අහල තියනව.

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය ලිවීමට මා මගේ වසර විස්සක අත්දැකීමට අමතරව, මූලාශ්‍ර කිහිපයක්ම යොදා ගත්තා. මා කියා ඇත්තේ මෙහි සමාජ විද්‍යාඥයින් ද පිළිගන්නා පොදු මතයයි.
      http://www.convictcreations.com/culture/egalitarianism.html

      මෙහි කියා ඇති බැඳීම යනු මේට්ෂිප් යනුවෙන් හැඳින්වෙන සහෝදරත්වයයි. නමින් ඇමතීම එහි එක් මතුපිටින් පෙනෙන ලක්‍ෂණයක් පමණයි.

      මේට්ෂිප් යන්න ව්‍යවස්ථාවේ පූර්විකාවට යොදා ගන්නත් යෝජනා කෙරුණා.

      Delete
    2. මෙහෙත් එහෙමයි යකෝ ...ඇමරිකාවත් සිරකරුවන්ගෙන් ද ජනාවාස උනේ මන්දා

      Delete
  5. රසික, මම ඉන්නෙ සිරකරුවන්ගෙන් ජනාවාස නොවුණු රටක වුණත් මෙහෙත් ඔය විධියම තමයි. මම මගේ ප්‍රධානියට කතා කරන්නෙ ඩෙස්මන්ඩ් කියල මුල් නමෙන්. මගේ ප්‍රධානිය, ඔහුගෙ ප්‍රධානිය වුණු Vice presidentට කතා කරන්නෙ KC කියල (ඔහුගෙ නමේ මුලකුරු ) ඔහු ඒ විධියට තමන්ව හඳුන්වා දුන් නිසා, ඒ විධියට තමයි හැමෝම කතා කරන්නෙ. මම ලංකාවෙ හැදිච්ච නිසා සමහරවිට නමෙන් කතා කරන්නෙ නැතුව බොස් කියලා කතා කරන වෙලාවල් තියෙනවා. මෙහෙ සර්, මැඩම් කියන්නෙ අපි පාරිභෝගිකයෙක් හෝ රජයේ සේවා ලබා ගන්න ගියහම ඒ ආයතනවලින් අපිට කතා කරන ආකාරය. මම එක පාරක් පොලිසියට ගිය වෙලාවෙ මට කතා කළේ සර් කියල. මම මුලින් පුදුම වුණා, පොලිසිය අපිට සර් කියනකොට. මම ඒ අයට කතා කළේ officer කියලා. මම හිතන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ තියෙන්නෙ වැඩවසම් ආකල්ප, ඒ නිසා වෘත්තියෙන් ඉහල කෙනාට පහල එක්කෙනා සර්/මැඩම් කිව්වෙ නැත්නම්, ඒ අයට එතන වැඩ කරන්න බෑ. මේක ලංකාවෙ විතරක් නෙවෙයි, ඉන්දියාව ඇතුළු සමහර දියුණු වෙමින් පවතින රටවල ලක්ෂණයක්.

    ReplyDelete
    Replies
    1. ඕකෙම අනික් පැත්තත් මෙහෙ තියෙනවා.

      සමහර නිලයෙන් පහළ සේවකයන්ට මහත්තයා සර් කියන්න එපා කිව්වට පස්සෙ උන් එනවා ගෝනි නැතුව කරේ යන්න.

      මමත් රැකියාවකට ආපු මුල් කාලෙ කවුරුත් මිනිස්සුනෙ කියලා එහෙම කිව්වම උන් හිතන්නෙ උන්ටත් වඩා මම පහළ කියලා..

      Delete
    2. හරියට හරි හරී! මටත් ඔය අත්දැකීම තියනවා.

