Saturday 8 October 2016

මල්සරා නොහොත් අනංගයාට මොකද වුණේ? - An extinct creature?


මල්සරා නොහොත් අනංගයා යනු අපේ අම්මලා ගේ, පුංචි අම්මලා ගේ තරුණ කාලයේ රට හෙල්ලු චරිතයකි. අපි පොඩි කාලයේ ද, මේ අපුරු සත්වයා පිළිබඳ එහෙන් මෙහෙන් අසන්නට ලැබුණු නමුත්, පසුකාලීනව ඌ ලොවෙන් නොදන්වා ම අතුරුදහන් වී ගියා සේ පෙනේ.

මේ කවුරුන්දැයි නොදන්නා හුදී ජනයාගේ දැන ගැනීම පිණිස කියනවා නම්, මල්සරා නොහොත් අනංගයා යනු ඉංග්ලිෂ් භාෂාවෙන් ඊරෝස් හෙවත් ක්‍යුපිඩ් ලෙසින් ද හඳුන්වන ආදරයට අධිපති දේව පැටියා ය.

මල්සරා හෙවත් අනංගයා අතේ දුන්නක් සහ ඊතල ඇත. ඔහු ඒ ඊතලවලින් තරුණ, තරුණියන්ගේ හදවත්වලට විද ඔවුනොවුන් එකිනොකා හා ප්‍රේම සම්බන්ධතාවල පටලවති.

අපේ අම්මලා තරුණ කාලයේ එකල ජනප්‍රිය ගායකයින් දෙදෙනෙකු වූ ජෝතිපාල සහ මිල්ටන් පෙරේරා අතර අනංග වාදය නම් ගී තරගයක් ද තිබී ඇත.

අනංගයා මං අනංගයා යැයි ජෝතිපාල ගැයී ය.



මිල්ටන් පෙරේරා එයට පිළිතුරු ලෙස සුපෙම් ලොවේ කුසුම් සරා මල්සරා යනුවෙන් ගැයී ය.



පෙම්වතුන්ට සරණේ, අනංගයා මම නේ යනුවෙන් යළි ජෝතිපාල ගැයී ය.



මේ සුජාතා අත්තනායකට මල්සරා ලැබූ අවස්ථාවයි.



කොටින්ම අමරදේව ද මල්සරා ගැන ගී ගයා ඇත. ඔහු මල්සරා ගැන කියන්නේ මින්දද කියා ය. මින් දද යනු මාළුවෙකු ගේ රූපය රැගත් අනංගයා ගේ කොඩියයි.



නමුත්, අපේ තරුණ කාලයවන විට ඒ අනංගයා හෙවත් මල්සරා හෙවත් මින්දද ගැන අසන්නට නොලැබුණි. කවියන් ඒ සත්වයා ගැන කවි නොලිවූහ. ගී පද නොබැඳුණි. ගායනා නොකෙරුණි.

අපට ඉතිරිව ඇත්තේ දශක ගණනාවක් පැරණි ගීත රොත්තක් පමණි!











කරුණාකර ඔබ දන්නා වෙනත් මල්සරා ගී වෙතොත් මේ ලිපියට එකතු කරන්න.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා අනුමාන කරන පරිදි කරුණාරත්න අබේසේකර විසින් මිල්ටන් පෙරේරා වෙනුවෙන් ලියන ලද ගීතයක මෙසේ කියවේ.

රෑ කවුද කෙනෙක් එළැඹී මගේ කනට මුව තියා
මින්දද ගේ දුන්නේ මල් හී පහකැයි කියා ගියා

එයින් කියවෙන්නේ ඔබට එක්වරක් නොව පස්වරක් මල්සරා විසින් විදීමට ඉඩ ඇති බවයි. මා කලින් දිනයක කියූ ආකාරයට, මට නම් පස්වරක් නොව දහතුන්වරක් ම, මල්සරා විද්දේ ය.
අවාසනාවට බොහෝ වාර ගණනක දී ඒ ඊ පාරවල් වැදී තිබුණේ මට පමණි!

