මේ සැප්තැම්බරයේ දිගු දවස් ය. මේ සමය කොළඹ සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ උණුසුම් ම කාලය වෙන්නේ පොත් ප්‍රදර්ශන ද, පොත් එළිදැක්වීමේ උත්සව ද පමණක් නොව පසුගිය වසරේ ලියවුණු කෘති සඳහා සම්මාන පිරිනැමීම ද සිදුවෙන නිසා ය.
ඒ ආකාරයෙන් සම්මාන ලැබූ කෘති සම්මානිත කෘති ලෙස ද, ඒ කෘති නිපදවූ ලේඛකයින් සම්මානිත ලේඛකයින් ලෙස ද සම්මානිත හැඳින්වේ.
"අසම්මානී" යනුවෙන් වචනයක් තිබේ නම් අප එය අර්ථ දක්වා ගත යුත්තේ ඒ අනුසාරයෙනි.
දැන් මා මේ සැරසෙන්නේ මාස කිහිපයක් පැරණි කතාවක් ලියන්නටයි. මෙය කතාවක් ගැන කතාවක් හෙයින් කතා වර්ගයක් ලෙස ද සැලකිය හැක.
මා පුද්ගලිකව නොහඳුනන අයගෙන් මට ෆේස්බුක් මිතුරු ඉල්ලීම් ලැබී, ඔවුන්ගේ ඒ ඉල්ලීම පිළිගත් විගස මා කලක සිට කරන එක් කාර්යයක් වන්නේ මගේ රසිකොලොජි බ්ලොගය පිළිබඳව පවසා ඔවුන්ට කෙටි පණිවිඩයක් යැවීමයි. මුල් කාලයේ දී මේ පණිවිඩයට රසිකොලොජි බ්ලොගයට සබැඳියක් ද ඇතුළත් වූ නමුත් දැනට වසරකට පමණ පෙර සමයක මාර්ක් සකර්බර්ග් ගේ බොට් බලකාය මට ඒ එකතු කිරීමට ඉඩ නොදේ. එනිසා, පසුකාලීනව ඒ සඳහා වෙනත් විවිධ උපක්‍රම අනුගමය කිරීමට මට සිදු වූ අතර, ඒ සඳහා ගතවෙන කාලය නිසා, මිතුරු පොරොත්තු ලේඛනය පන්සියය ද ඉක්මවා ගියේ ය.
ඒ කෙසේ වෙතත්, මේ ආකාරයෙන් පණිවිඩයක් යැවීමේ එක් වැදගත්කමක් වන්නේ පසු කලෙක දී ද සොයා ගත හැකි වෙන පරිදි එය සයිබර් අවකාශයේ රැඳී තිබීමයි.
මා 2016 අගෝස්තුවේ දී යවන ලද එවැනි පණිවිඩයක් මෙසේ ය.
එලෙස ෆේස්බුක් මිතුරුකමක් ඇරඹුණු පසු, සාමාන්‍යයෙන්, සිදුවන්නේ අලුත් මිතුරා/මිතුරිය තම කාල රේඛාවේ පළ කරන දෑ, ඔබට දර්ශනය වීමට පටන් ගැනීමයි. එතරම් හැඳුනුම් කමක් නැති අය තම මුතු දත් පෙන්වා සිනාසෙමින් ගෙන පළකරන ඡායාරූප සඳහා බියුටිෆුල් යැයි ලියන්නට මට අවශ්‍යතාවයක් නොමැති නමුත් ගද්‍යපද්‍ය නිර්මාණයක් සම්බන්ධයෙන් තත්වය එය නොවේ.
මගේ මේ ෆේස්බුක් මිතුරිය පළ කර තිබුණු නිර්මාණයක් මා නෙත ගැටී කියවූ මට ඒ ගැන මගේ ප්‍රතිචාරය දැක්වීමට සිතුණේ පසුගිය මැයි මාසයේ දී ය.
කුඩා ළමුන් සඳහා ලියවුණු කුඩා ගැමි කතන්දරයක් වූ එහි සාරාංශය මෙසේ ය.
ගමක වෙසෙන දුප්පත් මිනිසෙකි. ඔහු බඩගින්න නිසා ම ගමේ පොහොසතාගේ වත්තේ වැවුණු දෙයක් සොරකම් කිරීමට ගොස් අයිතිකරුට අසුවෙයි. අයිතිකරු ඔහුට සමාව දී නිදහස් කර හරින්නේ සොරකම් නොකරන ලෙසත්, ඒ වෙනුවට අවශ්‍යතාව දන්වා ඉල්ලන ලෙසත් අවවාද කරමිනි.මේ කතන්දරය කියවා ස්ටිකර් නොව, ලිඛිත ප්‍රතිචාර දක්වා තිබූ සැම දෙනාම පවසා තිබුණේ එය කුඩා දරුවන්ට ආදර්ශ රැසක් දෙන කතාවක් බවයි. සමහර අම්මලා එය තම දරුවන්ට කියා දෙන බව ද පවසා තිබුණි.
ඒ දුප්පත් මිනිසාට පසු දිනයක ද කෑමට යමක් නොතිබුණු නිසා, පොහොසතාගේ නිවසට ගොස් වී ස්වල්පයක් ඉල්ලා සිටී. බිස්සේ වී ඇටයක්වත් නැති යැයි මුසාවක් පවසන පොහොසතා කිසිත් නොදී දුප්පතා පලවා හරියි. එදින රාත්‍රියේ දුප්පත් මිනිසා, පොහොසතාගේ වී බිස්සෙන් වී සොරකම් කරයි.
