Saturday 10 December 2016

එන පාර වෙසක්කෙකට ලෝකයේ ලොකුම වෙසක් ගහ අනුරාජපුරේ හදමු! - Project sponsors and lessons learnt


නත්තල්ලෙකට ගයන කැරොල් කොපි කර වෙසක්කෙකට භක්ති ගීත ගයනවා නම්,

නත්තල්ලෙකට යවන නත්තල් කාඩ් කොපි කර වෙසක්කෙකට වෙසක් කාඩ් යවනවා නම්,

නත්තල්ලෙකට හදන නත්තල් ගහ වැනි දෙයක් වෙසක්කෙකට නොහදන්නේ ඇයි?

එළැඹෙන 2017 වසරේ වෙසක්කෙක සඳහා මගේ යෝජනාව මෙයයි.
නත්තල්ලෙකට හදන නත්තල් ගහ කොපි කරමු!
එන පාර වෙසක්කෙකට ලෝකේ ලොකුම වෙසක් ගහ හදමු!!
ඒක අනුරාජපුරේ ම හදමු!!!

ව්‍යාපෘති කළමනාකරණයේ අ-අයන්න, ආ-යන්න දන්නා ඕනෑම අයෙකු විසින් එකඟ වෙන පරිදි, ව්‍යාපෘති කළමනාකරණයේ වැදගත් ම අදියරක් නම් ව්‍යාපෘතියක් අවසානයේ කෙරෙන සමාලෝචනයයි. ව්‍යාපෘතියේ දී අපට වැරදුණු තැන් මෙහි දී සාකච්ඡා කෙරෙනු ලැබේ.

නත්තල්ලෙකට හදන්නට ගොස් වැඩේ චොර වූ ලෝකයේ ලොකුම නත්තල් ගස පිළිබඳ ව්‍යාපෘතිය පිළිබඳ කෙරෙන එවැනි සමාලෝචනයක දී පෙනී යන වැදගත් ම කරුණ නම්, ව්‍යාපෘති කළමනාකරණයේ දී ඉගැන්වෙන මූලික ම දෙයක් අමතක කර ඇති බවයි.

එනම්, ප්‍රොජෙක්ට් ස්පොන්සර්ලා ගේ අනුමැතිය සහ ආශිර්වාදය නිසි පරිදි ලබාගෙන නැති බවයි.

එනිසා මේ වෙසක්කෙකේ ලෝකයේ ලොකුම වෙසක් ගහ ගොඩ නැගීමේ ව්‍යාපෘතිය ඇරඹීමට පෙර අනිවාර්යෙන් ම මල්වත්ත, අස්ගිරිය සහ අනෙකුත් අදාළ තැන්වලින් ප්‍රොජෙක්ට් ස්පොන්සර්ස්ලා පත්කරගෙන ඔවුන්ගෙන් නිසි අනුමැතිය සහ ආශිර්වාදය ලබා ගත යුතුයි.

නැතහොත් නත්තල්ලෙකේ නත්තල් ගහට වූ සන්තෑසියම වෙසක්කෙකේ වෙසක් ගහට සිදුවිය හැක.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ලබන වෙසක්කෙකට සැදීමට යෝජිත ලෝකයේ ලොකුම වෙසක් ගහ සඳහා ඔබේ සැලසුම් දැන් භාර ගනු ලැබේ. ඊ-මේල් මගින් අමතන්න.

මා මිතුරු පෝස්ටර් නිහාල් නම් දැනටමත් වැඩ අරඹා ඇති බව පෙනේ!

(image: http://www.free-management-ebooks.com/faqpm/principles-07.htm)

19 comments:

  1. අනුමැතිය ගන්න ඕන ලිඛිතව. නත්තල් ගහටත් කාදිනල් අනුමැතිය මුලින් ලැබුන බව කියවෙනව.

    ReplyDelete
    Replies
    1. මැල්කම් රංජිත් කියන්නේ කොලඹ අගරදගුරු මිසක් ලංකාවේ කතෝලිකයන්ගේ ප්‍රධානියා නෙමෙයි. රාවය පත්තරේට ලිපියක් දාලා තියෙනවා කතෝලික පියතුමෙක්. පුලුවන් නං ඒක කියවන්න රාජ්.

      Delete
    2. කතෝලික පල්ලිය
      එංගලන්ත සභාව
      මෙතෝදිස්ත පල්ලිය
      යොහෝවා
      ගැලවීමේ හමුදාව

      ඔය හැමෝම ස්පොන්සර්ලා කරගන්න තිබුණා.