(image: http://www.holidayinsights.com/valentine/cupid.htm)

58 comments:

  1. https://www.youtube.com/watch?v=3Nr3i_8sHqY

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, විජය කුමාරතුංග ගේ ඒ ගඟ අද්දර ගීතයේ මල්සර දුන්න ගැන සඳහනක් තියෙනවා නේන්නම්!

      Delete
  2. උනුත් දැන් පැටව් ගහල ගොඩක් ඉන්නවා
    https://www.youtube.com/watch?v=bcnLdQo67eo

    ReplyDelete
    Replies
    1. නිරෝෂා විරාජිනී ගේ මින්දදයෝ ගීයේ මින්දදයෝ කියන්නේ ආමන්ත්‍රණය කරන ආකාරය නේද?

      Delete
  3. මිල්ටන් ජෝති වාදය ඉවර වුනා කියන්නේ මේ සිංදුවෙන් නේද?

    "අපි සන්තෝසෙන් ඉන්නේ.... අයියා මල්ලි වාගේ අයියා මල්ලී“

    තව සිංදු...

    "ගඟ අද්දර...මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවස නිවා සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම්"

    "ගංගාවයි මහා මුහුදයි...ඊට පස්සෙ විදියි අපට මල් දුන්නෙන් මල් සරා"

    මල්සරාට ගෑණු දරුවෝ විතරද ඉන්නේ?

    "මල් ලෝකේ රාණි මල්සර දෝණි මධුභාෂිණියෙ මගෙ මාලා"

    "සුදු අසු පිට නැඟලා...මල්සර දෝණි ඔයා"

    ReplyDelete
    Replies
    1. "ගිගිරි ගීත රාවේ... මලවි හී සරේ..."

      "කුමරියක පා සළඹ සැලුනා.. උකුල ළැම හස මලවි කරලිය මුවා කල ඇගෙ දුහුල් සළු තිර..."

      "මලවි මල් හී දරන්නේ...බමර දුනුදිය සැලෙන්නේ..."

      Delete
    2. ANANGAWADAYA IWARA UNE ME SINDUWEN......

      API SANTHOSEN INNE DUKA SOKAYA NA DANNE
      AIYA MALLI WAGE AIYA MALLI........

      EKATAI CHOO YANNE EKATAI JEE YANNE
      AIYA MALLI WAGE AIYA MALLI............

      Delete
    3. ස්තුතියි ඉකොනොමැට්ටා!

      Delete
  4. අපූරු ගීත එකතුවක්...

    ReplyDelete
  5. අනංගයා "අනංග" (අංග නැතිවූ) වූ හැටි රසික දන්නෙ නැති හැඩයි. මටත් හරියටම කතාව මීටර් නෑ. ඕකා ශිවට ඊතලයක් විදින්න ගිහින් ශිවගෙ තෙවැනි ඇහැට අහුවෙලා ශරීරය පිළිස්සුනා. ඊට පස්සෙ ආත්මය ගත්තත් ශරීරය ගන්න බැරිවුණා. මේ කතාව හරියටම දන්නා කෙනෙක් ඉන්නවා නම් දාන්න රසිකටයි මටයි ඉගෙන ගන්න.

    ReplyDelete
    Replies
    1. සගය මල්සර පුවත මෙසේය,

      " මල්සරාහෙවත් අනංගයා

      ඉංග්‍රීසි සාහිත්‍යයේ "Cupid" ලෙස හැඳින්වෙන, මල් දුන්නක්‌ අතින් ගත් පියාපත් සහිත හැඩකාර කොලු ගැටයා අපේ සාහිත්‍යයේ එන්නේ මල්සරා හෙවත් අනංගයා ලෙසිනි.

