Monday 13 April 2015

සිඩ්නි නගරයට අලුත් නමක් - Sydney renamed...!


මා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළේ මුලින්ම වික්ටෝරියා ප්‍රාන්තයේ අගනුවර වන මෙල්බර්න් නගරයටයි. එහි තදාසන්න ප්‍රදේශ තුනක, වසර හයක් පමණ කල් විසීමෙන් පසු ජීවිතයේ සිදුවුණු වෙනස්කම් කිහිපයකට පසුව අප පවුලට නැවතත් සංක්‍රමණයක්, මෙවර රට අභ්‍යන්තරයේ, සිඩ්නි නගරය බලා, කරන්නට සිදුවිය.

සිඩ්නි නගරය ඕස්ට්‍රේලියාවේ පැරණිම නගරය මෙන්ම, ප්‍රමාණයෙන් විශාලතම, වැඩිම ජනගහනයක් වෙසෙන සහ වඩාත්ම වියදම්කාරී නගරය ද වේ. දැනට සාර්ථක දහතුන්වෙනි වසරේ සිඩ්නි තදාසන්නයේ වාසය කරන මට, මේ සුවිසල් නගරය හා ඇති එක ප්‍රශ්ණයක් නම් සිඩ්නි යන නාමය කවි පදයක යෙදිය හැකි ආකාරයේ මටසිළුටු එකක් නොවීමයි.

එලිවැට හෝ එළිසමය රුකීමට සිඩ්නි යන්න යොදා ගැනීම නම් හුදෙක් සිහිනයක් ම පමණි.

මේ ප්‍රශ්ණයට සාර්ථක විසඳුමක් ලබා දුන්නේ ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට සමනලයෙකු මගින් යැවෙන සංදේශ කාව්‍යයක් ”සමනල දූතය” නමින් රචනා කළ සිඩ්නිවාසී හෙන්රි කුමාරප්පෙරුම කවියා ය.

වසර 2005 අග භාගයේ දී හෙන්රි කුමාරප්පෙරුම එකල සභාපතිත්වය දැරූ නිව් සවුත් වේල්ස් හි "ස්කැට්ස්" සංවිධානය මගින් ඉදිරිපත් කළ "සංක්‍රමණික චින්තා" නම් සිංහල කාව්‍යය පිළිබඳ සම්මන්ත්‍රණයේ දී පළ කෙරුණු සඟරාව සඳහා ඔහු රචනා කර තිබුණු කවි පන්තියක සිඩ්නි නුවර යන්න යෙදුම කෙටි කොට -සිනුවර- යන නම නිමවා භාවිතා කොට තිබුණි.

කවියක එළිසමය සහ තාලය රකිමින් යොදන්නට ඉතා අසීරු වචනයක් වන සිඩ්නි යන්නට වඩා "සිනුවර" යන්න කොතරම් යෝග්‍ය දැයි මට එකෙනෙහිම සිතුණි.

මෙල්බර්න් නුවර වසන ගීත රචකයෙකු වන සිසිර දිසානායක විසින් මෙල්බර්න් පුරවරය සඳහා භාවිතයට "මෙපුර" යනුවෙන් මේ ආකාරයේ ම වදනක් නිපදවා තිබේ.

එයින් වසර තුනකට තුනකට පමණ පසු ඕස්ට්‍රේලියාවේ පළවෙන එක් සිංහල මාසික සඟරාවක් වන සන්නස පුවත් පත සඳහා සිඩ්නි විස්තර බිඳක් එකතු කරන්නට මා ඇරඹූ තීරු ලිපිය සඳහා මා යොදා ගත්තේ "සිනුවර හසුන" යන නමයි.

වසර 2008 සැප්තැම්බරයේ සිට වසරකට අධික කාලයක් තිස්සේ සිනුවර හසුන තීරු ලිපිය සන්නස මාසිකයේ පළ විය.

http://sannasa.sinhalajukebox.org/2008/Sep/2008Sep_page12.pdf

පසු කළෙක, ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සිඩ්නි ශාඛාව විසින් ඇරඹුණු වාර්ෂික සංස්කෘතික විවිධ ප්‍රසංගයට ද සිනුවර යන නම සහිතව සිනුවර ප්‍රතිභා යනුවෙන් නම් කෙරිණි.

සිනුවර නාමාභිෂේකය ලබූ අළුත්ම දරුවා වන්නේ මැතක දී වත් පොතේ ඇරඹුණු "සිනුවර සිංහල සංවාද" වත්පොත් කණ්ඩායමයි.

