Monday 17 October 2016

කොමිසාර් හුන් කෙන්, පොල්, පොට්, මාවෝ තූන් සහ නොම් පෙන් ගේම්ස් - A turning point? Lets hope so!


අසමසම නාට්‍ය ජීවිතයක් ගැන රේඛීය කාල රේඛාවක ලියවෙමින් තිබුණු කතාංග මාලාව මදකට නවතා, පසුගිය සෙනසුරාදා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රාජ්‍යයේ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ, සිඩ්නි තදාසන්න ඩියුරල් ග්‍රාමයේ රංග ශාලාවක දී පැවැත්වුණු සිඩ්නි සිංහල කෙටි නාට්‍ය උත්සවයේ එක් නාට්‍යයක් වූ "නොම් පෙන් ගේම්ස්" පිළිබඳව සටහනක් තබන්නට සිත්විය.

මා ලියා පළ කළ "පෝස්ටර් නිහාල්" නම් ලිපියෙන් රසිකොලොජියට හඳුන්වා දුන් සහ පසුව ලිපි දෙක තුනකම නම සඳහන් වුණු මා මිත්‍ර නිහාල් රූපසිංහ විසින් රචනා කරන ලදුව, නිහාල් රූපසිංහ ගේ සහ තිලක් රණසිංහ ගේ සම අධ්‍යක්‍ෂණයෙන් වේදිකාගත වුණු නොම් පෙන් ගේම්ස් හි අන්තර්ගතය කෙටියෙන් මෙසේ ය.

කාම්බෝජය නම් රටක "නොම් පෙන්" නුවරක වාසය කළ, එහි නීති සම්පාදක මණ්ඩලයේ කොමිසාර්වරයෙකු වන "හුන් කෙන්" වෙඩි වැදී මරණයට පත් වී ඇත. ඔහු ගේ මරණ පරීක්‍ෂණය භාර වී ඇත්තේ කාම්බෝජයේ සීඅයිඩී හි "පොල්" සහ "පොට්" නම් නිලධාරීන් දෙදෙනාට ය.

මූලික සාක්‍ෂි කැඳවීමේ දී, නොම් පෙන් සිද්ධස්ථානයෙන් අධිපති තැන මියගිය කොමිසාර් හුන් කෙන් ගේ සිල්වත්කම වර්ණනා කළ ද, හුන් කෙන් ගේ දියණිය, "සෝන්", පවසන්නේ ඇය කුඩා කල ඇගේ මව ද මෙලෙස මිය ගිය බවත්, එහි රහස ඇය හෙළි කරාවි යැයි සැක කළ ඇගේ පියා ඇයව බිය කර, මානසික රෝහලකට පවා යැවූ බවත්, ඉන් පසු නිවසේ කලින් කලට මෙහෙකාරියන් රැසක් සිටි බව සහ ඔවුන් බොහෝ දෙනෙකු ද නතර වූයේ රෝහල්වල බවත් ය.

නිවසේ මෙහෙකාරිය වූ "චණ්ඩා" පවසන්නේ ඇය මේ මරණය වූ දින කුස්සියේ වැඩ කරමින් සිටියදී, කොමිසාර් හුන් කෙන් පැමිණ, අධික ලෙස මත්පැන් පානය කර, ඇයට කාමරයට යාමට කතා කළ බවත්, ඇය එයට එකඟ නොවූ බවත් ය.

ඔවුන් ගේ සාක්‍ෂිවලින් කොමිසාර් හුන් කෙන් ගේ මරණය සිදු වූ ආකාරය හෙලිවීමට ඉඩ ඇති බව පොල් සහ පොට් ඔවුන් ගේ ලොක්කා ට දුරකථනයෙන් දන්වති. ලොක්කා ගෙන් උපදෙස් ලැබෙන්නේ හුන් කෙන් ගේ නිවසේ මෙහෙයකාරීය වන චණ්ඩා ගේ සැමියා වන මිනීමැරුම් චෝදනාවලට වරදකරුව සිරගත වී සිටින "මාවෝ තූන්" නම් පුද්ගලයා හිරෙන් පන්නාගෙන මේ මිනීමැරුමට පාපෝච්චාරණයක් ලබා ගන්නා ලෙසයි.