      ලෝක සාහිත්‍යයේ එන "මල්සරා" ලා මෙන්ම, අපේ මල්සරාද පෙරළිකාරයෙකි. ඔහුගේ පෙරළි නිසා ගැමුණු රජුගේ පුත් සාලිය කුමරුට සිංහාසනය අහිමි විය. බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි කුමරෙකුට ද සිය උරුමයෙන් ආ ඔටුන්න අහිමිවුයේ "ක්‍යqපිඩ්" නිසාය.

      මල්සරා ගැන අපේ පුරාණ නාමාවලිය නැමති ග්‍රන්ථයේ සඳහන් වන්නේ මෙසේය.

      "සමර පන්සැර (ද) තුනුහිරු මද අනඟ
      රිය හිමි මුවරද ද මනයොන් මරු මලඟ
      කුසුම් දුනු, වසම් සැර, ලිය සැව් උනඟ
      කඳස්‌ තරග මලවිය නම් වේ අනඟ

      (පුරාණ නාමාවලිය - 12 වැනි කව)

      මල්සරා හැඳින්වෙන නම් රැසක්‌ එම කවියෙන් කියෑවේ. මේ හැම නමකින්ම ඔහු පිළිබඳ වැදගත් කිසියම් තොරතුරක්‌ කියෑවෙන්නේය. ඕනෑම රටක නම් සමුහයකින් හඳුන්වන අය සිටින බව අපි දනිමු. එවැනි අය වඩා ප්‍රසිද්ධ වන්නේ හොඳ දේට වඩා නරක දේටය, මේ අනංගද නරකම නූනත්, දඩබ්බරයෙකි. දෙවියෙක්‌ වුවද හේ පෙරළිකාරයෙකි.

      මල්සරා රාගයට අධිපති දෙවියා ය. ඔහුගේ ආයුධය උක්‌දඬු දුන්නකි. එහි දුනුදිය බඹර වැලකි. ඊට යොදන ඊතල හෙවත් සර පහකි. සියල්ල නිමාවී ඇත්තේ මල් වර්ගවලිනි. මලින් කළ හී පාවිච්චි කරන නිසා ඔහු මල්සර වන්නේය. සර පහක්‌ ඇති හෙයින් ඔහු පන්සර ද වන්නේය.

      මල්සරාගේ ප්‍රධාන කාර්යය නම් ගැහැනුන් මිනිසුන් වෙත ශර යවා ඔවුන් එක්‌කාසු කිරීමයි. මෙය හොඳ වැඩකි. ඒත් කොහොමටවත් නොගැලපෙන්නන් එක්‌ කිරීමටද ඔහු පෙළඹේ. ඔහුගේ පෙරළි නිසා දුටුගැමුණු පුත් සාලිය කුමරුට සිහසුන අහිමි විය. මේවා හුදු දෛවය සේ සිතා අපි සැනසෙමු.

      මල්සරා මහා බ්‍රහ්මගේ සිතෙහි උපන් සිතුවිල්ලක්‌ පමණක්‌ බවද ඇතැම් තැනෙක සඳහන් වේ. එබැවින් මල්සරා මහා බ්‍රහ්මගෙ පුත්‍රයෙකු ලෙස ද සැලකේ. වරක්‌ මල්සරා සිය පියා වන බ්‍රහ්මටද මල් දුන්නෙන් විද මහා පෙරළියක්‌ කරන්නට සුදානම් වූ සැටි වේද ග්‍රන්ථවල සඳහන් වේ.

      ඔහුට ස්‌වයං භූ යන නමක්‌ ද වේ. එහි අර්ථය තනිවම උපන් බවය. හේ කිසි විටක මහලු නොවේ. අනෙක්‌ සියලු දෙවියන්ට වඩා ඔහු කඩවසම් ය. කඩිසරය. ඔහුට බිරියක්‌ද සිටී. ඕ ප්‍රජාපතී දෙවඟනගේ දුව වන රතී නම් තැනැත්තිය වන්නීය.