සිනුවර සදා දිනේවා යැයි පතමි!

-රසික සූරියආරච්චි (aka රසිකොලොජිස්ට්)

ප/ලි:
සයිබරයේ සිංහල බ්ලොග් වසන්තය ඇරඹී තිබුණද සිනුවර නම් මේ දිනවල ගිලෙමින් ඇත්තේ හේමන්තයේ ය.

(image:http://rcbtv.org/2014/08/06/sinuwara-prathiba-2014-photos/)

42 comments:

  1. වෙනදට ඉවර කරන්නෙ රසිකොලොගිස්ට් කියල .
    ඇයි අද වෙනස්?
    අදනම් රසික මේකට එන්නෙ නෑ කවුරුත්.
    ලංකාවෙ කන්තෝරු ස්ලීපින් මෝඩ්.
    ෆ්‍රී WIFI වත් තිබුණනම්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.

      මගේ නම රහසක් නොවෙයි නේ. ඔන්න තරමක් වෙනස් කළා. හැබයි රසිකොලොජිස්ට් හරිය? (රසිකොගිස්ට් නොවෙයි!)

      බ්ලොග්වල ලියන ලිපි අප මියගිය පසුවත් තියේවි, අනාගතයේ අයත් කියවාවි නේද? එනිසා ලොකු ප්‍රශ්ණයක් නෑ.

      Delete
  2. ඉස්සර මොණරතැන්න කියලා ගුවන් විදුලි නාටකයක් ගියා. ඒකේ හිටියා සිඩ්නි කෙනෙක්. සෝ එකේ ඇට් කොලේ මට මතක විදියට ඩොමී ජයවර්ධන.. ඒ වගේම පට්ට සින්දු කීපයක් තිබුන සෝ එකක්. මම දන්නේ නෑ ඒකෙ මියුසික් කාගෙද කියලා.

    සිඩ්නි නගරාධිපති මේවා දන්නවා නම් නඩුත් දායි ඔහේලට. මගේ තර්කයක් මේ පෝස්ට් එකෙන් අපූරුවට තහවුරු වෙනවා..

    ReplyDelete
    Replies
    1. අපි නොදන්න මොණරතැන්න

      http://www.toranavideo.com/movies/monara-thanna-detail

      Delete
    2. මොනරතැන්න කියන්නේ රේඩියෝ නාට්‍යයක් නේ. ඒකේ හිටිය රජ්ජුරුවෝ, දුව, සහ ගමේ කොල්ලා පියසෝම විතරයි මට මතක.

      සින්දු තියෙනවාද රේඩියෝ නාට්‍යවල?

      මේ කියන්නේ විජය සහ මාලනී හිටි මූවි එක වෙන්න ඕනෑ. මං නරඹලා නෑ.

      Delete
  3. හැබැටම තරුණ වයසට පැමිණෙමින් සිටින දුවරු දෙදෙනෙක් සිටින ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්නේ කොහොමද? මොකද ලංකාවේ නං තරුණ වයසට ලංවෙන ගෑනු ළමයි දෙන්නෙක් ඉන්නවා කියන්නේ ඒ ගැන සැහෙන්න හොයලා බලන්න ඕනි දෙයක් නේ. ඔස්ට්‍රේලියාවදී ඒ සම්බන්දව ඔබ මුහුණ දී ඇති අත්දැකීම් එහෙම මොනවාද? ඔය රටේ තරුණයන් එහෙම තරුණියන් පාරේ යද්දී කොලොප්පම් කරන්නේ නැද්ද? ආරක්ෂාව එහෙම නං හොදටම හොදයි නේද?

    ReplyDelete
  4. සිනුවර කියනකොට මට එකපාරටම මතක් උනේ ටීවී එකේ ගිය 'දෙනුවර ක අන්දරය'

    ReplyDelete
    Replies
    1. දෙනුවර අන්දරය නම් පරිවර්තනයක් නම් (Tale of Two Cities by Charles Dickens) මා කියවා තියෙනවා.

      Delete
    2. ඒකෙත් සිඩ්නි කෙනෙක් හිටිය නේද? අන්තිමට ගිලොටින් එකට බෙල්ල තියල මැරෙන්නේ...