      Delete
  2. උඹ නිකං වචන කන්ඩ එපා බං. "නත්තල්ලෙකේ" ? ඇයි නත්තලේ කියල අහල නැද්ද

    ReplyDelete
  3. බලන්නකෝ මේ මිනිස්සුන්ගේ නත්තල් ෆන් එකත් නක්කල් වෙන හැටි

    ReplyDelete
    Replies
    1. නත්තල්ගස් විමධ්‍යගතව සෑදීම ප්‍රශ්නයක් නැත. මධ්‍යමකරණය කිරීම පමණක් වැරදිය.

      Delete
  4. නත්තල්ලෙකට හදන නත්තල් ගහ වැනි දෙයක් වෙසක්කෙකට නොහදන්නේ ඇයි? ///// ඇයි සල් ගස

    ReplyDelete
    Replies
    1. මේ ගසත් ඒ ගසත් හැර වෙනත් ගස් තියේ ද?

      Delete
  5. අනුරාධපුරේ වෙසක් නැත, එහේ දැනටම මහ (නාකි) ගසක් ඇත, එයට වඩා උස ගස් හැදීම සේනාවේ සාමාජිකයන්ට ඇලජික් වෙනු නොවනුමානය.

    ReplyDelete
    Replies
    1. මෝඩ ඇණයෝ තොගේ මෝඩකම නොදන්නාකම අවලං කම හරිහමන් ජාතකයක් නැතිකම මෙහෙම ප්‍රසිද්ධියේ පෙන්නන්න එපා. වෙනත් ආගමක පූජනීය වස්තුවකට ගරහන්නේ තොගේ තියන අවජාතක කමට බව මතකතියාගන් තොගේ අම්මගෙන් අහගන් තොගේ ඇත්ත තාත්තා කවුද කියලා.

      Delete
    2. ඔය ගහ ඔරිජිනල් ම ගහද කියලා මට සැකයක් තියනවා ඇණයෝ...

      Delete
    3. ඇණයාට ප්‍රතිචාර දක්වන්න ගිය ඇනෝතුමා ඊට වඩා පව් පුරෝගෙන. අජාන් බ්‍රාහ්ම හාමුදුරුවෝ දෙන මේ උත්තරය බලන්න.
      Q:What would you do, Ajan Brahm, if someone took a Buddhist Holy Book and flushed it down your toilet?
      A: The first thing I would do is call a Plumber

      Delete
    4. ඇණයා සැබෑ බෞද්ධයෙකු ලෙස කරුණු ප්‍රශ්න කර විමසා බලයි. ඒ ඇනෝ බෞද්ධයෙකු නොව බවුඩ්ඩයෙක් බව පෙනේ.

      Delete
  6. මේ පෝස්ට් එක දාපු එකා ගොබ්බයෙක් බව ලෝකයට පෙන්වීමට ගත් සාර්ථක උත්සාහයක්.

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක දාපු එකාට අපේ සුභ පැතුම්!

      පෝස්ට් එක දාපු එකාට ජයවේවා!!

      Delete
  7. රසිකගේ යෝජනාවට අතුරු යෝජනාවක් එකතු කරමි. එනම් යෝජිත වෙසක් ගස සඳහා සුළු සුළු වෙනස්කම් සහිතව මේ නත්තල් ගසම පාවිච්චියට ගන්නා ලෙසයි. ලත් තැන ලොප් වූ නත්තල් ගස අගමැති පිහිටෙන් ලොප් වූ තැනින් යළි ලත් වූ බැවින් මේ කටයුත්ත පහසු වනු ඇති අතර තම ආගමික විශ්වාසයන් තමන්ගේ පදමට තබා ගැනීම ආගමික සංහිඳියාව සඳහා සුදුසුම ක්‍රමය වුවද අපේ රට එය අනුගමනය නොකරන බැවින් යෝජිත සර්වආගමික ගස මගින් ආගමික සංහිදියාව සඳහා අලුත් අත්හදාබැලීමක් කරන්නටද පුළුවන.

    ReplyDelete
    Replies
    1. ඒක හොඳ අදහස. ඉස්සර රත්මලානේ වෙසක් කූඩුවත් පොසොන් එකට වෙන තැනක රීසයිකල් කරනවා නේ!

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.