මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Sunday, 24 February 2019
කතුරු මුවාත් - ඔව් ඒ චිත්තරපටියකි :: Sharpen your scissors
මගේ තාත්තාගේ බාලම නැගණිය අප හැඳින්වූයේ චූටි නැන්දා ලෙසිනි. එනිසා ම, ඇය විවාහ වූ පසු ඇගේ සැමියා, අපේ අලුත් මාමා, ධර්මදාස, අපේ චූටි මාමා විය. ඔහු, තමන්ගේ පවුලේ වැඩිමහල්ලා වීම අපට කිසිසේත් ම, අදාළ නොවී ය.
චූටි නැන්දා මා කැටුව "සිදාදියෙන් හයක්" නම් සිංහල චිත්‍රපටය නරඹන්නට ගිය කතාව මම මීට පෙර සටහන් ගත කළෙමි. ඒ, මල් කුමාරයෙකු වීමට මට ලැබුණු එකම අවස්ථාව මගෙන් ගිලිහී ගොස්, රුවන් මල්ලීට ලැබෙන්නට පෙර ය. එලෙස, රුවන් මල්ලීට මල් කුමාරයෙකු වීමට වරම ලැබුණේ අපේ චූටි නැන්දා සහ චූටි මාමා ගේ විවාහ උත්සව දිනයේ දී ය.
චූටි නැන්දා සහ මාමා විවාහ වූයේ එක්කෝ කපුවෙකු විසින් ගෙනෙන ලද එසේ නැතිනම් ඉරිදා පුවත් පතක මංගල දැන්වීමක් අනුසාරයෙන් ලද මංගල යෝජනාවක් මගිනි. නැන්දා ගුරුවරියක බව මම කතුරු මුවාත් සටහනේ දී සඳහන් කළෙමි. චූටි මාමා ද ගුරුවරයෙකු විය.
යෝජනා සම්මත වී, සියල්ල තීරණය වූ පසු, වෙන්ඩ චූටි මාමා සති අන්ත දිනවල නැන්දා බැලීමට අපේ මහගෙදරට එනවා මගේ මතකයේ හොඳින් තිබේ. ඒ ඔහු ඒ ගමන්වල දී අපට චොකලට් ගෙන ආ නිසා විය යුතු ය.
මට පසුව වැටහුණු පරිදි මේ විවාහාපේක්‍ෂිත යුවලට තනිපංගලමේ චිත්‍රපටයක් නැරඹීමට අවශ්‍ය වී ඇත. බොහෝ විට සිදුවෙන්නට ඇත්තේ, වෙන්ඩ චූටි මාමා විසින් මේ යෝජනාව චූටි නැන්දාට කිරීමයි.
චූටි නැන්දා එයට එකඟ වී ඇත.
හැබැයි කොන්දේසි සහිතව ය.
එක් සති අන්තයේ දිනයක, අම්මා ද, නැන්දා ද, මම ද වේලාසනින් ම දිවා ආහාරය ගෙන දොළහමාරේ බසයෙන් නිවසෙන් පිටවුණෙමු. බස් ගමනාවසානයේ දී දුම්රියක නැග ගම්පහ නගරය බලා ගියෙමු.
පබ්ලික් හෝල් නම් සිනමා ශාලාව පිහිටියේ ගම්පහ නගරයේ ය.
එදින අපේ බස් රථය ප්‍රමාද වී, අප යන්නට ඇත්තේ ප්‍රමාද වූ දුම්රියකිනි.
අප තිදෙනා පබ්ලික් හෝල් සිනමා ශාලාවට ළඟා වූ පසු මා දුටුවේ චිත්‍රපට දර්ශනය ඇරඹී ඇති බවත්, වෙන්ඩ චූටි මාමා, නොඉවසිල්ලෙන් මෙන් කොරිඩෝරයේ සිටින බවත් ය.
මාමා විසින් ප්‍රවේශ පත්‍ර මිලට ගත් පසු අපට ශාලාව ඇතුළට යෑමට ලැබුණි.
සෙනග පිරී තිබුණු ඒ ශාලාවේ, අම්මා සහ මා එක ස්ථානයක ද, චූටි නැන්දා සහ වෙන්ඩ චූටි මාමා වෙනත් ස්ථානයක ද අසුන් ගත් බව මගේ මතකයයි.
එදා මා නැරඹූ චිත්‍රපටයේ නම කතුරු මුවාත් බව මගේ මතකයේ ඇත.
ඊට අමතරව, සිනමා දර්ශනය අවසානයේ අසල තිබුණු හෝටලයකට ගොස් අප සීනි බනිස් කා තේ පානය කළ බව ද මගේ මතකයේ ඇත.
කතුරු මුවාත්, පිහිය මුවාත් යනුවෙන් ගීතයක් ගයමින් ඩී ආර් නානායක්කාර නම් නළුවා කුඩා කරත්තයක් තල්ලු කරමින් පාරේ ගමන් කරන දර්ශනයක් එහි තිබුණු බව ද මගේ මතකයේ ඇති නමුත්, ඊට අමතරව, කතුරු මුවාත් චිත්‍රපටය පිළිබඳව කිසිවක් මට සිහිපත් කර ගත නොහැක.
-රසිකොලොජිස්ට්
ප/ලි
මේ මා චිත්‍රපට පිළිබඳව ලියූ දෙවන සටහනයි.
ඒ තමන්ගේ ජීවිතයට බලපෑමක් ඇති කළ චිත්‍රපට දහයක නිශ්චල ඡායාරූප දහයක්, දිනකට එකක් බැගින් පළ කරන්න යැයි මේ දිනවල ෆෙස්බුක් හි පැතිරෙන අභියෝගය මට එල්ල කළේ රන්සිරිමල් ප්‍රනාන්දු ය.