පසුදින ගමේ කඩමන්ඩියේ දී පොහොසතා තම වී බිස්සට හොරු පැන ඇති බව කණගාටුවෙන් පවසන විට එහි සිටින සොරා කියන්නේ හොරු පැන්නාට මොකද ඉතිං වී බිස්සේ වී ඇටයක්වත් නෑ නේ කියායි.
කළ යුතුව තිබුණු පරිද්දෙන් ම, මා ප්‍රතිචාර දැක්වූයේ මෙලෙස ය.
මේ කතාව කුඩා දරුවන්ට ලබා දෙන්නේ, බොරුවක් කියූ අයෙකුගෙන් හොරකම් කිරීම වරදක් නැතිය ආකාරයේ වැරදි ආදර්ශයකි. අවසානයේ හොරා වීරයා වී, මුල් හොරකමට සමාව දුන් තැනැත්තා දුෂ්ටයා වී ඇත.
මගේ ඒ ප්‍රතිචාරයට ෆේස්බුක් මිතුරියගෙන් ක්‍ෂණිකවම වගේ ලැබුණේ රතු පැහැති හදවත ලකුණ දරන ආදරෙයි ප්‍රතිචාරයකි. ඉන් දිරිමත් වූ මම, තවත් තරමක් දිගු මේ කතාවේ අවසානය වෙනස් කරන ලෙසයි. ඒ සඳහා මම විකල්ප දෙකක් ද ලබා දුන්නෙමි.
ඉන් පළමු විකල්පය වූයේ ගමේ කඩමණ්ඩියට ගමේ පන්සලේ හාමුදුරුවන්ව එවෙලේම ගෙන්වා, සොරකම සහ බොරු කීමේ ආදිනව පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙසයි.
ඒ අවසානය සම්ප්‍රදායානුකුල මෙන්ම, ඒක ආගමික නිසා දෙවන විකල්පය ලෙස මා යෝජනා කළේ, දුප්පත් මිනිසා නිවසට පැමිණ තම හපන්කම කියද්දී, ඒ තාත්තාගේ දියණිය ලවා, ඔහුට සොරකමේ වරද පිළිබඳව පෙන්වා දෙන ලෙසයි. තාත්තලාට අවවාද දිය හැකි දියණියන් ලොව සිටින බවට මා කළ උපකල්පනය සැම විටම සත්‍යයක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.
මට යළිත් ඒ කතන්දරය සහ මගේ ප්‍රතිචාර පිළිබඳව සිහිවූයේ, ඉන් සති කිහිපයකට පසුව, මිතුරෙකු හා සාහිත්‍යමය කරුණු පිළිබඳව සාකච්ඡාවක යෙදෙමින් සිටිය දී ය. මා යළි කියනවාට වඩා ඔහුටම එය කියවීමට දෙනු පිණිස මම ජංගමයෙන් අදාළ කතන්දරකාර ෆේස්බුක් මිතුරියගේ අඩවියට ගොස් අදාළ කතන්දරය සෙව්වෙමි.
කතාව තිබුණි. නමුත් මා දැක් වූ මුල් ප්‍රතිචාරය මෙන්ම, දෙවනුව කළ යෝජනා ද අතුරුදහන් වී තිබුණි. එසේම, මා තවදුරටත් එකී තැනැත්තාගේ ෆේස්බුක් මිතුරෙකු නොවන බව ද, එනම් මා අන්ෆ්‍රෙන්ඩ්කරණයට බඳුන් වී ඇති බව ද මට පෙනුණි.
එසේ මිස මා බ්ලොක්කරණය කර නොතිබුණු නිසා, පහත සඳහන් ප්‍රතිචාරය පණිවිඩ සේවය මගින් යවන්නටත්, ඊට අමතරව, ඊයේ රාත්‍රියේ හදිසියේ සිහි වී, අද මෙලෙස අකුරු කරන තුරු මේ සිදුවීම මතකයේ රඳවා ගැනීමටත් මට හැකි විය.
-රසිකොලොජිස්ට්
ප/ලි:
ඇත්තටම මට මේ කතාව නොලියා ඉන්නට තිබුණි. එහෙත් ඊයේ ෆේස්බුක් හි පළවුණු වෙනත් සටහන් දෙක තුනක් කියවන විට සිහියට නැගුණු නිසා ඔන්න ඔහේ ලියා දාන්නට සිත්විය.
(image: https://www.abc.net.au/radionational/programs/booksandarts/winning-awards-as-an-emerging-writer/3959746)
රසික, ගොඩක් දෙනාට අවශ්‍ය පැසසුම් පමණයි. සැබෑ විවේචන හෝ විකල්ප මත හෝ දරාගන්නට තරම් එයාලා ශක්තිමත් නැහැනේ!
ReplyDeleteNiDi is correct, narrow minded people, some are supposedly well educated ha ha.
ReplyDelete++++++++++++
ReplyDeleteලබාදුන් විකල්ප දෙකම බොහොම නිරසයි. කතාවේ නම් නස්රුදීන්/ අන්දරේ සෝපහාස ස්ටයිල් එක ගැබ්ව තියනවා, අන්දරේ ගේ කතා ආදර්ශයක් වෙන්නේ අන්දරේලාටම පමණයිනේ.
ReplyDelete