      ඔහුට අනඟ හෙවත් අනංග යන නම බහුලව ව්‍යවහාර කෙරේ. මල් සරාට අනඟ නම ලැබීමේ පුවතද අපූරු එකකි.

      Delete
    2. වරක්‌ තාරක නම් මහා බලසම්පන්න අසුරයකුගෙන් දෙවියන්ට ගැහැට ඇති වන්නට විය. මෙය විඳදරා ගන්නට බැරිවූ විට, දේව සභාව රැස්‌ව කථා බහ කළද, සුදුසු විසඳුමක්‌ නොවූ තැන දෙවියෝ ගොස්‌ මහා බ්‍රහ්මයාට සැලකළෝය. කාරණය ගැන සොයා ඔහු කීවේ තාරක නැසීම ලේසි පහසු නොවනා බවයි. එය කළ හැකි එකම තැනැත්තා ශිව දෙවියන්ට දාව පාර්වතියගේ කුසින් උපදින ශිව පුත්‍රයා බව හේ සඳහන් කෙළේය. වැඩේ අසීරු වුවද, දෙවියෝ අභියෝගය බාරගත්හ. මේ වන විට ශිව සිටියේ ඔහුගේ පළමු බිරිඳ වන සති ගින්නට පැන මිය යැමේ සංවේගයෙන් හිමාලය කඳු මුදුනේ භාවනාවක නියෑලෙමිනි. ඒ අතර, ශිවගේ දෙවන බිරිය වීමේ අපේක්‌ෂාවෙන් පාර්වතී නම් දෙවඟනද භාවනානුයෝගීව සිටින සිය අනාගත සැමියා වන ශිවට උවටැන් කරමින් එතැනම පසු වූවාය. මේ පිළිවෙළ දිගමට ගියොත්, ශිව පාර්වතී එකතුව සිදුවී පුතකු ලබන්නට තවත් අවුරුදු ගණනාවක්‌ පසුවිය හැකි බව තේරුම්ගත් දේව සභාව එකතු වී මොවුන් දෙදෙනා ක්‌ෂණිකව එක්‌ කිරීමේ කාර්යය මල් සරාට පැවරුහ. එම අභියෝගය භාරගත් පෙරළිකාර මල්සරා, සිය කාර්ය භාරය ඉටු කිරීමේ අභිලාෂයෙන් ශිව පාර්වතී දෙදෙනා ගැවසෙන ඉසව්වේ හැංගි හොරා කාලය ගෙවමින් පසු වූයේය.

      සුදුසු අවස්‌ථාව පැමිණි විගස මල් සරා, සිය දුන්නෙන් එක්‌ හීයක්‌ ශිවට විද්දේය. වැඩේ හරියටම හරි ගියේය. ශිවගේ ධ්‍යානය බිඳී ගොස්‌ පාර්වතිය හා සිත බැඳිණි. කෙසේ වුවද සිය ධ්‍යානය බිඳීයාම ගැන විස්‌සෝප වූ ශිව තමාට එසේ වන්නට වූ හේතු කාරණා ගැන විමසීමට මෙන් වට පිට බැලුවේය. එවිට ඔහු දුටුවේ තමන්ට තවත් මල්හීයක්‌ විඳින්නට මාන බලන මල්සරාය. කෝපාවිෂ්ඨ වූ ශිව, තම තිනෙතින්ම මල් සරා දෙස බැලීය. ශිව එසේ කෝපයෙන් බැලුවහොත් ඒ බැල්මට අසුවන සියල්ල දා අළු වී විනාශවී යන්නේය. මල්සර ද දා අළු වී ගියේය. මල් සරා දෙවියකු වූ හෙයින් ඔහුගේ ශරීරය විනාශවී ගියත්, නාමය නොනැසී ඉතිරි විය.