      Delete
    3. සිඩ්නි කාට්න්

      Delete
  5. අපි අපේ රටෙන් ඈත්වුනාම, සුළු කණ්ඩායමක් වුනාම, සමගිය සහ සහයෝගය වර්ධනය වෙනවා. වර්ධනය කරගන්නවා. නමුත් ආපහු මේ රටට ආවම, ඒකෙ අනික් පැත්ත. ඇත්තටම එහෙම වෙන්නේ ඇයි.

    ReplyDelete
    Replies
    1. මෙහේ සමගිය තියෙනවා.ඉඳහිට වලිත් තියෙනවා!

      Delete
    2. සමගිය... රෙද්දේ සමගිය.. මෙහේ තියෙන කුළ මල, ක්ලාස් බ්ලාස් ඔක්කෝම අඩු නැතිව මේන්ටේන් කොරනවා.. සමගියෙන්ම ඉන්න, මරු කට්ටිය..

      Delete
    3. මාතලන්,

      මා 1995 අප්‍රියෙල් සිට 2011 නොවැම්බරය දක්වා මෙල්බර්න් අවටත්, එතැන් සිට අද දක්වා සිඩ්නි අවටත් ජීවත් වී තියෙනවා.

      මෙහේ ඉන්නේත් ලංකාවේ ඉන්න මිනිස්සුම තමයි, මෙෙෑම ඉපදිලා ලොකු මහත් වුණු දරුවන් ඇරුණා ම. විවිධ පුද්ගලයින් අතර තරහ මරහා තියෙන්නට ඉඩ ඇති නමුත්, මගේ අත් දැකීම් අනුව නම් වෙනත් මට්ටම්වල වලි දා ගන්නට මෙහේ ඉන්නා මිනිස්සුන්ට අවශ්‍යතාවයක් හෝ වේලාවක් නෑ.

      සමහර ස්වේච්ඡා සංවිධානවල තනතුරු සඳහා පුද්ගලයින් හෝ කණ්ඩායම් අතර තරග ඇති වුණු බව මා අසා තියෙනවා. ඊට අමතරව මා නොදන්නා වලි තියෙන්නට ඉඩ තියෙනවා. මා කතා කරන්නේ වසර විස්සක පරාසයක අත්දැකීම් ගැනයි.

      Delete
    4. //සමගිය... රෙද්දේ සමගිය.. මෙහේ තියෙන කුළ මල, ක්ලාස් බ්ලාස් ඔක්කෝම අඩු නැතිව මේන්ටේන් කොරනවා.. සමගියෙන්ම ඉන්න, මරු කට්ටිය..

      කලින්ද ආවේ, පස්සෙද ආවේ, සිටිසන්ෂිප් තියෙනවද / පී.ආර්. විතරද (එංගලන්තයේ නම් ටියර් 2 ද 5ද කියල එහෙම ), ලංකාව එක අතකට හොඳයි, මොකද ලංකාවේ කෙළි අපි දන්නවා. මේවා අළුත්ම ඒවා.

      Delete
  6. ඉන්දියාවට තියෙනවා නගරයකට එක නමක් තියාගෙන දිගටම ඉන්න බැරිකම.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන්නේ චෙන්නායි, මුම්බායි වගේ නම් වෙනස්වීම ගැනද? මං හිතන්නේ ඒවා නිගම්බො යන්න Meegamuwa ලෙස ලිවීම සහ කැන්ඩි යන්න Mahanuwara ලෙස ලිවීම වගේ සිද්ධීන් විතරයි.

      Delete
    2. ඔබ අදහස් කරන්නේ යටත් විජිත යුගයෙන් පසු ඉන්දියාවට ආවේනික නම් යොදාගත්තා කියලද?

      Delete
  7. රසික අහල /කියවල තියනවද ලන්කාවෙ හිටිය බ්‍රිතාන්ය ආණ්ඩුකාරයෙක් තම දුව/දූවරු ලංකාවෙ ස්ථාන නාම/යක් යොදාගෙන නම් කරල තියනව? මට හරියට මතක නෑ 'රත්මලාන" වගේ ස්ථාන/යක්.

    ReplyDelete
    Replies
    1. මවුන්ට් ලැවීනියා නෙමේ නේද?

      Delete
    2. Nope. It was a British girl/s born in SL. I think I have the book but can't remember which one.
      Maybe your internet search skills will unearth it and you can put the link :-D

      Delete
    3. පැනඩියුරා ද? :P

      Delete
  8. සිනුවර හසුන කියන නමේ තේරුම අදයි දැනගත්තෙ. සිඩ්නි ආටිගල කියන්නෙ ලංකාවෙ හිටිය නොම්මර එකේ ගායකයෙක්. සිඩ්නි චන්ද්‍රසේකරව රසික දන්නවනෙ.