කොච්චි මිරිස් සාත්තුව, ධර්ම චක්‍රය සහ තවත් නොයෙකුත් දස වධ සහ පහරදීම්වලට ලක්වුණද මාවෝ තුන් තමන් නොකළ මිනීමැරුමක් සඳහා පාපෝච්චාරණය නොකරයි.

අවසානයේ ලොක්කා උපදෙස් දෙන්නේ මාවෝ තූන් ගේ බිරිදවන හුන් කෙන් නිවසේ මෙහෙකාරිය චණ්ඩා අත්අඩංගුවට ගෙන ඇය මරණ බවට තර්ජනය කර අවශ්‍ය පාපෝච්චාරණය ලබා ගන්නා ලෙසයි.

චණ්ඩා සහ මාවෝ තූන් වධකාගාරයේ දුක් විඳිද්දී ආණ්ඩු පෙරළියක් සිදු වේ. තම ස්ථාවරය වෙනස් කරන ලොක්කා සිරකරුවෙකුට දසවද දෙන බව තමන්ට ආරංචිවූ බව පවසමින් පොල් සහ පොට් පරීක්‍ෂකයින් දෙදෙනාට බැණ වැදී ඔවුන්ට අණ කරන්නේ සාධාරණ පරීක්‍ෂණයක් පැවැත්වීමටයි.

චණ්ඩා ගේ සාක්‍ෂිය ලෙස වේදිකාවේ දිග හැරෙන ජවනිකාවේ තමන් මාවෝ තූන්ව බොරු චෝදනා මත සිරගෙට නියම කළේ, චණ්ඩා මෙහෙකාර සේවයට ගෙන ලිංගික ප්‍රයෝජන ලබාගැනීමට බව කොමිසාර් හුන් කෙන් හෙළි කරන අයුරුය. ඔහු පිස්තෝලයක් රැගෙන චණ්ඩා බිය ගන්වා ඇය දුෂණය කිරීමට සැරසෙද්දී ඇයව බේරා ගැනීමට එහි දිව එන තම දියණිය සෝන්ට පහර දෙන කොමිසාර් සෝන් ගේ මව ද මරා දැමුවේ තමා බව වෙරිමතින් පවසයි.

එහිදී ඇති වෙන පොර බැදීමේ දී පිස්තෝලය පත්තු වී කොමිසාර් හුන් කෙන් මරණයට පත්වෙයි!

විනාඩි පහළොවක් පමණ වේලාවක් රඟ දැක්වුණු මේ නොම් පෙන් ගේම්ස් කෙටි නාට්‍යයේ කොමිසාර් හුන් කෙන් ලෙස සුජීව මුදළිගේ ද, පොල් සහ පොට් ලෙස භාෂිත හෙට්ටිගොඩ සහ ඉසුරු කළුබණ්ඩාර ද, චණ්ඩා ලෙස ශ්‍රියා රණසිංහ ද, සෝන් ලෙස මිහිරි ප්‍රනාන්දු ද රඟ පෑහ.

මා රඟපෑවේ මාවෝ තූන් නම් සිරකරු ගේ චරිතයයි. ඊට අමතරව, තිරයෙන් පිටුපස සිට නොම් පෙන් සිද්ධස්ථානයේ අධිපති ලෙස ද, පොල් සහ පොට් ගේ ලොක්කා ලෙස ද, මම හඬ සැපයූවෙමි.

මේ මා විශ්ව විද්‍යාලයකින් පිටත, ප්‍රසිද්ධ වේදිකාවක කළ මුල් ම රංගනයයි.

"මරල දාපියව් මාව! මං නොකළ දෙයක් මං පිළිගන්නේ නෑ යකෝ!! මට දැන් නැතිවෙන්න දෙයක් ඇත්තෙත් නෑ!!!"

