
මා ප්‍රිය බිරිඳ පසුගිය දා පොතක් ලියා පළ කළා ය.
එය නවකතාවකි. එහි නම "Lost in Floral Rain" ය. එයින් හැඟෙන පරිදි මෙය ඉංග්ලිෂ් භාෂාවෙන් ලියන ලද ග්‍රන්ථයකි.
පසුගිය අප්‍රියෙල් මාසයේ දී, සරසවි පොත් සමාගමේ ප්‍රකාශනයක් ලෙසින් නිකුත් වුණු "ලොස්ට් ඉන් ෆ්ලෝරල් රේන්" ග්‍රන්ථයේ පිටපත් රට පුරා විහිදී ඇති එම සමාගමේ පොත්හල්වලින් මිලට ගත හැක.
මෙම කෘතියේ ශ්‍රී ලාංකික දොරට වැඩුම 2019 අප්‍රියෙල් මස 20 දා, සෙනසුරාදා, රාත්‍රියේ පිළියන්දල මඩපාත තොටුපල හෝටලයේ දී, ආරාධිත ඥාතී හිත මිතුරන් සමූහයක් අභිමුඛයේ දී පැවැත්විණි.
"ලොස්ට් ඉල් ෆ්ලෝරල් රේන්" ග්‍රන්ථය සහ එහි කතුවරිය පිළිබඳව ලියවුණු සාකච්ඡාමය ලිපියක් ඩේලි නිවුස් පුවත්පතේ ඉන් දින කිහිපයකට පසුව පළ විය. https://lostinfloralrain.blogspot.com/2019/05/feature-article-in-daily-news-of.html
පුෂ්පා සූරියආරච්චිගේ නවකතාව පිළිබඳව මුල්ම විචාරය ලියවුණේ එහි අත්පිටපත කියවූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්ලිෂ් භාෂා අංශයේ මහාචාර්ය කාමන් වික්‍රමගමගේ අතිනි. එම විචාරය ද ඩේලි නිව්ස් පුවත් පතේ පළ විය. http://www.dailynews.lk/2019/05/29/tc/186812/fond-memories-childhood
ඩේලි නිව්ස් පුවත් පතට තවත් විචාරයක් සපයා තිබුණේ, "ලොස්ට් ඉන් ෆ්ලෝරල් රේන්" කෘතියේ මුද්‍රිත පිටපතක් කියවූ කැලණිය විශ්වවිද්‍යාලයේ බටහිර සම්භාව්‍ය සංස්කෘතිය පිළිබඳ අධ්‍යයනාංශයේ මහාචාර්ය කමණී ජයසේකර විසිනි. http://www.dailynews.lk/2019/07/17/tc/191278/petal-reading-experience
මෙම කෘතියේ ඕස්ටේර්ලියානු දොරට වැඩුම පැවැත්වුණේ 2019 ජූලි 14 දින දී ය. නමුත් ඊට පෙර පුෂ්පා සූරියආරච්චි සේවය කරන ස්ථාන ද්වයක (හොක්ස්බරි රෝහල සහ මින්චින්බරි රෝහල) ග්‍රන්ථය එළි දැක්වීමේ උත්සව සංවිධානය කර තිබුණි.
ඒ එක් උත්සවයක් පිළිබඳව සිඩ්නි තදාසන්න ප්‍රාදේශීය පුවත්පතක පළවුණු විස්තරයක් දුටු සිනුවර වෙසෙන ශ්‍රී ලාංකික පුවත්පත්කලාවේදියෙකු වන නුවන් ගන්කන්ද විසින් සති අග අරුණ පුවත්පතට ලිපියක් ද සපයා තිබුණි. http://epaper.aruna.lk/Home/ShareArticle?OrgId=90e0ce3f
"ලොස්ට් ඉන් ෆ්ලෝරල් රේන්" කෘතිය පිළිබඳ සියළු තොරතුරු රැගත් බ්ලොග් අඩවියක් සහ ෆේස්බුක් පිටුවක් ද ඇත.
මෙන්න ඒ විස්තර නැවතත්.
බ්ලොග් අඩවිය: https://lostinfloralrain.blogspot.com/
ෆේස්බුක් පිටුව: https://www.facebook.com/Lost-in-Floral-Rain-1298502120314539/
ස්තුතියි.
-රසිකොලොජිස්ට්
ප/ලි
අකර්මන්‍ය වී තිබූ මගේ බ්ලොග් කෙරුවාව, අද 2019 සැප්තැම්බර් පළමුවෙනිදා, මෙසේ යළි ඇරඹේ.
(image: )
නවකතාව ඉදිරියේ දී කියවීමට තමයි හිතා ඉන්නේ. එය රසවත් බව පිටු පෙරළන විට තේරුණා.
ReplyDeleteස්තුතියි
Deleteසාහිත්‍ය මාසම්...
ReplyDeleteසාහිත්‍ය කාපන්...
හා මචං
Deleteමල් වැස්ස තුල අතරමංව කියල රසිකට බැරියැ ඕක සිංහලට ට්‍රාන්ස්ලේට් කරන්න.
ReplyDelete+++
Deleteස්තුතියි
Delete