      තම සැමියාට වූ විපතින් අධික සිත් තැවුලට පත් රතී, ශිව බිරිඳ වූ පාර්වතිය හමුවී ඇය මගින් ශිව කමා කරවාගෙන නැවත උපතක්‌ ලබා ශරීර කූඩුවද ලබා ගත්තද එසේ උපන් මල්සරා, කාලවර්ණ වූ බව සඳහන් වේ.

      මේ හැර මල් සරාට තවත් නම් රාශියක්‌ තිබේ. ජනතා සිත් මන්මත් කරවන නිසා ඔහු මන්මඳ ලෙසින්ද හැඳින්වේ. අපේ සාහිත්‍යයේ මල් සරා ගැන නොයෙක්‌ තැන සඳහන් වේ.

      හංස සන්දේශයේ එක්‌ තැනෙක ඔහු ගැන සඳහන් වන්නේ මෙලෙසිනි.

      පුන් සඳ වන් වත සිරි පෙන්වා ලොව ට
      රන් කඳ මෙන් බබලන මෙනිරිඳුන් දුට
      මන් මද වෙයි දැන් මද රජුගේ සිතට
      මන් මද යයි යනු යුතු වෙයි ඉන් ඔහුට

      (හංසය 35 වන කව)
      හංස සන්දේශයම, මල්සරා වියොවඟ නමින් හඳුන්වයි
      වියොවඟ - නැතිවූ අංග ඇත්තා - අනංග)


      වුවන කමල් ගතා රණලිය සිය ගතා
      අඩ සඳ ලලලතා බඳමල් මුතු ලතා
      වියොවග යුද පතා ඇවිදින නිති පතා
      දැකවනසර කතා අසපිය රස කතා
      (හංසය 132 වන කව)

      අනංගයාට සිදු වූ අකරතැබ්බය සඳ කිඳුරු දා කවියා ඉතා කෙටියෙන් මෙසේ සඳහන් කරයි.

      ඉසුරුගෙ දළ නෙතින්
      දැවුයෙන් අනඟ නියතින්
      රති ඔහු කෙරෙහි කැතින්
      වසන වැනි මොහු කෙරේ සතතින්
      (සඳ කිඳුරු දා කව 62 වන කව)

      සංසිද්ධිය දන්නෝ කවියේ රසය මැනවින් වින්දනය කරත්.

      මෙවැනි කෙටි ලිපියකින් මල්සරා ගැන අපේ සාහිත්‍යයේ සඳහන් සියල්ල විස්‌තර කළ නොහැක. පොතක්‌ ලිවීමට තරම් ඒ පිළිබඳ කරුණු ඇත්තේය. දියුණු යයි පිළිගත් සාහිත්‍යයට - විශේෂයෙන් පද්‍ය සාහිත්‍යයට මෙවැනි දේව කථා ජාලයක්‌ එකතු වී තිබේ. එය කවි සමය නමින් අපි හඳුන්වමු.

      මේ කවි සමය සාහිත්‍යයේ අගය වැඩි කරන අතර, ඒ නිසා සාහිත්‍යය හැදෑරීමේ රුචියද වර්ධනය කරයි. කවිසමයේ තොරතුරු දැන ගැනීමට කැමැති ආධුනිකයා ඒ පිළිබඳ කරුණු සෙවිය යුත්තේ සාහිත්‍යය හදාරා වඩා හොඳ රුචියක්‌ දැනුමක්‌ ඇති වන්නේ එවිටය. මෙය ඒ සඳහා දෙන ඉඟියක්‌ පමණි.

      පද්‍යයක ව්‍යංගයෙන් දක්‌වන හැම පැතිකඩක්‌ පිළිබඳ දැක්‌මක්‌ ඇති කර ගැනීමට කවිසමය උපකාරී වන්නේය. සාහිත්‍යය හදාරණ ශිෂ්‍යයා සාහිත්‍ය ලෝලියකු කරන්නට එම විෂය උගන්වන පරිණත ගුරුවරයා කවි සමය ආයුධයක්‌ කර ගන්නේ.