-රසිකොලොජිස්ට්

(Photo by Vijitha Thalpavila)

41 comments:

  1. ඉන්ටරෙස්ටින්....

    ReplyDelete
  2. අපේ විශ්ව විද්‍යාලයේත් මේ වගේම ප්‍රභසන නාට්‍යයක් රඟ දක්වන්න අපි මේ මොහොතේ ලෑස්තිවෙමින් ඉන්නේ. ඒකෙ ප්‍රධාන චරිත තමයි ටුවරිස්ට් ගයිඩ් කෙනෙක්, පැන්ෂන් ගිය ආමිකාරයෙක් හා තට්ට ගීත රචකයෙක්. මේ තුන් දෙනාගෙන් දෙන්න දෙන්නා වෙලාවකට ගහ මරා ගන්නවා. මුලින්ම ගයිඩයි ආමිකාරයයි මරා ගන්නවා. ඊළඟට ගයිඩයි තට්ට ගීත රචකයයි ලොකු වලියක්. ඊට පස්සෙ මෙන්න පැන්ෂන් ගිය ආමිකාරයයි ගීත රචකයයි වලියක්. මේ දවස් වල මේ නාට්‍යයට නළුවන් හොයමින් ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලෝකයේ ආරක්ෂක විෂය පිලිබඳ "කොමිසාර් කිචා" W3 අඩවියේ දී සැඟවුණු සතුරන්ගේ මල්ටි බැරල් ප්‍රහාර හමුවේ බරපතල තුවාල ලබා සිටියදී ඊයේ එනම් 16 වන දින රාත්‍රී 11.16 ට පමණ ප්‍රගුණ වෙඩිකරුවකු විසින් එල්ල කරන ලද ස්නයිපර් ප්‍රහාරයකින් මරුමුවට පත්වූ බව දැනුම් දෙමු.

      "කොමිසාර් කිචා" බරපතල තුවාල ලබා සිටියදී බ්ලොග් ලොව වෙත නිකුත්කරන ලද නිවේදනයකින් කියවුනේ තමන්ට එල්ල වූ ප්‍රහාරය පිලිබඳව සිනුවර වාසී මැවිසුරෙකු සහ ශ්‍රී ලංකා වාසී සංචාරක මගපෙන්වන්නෙකු සැකකරන බවයි.

      නමුත් තතුදත් ආරංචි මාර්ග සැකකරනුයේ සාරස තුමන් විසින් යම් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා වලින් ඉවත්ව ගිය පිරිසක් යොදාගෙන මේ ප්‍රහාර මාලාව එල්ලකළ බවයි.

      Delete
    2. අපි ඉස්කෝලෙ යන කාලෙ විචා තුමා වගේ සර් කෙනෙක් හිටියා. මෑන්ටත් වෙන සර්ලාට වගේ අන්වර්ථ නාමයක් තිබුණා. ඕක හිටපු ගමන් කිව්වාම තදවෙලා ළඟ ඉන්න එකෙකුට ඇදලා අරිනවා. ඒක කිව්වෙ වෙන එකෙක් කියලා හැඟීමක් නෑ. ඉතින් හැමදාම අහිංසකයො ගුටි කනවා. විචා තුමාත් ඒ වගේ තමයි. තමන්ට විරුද්ධව ඇනෝ කමෙන්ට් දාන්නෙ කවුද ප්‍රශ්නයක් නෑ. කාට හරි ඇදලා අරින්න තමයි ඕනැ. අර ජයතුංග දොස්තර මහත්තයා කිවා වගේ ආමි එකෙන් පැන්ෂන් යන්න කලින් මානසික සායන වලට සහභාගි වෙන එක අනිවාර්ය කළ යුතුයි. නැත්නම් ඒ මිනිස්සුත් විඳවනවා. අහක ඉන්න මිනිස්සුත් විඳවනවා.