      Delete
    3. ලංකාවෙ මිනිස්සු ප්‍රාථමික බව නොකියාම බැහැ. දියුණු රටවල ප්‍රමිතියට එන්න තව කාලයක් යයි. අනික ලිංමඩියො වගෙ ඉන්න ලංකාවෙ අය මේව දන්නෙවත් නෑ. ඇත්තමයි දියුණු රටවල විශේෂයෙන් පෞද්ගලික අංශයෙ horizontal system එක ගැන මම අහල තිබුනට Egalitarianism වචනෙ ඇහුවෙත් මේ ලිපියෙනුයි.
      රසික හුඟක් ප්‍රගතිශීලී කෙනෙක්. පසුගාමී දේවල් ගැන නිදහස්ව සිතන කෙනෙක්. ඒ වගෙ අය ලියන ලිපි කියවීමේ භාග්‍ය අතිබහුතරයකට ලැබෙන්නෙ නැහැ.

      කරේ නගින්න එනව කියන කතාවත් ටිකක් සාහසිකයි. බොරුවට සර් මහත්තය කියන්න එපා කියල ඒ අය සමානව හැසිරෙනකොට ඒක දරාගන්න බැරිව තමයි ඔය කරේ නගින කතාව එන්නෙ. ඕක මම හුගක් තැන්වලදි අහල තියනව.
      මමනම් කිසිම නම්බුවක් කාගෙන්වත් බලාපොරොත්තුවෙන්නෙ නෑ. නම්බුනාම වලට මා සුදුස්සෙක් නොවෙයි. තරග විභාගයක් පාස් වුනා උපාධිලබාගත්ත කියල සුපිරිබවක් ආරෝපනය කරගන්න ඕන නෑ.
      ලංකාවෙ ටයි එකට තියන තත්වෙ බලන්න.ටයි එක දැක්කහම ගැස්සිල නැගිටින්නෙ වෙව්ලනව. ඉංග්‍රීසි වලටත් එහෙමයි. අපේ ජනතාවගේ පෞර්ශය හදන්න ඕන. ජාතියක් ලෙස අපි ඉන්නෙ හීනමානෙන්.
      අපි වගේම අපට වඩා අඩු සුදුසුකම් තියන ජනතාව අපට වඩා පහලින් තැබියයුතු බවත් එසේ නොවුනොත් ඔවුන් ගෝනි නැතිව කරේ යන බවත් කියන්නෙ රදල බ්‍රාහ්මණ මානසිකත්වයකින්නෙ.

      Delete
  6. ඔය වචනේ ගැන නං පැහැදිමක් නෑ. ඒත් ලංකාවෙත් එහෙම කරන අය ඉන්නවා. අපේ චෙෆාකි ඒ වගේ බුවෙක්..

    ReplyDelete
  7. පරිපාලන විවෘත පාස් වුන අයගෙ ආකල්ප දන්නවනම් ඔහෙල හිනාවෙලා නහිනවා. මගෙ කියුබිකල් එකට එහා පැත්තෙ හිටියෙ පරිපාලන පාස් වුන කෙල්ලෙක්. මට ඇහෙනව ඒකි යාළුවො එක්ක කියන කතා.සාරි ගන්න ගියාම කඩේ එවුන් එක්ක වලිලු ,ලොකුම ප්‍රශෙන් මොකක්ද දන්නවද දුම් රියේ සෙකන්ඩ් ක්ලාස් එකේ කළමනාකරන සහකාරල , කාර්යාල සේවක සේවෙ අය යන එකලු.කෝච්චියෙ දෙවෙනි පන්තියෙ සල්ලි දීල ඒ මිනිස්සු යන එකටත් මේ අය කැමති නෑ. ක්ලාක්ල පියන්ල ගැන කතා කරන්නෙ " අනේ එහෙම අයත් එනවද ,එහෙම අයත් එහෙම ඒවට දානවද " වගෙ නිකම් කැත විදියට .

    මම විධායක සේවා ගණයෙ සමාන්තර සේවයක නිළධාරියෙක්.මටනම් කෝකත් එකයි. පරිපාලන අයගෙ මේ තත්වය වෙනත් සමාන්තර සේවා වල ඉතාම අඩුයි.


