


මේ දිනවල කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වේ. මම ද එය ඇරඹුණු සිකුරාදා එහි ගියෙමි.
එහි දී මා නොදන්නා ලේඛකයෙකුගේ පොත් එළිදැක්වීමක අවසන් පැය කාලට සහභාගී වීමට මට ඉඩකඩ ලැබුණි.
ප්‍රදර්ණය කෙසේ වෙතත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී විකිණෙන්නේ පොත් ය.
පොත් ලියන්නේ ලේඛකයින් ය.
එනිසා පොත් ප්‍රදර්ශනයේ දී ලේඛකයින් යනු ඉහළින් ම සැළකුම් ලබන පිරිස යැයි නොදන්නා අයට සිතෙනු ඇත.
එහෙත් යථාර්තය ඊට වෙනස් ය.
පොත් ප්‍රදර්ශනයේ නොවැදගත් ම පිරිස පොත් ලියූ ලේඛකයින් බව මට පැහැදිලි වීය. ඒ සඳහා හොඳම උදාහරණය නම් පොත් එළිදැක්වීම සඳහා ලබා දී ඇති මෙම ඡායාරූපවල දැක්වෙන හරක් මඩුවක් වැනි ස්ථානයයි.
මෙම ස්ථානය, පොත් එළිදැක්වීම සඳහා භාවිතා කිරීම යෝජනා කර අනුමත කළ අය නම් පොත් ලියන අය හෝ පොත් කියවන අය හෝ පොත් අගය කරන අය හෝ විය නොහැකි ය.
මෙම මඩුව අවට විවිධ ශබ්ද විකාශන පණිවිඩ සහ සංගීතයෙන් පරිසරය පිරී පවතී.
එහි බිමට ඇත්තේ තණකොළ නිසා අවශ්‍ය නම් උලාකෑම ද කළ හැක.
මඩුව තුන් පසකින් විවෘත නිසා වැස්සොත් අබ සරණ ය
ගිය වසරේ ඔහු සහභාගි වූ දෙල්පචිත්‍ර නම් නාට්‍යකරුවාගේ පොත් එලිදැක්වීමේ උත්සවෙය් දී මේ පිළිබඳ විරෝධය පෑ මා මිත්‍ර ලේඛක හෙන්රි වර්ණකුලසූරිය ඒ සති අන්තයට නියමිත වූ ඔහුගේ පොත් එළිදැක්වීමේ උත්සවය විජේරාම මාවතේ ඉංජිනේරු ආයතනයට තැන් මාරු කළේය.
නමුත් මේ වසරේ ද වෙනසක් සිදුවී නොමැති හැඩයි.
චීන පොත් එළිදැක්වීමක් නම් මීට වඩා හොඳ ශාලාවක සිදුවෙනු පෙනුනි.
හෙට ඉරිදා, හවස, මෙම ස්ථානයේ දී ම, මා මිත්‍ර පාලිත ගනේවත්තගේ ඇනා ගෙළ පැළඳ කෘතියේ එළිදැක්වීමට සහභාගී වීමට මට සිදුවේ.
අහෝ ඛේදයකි.
-රසික සූරියආරච්චි
සාහිත්‍ය මාසය තුලවත්
ReplyDeleteලේඛකයන්ට
ලාලිත්‍යයක් නැති හැටි!
නිසි තැන නැත!
Deleteහැමදේම විකිණෙන කාලයක............
ReplyDeleteතරහ නැතිව පාලිත ගනේවත්ත මහතාට මා, පියසිරියේ නිමල් (කුරුප්පු මහතාගේ හිතවතා) සුබ පැතූ බව කියනවාද?
ඒ බව දන්වා යවන්නම්
Deleteඅම්මප සිපිපියො මේ බ්ලොග් එකත් කොළඹ හතේ මල ගෙදර රෑ වගේ වුන හැටි.
ReplyDelete+++++++++++
ReplyDeleteධනපතියා
Deleteමේ ප්‍රදර්ශනය සංවිධානය කරන්නේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමයෙනුයි. නැතුව ලේඛකයන්ගේ සංගමයකින් නොවේ. එනිසා එහිදී කෙරෙන්නේ ඔවුන් තමාගේ ප්‍රකාශන ප්‍රදර්ශනය/ විකිණීම පමණයි. නැතුව ලේඛකයන් ප්‍රවර්දනයක් නෙවේ. එනිසා පොත් ප්‍රදර්ශනයේ දී ලේඛකයින් යනු ඉහළින් ම සැළකුම් ලබන පිරිස යැයි රසිකට සිතුනාට යථාර්තය එය නොවේ. සොරි!
ReplyDeleteඔබ මිත්‍ර හෙන්රි වර්ණකුලසූරියට ඔහුගේ පොත් එළිදැක්වීමේ උත්සවය විජේරාම මාවතේ ඉංජිනේරු ආයතනයේ කිරීමට දැනඇඳුනුම්කම්, වත්පොහොසත්කම් තිබුනාට, ඔබට 'හරක් මඩුවක්' ලෙස පෙනෙන තැනක්වත් හෙන්රි වර්ණකුලසූරිය නොවැනි අයට ලබාදීම වරදක් ලෙස පෙනෙන්නේ රසික වැනි (ලංකාවේ) හැමදේකම වැරදි දකින්නන්ට පමණක්වීමද අහෝ ඛේදයකි!
දෙවෙනි ඡේදය අණ්ඩර දෙමළයකි.
Deleteමුල් ඡේදයට පිළිතුර:
ලේඛකයින්ට ස්වයං ප්‍රකාශකයින් විය හැක. සයිබරයේ ලිවිය හැක. හැබැයි ලේඛකයින් නොමැතිව ප්‍රකාශයකින් මෙලොව නොමැත!