      Delete
    3. කොහේ ඉන්න විචා තුමෙක්ද බං? දැන් නියම කිචා. අර උඩ පහත ඇනෝල කියනවා වගේ කිචාට නිල බලල ඒ comment එකේ දීල තියනව.

      Delete
    4. මෙවැනි කමෙන්ටුවලින් මේ ලිපියට ප්‍රයෝජනයක් නැත. ඒවා අදාල තැන්වල යොදන්න!

      Delete
  3. මවෝ තූන් හිරෙන් පැන්න පාර තාම නිදැල්ලේ ද?

    ReplyDelete
    Replies
    1. මාවෝ තුන් ගේ ඉරණම ඊළඟ වසරේ කෙටි නාට්‍ය උත්සවයේ දී බලාගත හැකියි!

      Delete
  4. රසික ටිකක් ඇඩමලී වගේ

    http://groundviews.org/2011/02/11/interview-with-mohamed-adamaly-a-life-in-english-theatre/

    ReplyDelete
    Replies
    1. යකෝ.... ඇත්ත නේන්නං... අයියා මල්ලී චරිත දෙකකට කියාපු ඩබල!

      Delete
  5. පොල්, පොට්, මාවෝ තූන් වගේ චරිත නාම ගත්තම මට හිතෙන්නෙ මිනිස්සු ඒ ගැන වැඩි අවධානයක් දක්වල නිර්මාණ රසය අමතක කරනව කියල.

    "මරල දාපියව් මාව! මං නොකළ දෙයක් මං පිළිගන්නේ නෑ යකෝ!! මට දැන් නැතිවෙන්න දෙයක් ඇත්තෙත් නෑ!!!"
    සමහර වෙලාවට රිදෙන්න හොම්බට දෙකක් ඇනීමත් ගුණදායකයි. ඊට පස්සෙ වධ දෙන්න එන්නෙ නෑ. ඔය ඉඳහිට අර්ශස් තදවෙලා බොග දාන්න බැරිවුනාම කුනුහබ්බයක් දෙකක් කියනව විතරයි.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලෝකයේ ආරක්ෂක විෂය පිලිබඳ "කොමිසාර් කිචා" W3 අඩවියේ දී සැඟවුණු සතුරන් විසින් දින කිහිපයක සිට එල්ල කළ මල්ටි බැරල් ප්‍රහාර හමුවේ බරපතල තුවාල ලබා සිටියදී ඊයේ එනම් 16 වන දින රාත්‍රී 11.16 ට පමණ ප්‍රගුණ වෙඩිකරුවකු විසින් එල්ල කරන ලද ස්නයිපර් ප්‍රහාරයකින් මරුමුවට පත්වූ බව දැනුම් දෙමු.


      "කොමිසාර් කිචා" බරපතල තුවාල ලබා සිටියදී බ්ලොග් ලොව වෙත නිකුත්කරන ලද නිවේදනයකින් කියවුනේ තමන්ට එල්ල වූ ප්‍රහාරය පිලිබඳව සිනුවර වාසී මැවිසුරෙකු සහ ශ්‍රී ලංකා වාසී සංචාරක මගපෙන්වන්නෙකු සැකකරන බවයි. එසේම W3 අඩවියේ පාලකයා විසින් තමන්ට ආරක්ෂාව සැපයුවේ නැතැයි පවසමින් එම නිවේදනයේ කෙඳිරිගා තිබිණි.

      පිරිසක් සැකකරනුයේ සාරස තුමන් විසින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා වලින් ඉවත්ව ගිය යම් පිරිසක් යොදාගෙන මේ ප්‍රහාර මාලාව එල්ලකළ බවයි. නමුත් තතු දත් ආරංචි මාර්ග පවසනුයේ ආරක්ෂක විෂය සහ හමුදා ඉතිහාසය පිලිබඳ හොඳින්ම දත් යම් ආරක්ෂක අංශයක විශ්‍රාමික සාමාජිකයන් පිරිසක් යුද්ධය පිළිබඳව සත්‍ය කරුණු වලට අසත්‍ය කරුණු ද එක් කොට “කොමිසාර් කිචා” ප්‍රකෝප ගන්වා කිසිදු යුද පරිචයක් නොමැති “කිචාව” තමන්ට වාසි සහගත සටන් බිමක් වෙත ගෙන්වා මල්ටි බැරල් ප්‍රහාර එල්ල කොට බරපතල තුවාල සිදුකර ඉහත මාරක ස්නයිපර් ප්‍රහාරය එල්ලකළ බවයි.