    මේ නිකම් සාමාන්‍ය උපාධි තියන අය.කිසියම් විශය ප්‍රවීනත්වයක් තියන අයත් නෙමේ. ඉංජිනේරු සේවය වගෙ රාජ්‍ය අංශයෙ සමාන්තර සේවා වල මේ තත්වය දකින්න නැති තරම්. ඊට හේතුව ඒ අය පෞද්ගලික අංශයෙ රැකියා කර අත්දැකීම් ඇති නිසා.
    මේ අයගෙ පඩිත් පිටරට යන ගෘහසේවිකාවන්ගෙ පඩියටත් අඩුයි (මැලේසියා ,සිංගප්පූරු ) .වැඩවසම් රදලයො වගෙ හිතන්නෙ.

    මේක ලිව්වෙ දියුණු රටවල තත්වය ගැන රසික ගෙ විග්‍රහය ලංකාවෙ මේ වගෙ අයගෙ මානසිකත්වය එක්ක සසදන්න.

    රසික කියන ආයතනවල ඇන්ඩෘ ල පීටර් ල ඇත්තටම ලොක්කො.සර් මැඩම් කියන වචනවලට උරුමකාරයො.
    අර පරිපාලන කෙල්ලො මැඩම් කියන වචනෙ ඇහෙනකොට මූණ මලක් පිපුන වගෙ ක්ලාක් කෙනෙක් මැඩම් කෑල්ල නැතිව කතා කළොත් මූණ කජු ලෙල්ල වගෙ.
    නමුත් විශ්ව විද්‍යාලවල ත් මේ තත්වය අඩුයි නේද .මිස් කියල කියපුවම ප්‍රමාණවත්.ඒ අය කථිකාචාර්යවරු වුනත් . සමහරුන්ට ආචාර්ය උපාධි තිබුනත් මිස් ප්‍රමානවත්.ඩොක්ටස්ලටත් මිස් මිස්ටර් වචන ප්‍රමාණවත්. පරිපාලන කජුකිරි කෙල්ලන්ට මැඩම් කියල දනගහල වදින එක ඕනමයි.

    මම මේක කිව්වෙ සංසන්දනයට.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාවක්.....

      Delete
    2. ඇත්ත කතාවක්...

      Delete
  8. අගය කරනවා රසික සර් ගොඩක්. රසික සර් මේ ලියන ලිපි ගොඩක් වැදගත් සිවිල් අයට වගේම අපිටත්.

    කපිතන් පීකිව්ආර්එස් SLSS

    ReplyDelete
    Replies
    1. මං මේක කීප තැනකම දැක්කා..මේක වැරදි පූර්වාදර්ශයක් වගේම වැරැද්දක්..ඔයා රසිකගෙන් ඉගෙන ගෙන නැත්තං සර් කියන්න ඕනි නෑ..රසික ඔයාගේ කම්පැනියෙ කාරුවකුත් නෙමෙයි...

      Delete
    2. තෑන්ක් යූ අමිල චතුරංග සර් නොදන්නා දෙයක් කියල දුන්නට. සර් ගෙ අවවාදය හැම දෙනාටම වැදගත්.

      කපිතන් පීකිව්ආර්එස් SLSS

      Delete
    3. අන්න නරියා, මීගොං කොට්ටෝරුවා, මූකලන් බස්සා, කපිතන් කියලා හදාගෙන. පොලොස් කොට්ටෝරුවෝ SLSS කියන්නේ මොකක්ද? නොදන්න පුකවල් නොලියා හිටපිය. තොට ඉස්සරහදි බඩු හම්බවෙනවා. දැන් ඩිටෙක්ට් කරලා තියෙන්නේ.

      Delete
    4. විචාරක මහතාණෙනි,

      ඕක ඔච්චර සීරියස් ගන්න තරම් දෙයක් නෙවෙයි. මේ කජු කිරි කොල්ලෙක් සෙල්ලම් ගෙදරක ආමි සූට් එකක් ඇන්ද වගේ සුලු දෙයක්.