      සුසිල් පීරිස්‌ බද්දේගමයන් "දිවයින ඉරිදා සංග්‍රහය" වෙත ලියූ සටහන උපුටා දක්වන මම මයුරවිල මි.

      Delete
    3. මේ කතාව එකතු කිරීම ගැන ස්තුතියි!

      Delete
  6. ප්‍රශ්නයක්.

    එකම ඩයල් එක පෙරදිග හා බටහිර දෙකේම ඉන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. අර ගල්කන්දෙ ධම්මානන්ද වාමවාදී වුණු හැටියටම වෙන්න ඇති

      Delete
    2. ඉන්දු - යුරෝපීය ආර්යයන්ගේ දේව මන්ඩල (pantheons)වල සමානකම් බොහෝය.
      සියුස්/ජුපිටර් = ඉන්ද්‍රා
      හෙෆයිස්ටස්/වල්කන් = විශ්වකර්ම
      ඊරෝස්/කියුපිඩ් = අනංග
      හේඩීස්/ප්ලූටෝ = යම
      පොසයිඩන්/ නෙප්චූන් = වරුණ

      දෙවිවරු පමණක් නොව මිත්‍යා කතා හා වීර කාව්‍ය වලද බොහෝ සමාන හෝ සමාන්තරකම් ඇත

      Delete
    3. මං පොඩි කාලේ කියවූ යුගෝස්ලෝවියානු ජනකතා නම් පොතේ තිබුණු කතා පුදුමාකාර විදියට අප අසා ඇති ලංකාවේ කතාවලට සමානයි.

      තෙනාලි රාමන් ගේ කතා කියා තියෙනවා ඉන්දියානු කතා මාලාවක්. ඒවායේ සමාන කම නම් ලොකු පුදුමයක් නොවෙයි!

      Delete
  7. සිනා තොටක්විය ඔබ පාමුල......සිටියා මිස නොදනිමි කොහෙ සිටියාදැයි මලවී.....
    -නිරෝෂා-

    මින්ද්දයෝ ඇවිදින්
    -නිරෝෂා-

    ජයවේවා!!!

    ReplyDelete
  8. බලාගෙන යනකොට අම්බානක් මල්සර සිංදු තියෙනවනේ...
    දුමින්ද උඩ කමෙන්ට් එකේදී කිව්වා වගේ නිරෝෂාගේ මින්දදයෝ ඇවිදින් සිංදුව තරමක් අලුත් වගේම ප්‍රබලව මල්සරා ගැන කියවෙන සිංදුවක්...

    ReplyDelete
    Replies
    1. ඔව්, අනංගයා වඳවෙලා ගිහින් නෑ!

      Delete
  9. https://www.youtube.com/watch?v=AdQj3wYhamQ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි,
      ඔව්, ප්‍රියා සුර්යසේන ගේ මල්සර හිනාව කාගේදෝ ගීයේ යන්තමට සඳහනක් තියෙනවා! මේක දැන් අවුරුදු තිහක් විතර පරණ ගීතයක්!

      Delete
  10. තරුණ හිතක මිහිර රැගෙන ආපු කුරුල්ලා - සී.ඩී.ෆොන්සේකා

    http://www.topsinhalamp3.com/songs/c-d-fonseka-mp3-songs/tharuna-hithaka-mihira-ragena-mp3-song.php

    ReplyDelete
  11. https://www.youtube.com/watch?v=rVqcFnDvwdE

    ReplyDelete
    Replies
    1. සී.ටී. ප්‍රනාන්දු ගේ මල් ලෝකේ රාණී ගිතය-

      හැබැයි මල්සරා ගේ අංගජාතය පිච්චිලා නම්, දුවෙකු හැදුවේ කොහොමද මන්දා?