      “කොමිසාර් කිචාගේ” සහයට පැමිණි “බැට්මන්” රොබර්ට් ද සන්නද්ධ පිරිසගේ තර්ජනය හමුවේ පලාගිය බවද වාර්තා වේ.

      Delete
    2. @ රාජ්

      නිහාල් රූපසිංහ මේ කතාව ලියා ඇත්තේ කාම්බෝජය පසුබිම් කරගෙනයි. නම් තෝරා ඇත්තේ ඒ අනුවයි. පොල් සහ පොට් යනු දෙදෙනෙක්.

      මාවෝ තූන් යන නම, සමහර ප්‍රේක්‍ෂකයින්ට ඇසී ඇත්තේ මහතුන් ලෙස බව පසුව දැන ගන්නට ලැබුණා!

      Delete
    3. තවත් කාරණයක්.

      මෙහෙකාරියන්ට අතවර කරන, මිනිසුන් හිරේ දමා ඔවුන් ගේ බිරින්දෑලාව දුෂණය කරන ජජ්ලාට හුන් කෙන් වගේ නම් නොදා, ලෙනින් වගේ රුසියානු නම්, ආබෘ වගේ පෘතුගීසි නම් දාන්නද කියන්නේ? හුහ්!

      Delete
  6. කවුද බොල මම නැති වෙලේ කොච්චි මිරිස් සාත්තුවක් දුන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒකත් කොපි රයිට්ස් ද?

      Delete
    2. බ්ලොග් ලිපියක් දෙකක් කියෙව්වා.පසුව එන්නම්!

      Delete
  7. නළු රසික.
    නියම තිර පිටපතක් වගේ.

    ReplyDelete
    Replies
    1. පිටපතේ කොටස් අඩු කරන්න වුනා, නාට්‍යය කෙයි කරන්න. හැබැයි තව දියුණු කරලා පැය භාගයක එකක් කරන්න පුළුවනි!

      Delete
  8. විචා ඩේටා බෙස් එකක් හදාගෙන, ඇනෝලගෙ ස්ටයිල් එක නෝට් කරලා තියාගෙන අපිව අල්ලන්න එනවලු. අනේ බං විචෝ අල්ලපන් අපේ නැටි!

    ඔයා ඒ දවස් වල බුද්ධි අංශෙන් එවලත් අපිව අල්ල ගන්න බැරි වෙච්චි එකේ තව කොහේ අල්ලන්නද මෙයා? ඔයා රිටයර් වෙන්න කාලෙ හරි දැන්.

    ReplyDelete
    Replies
    1. මෙවැනි කමෙන්ටුවලින් මේ ලිපියට ප්‍රයෝජනයක් නැත. ඒවා අදාල තැන්වල යොදන්න!

      Delete
  9. ඔව්ව මොන නාට්ටිද? පහුගිය කාලෙ අපි බලපු 'සිකුරු සෙනසුරු ගයිඩ් කමිසුරු ' නාට්ටිය කෝමද ? අන්න නාට්ටි! මේ දවස් වල රිහසල් යනව තව එකක් පැන්ෂන් ගිය කාකි සූට් කාරයෙක් තමා ජෝකර්ගෙ පාට් එක කරන්නෙ. හෙට අනිද්දට පෙන්නයි.

    ReplyDelete
    Replies
    1. මෙවැනි කමෙන්ටුවලින් මේ ලිපියට ප්‍රයෝජනයක් නැත. ඒවා අදාල තැන්වල යොදන්න!