      අපි ඔබතුමාට ඉතා පහත් විදිහට අපහාස කරන සුලු පිරිසක් වූ ඇනෝ පිරිසගෙ පහත් ක්‍රියාවන් හෙලාදකිමු. හැබැයි ඔබතුමා ඔය විදිහට මරණ තර්ජන කළොත් ඔබට අපේ ඇති ගෞරවය අහිමි වන බවද සිහිතබා ගන්න.

      Delete
    5. Anonymous2 July 2015 at 11:50

      තෑන්ක් යූ විචා සර්. ගොඩක් අගය කරනවා වටිනා උපදෙස් අවවාද රාශියක් සමග මම කිසිසේත්ම නොදැන සිටි මට ඉස්සරහට ලැබෙන්න තියෙන දෙයක් තොරතුරු ලබා දුන්නට. සර් ගෙ අවවාදය හැම දෙනාටම, අපිට වගේම සිවිල් අයටත් ගොඩක් වැදගත්.

      කපිතන් පීකිව්ආර්එස් SLSS

      Delete
    6. @ Anonymous3 July 2015 at 19:01

      පරණ කියමනක් තියනවා වළඳ කලුයි කියලා කේතලේ කියනවලු. ඒ වගේ ඔබ කියනවා මම ඇනෝ ඇවිත්ලු. එහෙම කියන ඔබ ඇවිත් ඉන්නේ ප්‍රොෆයිල් එකෙන්ද? ඔබ කොහොමද මොන සාක්ෂි උඩද කියන්නේ මම ඇනෝ ඇවිත් කියලා. ඔබම උපකල්පන ගොඩ නගාගෙන ඔබම තීරණ දෙනවා. මෙවැනි චෝදනා නගන්න ඔබ ලජ්ජා වියයුතුයි. මා දන්නවා මෙලෙස මට අපහාස කරන පිරිස කවුද කියා. මම මරණ තර්ජන කරනවා කීමෙන් ඔබ කර තිබෙන්නේ බලවත් අපහාසයක්, මගේ මානව හිමිකම් කැඩීමක්. සියල්ල ඉදිරියේදී පියවරෙන් පියවර එලියට එයි.

      තමන්ගේ බ්ලොග්වලට ප්‍රේක්ෂක ප්‍රතිචාර නැති බ්ලොග් රචකයන් කීප දෙනෙක් සහ බ්ලොග් ලිවීම යනු ඕනෑම කුණුහරපයක් ලිවීමයි කියා සිතා සිටින පිරිසක්, තම සිත් වේදනාව හා කලකිරීම නිසයි මෙලෙස මාව අල්ලගන්න හදන්නේ. ඒ අයගේ නිරුවත හෙළිවන දවසක් එනවා.

      Delete
  9. ඔය කියන විදිහට ආමන්ත්‍රනයේදී යම් එකමුතු බවක් දැනෙනවා වගේ.ඒත් මෙහෙ ගොඩක් වෙලාවට නිහතමානී මනුස්සයාගෙ කරේ ගෝනි නැතිව නගින්න කස්ටිය සූදානමින් නෙ ඉන්නෙ.අන්තිමට සමානාත්මතාවය කෙසේ වෙතත් වැඩේ කෙරිලත් නෑ.. කරන එකාගෙ රස්සාවත් නෑ.. සාමුහික අවබෝධයක් තියෙන්න ඕන.නැත්තම් ඉවරයි.

    ReplyDelete
  10. අප සෝවියට් දේශයේදී ගුරුවරුනට ඇමතුවේ නමින්. මෙහෙත් නමින්. හැබැයි එතනත් පොඩි වෙනසක් තියනවා. සෝවියට් ක්‍රමයේදී අප භාවිතා කෙරුවේ වාසගම හා ඔබ කියන ඒවා (උඹ කියන එක භාවිතා කෙරුවේ නැහැ). මෙහෙ එයිට පියවරක් ඉදිරියෙන්. එනම් මුල් නමින්ම ඇමතීම. එය "සමාජවාදී භාවිතාවට" වඩා ටිකක් ඉදිරියෙන් (හැබැයි ගස්පදින්ල ආවා පසුව). මේ වගේ දේවල් සමාජ පරිණාමය සමග සම්බන්දයි. එකෙකු දෙන්නෙකු ගන්න උත්සාහයන් සමහර සමාජ වලදී විහිළුවක් වෙන්නත් ඉඩ තියනවා.

