Showing posts with label මා මළ පසු. Show all posts
Showing posts with label මා මළ පසු. Show all posts

Saturday, 5 August 2023

මා මළ පසු - Upon my death


බුදුන් දෙසූ ධර්මයේ කුමක් තිබුණත් ලංකාවේ "බුඩ්ඩාගම' නැමති බිස්නස් එක කරන කහකඩ ව්‍යාපාරිකයින් විසින් මිනිසුන්ගේ සිතට කාවද්දා තියෙන දෙයක් තමයි මැරුණට පස්සේ ආපහු ඉපදෙනවා ය, සුගතියක ඉපදෙන්න නම් හාමුදුරුවෙකු කැඳවා පාංශුකූලයක් දිය යුතු ය කියන මිත්‍යාව.

මං වැරදි වෙන්න පුළුවන්, හැබැයි මං හිතන්නේ ලංකාවේ කතෝලිකයිනුත් රැවටිලා ඉන්නේ තමන් මැරුණට පස්සේ මිනිය පල්ලිය වත්තේ වැළලුවේ නැත්තං ස්වර්ගයට යන්න බෑ කියලා.

මං නං බිරිඳට කියලා තියෙන්නේ මං මැරුණු දවසට ඔය මළ විකාර කරන්න එපා කියලයි.

මෙන්න මා මළ පසු කළ යුතු දේ.

0. සිරුරේ අවයව දන් දීමට ලියාපදිංචි වී ඇත. (R30-179-890).
     Please call: 1800 777 203.

1. මගේ මිනිය බලන්න කැමති අය ඉන්න පුලුවන් නිසා ඒ සඳහා වෙලාවක් වෙන් කරන්න.

2. අවමංගල්‍ය උත්සවයක් පවත්වනවා නම්:
     පවුලේ අය කතා කරන්න.
     මිතුරන්ට ද කතා කරන්න දෙන්න.

3. මා වචන ලියූ ගී පසුබිමෙන් වාදනය කරන්න.

4. උත්සවයට සහභාගී වෙන අයට වයින්, චීස් සහ ක්‍රැකර්ස් සංග්‍රහයක් කරන්න.

5. වියදම් අඩු ක්‍රමය එය නිසා, සිරුර පුළුස්සා දමන්න.

6. සැමරීමේ දිනවල දී ඒ සඳහා ලංකාවේ පාසල් පුස්තකාලයකට පොත් ලබා දෙන්න.

නොකළ යුතු දේ.

7. ආගමික කටයුතු, ආගමික කතා එපා.

8. පන්සල්වලට දාන එපා.

- රසික සූරියආරච්චි

(image: Lankasara)