      Delete
  10. රසික අයියත් ලේසි නෑ බලාගෙන යද්දී ආ..

    ReplyDelete
  11. රසික,

    පොඩ්ඩක් බලන්නකෝ සයිට් එක රීඩිරෙක්ට් වෙනවද කියල විචාරකගේ බ්ලොග් එකට.
    වැරදි මාර්ගයේ යන කොමෙන්ට් එකසිය ගානට මේකට එන්න අරගෙන.

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ටු සරල උපහාස නිසා කිසිවක් නොකරමි!
      ඕවා ලියන අයගේ අසහනය එයින් දුරුවෙන නසිතා එය ඔවුන්ට ඇති හැකි හොඳම ප්‍රතිකාරයයි.

      Delete
    2. මං බ්ලොග් ලියන්නේ ඇයි යන්න ගැන මං හැමදාම කීවේ මෙයයි.

      මා බ්ලොග් කියන්නේ මගේ සතුට උදෙසා ය. එයින් කියවන අයට ද යම් වින්දනයක් ලැබේ නම් එය මට බෝනස් එකකි!

      එහි වෙනසක් අද ද නැත!

      Delete
  12. මේක ටිකක් අර අපේ රටේ ජජ් ගේ මරණය ව‍ගේද කියල මම කල්පනා කළේ - කෙසේ වුනත් කාම්බෝජ සංක්‍රමණිකයන් ඉන්න රටක් ඔවුන්ගේ ර‍ට ඉලක්ක කරගෙන නාට්‍ය රඟ දැක්වීම ගැන අවුලකුත් නැති හැඩයි

    ReplyDelete
    Replies
    1. මෙහෙකාරියන්ට අතවර කරන, මිනිසුන් හිරේ දමා ඔවුන් ගේ බිරින්දෑලාව දුෂණය කරන ජජ්ලා ඉන්නේ එංගලන්තේ නේද?

      Delete
    2. තවත් කාරණයක්.

      මෙහෙකාරියන්ට අතවර කරන, මිනිසුන් හිරේ දමා ඔවුන් ගේ බිරින්දෑලාව දුෂණය කරන ජජ්ලාට හුන් කෙන් වගේ නම් නොදා, ලෙනින් වගේ රුසියානු නම්, ආබෘ වගේ පෘතුගීසි නම් දාන්නද කියන්නේ? හුහ්!

      Delete
  13. /මේ කමෙන්ටු සරල උපහාස නිසා කිසිවක් නොකරමි!
    ඕවා ලියන අයගේ අසහනය එයින් දුරුවෙන නසිතා එය ඔවුන්ට ඇති හැකි හොඳම ප්‍රතිකාරයයි./

    එතකොට රසික බ්ලොග් ලියන්නෙ අනුන්ගෙ අසහනය දුරු කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන්. අනේ හොඳයි... යහපතක්ම වේවා!

    ReplyDelete
    Replies
    1. මං බ්ලොග් ලියන්නේ ඇයි යන්න ගැන මං හැමදාම කීවේ මෙයයි.

      මා බ්ලොග් කියන්නේ මගේ සතුට උදෙසා ය. එයින් කියවන අයට ද යම් වින්දනයක් ලැබේ නම් එය මට බෝනස් එකකි!

      එහි වෙනසක් අද ද නැත!

      Delete
    2. අපි කමෙන්ට් කරන්නේද අපේ වින්දනය උදෙසාය. ඉන් රසිකටද වින්දනයක් ලැබේ නම් එය අපට බෝනස් එකකි.

      Delete
  14. උඹ මහ තිරිසනෙක්

    ReplyDelete
  15. නාට්ටියේ එහෙම දෙබසක් තිබුනේ නෑ නොවැ ආයිබොවන්

    ReplyDelete
  16. කොච්චි මිරිස් සාත්තුව, ධර්ම චක්‍රය /// ammo

    ReplyDelete
  17. යූ ටියුබ් එකේවත් දැම්මනම් අපටත් බලන්න තිබුනා.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.