    ටිබී ඉලන්ගරත්නගේ ජිවිතකතාව ලෙස සැලකිය හැකි නවකතා ත්‍රිත්වයේ තිලක කතාවේ, එක අවස්ථාවක මහනුවර කච්චේරියේ ලිපිකරුවෙකු වන තිලක, වැඩ කර ගන්න එන ගැමියන්ට ඉඳගන්නට පුටුව දීම, අනෙක් ලිපිකරුවන් ගේ කේන්තියට හේතු වුන හැටි සඳහන් වෙනවා ( ගොඩක් ඈත මතකය). අද ඒ කාලෙට වඩා ඉදිරියෙන් කියා බැලූ බැල්මට පෙනෙනවා.

    ReplyDelete
  11. වැදගත් ලියමනක්..
    මම වැඩකරන කන්තෝරුව කකාගේ ජාතියේ ලාංකික ඉංජිනේරු මහත්වරු පිරුන තැනක්...සාමාන්‍යයෙන් විය යුතු දේ තමයි එයාල ඔය කියන බොරු නම්බු පස්සෙ යන්නෙ නැති එක..නමුත් සිද්ද වෙන දේ ඊට වඩා වෙනස්..

    අපේ ලෙවැල් එකේම වගේ ඉන්න බුලට් එකක් එකපාරක් හෙඩ් ඔපිස් එකේ අපි එක්කම පියන් රස්සාව කලා..(මාත් ඒ දවස්වල පියන්..දැන් කියලත් වෙනසක් නෑ..ඕනි කුනුගොඩක් ඕනි තැනක උස්සන් යනවා..) මිනිහට දඩුවම් මාරුවක් විදියට පෑලියගොඩ ඉස්ටෝස් වලට මාරුවක් දුන්නා..දැන් එතන ඉන්න ක්‍රේන් ඔපරේටර්ලා අර පියොන් ලොක්කට සර් කියනවා..මිනිහ එතන ඉස්ටෝරු කීපර් කෙනෙක්..

    ඕක මම ඇවිත් අපේ කන්තෝරුවෙ කිව්වම...කන්තෝරුවෙ අය එතන වැැරැද්දක් තියේ කියල පිලිගන්න කැමති වුනේ නෑ ...මට නම් පොඩි අවුලක් ආවා..

    කොහොම වුනත් මම දැන් කාලයාගේ ඇවෑමෙන් තරමක් සීනියර් පොරක්.. දැන් නිකං එක්සකටිව් පියන් වගේ.. සමාර වෙලාවට කොන්තරක් කාරයො හෙම මට සේර් කියන්න එනවා.. මම ඉතාම කරුණාවෙන් මේග නම කියලා අමතන්න කියල කියනවා..

    ReplyDelete
  12. පුහු නම්බුව පස්සෙ යන එක ආසියානු රටවල වැඩවසම් ගතියක්. දියුණු රටවල ප්‍රමිතියට එන්න අපට තව සෑහෙන කාලයක් යයි.

