
උදා වූ නව වසර සමරමින්, සතියකටත් වඩා දිගු නිවාඩුවක් නිවසෙන් බැහැරව, පරිගණකයෙන් දුරස්තව, දැහැමෙන් සෙමෙන් ගත කර නැවතත් පියවි ලොවට ගොඩ බට දිනයේ ම, ඇස ගැටුණේ අපූරු ප්‍රවෘත්තියකි.

(http://www.divaina.com/2017/01/23/news11.html)
කරුණාකර, අනං-මනං නොකියන්න.
ඔව්, කාන්තාවන්ට තමන් රිසි ඕනෑම දෙයක් කිරීමට සම අයිතිය තිබිය යුතුයි.
ඒ අයිතිය සිල්ගත් කාන්තාවන්ට ද එක සේ හිමි ය. ඔවුනට ද, සසර කෙටිකර ගැනීමට බවුන් වැඩීම අමතක කර දේශපාලන මඩගොහොරුවට බැසීමට, සිවුරු පොරවාගත් පිරිමින්ට ඇති අයිතියම ඇත.
දිවයින වාර්තාවේ මෙසේ ද සඳහන් වේ.
සිංහලයාගේ සුරක්‍ෂිතතාව අහිමිකරගෙන යන වත්මන් රජය තවදුරටත් පැවතුණහොත් සිංහලයා තුරන්වී යනු ඇතැයි ස්‌වකීය නම් ගම් ආදී පෞද්ගලික තොරතුරු අනාවරණය කිරීම ප්‍රතික්‍ෂේප කරමින් තුරුණු වියේ පසුවන සිල් මෑණියෝ මාධ්‍යයට පැවැසූහ.ඇයට ජයවේවා!
කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ භාවනා කුටියක බවුන් වඩමින් සිටින තමා සිංහල රටේ සිංහලයාගේ අනාරක්‍ෂිත අනාගතය සම්බන්ධයෙන් දැඩි සංවේගයට පත්වන බවත් තමන්ට සිදුවන විපතට වත්මන් රජය වගකිව යුතු බව සිංහලයාට අවබෝධ වී නැති බවත් මෑණියෝ පවසති.
සිංහලයා බලන්නේ බඩ ගැන පමණයි. ඔවුන් තමන්ගේ සිංහලකම ගැන හිතන්නේ නැහැ. ශාසනයට කැපවී සසර කෙටි කරගැනීමට සිටින අප වැනි අයට තිබෙන කැක්‌කුම සිංහලයාට නැතිවීම කනගාටුදායකයි. මේ තත්ත්වයට වගකිව යුතු මේ රජය 2017.01.22 වැනිදායින් පසුව ඉල්ලා අස්‌විය යුතු යෑයි සිල් මෑණියෝ පැවැසූහ.
-රසිකොලොජිස්ට්
නූතන ථෙරි ගාථා
සසර කෙටි කෙරුමට
නිවන අත්විඳ ගැනුමට
නොහැක මට තව දුරටත්
භාවනාවේ ඉන්නට
එපා සඝමිත්තා
එපා උප්පලවණ්ණා
කඩුව සේදූ දිය බිව්
වෙහෙර දේවිය මග යමි මම්