      Delete
  12. අපේ යාළුවෙක්ගේ මාළු ටැංකියේ හිටියා බ්ලැක්මොලි මාළුවෙක්. උගේ හමේ අප්සට් එකකට සුදු පුල්ලි වගේ ආවා. ඌට අපි කිව්වේ මින්-දද කියලා.

    කොලොන්නාවේ හිටියා එක අපතයෙක් සරත් කියලා. මිනිස්සු කිව්වේ වල් සරා කියලා. උසාවියෙදි නඩුකාරයා ඇහුවා " යුෂ්මතාට ගමේ අය වල් සරා කියලා අමතනවද කියලා.

    මූ කිව්වලු නෑ හාමුදුරුවනේ මට මිනිස්සු ආදරේට කියන්නේ මල් සරා කියලා. .

    මූ පුදුම මල් සරෙක්. බීලා ඇවිත් ගැණිව හෙලිවැල්ලෙන් ඇවිද්දවනවා. අමු අපතයා.

    ReplyDelete
    Replies
    1. මං හිතුව අරූ යාළුවෙක් මැරිච්ච කථාවක් කියන්න යනව කියල

      Delete
    2. යාළුවෙක් නෙමේ ඉයන් මාළුවෙක් මැරිච්ච කතාවක්. ඇත්තටම මින්දද පස්සේ මලා.

      Delete
    3. අරුණ, ඔය වගේම "වල් සරෙක්" ට වෙල් විදානෙ කමක් එක්ක ඇමතිකමකුත් ලැබිල දැන් කැලණිය පැත්තට ගිහින් නේද?

      Delete
    4. ඇමතිකමටත් මාස ගානක් වුනා....ඒ ගැන වගේ වගක් නැහැ....මර්වින්ටම සෙට් වුනානම් වල්, මල්, ගල් ඔක්කොම බලාගන්න පුලුවන්. කාට කියන්නද.

      Delete
  13. රසිකගෙ මල්සරා ප්‍රසන්න රණතුංග වගේ කියල පේන්නෙ මට විතරද?

    ReplyDelete
    Replies
    1. ඔව් පොර තමයි බං. ඔය කටේ ගහන් ඉන්නේ ****ගේ *** .












      Delete
    2. සිරිකොතෙ පිළිකන්නට ගියාම අරුගෙ කටේ ගහන ඒවගේ රහ දැනිල වගේ

      Delete
    3. මචං ඇනෝ.....ඇයි බං මට නිකං අමුතු ටෝක් එකක් දීලා තියෙන්නේ. මම තරු හතක් දැම්මා විතරයිනේ. හත් දින්නත් තරු...... තරුවලට කාවවත් ආදේශ කරගන්න එපා. චිත්තයා අප්සට් නේද? මට ගහන්න එපා බං.

      Delete
    4. මෙන්න ප්‍රසන්න රණතුංග ගේ මෑතක ඡායාරූපයක්-
      https://rasikalogy.blogspot.com/2016/06/i-o-sirisena.html

      Delete
  14. රසවත් මාතෘකාවක්.
    කමෙන්ට් ටිකත් රසය වැඩි කරනවා.

    ReplyDelete
  15. http://chamikaya.blogspot.com/2015/05/blog-post.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ගොස් කියවූවා හොඳ ලිපි රාශියක් තියෙනවා.

      Delete
  16. "අනංගය ත් ඉරිසියයි අපට, කළුවරේ දිලිසෙනව මගෙ මැණික"

    :D

    මේ ගීතය අවුරුදු 2කට පමණ කලින් ආ අලුත් යැයි කිව හැකි ගීයක් නිසා, අනංගයා ව නව පරපුරටත් අමතක වෙලා නෑ වගේ නේද?