    ReplyDelete
    Replies
    1. සිඩ්නි ආටිගල පසුකාලීනව ඇමෙරිකාවට සංක්‍රමණය වී සිට එහිදී මියගියා.ඔහුගේ බිරිඳ තවම එහි ජීවත්වෙනවා.

      Delete
    2. මං ඒ දවස්වලම වගේ ලංකාවේ පත්තරයකට කැන්ගරු අස්න නමින් තීරු ලිපියක් ලියන්න සැලසුම් කළා, ඒ අදහස ක්‍රියාත්මක වුනේ නෑ.

      Delete
  9. නරකද තිසරට කියලා බ්‍රිස්බන්වලට බිනුවර කියලා පේටන්ට් එකක් ගතහොත්. ඔබ කිව්වොත් ඔහු නොකර ඉන්න එකක්
    නම් නැ තව පර්ත්වලට පනුවර, කියලත් ඩාවින්නුවරට ඩානුවරත් , කැන්බරා නුවරට කැනුවර කියලත් ඔයාගේ බැකප් එකට තව කට්ටි හොයලා දෙන්නම් ඔය කරන දෙයක් සිංහල බසෙන්ම ලියන්න ඉංගිරිසියෙන්නම් එපා

    ReplyDelete
    Replies
    1. මේ විහිළුවක් වදතරක්ම නොවෙයි නේද?

      මා මේ ලිපියේ කියා ඇති පරිදි සිනුවර කියන්නේ කවියට ගැලපෙන්න සදාගත් නමක්. ඉන් පසු ඒ නම් විවිධ කලා කටයුතු සඳහා යොදා ගෙන තියෙනවා.

      කොළඹට කොළොම තොට කියාත් මහනුවරට වෙනත් විවිධ නම් යොදා ගන්නේත් මේ වගේ අවශ්‍යතා නිසායි.

      හැම නමකට මුලකුර ගෙන නුවර යැයි එක් කිරීමෙන් නමක් හැදෙන්නේ නෑ. ඔයිට වඩා ටිකක් නිර්මාණශීලීව හිතන්න උත්සාහ කරන්න!

      Delete
  10. සිනුවර නං අවුලක් නෑ. මෙපුර නං විකාරයක්.

    ReplyDelete
    Replies
    1. ඇයි රාජ්, එතකොට ජ'පුර කියා කියනවා අහලා නැද්ද?

      කොහොමටත් මේකත් මෙපුර නොවෙයි, මෙ'පුර මට මතක හැටියට.

      Delete
  11. සිනුවර................ ඒකනම් කවි කතා වලට කියාපු නමක් තමයි..... කොහොමත් අපි ඔය නම් අපිට ඔ්න විදිහට හදාගන්න රුසියෝ නොවැ......

    ReplyDelete
    Replies
    1. ඔව්, ජයවර්දෙන පුරට ජපුර, ගාල්ලට ගාළු පුරවර, රත්නපුරයට රුවන්පුර, කොළඹට කොළොම්පුර.........!

      Delete
  12. ඔබේ ප්‍රතිචාරය මට සතුටකි! ගස් ලබුද

    ReplyDelete
    Replies
    1. ගස්ලබු කොහොමද මෙතෙන්ට අදාල?

      Delete
    2. ගස් ලබුවලට අයිතිකාරයෝත් ඉන්නවා!

      ;-)

      Delete
  13. සිනුවර ආරච්චිලා ෂෝයි නම

    ReplyDelete
    Replies
    1. සිනුවර ආරච්චිල කියන්නේ මේ නුවර අයිතිකාරයාටයි!

      Delete
  14. හුටා එහෙනම් මෙහේ ගත්තම සාජා "සාපුර" ලෙසත් ඩූබායි "දුපුර" ලෙසත් භාවිතා කරන්න වෙයි ඉදිරියට ... හික් හික් !

    ReplyDelete
  15. ඔය නම් දැමීම රටේ වග කිව යුතු තැන් දන්නවද? ඔවුන් ඒ ගැන ගනන් ගන්නෙ නැත්නමි ඕන දෙයක්. කොහොම වුණත් සිනුවර ලස්සන වචනයක්.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.