    ReplyDelete
  13. එක් සත්‍ය කථාවක්
    .එක්තරා ආයතනයක X නැමැති නිලධාරියෙක් සිටිනවා . ඔහු යටතේ රාජකාරිකිරීමට Y නැමැත්තෙක් පත්වීඑනවා . එයා X ට සර් කියා අමතනවා . එයට X එතරම් කැමැත්තක් නොදැක්වුවත් මුවින් නොබැන සිටිනවා. ටික කාලයක් යන විට දේශපාලන බල අරගලයකින් පසු Y නැමැත්තා එම ආයතයේ CEO බවට පත්වෙනවා ඇත්ත වශයෙන්ම වන්නේ ඔහු පත්වෙනවා නොවෙය් පත්කරනවා . ඒකියන්නේ සුභ සහ යස කාථාවේ වගේ දොරටුපාලකයා රජවෙනවා ..නෑ! නෑ! රජපුටුවේ ඉන්දවනවා. . දැන් දොරටුපාලකයට හැමෝම සර් කියනවා ඔහුගේ පරණ බොස් දැන් ඔහුට ආමන්ත්‍රණය කල යුත්තේ කේස්ද ? . ඔහු ආමන්ත්‍රනය කරන්වා Mr Y කියා . නමුත් දොරටුපාලක රජා බලාපොරොත්තුවන්නේ ඔහුගේ පරණ බොස් ඔහුට සර් කියනවා දැකීමටයි. .අවසානයේ දොරටුපාල රජාගේ කෑමැත්ත පරිදි සියල්ල සිදුවෙනවා. . ඔස්ටේ‍රලියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ !.

    ReplyDelete
  14. මම මුලින්ම ඕස්ට්‍රේලියාවට ආවේ ශිෂ්‍යයෙක් විදිහට... එතකොට ඒ වාරේ අධ්‍යාපන කටයුතු පටන් අරන් ටික කල ගිහින්. මුලින්ම උගන්වන්න ආපු ගුරුවරයා මගෙන් අහපු අහපු ප්‍රශ්නයකට මම 'සර්' කියලා උත්තර දුන්නහම ඔහු කිව්වා අපි මෙහෙදි නම කියලයි කතා කරන්නේ කියලා. ගුරුවරයෙකුට නිකම්ම නම කියලා කතා කරන්න හිත හදා ගන්න ටිකක් කල් ගියා. සාමාන්‍යයෙන් කිසිම ආමණ්ත්‍රණයක් නැතුව කතා කලේ.

    මම ලංකාවේ වැඩ කරලා තියෙන්නේ එකම එක තැනක විතරයි. ඒක කැනේඩියානු සමාගමක්. 20 දෙනෙක් වගේ වැඩ කරපු එතන ලොක්කා කැනේඩියානු ජාතිකයෙක්. එතනත් 'සර්' කෑලි මොකුත් නෑ. ඒ වගේම දැනුවත්ව හෝ නොදැනුවත්ව එතන දෙමළ සිංහල, මුස්ලිම් අය හරි හරියට අරගෙන තිබ්බා. කාලයක් යනකොට එතන හිටපු සීනියර් කට්ටියට කණ්ඩායම් නායකකම් එහෙම දීලා, කළමනාකාර තනතුරේ බර අඩු කලා. එහෙම කලේ ප්‍රධානියා නැවත කැනඩාවට යන අදහසින්. නමුත් එතන කණ්ඩායම්නායක කම් ලැබුණ වැඩි දෙනෙක් කලේ හෙමින් අර පරණ ස්ටයිල් 'ලොක්කා' පාර්ට් එක කරන්න ගිය එක. ඒ එක්කම ජාතිය උඩට මතු වෙන්න ගත්තා.

    කොච්චර උගත් උණත්, කැනේඩියානු ලොක්කා යටතේ කිසිම කණ්ඩායමක් වගේ වැඩ කරලා අත්දැකීම් තිබ්බත්, ගොඩක් මිනිස්සු තමන්ගේ අදහස් හැඩගස්සවා ගැනීමට අධ්‍යාපනය හෝ අත්දැකීම් උපයෝගී කරගන්නවා අඩුයි කියන එක තම මට හිතුණේ. මේ තත්වය ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් අතරත් පැහැදිලිව දකින්න පුළුවන් දෙයක්. තමන් ජීවත්වෙන රටේ තියන සමානාත්මතාව, මානව හිමිකම් අයිතිය, නීතිය ක්‍රියාත්මක වීම නිසා තමන්ට ලැබිලා තියන ජීවන තත්වය විඳ විඳ ඊට හාත්පසින්ම විරුද්ධ අදහස්, මතවාද වෙනුවෙන් බොහෝ දෙනෙක් පෙනී සිටිනවා.