    ගීතය නම් නොදන්නා කෙනෙක් නැතිව ඇති :P
    කොහොමහරි, 2014 දී උඩුගත කළ, මුල් ගීතය මේ.

    https://www.youtube.com/watch?v=z7mKMWomz1A

    ReplyDelete
  17. මල්සර හිනාව පෙම්බර කතාව කාගේ දෝ

    ReplyDelete
  18. "ක්‍යුපිඩ්" කියන එකද සිංහලට එනකොට "කුපාඩියා" වුනේ?

    - Dimithri

    ReplyDelete
    Replies
    1. කුපාඩියා = හරක් ගොන්සේකා

      Delete
  19. මල්සර උක් දඬු දුන්නෙන් පැණි බී
    දේදුන්නක් උඩු අතට නවා බිඳ
    මල් උයනක මල් අවුල් කරදමා
    ඔබේ පැල්පතට ඔබ දැක ගැනුමට
    ආ..වෙමි වියරු වෙසින්.....

    ගායනය වික්ටර් රත්නායක

    ReplyDelete
    Replies
    1. නයනේ......මේ ගීතය අහන්න ලින්ක් එකක් දාන්නකෝ හැකි වෙලාවක.

      Delete
    2. @අරූ,

      මෙන්න. මාත් මේ සින්දුව ඇහුවේ දශක ගණනාවකට පස්සේ!
      කිසිම සීඩී එකක නෑ වගේ මට පේන්නේ.
      https://youtu.be/FkiUYUh0P-4

      Delete
    3. ස්තුතියි නයනේ-
      එකතු කළා!

      Delete
    4. නයනේ & රසික....... පට්ට ගීතයක්. ස්තූතියි!!

      පදමාලාව ඉතාම සාරවත්. ගායනයේදි වික්ටර් ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..පළවෙනි වර්ස් එකට මියුසික් සහ තනුව හොඳටම ගැලපෙනවා. ඊට පස්සේ වර්සස් වල අර්තයත් එක්ක මියුසික් වෙනස් වුනා නම් කොච්චර හොඳද කියලා හිතුනා. මගේ පෞද්ගලික අදහසක් විතරයි. මේක මියුසික් වික්ටර්ගෙමද?

      Delete
  20. Replies
    1. ස්තුතියි තවත් එකතු වුණා!

      Delete
  21. "පෙම්වතුන්ට සරණේ අනංගයා මමනේ " ගීයට පිළිතුරු ගීයක් ආයි කරු ලිව්ව. ඒ තමා “අනංගයා සරණේ පෙම්වතුන්ට මරණේ ..” කියල. මේ වාදෙ ඉන් පස්සෙ දෙන්නම කියාපු ” අපි සන්තෝසෙන් ඉන්නේ .. අය්යා මල්ලි වාගේ .. “ ගීයත් එක්ක ඉවර උනා. විශේෂත්වය ඔය සින්දු සෙට් එක මිල්ටන් පෙරේරට කරුණාරත්න අබේසේකර ලියනකොට , කරුගෙම මල්ලි ගුණරත්න අබේසේකර ජෝතිට ලිව්ව එක.

    මෙන්න අනන්ගයා ගැන සුජාතගෙ තව සින්දු..

    අනන්ගා වඩින් කාට කාටත් හොරෙන්
    https://www.youtube.com/watch?v=4-FVGZ8S0Ss

    අනන්ග දේසේ
    http://sinhalamaduragee.blogspot.ae/2013/08/sujatha-attanayake.html

    මල්සරා මල් හී දරා මල් වනේ හැන්ගී හොරා
    http://sarigama.lk/profile/song_profile/13359/malsara-sujatha-aththanayake-mp3-song-download-online-listen

    ReplyDelete
  22. Every weekend i used to go to see this website, because i want enjoyment, for the reason that this this web site conations really good funny material too.

    ReplyDelete
  23. Asking questions are truly pleasant thing if you are not understanding something fully, except
    this post gives nice understanding even.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.