පළ කළ හැක්කේ ඡායාරූප පමණි, විස්තර ලියන්ට බැරි ය. දිනකට එකක් බැගින් දස දිනක් තිස්සේ මේ කර්තව්‍යය කළ යුතු ය. සෑම දිනම වෙනත් අයෙකුට ද, එම අභියෝගය කළ යුතුය යනාදී වශයෙන් එම අභියෝගයේ නීති මාලාවක් තිබුණි.
මා මුල් සටහනේ ලියූ පරිදි මා ලියන්නේ මගේ ජීවිතයට බලපෑමක් ඇති කළ චිත්‍රපට ගැන නොවේ. ඇත්තටම, ඒ ආකාරයේ චිත්‍රපට තිබුණාදැයි මට මතක නැත. චිත්‍රපටයක් නරඹා දුක් වෙන්නට ද, සිත පිනා යන්නට ද ඉඩ ඇති නමුත්, ජීවිතයට අනිසි බලපෑමක් ඇති කර ගන්නේ ඇයි?
මා ලියන්නට යන්නේ මගේ ජීවිතයට සම්බන්ධ කිසියම් හෝ හේතුවක් නිසා මගේ මතකයේ රැදී ඇති චිත්‍රපට ගැන ය. ඇත්තටම චිත්‍රපට ගැන නොව, ඒවා මාතෘකා කොට ගෙන, ඒ හා බැඳුණු මගේ සිතේ රැඳී ඇති දේ ගැන ය.
(image: http://www.films.lk/kathuru-muwath-sinhala-film-576.html)
Subscribe to:
Post Comments (Atom)
වෙන්ඩමමා කතුර මූවාත් තියාගන්න ඇති නේද ?
ReplyDeleteනොදනිමි!
Deleteමනිබඩු කාරයින්, බොම්බයි මොටයි කාරයින්, කතුරු මුවාත් කාරයින්, බෝතල් පත්තර කාරයින්, බාබර්, රෙදි නැන්දා...හැත්තෑ හතට පෙර සේවා ආර්ථිකය.
ReplyDeleteඔය සියළු දෙනාම පාහේ තරමක් වෙනස් වී හෝ තාමත් ඉන්නවා.
Deleteඊට අමතරව බොටල් ජර්නලිස්ට්ලාත් ඉන්නවා!
ඩී.ආර් මගේ මතකයේ රැඳෙන්නේ සිංහළ චිත්‍රපටියක පෙරකදෝරුවෙකුගේ සේවකයෙකු ලෙස රඟපෑ චරිතයකින්.තනිවම කාර්යාලය අතු ගගා ඉන්න ඔහු තමා දෙසට එන කාන්තාවක දැක කලබලයට පත්ව බිත්තියේ එල්ලා තිබෙන කෝට් බෑයත් දාගෙන පෙරකදෝරු පුටුවේ ඉඳගන පෙරකදෝරුවා ලෙස රඟපානවා.කාන්තාවට අවශ්‍ය වන්නේ මිනී මැරුම් නඩුවක චුදිතයෙක් නිදහස් කරගැනීමට.
ReplyDeleteඩි.ආර්: කේස් එක බරපතලයි
කාන්තාව: මිනිහ එල්ලුම් ගස් යයිද?
ඩි.ආර්:ගහෙන් බාගයක් විතර.
+++++
Deleteමා මේ ළඟදී ඉන්දියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ඔෆ් ඩූම් දිගු කලකට පෙර නැවත නරඹන විට ඩීආර් නානායක්කාරව දුටුවා
Deleteමමත් ආයෙමත් ගිය සතියෙ බැලුවා. දෙනවක හාමිනෙයි රූබි ද මෙලුයි අඬන හැටි දැක්කම හිනාත් ගියා. ඔය ෆිල්ම් එක ගහන කාලෙ අපි ඉස්කෝලෙ කට් කරලා ගන්නොරුවෙ හල්ලොලුව පාරට යනවා ෂූටින් බලන්න. පල්ලෙකැලේත් ෂූටින්ග් කරා.
Delete+++++++++
ReplyDeleteධනපතියා!
Deleteමම මේක බලල තියෙනවනේ.. TV එකේ වෙන්නෝනි.. :)
ReplyDeleteඔව් නමුත් යූ ටියුබයේ නම් නෑ!
DeleteRooms විකුණන්න තිබුණෙ නැති කාලෙ වෙනඩ මාමලාට පිහිට වුණෙ සිනමා ශාලා තමයි
ReplyDeleteමාමලා පමණක් නොවේ පසු කලෙක බෑණලාත් ගියා!
Deleteපබ්ලික් හෝල් තිබ්බේ ස්ටේෂන් එක ලඟ නේද? නැත්නම් කොළඹ බස් ස්ටෑන්ඩ් එක ලඟද? මේකලා හෝල් එක නම් ජාඇල පාරේ බව මතකයි.
ReplyDeleteස්ටේෂන් එක ළඟ තිබුණේ ජයන්තා. දැන් එතැන විශාල කඩයක්. පබ්ලික් හෝල් එක තිබුණේ කොළඹ බස් නැවතුම අසල.
Deleteමේකලා ඇරඹුනේ 1980 දී පමණ. ඒ දිනවල පන්ති යනා කියා ගෙදරින් යන කොල්ලන් කොහෙද යන්නේ කියා ඇසුවාම කියන්නේ මේ ක්ලාස් යනවා කියායි.
චිත්‍රපටයේ නම මතකයි බලුවයි කියල මතකයක් නැහැ
ReplyDelete