    ReplyDelete
  15. මහාතිත්ථ7 July 2015 at 20:41

    රසික
    ඔබේ පෝස්ට් වලින් මම ගොඩක්ම ප්‍රිය කරන පෝස්ට් එකක් මේක

    බෙදාගන්නට වටිනවා - ඇත්තෙන්ම අනික් කරුණු කෙසේ වෙතත් මේ වගේ සමාජයක් බවට කවදා අපේ රට පත්වේවිද ? අනික් කාරණේ මේ තරම් සමානාතාවට සලකන රටක ඉඳගෙන ෆේස්බුක් එකෙන් තම උපන් බිමේ සගයන්ට ජාතිවාදී අදහස සපයන පිරිසක් ද සිටිම දුකට කරුනක් - ( ෆේස්බුක් ජාතික වින්තකයන්)

    ReplyDelete
  16. ඔය රටේ පූජකවරැන්ටත් අමතන්නෙ නම කියලද?

    ReplyDelete
  17. මම වැඩ කරන්නේ ලංකාවේ ප්‍රධානම දේශපාලකයෙක්ගේ සහෝදරයෙකුට අයත් මාධ්‍ය ආයතනයක, අපේ නම් ඔය සර් ල මැඩම් ල නෑ, සමවයසේ අය නම් බොස්ටත් නම කියල කතාකරනවා වයසින් බාල අපි බොස් කියනවා. එතනින් පහල බොස්ගේ දුවගේ ඉදල ගෘප් ඩිරෙක්ටර්ගේ ඉදල පහලට හැමෝම නිකන්ම නමින් අමතනවා. අපේ ලන්ච් රූම් එක බොස්ගේ ඉදල ටෝය්ලට් හෝදන අංකල් දක්වා පොදුයි හැමෝම එක මේසේ එකට වාඩිවෙලා කනවා බොනවා.

    ReplyDelete
  18. //මගේ බිරිඳ ඕස්ට්‍රේලියාවේ දී මුලින් ම සේවයට ගිය ස්ථානයේ ප්‍රධානියා වූ දොස්තර ඒබඩ් (සහ අන් සියලු දෙනා) එම රෝහලේ සනීපාරක්‍ෂක කම්කරුවන් ද සමග එකම මේසයේ දිවා ආහාරය ගනු දැක ඇය විස්මයට පත් වූවා ය.

    අම්මපා! මම මේ ගෝත්‍රවාදී, වැඩවසම් රට ඇත ඇරල ඔසී වලට සංක්‍රමණය වෙන්න ඕන. දොස්තරලට වෙනම මෙස් එකක් තියෙන, කොන්සල්ටන්ට්ලාට සාමාන්‍ය දොස්තරලගෙන් වෙනස්ව මෙස් එකක් තියෙන මේ රට අනිතිම වැඩවසම්. මේ රට වගේද ඔසී? මෙහේ සනීපාරක්ෂක සේවකයෙක්ට ඩොක්ටර්ස් මෙස් එක ඇතුළටවත් එන්න බෑ. වෙන එක තියා නර්ස් කෙනෙක්ටවත් බෑ. කොච්චර නොදියුණුද හැබෑට?


    ඩිස්ක්ලේමරය: මා සේවය කරන්නේ එකසත් රාජධානියේ, කේම්බ්‍රිජ් නුවර, ඇඩ්න්බෲක්ස් රෝහලේය. එය කේම්බ්‍රිජ් සරසවියේ වෛද්‍ය පීඨයේ ශික්ෂණ රෝහලයි.

    -Migara-

    ReplyDelete
    Replies
    1. පුහුණුව අවසන්ව අධි සාමාජිකත්වය ලබාගත් පසු මෙහි එන්න.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.