![]() | |||
![]() ![]() | |||
![]() ![]() | |||
![]() | ![]() | ![]() | ![]() |
|
පළවෙනි කොටුවෙන් පේන්නේ මා ප්‍රිය නූඩල් ජාතිය මිරිස් රසට බිත්තරයක් සමගින් කෑමයි ප්‍රීතිය දෙවෙනි කොටුවෙ මා කරන්නේ නූඩල් පොඩියට කැඩීම පැකට් එකේ ඇතුලේදිම හරි පහසුයි එය කිරීම තායි රසය ගෙන එන පොඩි පැකට් ජාති තුනක් ඇතේ තුන්වෙනි, සිව්වෙනි කොටුවල ඒ තතු විස්තර කෙරෙතේ සාස්පාන ලිපේ තියා වතුර ටිකක් රත් කරන්න ඒ ගැන නොම දන්නා අය පස්වෙනි කොටුවෙන් බලන්න වතුර නට නටා එන කොට නූඩල් ටික එයට දමා හයවෙනි කොටුවේ විදියට තම්බා ගත්තොත් කදිමා හත්වෙනි කොටුවේ පෙනෙන්නේ එතකු කරපු බිත්තරයයි අටවෙනි කොටුවේ විදියට කවලම් කරගත යුතුමයි නමවෙනි කොටුවෙන් පෙනෙන්නේ රසකාරක යොදපු හොද්ද හොඳ හැටි කවලම් නොකලොත් එතන වෙන්නේ වස වැරැද්ද විනාඩි දෙක ගත වුණු පසු දිසියකට දමා ගන්න නිවිල අවුල් වෙන්න කලින් උණු උණුවෙම රස විඳින්න ක්‍ෂණිකව නූඩල් හදනා තොරණේ විස්තර එහෙමයි අසා සිටිය ඔබ සැමටම මහ රජ්ජුරුවන් සරණයි! |









